6. කෙසවජාතකවණ්ණනා 346 අට්ඨකථා
6. කෙසවජාතකවණ්ණනා (346)
6. කේසව ජාතකය (346)
මනුස්සින්‍දං ජහිත්වානාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො විස්සාසභොජනං ආරබ්භ කථෙසි. අනාථපිණ්ඩිකස්ස කිර ගෙහෙ පඤ්චන්නං භික්ඛුසතානං නිබද්ධභත්තං හොති, ගෙහං නිච්චකාලං භික්ඛුසඞ්ඝස්ස ඔපානභූතං කාසාවපජ්ජොතං ඉසිවාතපටිවාතං. අථෙකදිවසං රාජා නගරං පදක්ඛිණං කරොන්තො සෙට්ඨිනො නිවෙසනෙ භික්ඛුසඞ්ඝං දිස්වා “අහම්පි අරියසඞ්ඝස්ස නිබද්ධං භික්ඛං දස්සාමී”ති විහාරං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා පඤ්චන්නං භික්ඛුසතානං නිබද්ධං භික්ඛං පට්ඨපෙසි. තතො පට්ඨාය රාජනිවෙසනෙ නිබද්ධං භික්ඛා දිය්යති, තිවස්සිකගන්ධසාලිභොජනං පණීතං. විස්සාසෙනපි සිනෙහෙනපි සහත්ථා දායකා නත්ථි, රාජයුත්තෙ දාපෙසි. භික්ඛූ නිසීදිත්වා භුඤ්ජිතුං න ඉච්ඡන්ති, නානග්ගරසභත්තං ගහෙත්වා අත්තනො අත්තනො උපට්ඨාකකුලං ගන්ත්වා තං භත්තං තෙසං දත්වා තෙහි දින්නං ලූඛං වා පණීතං වා භුඤ්ජන්ති.
‘මනුස්සින්‍දං ජහිත්වාන’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, විශ්වාස කටයුතු භෝජනයක් අරබයා වදාළ සේක. අනේපිඬු සිටුතුමාගේ නිවසෙහි නිරතුරුව පන්සියයක් තෙරුන්ට දානය සැපයේ. එම නිවස සැමදා භික්ෂූන්ට පැන් පොකුණක් වැනිය. කසාවතින් බැබලුනි. සිල් සුවඳින් පිරී ගියේය. කිසියම් දිනෙක රටේ රජතුමා නුවර පැදකුණු කරමින් ඇවිදින විට, අනේපිඬු සිටුතුමාගේ නිවසේ භික්ෂූන් දැක, ‘මහ සඟනට දන් දිය යුතුයැ’යි සිතා, එදිනම විහාරයට ගොස්, බුදුරදුන් දැක වැඳ, පන්සියයක් මහ සඟනට දිනපතා දන් පිරිනැමීමට, නියම කර ගත්තේය. එතැන් පටන් රජගෙදර දානය දිනපතා පැවැත්තේය. දානයට පිරිනැමෙන බත වූ කලී ප්‍රණීත වූද වසර තුනක් පැරණි වූද, සුවඳ හැල් සාලෙන් සකසන ලද්දකි. එහෙත් රජගෙදර විශ්වාසයෙන් සෙනෙහසින් සියතින් දන් බෙදන්නෙක්, දායකයෙක් නැත. රජුගේ අණින් සේවකයෝ දන් බෙදති. එබැවින් භික්ෂූහු එහි හිඳ වළඳන්නට කැමැති නොවෙති. රජමැදුරෙන් විවිධ රසයෙන් යුතු දානය පිළිගෙන, තමතමන්ගේ හිතවත් දායක ගෙවල්වලට ගොස්, ඒ බත දායක ගෙදර අයට දී, ඒ දායකයන් විසින් දෙන ලද ආහාරය, කටුක වුවත් ප්‍රණීත වුවත් වළඳති.
