යෙදුමෙන් කියවන්න

4. අම‍්බජාතකවණ‍්ණනා 344 අට‍්ඨකථා

4. අම‍්බජාතකවණ‍්ණනා (344)

4. අම්බචෝර ජාතකය (344)

යො නීලියං මණ‍්ඩයතීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං අම‍්බගොපකත්‍ථෙරං ආරබ‍්භ කථෙසි. සො කිර මහල‍්ලකකාලෙ පබ‍්බජිත්‍වා ජෙතවනපච‍්චන‍්තෙ අම‍්බවනෙ පණ‍්ණසාලං කාරෙත්‍වා අම‍්බෙ රක‍්ඛන‍්තො පතිතානි අම‍්බපක‍්කානි ඛාදන‍්තො විචරති, අත‍්තනො සම‍්බන්‍ධමනුස‍්සානම‍්පි දෙති. තස‍්මිං භික‍්ඛාචාරං පවිට‍්ඨෙ අම‍්බචොරකා අම‍්බානි පාතෙත්‍වා ඛාදිත්‍වා ච ගහෙත්‍වා ච ගච‍්ඡන‍්ති. තස‍්මිං ඛණෙ චතස‍්සො සෙට‍්ඨිධීතරො අචිරවතියං න‍්හායිත්‍වා විචරන‍්තියො තං අම‍්බවනං පවිසිංසු. මහල‍්ලකො ආගන‍්ත්‍වා තා දිස‍්වා “තුම‍්හෙහි මෙ අම‍්බානි ඛාදිතානී”ති ආහ. “භන‍්තෙ, මයං ඉදානෙව ආගතා, න තුම‍්හාකං අම‍්බානි ඛාදාමා”ති. “තෙන හි සපථං කරොථා”ති? “කරොම, භන‍්තෙ”ති සපථං කරිංසු. මහල‍්ලකො තා සපථං කාරෙත්‍වා ලජ‍්ජාපෙත්‍වා විස‍්සජ‍්ජෙසි. තස‍්ස තං කිරියං සුත්‍වා භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, අසුකො කිර මහල‍්ලකො අත‍්තනො වසනකං අම‍්බවනං පවිට‍්ඨා සෙට‍්ඨිධීතරො සපථං කාරෙත්‍වා ලජ‍්ජාපෙත්‍වා විස‍්සජ‍්ජෙසී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස අම‍්බගොපකො හුත්‍වා චතස‍්සො සෙට‍්ඨිධීතරො සපථං කාරෙත්‍වා ලජ‍්ජාපෙත්‍වා විස‍්සජ‍්ජෙසී”ති වත්‍වා අතීතං ආහරි.

