යෙදුමෙන් කියවන්න

10. පුටදූසකජාතකවණ‍්ණනා 280 අට‍්ඨකථා

10. පුටදූසකජාතකවණ‍්ණනා (280)

10. පුටදූසක ජාතකය (280)

අද‍්ධා හි නූන මිගරාජාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං පුටදූසකං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියං කිරෙකො අමච‍්චො බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙත්‍වා උය්‍යානෙ නිසීදාපෙත්‍වා දානං දදමානො “අන‍්තරාභත‍්තෙ උය්‍යානෙ චරිතුකාමා චරන‍්තූ”ති ආහ. භික‍්ඛූ උය්‍යානචාරිකං චරිංසු. තස‍්මිං ඛණෙ උය්‍යානපාලො පත‍්තසම‍්පන‍්නං රුක‍්ඛං අභිරුහිත්‍වා මහන‍්තමහන‍්තානි පණ‍්ණානි ගහෙත්‍වා “අයං පුප‍්ඵානං භවිස‍්සති, අයං ඵලාන”න‍්ති පුටෙ කත්‍වා රුක‍්ඛමූලෙ පාතෙති. තස‍්ස පුත‍්තො දාරකො පාතිතපාතිතං පුටං විද‍්ධංසෙති. භික‍්ඛූ තමත්‍ථං භගවතො ආරොචෙසුං. සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස පුටදූසකොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

අද්ධාහි නූන මිග රාජා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක්, ගොටු කඩා දමන්නෙකු අරභයා වදාළ සේක. සැවැත්නුවර එක් ඇමතියෙක් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්‍ෂු සංඝයාට ආරාධනාකොට උයනෙහි වඩාහිඳුවා දන් දෙමින් දානය අතරතුර උයනෙහි හැසිරෙනු කැමති භික්‍ෂූන් වහන්සේලා හැසිරෙත්වායි කීය. භික්‍ෂූහු උයන් චාරිකාවෙහි හැසිරුණාහ. ඒ අවස්ථාවෙහි උයන්පල්ලා මනාව වැඩුණු කොළවලින් යුක්ත ගසකට නැග ලොකු ලොකු කොළ ගෙන මේවා මල් සඳහාය. මේවා ගෙඩි සඳහායයි කියා ගොටු හදා ගස මුලට හෙළයි. ඔහුගේ ළදරු පුතා වැටුණු වැටුණු ගොටු විනාශ කරයි. භික්‍ෂූහු ඒ කරුණ බුදුරජාණන් වහන්සේට සැළ කළාහුය. බුදුරජාණන් වහන්සේට සැළ කළාහුය. බුදුරජාණන් වහන්සේ, මහණෙනි! දැන් පමණක් නොව පෙරත් මේ තෙමේ ගොටු විනාශ කරන්නෙකියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බාරාණසියං එකස‍්මිං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො අගාරං අජ‍්ඣාවසමානො එකදිවසං කෙනචිදෙව කරණීයෙන උය්‍යානං අගමාසි. තත්‍ථ බහූ වානරා වසන‍්ති. උය්‍යානපාලො ඉමිනාව නියාමෙන පත‍්තපුටෙ පාතෙති, ජෙට‍්ඨවානරො පාතිතපාතිතෙ විද‍්ධංසෙති. බොධිසත‍්තො තං ආමන‍්තෙත්‍වා “උය්‍යානපාලෙන පාතිතපාතිතං පුටං විද‍්ධංසෙත්‍වා මනාපතරං කාතුකාමො මඤ‍්ඤෙ”ති වත්‍වා පඨමං ගාථමාහ –

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක් කැලයක ඉපදී වැඩිවියට පත්ව ගිහිගේ වාසය කරමින් එක්දිනක් කිසියම් කටයුත්තක් සඳහා උයනට ගියහ. එහි බොහෝ වඳුරෝ වාසය කරත්, උයන්පල්ලා මේ ක්‍රමයටම ගොටු හෙළයි. දෙටු වඳුරා දැමූ දැමූ ගොටු විනාශ කරයි. බෝසතාණන් වහන්සේ වඳුරා අමතා උයන්පල්ලා විසින් දැමූ දැමූ ගොටු විනාශ කොට වඩා හොඳින් කරණු කැමැත්තේ යයි හඟින්නෙහියයි කියා

“අද‍්ධා හි නූන මිගරාජා, පුටකම‍්මස‍්ස කොවිදො; තථා හි පුටං දූසෙති, අඤ‍්ඤං නූන කරිස‍්සතී”ති.