අථෙකදිවසං රඤ්ඤො බහුං ඵලාඵලං ආහරිංසු. රාජා “සඞ්ඝස්ස දෙථා”ති ආහ. මනුස්සා භත්තග්ගං ගන්ත්වා එකභික්ඛුම්පි අදිස්වා “එකො භික්ඛුපි නත්ථී”ති රඤ්ඤො ආරොචෙසුං. “නනු වෙලායෙව තාවා”ති? “ආම, වෙලා, භික්ඛූ පන තුම්හාකං ගෙහෙ භත්තං ගහෙත්වා අත්තනො අත්තනො විස්සාසිකානං උපට්ඨාකානං ගෙහං ගන්ත්වා තෙසං දත්වා තෙහි දින්නං ලූඛං වා පණීතං වා භුඤ්ජන්තී”ති. රාජා “අම්හාකං භත්තං පණීතං, කෙන නු ඛො කාරණෙන අභුත්වා අඤ්ඤං භුඤ්ජන්ති, සත්ථාරං පුච්ඡිස්සාමී”ති චින්තෙත්වා විහාරං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා පුච්ඡි. සත්ථා “මහාරාජ, භොජනං නාම විස්සාසපරමං, තුම්හාකං ගෙහෙ විස්සාසං පච්චුපට්ඨාපෙත්වා සිනෙහෙන දායකානං අභාවා භික්ඛූ භත්තං ගහෙත්වා අත්තනො අත්තනො විස්සාසිකට්ඨානෙ පරිභුඤ්ජන්ති. මහාරාජ, විස්සාසසදිසො අඤ්ඤො රසො නාම නත්ථි, අවිස්සාසිකෙන දින්නං චතුමධුරම්පි හි විස්සාසිකෙන දින්නං සාමාකභත්තං න අග්ඝති. පොරාණකපණ්ඩිතාපි රොගෙ උප්පන්නෙ රඤ්ඤා පඤ්ච වෙජ්ජකුලානි ගහෙත්වා භෙසජ්ජෙ කාරිතෙපි රොගෙ අවූපසන්තෙ විස්සාසිකානං සන්තිකං ගන්ත්වා අලොණකං සාමාකනීවාරයාගුඤ්චෙව උදකමත්තසිත්තං අලොණකපණ්ණඤ්ච පරිභුඤ්ජිත්වා නිරොගා ජාතා”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
මේ අතර කිසියම් දිනක රජතුමාට බොහෝ පළතුරු තෑගි වශයෙන් ලැබුණි. සේවකයන් කැඳවූ රජතුමා ඒ පළතුරු, භික්ෂූන්ට පිළිගන්වන ලෙස නියෝග කෙළේය. දන්හලට ගිය සේවකයෝ, එහි එකද භික්ෂු කෙනකුන්වත් නොදැක ඒ බව රජුට දැන්වූහ. ඒ ඇසූ රජතුමා ‘දැන් දන් වළඳන වේලාව නේදැ’යි ඇසීය. එවිට සේවකයෝ ‘එසේය රජතුමනි, එහෙත් භික්ෂූහු මෙහෙන් දානය ලබාගෙන හිතවතුන්ගේ ගෙවල්වලට ගෙන ගොස් ඒවා ඔවුන්ට දී ඔවුන් දෙන කුමන හෝ ආහාරයක් වළඳති’යි කීහ. රජතුමා මේ පුවත අසා ‘අපේ දානය ඉතා ප්‍රණීතය. කුමන කරුණක් නිසා, එය නොවළඳා වෙනෙකක් වළඳත්ද? මේ ගැන බුදුරදුන්ගෙන් විමසන්නෙමි’යි තීරණය කොටගෙන, බුදුරදුන් හමුවට ගොස් වැඳ, උන්වහන්සේට සියලු විස්තර පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ ‘මහරජතුමනි, භෝජනය නම්, විශ්වාසය පරමකොට ඇත්තකි. ඔබේ මැදුරෙහි විශ්වාසයෙන් යුතුව