යෙදුමෙන් කියවන්න

4. ලොලජාතකවණ‍්ණනා 274 අට‍්ඨකථා

4. ලොලජාතකවණ‍්ණනා (274)

4. ලෝල ජාතකය (274)

කායං බලාකා සිඛිනීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං ලොලභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තඤ‍්හි ධම‍්මසභං ආනීතං සත්‍ථා “න ත්‍වං භික‍්ඛු ඉදානෙව ලොලො, පුබ‍්බෙපි ලොලොයෙව, ලොලතායෙව ච ජීවිතක‍්ඛයං පත‍්තො, තං නිස‍්සාය පොරාණකපණ‍්ඩිතාපි අත‍්තනො වසනට‍්ඨානා පරිබාහිරා අහෙසු”න‍්ති වත්‍වා අතීතං ආහරි.

කායං බලාකා සිඛිනි යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක්තරා බලවත් ආසා ඇති භික්‍ෂුවක අරබයා වදාළ සේක. දම්සභාවට පමුණුවන ලද ඒ භික්‍ෂුවට බුදුරජාණන් වහන්සේ මහණ ඔබ දැන් පමණක් නොව පෙරත් ලොල් බැවින්ම මරණයට පැමිණියේය. ඒ නිසා පැරණි පඬිවරුන්ද තමන්ගේ වාසස්ථානයෙන් බැහැර වූහයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බාරාණසිසෙට‍්ඨිනො මහානසෙ භත‍්තකාරකො පුඤ‍්ඤත්‍ථාය නීළපච‍්ඡිං ඨපෙසි. තදා බොධිසත‍්තො පාරාවතයොනියං නිබ‍්බත‍්තිත්‍වා තත්‍ථ වාසං කප‍්පෙසි. අථෙකො ලොලකාකො මහානසමත්‍ථකෙන ගච‍්ඡන‍්තො නානප‍්පකාරං මච‍්ඡමංසවිකතිං දිස‍්වා පිපාසාභිභූතො “කං නු ඛො නිස‍්සාය සක‍්කා භවෙය්‍යං ඔකාසං ලද‍්ධු”න‍්ති චින‍්තෙත්‍වා බොධිසත‍්තං දිස‍්වා “ඉමං නිස‍්සාය සක‍්කා”ති සන‍්නිට‍්ඨානං කත්‍වා තස‍්ස ගොචරාය අරඤ‍්ඤගමනකාලෙ පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබන්‍ධි. අථ නං බොධිසත‍්තො “මයං ඛො, කාක, අඤ‍්ඤගොචරා, ත්‍වම‍්පි අඤ‍්ඤගොචරො, කිං නු ඛො මං අනුබන්‍ධසී”ති ආහ. “තුම‍්හාකං, සාමි, කිරියා මය‍්හං රුච‍්චති, අහම‍්පි තුම‍්හෙහි සමානගොචරො හුත්‍වා තුම‍්හෙ උපට‍්ඨාතුං ඉච‍්ඡාමී”ති. බොධිසත‍්තො සම‍්පටිච‍්ඡි. සො තෙන සද‍්ධිං ගොචරභූමියං එකගොචරං චරන‍්තො විය ඔසක‍්කිත්‍වා ගොමයරාසිං විද‍්ධංසෙත්‍වා පාණකෙ ඛාදිත්‍වා කුච‍්ඡිපූරං කත්‍වා බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා “තුම‍්හෙ එත‍්තකං කාලං චරථෙව, නනු භොජනෙ නාම පමාණං ඤාතුං වට‍්ටති, එථ නාතිසායමෙව ගච‍්ඡාමා”ති ආහ. බොධිසත‍්තො තං ආදාය වසනට‍්ඨානං අගමාසි. භත‍්තකාරකො “අම‍්හාකං පාරාවතො සහායං ගහෙත්‍වා ආගතො”ති කාකස‍්සාපි එකං ථුසපච‍්ඡිං ඨපෙසි. කාකොපි චතූහපඤ‍්චාහං තෙනෙව නීහාරෙන වසි.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බරණැස් සිටුතුමාගේ මුළුතැන්ගෙයි බත් උයන්නා පිං පිණිස නිල් කූඩුවක් (නීලපච්ඡි) තැබුවේය. එකල බෝසතාණන් වහන්සේ පරෙවි යෝනියෙහි ඉපදී එහි වාසය කළහ. ඉක්බිති එක් ලොල් කපුටෙක් මුළුතැන්ගේ උඩින් පියාඹන්නේ නොයෙක් ආහාර මස් මාංශ වර්ග දැක ආසාවෙන් මඬනා ලද්දේ කවරෙක් නිසා ඉඩක් ලබන්නට හැකිවන්නේ දැයි සිතමින් බෝසතාණන් වහන්සේ දැක මොහු නිසා හැකි වන්නේ යයි සනිටුහන් කොට ඔහු ගොදුරු පිණිස කැලයට යන කල්හි පිටුපසින් පිටුපසින් ලුහුබැන්දේය. ඉක්බිති ඔහුට බෝධිසත්වයන් වහන්සේ කපුට! අපි වනාහි වෙනස් ගොදුරු ඇත්තෙමු. නුඹද වෙනස් ගොදුරු ඇත්තෙහි. ඒ නිසා කුමක් සදහා මාව පසුපස එන්නේදැයි ඇසූහ. ස්වාමීනි, නුඹවහන්සේගේ ක්‍රියාව මට රුචි වෙයි. මමද නුඹලාට සමාන ගොදුරු ගන්නෙකු වී නුඹවහන්සේට උපස්ථාන කරන්නට කැමැත්තෙමියි කීය. බෝසතාණන් වහන්සේ පිළිගත් සේක. ඒ කපුටා ඔහු සමග ගොදුරු බිමදී එකට ගොදුරු සඳහා හැසිරෙන්නෙකු මෙන් මගහැර ගොම ගොඩක් අවුස්සා පණුවන් කා පිරුණු කුස ඇතිව බෝසතාණන් වහන්සේ වෙත එළඹ, නුඹවහන්සේ මෙතෙක් වේලා හැසිරෙන්නේ භෝජනයෙහි ප්‍රමාණය දැනගැනීම සුදුසුය. එව සවස් වෙන්නට කලින්ම යමුයි කීවේය. බෝසතාණන් වහන්සේ කපුටා රැගෙන වාසස්ථානයට ගිය සේක. අරක්කැමියා අපගේ පරෙවියා යාළුවෙකු රැගෙන ආවේයයි කපුටාටද එක් දහයියා කූඩුවක් (ථුසපච්ඡි) තැබුවේය. කපුටා හතර පස් දවසක් ඒ ආකාරයෙන්ම වාසය කළේය.

