යෙදුමෙන් කියවන්න

6. කුරුධම‍්මජාතකවණ‍්ණනා 276 අට‍්ඨකථා

6. කුරුධම‍්මජාතකවණ‍්ණනා (276)

6. කුරුධම්ම ජාතකය (276)

තව සද‍්ධඤ‍්ච සීලඤ‍්චාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං හංසඝාතකභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථිවාසිනො ද‍්වෙ සහායකා භික‍්ඛූ පබ‍්බජිත්‍වා ලද‍්ධූපසම‍්පදා යෙභුය්‍යෙන එකතො විචරන‍්ති. තෙ එකදිවසං අචිරවතිං ගන‍්ත්‍වා න‍්හත්‍වා වාලුකපුලිනෙ ආතපං තප‍්පමානා සාරණීයකථං කථෙන‍්තා අට‍්ඨංසු, තස‍්මිං ඛණෙ ද‍්වෙ හංසා ආකාසෙන ගච‍්ඡන‍්ති. අථෙකො දහරභික‍්ඛු සක‍්ඛරං ගහෙත්‍වා “එකස‍්ස හංසපොතකස‍්ස අක‍්ඛිං පහරිස‍්සාමී”ති ආහ, ඉතරො “න සක‍්ඛිස‍්සසී”ති ආහ. “තිට‍්ඨතු ඉමස‍්මිං පස‍්සෙ අක‍්ඛි, පරපස‍්සෙ අක‍්ඛිං පහරිස‍්සාමී”ති. “ඉදම‍්පි න සක‍්ඛිස‍්සසියෙවා”ති. “තෙන හි උපධාරෙහී”ති තියංසං සක‍්ඛරං ගහෙත්‍වා හංසස‍්ස පච‍්ඡාභාගෙ ඛිපි. හංසො සක‍්ඛරසද‍්දං සුත්‍වා නිවත‍්තිත්‍වා ඔලොකෙසි, අථ නං ඉතරො වට‍්ටසක‍්ඛරං ගහෙත්‍වා පරපස‍්සෙ අක‍්ඛිම‍්හි පහරිත්‍වා ඔරිමක‍්ඛිනා නික‍්ඛමාපෙසි. හංසො විරවන‍්තො පරිවත‍්තිත්‍වා තෙසං පාදමූලෙයෙව පති. තත්‍ථ තත්‍ථ ඨිතා භික‍්ඛූ දිස‍්වා ආගන‍්ත්‍වා “ආවුසො, එවරූපෙ නිය්‍යානිකසාසනෙ පබ‍්බජිත්‍වා අනනුච‍්ඡවිකං වො කතං පාණාතිපාතං කරොන‍්තෙහී”ති වත්‍වා තෙ ආදාය තථාගතස‍්ස දස‍්සෙසුං. සත්‍ථා “සච‍්චං, කිර තයා භික‍්ඛු පාණාතිපාතො කතො”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ “භික‍්ඛු, කස‍්මා එවරූපෙ නිය්‍යානිකසාසනෙ පබ‍්බජිත්‍වා එවමකාසි, පොරාණකපණ‍්ඩිතා අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ අගාරමජ‍්ඣෙ සංකිලිට‍්ඨවාසං වසමානා අප‍්පමත‍්තකෙසුපි ඨානෙසු කුක‍්කුච‍්චං කරිංසු, ත්‍වං පන එවරූපෙ නිය්‍යානිකසාසනෙ පබ‍්බජිත්‍වා කුක‍්කුච‍්චමත‍්තම‍්පි න අකාසි, නනු නාම භික‍්ඛුනා කායවාචාචිත‍්තෙහි සඤ‍්ඤතෙන භවිතබ‍්බ”න‍්ති වත්‍වා අතීතං ආහරි.

තව සද්ධඤ්ච සීලඤ්ච යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරමින් හංසයෙකු ඝාතනය කළ එක් භික්‍ෂුවක් අරබයා වදාළ සේක. සැවැත් නුවරවාසී යහලු භික්‍ෂු දෙනමක් පැවිදිව ලබන ලද උපසම්පදාව ඇතිව බොහෝවිට එකට හැසිරෙත්. උන්වහන්සේලා එක් දවසක් අචිරවතී ගඟට ගොස් නා වැලිතලාවෙහි අව්ව තපිමින්, සිහි කටයුතු කථා කියමින් සිටියාහුය. ඒ අවස්ථාවෙහි හංසයෝ දෙදෙනෙක් අහසින් යති. ඉක්බිති එක් භික්‍ෂුවක් ගල් කැටයක් ගෙන එක් හංස පෝතකයෙකුගේ ඇසට පහර දෙමියි කීවේය. අනෙක් භික්‍ෂුව ඔබ නොහැකි වන්නෙහි යයි කීවේය. මේ පැත්තේ ඇස තිබේවා! අනෙක් පැත්තේ ඇසට ගසන්නෙමියි කීය. එය නොහැක්කේම යයි කීය. එසේනම් සලකා බලවයි කියා තුන්මුල් ගල්කැටයක් ගෙන හංසයාගේ පිටිපසට දමා ගැසීය. හංසා ගල්කැටයේ ශබ්දය අසා හැරී බැලුවේය. ඉක්බිති වෙනත් ඒ භික්‍ෂුව රවුම් ගල්කැටයක් ගෙන උගේ අනිත් පැත්තේ ඇසට පහර දී මෙහා පැත්තේ ඇසින් නික්මවීය. හංසයා කෑගසමින් පෙරළී ඔවුන්ගේ පාමුල වැටුනේය. ඒ ඒ තැන සිටි භික්‍ෂූහු මෙය දැක අවුත් ඇවැත්නි, බුදුසසුනෙහි පැවිදිව සතෙකු මැරීමෙන් තොප විසින් නුසුදුස්සක් කරන ලදීයයි කියා උන්වහන්සේ කැඳවාගෙන තථාගතයන් වහන්සේට දැක්වූහ. බුදුරජාණන් වහන්සේ ඇත්තද මහණ? ඔබ විසින් ප්‍රාණඝාතයක් කරන ලද්දේදැයි විචාරා, ඇත්තයි ස්වාමීනියි කී කල්හි, මහණ! කුමක් නිසා සසරින් එතෙර කරන මෙබඳු සසුනෙහි පැවිදිව මෙසේ කළේද? පැරණි නුවණ ඇත්තෝ බුදුවරුන් ලොව නොමැති කාලයේත් අඹුදරුවන් සමග මුළු ජීවිතයම ගිහිගෙයි වසමින් ස්වල්පමාත්‍ර වූ තැනදීත් සැක කළාහුය. ඔබ වනාහි එබඳු වූ ශාසනයෙහි පැවිදි වී කුකුස් මාත්‍රයක් පමණවත් නොකළෙහිය. භික්‍ෂුව විසින් කය, වචනය, හිත යන තිදොරින් සංවර විය යුතුයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ කුරුරට‍්ඨෙ ඉන්‍දපත්‍ථනගරෙ ධනඤ‍්චයෙ කොරබ්‍යෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගහෙත්‍වා අනුපුබ‍්බෙන විඤ‍්ඤුතං පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා පිතරා ඔපරජ‍්ජෙ පතිට‍්ඨාපිතො අපරභාගෙ පිතු අච‍්චයෙන රජ‍්ජං පත්‍වා දස රාජධම‍්මෙ අකොපෙන‍්තො කුරුධම‍්මෙ වත‍්තිත්‍ථ. කුරුධම‍්මො නාම පඤ‍්ච සීලානි, තානි බොධිසත‍්තො පරිසුද‍්ධානි කත්‍වා රක‍්ඛි. යථා ච බොධිසත‍්තො, එවමස‍්ස මාතා අග‍්ගමහෙසී කනිට‍්ඨභාතා උපරාජා පුරොහිතො බ්‍රාහ‍්මණො රජ‍්ජුගාහකො අමච‍්චො සාරථි සෙට‍්ඨි දොණමාපකො මහාමත‍්තො දොවාරිකො නගරසොභිනී වණ‍්ණදාසීති එවමෙතෙ.

යටගිය දවස කුරු රට ඉඳිපත් නුවර ධනඤ්ජය රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඒ රජුගේ අගමෙහෙසිය කුස පිළිසිඳ ගෙන පිළිවෙළින් වැඩිවියට පැමිණියේ තක්සලා නුවරින් ශිල්ප හදාරා පියරජු විසින් යුවරජ තනතුරෙහි පිහිටුවන ලද්දේ මෑත භාගයේදී පියරජුගේ ඇවෑමෙන් රජකමට පැමිණ දසරාජ ධර්මය විනාශ නොකර කුරු ධර්මයෙහි පිහිටියහ. කුරු ධර්මය නම් පඤ්ච ශීලයයි. බෝසතාණන් වහන්සේ ඒවා පිරිසිදුව රැක්කාහ. බෝසතාණන් වහන්සේ මෙන්ම ඔහුගේ මවද, අගමෙහෙසියද, බාල සහෝදරයා (මල්ලී) ද, යුවරජද, පෙරවි බමුණාද, ඉඩම් මනින ඇමතියාද, රථාචාරියාද, සිටුතුමාද, ධාන්‍ය ආදිය මනින ඇමතියාද, දොරටුාලයාද නර සෝභිනී වර්ණදාසියද එසේම වූහ.

“රාජා මාතා මහෙසී ච, උපරාජා පුරොහිතො; රජ‍්ජුකො සාරථි සෙට‍්ඨි, දොණො දොවාරිකො තථා; ගණිකෙකාදස ජනා, කුරුධම‍්මෙ පතිට‍්ඨිතා”ති.

රාජා - මාතා - මහෙසීච උපරාජා - පුරොහිතො, රජ්ජුකො - සාරථි - සෙට්ඨි - දොණො - දොවාරිකො තථා, ගණිකා - එකාදස ජනා කුරුධම්මෙ පතිට්ඨිතා

යනු ඒ එකොළොස් දෙනාය.

ඉති ඉමෙ සබ‍්බෙපි පරිසුද‍්ධානි කත්‍වා පඤ‍්ච සීලානි රක‍්ඛිංසු. රාජා චතූසු නගරද‍්වාරෙසු ච නගරමජ‍්ඣෙ ච නිවෙසනද‍්වාරෙ චාති ඡ දානසාලායො කාරෙත්‍වා දෙවසිකං ඡසතසහස‍්සං ධනං විස‍්සජ‍්ජෙන‍්තො සකලජම‍්බුදීපං උන‍්නඞ‍්ගලං කත්‍වා දානං අදාසි, තස‍්ස පන දානජ‍්ඣාසයතා දානාභිරතතා සකලජම‍්බුදීපං අජ‍්ඣොත්‍ථරි. තස‍්මිං කාලෙ කාලිඞ‍්ගරට‍්ඨෙ දන‍්තපුරනගරෙ කාලිඞ‍්ගරාජා රජ‍්ජං කාරෙසි. තස‍්ස රට‍්ඨෙ දෙවො න වස‍්සි, තස‍්මිං අවස‍්සන‍්තෙ සකලරට‍්ඨෙ ඡාතකං ජාතං, ආහාරවිපත‍්තියා ච මනුස‍්සානං රොගො උදපාදි, දුබ‍්බුට‍්ඨිභයං ඡාතකභයං රොගභයන‍්ති තීණි භයානි උප‍්පජ‍්ජිංසු. මනුස‍්සා නිග‍්ගහණා දාරකෙ හත්‍ථෙසු ගහෙත්‍වා තත්‍ථ තත්‍ථ විචරන‍්ති.

මෙසේ මේ සියල්ලෝම පිරිසිදුව පන්සිල් රැක්කාහ. රජතුමා නුවර දොරටු සතරෙහිද, නගර මධ්‍යයෙහිද නිවාස දොරටුව ළඟදැයි දාන ශාලා හයක් කරවා දිනපතා හයලක්ෂය බැගින් ධනය වියදම් කරමින් සියලු දඹදිව නඟුල් උඩ තබා (ගොවිතැන් නවතා, උත්සව ශ්‍රීයෙන්) දන් දුන්නේය. ඹහුගේ දානානධ්‍යාශයත්, දානයෙහි ඇල්මත් දඹදිව පුරා පැතුරුනේය. එකල කලිඟුරට දන්තපුර නගරයේ කලිඟු රජ රජකරවයි. ඔහුගේ රටෙහි වැස්ස නොවැස්සේය. වැසි නොවසින කල මුළු රටෙහිම සාගතයක් හටගත්තේය. ආහාර අහේනියෙන් මිනිසුන්ට රෝග උපන්නේය. වැස්ස නැති බියද, දුර්භික්‍ෂ බියද, රෝගබියද යන තුන්බිය උපන්නේය. මිනිස්සු ජීවත්වීමට මගක් නැතිව දරුවන් අතින් අල්ලාගෙන ඒ ඒ තැන සැරිසරත්.

සකලරට‍්ඨවාසිනො එකතො හුත්‍වා දන‍්තපුරං ගන‍්ත්‍වා රාජද‍්වාරෙ උක‍්කුට‍්ඨිමකංසු. රාජා වාතපානං නිස‍්සාය ඨිතො තං සද‍්දං සුත්‍වා “කිං කාරණා එතෙ විරවන‍්තී”ති පුච‍්ඡි. “මහාරාජ , සකලරට‍්ඨෙ තීණි භයානි උප‍්පන‍්නානි, දෙවො න වස‍්සති, සස‍්සානි න විපන‍්නානි, ඡාතකං ජාතං. මනුස‍්සා දුබ‍්භොජනා රොගාභිභූතා නිග‍්ගහණා පුත‍්තෙ හත්‍ථෙසු ගහෙත්‍වා විචරන‍්ති, දෙවං වස‍්සාපෙහි මහාරාජා”ති. “පොරාණකරාජානො දෙවෙ අවස‍්සන‍්තෙ කිං කරොන‍්තී”ති? “පොරාණකරාජානො, මහාරාජ, දෙවෙ අවස‍්සන‍්තෙ දානං දත්‍වා උපොසථං අධිට‍්ඨාය සමාදින‍්නසීලා සිරිගබ‍්භං පවිසිත්‍වා දබ‍්බසන්‍ථරෙ සත‍්තාහං නිපජ‍්ජන‍්ති, තදා දෙවො වස‍්සතී”ති. රාජා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තථා අකාසි. එවං සන‍්තෙපි දෙවො න වස‍්සි.