ළඟට පමුණුවා දන්දෙන, සෙනෙහසින් යුතු දායකයන් නොමැති නිසා, භික්ෂූහු මෙසේ කරති. එබැවින් රජතුමනි, විශ්වාසය හා සමාන අන් රසයක් නැත. අවිශ්වාසිකයකු විසින් දෙන ලද චතුමධුර වුවත්, විශ්වාසිකයකු විසින් දෙන ලද, මෝරු ටිකක් පමණවත් නොවටී. රජතුමනි, පෙර රජකු විසින් අසනීපයෙන් පීඩිත වූ පඬිවරයකුට වෛද්‍යවරුන් පස්දෙනකුන් ලවා, බෙහෙත් කරවන ලද නමුත් එයින් සුවයක් නොලද බැවින්, සිය විශ්වාසවන්තයින් ළඟට ගොස් ලුණු රහිත බොඬහමු - ඌරු හැල් යන මේවායින් තැනූ, කැඳ ද, දියෙන් තෙමන ලද ලුණු රහිත කොළ ටිකක් ද, අනුභව කොට ඔහු නිරෝගී බවට පත් වී යැ’යි වදාරා රජුගේ ඇරයුමෙන් මේ අතීත කථාව වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො කාසිරට්ඨෙ බ්රාම්හණකුලෙ නිබ්බත්ති, “කප්පකුමාරො”තිස්ස නාමං අකංසු. සො වයප්පත්තො තක්කසිලායං සබ්බසිප්පානි උග්ගණ්හිත්වා අපරභාගෙ ඉසිපබ්බජ්ජං පබ්බජි. තදා කෙසවො නාම තාපසො පඤ්චහි තාපසසතෙහි පරිවුතො ගණසත්ථා හුත්වා හිමවන්තෙ වසති. බොධිසත්තො තස්ස සන්තිකං ගන්ත්වා පඤ්චන්නං අන්තෙවාසිකසතානං ජෙට්ඨන්තෙවාසිකො හුත්වා විහාසි, කෙසවතාපසස්ස හිතජ්ඣාසයො සසිනෙහො අහොසි. තෙ අඤ්ඤමඤ්ඤං අතිවිය විස්සාසිකා අහෙසුං. අපරභාගෙ කෙසවො තෙ තාපසෙ ආදාය ලොණම්බිලසෙවනත්ථාය මනුස්සපථං ගන්ත්වා බාරාණසිං පත්වා රාජුය්යානෙ වසිත්වා පුනදිවසෙ නගරං භික්ඛාය පවිසිත්වා රාජද්වාරං අගමාසි. රාජා ඉසිගණං දිස්වා පක්කොසාපෙත්වා අන්තොනිවෙසනෙ භොජෙත්වා පටිඤ්ඤං ගහෙත්වා උය්යානෙ වසාපෙසි. අථ වස්සාරත්තෙ අතික්කන්තෙ කෙසවො රාජානං ආපුච්ඡි. රාජා “භන්තෙ, තුම්හෙ මහල්ලකා, අම්හෙ තාව උපනිස්සාය වසථ, දහරතාපසෙ හිමවන්තං පෙසෙථා”ති ආහ. සො “සාධූ”ති ජෙට්ඨන්තෙවාසිකෙන සද්ධිං තෙ හිමවන්තං පෙසෙත්වා සයං එකකොව ඔහියි. කප්පො හිමවන්තං ගන්ත්වා තාපසෙහි සද්ධිං වසි.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ කසීරට බමුණු කුලයක උපන්නේය. ඔහුගේ දෙමාපියෝ ඔහුට ‘කප්ප කුමාර’ යැයි නම් තැබූහ. නිසිවියට පත් ඔහු, තක්ෂිලාවට ගොස් සියලු ශිල්ප උගෙන, පසුකලෙක සෘෂි පැවිද්දෙන් පැවිදිව, තවුස්දම් රැක්කේය. මෙකල ‘කේසව’ නම් වූ තවුසෙක්, පන්සියයක් තවුසන් පිරිවරන ලදුව, එම පිරිසට නායකත්වය දෙමින් හිමාලයෙහි වාසය කරයි. බෝසත් තවුසා ද, ඔහු වෙතට ගොස් පන්සියයක් පිරිසෙහි ප්‍රධාන ශිෂ්‍යවරයා ව කටයුතු කෙළේය. ඔහු නායක තවුසාට හිතවත්ව, සෙනෙහසින් යුතුව, තවුස්දම් පිරුවේය. ඒ අනුව නායක තවුසාත් බෝසත් තවුසාත් යන දෙදෙනා ම, ඔවුනොවුන් කෙරෙහි ඉතා විශ්වාසයෙන් යුතුව විසූහ. පසුකලෙක සෙසු තවුසන් පිරිවරා ගත් කේසව තවුසා, ලුණු-ඇඹුල් සෙවීම සඳහා මිනිස් වාසයට පිටත්ව ගොස්, ක්‍රමයෙන් බරණැස් රජුගේ රාජකීය උයනට පිවිස, එදින එහි වැස, පසුදා පිඬු පිණිස නුවරට ඇතුළුව රජදොරටුව වෙතට පිවිසියේය. රජතුමා තවුස් පිරිස දැක, වහා ඔවුන් මාලිගාවට කැඳවා, එහිදී ඔවුන්ට දානය පිළිගන්වා නුවර වසන තාක් කල්, සිය උයනෙහි නවාතැන් ගන්නා බවට ඔවුන් පොරොන්දු කරවා ගත්තේය. වැසිකාලය නිමා වූ පසු, නායක තවුසා රජු හමු වී නැවත හිමවතට යන්නට අවසර පැතීය. එවිට රජතුමා ‘තාපසතුමනි’, ඔබ දැන් මහලුය. එබැවින් තරුණ තවුසන් පිටත්කොට යවා, ඔබතුමා අප සමග වසනු මැනවැ’යි, ඉල්ලා සිටියේය. කේසව තවුස්තුමා රජුගේ ඉල්ලීම පිළිගෙන, දෙටු අතවැසියා සමග, සෙසු අය හිමවතට පිටත්කොට යවා, තෙමේ නැවතුනේය. කප්ප නම් වූ බෝසත් තවුසා හිමවතට ගොස්, සෙසු අය සමග තවුස්දම් පුරන්නට පටන් ගත්තේය.
කෙසවො කප්පෙන විනා වසන්තො උක්කණ්ඨිත්වා තං දට්ඨුකාමො හුත්වා නිද්දං න ලභති, තස්ස නිද්දං අලභන්තස්ස සම්මා ආහාරො න පරිණාමං ගච්ඡති, ලොහිතපක්ඛන්දිකා අහොසි, බාළ්හා වෙදනා වත්තන්ති. රාජා පඤ්ච වෙජ්ජකුලානි ගහෙත්වා තාපසං පටිජග්ගි, රොගො න වූපසම්මති. කෙසවො රාජානං ආහ “මහාරාජ, කිං මය්හං මරණං ඉච්ඡථ, උදාහු අරොගභාව”න්ති ? “අරොගභාවං, භන්තෙ”ති. “තෙන හි මං හිමවන්තං පෙසෙථා”ති. “සාධු, භන්තෙ”ති රාජා නාරදං නාම අමච්චං පක්කාසාපෙත්වා “නාරද, අම්හාකං භදන්තං ගහෙත්වා වනචරකෙහි සද්ධිං හිමවන්තං යාහී”ති පෙසෙසි. නාරදො තං තත්ථ නෙත්වා පච්චාගමාසි. කෙසවස්සපි කප්පෙ දිට්ඨමත්තෙයෙව චෙතසිකරොගො වූපසන්තො, උක්කණ්ඨා පටිප්පස්සම්භි. අථස්ස කප්පො අලොණකෙන අධූපනෙන උදකමත්තසිත්තපණ්ණෙන සද්ධිං සාමාකනීවාරයාගුං අදාසි, තස්ස තඞ්ඛණඤ්ඤෙව ලොහිතපක්ඛන්දිකා පටිප්පස්සම්භි.
