යෙදුමෙන් කියවන්න

3. කුන‍්තිනීජාතකවණ‍්ණනා 343 අට‍්ඨකථා

3. කුන‍්තිනීජාතකවණ‍්ණනා (343)

3. කුන්තිනී ජාතකය (343)

අවසිම‍්හ තවාගාරෙති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කොසලරඤ‍්ඤො ගෙහෙ නිවුත්‍ථං කුන‍්තිනීසකුණිකං ආරබ‍්භ කථෙසි. සා කිර රඤ‍්ඤො දූතෙය්‍යහාරිකා අහොසි. ද‍්වෙ පොතකාපිස‍්සා අත්‍ථි, රාජා තං සකුණිකං එකස‍්ස රඤ‍්ඤො පණ‍්ණං ගාහාපෙත්‍වා පෙසෙසි. තස‍්සා ගතකාලෙ රාජකුලෙ දාරකා තෙ සකුණපොතකෙ හත්‍ථෙහි පරිමද‍්දන‍්තා මාරෙසුං. සා ආගන‍්ත්‍වා තෙ පොතකෙ මතෙ පස‍්සන‍්තී “කෙන මෙ පුත‍්තකා මාරිතා”ති පුච‍්ඡි. “අසුකෙන ච අසුකෙන චා”ති. තස‍්මිඤ‍්ච කාලෙ රාජකුලෙ පොසාවනිකබ්‍යග‍්ඝො අත්‍ථි කක‍්ඛළො ඵරුසො, බන්‍ධනබලෙන තිට‍්ඨති. අථ තෙ දාරකා තං බ්‍යග‍්ඝං දස‍්සනාය අගමංසු. සාපි සකුණිකා තෙහි සද‍්ධිං ගන‍්ත්‍වා “යථා ඉමෙහි මම පුත‍්තකා මාරිතා, තථෙව නෙ කරිස‍්සාමී”ති තෙ දාරකෙ ගහෙත්‍වා බ්‍යග‍්ඝස‍්ස පාදමූලෙ ඛිපි, බ්‍යග‍්ඝො මුරාමුරාපෙත්‍වා ඛාදි. සා “ඉදානි මෙ මනොරථො පරිපුණ‍්ණො”ති උප‍්පතිත්‍වා හිමවන‍්තමෙව ගතා. තං කාරණං සුත්‍වා භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, රාජකුලෙ කිර අසුකා නාම කුන‍්තිනී සකුණිකා යෙ හිස‍්සා පොතකා මාරිතා, තෙ දාරකෙ බ්‍යග‍්ඝස‍්ස පාදමූලෙ ඛිපිත්‍වා හිමවන‍්තමෙව ගතා”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙසා අත‍්තනො පොතකඝාතකෙ දාරකෙ ගහෙත්‍වා බ්‍යග‍්ඝස‍්ස පාදමූලෙ ඛිපිත්‍වා හිමවන‍්තමෙව ගතා”ති වත්‍වා අතීතං ආහරි.

