9. සතපත්තජාතකවණ්ණනා 279 අට්ඨකථා
9. සතපත්තජාතකවණ්ණනා (279)
9. සතපත්ත ජාතකය (279)
යථා මාණවකො පන්ථෙති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො පණ්ඩුකලොහිතකෙ ආරබ්භ කථෙසි. ඡබ්බග්ගියානඤ්හි ද්වෙ ජනා මෙත්තියභූමජකා රාජගහං උපනිස්සාය විහරිංසු, ද්වෙ අස්සජිපුනබ්බසුකා කීටාගිරිං උපනිස්සාය විහරිංසු, පණ්ඩුකලොහිතකා ඉමෙ පන ද්වෙ සාවත්ථිං උපනිස්සාය ජෙතවනෙ විහරිංසු. තෙ ධම්මෙන නීහටං අධිකරණං උක්කොටෙන්ති. යෙපි තෙසං සන්දිට්ඨසම්භත්තා හොන්ති, තෙසං උපත්ථම්භා හුත්වා “න, ආවුසො, තුම්හෙ එතෙහි ජාතියා වා ගොත්තෙන වා සීලෙන වා නිහීනතරා. සචෙ තුම්හෙ අත්තනො ගාහං විස්සජ්ජෙථ, සුට්ඨුතරං වො එතෙ අධිභවිස්සන්තී”තිආදීනි වත්වා ගාහං විස්සජ්ජෙතුං න දෙන්ති. තෙන භණ්ඩනානි චෙව කලහවිග්ගහවිවාදා ච පවත්තන්ති. භික්ඛූ එතමත්ථං භගවතො ආරොචෙසුං. අථ භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛූ සන්නිපාතාපෙත්වා පණ්ඩුකලොහිතකෙ පක්කොසාපෙත්වා “සච්චං කිර තුම්හෙ, භික්ඛවෙ, අත්තනාපි අධිකරණං උක්කොටෙථ, අඤ්ඤෙසම්පි ගාහං විස්සජ්ජෙතුං න දෙථා”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “එවං සන්තෙ, භික්ඛවෙ, තුම්හාකං කිරියා සතපත්තමාණවස්ස කිරියා විය හොතී”ති වත්වා අතීතං ආහරි.
යථා මානවකො පන්ථෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් පණ්ඩුක, ලෝහිතක භික්ෂූන් අරබයා වදාළ සේක. ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා අතුරෙන් මෙත්තිය, භුම්මජක දෙනම රජගහ නුවර ඇසුරුකොට වාසය කළහ. අස්සජී, පුනබ්බසුක දෙනම කීටාගිරිය ඇසුරුකොට වාසය කළහ. පණ්ඩුක, ලෝහිතකම දෙනම සැවැත්නුවර ජේතවනාරාමයෙහි විසූහ. ඔවුහු දැහැමින් සංසිඳවූ අධිකරණයක් අභියාචනයට ලක් කරති. පණ්ඩිත ලෝහිතක දෙදෙනා තමන්ට හිතවත් භික්ෂූන් වෙත එළඹ උපකාර කරන්නන් බවට පත්ව “ඇවැත්නි. ඔබවහන්සේලා (මෙම අධිකරණය විසඳූ) භික්ෂූන්ට වඩා ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ සීලයෙන් හෝ පහත් නොවෙති. (ඒ නඩුව) ඔබවහන්සේලා තම තමන්ගේ මතයට (අදහසට) අනුව විසඳනු මැනවි. එය ඔබවහන්සේලාට වඩාත් යහපත්ය. එයින් ඒ භික්ෂූන් මැඩපවත්වන්නාහුද වෙති” යනාදිය කියමින් එම භික්ෂූන්ට (මුලින් දෙන ලද තීන්දුව නොපිළිගැනීම් වශයෙන් ගෙන ගෙන ඇති) මතය ඉවත දැමීමට ඉඩ නොදෙති. එහෙයින් භණ්ඩන (දබර = තම පාක්ෂිකයන් අතර කෙරෙන කතාබහ) කලහ (ගහබැණ ගැනීම්) විග්ගහ (විවිධ මතවලට බැසගැනීම්) විවාද (කලහයක් ඇතිවීමට අදාළ විවිධ කතා) ඇතිවෙයි. භික්ෂූහු මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළකළාහුය. උන්වහන්සේ මේ කාරණාවෙහි මේ සිද්ධියෙහි භික්ෂූන් රැස්කරවා පණ්ඩුක ලෝහිතක භික්ෂු දෙනම කැඳවා මහණෙනි! ඇත්තද? තෙපි තමන් විසින් දැහැමි නඩු තීන්දු වෙනස් කරව්ද? අන් අයට තම මතය ඉවත් කිරීමට නොදෙන්නාහුදැයි විමසා ස්වාමීනි! ඇත්තයි කී කල්හි, එසේනම් මහණෙනි! තොපගේ මේ ක්‍රියාවත් හරියට කෑරලාගේ බස් අසා ක්‍රියා කළ මානවකයාගේ ක්‍රියාවට සමානයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො අඤ්ඤතරස්මිං කාසිගාමකෙ එකස්මිං කුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො කසිවණිජ්ජාදීහි ජීවිකං අකප්පෙත්වා පඤ්චසතමත්තෙ චොරෙ ගහෙත්වා තෙසං ජෙට්ඨකො හුත්වා පන්ථදූහනසන්ධිච්ඡෙදාදීනි කරොන්තො ජීවිකං කප්පෙසි. තදා බාරාණසියං එකො කුටුම්බිකො එකස්ස ජානපදස්ස කහාපණසහස්සං දත්වා පුන අග්ගහෙත්වාව කාලමකාසි. අථස්ස භරියා අපරභාගෙ ගිලානා මරණමඤ්චෙ නිපන්නා පුත්තං ආමන්තෙත්වා “තාත, පිතා තෙ එකස්ස සහස්සං දත්වා අනාහරාපෙත්වාව මතො, සචෙ අහම්පි මරිස්සාමි, න සො තුය්හං දස්සති, ගච්ඡ නං මයි ජීවන්තියා ආහරාපෙත්වා ගණ්හා”ති ආහ. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා තත්ථ ගන්ත්වා කහාපණෙ ලභි. අථස්ස මාතා කාලකිරියං කත්වා පුත්තසිනෙහෙන තස්ස ආගමනමග්ගෙ ඔපපාතිකසිඞ්ගාලී හුත්වා නිබ්බති.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ගොවිතැන් කරන එක් ගමෙක එක් කුලයක ඉපදි වැඩිවියට පැමිණියේ ගොවිතැන් වෙළහෙළදාම් ආදියෙන් ජීවිතය නොගෙවා පන්සියයක් පමණ සොරුන් ගෙන ඔවුන්ගේ නායකයා වී මංපැහැරීම්, ගෙවල් බිදීම් ආදිය කරමින් දිවි ගෙව්වේය. එකල බරණැස් නුවර එක් කෙළඹි පුත්‍රයෙක් එක්තරා ජනපදවැසියෙකුට කහවණු දහසක් දී නැවත ලබා නොගෙනම කලුරිය කළේය. ඉක්බිති ඔහුගේ බිරිඳ පසුකලෙක ගිලන් වී මරණාසන්නව ඇඳෙහි සිටිමින් පුතා අමතා දරුව! නුඹේ පියා එක් අයෙකුට කහවණු දහසක් දී ආපසු ගෙන්වා නොගෙනම මළේය. ඉදින් මමද මැරුණෙම් නම් ඔහු ඔබට නොදෙයි. ඔහු වෙතට යන්න. මම ජීවත්ව සිටියදීම ඒ කහවණු ගෙන්වා ගන්නැයි කීවාය. ඔහු යහපතැයි එහි ගොස් ඒ කහවණු දහස ලබාගත්තේය. ඉක්බිති මොහුගේ මව මියගොස් දරු සෙනෙහසින්ම ඔහු එන මාර්ගයෙහි ඕපපාතිකව හිවලියක් වී උපන්නාය.
