5. රාජකුම්භජාතකවණ්ණනා 345 අට්ඨකථා
5. රාජකුම්භජාතකවණ්ණනා (345)
5. ගජකුම්භ ජාතකය (345)
වනං යදග්ගි දහතීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං අලසභික්ඛුං ආරබ්භ කථෙසි. සො කිර සාවත්ථිවාසී කුලපුත්තො සාසනෙ උරං දත්වා පබ්බජිත්වාපි අලසො අහොසි උද්දෙසපරිපුච්ඡායොනිසොමනසිකාරවත්තපටිවත්තාදීහි පරිබාහිරො නීවරණාභිභූතො. නිසින්නට්ඨානාදීසු ඉරියාපථෙසු තථා එව හොති. තස්ස තං ආලසියභාවං ආරබ්භ භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, අසුකො නාම භික්ඛු එවරූපෙ නිය්යානිකසාසනෙ පබ්බජිත්වා ආලසියො කුසීතො නීවරණාභිභූතො විහරතී”ති . සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙස ආලසියොයෙවා”ති වත්වා අතීතං ආහරි.
‘වනං යදග්ගි දහති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, අලස වූ එක් භික්ෂු කෙනකුන් අරබයා වදාළ සේක. සැවැත් නුවර වැසි කුලපුත්‍රයකු වන ඔහු, සසුනට ශක්තියක් වෙමින් පැවිදිව, සිටි නමුත් ස්වභාවයෙන්ම අලසයෙකි. උද්දේස - පරිපුච්ඡා - යොනිසෝමනසිකාර ආදී වූ, විනයානුකූල අංග ද, වත්-පිළිවෙත් ආදියද, යන මෙකී දැයින් පරිබාහිර වූ ඔහු, නීවරණයන්ගෙන් මඩනා ලදුව, හිඳීම් සිටීම් ආදී වූ සිව් ඉරියව්හි පවා, මන්දගාමී ස්වභාවයක් දැරුවේය. ඔහුගේ මේ අලස භාවය දම්සභාවේ රැස්ව සිටි, භික්ෂු පිරිසට මාතෘකාවක් විය. දම්සභාවට වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගෙන්, ඉහත කී අලස භික්ෂු නමගේ, තොරතුරු හා හීන වීර්යය සහ කුසීතකම ගැන, සියල්ල අසා දැන, ‘මහණෙනි, මොහු අලසයෙක් වූයේ, දැන් පමණක් නොවේ. පෙර ද එසේ වී යැ’යි, මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස අමච්චරතනං අහොසි, බාරාණසිරාජා ආලසියජාතිකො අහොසි. බොධිසත්තො “රාජානං පබොධෙස්සාමී”ති එකං උපමං උපධාරෙන්තො විචරති. අථෙකදිවසං රාජා උය්යානං ගන්ත්වා අමච්චගණපරිවුතො තත්ථ විචරන්තො එකං රාජකුම්භං නාම ආලසියං පස්සි. තථාරූපා කිර ආලසියා සකලදිවසං ගච්ඡන්තාපි එකද්වඞ්ගුලමත්තමෙව ගච්ඡන්ති. රාජා තං දිස්වා “වයස්ස කො නාම සො”ති බොධිසත්තං පුච්ඡි. මහාසත්තො “රාජකුම්භො නාමෙස, මහාරාජ, ආලසියො. එවරූපො හි සකලදිවසං ගච්ඡන්තොපි එකඞ්ගුලද්වඞ්ගුලමත්තමෙව ගච්ඡතී”ති වත්වා තෙන සද්ධිං සල්ලපන්තො “අම්භො, රාජකුම්භ, තුම්හාකං දන්ධගමනං ඉමස්මිං අරඤ්ඤෙ දාවග්ගිම්හි උට්ඨිතෙ කිං කරොථා”ති වත්වා පඨමං ගාථමාහ –
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ රජතුමාගේ ඇමැතියෙක් ව සිටියේය. බරණැස් රජ ස්වභාවයෙන්ම අලසයෙකි. බෝසත් ඇමැතිතුමා රජුගේ කුසීතකම, රජුට අවබෝධ කරවීම සඳහා උපායක් සොයමින් සිටියේය. මෙසේ කල්ගත වෙද්දී, කිසියම් දිනක රජතුමා ඇමැති ගණයා පිරිවරාගෙන උයනට පිවිස එහි සැරිසරමින් සිටින විට, ‘ගජකුම්භ’ යන නම් ඇති, එක් අලස පුද්ගලයකු දුටුවේය. ඔහු දුටු රජතුමා බෝසතුන් අමතා ‘මිත්‍රය, මේ කවරෙක්දැ’යි ඇසීය. බෝසත් තෙමේ ඊට පිළිතුරු දෙමින් ‘මහරජතුමනි, මොහු නමින් ගජකුම්භ නම් වූ අලස පුද්ගලයෙකි. මෙවැනි උදවිය මුළු දවසටම අඟලකට දෙකකට වඩා, දුර ගමන් නොකරති’යි, ප්‍රකාශ කෙළේය. අනතුරුව ගජකුම්භයා වෙතට හැරුණු බෝසත් තෙමේ, ඔහු සමග කතා කරමින් ‘පින්වත් ගජකුම්භය, ඔබ මෙසේ මෝඩයකු සේ ගාටමින් යනවිට, මේ කැලයෙහි ලැව්ගින්නක් ඇති වුවහොත් කුමක් කෙරෙහිදැ’යි විචාරමින් මේ ගාථාව කීය.