මේ අතර කේසව තවුසා කප්ප තවුසාගෙන් වෙන්ව විසීමට නොහැකිව, ඒ ගැන කලකිරී ඔහු දකිනු රිසිව, නිදි නැතිව, ඔහු ගැන සිතමින්, කල් ගෙවීය. නිසි ලෙස නිදි නොලැබීම නිසාත්, ආහාර මනා ලෙස නො දිරවීම නිසාත්, නායක තවුසාට ලේ අතීසාරය වැළඳිණි. රෝගය බරපතල විය. වේදනාව ඉතා දරුණු විය. තවුසාගේ රෝගී බව ඇසූ රජතුමා, ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා, වෛද්‍ය පරම්පරා පහක් යෙදවීය. එහෙත් රෝගය එසේමය. අවසානයේදී තවුසා රජු අමතා, ‘කිමෙක්ද? රජතුමනි, ඔබතුමා මාගේ මරණය කැමැත්තෙහි ද? නැතහොත් ජීවත්වීම කැමැත්තෙහිදැ’යි ඇසීය. ‘ස්වාමීනි, ඔබ නිරෝගිව ජීවත් වනු දැකීමට මම රිසියෙමි’යි රජතුමා කීය. ‘එසේ නම් වහා මා හිමවතට පිටත්කොට හරිනු මැනවැ’යි, තවුසා රජුගෙන් ඉල්ලීය. එය පිළිගත් රජතුමා ‘නාරද’ නම් වූ සිය ඇමැතිවරයාද, වැද්දන් පිරිසක් ද, සහිතව තවුසා හිමවතට පිටත්කොට හැරියේය. නාරද ඇමතියා තවුසා හිමවතට ඇරලා, පෙරළා නුවරට පැමිණියේය. කප්ප තවුසා දුටුමතින්ම, කේසව තවුසාගේ මානසික රෝගය සුවවිය. උකටලී බව දුරු විය. කප්ප තවුසා තම ගුරුතුමාට තැම්බීමකින් තොර, ලුණුත් නැති, වතුර ඉසින ලද, කොළ ටිකක් ද, බොඩ හමු - ඌරු හැල් යන මේවායින් සාදන ලද කැඳ ටිකක් ද, පිළිගැන්වීය. මේ කටුක ආහාරයෙන්ම තවුසාගේ ලේ අතීසාරය සුව විය.
පුන රාජා නාරදං පෙසෙසි “ගච්ඡ කෙසවස්ස තාපසස්ස පවත්තිං ජානාහී”ති. සො ගන්ත්වා තං අරොගං දිස්වා “භන්තෙ, බාරාණසිරාජා පඤ්ච වෙජ්ජකුලානි ගහෙත්වා පටිජග්ගන්තො තුම්හෙ අරොගෙ කාතුං නාසක්ඛි, කථං තෙ කප්පො පටිජග්ගී”ති වත්වා පඨමං ගාථමාහ –
කිහිප දිනකට පසු, රජතුමා කේසව තවුසාගේ තොරතුරු දැනගැනීම සඳහා, නාරද ඇමැතියා හිමාලයට පිටත්කොට යැවීය. හිමාලයට පැමිණි ඇමැතියා කේසව තවුසා නිරෝගීව හිඳිනු බලා ‘ස්වාමීනි, කුල පහක වෙදැදුරන් බෙහෙත් කොටත්, සුව නොවුණු ඔබතුමා පහසුකම් කිසිත් නැති, මෙහිදී කෙසේනම් සුවය ලැබීද? කප්ප තවුස්තුමා ඔබතුමාට කෙසේ පිළියම් කෙළේදැ’යි විචාරමින් මේ ගාථාව කීවේය.
“මනුස්සින්‍දං ජහිත්වාන, සබ්බකාමසමිද්ධිනං; කථං නු භගවා කෙසී, කප්පස්ස රමති අස්සමෙ”ති.
මනුස්සින්‍දං ජහිත්වාන - සබ්බා කාම සමිද්ධිනං, කථං නු භගවා කෙසී - කප්පස්ස රමති අස්සමෙ
තමා කැමැති සියලුම දැයින් සපිරි, රජු අත්හැර කෙසේ නම් පින්වත් කේසව තවුසා කප්ප තවුසාගේ අසපුවෙහි සිත් අලවා වෙසේද?
තත්ථ මනුස්සින්දන්ති මනුස්සානං ඉන්දං බාරාණසිරාජානං. කථං නු භගවා කෙසීති කෙන නු ඛො උපායෙන අයං අම්හාකං භගවා කෙසවතාපසො කප්පස්ස අස්සමෙ රමතීති.
මෙහි ‘මනුස්සින්ද’ යනු ‘මිනිසුන්ට ප්‍රධාන වූ බරණැස් රජතුමා’ය. ‘කථංනු භගවා කෙසි’ යනු ‘කවර නම් හේතුවක් නිසා මේ අපගේ පින්වත් කේසව තාපසතුමා, කප්ප තවුසාගේ අසපුවෙහි සිත් අලවා වෙසේද? යන අර්ථයි.
එවං අඤ්ඤෙහි සද්ධිං සල්ලපන්තො විය කෙසවස්ස අභිරතිකාරණං පුච්ඡි. තං සුත්වා කෙසවො දුතියං ගාථමාහ –
මෙසේ වෙනත් කෙනකු සමග සාකච්ඡා කරන්නාක් මෙන්, ඇමැතිවරයා කේසව තවුසාගේ සිත් අලවා විසීමට හේතු වූ කරුණු විමසීය. ඒ ඇසූ කේසව තවුසා මෙසේ කීවේය.