තදා සො චොරජෙට්ඨකො මග්ගපටිපන්නෙ විලුම්පමානො සපරිසො තස්මිං මග්ගෙ අට්ඨාසි. අථ සා සිඞ්ගාලී පුත්තෙ අටවීමුඛං සම්පත්තෙ “තාත, මා අටවිං අභිරුහි, චොරා එත්ථ ඨිතා, තෙ තං මාරෙත්වා කහාපණෙ ගණ්හිස්සන්තී”ති පුනප්පුනං මග්ගං ඔච්ඡින්දමානා නිවාරෙති. සො තං කාරණං අජානන්තො “අයං කාළකණ්ණී සිඞ්ගාලී මය්හං මග්ගං ඔච්ඡින්දතී”ති ලෙඩ්ඩුදණ්ඩං ගහෙත්වා මාතරං පලාපෙත්වා අටවිං පටිපජ්ජි. අථෙකො සතපත්තසකුණො “ඉමස්ස පුරිසස්ස හත්ථෙ කහාපණසහස්සං අත්ථි, ඉමං මාරෙත්වා තං කහාපණං ගණ්හථා”ති විරවන්තො චොරාභිමුඛො පක්ඛන්දි. මාණවො තෙන කතකාරණං අජානන්තො “අයං මඞ්ගලසකුණො, ඉදානි මෙ සොත්ථි භවිස්සතී”ති චින්තෙත්වා “වස්ස, සාමි, වස්ස, සාමී”ති වත්වා අඤ්ජලිං පග්ගණ්හි.
එකල ඒ සොරදෙටුවා මගට පිළිපන් අය පැහැර ගනිමින් (නසමින්) පිරිවර සහිතව ඒ මග සිටියේය. ඉක්බිති ඒ හිවල් දෙන පුතා කැලෑව අසලට පැමිණි කල්හි දරුව! කැලෑවට ඇතුළු නොවන්න. මෙහි සොරු සිටින්නාහ. ඔවුන් නුඔ මරා කහවණු ගන්නාහුයයි කියා නැවත නැවතත් මග අවුරමින් වලක්වන්නීය. හෙතෙම ඒ කරුණ නොදන්නේ මේ කාලකන්නි හිවල් දෙන මාගේ මාර්ගය හරස් කරන්නේ යයි දණ්ඩක් ගෙන මව පලවා හැර කැලයට පිළිපන්නේය. ඉක්බිති එක් කෑරලෙක් මේ පුරුෂයාගේ අතෙහි කහවණු දහසක් ඇත. මොහු මරා ඒ කහවණු ගනිව් යයි කෑගසමින් සොරු ඉදිරියට පියාඹා ගියේය. මානවකයා කෑරලා කළ ක්‍රියාව නොදන්නේ මේ මංගල (යහපත්) කුරුල්ලා දැන් මට යහපතක් වන්නේ යයි සිතා තවත් හඬව තවත් හඬවයි ස්වාමීනි! දෑත් එක්කොට නළලෙහි තබා ගත්තේය.
බොධිසත්තො සබ්බරුතඤ්ඤූ තෙසං ද්වින්නං කිරියං දිස්වා චින්තෙසි – ඉමාය සිඞ්ගාලියා එතස්ස මාතරා භවිතබ්බං, තෙන සා “ඉමං මාරෙත්වා කහාපණෙ ගණ්හන්තී”ති භයෙන වාරෙති. ඉමිනා පන සතපත්තෙන පච්චාමිත්තෙන භවිතබ්බං, තෙන සො “ඉමං මාරෙත්වා කහාපණෙ ගණ්හථා”ති අම්හාකං ආරොචෙසි. අයං පන එතමත්ථං අජානන්තො අත්ථකාමං මාතරං තජ්ජෙත්වා පලාපෙසි, අනත්ථකාමස්ස සතපත්තස්ස “අත්ථකාමො මෙ”ති සඤ්ඤාය අඤ්ජලිං පග්ගණ්හාති, අහො වතායං බාලොති . බොධිසත්තානඤ්හි එවං මහාපුරිසානම්පි සතං පරසන්තකග්ගහණං විසමපටිසන්ධිග්ගහණවසෙන හොති, “නක්ඛත්තදොසෙනා”තිපි වදන්ති.
බෝසතාණන් වහන්සේ හැම සතුන්ගේ හඬ දන්නේ ඒ දෙන්නාගේ (හිවලී සහ කෑරලා) ක්‍රියා දැක සිතූහ. මේ හිවලිය මොහුගේ මව විය යුතුයි. හිවලී සොරු විසින් මොහු මරා කහවණු ගනිත් යයි බියෙන් වැළැක්වූවාය. මේ කෑරලා මොහුගේ සතුරා විය යුතුයි. ඒ නිසා හෙතෙම මොහු මරා කහවණු ගනිව් යයි සැලකළේය. මානවකයා වනාහි ඒ බව නොදන්නේ අභිවෘද්ධිය කැමති මවට තර්ජනය කොට පලවා හැරියේය. අනර්ථය කාමිත කෑරලාගේ කීමට අභිවෘද්ධිදායක යයි හැඟීමෙන් දොහොත් මුදුනේ තබා ගත්තේය. අනේ! මේ තෙමේ ඒකාන්තයෙන් බාලයෙකි. මෙසේ සත්පුරුෂ, මහාපුරුෂ බෝසත්වරුන් විසින් අන්සතු දේ ගැනිම විසම (අයහපත්) ප්රතිසන්ධි වශයෙන් සිදුවෙයි. නැකැත් දෝෂයෙන් සිදුවෙතියිද කියති.
