යෙදුමෙන් කියවන්න

7. රොමකජාතකවණ‍්ණනා 277 අට‍්ඨකථා

7. රොමකජාතකවණ‍්ණනා (277)

7. රෝමක ජාතකය (277)

වස‍්සානි පඤ‍්ඤාස සමාධිකානීති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො භගවතො වධාය පරිසක‍්කනං ආරබ‍්භ කථෙසි. පච‍්චුප‍්පන‍්නවත්‍ථු උත‍්තානමෙව.

වස්සානි පඤ්ඤාස යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් ඝාතන උත්සාහයක් අරබයා වදාළ සේක. වර්තමාන කථාව පැහැදිලිය.

අතීතෙ පන බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො පාරාවතො හුත්‍වා බහුපාරාවතපරිවුතො අරඤ‍්ඤෙ පබ‍්බතගුහායං වාසං කප‍්පෙසි. අඤ‍්ඤතරොපි ඛො තාපසො සීලසම‍්පන‍්නො තෙසං පාරාවතානං වසනට‍්ඨානතො අවිදූරෙ එකං පච‍්චන‍්තගාමං උපනිස‍්සාය අස‍්සමපදං මාපෙත්‍වා පබ‍්බතගුහායං වාසං කප‍්පෙසි. බොධිසත‍්තො අන‍්තරන‍්තරා තස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා සොතබ‍්බයුත‍්තකං සුණාති. තාපසො තත්‍ථ චිරං වසිත්‍වා පක‍්කාමි, අථඤ‍්ඤො කූටජටිලො ආගන‍්ත්‍වා තත්‍ථ වාසං කප‍්පෙසි. බොධිසත‍්තො පාරාවතපරිවුතො තං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා පටිසන්‍ථාරං කත්‍වා අස‍්සමපදෙ විචරිත්‍වා ගිරිකන්‍දරසමීපෙ ගොචරං ගහෙත්‍වා සායං අත‍්තනො වසනට‍්ඨානං ගච‍්ඡති. කූටතාපසො තත්‍ථ අතිරෙකපණ‍්ණාසවස‍්සානි වසි.

යටගිය දවස වනාහි බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ පරෙවියෙකු වී බොහෝ පරෙවියන් පිරිවරණ ලද්දේ වනයෙහි පර්වත ගුහාවක වාසය කළහ. සිල්වත් වූ එක්තරා තාපසයෙක්ද ඒ පරෙවියන් වසන ස්ථානයට නුදුරින්, එක් පිටිසර ගමක් ඇසුරු කොටගෙන, අසපුවක් තනාගෙන පර්වත ගුහාවක වාසය කළේය. බෝසතාණන් වහන්සේ අතරින් පතර ඔහු සමීපයට අවුත් ඇසිය යුතු දෙයක් අසයි. එහි තාපසයා කලක් වාසයකොට ගියේය. ඉක්බිති වෙනත් කපටි ජටිලයෙක් අවුත් එහි වාසය කළේය. බෝසතාණන් වහන්සේද පරෙවියන් විසින් පිරිවරණ ලද්දේ ඔහු වෙත එළඹ, වැඳ පිළිසඳර කථාකොට ආශ්‍රමයෙහි සැරිසරා ගිරිකඳුරක් සමීපයෙහි ගොදුරු ගෙන සවස තමන් තැනට යන සේක. කපටි තවුසාද පණස් වසරකට වැඩි කාලයක් වාසය කළේය.

