2. වානරජාතකවණ‍්ණනා 342 අට‍්ඨකථා
2. වානරජාතකවණ‍්ණනා (342)
2. වානර ජාතකය (342)
අසක‍්ඛිං වත අත‍්තානන‍්ති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තස‍්ස වධාය පරිසක‍්කනං ආරබ‍්භ කථෙසි. වත්‍ථු (ජා· අට‍්ඨ· 2.2.සුසුමාරජාතකවණ‍්ණනා) හෙට‍්ඨා විත්‍ථාරිතමෙව.
‘අසක්ඛිං වත අත්තානං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, වධහිංසාවකට උත්සාහ දැරූ දෙව්දතුන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව මීට පෙර විස්තර කරන ලදි.
අතීතෙ පන බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො හිමවන‍්තපදෙසෙ කපියොනියං නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො ගඞ‍්ගාතීරෙ වසි. අථෙකා අන‍්තොගඞ‍්ගායං සංසුමාරී බොධිසත‍්තස‍්ස හදයමංසෙ දොහළං උප‍්පාදෙත්‍වා සංසුමාරස‍්ස කථෙසි. සො “තං කපිං උදකෙ නිමුජ‍්ජාපෙත්‍වා මාරෙත්‍වා හදයමංසං ගහෙත්‍වා සංසුමාරියා දස‍්සාමී”ති චින‍්තෙත්‍වා මහාසත‍්තං ආහ – “එහි, සම‍්ම, අන‍්තරදීපකෙ ඵලාඵලෙ ඛාදිතුං ගච‍්ඡාමා”ති. “කථං, සම‍්ම, අහං ගමිස‍්සාමී”ති. “අහං තං මම පිට‍්ඨියං නිසීදාපෙත්‍වා නෙස‍්සාමී”ති. සො තස‍්ස චිත‍්තං අජානන‍්තො ලඞ‍්ඝිත්‍වා පිට‍්ඨියං නිසීදි. සංසුමාරො ථොකං ගන‍්ත්‍වා නිමුජ‍්ජිතුං ආරභි. අථ නං වානරො “කිංකාරණා, භො, මං උදකෙ නිමුජ‍්ජාපෙසී”ති ආහ. “අහං තං මාරෙත්‍වා තව හදයමංසං මම භරියාය දස‍්සාමී”ති. “දන්‍ධ ත්‍වං මම හදයමංසං උරෙ අත්‍ථීති මඤ‍්ඤසී”ති? “අථ කහං තෙ ඨපිත”න‍්ති? “එතං උදුම‍්බරෙ ඔලම‍්බන‍්තං න පස‍්සසී”ති? “පස‍්සාමි, දස‍්සසි පන මෙ”ති. “ආම, දස‍්සාමී”ති. සංසුමාරො දන්‍ධතාය තං ගහෙත්‍වා නදීතීරෙ උදුම‍්බරමූලං ගතො. බොධිසත‍්තො තස‍්ස පිට‍්ඨිතො ලඞ‍්ඝිත්‍වා උදුම‍්බරරුක‍්ඛෙ නිසින‍්නො ඉමා ගාථා අභාසි –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ හිමාල වනයෙහි වඳුරු කුලයක ඉපිද නිසිවියට පත්ව නදියක් සමීපයෙහි වාසය කරයි. මේ නදියෙහි එක්තරා කිඹුලෙක් සිය බිරිය වන කිඹුලිය සමග ජීවත් වෙයි. ගැබ්බර ව හුන් කිඹුලියට නදිය අසල ජීවත්වන වඳුරාගේ හදවත කන්නට දොළදුකක් ඇතිවිය. ඇය ඒ බව සිය සැමියා වන, කිඹුලාට කීවාය. වඳුරා මරා හදවතේ මස් උපුටා සිය බිරියට දීමට ඉටා ගත් කිඹුලා ඊට උපායක් කල්පනා කොට බලා, බෝසත් වඳුරා වෙත ගොස්, ඔහුට කථාකොට ‘මිත්‍රය, මෙහි එනු මැනවි. මේ ගඟට මැදි වූ දූපතක් ඇත. එහි බොහෝ අඹගස් ඇත. එබැවින් ඇති පදම් අඹ කෑ හැකි යැ’යි කීය. එවිට වඳුරා ‘හිතවත, කැමැත්ත ඇති නමුත්, මම එහි කෙසේ නම් යන්නෙම්දැ’යි ඇසීය. ‘මම මගේ පිට උඩ, නුඹ හිඳුවා ගෙන, එහි ගෙන යන්නෙමි’යි කියා කිඹුලා, තම මිතුරා ඊට එකඟ කර ගත්තේය. කිඹුලාගේ සිතේ වූ නපුරු අදහස් ගැන කිසිත් නොදත් අසරණ වඳුරා, එක්විටම කිඹුලාගේ පිටට පැන, හරි-බැරි ගැසී හිඳ ගත්තේය. වඳුරා පිට තබාගෙන ඉදිරියට පීනා ගිය කිඹුලා මඳ දුරක් ගොස්, ක්‍රමයෙන් වතුරෙහි ගිලෙන්නට පටන් ගත්තේය. ඉන් කලබලයට පත්වූ වඳුරා, ‘පින්වත, මේ කිමද? නුඹ දියේ ගිලෙන්නේ ඇයිදැ’යි ඇසුවේය. ‘මම තා මරා තගේ හද මස් ගෙන, මගේ බිරියට කන්නට දෙන්නෙමි, තා රැගෙන යන්නේ ඒකටය.’ ‘මෝඩ කිඹුලෝ, මගේ හද මස් ඇත්තේ පපුව තුළ යැ’යි නුඹ සිතහිද?’ ‘වඳුරාණෙනි, එසේ වී නම්, එය ඇත්තේ කොතනද?’ ‘අර පෙනෙන උදුම්බර ගසේ එල්ලෙන මගේ හදවත නුඹට නො පෙනේද?’ ‘ඇත්තයි, මට මැනවින් පෙනේ, ඉතින් එය මට දෙන්නෙහිද?’ ‘එසේය, මම එය නුඹට දෙමි’යි වඳුරා කීය. මේ ඇසූ මෝඩ කිඹුලා වඳුරා පිට තබාගෙන ගොස් නදියේ ඉවුර බස්සවා, ඌත් කැටුව ඉහත කී රුක මුලට ගියේය. බෝසත් තෙමේ වහා ගස උඩට නැගගෙන, මෙසේ කීය.