මාණවො ආගන්ත්වා චොරානං සීමන්තරං පාපුණි. බොධිසත්තො තං ගාහාපෙත්වා “කත්ථ වාසිකොසී”ති පුච්ඡි. “බාරාණසිවාසිකොම්හී”ති. “කහං අගමාසී”ති? “එකස්මිං ගාමකෙ සහස්සං ලද්ධබ්බං අත්ථි, තත්ථ අගමාසි”න්ති. “ලද්ධං පන තෙ”ති? “ආම, ලද්ධ”න්ති . “කෙන ත්වං පෙසිතොසී”ති? “සාමි, පිතා මෙ මතො, මාතාපි මෙ ගිලානා, සා ‘මයි මතාය එස න ලභිස්සතී’ති මඤ්ඤමානා මං පෙසෙසී”ති. “ඉදානි තව මාතු පවත්තිං ජානාසී”ති? “න ජානාමි, සාමී”ති. “මාතා තෙ තයි නික්ඛන්තෙ කාලං කත්වා පුත්තසිනෙහෙන සිඞ්ගාලී හුත්වා තව මරණභයභීතා මග්ගං තෙ ඔච්ඡින්දිත්වා තං වාරෙසි, තං ත්වං තජ්ජෙත්වා පලාපෙසි, සතපත්තසකුණො පන තෙ පච්චාමිත්තො. සො ‘ඉමං මාරෙත්වා කහාපණෙ ගණ්හථා’ති අම්හාකං ආචික්ඛි, ත්වං අත්තනො බාලතාය අත්ථකාමං මාතරං ‘අනත්ථකාමා මෙ’ති මඤ්ඤසි, අනත්ථකාමං සතපත්තං ‘අත්ථකාමො මෙ’ති. තස්ස තුම්හාකං කතගුණො නාම නත්ථි, මාතා පන තෙ මහාගුණා, කහාපණෙ ගහෙත්වා ගච්ඡා”ති විස්සජ්ජෙසි.
මානවකයා අවුත් සොරුන් අතරට පැමිණියේය. බෝසතාණෝ ඔහු අල්ලාගෙන කොහි වසන කෙනෙක්දැයි විචාළහ. මම බරණැස් නුවර වැසියෙක්මි. කොහි සිට මෙහි ආවෙහිද? එක් ගමකින් ලැබිය යුතු කහවණු දහසක් ඇත. එහි ගියෙමියි කීය. ඔබ විසින් අප ලබන ලද්දේද එසේය ලබන ලදි. කවරෙකු විසින් ඔබ යවන ලද්දෙහිද? ස්වාමීනි! මගේ පියා මළේය. මවද ගිලන්ය. ඈ “මා මැරුණු කල්හි මේ ණය මුදල් ආපසු නොලැබෙන්නේ ය”යි සිතමින් මා යැව්වායි කීය. දැන් නුඹේ මවගේ පැවැත්ම දන්නෙහිද? නොදනිමි ස්වාමීනි! නුඹේ මව නුඹ නික්මුණු කල්හි කලුරිය කොට පුත් සෙනෙහසින් හිවලියක් වී ඉපිද නුඹ මරාවි යන බියෙන් නුඹ එන මග අවුරා වැළැක්වූවාය. නුඹ ඇයට තර්ජනය කොට පලවා හැරියෙහිය. කෑරලා වනාහි නුඹේ සතුරාය. ඌ නුඹ මරා කහවණු ගනිව් යයි අපට කීවේය. නුඹ තමන්ගේ මෝඩකම නිසා, අභිවෘද්ධිය කැමති මව මගේ අභිවෘද්ධිය අනර්ථකාරියයි සිතුවෙහිය. අනර්ථය කැමති කෑරලා මගේ අභිවෘද්ධිය කැමැත්තෙකැයි සිතුවෙහිය. කෑරලා විසින් ඹබට කළ ගුණයක් නම් නැත. නුඹේ මව වනාහි මහා ගුණ ඇත්තීය. කහවණු රැගෙන යවයි අතහැරියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා අභිසම්බුද්ධො හුත්වා ඉමා ගාථා අවොච –
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා,
“යථා මාණවකො පන්ථෙ, සිඞ්ගාලිං වනගොචරිං; අත්ථකාමං පවෙදෙන්තිං, අනත්ථකාමාති මඤ්ඤති; අනත්ථකාමං සතපත්තං, අත්ථකාමොති මඤ්ඤති.