‘යො නීලියං මණ්ඩයති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, අඹ උයනක් රක්නා වූ එක් තෙර කෙනකුන් අරබයා වදාළ සේක. මහලු වියේදී පැවිදි වූ ඉහත කී තැනැත්තා දෙව්රම අසල වූ අඹ වනයක, පන්සලක් තනාගෙන වාසය කරයි. අඹගස් රැකීම, තම කාර්යය කොටගත් ඔහු, ඉදී වැටුණු අඹ, තෙමේ ම අනුභව කරන අතර, ඉඳහිට හිතවත් අයටද දෙයි. ඇතැම් අවස්ථාවකදී, තෙරුන් පිඬුසිඟා ගිය විටෙක, උයනට පැන ගන්නා සොරු අඹ කඩා කා තවත් කොටසක් පැහැරගෙන ද යති. එවන් අවස්ථාවක ‘අචිරවතී’ නදියෙිහ දිය නෑමට ගිය සිටු දියණිවරු සතර දෙනෙක්, ස්නානයෙන් අනතුරුව, ඒ මේ අත ඇවිදිමින්, අනුක්‍රමයෙන් ඉහත කී අඹවනයට පැමිණියහ. ඒ අතර පිඬු පිණිස ගොස් ආපසු පැමිණි මහලු භික්‍ෂුව උයනට වූ හදිය දැක, සිටු දියණිවරුන් දෙස බලා ‘තොප විසින් මාගේ අඹ කුමක් නිසා, විනාශ කරන ලද දැ’යි ඇසීය. ඊට පිළිතුරු දෙන සිටුදියණිවරු, ‘ස්වාමීනි, අපි මේ දැන් මෙහි පැමිණියෙමු. ඔබතුමාගේ අඹවලට වගකිය යුත්තෝ අපි නොවෙමු’යි, කීහ. ‘එසේ නම් තොපට ඒ ගැන දිව්රිය හැකිද?’ ‘එසේය ස්වාමීනි, අපි ඔබගේ අඹ, නොගත් බවට දිවුරන්නෙමු’යි ඈලා කීහ. අනතුරුව තරුණියන් ලවා දිව්ර වූ, තෙර නම ඈලා ලජ්ජාවට පත්කොට, ඔවුන් උයනින් නෙරපා දැමීය. භික්‍ෂුවගේ මේ ක්‍රියාව ගැන ඇසූ, සෙසු භික්‍ෂූහු දම්සභාවේදී, ඒ සිද්ධිය මාතෘකා කොටගෙන සාකච්ඡා කරමින් හුන්හ. ඒ අතර එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ, භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන් අසා දැන, ‘මහණෙනි, ඔහු මෙවැන්නක් සිදුකළ, පළමු අවස්ථාව මෙය නොවේ, පෙර ද මෙසේ කෙළේයැ’යි වදාරා, මේ අතීත කථා වස්තුව දේශනා කළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සක‍්කත‍්තං කාරෙසි. තදා එකො කූටජටිලො බාරාණසිං උපනිස‍්සාය නදීතීරෙ අම‍්බවනෙ පණ‍්ණසාලං මාපෙත්‍වා අම‍්බෙ රක‍්ඛන‍්තො පතිතානි අම‍්බපක‍්කානි ඛාදන‍්තො සම‍්බන්‍ධමනුස‍්සානම‍්පි දෙන‍්තො නානප‍්පකාරෙන මිච‍්ඡාජීවෙන ජීවිකං කප‍්පෙන‍්තො විචරති. තදා සක‍්කො දෙවරාජා “කෙ නු ඛො ලොකෙ මාතාපිතරො උපට‍්ඨහන‍්ති, කුලෙ ජෙට‍්ඨාපචයනකම‍්මං කරොන‍්ති, දානං දෙන‍්ති, සීලං රක‍්ඛන‍්ති, උපොසථකම‍්මං කරොන‍්ති, කෙ පබ‍්බජිතා සමණධම‍්මෙ යුත‍්තපයුත‍්තා විහරන‍්ති, කෙ අනාචාරං චරන‍්තී”ති ලොකං වොලොකෙන‍්තො ඉමං අම‍්බගොපකං අනාචාරං කූටජටිලං දිස‍්වා “අයං කූටජටිලො කසිණපරිකම‍්මාදිං අත‍්තනො සමණධම‍්මං පහාය අම‍්බවනං රක‍්ඛන‍්තො විචරති, සංවෙජෙස‍්සාමි න”න‍්ති තස‍්ස ගාමං භික‍්ඛාය පවිට‍්ඨකාලෙ අත‍්තනො ආනුභාවෙන අම‍්බෙ පාතෙත්‍වා චොරෙහි විලුම‍්බිතෙ විය අකාසි.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ සක් රජව උපන්නේය. එකල එක් කපටි ජටිලයෙක්, බරණැස් නුවර සමීපයෙහි නදියක් අසල, අඹ වනයක අසපුවක් සාදාගෙන, අඹ වනය රකිමින් වාසය කරයි. වැටුණු අඹ තෙමේ ම කන අතර, ඉඳහිට හිතවතුන්ටද දෙමින් නොයෙක් වැරදි දිවි පැවතුමින් කල්ගත කරයි. මෙකල එක් දිනක් ශක්‍රයා ‘ලෝකයේ මව්පියන්ට උවටැන් කරන්නෝ, වැඩිහිටියන්ට සලකන්නෝ, දන් දෙන්නෝ, සිල් රකින්නෝ, පෙහෙවස් සමාදන් වන්නෝ, පැවිදිව මහණදම් රකින්නෝ කවරහුද? අනාචාරයේ යෙදෙන්නෝ, කවරහුදැ’යි, ලොව විමසා බලනුයේ අඹ උයන රකින අනාචාරී වූ ඉහත කී ජටිලයා දැක, ‘මේ කූට ජටිලයා ‘කසිණ පරිකර්ම’ ආදී වූ ස්වකීය ශ්‍රමණ ධර්මයන් අමතක කොට, අඹ වනයක් රකිමින් කල්ගත කරයි. එබැවින් මොහු සංවේගයට පත් කරන්නෙමි’යි සිතා, ජටිලයා පිඬු පිණිස පිටත්ව යනු බලා, තම ආනුභාවයෙන් ගස්වල අඹ බිම හෙළා, සොරුන් පැහැර ගත්තාක් මෙන්, කොට පිටත්ව ගියේය.