“වනං යදග්ගි දහති, පාවකො කණ්හවත්තනී; කථං කරොසි පචලක, එවං දන්ධපරක්කමො”ති.
වනං යදග්ගි දහති - පාවකො කණ්හ වත්තනී, කථ කරොස පචලක - එවං දන්ධ පරක්කමො
අලසය, යම්විටක ‘පාවක’ නම් වූ ද ‘කෘෂ්ණ වර්තිනී’ නම් වූ ද ගින්න මේ වනය දවයිද? එවිට ගාටමින් යන නුඹට කුමක් සිදුවේද?
තත්ථ යදග්ගීති යදා අග්ගි. පාවකො කණ්හවත්තනීති අග්ගිනො වෙවචනං. පචලකාති තං ආලපති. සො හි චලන්තො චලන්තො ගච්ඡති, නිච්චං වා පචලායති, තස්මා “පචලකො”ති වුච්චති. දන්ධපරක්කමොති ගරුවීරියො.
මෙහි ‘යදග්ගි’ යනු ‘යම් විටෙක ගින්නක්’ යන අර්ථයි. ‘පාවකො කණ්හ වත්තනී’ යනු ‘ගින්නට කියන තවත් නම් දෙකකි. ‘පචලකො’ යනු ‘එනම් අලසයා ඇමතීමයි. ඔහු වැනි වැනී ගමන් කරයි. නිතර නිදිකිරා වැටෙයි. ඒ නිසා ඔහුට ‘පචලක’ යැයි කියනු ලැබේ. ‘දන්ධපරක්කමො’ යනු ‘මද වීර්යය ඇති’ යන අර්ථයි.
තං සුත්වා රාජකුම්භො දුතියං ගාථමාහ –
ඒ ඇසූ ගජකුම්භයා මෙසේ කීවේය.
“බහූනි රුක්ඛඡිද්දානි, පථබ්‍යා විවරානි ච; තානි චෙ නාභිසම්භොම, හොති නො කාලපරියායො”ති.
2. බොහෝ රුක් සිදුරු හා පොළෝ විවර ඇත, ඒවා තුළට පැන ගන්නට බැරි වුවහොත්, අපට මැරෙන්නට සිදුවේ.
තස්සත්ථො – පණ්ඩිත, අම්හාකං ඉතො උත්තරිගමනං නාම නත්ථි. ඉමස්මිං පන අරඤ්ඤෙ රුක්ඛඡිද්දානි පථවියං විවරානි ච බහූනි. යදි තානි න පාපුණාම, හොති නො කාලපරියායොති මරණමෙව නො හොතීති.
‘පඬිතුමනි, අපට මීට වඩා වේගයෙන් ගමන් කළ නොහැකිය. මේ කැලයෙහි රුක් සිදුරු ද, පොළෝ විවරද, බොහෝකොට ඇත. අපි ඒවාට පිවිසෙමු. එය නොහැකි වුවහොත් මැරෙන්නට සිදුවේ.’
තං සුත්වා බොධිසත්තො ඉතරා ද්වෙ ගාථා අභාසි –
මේ ප්‍රකාශය අසා සිටි, බෝසත් තෙමේ මේ ගාථා දෙක කීවේය.
“යො දන්ධකාලෙ තරති, තරණීයෙ ච දන්ධති; සුක්ඛපණ්ණංව අක්කම්ම, අත්ථං භඤ්ජති අත්තනො.
