8. මහිංසරාජජාතකවණ්ණනා 278 අට්ඨකථා
8. මහිංසරාජජාතකවණ්ණනා (278)
8. මහිස ජාතකය (278)
කිමත්ථමභිසන්ධායාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං ලොලමක්කටං ආරබ්භ කථෙසි. සාවත්ථියං කිර එකස්මිං කුලෙ එකො පොසාවනියලොලමක්කටො හත්ථිසාලං ගන්ත්වා එකස්ස සීලවන්තස්ස හත්ථිස්ස පිට්ඨියං නිසීදිත්වා උච්චාරපස්සාවං කරොති, පිට්ඨියං චඞ්කමති. හත්ථී අත්තනො සීලවන්තතාය ඛන්තිසම්පදාය න කිඤ්චි කරොති. අථෙකදිවසං තස්ස හත්ථිස්ස ඨානෙ අඤ්ඤො දුට්ඨහත්ථිපොතො අට්ඨාසි. මක්කටො “සොයෙව අය”න්ති සඤ්ඤාය දුට්ඨහත්ථිස්ස පිට්ඨිං අභිරුහි. අථ නං සො සොණ්ඩාය ගහෙත්වා භූමියං ඨපෙත්වා පාදෙන අක්කමිත්වා සඤ්චුණ්ණෙසි. සා පවත්ති භික්ඛුසඞ්ඝෙ පාකටා ජාතා. අථෙකදිවසං භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, ලොලමක්කටො කිර සීලවන්තහත්ථිසඤ්ඤාය දුට්ඨහත්ථිපිට්ඨිං අභිරුහි, අථ නං සො ජීවිතක්ඛයං පාපෙසී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙවෙස, ලොලමක්කටො එවංසීලො, පොරාණතො පට්ඨාය එවංසීලොයෙවා”ති වත්වා අතීතං ආහරි.
කමත්ථ මහිසන්ධාය යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක් කෑදර වඳුරෙකු අරබයා වදාළ සේක. සැවැත් නුවර එක් කුල ගෙදරක හදාවඩා ගන්නා එක් කෙලිලොල් වඳුරෙක් ඇත්හළට ගොස් එක් හීලෑ ඇතෙකුගේ පිටෙහි හිඳගෙන මලමුත්‍රා පහකරයි. පිටෙහි සක්මන් කරයි. ඇතා තමන්ගේ සිල්වත් බැවින්ද ඉවසිලිවන්ත බැවින් කිසිවක් නොකරයි. ඉක්බිති එක්දිනක් ඒ ඇතා සිටි තැන වෙනත් නපුරු ඇත් පැටවෙක් සිටියේය. වඳුරා මේ ඒ (පළමු) ඇතාමයයි යන හැඟීමෙන් නපුරු ඇතාගේ පිටට නැග්ගේය. එවිට ඇතා වඳුරා හොඬවැලෙන් ගෙන බිම තබා පයින් පාගා පොඩි කළේය. ඒ පුවත භික්ෂු සංඝයා අතර ප්‍රකට විය. පසුව එක්දිනක භික්ෂූහුද දම්සභාවෙහිදී “ඇවැත්නි! කෑදර වඳුරා වනාහි හික්මුණු ඇතාය යන හැඟීමෙන් දුෂ්ට ඇතු පිටට නැග්ගේය. ඉක්බිති ඇතා වඳුරා මරණයට පත් කළේය යනුවෙන් කථාව මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා, මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවෙන් යැයි කී කල්හි මහණෙනි! කෑදර වඳුරා මෙබඳු ස්වභාව ඇත්තේ දැන් පමණක් නොව පෙර පටන්ම මෙබඳු ස්වභාව ඇත්තේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො හිමවන්තපදෙසෙ මහිංසයොනියං නිබ්බත්තිත්වා වයප්පත්තො ථාමසම්පන්නො මහාසරීරො පබ්බතපාදපබ්භාරගිරිදුග්ගවනඝටෙසු විචරන්තො එකං ඵාසුකං රුක්ඛමූලං දිස්වා ගොචරං ගහෙත්වා දිවා