තදා බාරාණසිතො චතස‍්සො සෙට‍්ඨිධීතරො තං අම‍්බවනං පවිසිංසු. කූටජටිලො තා දිස‍්වා “තුම‍්හෙහි මෙ අම‍්බානි ඛාදිතානී”ති පලිබුද‍්ධි. “භන‍්තෙ, මයං ඉදානෙව ආගතා, න තෙ අම‍්බානි ඛාදාමා”ති. “තෙන හි සපථං කරොථා”ති? “කත්‍වා ච පන ගන‍්තුං ලභිස‍්සාමා”ති? “ආම, ලභිස‍්සථා”ති. “සාධු, භන‍්තෙ”ති තාසු ජෙට‍්ඨිකා සපථං කරොන‍්තී පඨමං ගාථමාහ –

එදින බරණැසින් නික්මුණු, සිටු දියණිවරු සිව්දෙනෙක් ඒ අඹවනයට ඇතුල් වූහ. පසුව උයනට පැමිණි කූට ජටිලයා ඔවුන් දැක ‘තොප විසින් මාගේ අඹ, පැහැරගෙන කන ලදැ’යි ඔවුන්ට කරදර කෙළේය. ‘ස්වාමීනි, අප ආවේ දැන්ය. අපි ඔබේ අඹ නොකෑවෙමු’ ‘එසේ නම් ඒ ගැන දිවුරවු. එසේ කළහොත්, තොපට මෙහෙන් යා හැකිය. නැතහොත්, ආපසු යන්නට නොලැබේ යැ’යි, ජටිලයා තරුණියන්ට තරවටු කෙළේය. දිවුරන්නට එකඟ වූ ඒ තරුණියන් අතුරෙන් පළමුවැන්නිය ‘ස්වාමීනි, එසේ යැ’යි ජටිලයාට පිළිවදන් දී, දිවුරා මේ ගාථාව කීවාය.

“යො නීලියං මණ‍්ඩයති, සණ‍්ඩාසෙන විහඤ‍්ඤති; තස‍්ස සා වසමන්‍වෙතු, යා තෙ අම‍්බෙ අවාහරී”ති.

යො නීලියං මණ්ඩයති සණ්ඩාසෙන විහඤ්ඤති, තස්ස සා වසමන්‍වෙතු, යා තෙ අම්බෙ අවාහරීති

යම් තැනැත්තියක් ඔබේ අඹ පැහැර ගත්තා නම්, ඇය පැසුණු කෙස් කළුකරන, සුදු කෙස් අඩුවෙන් ගලවන මහල්ලකුට අයත් වේවා!

තස‍්සත්‍ථො – යො පුරිසො පලිතානං කාළවණ‍්ණකරණත්‍ථාය නීලඵලාදීනි යොජෙත්‍වා කතං නීලියං මණ‍්ඩයති, නීලකෙසන‍්තරෙ ච උට‍්ඨිතං පලිතං උද‍්ධරන‍්තො සණ‍්ඩාසෙන විහඤ‍්ඤති කිලමති, තස‍්ස එවරූපස‍්ස මහල‍්ලකස‍්ස සා වසං අන්‍වෙතු, තථාරූපං පතිං ලභතු, යා තෙ අම‍්බෙ අවාහරීති.