සියලු රටවැසියෝ එක්ව දන්තපුරයට ගොස් රජ දොරටුව ළඟ උද්ඝෝෂණය කළාහුය. රජතුමා වාකවුළුව ළඟ සිටියේ ඝෝෂා හඬ අසා කුමකු නිසා මොවුන් කෑගසත්දැයි විචාළේය. මහරජතුමනි! මුළු රටෙහිම තුන්බිය උපන්නේය. වැස්ස නොවසියි. ගොවිතැන් විනාශ විය. දුර්භික්‍ෂය හටගත්තේය. මිනිස්සු ආහාර අහේනියෙන් රෝගවලින් මඩනා ලද්දෝය. පිහිටක් නැත්තාහු දරුවන් අතින් අල්ලාගෙන හැසිරෙත්. මහරජතුමනි, වැසි වස්වනු මැනවියි කීහ. පැරණි රජවරු, වැසි නොවසිනා කල්හි කුමක් කරත්දැයි ඇසූවිට මහරජතුමනි, පෙර රජවරු නොවසිනා කල්හි දන් දී පෙහෙවස් අධිෂ්ඨාන කොට සිල් සමාදන්ව සිරියහනට පිවිස හීතණ ඇතිරියෙහි සතියක් වැතිරෙති. එකල වැසි වසිතියි කීහ. රජතුමා යහපතැයි පිළිගෙන එසේ කළේය. මෙසේ ඇතිකල්හිදු වැසි නොවැසීය.

රාජා අමච‍්චෙ පුච‍්ඡි – “අහං කත‍්තබ‍්බකිච‍්චං අකාසිං, දෙවො න වස‍්සති, කින‍්ති කරොමා”ති? “මහාරාජ, ඉන්‍දපත්‍ථනගරෙ ධනඤ‍්චයස‍්ස කොරබ්‍යරඤ‍්ඤො අඤ‍්ජනවණ‍්ණො නාම මඞ‍්ගලහත්‍ථී අත්‍ථි, තං ආනෙස‍්සාම, එවං සන‍්තෙ දෙවො වස‍්සතී”ති. “සො රාජා බලවාහනසම‍්පන‍්නො දුප‍්පසහො, කථමස‍්ස හත්‍ථිං ආනෙස‍්සාමා”ති? “මහාරාජ, තෙන සද‍්ධිං යුද‍්ධකිච‍්චං නත්‍ථි, දානජ‍්ඣාසයො රාජා දානාභිරතො යාචිතො සමානො අලඞ‍්කතසීසම‍්පි ඡින්‍දිත්‍වා පසාදසම‍්පන‍්නානි අක‍්ඛීනිපි උප‍්පාටෙත්‍වා සකලරජ‍්ජම‍්පි නිය්‍යාදෙත්‍වා දදෙය්‍ය, හත්‍ථිම‍්හි වත‍්තබ‍්බමෙව නත්‍ථි, අවස‍්සං යාචිතො දස‍්සතී”ති. “කෙ පන තං යාචිතුං සමත්‍ථා”ති? “බ්‍රාහ‍්මණා, මහාරාජා”ති. රාජා බ්‍රාහ‍්මණගාමතො අට‍්ඨ බ්‍රාහ‍්මණෙ පක‍්කොසාපෙත්‍වා සක‍්කාරසම‍්මානං කත්‍වා හත්‍ථිං යාචනත්‍ථාය පෙසෙසි. තෙ පරිබ‍්බයං ආදාය අද‍්ධිකවෙසං ගහෙත්‍වා සබ‍්බත්‍ථ එකරත‍්තිවාසෙන තුරිතගමනං ගන‍්ත්‍වා කතිපාහං නගරද‍්වාරෙ දානසාලාසු භුඤ‍්ජිත්‍වා සරීරං සන‍්තප‍්පෙත්‍වා “කදා රාජා දානග‍්ගං ආගච‍්ඡිස‍්සතී”ති පුච‍්ඡිංසු. මනුස‍්සා “පක‍්ඛස‍්ස තයො දිවසෙ චාතුද‍්දසෙ පන‍්නරසෙ අට‍්ඨමියඤ‍්ච ආගච‍්ඡති, ස‍්වෙ පන පුණ‍්ණමී, තස‍්මා ස‍්වෙ ආගච‍්ඡිස‍්සතී”ති වදිංසු.

රජතුමා ඇමතියන් විචාළේය. මම මවිසින් කළයුතු සියලු කටයුතු කළෙමි. වැසි නොවසියි. කුමක් කරමුදැයි ඇසීය. මහරජතුමනි, ඉදිපත් නුවර ධනඤ්ජනය කොරව්‍ය රජුගේ “අඤ්ජන වසභ” නම් මංගල ඇතෙක් ඇත. ඒ ඇතු රැගෙන එන්නෙමු. එවිට වැසි වසිතියි කීහ. ඒ රජතුමා වනාහි බල වාහනවලින් සම්පන්නය. මැඩලිය නොහැකිය. ඔහුගේ ඇතු කෙසේ ගෙනෙන්නෙමුදැයි ඇසීය. මහරජතුමනි, ඔහු සමග යුද කිරීමක් නැත. දන්දීමෙහි අදහස් ඇති රජතුමා දානයෙහි ඇලුනේ, ඉල්ලන ලද්දේ නම් සරසන ලද හිස වුවද සිඳ දෙන්නේය. හොඳ පෙනීමෙන් යුත් ඇස වුවද ගළවා සියලු රාජ්‍යය වුවද පවරා දෙන්නේය. ඇතු ගැන කියනුම කවරේද? ඒකාන්තයෙන් ඉල්ලන ලද්දේ දෙන්නේයයි කීහ. කවරෙක් වනාහි ඇතු ඉල්ලීමට සමත්දැයි ඇසීය. මහරජ, (ඉල්ලීමට දක්ෂ) බමුණෝය. රජතුමා බමුණු ගමෙන් අටදෙනෙකු කැඳවා සත්කාර සම්මාන පවත්වා ඇතු ඉල්ලීම පිණිස යැවීය. ඒ බමුණෝ මග වියදම් රැගෙන මගී වෙස් ගෙන එක් තැනක එක් රැය බැගින් වාසය කරමින් ඉක්මන් ගමන් ගොස් දින කීපයක් නගරයේ දොරටුව අසල දන් ශාලාවලින් අනුභවකොට ශරීරය තෘප්තියට පත් කරගෙන රජතුමා කවදා දන්දෙන තැනට එන්නේදැයි විචාළාහුය. පක්‍ෂයකට (අඩ මසකට) වරක් නඑම පක්‍ෂයෙහි තුන්වන දින දාහතරවෙනි දින, පසළොස් වෙනිදා සහ අටවෙනි දින එයි. හෙට වනාහි පුන් පෝදාය. ඒ නිසා හෙටත් එන්නේයයි කීවාහුය.

බ්‍රාහ‍්මණා පුනදිවසෙ පාතොව ගන‍්ත්‍වා පාචීනද‍්වාරෙ අට‍්ඨංසු. බොධිසත‍්තො පාතොව න‍්හත්‍වා ගත‍්තානුලිත‍්තො සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතො අලඞ‍්කතහත්‍ථික‍්ඛන්‍ධවරගතො මහන‍්තෙන පරිවාරෙන පාචීනද‍්වාරෙන දානසාලං ගන‍්ත්‍වා ඔතරිත්‍වා සත‍්තට‍්ඨජනානං සහත්‍ථා භත‍්තං දත්‍වා “ඉමිනාව නීහාරෙන දෙථා”ති වත්‍වා හත්‍ථිං අභිරුහිත්‍වා දක‍්ඛිණද‍්වාරං අගමාසි. බ්‍රාහ‍්මණා පාචීනද‍්වාරෙ ආරක‍්ඛස‍්ස බලවතාය ඔකාසං අලභිත්‍වා දක‍්ඛිණද‍්වාරමෙව ගන‍්ත්‍වා රාජානං ආගච‍්ඡන‍්තං ඔලොකයමානා ද‍්වාරතො නාතිදූරෙ උන‍්නතට‍්ඨානෙ ඨිතා සම‍්පත‍්තං රාජානං හත්‍ථෙ උක‍්ඛිපිත්‍වා “ජයතු භවං, මහාරාජා”ති ජයාපෙසුං. රාජා වජිරඞ‍්කුසෙන වාරණං නිවත‍්තෙත්‍වා තෙසං සන‍්තිකං ගන‍්ත්‍වා “භො බ්‍රාහ‍්මණා, කිං ඉච‍්ඡථා”ති පුච‍්ඡි. බ්‍රාහ‍්මණා බොධිසත‍්තස‍්ස ගුණං වණ‍්ණෙන‍්තා පඨමං ගාථමාහංසු –

බමුණෝ පසුදින උදෙන්ම ගොස් පෙරදින (නැගෙනහිර) දොරටුව ළග සිටියාහුය. බෝසතාණන් වහන්සේද උදෙන්ම නා සුවද ගල්වා ආභරණවලින් සැරසී, සැරසු උතුම් අසුපිට නැග මහපිරිවරින් නැගෙනහිර දොරටුව අසල දන් ශාලාවට ගොස්, ඇතුපිටින් බැස මිනිසුන් හත්අට දෙනෙකුට සියතින් බත් දී මේ ක්‍රමයට දන් දෙවයි කියා ඇතුපිට නැගී දකුණු දිග දොරටුවට ගියේය. බමුණෝ නැගෙනහිර දොරටුවෙහි ආරක්‍ෂාව බලවත් හෙයින් අවසරයක් නොලැබ දකුණු දොරටුවටම ගොස් රජුගේ පැමිණීම බලමින් දොරටුව නුදුරෙහි උස්තැනක සිටියාහු, පැමිණියා වූ රජුට අත් ඔසවා ජය පැතූහ. රජතුමා දියමන්ති හෙණ්ඩුවෙන් ඇතු නවතා, ඔවුන් සමීපයට ගොස් පින්වත් බ්‍රාහ්මණයිනි, තෙපි කුමක් කැමති වන්නාහුදැයි විචාළේය. බමුණෝ බෝසතාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින්,

“තව සද‍්ධඤ‍්ච සීලඤ‍්ච, විදිත්‍වාන ජනාධිප; වණ‍්ණං අඤ‍්ජනවණ‍්ණෙන, කාලිඞ‍්ගස‍්මිං නිමිම‍්හසෙ”ති.

තව සද්ධඤ්ච සීලඤ්ච විදිත්‍වාන ජනාධිප, වණ්ණං අඤ්ජන වණ්ණෙන කාලිංගස්මිං නිමිම්හසෙ

යන පළමු ගාථාව කීහ.

මහරජතුමනි! නුඹ වහන්සේගේ ශ්‍රද්ධාවද, ශීලයද දැන අඳුන් වන් වූ මඟුලැතු කරණ කොටගෙන කලිඟු රජුගෙන් ඇතු ගෙන එමුයි කියා, රන් රිදී ආදිය විනිමය වශයෙන් ගත්තෙමු.

තත්‍ථ සද‍්ධන‍්ති කම‍්මඵලානං සද‍්දහනවසෙන ඔකප‍්පනියසද‍්ධං. සීලන‍්ති සංවරසීලං අවීතික‍්කමසීලං. වණ‍්ණන‍්ති තදා තස‍්මිං දෙසෙ සුවණ‍්ණං වුච‍්චති, දෙසනාසීසමෙව චෙතං. ඉමිනා පන පදෙන සබ‍්බම‍්පි හිරඤ‍්ඤසුවණ‍්ණාදිධනධඤ‍්ඤං සඞ‍්ගහිතං. අඤ‍්ජනවණ‍්ණෙනාති අඤ‍්ජනපුඤ‍්ජසමානවණ‍්ණෙන ඉමිනා තව නාගෙන, කාලිඞ‍්ගස‍්මින‍්ති කාලිඞ‍්ගරඤ‍්ඤො සන‍්තිකෙ. නිමිම‍්හසෙති විනිමයවසෙන ගණ‍්හිම‍්හ, පරිභොගවසෙන වා උදරෙ පක‍්ඛිපිම‍්හාති අත්‍ථො. සෙති නිපාතමත‍්තං. ඉදං වුත‍්තං හොති – මයඤ‍්හි, ජනාධිප, තව සද‍්ධඤ‍්ච සීලඤ‍්ච විදිත්‍වාන “අද‍්ධා නො එවං සද‍්ධාසීලසම‍්පන‍්නො රාජා යාචිතො අඤ‍්ජනවණ‍්ණං නාගං දස‍්සතී”ති ඉමිනා අත‍්තනො සන‍්තකෙන විය අඤ‍්ජනවණ‍්ණෙන කාලිඞ‍්ගරඤ‍්ඤො සන‍්තිකෙ නාගං වො ආහරිස‍්සාමාති වත්‍වා බහුධනධඤ‍්ඤං නිමිම‍්හසෙ පරිවත‍්තයිම‍්හ චෙව උදරෙ ච පක‍්ඛිපිම‍්හ. එවං තං මයං ධාරයමානා ඉධාගතා. තත්‍ථ කත‍්තබ‍්බං දෙවො ජානාතූති.