“අසක‍්ඛිං වත අත්තානං, උද්ධාතුං උදකා ථලං; න දානාහං පුන තුය්හං, වසං ගච්ඡාමි වාරිජ.
අසක්ඛිං වත අත්තානං උද්ධාතුං උදකා ථලං, නදානාහං පුන තුය්හං වසං ගච්ඡාමි වාරිජ
කිඹුලාණෙනි, ඒකාන්තයෙන් මම වතුරෙන් ගොඩට පැන ගන්නට සමත් වීමි. දැන් මම නැවත නුඹට හසු නොවෙමි.
“අලමෙතෙහි අම‍්බෙහි, ජම‍්බූහි පනසෙහි ච; යානි පාරං සමුද‍්දස‍්ස, වරං මය‍්හං උදුම‍්බරො.
2. ගඟෙන් එතෙර ඇති අඹ-දඹ-පනා (කොස්) යන මේවායින් වැඩක් නැත. මේ දිඹුල් ගෙඩි මට උතුම්ය.
“යො ච උප‍්පතිතං අත්‍ථං, න ඛිප‍්පමනුබුජ‍්ඣති; අමිත‍්තවසමන්‍වෙති, පච‍්ඡා ච අනුතප‍්පති.
3. යමෙක් ඉදිරිපත් වූ කාරණා වහා හඳුනා නොගනීද? ඔහු සතුරන් අතට පත්වේ. අනතුරුව පසුතැවිලි වේ.
“යො ච උප‍්පතිතං අත්‍ථං, ඛිප‍්පමෙව නිබොධති; මුච‍්චතෙ සත‍්තුසම‍්බාධා, න ච පච‍්ඡානුතප‍්පතී”ති.
4. යමෙක් ඉදිරිපත් වූ කාරණා වහා හඳුනා ගනීද? ඔහු සතුරු උවදුරින් මිදේ. පසුතැවිලි ද නොවේ.
තත්‍ථ අසක‍්ඛිං වතාති සමත්‍ථො වත අහොසිං. උද‍්ධාතුන‍්ති උද‍්ධරිතුං. වාරිජාති සංසුමාරං ආලපති. යානි පාරං සමුද‍්දස‍්සාති ගඞ‍්ගං සමුද‍්දනාමෙනාලපන‍්තො “යානි සමුද‍්දස‍්ස පාරං ගන‍්ත්‍වා ඛාදිතබ‍්බානි, අලං තෙහී”ති වදති. පච‍්ඡා ච අනුතප‍්පතීති උප‍්පන‍්නං අත්‍ථං ඛිප‍්පං අජානන‍්තො අමිත‍්තවසං ගච‍්ඡති, පච‍්ඡා ච අනුතප‍්පති.
මෙහි ‘අසක්ඛිංවත’ යනු ‘ඒකාන්තයෙන් සමතෙක් වීමි’, යන අර්ථයි. ‘උද්ධාතුං’ යනු ‘පැන ගන්නට’ යන අර්ථයි. ‘වාරිජ’ යනු ‘කිඹුලාට ආමන්ත්‍රණය කිරීමයි. ‘යානි පාරං සමුද්දස්ස’ යන මෙහි ‘සමුද්ද’ නාමයෙන් දක්වා ඇත්තේ නදියයි. යම් නදියක එතෙරට ගොස් කෑ යුතු ගෙඩිවලින්, ප්‍රයෝජනයක් නැතැ’යි කියයි. ‘පච්ඡා ච අනුතප්පති’ යනු ‘ඉදිරිපත් වූ කරුණු වහා තේරුම් නො ගන්නා, සතුරන් අතට පත් වෙයි. අනතුරුව පසුතැවිලි වේ’ යන අර්ථයි.
ඉති සො චතූහි ගාථාහි ලොකියකිච‍්චානං නිප‍්ඵත‍්තිකාරණං කථෙත්‍වා වනසණ‍්ඩමෙව පාවිසි.
මෙසේ ඒ වඳුරා ගාථා හතරකින් ගැටළුවක් ඇති වූ විට කටයුතු සිදුකළ යුතු ආකාරය කියා, වනලැහැබට පැන ගත්තේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සංසුමාරො දෙවදත‍්තො අහොසි, වානරො පන අහමෙව අහොසි”න‍්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එදා කිඹුලා නම්, දේවදත්තයාය. වඳුරා වූ කලී ‘මම ම වීමි’ යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
වානරජාතකවණ‍්ණනා දුතියා.