යො යම් පුරුෂයෙක් පැසුණු කෙස් කළු කරනු සඳහා, නීල ඵල යන නම් ඇති ගෙඩි ආදිය යොදා සාදා ගත්, කළුපාටින් කෙස් සරසා ද, නීලියං මණ්ඩති කළු පැහැති කෙස් අතර ඇති, උඩට නැගුණු සුදුකෙස් අඬුවකින් ගලවා, ඉවත් කිරීමට වෙහෙසේද, සණ්ඩාසෙන විහඤ්ඤති කරදර වේද? තස්ස එබඳු වූ මහල්ලකුගේ වසඟයට සාවසමත්‍වෙති ඇය පත්වේවා! ඔබේ අඹ සොරා ගත් තැනැත්තියට, එවැනි සැමියකු ලභතු යා තෙ අම්බෙ අවාහරී ලැබේවා! යන අදහසයි.

තාපසො “ත්‍වං එකමන‍්තං තිට‍්ඨාහී”ති වත්‍වා දුතියං සෙට‍්ඨිධීතරං සපථං කාරෙසි. සා සපථං කරොන‍්තී දුතියං ගාථමාහ –

තවුසා පළමුවැන්නිය පැත්තකට කොට, දෙවැන්නිය ලවා ශපථ කරවීය. ඇය දිවුරමින් මෙසේ කීවාය.

“වීසං වා පඤ‍්චවීසං වා, ඌනතිංසංව ජාතියා; තාදිසා පති මා ලද‍්ධා, යා තෙ අම‍්බෙ අවාහරී”ති.

වීසං වා පඤ්ච වීසං වා - ඌනතිං සංව ජාතියා, තාදිසා පතිමා ලද්ධා - යා තෙ අම්බෙ අවාහරී

යම් තැනැත්තියක් ඔබේ අඹ සොරකම් කළා නම්, ඒ තැනැත්තියගේ උපතින් විසි වයස් හෝ, පන්විසි වයස් හෝ, තිහට අඩු හෝ සැමියකු ලබාවා!

තස‍්සත්‍ථො – නාරියො නාම පන‍්නරසසොළසවස‍්සිකකාලෙ පුරිසානං පියා හොන‍්ති. යා පන තව අම‍්බානි අවාහරි, සා එවරූපෙ යොබ‍්බනෙ පතිං අලභිත්‍වා ජාතියා වීසං වා පඤ‍්චවීසං වා එකෙන ද‍්වීහි ඌනතාය ඌනතිංසං වා වස‍්සානි පත්‍වා තාදිසා පරිපක‍්කවයා හුත්‍වාපි පතිං මා ලද‍්ධාති.

ස්ත්‍රීහු නම්, පසළොස්-සොළොස් වියේදී පුරුෂයන්ට ප්‍රිය වෙති. යාව යම් තැනැත්තියක් ඔබේ අඹ අවාහරිං පැහැර ගත්තා නම්, ඇය එබඳු යොවුන් වියේදී සැමියකු නො ලබා, ජාතියා වීසංවා පඤ්චවීසංවා උපතින් වසර විස්සක් හෝ විසිපහක් හෝ ඌනතිංසංවා තිහට එකකින් දෙකකින් අඩු හෝ වයසට පත්වුවද, තාදිසා එනම් වයස් ගතවීත් පතිමා ලද්ධා සැමියකු නො ලබාවා! යන අර්ථයි.

තායපි සපථං කත්‍වා එකමන‍්තං ඨිතාය තතියා තතියං ගාථමාහ –

අනතුරුව තෙවැන්නිය දිවුරමින් මෙසේ කීවාය.

“දීඝං ගච‍්ඡතු අද‍්ධානං, එකිකා අභිසාරිකා; සඞ‍්කෙතෙ පති මා අද‍්ද, යා තෙ අම‍්බෙ අවාහරී”ති.

දීඝං ගච්ඡතු අද්ධානං - එකිකා අභිසාරියා, සංකෙතෙ පති මාද්දස - යා තෙ අම්බෙ අවාහරී

යම් තැනැත්තියක් ඔබේ අඹ හැර ගත්තා නම්, ඇයට අභිසාරිකාවක්ව තනිවම දිගු මග යන්නට සිදුවේවා. නියම කරගත් තැන දී පවා සැමියකු නොදකීවා!