අථෙකදිවසං සෙට‍්ඨිනො බහුමච‍්ඡමංසං ආහරියිත්‍ථ, කාකො තං දිස‍්වා ලොභාභිභූතො පච‍්චූසකාලතො පට‍්ඨාය නිත්‍ථුනන‍්තො නිපජ‍්ජි. අථ නං පුනදිවසෙ බොධිසත‍්තො “එහි, සම‍්ම, ගොචරාය පක‍්කමිස‍්සාමා”ති ආහ. “තුම‍්හෙ ගච‍්ඡථ, මය‍්හං අජිණ‍්ණාසඞ‍්කා අත්‍ථී”ති. “සම‍්ම, කාකානං අජීරකො නාම නත්‍ථි, දීපවට‍්ටිමත‍්තමෙව හි තුම‍්හාකං කුච‍්ඡියං ථොකං තිට‍්ඨති, සෙසං අජ‍්ඣොහටමත‍්තමෙව ජීරති, මම වචනං කරොහි, මා එතං මච‍්ඡමංසං දිස‍්වා එවමකාසී”ති. “සාමි, කිං නාමෙතං කථෙථ, අජිණ‍්ණාසඞ‍්කාව මය‍්හ”න‍්ති. “තෙන හි අප‍්පමත‍්තො හොහී”ති තං ඔවදිත්‍වා බොධිසත‍්තො පක‍්කාමි.

ඉක්බිති එක් දිනක් සිටුතුමාට බොහෝ මස් මාංශ ගෙනාවාහුය. කවුඩා ඒ දැක ලෝභයෙන් මඩනා ලද්දේ උදේ කාලයේ පටන් කොඳුරමින් හොත්තේය. ඉක්බිති කපුටා දවසේ බෝසතතාණන් වහන්සේ යහලුව. ගොදුරු සඳහා එවයි කීහ. නුඹවහන්සේ යන්න මට කෑ දේ නොදිරවු සැකයක් ඇතැයි කීය. යහලුව, කපුටන් අතර කෑම නොදිරවන කපුටෙක් නැත. ගිලින ලද ගිතෙල් පාන්තිරයක් නම් නුඹේ කුසෙහි ටික වේලාවක් පවතියි. සෙස්ස උගුරෙන් පහලට වැටුණු ගමන් දිරවයි. මගේ කීම පිළිගන්න. මේ මස් මාංශ දැක, මෙසේ නොකරන්නැයි කීහ. ස්වාමීනි, මේ කුමක් කියව්ද? මට අජීර්ණය ගැන සැකය ඇත්තේමය. එසේ නම් නොපමා වුව මැනවයි අවවාද දී බෝසතාණන් වහන්සේ ගිය සේක.