අථස‍්ස එකදිවසං පච‍්චන‍්තගාමවාසිනො මනුස‍්සා පාරාවතමංසං අභිසඞ‍්ඛරිත්‍වා අදංසු. සො තත්‍ථ රසතණ‍්හාය බජ‍්ඣිත්‍වා “කිං මංසං නාමෙත”න‍්ති පුච‍්ඡිත්‍වා “පාරාවතමංස”න‍්ති සුත්‍වා චින‍්තෙසි – “මය‍්හං අස‍්සමපදං බහූ පාරාවතා ආගච‍්ඡන‍්ති, තෙ මාරෙත්‍වා මංසං ඛාදිතුං වට‍්ටතී”ති. සො තණ‍්ඩුලසප‍්පිදධිඛීරමරිචාදීනි ආහරිත්‍වා එකමන‍්තෙ ඨපෙත්‍වා මුග‍්ගරං චීවරකණ‍්ණෙන පටිච‍්ඡාදෙත්‍වා පාරාවතානං ආගමනං ඔලොකෙන‍්තො පණ‍්ණසාලද‍්වාරෙ නිසීදි. බොධිසත‍්තො පාරාවතපරිවුතො ආගන‍්ත්‍වා තස‍්ස කූටජටිලස‍්ස දුට‍්ඨකිරියං ඔලොකෙත්‍වා “අයං දුට‍්ඨතාපසො අඤ‍්ඤෙනාකාරෙන නිසින‍්නො, කච‍්චි නු ඛො අම‍්හාකං සමානජාතීනං මංසං ඛාදි, පරිගණ‍්හිස‍්සාමි න”න‍්ති අනුවාතෙ ඨත්‍වා තස‍්ස සරීරගන්‍ධං ඝායිත්‍වා “අයං අම‍්හෙ මාරෙත්‍වා මංසං ඛාදිතුකාමො, න තස‍්ස සන‍්තිකං ගන‍්තුං වට‍්ටතී”ති පාරාවතෙ ආදාය පටික‍්කමිත්‍වා චරි. තාපසො තං අනාගච‍්ඡන‍්තං දිස‍්වා “මධුරකථං තෙහි සද‍්ධිං කථෙත්‍වා විස‍්සාසෙන උපගතෙ මාරෙත්‍වා මංසං ඛාදිතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා පුරිමා ද‍්වෙ ගාථා අවොච –

ඉක්බිති මොහුට එක්දිනක් පිටිසර ගමිවැසියෝ පරෙවි මස් සකස්කොට දුන්නාහුය. ඔහු එහි රස තෘෂ්ණාවෙහි බැඳී මේ කිනම් මසක්දැයි විචාරා, පරෙවි මස් යැයි අසා මගේ අසපුව පෙදෙසට බොහෝ පරෙවියෝ එත්. ඔවුන් මරා මස් කෑම සුදුසුයයි සිතීය. ඔහු සහල්, ගිතෙල, දීකිරි, දුරු, මිරිස් ආදිය ගෙන්වාගෙන එකත්පසෙක තබා මුගුරක් වල්කලා සිවුර අස්සේ සඟවාගෙන පරෙවියන්ගේ පැමිණීම බලමින් පන්සල දොරටුවෙහි හුන්නේය. බෝසතාණන් වහන්සේ පරෙවියන් පිරිවරාගෙන අවුත් ඒ කපටි ජටිලයාගේ නපුරු ක්‍රියාව බලා, මේ දුෂ්ඨ තාපසයා අන් ආකාරයකින් සිටින්නේය. කිමෙක්ද අපගේ ජාතියට අයත් පරෙවියන්ගේ මස් කෑවේ? ඔහු පරීක්‍ෂා කරන්නෙමියි උඩු සුළගෙහි සිට ඔහුගේ සිරුරෙහි ගඳ ආඝ්‍රාණය කොට මේ තෙමේ අපිව මරා මස් කනු කැමැත්තේය. ඔහු සමීපයට යාම නොවටීයයි පරෙවියන් රැගෙන පිටව ගියහ. තාපසයා ඌ නොඑන බව දැක ඔවුන් සමග මිහිරි වචන කියා විශ්වාසයෙන් පැමිණි කල මරා මස් කන්නට වටී යැයි සිතා,

“වස‍්සානි පඤ‍්ඤාස සමාධිකානි, වසිම‍්හ සෙලස‍්ස ගුහාය රොමක; අසඞ‍්කමානා අභිනිබ‍්බුතත‍්තා, හත්‍ථත‍්තමායන‍්ති මමණ‍්ඩජා පුරෙ.