යථා මානවකො පන්ථෙ සිගාලිං වනගොචරි, අත්ථකාමං පවෙදන්තිං අනත්ථකාමාති මඤ්ඤති, අනත්ථකාමං සතපත්තං අත්ථකාමොති මඤිඤති
“එවමෙව ඉධෙකච්චො, පුග්ගලො හොති තාදිසො; හිතෙහි වචනං වුත්තො, පටිග්ගණ්හාති වාමතො.
එවමෙව ඉධෙකච්චො පුග්ගලො හොති තාදිසො, පිතෙහි වචනං වුත්තො පති ගණ්හාති වාමතො.
“යෙ ච ඛො නං පසංසන්ති, භයා උක්කංසයන්ති වා; තඤ්හි සො මඤ්ඤතෙ මිත්තං, සතපත්තංව මාණවො”ති.
යෙච ඛො තං පසංසන්ති භයා උක්කංසයන්ති ච, තං හි සො මඤ්ඤතෙ මිත්තං සතපත්තංව මාණවො
යන මේ ගාථා වදාළහ.
යම්සේ මාර්ගයෙහි සිටි මානවකයා වනයෙහි හැසිරෙන යහපත කැමතිව කියන හිවල් දෙන අවැඩ කැමතියකැයි සිතාද අවැඩ කැමති කෑරලා වැඩ කැමැත්තෙකැයි සිතා ද,
එලෙසම මොලොව ඇතැම් පුද්ගලයෙකු එබඳු වේ. යහපත කැමති අය විසින් කියන ලද වචනය නොකළයුතු දෙයක් ලෙස පිළිගත්තේය. යම් කෙනෙක් බිය නිසා ඔහු පසසත්ද හුවා දක්වත්ද, ඔවුන් මිතුරු යයි හෝ සිතයි. කෑරලාගේ බස විශ්වාස කළ මානවකයා මෙනි.
තත්ථ හිතෙහීති හිතං වුඩ්ඪිං ඉච්ඡමානෙහි. වචනං වුත්තොති හිතසුඛාවහං ඔවාදානුසාසනං වුත්තො. පටිග්ගණ්හාති වාමතොති ඔවාදං අගණ්හන්තො “අයං මෙ න අත්ථාවහො හොති, අනත්ථාවහො මෙ අය”න්ති ගණ්හන්තො වාමතො පටිග්ගණ්හාති නාම.
එහි, හිතෙහි හිතවත්කමක් අභිවෘද්ධියක් කැමති වන්නන් විසින් වචනං වුත්තො යන හිතසුව එළවන අවවාද අනුශාසනා කියන ලද්දේ. පතිගණ්හාති වාමතො යනු අවවාද නොපිළිගන්නා වූ තැනැත්තා, මට මොහු යහපතක් ගෙන දෙන්නෙක් නොවෙයි. මේ තෙමේ මට අයහපතක් ගෙන දෙන්නෙකි යනුවෙන් පිළිගන්නා තැනැත්තා වමතින් පිළිගනී නම් වේ.