භත‍්තකාරකොපි නානාමච‍්ඡමංසවිකතියො සම‍්පාදෙත්‍වා සරීරතො සෙදං අපනෙන‍්තො මහානසද‍්වාරෙ අට‍්ඨාසි. කාකො “අයං ඉදානි කාලො මංසං ඛාදිතු”න‍්ති ගන‍්ත්‍වා රසකරොටිමත්‍ථකෙ නිසීදි. භත‍්තකාරකො “කිරී”ති සද‍්දං සුත්‍වා නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො කාකං දිස‍්වා පවිසිත්‍වා තං ගහෙත්‍වා සකලසරීරලොමං ලුඤ‍්චිත්‍වා මත්‍ථකෙ චූළං ඨපෙත්‍වා සිඞ‍්ගීවෙරමරිචාදීනි පිසිත්‍වා තක‍්කෙන ආලොළෙත්‍වා “ත්‍වං අම‍්හාකං සෙට‍්ඨිනො මච‍්ඡමංසං උච‍්ඡිට‍්ඨකං කරොසී”ති සකලසරීරමස‍්ස මක‍්ඛෙත්‍වා ඛිපිත්‍වා නීළපච‍්ඡියං පාතෙසි, බලවවෙදනා උප‍්පජ‍්ජි. බොධිසත‍්තො ගොචරභූමිතො ආගන‍්ත්‍වා තං නිත්‍ථුනන‍්තං දිස‍්වා දවං කරොන‍්තො පඨමං ගාථමාහ –

අරක්කැමියාද නොයෙක් ආකාර මස් මාංශ වර්ග සම්පාදනය කොට සිරුරෙන් දහදිය ඉවත් කරමින් මුළුතැන්ගෙයි දොරටුව ළඟ සිටියේය. කපුටා මස් මාංශ කෑමට මේ සුදුසු කාලයයි. ගොස් මස් බඳුන වසා ඇති පියන මත හිඳගත්තේය. අරක්කැමියා ‘කිලී’ යන හඬ අසා ආපසු හැරී බලන්නේ කපුටා දැක පිවිස ඌ අල්ලාගෙන සියලු සිරුරෙහි පිහාටු ගලවා හිස මුදුනෙහි කොණ්ඩය තබා ඉඟුරු, දුරු මිරිස් ආදිය අඹරා මෝරු සමග කලවම් කර නුඹ අපගේ සිටුතුමාගේ මස් මාංශ ඉඳුල් කළෙහිදැයි කියා උගේ ශරීරය පුරාම තවරා විසිකොට නිල්කූඩුවට හෙලීය. බලවත් වේදනාවක් උපන්නේය. බෝසතාණන් වහන්සේ ගොදුරු බිමෙන් අවුත් කෙඳිරිගාන ඌ දැක විහිලු කරමින්,

“කායං බලාකා සිඛිනී, චොරී ලඞ‍්ඝිපිතාමහා; ඔරං බලාකෙ ආගච‍්ඡ, චණ‍්ඩො මෙ වායසො සඛා”ති.

කාය බලාකා සිඛිනී චොරී ලංගිපිතාමහා, ඔරං බලාකෙ ආගච්ඡ චණ්ඩො මෙ වායසො සඛා

යන පළමු ගාථාව කීවේය.

සිළු (කොණ්ඩය) ඇති සෙර (සොර තැනැත්තියක්) වූ මේඝය සීයා කොට ඇති මේ කෙකිනි කවරෙක්ද? කෙකින්න මෙහි එව. මාගේ මිතුරු කවුඩා චණ්ඩය.