තස්මිං රුක්ඛමූලෙ අට්ඨාසි. අථෙකො ලොලමක්කටො රුක්ඛා ඔතරිත්වා තස්ස පිට්ඨිං අභිරුහිත්වා උච්චාරපස්සාවං කත්වා සිඞ්ගෙ ගණ්හිත්වා ඔලම්බන්තො නඞ්ගුට්ඨෙ ගහෙත්වා දොලායන්තොව කීළි. බොධිසත්තො ඛන්තිමෙත්තානුද්දයසම්පදාය තං තස්ස අනාචාරං න මනසාකාසි, මක්කටො පුනප්පුනං තථෙව කරි. අථෙකදිවසං තස්මිං රුක්ඛෙ අධිවත්ථා දෙවතා රුක්ඛක්ඛන්ධෙ ඨත්වා නං “මහිංසරාජ කස්මා ඉමස්ස දුට්ඨමක්කටස්ස අවමානං සහසි, නිසෙධෙහි න”න්ති වත්වා එතමත්ථං පකාසෙන්තී පුරිමා ද්වෙ ගාථා අවොච –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ හිමාලය වන පෙදෙසෙහි මී ගව යෝනියෙහි ඉපදී වැඩිවියට පත්ව ශක්තිමත්ව මහ සිරුරක් ඇතිව පර්වත බෑවුම්, පර්වත ගුහා, ගිරි දුර්ග (ගමන දුෂ්කර) දුර්ග වන ලැහැබ්වල හැසිරෙමින් එක් සුවපහසු ගසක් මුල දැක ආහාර ගෙන දවල් ඒ ගස මුල සිටියහ. ඉක්බිති එක් කෑදර වඳුරෙක් ගසෙන් බැස ඌගේ පිටට නැගී මල මුත්‍රාකොට අඟින් අල්ලාගෙන එල්ලෙමින් වලිගය ගෙන පැද්දෙමින් ක්‍රීඩා කළේය. බෝසතාණන් වහන්සේ ඉවසීමෙන්, මෛත්‍රියෙන්, දයාවෙන් යුක්තව වඳුරාගේ ඒ නරක හැසිරීම් මෙනෙහි නොකළේය. වඳුරා නැවත නැවතත් එසේම කරයි. ඉක්බිති එක්දිනක් ඒ ගසෙහි අධිගෘහිත දේවතාවා රුක් කඳෙහි සිට මීගවයාට “මීගවරජුනි” කුමක් නිසා මේ දුෂ්ට වඳුරාගේ අවමන් ඉවසන්නෙහිද? ඌ වළක්වන්නැයි කියා මේ අදහස ප්‍රකාශ කරමින්,
“කිමත්ථමභිසන්ධාය, ලහුචිත්තස්ස දුබ්භිනො; සබ්බකාමදදස්සෙව, ඉමං දුක්ඛං තිතික්ඛසි.
කමත්ථ මභිසන්ධාය ලහුචිත්තස්ස දූභිනෙ, සබ්බකාම දුහස්සෙව ඉමං දුක්ඛං තිතික්ඛසි
“සිඞ්ගෙන නිහනාහෙතං, පදසා ච අධිට්ඨහ; භිය්යො බාලා පකුජ්ඣෙය්යුං, නො චස්ස පටිසෙධකො”ති.
සිංගෙන නිහනාහෙතං පදසා ච අධිට්ඨහ, භීයො බාලා පකුජ්ඣෙය්යුං නොචස්ස පටිසෙධ කො
යන පළමු ගාථා දෙක කීවේය.
සැහැල්ලු සිතැති මිත්‍ර ද්‍රෝහියාගේ මේ දුක් කරදර කැමති හැමදේ දෙන ස්වාමියෙකු කරන දෙයක් සේ සිතා කවර හෙයින් ඉවසා සිටින්නෙහිද?
මොහු අඟින් ඇන නසන්න. පාදයෙන් පාගා දමන්න වැළකීමට කෙනෙක් නැත්නම් මෝඩයෝ බොහෝ කිපෙන්නාහ.
තත්ථ කිමත්ථමභිසන්ධායාති කිං නු ඛො කාරණං පටිච්ච කිං සම්පස්සමානො. දුබ්භිනොති මිත්තදුබ්භිස්ස. සබ්බකාමදදස්සෙවාති සබ්බකාමදදස්ස සාමිකස්ස ඉව. තිතික්ඛසීති අධිවාසෙසි. පදසා ච අධිට්ඨහාති පාදෙන ච නං තිණ්හඛුරග්ගෙන යථා එත්ථෙව මරති, එවං අක්කම. භිය්යො බාලාති සචෙ හි පටිසෙධකො න භවෙය්ය, බාලා අඤ්ඤාණසත්තා පුනප්පුනං කුජ්ඣෙය්යුං ඝට්ටෙය්යුං විහෙඨෙය්යුං එවාති දීපෙති.