යෙ ච ඛො නන්ති යෙ ච ඛො තං අත්තනො ගාහං ගහෙත්වා ඨිතපුග්ගලං “අධිකරණං ගහෙත්වා ඨිතෙහි නාම තුම්හාදිසෙහි භවිතබ්බ”න්ති වණ්ණෙන්ති. භයා උක්කංසයන්ති වාති ඉමස්ස ගාහස්ස විස්සට්ඨපච්චයා තුම්හාකං ඉදඤ්චිදඤ්ච භයං උප්පජ්ජිස්සති, මා විස්සජ්ජයිත්ථ, න එතෙ බාහුසච්චකුලපරිවාරාදීහි තුම්හෙ සම්පාපුණන්තීති එවං විස්සජ්ජනපච්චයා භයං දස්සෙත්වා උක්ඛිපන්ති. තඤ්හි සො මඤ්ඤතෙ මිත්තන්ති යෙ එවරූපා හොන්ති, තෙසු යංකිඤ්චි සො එකච්චො බාලපුග්ගලො අත්තනො බාලතාය මිත්තං මඤ්ඤති, “අයං මෙ අත්ථකාමො මිත්තො”ති මඤ්ඤති. සතපත්තංව මාණවොති යථා අනත්ථකාමඤ්ඤෙව සතපත්තං සො මාණවො අත්තනො බාලතාය “අත්ථකාමො මෙ”ති මඤ්ඤති, පණ්ඩිතො පන එවරූපං “අනුප්පියභාණී මිත්තො”ති අගහෙත්වා දූරතොව නං විවජ්ජෙති. තෙන වුත්තං –
යෙච ඛො නං යනු යමෙක්, තමාගේ ඒ මතය ගෙන සිටි පුද්ගලයාව විසඳිය යුතු කරුණක් ඇතිව සිටින පුද්ගලයන් නම් ඔබ වැන්නවුන් සේ විය යුතුය” යි කියා වර්ණනා කරත්. භයා උක්කංසයන්ත ච යනු මේ මතය නිසා ඔබලාට මේ මේ භය උපදින්නේය. මතය නොවිසඳන්න - ඔවුහු බහුශ්‍රැත කුල ආදිය පිරිවරාගෙන ඔබලා වෙත නොපැමිණෙති යනුවෙන් විසඳීම නිසා ඇතිවන භය උගත්කම, කුල පිරිවර ඇති බැවින් තෙපි තංහි සො මඤ්ඤතෙ මිත්තනති යමෙක් මෙබඳු ස්වරූප ඇතිවෙත්ද ඔවුන් කෙරෙහි යම් කිසිවක් ඒ එක්තරා මෝඩ පුද්ගලයෙක් තමන්ගේ මෝඩකම නිසා මිත්‍රයෙක් යයි හඟියි. මේ තෙමේ මට අභිවෘද්ධිය කැමති මිත්රයෙකැයි හඟියි. පිළිගනියි. සතපත්තංව මාණවොති යම්සේ අනර්ථයක් කැමති වන නිසාම කෑරලාට ඒ මානවකයා තමන්ගේ අඥානකම නිසා මට අභිවෘද්ධිය කැමැත්තෙකැයි හඟියි. නුවණ ඇත්තා වනාහි මෙසේ ඉච්ඡා බස් කියන මිත්‍රයෙක් යයි නොගෙන ඔහු දුරින්ම දුරු කරයි. ඒ නිසා කියන ලදි.
“අඤ්ඤදත්ථුහරො මිත්තො, යො ච මිත්තො වචීපරො; අනුප්පියඤ්ච යො ආහ, අපායෙසු ච යො සඛා.
අඤ්ඤදත්ථුහරො. මිත්තො යොච මිත්තො වචීපරො, අනුප්පියඤ්ච යො ආහ අපායෙසුච යො සඛා
“එතෙ අමිත්තෙ චත්තාරො, ඉති විඤ්ඤාය පණ්ඩිතො; ආරකා පරිවජ්ජෙය්ය, මග්ගං පටිභයං යථා”ති. (දී· නි· 3.259);
එතෙ අමිත්තෙ චත්තාරො ඉති විඤ්ඤාය පණ්ඩිතො, ආරකා පරිවජ්ජෙය්ය මග්ගං පටිභයං යථාති
අඤ්ඤදත්ථුහර මිත්‍රයා (හිස් අතින් පැමිණ ඒකාන්තයෙන් යමක් ගෙනයන මිතුරා)වචීපරම මිත්‍රයා (වචනයෙන් පමණක් උදව් කරන මිතුරා)අනුපියභානී මිත්‍රයා (හොඳ නරක දෙකම අනුමත කරන)අපායසහායී මිත්‍රයා (අපායගාමී වීමට මග සාදන)
මේ මිත්‍රයන් සතරදෙනා නුවණ ඇති තැනැත්තා හොඳින් හඳුනාගෙන උවදුරු ඇති මාර්ගයක් දුරුකරන්නා සේ දුරු කරන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා චොරජෙට්ඨකො අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව විස්තරකොට වදාරා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල සොරදෙටුවා මම ම වූයෙමි යි වදාළ සේක.
සතපත්තජාතකවණ්ණනා නවමා.