වස්සානි පඤ්ඤාස සමාධිකානි, වසිම්හ සෙලස්ස ගුහාය රෝමක, අසංකමානා අභිනිබ්බුතත්තා, හත්‍ථමායන්ති මමණ්ඩජා පුරෙ

“තෙදානි වක‍්කඞ‍්ග කිමත්‍ථමුස‍්සුකා, භජන‍්ති අඤ‍්ඤං ගිරිකන්‍දරං දිජා; න නූන මඤ‍්ඤන‍්ති මමං යථා පුරෙ, චිරප‍්පවුත්‍ථා අථ වා න තෙ ඉමෙ”ති.

තෙදානි වක්කංග කිමත්‍ථමුස්සුකා, භජන්ති අඤ්ඤං ගිරි කන්‍දරං දිජා, නනූන මඤ්ඤන්ති මමං යථා පුරෙ, චිරප්පවුත්‍ථා අථවා න තෙ ඉමෙ

යන පළමු ගාථා දෙක කීය.

පරෙවිය! අවුරුදු පනහකට වැඩි කාලයක් ගල් ගුහාවෙහි විසූවෙමු. සන්සුන් සිත් ඇති පක්‍ෂීහු මා සැක නොකරමින් පෙර මා ළගට එති.

පක්‍ෂිය! දැන් ඒ පක්‍ෂීහු කුමක් නිසා කළකිරී පර්වතයෙන් අන් ගිරි කඳුරකට යතිද පෙර පරිදි මේ පක්‍ෂීහු මට ගරු නොකෙරෙතියි සිතමි. නැතහොත් දිගුකල් මොවුහු පිටත වැස පැමිණි හෙයින් මේ ඔහුම යැයි නොහඳුනත්ද?

තත්‍ථ සමාධිකානීති සමඅධිකානි. රොමකාති රුමාය උප‍්පන‍්න, සුධොතපවාළෙන සමානවණ‍්ණනෙත‍්තපාදතාය බොධිසත‍්තං පාරාවතං ආලපති. අසඞ‍්කමානාති එවං අතිරෙකපඤ‍්ඤාසවස‍්සානි ඉමිස‍්සා පබ‍්බතගුහාය වසන‍්තෙසු අම‍්හෙසු එතෙ අණ‍්ඩජා එකදිවසම‍්පි මයි ආසඞ‍්කං අකත්‍වා අභිනිබ‍්බුතචිත‍්තාව හුත්‍වා පුබ‍්බෙ මම හත්‍ථත‍්තං හත්‍ථප‍්පසාරණොකාසං ආගච‍්ඡන‍්තීති අත්‍ථො.

එහි, සමාධිතානි යනු අධික වූ, රොමක යනු රෝමයෙන් උපන් පිරිසිදු කරන ලද පබලුවලට සමාන වර්ණ ඇති ඇස් හා පා ඇති බැවින් බෝසත් පරෙවියාට අමතයි. අසංකමානා යනු මෙසේ පනස් වසරකට අධික කාලයක් මේ පර්වත ගුහාවෙහි වසන්නා වූ අප කෙරෙහි මේ කුරුල්ලෝ එක් දවසක්වත් මා කෙරෙහි සැක නොකොට නිවුණු සිත් ඇතිවම පෙර මගේ, හත්‍ථත්තං අත දික් කරන අවකාසයට (අතට අසුවන දුරට) එති යන අර්ථයයි.