‘අවසිම්හා තවාගාරෙ’ යන මේ ගාථා කොටස අයත් මේ ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, කොසොල් රජතුමාගේ මාලිගාවේ විසූ කොස්වාලිහිණි කිරිල්ලක අරබයා වදාළ සේක. රජතුමාගේ දූත මෙහෙවරෙහි යෙදුණු මේ කිරිල්ලට, පැටවු දෙදෙනෙක්ද වූහ. දිනක් රජතුමා ඇය කිසියම් දූත ගමනක පිටත්කොට යැවීය. ඇය මැදුරෙන් නික්මුණු කල්හි, රාජ කුමාරවරු කුරුලු පැටවුන් සමග සෙල්ලම් කොට, අත්වලින් මිරිකනු ලැබීමෙන් උන් දෙදෙනා මරණයට පත් කළහ. ආපසු පැමිණි කිරිල්ල, මළ පැටවුන් දැක ‘මාගේ පුතුන් මැරුවේ කවුදැ’යි ඇසුවාය. එහි සිටි අය ඇයට සියලු විස්තර කීහ. මේ රජමැදුරෙහි කණුවෙක බැඳ ඇතිදැඩි කරන ඉතා දරුණු බිහිසුණු ව්‍යාඝ්‍රයෙක් සිටියේය. කිසියම් දිනෙක කුඩා රාජ කුමාරවරු, ඉහත කී ව්‍යාඝ්‍රයා බැලීම සඳහා ඌ වෙත ගියහ. ඒ දුටු කිරිල්ල ‘මාගේ දරුවන් මැරූ පලිය මම මොවුන්ගෙන්, ඒ අයුරෙන්ම ගන්නෙමැ’යි තරව අදිටන් කොටගෙන, රාජ කුමාරවරුන් ව්‍යාඝ්‍රයාගේ පාමුලටම කැඳවාගෙන ගියාය. ව්‍යාඝ්‍රයා තමා වෙත පැමිණි දරුවන් ලේ පෙරමින් කා දැමුවේය. එය බලා සිටි කිරිල්ල, සිය අදහස ඉටුවීමෙන් මහත් සතුටට පත්ව, වහා හිමවතට පලා ගියාය. මේ කාරණය දැනගත් භික්‍ෂූහු, ඒ ගැන දම් සභාවේදී සාකච්ඡා කරමින් හුන්හ. ඒ අතර එතැනට වැඩි, බුදුරජාණන් වහන්සේ එම තොරතුරු භික්‍ෂූන්ගෙන් විමසා දැන, ‘මහණෙනි, මේ කිරිල්ල දැන් පමණක් නොවි පෙරද, මේ වැනි දෑ කළා යැ’යි වදාරා, මේ අතීත කථා පුවත ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බොධිසත‍්තො ධම‍්මෙන සමෙන රජ‍්ජං කාරෙසි. තස‍්ස නිවෙසනෙ එකා කුන‍්තිනී සකුණිකා දූතෙය්‍යහාරිකාති සබ‍්බං පුරිමසදිසමෙව. අයං පන විසෙසො. අයං කුන‍්තිනී බ්‍යග‍්ඝෙන දාරකෙ මාරාපෙත්‍වා චින‍්තෙසි “ඉදානි න සක‍්කා මයා ඉධ වසිතුං, ගමිස‍්සාමි, ගච‍්ඡන‍්තී ච පන රඤ‍්ඤො අනාරොචෙත්‍වා න ගමිස‍්සාමි, ආරොචෙත්‍වාව ගමිස‍්සාමී”ති. සා රාජානං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං ඨිතා “සාමි, තුම‍්හාකං පමාදෙන මම පුත‍්තකෙ දාරකා මාරෙසුං, අහං කොධවසිකා හුත්‍වා තෙ දාරකෙ පටිමාරෙසිං, ඉදානි මයා ඉධ වසිතුං න සක‍්කා”ති වත්‍වා පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර, අප බෝසත් තෙමේ බරණැස් රජුව ඉපිද, දැහැමින් සෙමෙන් රාජ්‍යය කෙළේය. මේ රජතුමාට ද දූත මෙහෙවර කරන කොස්වාලිහිණි කිරිල්ලක් වූවාය. ඉතිරි සියලු විස්තර වර්තමාන කථා පුවතට සමානය. මේ අතීත කථාවේ ඇති විශේෂත්වය නම්, රාජ කුමාරවරුන් ව්‍යාඝ්‍රයා ලවා මැරවූ කිරිල්ල ‘රාජ කුමාරවරුන් මරණයට පත්කළ පසු මට තවදුරටත් මෙහි වාසය කරන්නට නොහැකිය. එබැවින් රජුටද නොදන්වා, හොර රහසේම මාලිගයෙන් පිට වන්නෙමි’යි, තීරණය කළාය. නැවත සිය අදහස වෙනස් කොටගෙන, රජතුමා වෙත එළඹ, එකත්පසෙක හිඳගත්, කිරිල්ල ‘ස්වාමීනි, ඔබතුමාගේ නොසැලකිල්ල නිසා, රාජකුමාරවරු මාගේ දරුවන් විනාශ කළහ. එයින් කෝපයට පත් මම, පලිගැනීම එම පිළියම ලෙස සිතා, ඔබේ දරුවන් මරණයට පත් කළෙමි. දැන් මට තවදුරටත් මෙහි වසන්නට සිත් නොදේ යැ’යි, මේ ගාථාව කීවාය.

“අවසිම‍්හ තවාගාරෙ, නිච‍්චං සක‍්කතපූජිතා, ත්‍වමෙව දානිමකරි, හන්‍ද රාජ වජාමහ”න‍්ති.

අවසිම්හා නවාගාරෙ - නිච්චං සක්කත පූජිතා, ත්‍වමෙවදානිමකරි - හන්‍ද රාජ වජාමහංනති

රජතුමනි, අපි ඔබතුමාගේ රජ මැදුරෙහි, නිරතුරු පූජා සත්කාර ලබා විසුවෙමු. එහෙත් මම දැන්, මින් පිටත්ව යමි. මේ තත්ත්වය ඇති කෙළේ ඔබමය.

