යෙදුමෙන් කියවන්න

3. කච‍්ඡපජාතකවණ‍්ණනා 273 අට‍්ඨකථා

3. කච‍්ඡපජාතකවණ‍්ණනා (273)

3. කච්ඡප ජාතකය (273)

කො නු උද‍්ධිතභත‍්තොවාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කොසලරාජස‍්ස ද‍්වින‍්නං මහාමත‍්තානං කලහවූපසමනං ආරබ‍්භ කථෙසි. පච‍්චුප‍්පන‍්නවත්‍ථු දුකනිපාතෙ කථිතමෙව.

කො නු උද්දිනභත්තො වා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරද්දී කොසොල් රජතුමාගේ මහ ඇමතියන් දෙදෙනෙකුගේ කලහයක් සංසිඳවීම අරබයා වදාළ සේක. වර්තමාන කථාව දුක නිපාතයෙහි කියන ලද පිරිදිමය.

අතීතෙ පන බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාසිරට‍්ඨෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා කාමෙ පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තපදෙසෙ ගඞ‍්ගාතීරෙ අස‍්සමපදං මාපෙත්‍වා තත්‍ථ අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා ඣානකීළං කීළන‍්තො වාසං කප‍්පෙසි. ඉමස‍්මිං කිර ජාතකෙ බොධිසත‍්තො පරමමජ‍්ඣත‍්තො අහොසි, උපෙක‍්ඛාපාරමිං පූරෙසි. තස‍්ස පණ‍්ණසාලද‍්වාරෙ නිසින‍්නස‍්ස එකො පගබ‍්භො දුස‍්සීලො මක‍්කටො ආගන‍්ත්‍වා කණ‍්ණසොතෙසු අඞ‍්ගජාතෙන සලාකපවෙසනකම‍්මං කරොති, බොධිසත‍්තො අවාරෙත්‍වා මජ‍්ඣත‍්තො හුත්‍වා නිසීදතියෙව. අථෙකදිවසං එකො කච‍්ඡපො උදකා උත‍්තරිත්‍වා ගඞ‍්ගාතීරෙ මුඛං විවරිත්‍වා ආතපං තප‍්පන‍්තො නිද‍්දායති. තං දිස‍්වා සො ලොලවානරො තස‍්ස මුඛෙ සලාකපවෙසනකම‍්මං අකාසි. අථස‍්ස කච‍්ඡපො පබුජ‍්ඣිත්‍වා අඞ‍්ගජාතං සමුග‍්ගෙ පක‍්ඛිපන‍්තො විය ඩංසි, බලවවෙදනා උප‍්පජ‍්ජි. වෙදනං අධිවාසෙතුං අසක‍්කොන‍්තො “කො නු ඛො මං ඉමම‍්හා දුක‍්ඛා මොචෙය්‍ය, කස‍්ස සන‍්තිකං ගච‍්ඡාමී”ති චින‍්තෙත්‍වා “අඤ‍්ඤො මං ඉමම‍්හා දුක‍්ඛා මොචෙතුං සමත්‍ථො නත්‍ථි අඤ‍්ඤත්‍ර තාපසෙන, තස‍්සෙව සන‍්තිකං මයා ගන‍්තුං වට‍්ටතී”ති කච‍්ඡපං ද‍්වීහි හත්‍ථෙහි උක‍්ඛිපිත්‍වා බොධිසත‍්තස‍්ස සන‍්තිකං අගමාසි. බොධිසත‍්තො තෙන දුස‍්සීලමක‍්කටෙන සද‍්ධිං දවං කරොන‍්තො පඨමං ගාථමාහ –