තෙදානීති තෙ ඉදානි. වක‍්කඞ‍්ගාති බොධිසත‍්තං ආලපති, සබ‍්බෙපි පන පක‍්ඛිනො උප‍්පතනකාලෙ ගීවං වක‍්කං කත්‍වා උප‍්පතනතො “වක‍්කඞ‍්ගා”ති වුච‍්චන‍්ති. කිමත්‍ථන‍්ති කිංකාරණං සම‍්පස‍්සමානා? උස‍්සුකාති උක‍්කණ‍්ඨිතරූපා හුත්‍වා. ගිරිකන්‍දරන‍්ති ගිරිතො අඤ‍්ඤං පබ‍්බතකන්‍දරං. යථා පුරෙති යථා පුබ‍්බෙ එතෙ පක‍්ඛිනො මං ගරුං කත්‍වා පියං කත්‍වා මඤ‍්ඤන‍්ති, තථා ඉදානි න නූන මඤ‍්ඤන‍්ති, පුබ‍්බෙ ඉධ නිවුත්‍ථතාපසො අඤ‍්ඤො, අයං අඤ‍්ඤො, එවං මඤ‍්ඤෙ එතෙ මං මඤ‍්ඤන‍්තීති දීපෙති. චිරප‍්පවුත්‍ථා අථ වා න තෙ ඉමෙති කිං නු ඛො ඉමෙ චිරං විප‍්පවසිත්‍වා දීඝස‍්ස අද‍්ධුනො අච‍්චයෙන ආගතත‍්තා මං “සොයෙව අය”න‍්ති න සඤ‍්ජානන‍්ති, උදාහු යෙ අම‍්හෙසු අභිනිබ‍්බුතචිත‍්තා, න තෙ ඉමෙ, අඤ‍්ඤෙව ආගන‍්තුකපක‍්ඛිනො, ඉමෙ කෙන මං න උපසඞ‍්කමන‍්තීති පුච‍්ඡති.

තෙදානි යනු ඔවුහු දැන් වක්කංග යනු බෝසතාණන් වහන්සේට අමතයි. සියලු පක්‍ෂීහු උඩට ඉගිලෙන කාලයේ බෙල්ල වක්කොට උඩට ඉගිලෙන බැවින් වක්කංග යයි කියනු ලැබෙත්. කිමත්‍ථං කුමන කරුණක් බලමින්. උස්සුකා යනු කලකිරුණු ස්වරූප ඇතිව. ගිරිකන්‍දරං යනු පර්වතයෙන් අනිත් පර්වත කඳුරකට, යථාපුරෙ යනු යම් සේ පෙර මේ පක්‍ෂීහු මට ගරුකොට ප්‍රියකොට සිතත්, දැන් එසේ නොසිතත්. පෙර මෙහි වාසය කළ තාපසයා අනිකෙකි. මේ අනිකෙකි. මොවුහු මා ගැන එසේ සිතතියි දක්වයි. චිරප්පවුත්‍ථා අථවාන තෙ ඉමෙ යනු මොවුන් බොහෝ කලක් වෙන්ව වාසයකොට, දිගු කලක් ඇවෑමෙන් ආ බැවින් මේ ඔහුම යැයි මා නොහඳුනත්ද අප කෙරෙහි නිවුණු සිත් ඇති බැවින් මොවුහු අනිකක් ආගන්තුක පක්‍ෂීහු නොවෙති. මොවුහු මා වෙත කුමක් නිසා නොඑළඹෙත් දැයි විමසයි.

තං සුත්‍වා බොධිසත‍්තො පක‍්කමිත්‍වා ඨිතොව තතියං ගාථමාහ –

ඒ අසා බෝසතාණන් වහන්සේ ඉවත්ව සිටිමින්ම,

“ජානාම තං න මයං සම‍්පමූළ‍්හා, සොයෙව ත්‍වං තෙ මයමස‍්ම නාඤ‍්ඤෙ; චිත‍්තඤ‍්ච තෙ අස‍්මිං ජනෙ පදුට‍්ඨං, ආජීවිකා තෙන තමුත‍්තසාමා”ති.

ජානාම තං න මයමස්ම මූළ්හා, සොයෙව ත්‍වන්තෙ මයමස්ම නාඤ්ඤෙ, චිත්තඤ්ච තෙ අස්මි ජනෙ පදුට්ඨං, ආජීවක තෙන තං උත්තසාමා

තුන්වන ගාථාව කීහ.

ඔබ කවුදැයි අපි දනිමු. අපි මෝඩයෝ නොවෙමු. ඔබ ඒ තවුසාම වේ. අපිත් ඒ අයමයි. වෙනත් අය නොවෙමු. ඔබේ මේ සිත පක්‍ෂීන් කෙරෙහි දුෂ්ටය. ආජීවකය, එහෙයින් ඔබට බිය වෙමු.