තත්‍ථ කායං බලාකා සිඛිනීති තං කාකං තස‍්ස බහලතක‍්කෙන මක‍්ඛිතසරීරසෙතවණ‍්ණත‍්තා මත්‍ථකෙ ච සිඛාය ඨපිතත‍්තා “කා එසා බලාකා සිඛිනී”ති පුච‍්ඡන‍්තො ආලපති. චොරීති කුලස‍්ස අනනුඤ‍්ඤාය කුලඝරං, කාකස‍්ස වා අරුචියා පච‍්ඡිං පවිට‍්ඨත‍්තා “චොරී”ති වදති. ලඞ‍්ඝිපිතාමහාති ලඞ‍්ඝී වුච‍්චති ආකාසෙ ලඞ‍්ඝනතො මෙඝො, බලාකා ච නාම මෙඝසද‍්දෙන ගබ‍්භං ගණ‍්හන‍්තීති මෙඝසද‍්දො බලාකානං පිතා, මෙඝො පිතාමහො හොති. තෙනාහ “ලඞ‍්ඝිපිතාමහා”ති. ඔරං බලාකෙ ආගච‍්ඡාති, අම‍්භො බලාකෙ, ඉතො එහි. චණ‍්ඩො මෙ වා යසො සඛාති මය‍්හං සඛා පච‍්ඡිසාමිකො වායසො චණ‍්ඩො ඵරුසො , සො ආගතො තං දිස‍්වා කණයසදිසෙන තුණ‍්ඩෙන කොට‍්ටෙත්‍වා ජීවිතක‍්ඛයං පාපෙය්‍ය, තස‍්මා යාව වායසො නාගච‍්ඡති, තාව පච‍්ඡිතො ඔතරිත්‍වා ඉතො එහි, සීඝං පලායස‍්සූති වදති.

එහි, කායං බලාකා සිඛිනී යනු ගණ මෝරුවලින් තවරන ලද කාක්කාගේ ඒ ශරීරය සුදු බැවින් ද හිස මුදුනෙහි කොණ්ඩය තබා ඇති බැවින්ද මේ කවර තැනැත්තියක්ද? කෙකිනියක්ද? මොනරෙක්දැයි විමසමින් අමතයි. චොරී යනු (පරෙවි) කුලයෙන් අවසර නොලැබ (පරෙවියාගේ) කුලගෙට (කූඩුවට) (කපුටා) ඇතුල් වු බැවින් ද කපුටාගේ අකමැත්තෙන් (අරක්කැමියා විසින් දැමීම නිසා) කූඩුවට ඇතුල් වූ බැවින් ද චෝරී (සෙර) යනුවෙන් කියයි. ලංඝිපිතාමහා යනු අහසෙහි එල්ලෙන හෙයින් වැහි වළාකුළ ‘ලංඝී’ යයි කියනු ලැබේ. වැහි වළාකුලෙහි හඬින් (මේඝ ශබ්දයෙන්) කෙකිනියෝ ගැබ් ගනිති යන අර්ථයෙන් මේඝ ශබ්දය කෙකිනියන්ගේ පියාය. වැහිවළාකුළ (මේඝය) සීයා (පියාගේ පියා) වෙයි. එහෙයින් ‘ලංඝීපිතාමහා’ යයි කියනු ලැබේ. ඔරං බලාංක ආගච්ඡ යනු කෙකිනිය මෙහි එන්න. චණ්ඩො මෙ වාසසො සඛා යනු මගේ යහලුවා වූ කූඩුවෙහි අයිතිකරු වූ චණ්ඩ වූ, ඵරුෂ වූ ඒ කපුටා පැමිණ ඔබ දැක හෙල්ලක් වැනි හොටෙන් කොටා මරා දමන්නේය. එහෙයින් ඌ පැමිණීමට පෙර කූඩුවෙන් බැස මෙහි එන්න, ඉක්මණින් පැන යන්න යනුවෙන් කියයි.

තං සුත්‍වා කාකො දුතියං ගාථමාහ –

ඒ අසා කපුටා,

“නාහං බලාකා සිඛිනී, අහං ලොලොස‍්මි වායසො; අකත්‍වා වචනං තුය‍්හං, පස‍්ස ලූනොස‍්මි ආගතො”ති.

නාහං බලාකා සිඛිනී අහං ලොලොස්මි වායසො, අකත්‍ව වචනං තුය්හං පස්ස ලූ භොස්මි අගතො

යන දෙවන ගාථාව කීවේය.