තස‍්සත්‍ථො – යා තෙ අම‍්බෙ අවාහරි, සා පතිං පත්‍ථයමානා තස‍්ස සන‍්තිකං අභිසරණතාය අභිසාරිකා නාම හුත්‍වා එකිකා අදුතියා ගාවුතද‍්විගාවුතමත‍්තං දීඝං අද‍්ධානං ගච‍්ඡතු, ගන‍්ත්‍වාපි ච තස‍්මිං අසුකට‍්ඨානං නාම ආගච‍්ඡෙය්‍යාසීති කතෙ සඞ‍්කෙතෙ තං පතිං මා අද‍්දසාති.

යා තෙ අම්බෙ අවාහරී යම් තැනැත්තියක් ඔබේ අඹ පැහැර ගත්තී නම් ඇය සැමියකු සොයන්නියක්ව, ඔහුගේ සමීපයෙහි වෙසෙසින් ඇලීමට කැමැති බැවින් ‘අභිසාරිකා’ යන නම ලැබ එකිකා තනිවම හුදකලාවම, ගව් දෙගව් පමණ වූ දුරුමග යේවා. එසේ ගොස් නමුත්, එනම් ‘අසවල් තැනට එව’යි කියා නියම කරගත් තැනට ගියත්, ඒ සැමියා දක්නට නොලැබේවා! යන අර්ථයි. සංකෙතෙ තං පතිං මා අද්දසාති

තායපි සපථං කත්‍වා එකමන‍්තං ඨිතාය චතුත්‍ථා චතුත්‍ථං ගාථමාහ –

ඊළඟට සිව්වැන්නිය, දිවුරමින් මෙසේ කීවාය.

“අලඞ‍්කතා සුවසනා, මාලිනී චන්‍දනුස‍්සදා; එකිකා සයනෙ සෙතු, යා තෙ අම‍්බෙ අවාහරී”ති. – සා උත‍්තානත්‍ථායෙව;

අලංකතා සුවසනා මාලිනී චන්‍දනුස්සදා, එකිකා සයනෙ සෙතු යා තෙ අම්බෙ අවාහරී

යම් තැනැන්තියක් ඔබේ අඹ ගත්තී නම්, ඇය අබරණින්, මනා වස්ත්‍රයෙන්, මල්දම්වලින්, සඳුන් කල්කයෙන් අලංකෘත වූ නමුත්, ඇයට තනි යහනේ නිදන්නට සිදුවේවා!

තාපසො “තුම‍්හෙහි අතිභාරියා සපථා කතා, අඤ‍්ඤෙහි අම‍්බානි ඛාදිතානි භවිස‍්සන‍්ති, ගච‍්ඡථ දානි තුම‍්හෙ”ති තා උය්‍යොජෙසි. සක‍්කො භෙරවරූපාරම‍්මණං දස‍්සෙත්‍වා කූටතාපසං තතො පලාපෙසි.

මෙහි අර්ථය ඉතා පැහැදිලිය. තවුසා තරුණියන් අමතා ‘තොප විසින් ඉතා බැරෑරුම් වූ ශපථයන් මෙහිදී කරන ලදි. එබැවින් ‘අඹ කන ලද්දේ වෙනත් කෙනකුන් විසිනැ’යි හඟිමි. දැන් නුඹලාට මෙහෙන් යා හැකියැ’යි කියා ඔවුන් පිටත්කොට හැරියේය. අනතුරුව බිහිසුණු ස්වරූපයක් මවාගෙන එතැනට පැමිණි ශක්‍රයා, කූට තවුසා බියපත් කොට, උයනෙන් පලවා හැරියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කූටජටිලො අයං අම‍්බගොපකො මහල‍්ලකො අහොසි, චතස‍්සො සෙට‍්ඨිධීතරො එතායෙව, සක‍්කො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එදා කූට ජටිලයා නම්, මේ අඹ උයන රකින මහල්ලාය. එදා සිටු දියණිවරු නම්, මෙදා සිටු දියණිවරුමය. සක්දෙව්රජ වූ කලී ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

අම‍්බජාතකවණ‍්ණනා චතුත්‍ථා.