තත්‍ථ න මයං සම‍්පමූළ‍්හාති මයං මූළ‍්හා පමත‍්තා න හොම. චිත‍්තඤ‍්ච තෙ අස‍්මිං ජනෙ පදුට‍්ඨන‍්ති ත්‍වං, සොයෙව මයම‍්පි තෙයෙව, න තං සඤ‍්ජානාම, අපිච ඛො පන තව චිත‍්තං අස‍්මිං ජනෙ පදුට‍්ඨං අම‍්හෙ මාරෙතුං උප‍්පන‍්නං. ආජීවිකාති ආජීවහෙතු පබ‍්බජිත පදුට‍්ඨතාපස. තෙන තමුත‍්තසාමාති තෙන කාරණෙන තං උත‍්තසාම භායාම න උපසඞ‍්කමාම.

එහි න මයමස්ම මූළ්හා යනු අපි මුළා වූවෝ පමා වූවෝ නොවෙමු. චිත්තඤ්ච තෙ අස්මිං ජනෙ පදුට්ඨං යනු නුඹ ඒ තවුසාම ය. අපි ඒ පරෙවියෝම ය. අපි ඔබ නො හඳුනන්නෝ නොවෙමු. (අපි ඔබ හඳුනමු) එහෙත් අප මරන්නට උපන් ඔබේ සිත මේ පරෙවි ජනතාව කෙරෙහි දුෂිතය.

කූටතාපසො “ඤාතො අහං ඉමෙහී”ති මුග‍්ගරං ඛිපිත්‍වා විරජ‍්ඣිත්‍වා “ගච‍්ඡ තාව ත්‍වං විරද‍්ධොම‍්හී”ති ආහ. අථ නං බොධිසත‍්තො “මං තාව විරද‍්ධොසි, චත‍්තාරො පන අපායෙ න විරජ‍්ඣසි. සචෙ ඉධ වසිස‍්සසි, ගාමවාසීනං ‘චොරො අය’න‍්ති ආචික‍්ඛිත්‍වා තං ගාහාපෙස‍්සාමි සීඝං පලායස‍්සූ”ති තං තජ‍්ජෙත්‍වා පක‍්කාමි. කූටජටිලො තත්‍ථ වසිතුං නාසක‍්ඛි, අඤ‍්ඤත්‍ථ අගමාසි.

ආජීවක යනු ජීවිකාව පිණිස පැවිදි වූ දූෂිත තාපසය. තෙන නං උත්තසාම යනු ඒ කාරණයෙන් ඔබ නිසා තැති ගනිමු. ඔබට බිය වෙමු. ඔබ වෙත නො පැමිණෙමු. කපටි තාපසයා මොවුන් විසින් මම හඳුනා ගන්නා ලදිමියි මුගුර ඉවතලා වැඩවරද්දාගෙන පළමුව ඔබ යන්න. මම වරද්දා ගත්තෙමියි කීය. අනතුරුව බෝසතාණන් වහන්සේ ඔහුට පළමුව ඔබ මා (අල්ලා ගැනීමට නොහැකිව) වරද්දා ගත්තෙහිය. එහෙත් ඔබ සතර අපාය වරද්දා නොගත්තෙහිය. ඔබ මෙහි වසන්නෙහි නම් ගම්වැසියන්ට මොහු සොරෙකැයි කියා ඔබ අල්ලා දෙන්නෙමි. ඉක්මනින් පලායවයි කියා ඔහුට තර්ජනය කර පරෙවියා නික්ම ගියේය. ජටිලයාට එහි විසීමට නොහැකි විය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කූටතාපසො දෙවදත‍්තො අහොසි, පුරිමො සීලවන‍්තතාපසො සාරිපුත‍්තො, පාරාවතජෙට‍්ඨකො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළ සේක. එකල තවුසා දෙව්දත්ය. මුල් සිල්වත් තවුසා සැරියුත්ය. පරවි නායකයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

රොමකජාතකවණ‍්ණනා සත‍්තමා.