අද්ධාහි නූන මිගරාජා පුටකම්මස්ස කොවිදො, තථාහි පුටං දූසෙති අඤ්ඤං නූන කරිස්සති

යන පළමු ගාථාව කීය.

ඒකාන්තයෙන් මෘගරාජයා මල්ගොටු සෑදීමට දක්ෂ යයි හඟිමි. ඒ එසේමය. බිමට දැමූ මල් ගොටු විනාශ කරයි. වඩා මනාප වෙනත් මල්ගොටු කරතියි හඟිමි.

තත්‍ථ මිගරාජාති මක‍්කටං වණ‍්ණෙන‍්තො වදති. පුටකම‍්මස‍්සාති මාලාපුටකරණස‍්ස. කොවිදොති ඡෙකො. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – අයං මිගරාජා එකංසෙන පුටකම‍්මස‍්ස කොවිදො මඤ‍්ඤෙ, තථා හි පාතිතපාතිතං පුටං දූසෙති, අඤ‍්ඤං නූන තතො මනාපතරං කරිස‍්සතීති.

එහි, මිගරාජා යනු වඳුරා වර්ණනා කරමින් කියයි. පුටකම්මස්ස යනු මල්ගොටු කරන්නාට, කොවිදො යනු දක්‍ෂයෙකි. මේ මෙහි කෙටි තේරුමයි. මේ වඳුරා රජා ඒකාන්තයෙන් ගොටු තැනීමේ ක්‍රියාවට දක්‍ෂයෙකැයි හඟිමි. එය එසේමය. බිමට දැමූ දැමූ ගොටු විනාශ කරයි. ඒකාන්තයෙන් ඊට වඩා හොඳ ගොටු කරන්නේ යයි හඟිමි.

තං සුත්‍වා මක‍්කටො දුතියං ගාථමාහ –

ඒ අසා වඳුරා,

“න මෙ මාතා වා පිතා වා, පුටකම‍්මස‍්ස කොවිදො; කතං කතං ඛො දූසෙම, එවං ධම‍්මමිදං කුල”න‍්ති.

න මෙ පිතාවා මාතාවා පුට කම්මස්ස කොවිදො, කතං කතං ඛො දූසෙම එවං ධම්මමිදං කුලං

යන දෙවන ගාථාව කීවේය.

මගේ පියා හෝ මව හෝ මල් ගොටු කිරීමට දක්‍ෂ නොවෙති. කළ කළ දේ නසමු. මේ වඳුරු කුලය මෙබඳු ස්වභාව ඇත්තේය.

තං සුත්‍වා බොධිසත‍්තො තතියං ගාථමාහ –

ඒ අසා බෝසතාණන් වහන්සේ,

“යෙසං වො එදිසො ධම‍්මො, අධම‍්මො පන කීදිසො; මා වො ධම‍්මං අධම‍්මං වා, අද‍්දසාම කුදාචන”න‍්ති.

යෙසං වො එදිසො ධම්මො අධම්මො පන කීදිසො, මා වො ධම්මං අධම්මංවා අද්දසාම කුදාචනං

යන තුන්වන ගාථාව කීහ.

යම් කෙනෙකුගේ ධර්මය මෙසේ නම් (ඔවුන්ගේ) අධර්මය කෙසේ විය හැකිද? තොපගේ ධර්මය හෝ අධර්මය අපි කිසිදිනක නොදකිමු.

එවං වත්‍වා ච පන වානරගණං ගරහිත්‍වා පක‍්කාමි.

මෙසේ කියා වඳුරාට නින්දාකොට ගියහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා වානරො පුටදූසකදාරකො අහොසි, පණ‍්ඩිතපුරිසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල වඳුරා ගොටු විනාශ කළ ළමයා විය. නුවණ ඇති පුරුෂයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

පුටදූසකජාතකවණ‍්ණනා දසමා.

උදපානවග‍්ගො තතියො.

තෙවැනි අරඤ්ඤ වර්ගය නිමියේය.

තස‍්සුද‍්දානං –

උදපානවරං වනබ්‍යග‍්ඝ කපි, සිඛිනී ච බලාක රුචිරවරො; සුජනාධිප රොමක දූස පුන, සතපත‍්තවරො පුටකම‍්ම දසාති.