එහි, සද්ධං යනු කම් ඵල ඇදහීම් වශයෙන් ඇතිවන ඕකප්පන ශ්‍රද්ධාව. සීලං සංවර සීලය. ශික්‍ෂාපද නොකැඩීම නම් වූ අවීතික්කම සීලය. වණ්ණං යනු එකල ඒ දේශයෙහි ‘රන්’ යයි කියනු ලැබේ. මේ දේශනා ශීර්ෂයකි. මේ පදයෙහි රන් ආදී සියලු ධන ධාන්‍ය ඇතුළත් වේ. අඤ්ජන වණ්ණෙ න අඳුන් ගුළියකට සමාන පැහැයෙන් යුත් මේ ඔබ වහන්සේගේ ඇතා විසින්, කාලිංගස්මිං යනු කලිඟු රජුගේ සමීපයෙහි නිමිම්හසෙ යනු විනිමය (ගනුදෙනු) වශයෙන් ගත්තෙමු. පාවිච්චියට ගැනීම් වශයෙන් (අනුභව කිරීම් වශයෙන්) උදරයට ඇතුල් කළෙමු යන අර්ථයයි. සෙ යනු නිපාත මාත්‍රයකි. රජතුමනි! අපි ඔබවහන්සේගේ ශ්‍රද්ධාවත්, ශීලයත් දැන මෙසේ ශ්‍රද්ධා සීල ගුණයෙන් යුක්ත වූ රජතුමාගෙන් ඉල්ලන ලදුව අඳුන්වන් හස්තියා ඒකාන්තයෙන් අපට දෙන්නේ යයි සිතා අඳුන්වන් මේ හස්තියා තමා සතු දෙයක් මෙන් සලකා කලිඟු රට රජතුමා සමීපයෙහිදී “ඔබ වහන්සේට හස්තියා ගෙන එන්නෙමු” යි කියා බොහෝ ධන ධාන්‍ය ගත්තෙමු. ගනුදෙනු කළෙමු. එපමණක් නොව ඒවා අනුභව ද කළෙමු. මෙසේ ඒ රජතුමාට වගකීමක් දරන්නා වූ අපි මෙහි පැමිණියෙමු. එම කරුණෙහිලා කළයුතු දෙය දේවයන් වහන්සේ දැනගනිත්වායි කීහ.

අපරො නයො – තව සද‍්ධඤ‍්ච සීලගුණසඞ‍්ඛාතං වණ‍්ණඤ‍්ච සුත්‍වා “උළාරගුණො රාජා ජීවිතම‍්පි යාචිතො දදෙය්‍ය, පගෙව තිරච‍්ඡානගතං නාග”න‍්ති එවං කාලිඞ‍්ගස‍්ස සන‍්තිකෙ ඉමිනා අඤ‍්ජනවණ‍්ණෙන තව වණ‍්ණං නිමිම‍්හසෙ නිමිම‍්හ තුලයිම‍්හ, තෙනම‍්හා ඉධාගතාති.

වෙනත් ක්‍රමයක්: ඔබවහන්සේගේ ශ්‍රද්ධා සීල සංඛ්‍යාත වර්ණනාව විශාල ගුණය දැන රජතුමා ජීවිතය වුවද ඉල්ලූ විට දෙන්නේය. තිරිසන්ගත සතුන් ගැන කියනුම කවරේද? මෙසේ කලිඟු රජු සමීපයේ මේ ධනයට අඳුන්වන් ඇතා ගනුදෙනු කළෙමු. සමාන කළෙමු. ඒ නිසා මෙහි ආවෙමු.

තං සුත්‍වා බොධිසත‍්තො “සචෙ, වො බ්‍රාහ‍්මණා, ඉමං නාගං පරිවත‍්තෙත්‍වා ධනං ඛාදිතං සුඛාදිතං මා චින‍්තයිත්‍ථ, යථාලඞ‍්කතමෙව වො නාගං දස‍්සාමී”ති සමස‍්සාසෙත්‍වා ඉතරා ද‍්වෙ ගාථා අවොච –

ඒ අසා බෝසතාණන් වහන්සේ ඉදින් බමුණෙනි.! තොප විසින් මේ ඇතා විකුණා (ලබාගත්) ධනය පරිහරණය කරන ලදද එය මනා ලෙස පරිහරණය කරන ලදි. ඒ ගැන නොසිතව්. අලංකාර කරන ලද පරිද්දෙන්ම තොපට ඇතා දෙන්නෙමියි ඔවුන් අස්වසා

“අන‍්නභච‍්චා චභච‍්චා ච, යොධ උද‍්දිස‍්ස ගච‍්ඡති; සබ‍්බෙ තෙ අප‍්පටික‍්ඛිප‍්පා, පුබ‍්බාචරියවචො ඉදං.

අන්නභච්චා ච භච්චා ච යොධ උද්දිස්ස ගච්ඡති, සබ්බෙ තෙ අප්පටික්ඛිප්පා පුබ්බාචරිය වචො ඉදං

“දදාමි වො බ්‍රාහ‍්මණා නාගමෙතං, රාජාරහං රාජභොග‍්ගං යසස‍්සිනං; අලඞ‍්කතං හෙමජාලාභිඡන‍්නං, සසාරථිං ගච‍්ඡථ යෙනකාම”න‍්ති.

දදාමි වො බ්‍රාහ්මණා නාගමෙතං, රාජාරහං රාජභොග්ගං යසස්සිනං, අලංකතං හෙමජාලාභිජන්නං, සසාරථං ගච්ඡථ! යෙන කාමං

යන ඉතිරි ගාථා දෙක කීය.

කැඳ බත් ආදී ආහාර අනුන්ගෙන් නොලබා ජීවත් වන්නෝද ඇත. එසේ අනුන්ගෙන් නොලබා ජීවත් වන්නෝද ඇත. මේ දෙපිරිස අතුරෙන් කිසිවෙක් යමක් පතා කෙනෙකු වෙත එයිනම් ඔවුන්ගේ ඉල්ලීම ඉවත නොදැමිය යුතුය. මේ දෙමව්පියන්ගේ වචනයයි.

බමුණෙනි! රජුන්ට සුදුසු, රජුන්ගේ පරිහරණයට සුදුසු, පිරිවර ඇති, රන්දැලින් අලංකාර කළ, (රන් ආභරණින් සැරසූ) ඇත්ගොව්වන් සහිත, මේ ඇත්රජු තොපට දෙමි. කැමති මගකින් ගෙන යවු.

තත්‍ථ අන‍්නභච‍්චා චභච‍්චා චාති පුරිසං උපනිස‍්සාය ජීවමානා යාගුභත‍්තාදිනා අන‍්නෙන භරිතබ‍්බාති අන‍්නභච‍්චා, ඉතරෙ තථා අභරිතබ‍්බත‍්තා අභච‍්චා. සන්‍ධිවසෙන පනෙත්‍ථ අකාරලොපො වෙදිතබ‍්බො. එත‍්තාවතා අත‍්තානං උපනිස‍්සාය ච අනුපනිස‍්සාය ච ජීවමානවසෙන සබ‍්බෙපි සත‍්තා ද‍්වෙ කොට‍්ඨාසෙ කත්‍වා දස‍්සිතා හොන‍්ති. යොධ උද‍්දිස‍්ස ගච‍්ඡතීති තෙසු සත‍්තෙසු ඉධ ජීවලොකෙ යො සත‍්තො යං පුරිසං කායචිදෙව පච‍්චාසීසනාය උද‍්දිස‍්ස ගච‍්ඡති. සබ‍්බෙ තෙ අප‍්පටික‍්ඛිප‍්පාති තථා උද‍්දිස‍්ස ගච‍්ඡන‍්තා සචෙපි බහූ හොන‍්ති, තථාපි තෙන පුරිසෙන සබ‍්බෙ තෙ අප‍්පටික‍්ඛිප‍්පා, “අපෙථ, න වො දස‍්සාමී”ති එවං න පටික‍්ඛිපිතබ‍්බාති අත්‍ථො. පුබ‍්බාචරියවචො ඉදන‍්ති පුබ‍්බාචරියා වුච‍්චන‍්ති මාතාපිතරො, ඉදං තෙසං වචනං. එවමහං මාතාපිතූහි සික‍්ඛාපිතොති දීපෙති.

එහි, අන්නභච්චා ච භච්චා ච යනු පුරුෂයෙකු ඇසුරු කොට ජීවත්වන අය, කැඳ බත් ආදී ආහාරයෙන් පෝෂණය කළ යුතුය යන අර්ථයෙන් ‘අන්නභච්ච’ නමි. අන් අය එසේ පෝෂණය නොකළ යුතු බැවින් ‘අභච්චා’ නමි. සන්ධිවීම් වශයෙන් වනාහි මෙහි අකාර ලෝපය දතයුතුය. ච+ අභච්චා = චභච්චා මෙපමණකින් තමන් ඇසුරුකොට හා ඇසුරු නොකොට ජීවත්වීම් වශයෙන් සියලු සත්ත්වයෝම කොටස් දෙකකට බෙදා දක්වන ලද්දාහු වෙති. යොධ උද්දිස්ස ගච්ඡති යනු ඒ සත්ත්වයන් අතුරෙන් මේ ජීව ලෝකයෙහි යම් සත්ත්වයෙක් යම්කිසි දෙයක් බලාපොරොත්තුවෙන් යම් පුද්ගලයෙකු වෙත යයිද, සබ්බෙ තෙ අප්පටික්ඛිප්පා යනු ඉදින් එසේ බලාපොරොත්තුවෙන් යන අය බොහෝ දෙනෙක් වුවත් ඒ පුරුෂයා විසින් ඒ සියල්ලෝම ප්‍රතික්‍ෂේප නොකළ යුතුය. “ඉවත්ව යන්න ඔබලාට නොදෙමි” යනුවෙන් මෙසේ ප්‍රතික්‍ෂේප නොකළ යුතුය යන අර්ථයයි. පුබ්බාචරිය වචො ඉදං යනු පූර්වාචාර්යය යනු මව්පිය දෙදෙනායි. මේ ඔවුන්ගේ වචනයයි. මම මව්පියන් විසින් මෙසේ හික්මවන ලදිමියි දක්වයි.

දදාමි වො බ්‍රාහ‍්මණා නාගමෙතන‍්ති යස‍්මා ඉදං අම‍්හාකං පුබ‍්බාචරියවචො, තස‍්මාහං බ්‍රාහ‍්මණා තුම‍්හාකං ඉමං නාගං දදාමි. රාජාරහන‍්ති රඤ‍්ඤො අනුච‍්ඡවිකං. රාජභොග‍්ගන‍්ති රාජපරිභොගං. යසස‍්සිනන‍්ති පරිවාරසම‍්පන‍්නං, තං කිර හත්‍ථිං නිස‍්සාය හත්‍ථිගොපකහත්‍ථිවෙජ‍්ජාදීනි පඤ‍්ච කුලසතානි ජීවන‍්ති, තෙහි සද‍්ධිඤ‍්ඤෙව වො දදාමීති අත්‍ථො. අලඞ‍්කතන‍්ති නානාවිධෙහි හත්‍ථිඅලඞ‍්කාරෙහි අලඞ‍්කතං. හෙමජාලාභිඡන‍්නන‍්ති සුවණ‍්ණජාලෙන අභිච‍්ඡන‍්නං. සසාරථින‍්ති යො පනස‍්ස සාරථි හත්‍ථිගොපකො ආචරියො, තෙන සද‍්ධිංයෙව දදාමි, තස‍්මා සසාරථි හුත්‍වා තුම‍්හෙ සපරිවාරං ඉමං නාගං ගහෙත්‍වා යෙනකාමං ගච‍්ඡථාති.

දදාමි වො යනු මෙය අපගේ දෙමව්පියන්ගේ වචනය වන නිසා බමුණෙනි! මම තොපට මේ ඇතා දෙමි. රාජා රහං යනු රජතුමාට සුදුසු. රාජ භොග්ගං යනු රාජ පරිභෝගය. යසස්සිනං යනු පිරිවර සහිත. ඒ ඇතා නිසා ඇත් ගොව්වන්, ඇත් වෙදුන් ආදී කුල පන්සියයක් ජීවත් වෙත්. ඔවුන් සමගම තොපට දෙන්නෙමි යන අර්ථයි. අලංකතං යනු නොයෙක් ආකාර ඇත් අලංකාරයන්ගෙන් අලංකාර කරන ලද. හෙමජාලාභිජන්නං යනු රන්දැලින් මනාව වැසූ, සසාරථිං යනු යමෙක් ඇතා හික්මවයිද දමනය කරයිද ගුරුවරයා වෙයිද ඔහු සමගම දෙමි. ඒ නිසා ඇත්ගොව්වා ඇතිව පිරිවර සහිතව මේ ඇතා ගෙන තොපි කැමති පරිදි යන්නැයි කීවේය.