“සාදූනි රමණීයානි, සන්ති වක්ඛා මනොරමා; සුභාසිතානි කප්පස්ස, නාරද රමයන්ති ම”න්ති.
සාධූනි රමණීයානි - සන්ති වක්ඛා මනොරමා, සුභාසිතානි කප්පස්ස - නාරදරමයන්ති මන්ති
නාරදය, කප්ප තවුසාගේ රමණීය වූ සුභාෂිත වචන මිහිරිය, වනපෙත ද, සිත්කලු ය. මේ හැම මා සතුටු කරයි.
තත්ථ වක්ඛාති රුක්ඛා. පාළියං පන “රුක්ඛා”ත්වෙව ලිඛිතං. සුභාසිතානීති කප්පෙන කථිතානි සුභාසිතානි මං රමයන්තීති අත්ථො.
මෙහි ‘වක්ඛා’ යනු ගස්ය. පෙළෙහි ‘රුක්ඛා’ යනුවෙන් ලියා ඇත. ‘සුභාසිතානි’ යනු ‘කප්ප විසින් කියන ලද සුභාෂිත වචන මා සිත් ගනී’ යන අර්ථයි.
එවඤ්ච පන වත්වා “එවං මං අභිරමාපෙන්තො කප්පො අලොණකං අධූපනං උදකසිත්තපණ්ණමිස්සං සාමාකනීවාරයාගුං පායෙසි, තාය මෙ සරීරෙ බ්යාධි වූපසමිතො, අරොගො ජාතොම්හී”ති ආහ. තං සුත්වා නාරදො තතියං ගාථමාහ –
කේසව තවුසා මෙසේද කියා තවදුරටත් කථා කරමින් ‘ඉහත කී අයුරෙන් මා සතුටු කර වූ කප්ප තවුසා, ලුණු නැති, තැම්බීමකින්ද තොර, වතුර ඉසින ලද කොළ ටිකක් ද, බොඩුහමු හා ඌරු හැල් මුසු කළ කැඳ ටිකක් ද, මට අහර ලෙස දුන්නේය. එයින් මාගේ සිරුරෙහි වූ අසනීපය සංසිඳී නිරෝගී වූයෙමි යි කීය. ඒ අසා සිටි නාරද ඇමැතියා මෙසේ පැවසුවේය.
“සාලීනං ඔදනං භුඤ්ජෙ, සුචිං මංසූපසෙචනං; කථං සාමාකනීවාරං, අලොණං ඡාදයන්ති ත”න්ති.
සාලීනං ඔදනං භුඤ්ජෙ සුචීමංසූප සෙවනං, කථං සාමාකනීවාරං - අලොණං ඡාදයන්ති තන්ති
(ඔබ මින් පෙර) පිරිසිදු වූ මස් සහිත, ඇල් හාලේ බත් අනුභව කෙළේය. (දැන්) කෙසේ නම් ලුණුත් නැති, බොඩහමු - ඌරු හැල් යන ධාන්‍ය වර්ග ඔබට රුචි වේද?
තත්ථ භුඤ්ජෙති භුඤ්ජසි, අයමෙව වා පාඨො. ඡාදයන්තීති ඡාදයති පීණෙති තොසෙති. ගාථාබන්ධසුඛත්ථං පන අනුනාසිකො කතො. ඉදං වුත්තං හොති – යො ත්වං සුචිං මංසූපසෙචනං රාජකුලෙ රාජාරහං සාලිභත්තං භුඤ්ජසි, තං කථමිදං සාමාකනීවාරං අලොණං පීණෙති තොසෙති, කථං තෙ එතං රුච්චතීති.
