යෙදුමෙන් කියවන්න

5. රුචිරජාතකවණ‍්ණනා 275 අට‍්ඨකථා

5. රුචිරජාතකවණ‍්ණනා (275)

5. රුචිර ජාතකය (275)

කායං බලාකා රුචිරාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං ලොලභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. ද‍්වෙපි වත්‍ථූනි පුරිමසදිසානෙව ගාථාපි.

කායං බලාකා රුචිරා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවාරාමයෙහි වැඩවාසය කරන සේක් එක් ලොල් වූ භික්‍ෂුවක අරබයා වදාළ සේක. කථාවස්තු දෙකත් ගාථාත් මුල් ජාතකයට සමානය.

“කායං බලාකා රුචිරා, කාකනීළස‍්මිමච‍්ඡති; චණ‍්ඩො කාකො සඛා මය‍්හං, යස‍්ස චෙතං කුලාවකං.

කායං බලාකා රුචිරා කාක නීලස්මිං අච්ඡති, චණ්ඩො කාකො සඛා මය්හං තස්ස වෙතං කුලාවකං

සිත්කලු වූ මේ කෙකිනි කවුඩු කැදැල්ලෙහි හිඳී. ඈ කවුද? මගේ මිත්‍ර කපුටා නපුරුයි. මේ ඔහුගේ කැදැල්ලය.

“නනු මං සම‍්ම ජානාසි, දිජ සාමාකභොජන; අකත්‍වා වචනං තුය‍්හං, පස‍්ස ලූනොස‍්මි ආගතො.

නනූ මං සම්ම ජානාසි දිජ සාමාක භොජන, අකත්‍වා වචනං තුය්හං පසසලූනොස්මි ආගතො

තණකොළ වර්ගවල බීජ අනුභව කරන යහලු පක්‍ෂිය! මා නො අඳුනන්නෙහිද? තොප කී අවවාද නොකොට පියාපත් සිඳුනා ලද්දෙම් වෙමි. ගොදුරු බිම සිට පැමිණි ඔබ මා දෙස බලන්න.

“පුනපාපජ‍්ජසී සම‍්ම, සීලඤ‍්හි තව තාදිසං; න හි මානුසකා භොගා, සුභුඤ‍්ජා හොන‍්ති පක‍්ඛිනා”ති. –

පුනපාපජ්ජසි සම්ම සීලං හි තව තාදිසං, නහි මානුසකා භෝගා සුභුඤ්ජා හොන්ති පක්ඛිනා ති

යහළුව, මෙබඳු දුකකට (ඔබ) නැවත පත්වන්නෙහිය. තොපගේ ආචාර සීලය (හැසිරීම) එවැනිය. මනුෂ්‍යයන්ගේ භෝග පක්‍ෂියා විසින් සුවසේ බුදින්නට යෝග්‍ය නොවේ.

ගාථා හි එකන‍්තරිකායෙව.

තත්‍ථ “රුචිරා”ති තක‍්කමක‍්ඛිතසරීරතාය සෙතවණ‍්ණතං සන්‍ධාය වදති. රුචිරා පියදස‍්සනා, පණ‍්ඩරාති අත්‍ථො. කාකනීළස‍්මින‍්ති කාකකුලාවකෙ. “කාකනිඩ‍්ඪස‍්මි”න‍්තිපි පාඨො. දිජාති කාකො පාරෙවතං ආලපති. සාමාකභොජනාති තිණබීජභොජන. සාමාකග‍්ගහණෙන හෙත්‍ථ සබ‍්බම‍්පි තිණබීජං ගහිතං. ඉධාපි බොධිසත‍්තො “න ඉදානි සක‍්කා ඉතො පට‍්ඨාය මයා එත්‍ථ වසිතු”න‍්ති උප‍්පතිත්‍වා අඤ‍්ඤත්‍ථ ගතො.

එහි, රුචිරා යනු මෝරු තැවරූ සිරුරු ඇති බැවින් සුදු පැහැය සඳහා කියයි. බබළන, ප්‍රිය දැකුම් ඇති, සුදුපැහැ යන අර්ථයයි. කාකනීසමිං යනු කපුටු කැදැල්ලෙහි, කාකනිච්චස්මිං යනුද පාඨයකි. දිජා යනු කපුටා පරෙවියාට අමතයි. සාමා භෝජන යනු තණකොළ වර්ගවල බීජ නම් වූ භෝජනය මෙහි සාමාක යයි ගත්විට සියලුම තණබීජ ගන්නා ලදි. මෙහිද බෝසතාණන් වහන්සේ දැන් මෙතැන් පටන් මවිසින් මෙහි විසීමට නොහැකි යැයි පියඹා අන්තැනකට ගියහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ ලොලභික‍්ඛු අනාගාමිඵලෙ පතිට‍්ඨහි. “තදා ලොලකාකො ලොලභික‍්ඛු අහොසි, පාරාවතො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනාකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාව කෙළවර ලොල් වූ භික්‍ෂුව කපුටා විය. පරෙවියා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

රුචිරජාතකවණ‍්ණනා පඤ‍්චමා.