එවං හත්‍ථික‍්ඛන්‍ධවරගතොව මහාසත‍්තො වාචාය දත්‍වා පුන හත්‍ථික‍්ඛන්‍ධා ඔරුය‍්හ “සචෙ අනලඞ‍්කතට‍්ඨානං අත්‍ථි, අලඞ‍්කරිත්‍වා දස‍්සාමී”ති වත්‍වා තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කරොන‍්තො උපධාරෙත්‍වා අනලඞ‍්කතට‍්ඨානං අදිස‍්වා තස‍්ස සොණ‍්ඩං බ්‍රාහ‍්මණානං හත්‍ථෙසු ඨපෙත්‍වා සුවණ‍්ණභිඞ‍්කාරෙන පුප‍්ඵගන්‍ධවාසිතං උදකං පාතෙත්‍වා අදාසි. බ්‍රාහ‍්මණා සපරිවාරං නාගං සම‍්පටිච‍්ඡිත්‍වා හත්‍ථිපිට‍්ඨෙ නිසින‍්නා දන‍්තපුරං ගන‍්ත්‍වා හත්‍ථිං රඤ‍්ඤො අදංසු, හත්‍ථිම‍්හි ආගතෙපි දෙවො න වස‍්සතෙව. රාජා “කිං නු ඛො කාරණ”න‍්ති උත‍්තරිං පුච‍්ඡන‍්තො “ධනඤ‍්චයකොරබ්‍යරාජා කුරුධම‍්මං රක‍්ඛති, තෙනස‍්ස රට‍්ඨෙ අන්‍වඩ‍්ඪමාසං අනුදසාහං දෙවො වස‍්සති, රඤ‍්ඤො ගුණානුභාවො චෙස, ඉමස‍්ස පන තිරච‍්ඡානගතස‍්ස ගුණා හොන‍්තාපි කිත‍්තකා භවෙය්‍යු”න‍්ති සුත්‍වා “තෙන හි යථාලඞ‍්කතමෙව සපරිවාරං හත්‍ථිං පතිනෙත්‍වා රඤ‍්ඤො දත්‍වා යං සො කුරුධම‍්මං රක‍්ඛති, තං සුවණ‍්ණපට‍්ටෙ ලිඛිත්‍වා ආනෙථා”ති බ්‍රාහ‍්මණෙ ච අමච‍්චෙ ච පෙසෙසි. තෙ ගන‍්ත්‍වා රඤ‍්ඤො හත්‍ථිං නිය්‍යාදෙත්‍වා “දෙව, ඉමස‍්මිං හත්‍ථිම‍්හි ගතෙපි අම‍්හාකං රට‍්ඨෙ දෙවො න වස‍්සති, තුම‍්හෙ කිර කුරුධම‍්මං නාම රක‍්ඛථ, අම‍්හාකම‍්පි රාජා තං රක‍්ඛිතුකාමො ඉමස‍්මිං සුවණ‍්ණපට‍්ටෙ ලිඛිත්‍වා ආනෙථා”ති පෙසෙසි. “දෙථ නො කුරුධම‍්ම”න‍්ති. “තාතා, සච‍්චාහං එතං කුරුධම‍්මං රක‍්ඛාමි, ඉදානි පන මෙ තත්‍ථ කුක‍්කුච‍්චං අත්‍ථි, න මෙ සො කුරුධම‍්මො චිත‍්තං ආරාධෙති, තස‍්මා තුම‍්හාකං දාතුං න සක‍්කා”ති.

මෙසේ ඇතුපිට සිටිමින්ම මහා සත්ත්වයන් වහන්සේ වචනය දී නැවත ඇතුපිටින් බැස ඉදින් අලංකාර නොවූ තැන් ඇත්නම් අලංකාර කර දෙන්නෙමියි තෙවරක් ඇතු වටේ පැදකුණු කරමින් පරීක්‍ෂා කොට නොසැරසූ තැනක් නොදැක ඇතාගේ හොඬවැල බමුණන්ගේ අත්වල තබා, රන් කෙණ්ඩියෙන් මල් සුවද කැවූ ජලයෙන් පැන් වක්කර දුන්නේය. බමුණෝ පිරිවර සහිත ඇතා පිළිගෙන ඇතුපිට හිඳිමින් දන්තපුර නගරයට ගොස් ඇතා රජුට දුන්නාහුය. ඇතා පැමිණි කල්හිද වැසි නොවැස්සේමය. රජතුමා කරුණු කිමදැයි තවදුරටත් විමසමින් ධනඤ්ජය කෝරව්‍ය රජතුමා කුරු ධර්මය රකියි. ඒ නිසා ඔහුගේ රටේ අඩමසක් පාසා දසදිනක් පාසා වැසි වසියි. එය රජතුමාගේ ගුණානුභාවයයි. මේ තිරිසන්ගත සත්ත්වයාගේ ගුණ ඇතත් ඒ කොපමණ (ටිකක්) වන්නේදැයි අසා එසේනම් සරසන ලද අයුරින්ම පිරිවර සහිත ඇතා ආපසු යවා රජුට බාර දී ඔහු රකින කුරු ධර්මය රන්පතක ලියවාගෙන එන්නැයි බ්‍රාහ්මණයන්ද ඇමතියන්ද යැවීය. ඔවුහු ගොස් රජතුමාට ඇතා පවරා දී දේවයන් වහන්ස! මේ ඇතා ගෙන ගිය කල්හිත් අපේ රටේ වැසි නොවසියි. නුඹවහන්සේ වනාහි කුරු ධර්මය රකිත්ලු. අපගේ රජතුමාද කුරු ධර්මය රකිනු කැමැත්තේය. එය මේ රන්පතේ ලියාගෙන එන්නැයි (අප) එවීය. අපට කුරු ධර්මය දෙනු මැනවියි කීහ. දරුවනි! ඇත්තයි මම මේ කුරු ධර්මය රැක්කෙමි. එය දැන් වනාහි මට එහි සැකයක් ඇත. ඒ කුරුධර්මය මගේ සිත සතුටු නොකරයි. ඒ නිසා එය තොපට දෙන්නට නොහැක්කෙමියි කීය.

කස‍්මා පන තං සීලං රාජානං න ආරාධෙතීති? තදා කිර රාජූනං තතියෙ තතියෙ සංවච‍්ඡරෙ කත‍්තිකමාසෙ පවත‍්තො ඡණො නාම හොති, තං ඡණං කීළන‍්තා රාජානො සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතා දෙවවෙසං ගහෙත්‍වා චිත‍්තරාජස‍්ස නාම යක‍්ඛස‍්ස සන‍්තිකෙ ඨත්‍වා චතුද‍්දිසා පුප‍්ඵපටිමණ‍්ඩිතෙ චිත‍්තසරෙ ඛිපන‍්ති. අයම‍්පි රාජා තං ඛණං කීළන‍්තො එකිස‍්සා තළාකපාළියා චිත‍්තරාජස‍්ස යක‍්ඛස‍්ස සන‍්තිකෙ ඨත්‍වා චතුද‍්දිසා චිත‍්තසරෙ ඛිපිත්‍වා තෙසු සෙසදිසාගතෙ තයො සරෙ දිස‍්වා උදකපිට‍්ඨෙ ඛිත‍්තසරං න අද‍්දස. රඤ‍්ඤො “කච‍්චි නු ඛො මයා ඛිත‍්තො සරො මච‍්ඡසරීරෙ පතිතො”ති කුක‍්කුච‍්චං අහොසි පාණාතිපාතකම‍්මෙන සීලභෙදං ආරබ‍්භ, තස‍්මා සීලං න ආරාධෙති. සො එවමාහ – “තාතා, මය‍්හං කුරුධම‍්මෙ කුක‍්කුච‍්චං අත්‍ථි, මාතා පන මෙ සුරක‍්ඛිතං රක‍්ඛති, තස‍්සා සන‍්තිකෙ ගණ‍්හථා”ති. “මහාරාජ, තුම‍්හාකං ‘පාණං වධිස‍්සාමී’ති චෙතනා නත්‍ථි, තං විනා පාණාතිපාතො නාම න හොති, දෙථ නො අත‍්තනා රක‍්ඛිතං කුරුධම‍්ම”න‍්ති. “තෙන හි ලිඛථා”ති සුවණ‍්ණපට‍්ටෙ ලිඛාපෙසි – “පාණො න හන‍්තබ‍්බො, අදින‍්නං නාදාතබ‍්බං , කාමෙසු මිච‍්ඡා න චරිතබ‍්බං, මුසා න භණිතබ‍්බං , මජ‍්ජං න පාතබ‍්බ”න‍්ති ලිඛාපෙත්‍වා ච පන “එවං සන‍්තෙපි නෙව මං ආරාධෙති, මාතු මෙ සන‍්තිකෙ ගණ‍්හථා”ති ආහ.

කුමක් නිසා ඒ සීලය රජතුමාගේ සිත සතුටු නොකරයිද? එකල්හි රජවරුන්ගේ වසර තුනෙන් තුනට ඉල්මස ඉල් සැණකෙළියක් වෙයි. ඒ සැණකෙළිය කෙළින රජවරු සියලු අලංකාරයෙන් සැරසී දිව්‍ය වෙස්ගෙන චිත්තරාග නම් යක්‍ෂයා සමීපයෙහි සිට මලින් සැරසුණු විසිතුරු ඊතල සතර දිශාවට විදිත්. මේ රජද ඒ සැණකෙළිය කෙළිමින් එක් පොකුණු තෙරක චිත්තරාග සමීපයේ සිට සතර දිශාවට විසිතුරු ඊතල විද්දේය. එයින් සෙසු දිසාවලට ගිය ඊතල තුන දැක දියපිටට විදින ලද ඊතලය නොදුටුවේය. මා විසින් විද්ද ඊතලය මාලුවෙකුගේ ඇඟෙහි වැදුනාවත්දෝයි මෙසේ ප්‍රණඝාත කර්මයෙන් ශීලය බිදීම අරමුණුකොට රජතුමාට සැකයක් ඇතිවිය. ඒ නිසා සීලය (මගේ සිත) සතුටු නොකරයි. ඔහු දරුවනි! මට කුරු ධර්මයෙහි සැකයක් ඇත. මගේ මව සුරැකිව රකින්නීය. ඇගේ සමීපයෙන් ගනිව් යයි මෙසේ කීය. මහරජතුමනි! නුඹ වහන්සේට සතෙකු මරන්නෙමියි චේතනාවක් නැත. සිතක් නැතිව ප්‍රාණඝාතයක් නම් නොවෙයි. තමන් විසින් රක්නා ලද කුරුධර්මය අපට දෙන්නැයි කීහ. එසේ නම් ලියන්නැයි කියා “සතුන් නොමැරිය යුතුයි. නුදුන් දෙයක් නොගත යුතුයි. කාමයන්හි වරදවා නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් නොබිය යුතුයි” යනුවෙන් රන් පත්‍රයක ලියවීය. ලියවා දීත් මෙසේ වුවත් ශීලය මාගේ සිත සතුටු නොකරයි. මගේ මව සමීපයෙන් ගන්නැයි කීවේය.

දූතා රාජානං වන්‍දිත්‍වා තස‍්සා සන‍්තිකං ගන‍්ත්‍වා “දෙවි, තුම‍්හෙ කිර කුරුධම‍්මං රක‍්ඛථ, තං නො දෙථා”ති වදිංසු. “තාතා, සච‍්චාහං කුරුධම‍්මං රක‍්ඛාමි, ඉදානි පන මෙ තත්‍ථ කුක‍්කුච‍්චං උප‍්පන‍්නං, න මෙ සො කුරුධම‍්මො ආරාධෙති තෙන වො දාතුං න සක‍්කා”ති. තස‍්සා කිර ද‍්වෙ පුත‍්තා ජෙට‍්ඨො රාජා, කනිට‍්ඨො උපරාජා. අථෙකො රාජා බොධිසත‍්තස‍්ස සතසහස‍්සග‍්ඝනකං චන්‍දනසාරං සහස‍්සග‍්ඝනකං කඤ‍්චනමාලං පෙසෙසි. සො “මාතරං පූජෙස‍්සාමී”ති තං සබ‍්බං මාතු පෙසෙසි. සා චින‍්තෙසි – “අහං නෙව චන්‍දනං විලිම‍්පාමි, න මාලං ධාරෙමි, සුණිසානං දස‍්සාමී”ති. අථස‍්සා එතදහොසි – “ජෙට‍්ඨසුණිසා මෙ ඉස‍්සරා, අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨිතා, තස‍්සා සුවණ‍්ණමාලං දස‍්සාමි. කනිට‍්ඨසුණිසා පන දුග‍්ගතා, තස‍්සා චන්‍දනසාරං දස‍්සාමී”ති. සා රඤ‍්ඤො දෙවියා සුවණ‍්ණමාලං දත්‍වා උපරාජභරියාය චන්‍දනසාරං අදාසි, දත්‍වා ච පනස‍්සා “අහං කුරුධම‍්මං රක‍්ඛාමි, එතාසං දුග‍්ගතාදුග‍්ගතභාවො මය‍්හං අප‍්පමාණං, ජෙට‍්ඨාපචායිකකම‍්මමෙව පන කාතුං මය‍්හං අනුරූපං, කච‍්චි නු ඛො මෙ තස‍්ස අකතත‍්තා සීලං භින‍්න”න‍්ති කුක‍්කුච‍්චං අහොසි, තස‍්මා එවමාහ. අථ නං දූතා “අත‍්තනො සන‍්තකං නාම යථාරුචියා දීයති, තුම‍්හෙ එත‍්තකෙනපි කුක‍්කුච‍්චං කුරුමානා කිං අඤ‍්ඤං පාපං කරිස‍්සථ, සීලං නාම එවරූපෙන න භිජ‍්ජති, දෙථ නො කුරුධම‍්ම”න‍්ති වත්‍වා තස‍්සාපි සන‍්තිකෙ ගහෙත්‍වා සුවණ‍්ණපට‍්ටෙ ලිඛිංසු.