එහි, කමත්ථම්භි සන්ධාය යනු කුමක කාරණාවක් හේතුකොටගෙන කුමක් දකිමින්, දූභිනො යනු මිත්රද්රෝහියාට, සබ්බකාම දුහස්සෙව යනු සියලු කාම සම්පත් දෙන්නා වූ ස්වාමියෙකුගේ (හිරිහැර කිරීමක්) මෙන්. තිතික්ඛසි යනු ඉවසුවෙහිය. පදසාච අධිටඨහ යනු පාදයෙන් ද ඌට තියුණු කුර අගින්ද මෙතැනම මැරෙන ලෙස ඌ පාගා දමන්න. භීයෝ බාලා යනු ඉදින් වළක්වන්නෙක් නොවන්නේ නම් මෝඩ අඥාන සත්ත්වයෝ නැවත නැවතත් කිපෙන්නාහුය. ගැටෙන්නාහුය. වෙහෙසට පමුණුවන්නාහුම යයි දක්වයි.
තං සුත්වා බොධිසත්තො “රුක්ඛදෙවතෙ, සචාහං ඉමිනා ජාතිගොත්තබලාදීහි අධිකො සමානො ඉමස්ස දොසං න සහිස්සාමි, කථං මෙ මනොරථො නිප්ඵත්තිං ගමිස්සති. අයං පන මං විය අඤ්ඤම්පි මඤ්ඤමානො එවං අනාචාරං කරිස්සති, තතො යෙසං චණ්ඩමහිංසානං එස එවං කරිස්සති , එතෙයෙව එතං වධිස්සන්ති. සා තස්ස අඤ්ඤෙහි මාරණා මය්හං දුක්ඛතො ච පාණාතිපාතතො ච විමුත්ති භවිස්සතී”ති වත්වා තතියං ගාථමාහ –
ඒ අසා බෝසතාණන් වහන්සේ රුක් දෙවිය! ඉදින් මම මේ ජාති, ගෝත්‍ර, බල ආදියෙන් වැඩි වූ කෙනෙක් වී මොහුගේ දොස් නොඉවසන්නෙම්ද, කෙසේ මගේ මනදොළ නිමාවට යන්නේද, මේ වඳුරා වනාහි මා වගේ අනිත් අය ගැනත් සිතමින් මෙසේ නරක හැසිරීම් කරන්නේද, නපුරු මීගවයන්ට මූ මෙසේ කරන්නේද, ඒ මීගවයෝම මූ මරා දමයි. මූට අන්‍යයන් කෙරෙන් ඒ මරණය වන්නේය. දුකෙන්ද, ප්‍රාණ ඝාතයෙන්ද මගේ මිදීම වන්නේයයි කියා
“මමෙවායං මඤ්ඤමානො, අඤ්ඤෙපෙවං කරිස්සති; තෙ නං තත්ථ වධිස්සන්ති, සා මෙ මුත්ති භවිස්සතී”ති.
මමෙවායං මඤ්ඤමානො අඤ්ඤම්පෙවං කරිස්සති, තෙ තං තත්ථ වධිස්සන්ති සාමෙ මුත්ති භවිස්සති
යන තෙවන ගාථාව කිහ.
මේ තෙමේ (සෙස්සන්) මා මෙන් යයි සිතමින් සෙස්සන්ටද මෙසේ කරන්නේය. ඔවුහු එහිදී ඒ වඳුරා මරන්නෝය. මට ඒ පවින් මිදීම වන්නේය.
කතිපාහච්චයෙන පන බොධිසත්තො අඤ්ඤත්ථ ගතො. අඤ්ඤො චණ්ඩමහිංසො තත්ථ ආගන්ත්වා අට්ඨාසි. දුට්ඨමක්කටො “සොයෙව අය”න්ති සඤ්ඤාය තස්ස පිට්ඨිං අභිරුහිත්වා තථෙව අනාචාරං චරි. අථ නං සො විධුනන්තො භූමියං පාතෙත්වා සිඞ්ගෙන හදයෙ විජ්ඣිත්වා පාදෙහි මද්දිත්වා සඤ්චුණ්ණෙසි.
කීප දිනකින් බෝසතාණන් වහන්සේ අන් තැනකට ගිය සේක. වෙනත් නපුරු මී ගවයෙක් එතනට අවුත් සිටියේය. දුෂ්ට වඳුරා මේ ඔහුම ය යන හැඟීමෙන් ඌ පිටට පැන එසේම අනාචාරීව හැසුරුණේය. ඉක්බිති ඒ ගවයා ඇඟ සොලවා වඳුරා බිම දමා අඟින් ඇන පපුව හිල්කර පයින් මැඩ පොඩිකර දැමුවේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි – “තදා දුට්ඨමහිංසො අයං දුට්ඨහත්ථී අහොසි, දුට්ඨමක්කටො එතරහි අයං මක්කටො, සීලවා මහිංසරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. එකල නපුරු මී ගවයා මේ දුෂ්ට ඇතා විය. දුෂ්ට වඳුරා දුෂ්ට වඳුරාම විය. සීලාචාර මී ගවයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
මහිංසරාජජාතකවණ්ණනා අට්ඨමා.