මම සිළු ඇති කෙකිනි නොවෙමි. මම ලොල් වූ කපුටෙක්මි. තොපගේ වචනය නොකළ නිසා පියාපත් සිඳුනා ලද්දේ වෙමි. ගොදුරු බිම සිට පැමිණි ඔබ මා දෙස බලව.

තත්‍ථ ආගතොති ත්‍වං ඉදානි ගොචරභූමිතො ආගතො, මං ලූනං පස‍්සාති අත්‍ථො.

එහි, ආගතො යනු ආහාර සොයාගන්නා තැනින් ආවා වූ ඔබ මට දැන් තටු සිඳින ලද මා දෙස බලන්න යන අර්ථයයි.

තං සුත්‍වා බොධිසත‍්තො තතියං ගාථමාහ –

ඒ අසා බෝසතාණන් වහන්සේ

“පුනපාපජ‍්ජසී සම‍්ම, සීලඤ‍්හි තව තාදිසං; න හි මානුසකා භොගා, සුභුඤ‍්ජා හොන‍්ති පක‍්ඛිනා”ති.

පුන පාපජ්ජසි සම්ම සීලං හිතව සාදිසං, නහි මානුසකා භොගා සුභුඤ්ජා හොන්ති පක්ඛිනා

යන තෙවන ගාථාව කීහ.

යහළුව! නැවත (ඔබ) මෙබඳු දුකකට පත් වන්නෙහිය. තොපගේ ආචාර ශීලය එවැනිය. මිනිසුන්ගේ භෝග පක්ෂියා විසින් සුවසේ බුදින්නට යෝග්‍ය නොවේ.

තත්‍ථ පුනපාපජ‍්ජසී සම‍්මාති සම‍්ම වායස, පුනපි ත්‍වං එවරූපං දුක‍්ඛං පටිලභිස‍්සසෙව, නත්‍ථි තෙ එත‍්තකෙන මොක‍්ඛො. කිංකාරණා? සීලඤ‍්හි තව තාදිසං පාපකං, යස‍්මා තව ආචාරසීලං තාදිසං දුක‍්ඛාධිගමස‍්සෙව අනුරූපං. න හි මානුසකාති මනුස‍්සා නාම මහාපුඤ‍්ඤා, තිරච‍්ඡානගතානං තථාරූපං පුඤ‍්ඤං නත්‍ථි, තස‍්මා මානුසකා භොගා තිරච‍්ඡානගතෙන පක‍්ඛිනා න භුඤ‍්ජීයන‍්තීති.

එහි, පුනපාපජ්ජසි සම්ම යහළු කපුටාණෙනි! නැවතත් නුඹ මෙබඳු දුකක් ලබන්නෙහිමය. නුඹට මෙපමණකින් මිදීමක් නැත. කුමක් නිසාද? සීලං හි තව තාදිසං ඔබේ පහත් හැසිරීම එබඳු දුකක් ලැබීමට අනුරූපය (සුදුසුය) නහි මානුසකා යනු මිනිස්සු නම් මහ පින් ඇත්තෝය. තිරිසන්ගත සත්ත්වයන්ට එබඳු පිනක් නැත. ඒ නිසා මිනිසුන් විසින් පරිභෝග කළයුතු සම්පත් තිරිසන්ගත පක්‍ෂීන් විසින් අනුභව නොකළ යුතුය.

එවඤ‍්ච පන වත්‍වා බොධිසත‍්තො “ඉතො දානි පට‍්ඨාය මයා එත්‍ථ වසිතුං න සක‍්කා”ති උප‍්පතිත්‍වා අඤ‍්ඤත්‍ථ අගමාසි. කාකොපි නිත්‍ථුනන‍්තො තත්‍ථෙව කාලමකාසි.

මෙසේද කියා වනාහි බෝසතාණන් වහන්සේ මෙතැන් පටන් අපට මෙහි විසීමට නොහැකි යැයි ඉගිලී අන් තැනකට ගියහ. කවුඩාද කෙඳිරිගාමින් එහිම මළේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ ලොලභික‍්ඛු අනාගාමිඵලෙ පතිට‍්ඨහි. “තදා ලොලකාකො ලොලභික‍්ඛු අහොසි, පාරාවතො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. සත්‍ය දේශනාව කෙළවර ලොල් භික්‍ෂුව අනාගාමී ඵලයෙහි පිහිටියේය. එකල ලෝල කපුටා ලෝල භික්‍ෂුව විය. පරෙවියා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

ලොලජාතකවණ‍්ණනා චතුත්‍ථා.