දූතයෝ රජුට වැඳ මව සමීපයට ගොස් දේවීන් වහන්ස! නුඹවහන්සේ වනාහි කුරු ධර්මය රකින්නෙහුය. එය අපට දෙන්නැයි කීවාහුය. දරුවනි! ඇත්ත. මම කුරු ධර්මය රකිමි. නමුත් දැන් මට ඒ පිළිබද උපන් සැකයක් ඇත. ඒ නිසා කුරු ධර්මය මගේ සිත සතුටු නොකරයි. ඒ නිසා එය ඔබට දෙන්නට නොහැකියයි කීවාය. ඇයට පුතුන් දෙදෙනෙකි. වැඩිමලා රජතුමාය. බාලයා යුවරජුය. ඉක්බිති එක් රජෙක් බෝසතාණන් වහන්සේට ලක්‍ෂයක් වටිනා සඳුන් අරටුවක් ද දහසක් වටිනා රන්මාලයක් ද එවීය. හෙතෙම මවට පුදන්නෙමියි ඒ සියල්ල මවට යැව්වේය. මම සඳුන් ආලේප නොකරන්නෙමි. මල් නොපළදිමි. ලේලිවරුන්ට දෙන්නෙමියි සිතුවාය. ඉන්පසු ඇයට මගේ වැඩිමල් ලේලිය ධනවත්ය. අගමෙහෙසි තනතුරේ සිටියාය. ඇයට රන්මාලය දෙන්නෙමි. බාල ලේලිය දුප්පත්ය. ඇයට සඳුන් අරටුව දෙන්නෙමියි යන සිත ඇතිවිය. ඈ රජුගේ දේවියට රන්මාලය දී යුවරජුගේ බිසවට සඳුන් අරටුව දුන්නාය. එසේ දුන්නත් “මම කුරු ධර්මය රකිමි. මොවුන්ගේ දුප්පත් පොහොසත් බව මට සැලකිය යුතු කරුණක් නොවේ. වැඩිහිටියන්ට සැලකීමම මවිසින් කිරීම සුදුසුය. එය මවිසින් නොකළ බැවින් ශීලය බිඳුනාවත්දැයි” යනුවෙන් සැකයක් ඇති විය. ඒ නිසා මෙසේ කීවාය. ඉක්බිති දූතයෝ “තමන් සතු දේ කැමති පරිදි දෙනු ලැබේ. ඔබවහන්සේ මෙපමණකින්ම සැක කරමින් වෙනත් පවක් නම් කරව්ද? සීලය නම් මෙවැන්නකින් නොබිඳෙයි. ඒ නිසා අපට කුරු ධර්මය දෙන්නැයි ඇයට කියා ඇය සමීපයෙන්ද එය ගෙන රන්පතක ලිවූහ.

“තාතා, එවං සන‍්තෙපි නෙව මං ආරාධෙති, සුණිසා පන මෙ සුට‍්ඨු රක‍්ඛති, තස‍්සා සන‍්තිකෙ ගණ‍්හථා”ති වුත‍්තා ච පන අග‍්ගමහෙසිං උපසඞ‍්කමිත්‍වා පුරිමනයෙනෙව කුරුධම‍්මං යාචිංසු. සාපි පුරිමනයෙනෙව වත්‍වා “ඉදානි මං සීලං නාරාධෙති, තෙන වො දාතුං න සක‍්කා”ති ආහ. සා කිර එකදිවසං සීහපඤ‍්ජරෙ ඨිතා රඤ‍්ඤො නගරං පදක‍්ඛිණං කරොන‍්තස‍්ස පච‍්ඡතො හත්‍ථිපිට‍්ඨෙ නිසින‍්නං උපරාජං දිස‍්වා ලොභං උප‍්පාදෙත්‍වා “සචාහං ඉමිනා සද‍්ධිං සන්‍ථවං කරෙය්‍යං, භාතු අච‍්චයෙන රජ‍්ජෙ පතිට‍්ඨිතො මං එස සඞ‍්ගණ‍්හෙය්‍යා”ති චින‍්තෙසි. අථස‍්සා “අහං කුරුධම‍්මං රක‍්ඛමානා සසාමිකා හුත්‍වා කිලෙසවසෙන අඤ‍්ඤං පුරිසං ඔලොකෙසිං, සීලෙන මෙ භින‍්නෙන භවිතබ‍්බ”න‍්ති කුක‍්කුච‍්චං අහොසි, තස‍්මා එවමාහ. අථ නං දූතා “අතිචාරො නාම අය්‍යෙ චිත‍්තුප‍්පාදමත‍්තෙන න හොති, තුම‍්හෙ එත‍්තකෙනපි කුක‍්කුච‍්චං කුරුමානා වීතික‍්කමං කිංකරිස‍්සථ, න එත‍්තකෙන සීලං භිජ‍්ජති, දෙථ නො කුරුධම‍්ම”න‍්ති වත්‍වා තස‍්සාපි සන‍්තිකෙ ගහෙත්‍වා සුවණ‍්ණපට‍්ටෙ ලිඛිංසු.

දරුව! මෙසේ ඇතිකල්හිත් මාගේ හිතට සතුටක් ගෙන නොදෙයි. මාගේ ලේලිය වනාහි මනාව රකියි. ඇය සමීපයෙන් ගන්නැයි කී කල්හි අගමෙහෙසිය වෙතද එළඹ පෙර පරිදිම කුරු ධර්මය ඉල්ලූහ. ඈද පෙර පරිදිම කියා දැන් සීලය මට සතුටක් නොදෙයි. ඒ නිසා තොපට දෙන්නට නොහැකියයි කීවාය. ඈ වනාහි එක්දිනක් සීමැදුරු කවුළුව අසල සිටින්නී නගරය පැදකුණු කරන රජතුමා පසුපස, ඇතුපිට සිටින යුවරජු දැක ආසා උපදවා ඉදින් මම මොහු සමග සංවාසයේ යෙදෙන්නේ නම් සහෝදරයාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටි මොහු මට සංග්‍රහ කරන්නේ යයි සිතුවාය. ඉන්පසු ඇයට ‘මම කුරු ධර්මය රකින සැමියෙකු සිටින මම කෙලෙස් වශයෙන් අන් පුරුෂයෙකු දෙස බැලූවෙමි. ඒ නිසා මගේ සීලය බි‌ඳෙන්නට ඇතැයි” සැකයක් ඇතිවිය. ඒ නිසා මෙසේ කීවාය. ඉක්බිති දූතයෝ ඇයට දේවයිනි, සැමියා ඉක්මවා යාම නම් සිතුවිල්ලක් ඇතිවූ පමණින්ම සිදු නොවෙයි. නුඹවහන්සේ මෙපමණකින්ම සැක කරනවා නම් ශික්‍ෂා කඩ කිරීමක් කෙසේ කරව්ද? මෙපමණකින්ම සීලය නොබිඳෙයි. අපට කුරු ධර්මය දෙසන සේක්වායි කියා ඇය සමීපයෙන්ද ගෙන රන්පතක ලියූහ.

“තාතා, එවං සන‍්තෙපි නෙව මං ආරාධෙති, උපරාජා පන සුට‍්ඨු රක‍්ඛති, තස‍්ස සන‍්තිකෙ ගණ‍්හථා”ති වුත‍්තා ච පන උපරාජානං උපසඞ‍්කමිත්‍වා පුරිමනයෙනෙව කුරුධම‍්මං යාචිංසු. සො පන සායං රාජුපට‍්ඨානං ගච‍්ඡන‍්තො රථෙනෙව රාජඞ‍්ගණං පත්‍වා සචෙ රඤ‍්ඤො සන‍්තිකෙ භුඤ‍්ජිත්‍වා තත්‍ථෙව සයිතුකාමො හොති, රස‍්මියො ච පතොදඤ‍්ච අන‍්තොධුරෙ ඡඩ‍්ඩෙති. තාය සඤ‍්ඤාය ජනො පක‍්කමිත්‍වා පුනදිවසෙ පාතොව ගන‍්ත්‍වා තස‍්ස නික‍්ඛමනං ඔලොකෙන‍්තොව තිට‍්ඨති. සාරථිපි රථං ගොපයිත්‍වා පුනදිවසෙ පාතොව තං ආදාය රාජද‍්වාරෙ තිට‍්ඨති. සචෙ තඞ‍්ඛණඤ‍්ඤෙව නික‍්ඛන‍්තුකාමො හොති, රස‍්මියො ච පතොදඤ‍්ච අන‍්තොරථෙයෙව ඨපෙත්‍වා රාජුපට‍්ඨානං ගච‍්ඡති. මහාජනො තාය සඤ‍්ඤාය “ඉදානෙව නික‍්ඛමිස‍්සතී”ති රාජද‍්වාරෙයෙව තිට‍්ඨති. සො එකදිවසං එවං කත්‍වා රාජනිවෙසනං පාවිසි, පවිට‍්ඨමත‍්තස‍්සයෙවස‍්ස දෙවො පාවස‍්සි. රාජා “දෙවො වස‍්සතී”ති තස‍්ස නික‍්ඛන‍්තුං නාදාසි, සො තත්‍ථෙව භුඤ‍්ජිත්‍වා සයි. මහාජනො “ඉදානි නික‍්ඛමිස‍්සතී”ති සබ‍්බරත‍්තිං තෙමෙන‍්තො අට‍්ඨාසි. උපරාජා දුතියදිවසෙ නික‍්ඛමිත්‍වා තෙමෙත්‍වා ඨිතං මහාජනං දිස‍්වා “අහං කුරුධම‍්මං රක‍්ඛන‍්තො එත‍්තකං ජනං කිලමෙසිං, සීලෙන මෙ භින‍්නෙන භවිතබ‍්බ”න‍්ති කුක‍්කුච‍්චං අහොසි, තෙන තෙසං දූතානං “සච‍්චාහං කුරුධම‍්මං රක‍්ඛාමි, ඉදානි පන මෙ කුක‍්කුච‍්චං අත්‍ථි, තෙන වො න සක‍්කා දාතු”න‍්ති වත්‍වා තමත්‍ථං ආරොචෙසි. අථ නං දූතා “තුම‍්හාකං, දෙව, ‘එතෙ කිලමන‍්තූ’ති චිත‍්තං නත්‍ථි, අචෙතනකං කම‍්මං න හොති, එත‍්තකෙනපි කුක‍්කුච‍්චං කරොන‍්තානං කථං තුම‍්හාකං වීතික‍්කමො භවිස‍්සතී”ති වත්‍වා තස‍්සපි සන‍්තිකෙ සීලං ගහෙත්‍වා සුවණ‍්ණපට‍්ටෙ ලිඛිංසු.

දරුව! මෙසේ වුවත් ශීලය මගේ සිතට සතුටක් ගෙන නොදෙයි. යුව රජතුමා මනාව කුරු ධර්මය රකියි. ඔහු සමීපයෙන් ගන්නැයි කියන ලද ඔවුහු යුවරජ වෙත එළඹ පෙර පරිද්දේම කුරු ධර්මය ඉල්ලූහ. ඔහු වනාහි හවස් කාලයෙහි රාජ සේවයට යමින් රථයෙන්ම රජ මිදුලට පැමිණ ඉදින් රජු සමීපයේ අනුභවකොට එහිම නිදනු කැමති විය. රැහැන් හා කෙවිටද රිය තුල දමයි. ඒ සංඥාවෙන් සේවකයෝ ඉවත්ව ගොස් පසුදින උදෙන්ම ගොස් ඔහුගේ නික්මීම බලාපොරොත්තුවෙන් සිටිති. රියදුරාද රිය පිළියෙළකොට පසුදින උදෙන්ම රථය ගෙන රජ දොරටුවෙහි සිටියි. ඉදින් ඒ මොහොතේම ආපසු එනු කැමැත්තෙන් නම් රැහැන්ද, කෙවිටද රථයෙහි පිටත තබා රාජ සේවයට යයි. සේවකයෝ ඒ සංඥාවෙන් දැන්ම ආපසු එන්නේ යයි දැන රජ දොරටුවෙහිම සිටියි. ඔහු එක්දිනක් මෙසේ කොට රජ මාළිගයට පිවිසියේය. ඔහු රජගෙට පිවිසි අවස්ථාවෙහිම වැසි වැස්සේය. රජතුමා වැස්ස වසී යයි ඔහුට නික්මෙන්නට නුදුන්නේය. ඔහු එහිම අනුභව කොට නිදාගත්තේය. සේවකයෝ දැන් ආපසු එන්නේ යයි සිතා මුළු රාත්‍රියම තෙමෙමින් සිටියහ. යුවරජ පසුදින නික්ම තෙමී සිටි සේවකයෝ දැක මම කුරු ධර්මය රකිමින් මෙපමණක් පිරිස වෙහෙසට පත් කළෙමි. මාගේ සීලය බිඳුනේ විය යුතුයයි සැක කළේය. ඒ නිසා දූතයන්ට සත්‍ය වශයෙන්ම මම කුරු ධර්මය රකිමි. නමුත් දැන් මට සැකයක් ඇත. ඒ නිසා තොපට දීමට නොහැකියයි කියා ඒ කාරණාව කීවේය. ඉන්පසු ඔහුට දූතයෝ, දේවයන් වහන්ස! ඔබවහන්සේට මොවුන් වෙහෙසට පත්වේවායි කියා සිතක් නැත. චේතනාවන් නැතිව කර්මයක් නොවෙයි. මෙබඳු සුළු දේටත් සැක කරන්නේ නම් නුඹ වහන්සේට කෙසේ ශික්‍ෂාපද කැඩීයාමක් සිදුවන්නේදැයි කියා ඔහු සමීපයෙන් ද සීලය ගෙන රන්පතේ ලියූහ.

“එවං සන‍්තෙපි නෙව මං ආරාධෙති, පුරොහිතො පන සුට‍්ඨු රක‍්ඛති, තස‍්ස සන‍්තිකෙ ගණ‍්හථා”ති වුත‍්තා ච පන පුරොහිතං උපසඞ‍්කමිත්‍වා යාචිංසු. සොපි එකදිවසං රාජුපට‍්ඨානං ගච‍්ඡන‍්තො එකෙන රඤ‍්ඤා තස‍්ස රඤ‍්ඤො පෙසිතං තරුණරවිවණ‍්ණං රථං අන‍්තරාමග‍්ගෙ දිස‍්වා “කස‍්සායං රථො”ති පුච‍්ඡිත්‍වා “රඤ‍්ඤො ආභතො”ති සුත්‍වා “අහං මහල‍්ලකො, සචෙ මෙ රාජා ඉමං රථං දදෙය්‍ය, සුඛං ඉමං ආරුය‍්හ විචරෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා රාජුපට‍්ඨානං ගතො. තස‍්ස ජයාපෙත්‍වා ඨිතකාලෙ රඤ‍්ඤො රථං දස‍්සෙසුං. රාජා දිස‍්වා “අති විය සුන්‍දරො අයං රථො, ආචරියස‍්ස නං දෙථා”ති ආහ. පුරොහිතො න ඉච‍්ඡි, පුනප‍්පුනං වුච‍්චමානොපි න ඉච‍්ඡියෙව. කිංකාරණා? එවං කිරස‍්ස අහොසි – “අහං කුරුධම‍්මං රක‍්ඛන‍්තොව පරසන‍්තකෙ ලොභං අකාසිං, භින‍්නෙන මෙ සීලෙන භවිතබ‍්බ”න‍්ති. සො එතමත්‍ථං ආචික‍්ඛිත්‍වා “තාතා, කුරුධම‍්මෙ මෙ කුක‍්කුච‍්චං අත්‍ථි, න මං සො ධම‍්මො ආරාධෙති, තස‍්මා න සක‍්කා දාතු”න‍්ති ආහ. අථ නං දූතා “අය්‍ය, ලොභුප‍්පාදමත‍්තෙන න සීලං භිජ‍්ජති, තුම‍්හෙ එත‍්තකෙනපි කුක‍්කුච‍්චං කරොන‍්තා කිං වීතික‍්කමං කරිස‍්සථා”ති වත්‍වා තස‍්සපි සන‍්තිකෙ සීලං ගහෙත්‍වා සුවණ‍්ණපට‍්ටෙ ලිඛිංසු.