මෙහි ‘භුඤ්ජ’ යනු ‘අනුභව කෙළේය’ යන අර්ථයි. මේ වචනය ‘භුඤ්ජි’ යනුවෙන්ද, ගැනීමට සුදුසුය. ‘ඡාදයන්ති’ යනු ‘රුචි කෙරේ, පිනවයි, සතුටු කරයි’ යන අර්ථයි. මෙහි බින්දුව ගාථා බන්ධනයේ පහසුව සඳහා යොදන ලද්දකි. මින් කියන ලද්දේ, පහත දැක්වෙන අදහසයි. එනම්, ඒ ඔබ රජ ගෙදර දී රජුට යෝග්‍යව සාදන ලද, පිරිසිදු මස් සහිත ඇල්හාලේ බත් අනුභව කෙළෙහිය. කෙසේ නම්, මේ බොඩහමු-ඌරු හැල් යන ධාන්‍ය වර්ග ලුණුත් නැතිව ඔබ පිනවාද? සතුටු කෙරේද? කෙසේ න්ම, මේවා ඔබට රුචි වේද? යන අර්ථයි.
තං සුත්වා කෙසවො චතුත්ථං ගාථමාහ –
ඒ ඇසූ කේසව තවුසා මෙසේ උත්තර දුන්නේය.
“සාදුං වා යදි වාසාදුං, අප්පං වා යදි වා බහුං; විස්සත්ථො යත්ථ භුඤ්ජෙය්ය, විස්සාසපරමා රසා”ති.
සාදුවං යදිවා සාදුං - අප්පංවා යදිවා බහුං, විස්සට්ඨො යත්ථභුඤ්ජෙය්ය - විස්සාස පරමාරතා
විශ්වාසයෙන් යුතුව, යම් තැනක දී මිහිරි හෝ අමිහිරි හෝ, මඳක් හෝ ගොඩක් හෝ, යමක් අනුභව කරන්නේද? විශ්වාසයෙන් ලැබෙන දේ, උතුම් රසයයි.
තත්ථ යදි වාසාදුන්ති යදි වා අසාදුං. විස්සත්ථොති නිරාසඞ්කො විස්සාසපත්තො හුත්වා. යත්ථ භුඤ්ජෙය්යාති යස්මිං නිවෙසනෙ එවං භුඤ්ජෙය්ය, තත්ථ එවං භුත්තං යංකිඤ්චි භොජනං සාදුමෙව. කස්මා? යස්මා විස්සාසපරමා රසා, විස්සාසො පරමො උත්තමො එතෙසන්ති විස්සාසපරමා රසා. විස්සාසසදිසො හි අඤ්ඤො රසො නාම නත්ථි. අවිස්සාසිකෙන හි දින්නං චතුමධුරම්පි විස්සාසිකෙන දින්නං අම්බිලකඤ්ජියං න අග්ඝතීති.
මෙහි ‘යදිවාසාදුං’ යනු ‘ඉදින් අමිහිරි හෝ වේවා’, යන අර්ථයි. ‘විස්සට්ඨො’ යනු නිසැකව විශ්වාසයෙන් යුතුව’ යන අර්ථයි. ‘යත්ථ භුඤ්ජෙය්ය’ යනු ‘යම් නිවෙසක එසේ විශ්වාසවන්තව අනුභව කරන්නේද, ඒ භෝජනය කුමක් වුවත් එය මිහිරිමය’ යන අර්ථයි. ‘විස්සාසපරමාරසා’ යනු ‘විශ්වාසය වූ කලී, ඉතා උතුම්ය. එබැවින් විශ්වාසය උතුම් රසයයි. විශ්වාසය හා සමාන අන් උතුම් රසයක් නැත. විශ්වාසයක් නැත්තකු විසින් දෙන ලද චතුමධුර වුවත්, විශ්වාසවන්තයකු විසින් දෙන ලද ඇඹුල් කැඳ තරම් නොවටී’ යන අදහසයි.
නාරදො තස්ස වචනං සුත්වා රඤ්ඤො සන්තිකං ගන්ත්වා “කෙසවො ඉදං නාම කථෙසී”ති ආචික්ඛි.
නාරද ඇමතිවරයා තවුසාගේ වචන අසා, රජු හමුවට ගොස් සියලු විස්තර ඔහුට පැවසීය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්දො අහොසි, නාරදො සාරිපුත්තො, කෙසවො බකබ්රහ්මා, කප්පො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළ සේක. එකල රජතුමා නම්, අනඳ තෙරණුවෝය. නාරද ඇමතියා නම්, සැරියුත් තෙරණුවෝය. කේසව තවුසා නම්, බක බ්‍රහ්මයාය. කප්ප තවුසා වූ කලී, ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
කෙසවජාතකවණ්ණනා ඡට්ඨා.