තත්‍ථ ත්‍වමෙව දානිමකරීති මං පණ‍්ණං ගාහාපෙත්‍වා පෙසෙත්‍වා අත‍්තනො පමාදෙන මම පියපුත‍්තකෙ අරක‍්ඛන‍්තො ත්‍වඤ‍්ඤෙව ඉදානි එතං මම දොමනස‍්සකාරණං අකරි. හන්‍දාති වවස‍්සග‍්ගත්‍ථෙ නිපාතො. රාජාති බොධිසත‍්තං ආලපති. වජාමහන‍්ති අහං හිමවන‍්තං ගච‍්ඡාමීති.

මෙහි ‘ත්‍වමෙවදානිමකරි’ යනු ‘හසුනක් දී මා පිටත් කොට යවා, සිය පමාව නිසා, මාගේ දරුවන් රැකදීමට නොහැකි වීමෙන්, දැන් මාගේ මේ ගමනට මග පෑදුවේ, ඔබමය’, යන අර්ථයි. ‘හන්‍ද’ යනු ‘ඒකාන්ත අර්ථයේ නිපාතයකි. ‘රාජා’ යනු බෝසතුන් ඇමතීමයි. ‘වජාමහං’ යනු ‘මම හිමවතට යමි’ යන අර්ථයි.

තං සුත්‍වා රාජා දුතියං ගාථමාහ –

ඇයගේ ඒ අදහස අසා සිටි, රජතුමා මේ ගාථාව කීය.

“යො වෙ කතෙ පටිකතෙ, කිබ‍්බිසෙ පටිකිබ‍්බිසෙ; එවං තං සම‍්මතී වෙරං, වස කුන‍්තිනි මාගමා”ති.

2. යමෙක් ඒකාන්තයෙන් තමාට කළ නපුරට, පෙරළා නපුරක් කළ කල්හි, මෙසේ ඒ වෛරය සංසිඳේ. (එබැවින්) කිරිල්ල, නුඹ නො යව, (මෙහිම) වසව.

තස‍්සත්‍ථො – යො පුග‍්ගලො පරෙන කතෙ කිබ‍්බිසෙ අත‍්තනො පුත‍්තමාරණාදිකෙ දාරුණෙ කම‍්මෙ කතෙ පුන අත‍්තනො තස‍්ස පුග‍්ගලස‍්ස පටිකතෙ පටිකිබ‍්බිසෙ “පටිකතං මයා තස‍්සා”ති ජානාති. එවං තං සම‍්මතී වෙරන‍්ති එත‍්තකෙන තං වෙරං සම‍්මති වූපසන‍්තං හොති, තස‍්මා වස කුන‍්තිනි මාගමාති.

යො යම් පුද්ගලයෙක් අනුන් කළ නපුර, කතකිබ්බිසෙ එනම් සිය දරුවන් මැරීම ආදී වූ දරුණු ක්‍රියා කළ පසු, නැවත තමා විසින් ඒ පුද්ගලයාට පෙරළා, පටිකිතෙපටිකිබ්බසෙ එවැනිම නපුරක් කළ කල්හි, ‘මා විසින් පලිගන්නා ලදැ’යි, ඔහු දනී. එවන්තං සම්මති වෙරං එවිට ඒ වෛරය සංසිඳේ. මෙපමණකින්ම ඒ වෛරය සංසිඳුනා වේ. වසකුන්තිනි මාගමා එබැවින් කිරිල්ල, නුඹ නොයනු, මෙහිම වසව, යන අදහසයි.

තං සුත්‍වා කුන‍්තිනී තතියං ගාථමාහ –

ඒ අසා කිරිල්ල, මේ තෙවැනි ගාථාව කීවාය.

“න කතස‍්ස ච කත‍්තා ච, මෙත‍්ති සන්‍ධීයතෙ පුන; හදයං නානුජානාති, ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභා”ති.

න කතස්සච කත්තාච - මෙත්ති සන්‍ධීයතෙපුන, හදයං නානා ජානාති - ගච්ඡඤ්ඤෙව රථෙසභා

රජතුමනි, නපුර කළ තැනැත්තාගේත්, ඊට පළිගත් තැනැත්තාගේත් නැවත මෛත්‍රියක් ඇති නොවේ, හදවත ද ඊට ඉඩ නොදේ, එබැවින් ස්ථිරවම යමි.

තත්‍ථ න කතස‍්ස ච කත‍්තා චාති කතස‍්ස ච අභිභූතස‍්ස උපපීළිතස‍්ස පුග‍්ගලස‍්ස, ඉදානි විභත‍්තිවිපරිණාමං කත්‍වා යො කත‍්තා තස‍්ස චාති ඉමෙසං ද‍්වින‍්නං පුග‍්ගලානං පුන මිත‍්තභාවො නාම න සන්‍ධීයති න ඝටීයතීති අත්‍ථො. හදයං නානුජානාතීති තෙන කාරණෙන මම හදයං ඉධ වාසං නානුජානාති. ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභාති තස‍්මා අහං මහාරාජ ගමිස‍්සාමියෙවාති.