එසේ ඇති කල්හිද මාගේ සිතට සතුටක් ගෙන නොදෙයි. පෙරෙවි බමුණා එය මනාව රකියි. ඔහු සමීපයෙන් ගන්නැයි කීවේය. ඔවුහු පෙරෙවි බමුණා වෙත එළඹ ඉල්ලූහ. ඔහුද එක්දිනක් රාජ සේවයට යමින් එක් රජ කෙනෙකු විසින් ඒ රජුට එවන ලද තරුණ හිරු මඬලෙහි වර්ණයෙන් යුතු රථයක් අතරමගදී දැක මේ රථය කාගේදැයි විචාරා රජතුමාට පඬුරු වශයෙන් ලැබුණු එකක් බව අසා, මම මහලුය, ඉදින් මට රජතුමා මේ රථය දෙන්නේ නම් සැපසේ මෙයට නැග හැසිරෙන්නෙමියි සිතා රාජ සේවයට ගියේය. රජුට ජයපතා සිටි කාලයෙහි (ගෙන ආ අය) රජතුමාට රථය පෙන්වූහ. රජතුමා එය දැක මේ රථය ඉතා සුන්දරය. එය ආචාරීන් වහන්සේට දෙවයි කීවේය. පෙරෙවි බමුණා කැමති නොවෙයි. නැවත නැවතත් කීවේ නමුදු කැමති නොවුයේමය. කුමක් නිසා මොහුට කැමැත්තක් නොවීද? මම කුරු ධර්මය රකිමින්ම අනුන් සන්තක දේට ලෝභ කෙළෙමි. මගේ සීලය බිඳෙන්නට ඇතැයි සිතමි. හෙතෙම මේ කරුණ කියා දරුවනි! මට කුරු ධර්මයෙහි සැකයක් ඇත. ඒ ධර්මය මා සිත සතුටු නොකරයි. ඒ නිසා දෙන්නට නොහැකියයි කීවේය. ඉක්බිති දූතයෝ උතුමාණනි! ලෝභය ඉපදවූ පමණින් සිල් බිඳෙන්නේ නැත. නුඹ වහන්සේ එපමණකින්ම සැක කරන්නේ නම් සිල් කඩවීමක් කෙසේ සිදුවන්නේදැයි එහුට කියා ඔහු සමීපයෙන්ද සීලය ගෙන රන්පතේ ලියූහ.

“එවං සන‍්තෙපි නෙව මං ආරාධෙති, රජ‍්ජුගාහකො අමච‍්චො පන සුට‍්ඨු රක‍්ඛති, තස‍්ස සන‍්තිකෙ ගණ‍්හථා”ති වුත‍්තා ච පන තම‍්පි උපසඞ‍්කමිත්‍වා යාචිංසු. සොපි එකදිවසං ජනපදෙ ඛෙත‍්තං මිනන‍්තො රජ‍්ජුං දණ‍්ඩකෙ බන්‍ධිත්‍වා එකං කොටිං ඛෙත‍්තසාමිකෙන ගණ‍්හාපෙත්‍වා එකං අත‍්තනා අග‍්ගහෙසි, තෙන ගහිතරජ‍්ජුකොටියා බද‍්ධදණ‍්ඩකො එකස‍්ස කක‍්කටකස‍්ස බිලමජ‍්ඣං පාපුණි. සො චින‍්තෙසි – “සචෙ දණ‍්ඩකං බිලෙ ඔතාරෙස‍්සාමි, අන‍්තොබිලෙ කක‍්කටකො නස‍්සිස‍්සති. සචෙ පන පරතො කරිස‍්සාමි, රඤ‍්ඤො සන‍්තකං නස‍්සිස‍්සති. සචෙ ඔරතො කරිස‍්සාමි, කුටුම‍්බිකස‍්ස සන‍්තකං නස‍්සිස‍්සති, කිං නු ඛො කාතබ‍්බ”න‍්ති? අථස‍්ස එතදහොසි – “බිලෙ කක‍්කටකෙන භවිතබ‍්බං, සචෙ භවෙය්‍ය, පඤ‍්ඤායෙය්‍ය, එත්‍ථෙව නං ඔතාරෙස‍්සාමී”ති බිලෙ දණ‍්ඩකං ඔතාරෙසි, කක‍්කටකො “කිරී”ති සද‍්දමකාසි. අථස‍්ස එතදහොසි – “දණ‍්ඩකො කක‍්කටකපිට‍්ඨෙ ඔතිණ‍්ණො භවිස‍්සති, කක‍්කටකො මතො භවිස‍්සති, අහඤ‍්ච කුරුධම‍්මං රක‍්ඛාමි, තෙන මෙ සීලෙන භින‍්නෙන භවිතබ‍්බ”න‍්ති . සො එතමත්‍ථං ආචික‍්ඛිත්‍වා “ඉමිනා මෙ කාරණෙන කුරුධම‍්මෙ කුක‍්කුච‍්චං අත්‍ථි, තෙන වො න සක‍්කා දාතු”න‍්ති ආහ. අථ නං දූතා “තුම‍්හාකං ‘කක‍්කටකො මරතූ’ති චිත‍්තං නත්‍ථි, අචෙතනකං කම‍්මං නාම න හොති. තුම‍්හෙ එත‍්තකෙනපි කුක‍්කුච‍්චං කරොන‍්තා කිං වීතික‍්කමං කරිස‍්සථා”ති වත්‍වා තස‍්සපි සන‍්තිකෙ සීලං ගහෙත්‍වා සුවණ‍්ණපට‍්ටෙ ලිඛිංසු.

මෙසේ ඇතිකල්හිද මගේ සිත සතුටු නොවේ. ඉඩම් මනින ඇමතියා මනාව රකියි. ඔහු සමීපයෙන් ගන්නැයි කී කල්හි ඔහු වෙතද ගොස් ඉල්ලූහ. ඔහුද එක්දිනක් ජනපදයෙහි කුඹුරක් මනිමින් රැහැන ලීයක බැඳ එක් කොනක් කුඹුරු හිමියා ලවා ගනිවා අනික් කොන තමන් විසින් ගන්නා ලදි. ඔහු විසින් ගන්නා ලද රැහැන් කොන බඳින ලද ලීය එක් කකුළුවෙකුගේ බෙණය මැදට පැමිණියේය. ඔහු ඉදින් ලීය බෙනට බස්සවන්නෙමි නම් බෙනය තුළ කකුළුවා නසින්නේය. ඉදින් ඉදිරියට (වැඩිපුර) ගන්නේ නම් රජතුමා සතු කොටස අඩු වන්නේය. ඉදින් මේ පැත්තෙන් දණ්ඩ සිටවූවොත් කෙළෙඹියා සතු කොටස අඩු වන්නේය. කුමක් කළයුතුදැයි සිතුවේය. ඉක්බිති මොහුට මෙබඳු සිතක් ඇතිවිය. විලෙහි කකුළුවෙකු සිටින්නට පුළුවන. ඉදින් සිටියොත් ඒ බව පැහැදිලි වන්නේයයි සිතා එම විලෙහිම දණ්ඩ බස්සවන්නෙමියි සිතා බිලෙහිම බැස්සවීය. කකුළුවා ‘කිරී’ යන ශබ්දය කළේය. ඉක්බිති මොහුට ලීය කකුළුවාගේ පිටට වැටෙන්නට ඇත. කකුළුවා මැරෙන්නට ඇත. මමද කුරු ධර්මය රකිමි. ඒ කාරණයෙන් මගේ කුරු ධර්මය බිඳෙන්නට ඇතැයි කියා යන අදහස ඇතිවිය. හෙතෙම මට මේ කාරණය නිසා කුරු ධර්මයෙහි කුකුසක් ඇත. ඒ නිසා තොපට දීමට නොහැකියයි කිවේය. ඉක්බිති ඔහුට දූතයෝ තොපට කකුළුවා මැරේවායි කියා සිතක් නැත. චේතනාවක් නැතිව කර්මයක් නොවෙයි. තොප එපමණකින් සැක කරන්නාහු නම් ශික්‍ෂා කැඩීමක් කරන්නහුදැයි කියා ඔහු සමීපයෙනුත් සීලය ඉල්ලාගෙන රන්පතෙහි ලියූහ.

“එවං සන‍්තෙපි නෙව මං ආරාධෙති, සාරථි පන සුට‍්ඨු රක‍්ඛති, තස‍්ස සන‍්තිකෙ ගණ‍්හථා”ති වුත‍්තා ච පන තම‍්පි උපසඞ‍්කමිත්‍වා යාචිංසු. සො එකදිවසං රාජානං රථෙන උය්‍යානං නෙසි. රාජා තත්‍ථ දිවා කීළිත්‍වා සායං නික‍්ඛමිත්‍වා රථං අභිරුහි, තස‍්ස නගරං අසම‍්පත‍්තස‍්සෙව සූරියත්‍ථඞ‍්ගමනවෙලාය මෙඝො උට‍්ඨහි. සාරථි රඤ‍්ඤො තෙමනභයෙන සින්‍ධවානං පතොදසඤ‍්ඤමදාසි. සින්‍ධවා ජවෙන පක‍්ඛන්‍දිංසු. තතො පට‍්ඨාය ච පන තෙ උය්‍යානං ගච‍්ඡන‍්තාපි තතො ආගච‍්ඡන‍්තාපි තං ඨානං පත්‍වා ජවෙන ගච‍්ඡන‍්ති ආගච‍්ඡන‍්ති. කිං කාරණා? තෙසං කිර එතදහොසි – “ඉමස‍්මිං ඨානෙ පරිස‍්සයෙන භවිතබ‍්බං, තෙන නො සාරථි තදා පතොදසඤ‍්ඤං අදාසී”ති. සාරථිස‍්සපි එතදහොසි – “රඤ‍්ඤො තෙමනෙ වා අතෙමනෙ වා මය‍්හං දොසො නත්‍ථි, අහං පන අට‍්ඨානෙ සුසික‍්ඛිතසින්‍ධවානං පතොදසඤ‍්ඤං අදාසිං, තෙන ඉමෙ ඉදානි අපරාපරං ජවන‍්තා කිලමන‍්ති, අහඤ‍්ච කුරුධම‍්මං රක‍්ඛාමි, තෙන මෙ භින‍්නෙන සීලෙන භවිතබ‍්බ”න‍්ති. සො එතමත්‍ථං ආචික‍්ඛිත්‍වා “ඉමිනා කාරණෙන කුරුධම‍්මෙ කුක‍්කුච‍්චං අත්‍ථි, තෙන වො න සක‍්කා දාතු”න‍්ති ආහ. අථ නං දූතා “තුම‍්හාකං ‘සින්‍ධවා කිලමන‍්තූ’ති චිත‍්තං නත්‍ථි, අචෙතනකං කම‍්මං නාම න හොති, එත‍්තකෙනපි ච තුම‍්හෙ කුක‍්කුච‍්චං කරොන‍්තා කිං වීතික‍්කමං කරිස‍්සථා”ති වත්‍වා තස‍්ස සන‍්තිකෙ සීලං ගහෙත්‍වා සුවණ‍්ණපට‍්ටෙ ලිඛිංසු.

එසේ වුවද සීලය මගේ සිත සතුටු නොකරයි. රථාචාරියා වනාහි මනාව එය රකියි. ඔහු සමීපයෙන්ද ගන්නැයි කී කල්හි ඔහු වෙතද එළඹ කුරුධර්මය ඉල්ලූහ. හෙතෙම එක් දවසක් රථයෙන් රජු උයනට පැමිණවීය. රජතුමා එහි දවල් ක්‍රීඩාකොට සවස් කල නික්මී රථයට නැංගේය. ඔහු නගරයට ළඟා නොවූ කල්හිම හිරු බැස යන වේලාවේ වැස්සක් උදාවිය. රථාචාරියා රජතුමා තෙමේය යන බියෙන් අශ්වයන්ට කෙවිටෙන් සංඥාවක් දුන්නේය. අශ්වයෝ වේගයෙන් දුවූහ. එතැන් පටන් ඔවුන් උයනට යද්දීද එයින් ආපසු එද්දීද ඒ ස්ථානයට පැමිණ වේගයෙන් දුවති. කුමන කාරණයක් නිසාද? අශ්වයින්ට, මේ ස්ථානයෙහි යම් විපතක් විය යුතුය. එහෙයින් එදා රියදුරාට අපට කෙවිටෙන් සංඥාවක් දුන්නේ යයි අදහසක් ඇතිවිය. රථාචාරියාට රජතුමා තෙමුණත් නොතෙමුණත් මට දොසක් නැත. මම වනාහි අස්ථානයේ හික්මුණු අසුන්ට කෙවිටි සංඥාවක් දුන්නෙමි. ඒ නිසා මොවුන් දැන් වහ වහා දුවමින් වෙහෙසට පත්වෙත්. මමද කුරු ධර්මය රකිමි. මගේ කුරුධර්මය බිඳෙන්නට ඇතැයි කියා සිතක් ඇතිවිය. හෙතෙම මේ කරුණ කියා, මේ හේතුව නිසා මට කුරු ධර්මයෙහි සැකයක් ඇත. ඒ නිසා තොපට දෙන්නට නොහැකි යයි කීවේය. ඉක්බිති ඔහුට දූතයෝ නුඹවහන්සේට අශ්වයන්ට ක්ලාන්ත වෙත්වායි කියා සිතක් නැත. චේතනාවක් නැතිව කර්මයක් නම් නැත. එපමණකටත් ඔබ සැක කරන්නේ නම් ශික්‍ෂා කඩ කිරීමක් කෙසේ කරව්දැයි කියා ඔහු සමීපයෙනුත් සීලය ලබාගෙන රන්පතෙහි ලියූහ.