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කසීරට බම්ණු කුලයක ඉපදී වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙනගෙන පස්කම් සැප හැරදමා තවුස් පැවිද්දෙන් පැවිදිව හිමාල වන ප්‍රදේශයේ ගංතෙරක අසපුවක් තනාගෙන එහිදී අභිඥාවන්ද සමාපත්ති උපදවාගෙන ධ්‍යාන සුවයෙන් කල් ගෙවමින් වාසය කළ සේක. මේ ජාතකයෙහි බෝසතාණන් වහන්සේ ඉහළට මැදහත් බවෙන් යුක්ත වූහ. උපේක්‍ෂා පාරමිතාව පිරූ සේක. එක් කාය වාග් සංවරයක් නැති දුසිල් වඳුරෙක් අවුත් පන්සල් දොරකඩ වාඩිවී සිටින උන්වහන්සේගේ කන් සිදුරුවල කෝටුකෑලි ඇතුල් කිරීමේ ක්‍රියාව අංගජාතයෙන් කරයි. (වඳුරාගේ ලිංගය බෝසතුන්ගේ කන්සිදුරුවල ඇතුල් කරයි) බෝසතාණන් වහන්සේ එය නොවළක්වා මැදහත්ව හිඳිති. ඉක්බිති එක්දිනක එක් ඉබ්බෙක් දියෙන් ගොඩට අවුත් ගංතෙරට වී කට ඇරගෙන අව්ව තපිමින් නිදයි. ඒ දැක ඒ කෑදර වඳුරා උගේ කට තුළට කෝටුකෑලි ඇතුල් කිරීමේ ක්‍රියාව (තම ලිංගය ඇතුල් කිරීම) කළේය. ඉක්බිති ඉබ්බා පිබිදී වඳුරාගේ රහසඟ මල්ලක දමන්නාක් මෙන් කටින් ඩැහැ ගත්තේය. බලවත් වේදනාවක් උපන්නේය. වේදනාව ඉවසිය නොහැකිව කවරෙක් නම් මා මේ දුකෙන් මුදවත්ද කා ළඟට යම්දැයි සිතා තාපසතුමා හැර මේ දුකෙන් මා මුදවන්නට වෙන කෙනෙක් නැත. මා උන්වහන්සේ සමීපයටම යාම සුදුසුයයි සිතා තම දෑතින් ඉබ්බා උස්සාගෙන බෝසතාණන් වහන්සේ සමීපයට ගියේය. බෝසතාණන් වහන්සේ ඒ දුස්සීල වඳුරා සමග කෙළිකවටකම් කරමින්,

“කො නු උද‍්ධිතභත‍්තොව, පූරහත්‍ථොව බ්‍රාහ‍්මණො; කහං නු භික‍්ඛං අචරි, කං සද‍්ධං උපසඞ‍්කමී”ති.

කොනු උද්දිත භත්තෝව පුරහත්‍ථොව බ්‍රාහ්මණො, කහන්නු භික්ඛං අචරි කං සද්ධං උපසංකමි

යන පළමු ගාථාව කීහ.

පිරුණු බත් පාත්‍රයක් ගත්තෙකු මෙන් (මේ කවරෙක්ද? කාර්තික පූජාවෙහි ලද) පිරුණු පාත්‍රයක් අතැති බමුණෙකු මෙන් (මේ) කවරෙක්ද? කවර පෙදෙසක පිඬු සිඟා හැසිරුණේද? කවර සැදැහැතියෙකු කරා එළැඹියේද?

තත්‍ථ කො නු උද‍්ධිතභත‍්තොවාති කො නු එස වඩ‍්ඪිතභත‍්තො විය, එකං වඩ‍්ඪිතභත‍්තං භත‍්තපූරපාතිං හත්‍ථෙහි ගහෙත්‍වා විය කො නු එසො ආගච‍්ඡතීති අත්‍ථො. පූරහත්‍ථොව බ්‍රාහ‍්මණොති කත‍්තිකමාසෙ වාචනකං ලභිත්‍වා පූරහත්‍ථො බ්‍රාහ‍්මණො විය ච කො නු ඛො එසොති වානරං සන්‍ධාය වදති. කහං නු භික‍්ඛං අචරීති, භො වානර, කස‍්මිං පදෙසෙ අජ‍්ජ ත්‍වං භික‍්ඛං අචරි. කං සද‍්ධං උපසඞ‍්කමීති කතරං නාම පුබ‍්බපෙතෙ උද‍්දිස‍්ස කතං සද‍්ධභත‍්තං, කතරං වා සද‍්ධං පුග‍්ගලං ත්‍වං උපසඞ‍්කමි, කුතො තෙ අයං දෙය්‍යධම‍්මො ලද‍්ධොති දීපෙති.