මෙහි ‘න කතස්ස ච කත්තා ච’ යනු ‘අවැඩ කළ, යහපත මැඩ පැවැත්වූ, පීඩා කළ පුද්ගලයාගේ ද, යන අදහස මෙහිදී විභක්තියෙන් අර්ථවත් කොට, යමෙක් පෙරළා පළිගත්තේද? ඒ ඔහුගේ ද යන මේ පුද්ගලයන් දෙදෙනාගේ, නැවත මිත්‍රභාවයක් නම් ඇති නොවේ. නො පෑහේ යන අර්ථයි. ‘හදයං නානුජානාති’ යනු ‘ඒ කාරණය නිසා මෙහි විසීමට මාගේ හදවත ඉඩ නො දේ’ යන අර්ථයි. ‘ගච්ඡඤ්ඤෙව රථෙසභ’ යනු ‘රජතුමනි, එම නිසා මම, ස්ථිරවම යන්නෙමි’ යන අර්ථයි.

තං සුත්‍වා රාජා චතුත්‍ථං ගාථමාහ –

කිරිල්ලගේ තීරණය ඇසූ රජතුමා, මේ ගාථාව කීයේය.

“කතස‍්ස චෙව කත‍්තා ච, මෙත‍්ති සන්‍ධීයතෙ පුන; ධීරානං නො ච බාලානං, වස කුන‍්තිනි මාගමා”ති.

කතස්ස චෙව කත්තාව - මෙත්ති සන්‍ධීයතෙපුන, ධීරානං නො ච බාලානං - වස කුන්තිනි මාගමා

යමක් කළ තැනැත්තාගේ ද, ඊට පෙරළා කටයුතු කළ තැනැත්තාගේ ද, මෛත්‍රිය (බිඳුනත්) නැවත පෑහේ. ඒ උතුමන් අතරේ මිස, බාලයන් අතර නොවේ. එබැවින් කිරිල්ල, නොයනු, (මෙහිම) වසව.

තස‍්සත්‍ථො – කතස‍්ස චෙව පුග‍්ගලස‍්ස, යො ච කත‍්තා තස‍්ස මෙත‍්ති සන්‍ධීයතෙ පුන, සා පන ධීරානං, නො ච බාලානං. ධීරානඤ‍්හි මෙත‍්ති භින‍්නාපි පුන ඝටීයති, බාලානං පන සකිං භින‍්නා භින‍්නාව හොති, තස‍්මා වස කුන‍්තිනි මාගමාති.

කතස්සංචව යමක් කළ තැනැත්තාගේද, ඊට විරුද්ධව වැඩ කළ තැනැත්තාගේද, මෙත්ති සන්‍ධීයතෙ පුන මෛත්‍රිය නැවත වැඩේ. පෑහේ. ධීරානං නොච බාලානං ඒ උතුමන් අතරේ මිස, බාලයන් අතරේ නොවේ. උතුමන්ගේ මිතුරු බව බිඳුනත් නැවත පෑහේ. බාලයන් අතර එක් වරක් බිඳුණු මිතුරුදම බිඳුණාම වේ. වස කුන්තිනි මාගමා එබැවින් කිරිල්ල, නොයනු, මෙහිම වසව යන තේරුමයි.

සකුණිකා “එවං සන‍්තෙපි න සක‍්කා මයා ඉධ වසිතුං සාමී”ති රාජානං වන්‍දිත්‍වා උප‍්පතිත්‍වා හිමවන‍්තමෙව ගතා.

රජතුමාගේ ඉල්ලීමට පිළිතුරු දෙන කිරිල්ල ‘රජතුමනි, ඔබ කී දේ සත්‍යය වුවත්, මට මෙහි විසීමට සිත් නොදේ යැ’යි, කියා රජුට නමස්කාර කොට, අහසට පැන හිමාලය වෙත පියඹා ගියාය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කුන‍්තිනීයෙව එතරහි කුන‍්තිනී අහොසි, බාරාණසිරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාරා, එකල ලිහිණි කිරිල්ල නම්, මෙකල ලිහිණි කිරිල්ල ම බවත්, බරණැස් රජතුමා වූ කලී, ‘මම ම වීමි’යි ද වදාළ සේක.

කුන‍්තිනීජාතකවණ‍්ණනා තතියා.