“එවං සන‍්තෙපි නෙව මං ආරාධෙති, සෙට‍්ඨි පන සුට‍්ඨු රක‍්ඛති, තස‍්ස සන‍්තිකෙ ගණ‍්හථා”ති වුත‍්තා ච පන තම‍්පි උපසඞ‍්කමිත්‍වා යාචිංසු. සොපි එකදිවසං ගබ‍්භතො නික‍්ඛන‍්තසාලිසීසං අත‍්තනො සාලිඛෙත‍්තං ගන‍්ත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා නිවත‍්තමානො “වීහිමාලං බන්‍ධාපෙස‍්සාමී”ති එකං සාලිසීසමුට‍්ඨිං ගාහාපෙත්‍වා ථූණාය බන්‍ධාපෙසි. අථස‍්ස එතදහොසි – “ඉමම‍්හා කෙදාරා මයා රඤ‍්ඤො භාගො දාතබ‍්බො, අදින‍්නභාගතොයෙව මෙ කෙදාරතො සාලිසීසමුට‍්ඨි ගාහාපිතො, අහඤ‍්ච කුරුධම‍්මං රක‍්ඛාමි, තෙන මෙ භින‍්නෙන සීලෙන භවිතබ‍්බ”න‍්ති. සො එතමත්‍ථං ආචික‍්ඛිත්‍වා “ඉමිනා මෙ කාරණෙන කුරුධම‍්මෙ කුක‍්කුච‍්චං අත්‍ථි, තෙන වො න සක‍්කා දාතු”න‍්ති ආහ. අථ නං දූතා “තුම‍්හාකං ථෙය්‍යචිත‍්තං නත්‍ථි, තෙන විනා අදින‍්නාදානං නාම පඤ‍්ඤාපෙතුං න සක‍්කා, එත‍්තකෙනපි කුක‍්කුච‍්චං කරොන‍්තා තුම‍්හෙ පරසන‍්තකං නාම කිං ගණ‍්හිස‍්සථා”ති වත්‍වා තස‍්සපි සන‍්තිකෙ සීලං ගහෙත්‍වා සුවණ‍්ණපට‍්ටෙ ලිඛිංසු.

එසේ වුවත් මගේ සිත සතුටු නොවේ. සිටුතුමා හොඳින් කුරු ධර්මය රකියි. ඔහු සමීපයෙන් ගන්නැයි කිය. ඔවුහු සිටුතුමා වෙතද එළඹ කුරු ධර්මය ඉල්ලූහ. සිටුතුමාද දිනක් ගැබෙන් (කොපුවෙන්) නික්මුණු වි කරල් ඇති තමාගේ හැල්කෙතට ගොස් විමසා බලා ආපසු එන ගමන් වී මාලයක් බන්දවන්නෙමියි සිතා එක කරල් මිටක් ගන්වාගෙන කණුවක බැන්දවීය. ඉන්පසු ඔහුට “මේ කුඹුරෙන් රජතුමාට අයත් කොටස මා විසින් දිය යුතුය. කොටස නොදුන් මගේ කුඹුරෙන් හැල්වී මිටක් ගන්වා ගතිමි. මමද කුරු ධර්මය රකිමි. එහෙයින් මගේ සීලය බිඳෙන්නට ඇතැ” යි කියා සිතක් ඇතිවිය. ඔහු මේ කාරණාව කියා මේ කාරණයෙන් මට කුරුධර්මය පිළිබඳ සැකයක් ඇත. ඒ නිසා එය තොපට දෙන්නට නොහැකියයි කීය. ඉක්බිති දූතයෝ ඔහුට කියන්නේ ඔබට සොර සිතක් නැත. එයින් තොරව සොරකමක් පණවන්නට නොහැකිය. එපමණකින්ම සැක කරන තෙපි අනුන් සතු දෙයක් නම් ගන්නාහුදැයි කියා ඔහු සමීපයෙන්ද සීලය ඉල්වාගෙන රන්පතෙහි ලියූහ.

“එවං සන‍්තෙපි නෙව මං ආරාධෙති, දොණමාපකො පන මහාමත‍්තො සුට‍්ඨු රක‍්ඛති, තස‍්ස සන‍්තිකෙ ගණ‍්හථා”ති වුත‍්තා ච පන තම‍්පි උපසඞ‍්කමිත්‍වා යාචිංසු. සො කිර එකදිවසං කොට‍්ඨාගාරද‍්වාරෙ නිසීදිත්‍වා රාජභාගෙ වීහිං මිනාපෙන‍්තො අමිතවීහිරාසිතො වීහිං ගහෙත්‍වා ලක‍්ඛං ඨපෙසි, තස‍්මිං ඛණෙ දෙවො පාවස‍්සි. මහාමත‍්තො ලක‍්ඛානි ගණෙත්‍වා “මිතවීහී එත‍්තකා නාම හොන‍්තී”ති වත්‍වා ලක‍්ඛවීහිං සංකඩ‍්ඪිත්‍වා මිතරාසිම‍්හි පක‍්ඛිපිත්‍වා වෙගෙන ගන‍්ත්‍වා ද‍්වාරකොට‍්ඨකෙ ඨත්‍වා චින‍්තෙසි – “කිං නු ඛො මයා ලක‍්ඛවීහී මිතවීහිරාසිම‍්හි පක‍්ඛිත‍්තා, උදාහු අමිතරාසිම‍්හී”ති. අථස‍්ස එතදහොසි – “සචෙ මෙ මිතවීහිරාසිම‍්හි පක‍්ඛිත‍්තා අකාරණෙනෙව රඤ‍්ඤො සන‍්තකං වඩ‍්ඪිතං, ගහපතිකානං සන‍්තකං නාසිතං, අහඤ‍්ච කුරුධම‍්මං රක‍්ඛාමි, තෙන මෙ භින‍්නෙන සීලෙන භවිතබ‍්බ”න‍්ති. සො එතමත්‍ථං ආචික‍්ඛිත්‍වා “ඉමිනා මෙ කාරණෙන කුරුධම‍්මෙ කුක‍්කුච‍්චං අත්‍ථි, තෙන වො න සක‍්කා දාතු”න‍්ති ආහ. අථ නං දූතා “තුම‍්හාකං ථෙය්‍යචිත‍්තං නත්‍ථි, තෙන විනා අදින‍්නාදානං නාම පඤ‍්ඤාපෙතුං න සක‍්කා, එත‍්තකෙනපි කුක‍්කුච‍්චං කරොන‍්තා කිං තුම‍්හෙ පරස‍්ස සන‍්තකං ගණ‍්හිස‍්සථා”ති වත්‍වා තස‍්සපි සන‍්තිකෙ සීලං ගහෙත්‍වා සුවණ‍්ණපට‍්ටෙ ලිඛිංසු.

මෙසේ ඇති කල්හිද මට සතුටක් නැත. ධාන්‍ය මනින්නා වූ මහ ඇමතියා වනාහි මනාව කුරු ධර්මය රකියි. ඔහු සමීපයෙන් එය ගන්නැයි කී කල්හි ඔහු වෙත එළඹ ඉල්ලූහ. ඔහු වනාහි එක්දිනක් ගබඩා දොරටුව ළඟ හිඳ රජුගේ භාණ්ඩාගාරයට වී මන්නවමින් නොමැන්න වී ගොඩෙන් වී ගෙන සලකුණ (අලගුව) තැබීය. ඒ අවස්ථාවෙහි වැස්සක් වැස්සේය. මහ ඇමති අලගුවට තැබූ කොටස් ගණන්කොට මනින ලද වී මෙපමණයයි කියා අලගුවට ගත් වී ඇද මනින ලද වී ගොඩට දමා වේගයෙන් ගොස් දොර කොටුවෙහි සිට මා විසින් අලගුවට ගත් වී දමන ලද්දේ මනින ලද වී ගොඩටද නොමනින ලද වී ගොඩටදැයි සිතීය. ඉන්පසු ඔහුට “අලගුවට ගත් වී මනින ලද වී ගොඩට දැමුවේ නම් රජුට අයත් වී නිකරුණෙහි වැඩිකරන ලදි. ගෘහපතියන්ගේ වී අඩුකරන ලදි. (නසන ලදි) මමද කුරු ධර්මය රකිමි. ඒ කාරණයෙන් මගේ ශීලය බිඳෙන්නට ඇතැයි” යන මේ අදහස ඇතිවිය. ඔහු මේ කරුණ කියා මේ නිසා මට කුරු ධර්මය ගැන සැකයක් ඇත. ඒ නිසා තොපට දෙන්නට නොහැකි යයි කීවේය. ඉක්බිති ඔහුට දූතයෝ, ඔබට සොර සිතක් නැත. එයින් තොරව අදත්තාදානයක් (හොරකමක්) නම් පනවන්නට නොහැකිය. එපමණකටවත් සැක කරන්නේ නම් කෙසේ තෙපි අනුන් සන්තක දේ ගනිව්දැයි කියා ඔහු සමීපයෙන්ද සීලය ගෙන රන්පතේ ලියූහ.

“එවං සන‍්තෙපි නෙව මං ආරාධෙති, දොවාරිකො පන සුට‍්ඨු රක‍්ඛති, තස‍්ස සන‍්තිකෙ ගණ‍්හථා”ති වුත‍්තා ච පන තම‍්පි උපසඞ‍්කමිත්‍වා යාචිංසු. සොපි එකදිවසං නගරද‍්වාරං පිධානවෙලාය තික‍්ඛත‍්තුං සද‍්දමනුස‍්සාවෙසි. අථෙකො දලිද‍්දමනුස‍්සො අත‍්තනො කනිට‍්ඨභගිනියා සද‍්ධිං දාරුපණ‍්ණත්‍ථාය අරඤ‍්ඤං ගන‍්ත්‍වා නිවත‍්තන‍්තො තස‍්ස සද‍්දං සුත්‍වා භගිනිං ආදාය වෙගෙන ද‍්වාරං සම‍්පාපුණි. අථ නං දොවාරිකො “ත්‍වං නගරෙ රඤ‍්ඤො අත්‍ථිභාවං කිං න ජානාසි, ‘සකලස‍්සෙව ඉමස‍්ස නගරස‍්ස ද‍්වාරං පිධීයතී’ති න ජානාසි, අත‍්තනො මාතුගාමං ගහෙත්‍වා අරඤ‍්ඤෙ කාමරතිකීළං කීළන‍්තො දිවසං විචරසී”ති ආහ. අථස‍්ස ඉතරෙන “න මෙ, සාමි, භරියා, භගිනී මෙ එසා”ති වුත‍්තෙ එතදහොසි – “අකාරණං වත මෙ කතං භගිනිං භරියාති කථෙන‍්තෙන, අහඤ‍්ච කුරුධම‍්මං රක‍්ඛාමි, තෙන මෙ භින‍්නෙන සීලෙන භවිතබ‍්බ”න‍්ති. සො එතමත්‍ථං ආචික‍්ඛිත්‍වා “ඉමිනා මෙ කාරණෙන කුරුධම‍්මෙ කුක‍්කුච‍්චං අත්‍ථි, තෙන වො න සක‍්කා දාතු”න‍්ති ආහ. අථ නං දූතා “එතං තුම‍්හෙහි තථාසඤ‍්ඤාය කථිතං, එත්‍ථ වො සීලභෙදො නත්‍ථි, එත‍්තකෙනපි ච තුම‍්හෙ කුක‍්කුච‍්චායන‍්තා කුරුධම‍්මෙ සම‍්පජානමුසාවාදං නාම කිං කරිස‍්සථා”ති වත්‍වා තස‍්සපි සන‍්තිකෙ සීලං ගහෙත්‍වා සුවණ‍්ණපට‍්ටෙ ලිඛිංසු.

එසේ වුවද මට සතුටක් නැත. දොරටුපාලකයා එය මනාව රකියි. ඔහු සමීපයෙන් ගන්නැයි යයි කියන ලදුව ඔහු වෙතද එළඹ ඉල්ලූහ. ඔහුද එක්දිනක් නගරයේ දොර වසන වේලාවේ තුන්වරක් ඝෝෂා කෙළේය. ඉක්බිති එක් දිළිදු මිනිසෙක් තමන්ගේ නංගී සමග දර හා පලා සඳහා වනයට ගොස් ආපසු එමින් ඔහුගේ හඬ අසා නැගණිය රැගෙන වහා පැමිණියේය. ඉක්බිති ඔහුට දොරටුපාලකයා නුඹ නගරයේ රජෙකු ඇති බව නොදන්නෙහිද? තමන්ගේ භාර්යාව රැගෙන කැලයෙහි රති කෙළි කෙළිමින් හැසිරුණෙහිදැයි කීවේය. ඉක්බිති මොහුට අනිකා විසින් ස්වාමීනි! මේ මගේ බිරිඳ නොවේ, මේ තැනැත්තිය මගේ නංගියයි කී කල්හි ඔහුට නැගණියට භාර්යාව යයි කීමෙන් මවිසින් ඒකාන්තයෙන්ම නුසුදුස්සක් කරන ලදි. මමද කුරු ධර්මය රකිමි. එම කරුණෙන් මගේ ශීලය බිඳෙන්නට ඇතැයි සිත්විය. ඔහු මේ කාරණාව කියා, මේ නිසා මට සැකයක් ඇත. ඒ නිසා තොපට දෙන්නට නොහැකියයි කීවේය. ඉක්බිති ඔහුට දූතයෝ තොප විසින් එබඳු හැඟීමෙන් කියන ලදි. මෙහි තොපට සිල් බිඳීමක් නැත. මේ සුළු කරුණෙහිදීත් තොප සැක උපදවනවා නම් කුරු ධර්මයෙහි දැන දැන බොරු කීමෙක් නම් කෙසේ කරන්නාහුදැයි කියා ඔහු සමීපයෙන්ද පංචශීලය ගෙන රන්පතෙහි ලියූහ.