එහි කොනු උද්දිතභත්තො වා යනු පිරුණු බත් ඇත්තෙකු මෙන් එන මොහු කවුද? බතින් පිරුණු එක් පාත්‍රයක් අත් දෙකෙන් ගෙන එන්නාක් මෙන් මේ එන තැනැත්තා කවරෙක්ද යන අර්ථයයි. පුරහත්‍ථොව බ්‍රාහ්මණො යනු ඉල් මාසයේ ඉගෙනීමක් ලැබ පිරුණු අත් ඇති බමුණෙකු මෙන් එන මොහු කවුද යන්න වඳුරා සදහා කියයි. කහන්නු භික්ඛං අචරි එම්බා වඳුර! කුමන පෙදෙසක අද නුඹ පිඬු සිඟා හැසිරුණෙහිද? කං සද්ධං උපසංකමි යනු මියගිය කවරෙකු උදෙසා කළ මල බතක්ද? කවර සැදැහැතියෙකු වෙත එළඹ මේ දානය ලැබුවේදැයි දක්වයි.

තං සුත්‍වා දුස‍්සීලවානරො දුතියං ගාථමාහ –

ඒ අසා දුසිල් වඳුරා,

“අහං කපිස‍්මි දුම‍්මෙධො, අනාමාසානි ආමසිං; ත්‍වං මං මොචය භද‍්දං තෙ, මුත‍්තො ගච‍්ඡෙය්‍ය පබ‍්බත”න‍්ති.

අහං කපිස්මි දුම්‍මෙධො අනාමාසානති ආමසිං, ත්‍වං මං මෝචය භද්දන්තෙ මුත්තො ගච්ඡෙය්‍ය පබ්බතන්ති

යන දෙවන ගාථාව කීවේය.

මම මෝඩ වඳුරෙක්මි. ස්පර්ශ නොකළ යුතු තැන් ස්පර්ශ කළෙමි. තෙපි මා මුදනු මැනවි. මිදුනාට පසු පර්වතයට යමි. තොපට යහපතක් වේවා.

තත්‍ථ අහං කපිස‍්මි දුම‍්මෙධොති භද‍්දං තෙ අහං අස‍්මි දුම‍්මෙධො චපලචිත‍්තො මක‍්කටො. අනාමාසානි ආමසින‍්ති අනාමසිතබ‍්බට‍්ඨානානි ආමසිං. ත්‍වං මං මොචය භද‍්දං තෙති ත්‍වං දයාලු අනුකම‍්පකො මං ඉමම‍්හා දුක‍්ඛා මොචෙහි, භද‍්දං තෙ හොතු. මුත‍්තො ගච‍්ඡෙය්‍ය පබ‍්බතන‍්ති සොහං තවානුභාවෙන ඉමම‍්හා බ්‍යසනා මුත‍්තො පබ‍්බතමෙව ගච‍්ඡෙය්‍යං, න තෙ පුන චක‍්ඛුපථෙ අත‍්තානං දස‍්සෙය්‍යන‍්ති.

එහි, අහං කපස්මි දුම්මෙධො යනු ස්වාමීනි! මම මෝඩ චපල සිත් ඇති වඳුරෙක් වෙමි. අනාමාසානි ආමසිං යනු ස්පර්ශ නොකළ යුතු තැන් ස්පර්ශ කළෙමි. ත්‍වං මං මෝචය භද්දන්තෙ යනු දයාවෙන් පිරුණු අනුකම්පාවෙන් යුතු ඔබවහන්සේ මාව මේ දුකින් මුදවන්න. ස්වාමීනි ඔබවහන්සේට යහපතක් වේවා! මුත්තො ගච්ඡෙය්‍ය පබ්බතං යනු ඒ මම නුඹවහන්සේගේ අනුහසින් මේ විපතින් මිදුනේ පර්වතයටම යන්නෙමි. නැවත ඔබේ ඇස් ඉදිරියේ මාව නො දක්නේය. (ඔබ වහන්සේට පෙනෙන්නට මම නැවත නොඑන්නෙමි.)

බොධිසත‍්තො තස‍්මිං කාරුඤ‍්ඤෙන කච‍්ඡපෙන සද‍්ධිං සල‍්ලපන‍්තො තතියං ගාථමාහ –

බෝසතාණන් වහන්සේ වඳුරා කෙරෙහි කරුණාවෙන් ඉබ්බා සමග කථා කරමින්,

“කච‍්ඡපා කස‍්සපා හොන‍්ති, කොණ‍්ඩඤ‍්ඤා හොන‍්ති මක‍්කටා; මුඤ‍්ච කස‍්සප කොණ‍්ඩඤ‍්ඤං, කතං මෙථුනකං තයා”ති.