යො දන්ධකාලෙ තරතී - තරණීයෙච දන්ධතී, සුකච පණ්ණව අක්කම්ම - අත්ථං භඤ්ජති අත්තතෙ
යමෙක් සෙමින් කළ යුත්තක්, වේගයෙන් කෙරේද? වගා කළ යුත්තක්, සෙමින් කෙරේද? ඔහු වියල් කොළයක් මඬින්නාක් මෙන්, තම යහපත සිඳ දමයි.
“යො දන්ධකාලෙ දන්ධෙති, තරණීයෙ ච තාරයි; සසීව රත්තිං විභජං, තස්සත්ථො පරිපූරතී”ති.
යො දන්ධකාලෙ දන්ධෙති තරණීයෙච තාරයී, සසීව රත්තිං විභජං තස්සත්ථො පරිපූරතීති
යමෙක් සෙමින් කළයුත්ත, සෙමින් කෙරේද, වහා කළ යුත්ත, වහා කෙරේද? ඔහු රාත්‍රිය බෙදා දක්වන, චන්ද්‍රයා වැනිය. ඔහුගේ කටයුතු සාර්ථක වේ.
තත්ථ දන්ධකාලෙති තෙසං තෙසං කම්මානං සණිකං කත්තබ්බකාලෙ. තරතීති තුරිතතුරිතො වෙගෙන තානි කම්මානි කරොති. සුක්ඛපණ්ණංවාති යථා වාතාතපසුක්ඛං තාලපණ්ණං බලවා පුරිසො අක්කමිත්වා භඤ්ජෙය්ය, තත්ථෙව චුණ්ණවිචුණ්ණං කරෙය්ය, එවං සො අත්තනො අත්ථං වුද්ධිං භඤ්ජති. දන්ධෙතීති දන්ධයති දන්ධකාතබ්බානි කම්මානි දන්ධමෙව කරොති. තාරයීති තුරිතකාතබ්බානි කම්මානි තුරිතොව කරොති. සසීව රත්තිං විභජන්ති යථා චන්දො ජුණ්හපක්ඛං රත්තිං ජොතයමානො කාළපක්ඛරත්තිතො රත්තිං විභජන්තො දිවසෙ දිවසෙ පරිපූරති, එවං තස්ස පුරිසස්ස අත්ථො පරිපූරතීති වුත්තං හොති.
මෙහි ‘දන්ධකාලෙ’ යනු ‘යම් යම් කටයුතු සෙමින් කිරීමට සුදුසු කල්හි, වහ වහා ඉතා වේගයෙන් කෙරේ යන අදහසයි. ‘සුක්ඛපණ්ණා’ යනු ‘යම්සේ සුළඟින් හා අව්වෙන් වියලුනු තල්පතක්, ශක්තිමත් පුරුෂයෙක් පාගා සිඳින්නේද? සුණුවිසුණු කරන්නේද? එපරිද්දෙන් ඔහු, තමාගේ යහපත දියුණුව විනාශ කරයි’, යන අර්ථයි. ‘දන්ධෙති’ යනු ‘පමා වෙයි, පමාවට හේතුවන දෑ ම කෙරෙයි’, යන අර්ථයි. ‘තාරයි’ ‘ඉක්මණින් කළයුතු දෑ, වහා සිදු කෙරේ’, යන අර්ථයි. ‘සසීව රත්තිං විභජං’ යනු ‘යම්සේ සඳ පුරපස දී, රාත්‍රිය බබුළුවා, අවපස පළමු රාත්‍රියේ සිට, ආලෝකය අඩු කරමින් ගොස්, නැවත දවසින් දවස වැඩි කෙරේද? එසේ ඒ පුරුෂයාගේ දියුණුව වර්ධනය වේයැයි කියන ලදි’ යන අර්ථයි.
රාජා බොධිසත්තස්ස වචනං සුත්වා තතො පට්ඨාය අනලසො ජාතො.
රජතුමා බෝසතුන්ගේ වචන අසා සිට, එතැන් පටන් අනලස්ව ක්‍රියා කරන්නට පුරුදු විය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා රාජකුම්භො ආලසියභික්ඛු අහොසි, පණ්ඩිතාමච්චො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැරදක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එදා ගජකුම්භයා නම්, මේ අලස භික්ෂුවයි. පණ්ඩිත වූ ඇමැතිවරයා වූ කල” ‘මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
රාජකුම්භජාතකවණ්ණනා පඤ්චමා.