“එවං සන‍්තෙපි නෙව මං ආරාධෙති, වණ‍්ණදාසී පන සුට‍්ඨු රක‍්ඛති, තස‍්ස සන‍්තිකෙ ගණ‍්හථා”ති වුත‍්තා ච පන තම‍්පි උපසඞ‍්කමිත්‍වා යාචිංසු. සා පුරිමනයෙනෙව පටික‍්ඛිපි. කිංකාරණා ? සක‍්කො කිර දෙවානමින්‍දො “තස‍්සා සීලං වීමංසිස‍්සාමී”ති මාණවකවණ‍්ණෙන ආගන‍්ත්‍වා “අහං ආගමිස‍්සාමී”ති වත්‍වා සහස‍්සං දත්‍වා දෙවලොකමෙව ගන‍්ත්‍වා තීණි සංවච‍්ඡරානි නාගච‍්ඡි. සා අත‍්තනො සීලභෙදභයෙන තීණි සංවච‍්ඡරානි අඤ‍්ඤස‍්ස පුරිසස‍්ස හත්‍ථතො තම‍්බූලමත‍්තම‍්පි න ගණ‍්හි, සා අනුක‍්කමෙන දුග‍්ගතා හුත්‍වා චින‍්තෙසි – “මය‍්හං සහස‍්සං දත්‍වා ගතපුරිසස‍්ස තීණි සංවච‍්ඡරානි අනාගච‍්ඡන‍්තස‍්ස දුග‍්ගතා ජාතා, ජීවිතවුත‍්තිං ඝටෙතුං න සක‍්කොමි, ඉතො දානි පට‍්ඨාය මයා විනිච‍්ඡයමහාමත‍්තානං ආරොචෙත්‍වා පරිබ‍්බයං ගහෙතුං වට‍්ටතී”ති. සා විනිච‍්ඡයං ගන‍්ත්‍වා “සාමි, පරිබ‍්බයං දත්‍වා ගතපුරිසස‍්ස මෙ තීණි සංවච‍්ඡරානි, මතභාවම‍්පිස‍්ස න ජානාමි, ජීවිතං ඝටෙතුං න සක‍්කොමි, කිං කරොමි, සාමී”ති ආහ. තීණි සංවච‍්ඡරානි අනාගච‍්ඡන‍්තෙ කිං කරිස‍්සසි, ඉතො පට‍්ඨාය පරිබ‍්බයං ගණ‍්හාති. තස‍්සා ලද‍්ධවිනිච‍්ඡයාය විනිච‍්ඡයතො නික‍්ඛමමානාය එව එකො පුරිසො සහස‍්සභණ‍්ඩිකං උපනාමෙසි.

මෙසේ වුවත් මට සිතේ සතුටක් නැත. ගණිකාව මනාව රකියි. ඇය සමීපයෙන් ගන්නැයි කීවේය. ඇව වෙතද එළඹ කුරු ධර්මය ඉල්ලූහ. ඇය පෙර පරිදිම ප්‍රතික්‍ෂේප කළාය. කුමන කරුණක් නිසාද? සක් දෙවිඳු ඇගේ සීලය විමසන්නෙමියි තරුණයෙකුගේ වේශයෙන් අවුත්, මම එන්නෙමියි කියා කහවණු දහසක් දී දෙව්ලොවට ගොස් අවුරුදු තුනක් යනතුරු ආවේ නැත. ඈ තමන්ගේ සීලය බිඳේය යන බියෙන් අවුරුදු තුනක් යනතුරු අන් පුරුෂයෙකුගේ අතින් බුලත් කොලයක් පමණවත් නොගත්තාය. ඈ පිළිවෙළින් දුප්පත් වී මට දහසක් දී ගියා වූ පුරුෂයා, වසර තුනක්ම නොපැමිණීම නිසා දුප්පත් වූ බැවින් ජීවිතය පවත්වා ගැනීමට නොහැකි වෙමි. මෙතැන් පටන් විනිසුරු මහ ඇමතිට දන්වා වියහියදම් ගැනීමට වටීයයි සිතුවාය. ඈ විනිශ්චය ශාලාවට ගොස් ස්වාමීනි! මට වියදම් දී ගියා වූ පුරුෂයා දැනට තුන් අවුරුද්දක් ඉක්මවීය. ඔහු මළ බවක්ද නොදනිමි. ජීවිතය පවත්වා ගැනීමට නොහැක්කෙමි. ස්වාමීනි! කුමක් කරම්දැයි කීවාය. තුන් අවුරුද්දක්ම නොඑන කල්හි කුමක් කරන්නෙහිද මෙතැන් පටන් වියදම් ගන්නැයි කීය. ඇයට ලැබුණු විනිශ්චය ඇති ඇයට විනිශ්චය ශාලාවෙන් නික්මෙද්දීම එක් පුරුෂයෙක් කාසි දහසක් බැඳි පොදියක් පිරිනැමීය.

තස‍්ස ගහණත්‍ථාය හත්‍ථං පසාරණකාලෙ සක‍්කො අත‍්තානං දස‍්සෙසි. සා දිස‍්වාව “මය‍්හං සංවච‍්ඡරත‍්තයමත්‍ථකෙ සහස‍්සදායකො පුරිසො ආගතො, තාත, නත්‍ථි මෙ තව කහාපණෙහි අත්‍ථො”ති හත්‍ථං සමිඤ‍්ජෙසි. සක‍්කො අත‍්තනො සරීරඤ‍්ඤෙව අභිනිම‍්මිනිත්‍වා තරුණසූරියො විය ජලන‍්තො ආකාසෙ අට‍්ඨාසි, සකලනගරං සන‍්නිපති. සක‍්කො මහාජනමජ‍්ඣෙ “අහං එතිස‍්සා වීමංසනවසෙන සංවච‍්ඡරත‍්තයමත්‍ථකෙ සහස‍්සං අදාසිං, සීලං රක‍්ඛන‍්තා නාම එවරූපා හුත්‍වා රක‍්ඛථා”ති ඔවාදං දත්‍වා තස‍්සා නිවෙසනං සත‍්තරතනෙහි පූරෙත්‍වා “ඉතො පට‍්ඨාය අප‍්පමත‍්තා හොහී”ති තං අනුසාසිත්‍වා දෙවලොකමෙව අගමාසි. ඉමිනා කාරණෙන සා “අහං ගහිතභතිං අජීරාපෙත්‍වාව අඤ‍්ඤෙන දීයමානාය භතියා හත්‍ථං පසාරෙසිං, ඉමිනා කාරණෙන මං සීලං නාරාධෙති, තෙන වො දාතුං න සක‍්කා”ති පටික‍්ඛිපි. අථ නං දූතා “හත්‍ථප‍්පසාරණමත‍්තෙන සීලභෙදො නත්‍ථි, සීලං නාම එතං පරමවිසුද‍්ධි හොතී”ති වත්‍වා තස‍්සාපි සන‍්තිකෙ සීලං ගහෙත්‍වා සුවණ‍්ණපට‍්ටෙ ලිඛිංසු.

එය ගැනීමට අත දිගුකරන අවස්ථාවෙහි ශක්‍රයා තමන් පෙනෙන්නට සැලැස්වීය. ඈ ඔහු දුටු සැනින් මට අවුරුදු තුනකට මත්තෙහි දහසක් දුන් පුරුෂයා ආවේය. නුඹේ කහවනුවලින් මට වැඩක් නැතැයි අත හකුළුවා ගත්තාය. ශක්‍රයා තමන්ගේ දිව්‍ය ශරීරයම මවා තරුණ හිරු මෙන් දිලිසෙමින් අහසෙහි සිටියේය. සියලු නුවර වැසියෝම රැස් වූහ. ශක්‍රයා මහජනයා මධ්‍යයෙහි මම මේ තැනැත්තියට විමසීම් වශයෙන් අවුරුදු තුනකට මත්තෙහි දහසක් දුන්නෙමි. සිල් රකින්නවුන් නම් මේ තැනැත්තිය මෙන් රකිව් යයි අවවාද දී ඇගේ නිවස සත් රුවනින් පුරවා මෙතැන් පටන් පමා නොවන්නැයි ඇයට අනුශාසනා කොට දෙව්ලොවටම ගියේය. මේ කාරණාව නිසා ඈ, මම ගත් මුදල නොදිරවා (මුදල අනුව ඔහු සතුට නොකර) අනිකෙකු දික් කළ වස්තුවට අත දික් කළෙමි. ඒ කාරණාව නිසා මට ශීලය ගැන සතුටක් නැත. ඒ නිසා තොපට දෙන්නට නොහැක්කේ යයි ප්‍රතික්‍ෂේප කළාය. ඉක්බිති ඇයට දූතයෝ අත දික්කළ පමණින් සීලය බිඳීමක් නැත. ඒ සීලය නම් ඉතා පිරිසිදු එකක් වෙයි යයි කියා ඇය සමීපයෙන්ද සීලය ගෙන රන්පතේ ලියූහ.

ඉති ඉමෙසං එකාදසන‍්නං ජනානං රක‍්ඛණසීලං සුවණ‍්ණපට‍්ටෙ ලිඛිත්‍වා දන‍්තපුරං ගන‍්ත්‍වා කාලිඞ‍්ගරඤ‍්ඤො සුවණ‍්ණපට‍්ටං දත්‍වා තං පවත‍්තිං ආරොචෙසුං. රාජා තස‍්මිං කුරුධම‍්මෙ වත‍්තමානො පඤ‍්ච සීලානි පූරෙසි. තස‍්මිං ඛණෙ සකලකාලිඞ‍්ගරට‍්ඨෙ දෙවො වස‍්සි, තීණි භයානි වූපසන‍්තානි, රට‍්ඨං ඛෙමං සුභික‍්ඛං අහොසි. බොධිසත‍්තො යාවජීවං දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා සපරිවාරො සග‍්ගපුරං පූරෙසි.

මෙසේ මොවුහු එකළොස් දෙනා විසින්ම රැකි ශීලය රන්පතේ ලියා දන්තපුරයට ගොස් කලිඟු රජුට රන්පත දී ඒ පුවත සැල කළාහුය. රජතුමා ඒ කුරු ධර්මයෙහි පවතිමින් පන්සිල් පිරුවේය. එකල සියලු කලිඟු රටට වැසි වැස්සේය. ත්‍රිවිධ භය සන්සිඳුනාය. බිය නැති, ආහාර සුලභ රටක් විය. බෝසතාණන් වහන්සේ දිවි ඇතිතෙක් දානාදී පිංකොට පිරිවර සහිතව දෙව්ලොව ගියහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි. “සච‍්චපරියොසානෙ කෙචි සොතාපන‍්නා අහෙසුං, කෙචි සකදාගාමිනො, කෙචි අනාගාමිනො, කෙචි අරහන‍්තො”ති. ජාතකසමොධානෙ පන –

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාල සේක. සත්‍ය දේශනාව කෙළවර සමහරෙක් සෝවාන් වූහ. සමහරෙක් සකදාගාමි වූහ. සමහරෙක් අනාගාමි වූහ. සමහරෙක් රහත් වූහ. ජාතකය ගැළපීමෙහිදි

“ගණිකා උප‍්පලවණ‍්ණා, පුණ‍්ණො දොවාරිකො තදා; රජ‍්ජුගාහො කච‍්චායනො, මොග‍්ගල‍්ලානො දොණමාපකො.

ගණිකා උප්පලවණ්ණා ච පුණ්ණො දොවාරිකො තදා, රජ්ජුගාහො ච කච්චානො දොණමාතා ච කෝලිතො

ගණිකාව උප්පලවණ්ණා තෙරණියයි. දොරටුපාලකයා පුණ්ණ තෙරය. ඉඩම් මනින්නා කච්චාන තෙරය. ඉඩම් මනින ඇමතියා කෝලිත තෙරය.

“සාරිපුත‍්තො තදා සෙට‍්ඨි, අනුරුද‍්ධො ච සාරථි; බ්‍රාහ‍්මණො කස‍්සපො ථෙරො, උපරාජා නන්‍දපණ‍්ඩිතො.

සාරිපුත්තො තදා සෙට්ඨි අනුරුද්ධො ච සාරථී, බ්‍රාහ්මණො කස්සපො ථෙරො උපරාජා නන්‍ද පණ්ඩිතො

එකල සිටුවරයා සැරියුත් තෙරය. රියදුරා අනුරුද්ධ තෙරය. පෙරෙවි බමුණා කාශ්‍යප තෙරය. යුවරජ නන්ද තෙරය.

“මහෙසී රාහුලමාතා, මායාදෙවී ජනෙත‍්තියා; කුරුරාජා බොධිසත‍්තො, එවං ධාරෙථ ජාතක”න‍්ති.

මහෙසි රාහුලමාතා මායාදේවී ජනෙත්තියා, කුරුරාජ බොධිසත්තො එවං ධාරෙථ ජාතකහති

අගමෙහෙසිය රාහුල මාතාවය. මව මායාදේවිය යි. කුරු රජතුමා බෝධිසත්ත්වයෝ යයි ජාතකය මෙසේ දරාගන්න

කුරුධම‍්මජාතකවණ‍්ණනා ඡට‍්ඨා.