කච්ඡසා කස්සපා හොන්ති කොණ්ඩඤ්ඤා හොන්ති මක්කටා, මුඤ්ච කස්සප කොණ්ඩඤ්ඤං කථං මෙථුනකං තයා.

යන තුන්වන ගාථාව කීහ.

ඉබ්බෝ කාශ්‍යප ගෝත්‍ර ඇත්තෝ වෙති. වඳුරෝ කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇත්තෝ වෙති. කාශ්‍යපය! කොණ්ඩඤ්ඤයා මුදවන්න! ඹබ (ඉබ්බා) විසින් (වඳුරා සමග) මෛථුන සේවනය (ලිංගික සේවනය) කරන ලදි.

තස‍්සත්‍ථො – කච‍්ඡපා නාම කස‍්සපගොත‍්තා හොන‍්ති, මක‍්කටා කොණ‍්ඩඤ‍්ඤගොත‍්තා, කස‍්සපකොණ‍්ඩඤ‍්ඤානඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං ආවාහවිවාහසම‍්බන්‍ධො අත්‍ථි. අද‍්ධා තයිදං ලොලෙන දුස‍්සීලමක‍්කටෙන තයා සද‍්ධිං, තයා ච දුස‍්සීලෙන ඉමිනා මක‍්කටෙන සද‍්ධිං ගොත‍්තසදිසතාසඞ‍්ඛාතස‍්ස මෙථුනධම‍්මස‍්ස අනුච‍්ඡවිකං දුස‍්සීල්‍යකම‍්මසඞ‍්ඛාතම‍්පි මෙථුනකං කතං, තස‍්මා මුඤ‍්ච, කස‍්සප, කොණ‍්ඩඤ‍්ඤන‍්ති.

එහි අර්ථය කච්ඡපා වඳුරෝ නම් කාශ්‍යප ගෝත්‍රයෙහි වෙත්. මක්කටා වඳුරෝ කොණ්ඩඤ්ඤ ගෝත්‍රයේ වෙත්. කාශ්‍යප කොණ්ඩඤ්ඤ ගෝත්‍රවලට අයත් වූවන්ට ඔවුනොවුන් අතර ආවාහ විවාහ සම්බන්ධයක් ඇත. ඒ මේ ආවාහ විවාහ ලොල් වූ දුසිල් වූ මේ වඳුරා විසින් තයා ඔබ සමගද ඔබ විසින් මේ දුසිල් වඳුරා සමග ගෝත්‍රයට සමානකම් ඇති මෛථුන ධර්මයට සුදුසු වූ දුසිල් ක්‍රියාවක් වූ මෛථුනකං කහං මෛථුනය කරන ලදි. එහෙයින් මුඤ්ච කස්සප කොණ්ඩඤ්ඤ කාශ්‍යපය කොණ්ඩඤ්ඤ නිදහස් කරන්න.

කච‍්ඡපො බොධිසත‍්තස‍්ස වචනං සුත්‍වා කාරණෙන පසන‍්නො වානරස‍්ස අඞ‍්ගජාතං මුඤ‍්චි. මක‍්කටො මුත‍්තමත‍්තොව බොධිසත‍්තං වන්‍දිත්‍වා පලාතො, පුන තං ඨානං නිවත‍්තිත්‍වාපි න ඔලොකෙසි. කච‍්ඡපොපි බොධිසත‍්තං වන්‍දිත්‍වා සකට‍්ඨානමෙව ගතො. බොධිසත‍්තොපි අපරිහීනජ‍්ඣානො බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

ඉබ්බා බෝසතාණන් වහන්සේගේ වචනය අසා කාරණයෙහි පැහැදී වඳුරාගේ රහසඟ නිදහස් කළේය. වඳුරා මිදුණු සැණින් බෝසතාණන් වහන්සේ වැඳ පලා ගියේය. නැවත ඒ ස්ථානය දෙස නැවතීවත් නොබැලුවේය. ඉබ්බාද බෝසතාණන් වහන්සේට වැඳ තම වාසස්ථානයට ගියේය. බෝසතාණන් වහන්සේ ද නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ බඹලොව උපන් සේක.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කච‍්ඡපවානරා ද‍්වෙ මහාමත‍්තා අහෙසුං, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය වදාරා ජාතකය නිමවා වදාළ සේක. එකල ඉබ්බා හා වඳුරා මේ ඇමතිවරු දෙදෙනා වූහ. තාපසයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

කච‍්ඡපජාතකවණ‍්ණනා තතියා.