2. බ්යග්ඝජාතකවණ්ණනා 272 අට්ඨකථා
2. බ්යග්ඝජාතකවණ්ණනා (272)
2. ව්‍යග්ඝ ජාතකය (272)
යෙන මිත්තෙන සංසග්ගාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කොකාලිකං ආරබ්භ කථෙසි. කොකාලිකවත්ථු තෙරසකනිපාතෙ තක්කාරියජාතකෙ (ජා· 1.13.104 ආදයො) ආවිභවිස්සති. කොකාලිකො පන “සාරිපුත්තමොග්ගල්ලානෙ ගහෙත්වා ආගමිස්සාමී”ති කොකාලිකරට්ඨතො ජෙතවනං ආගන්ත්වා සත්ථාරං වන්දිත්වා ථෙරෙ උපසඞ්කමිත්වා “ආවුසො, කොකාලිකරට්ඨවාසිනො මනුස්සා තුම්හෙ පක්කොසන්ති, එථ ගච්ඡාමා”ති ආහ. “ගච්ඡ ත්වං, ආවුසො, න මයං ආගච්ඡාමා”ති. සො ථෙරෙහි පටික්ඛිත්තො සයමෙව අගමාසි. අථ භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, කොකාලිකො සාරිපුත්තමොග්ගල්ලානෙහි සහාපි විනාපි වත්තිතුං න සක්කොති, සංයොගම්පි න සහති, වියොගම්පි න සහතී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි කොකාලිකො සාරිපුත්තමොග්ගල්ලානෙහි නෙව සහ, න විනා වත්තිතුං සක්කොතී”ති වත්වා අතීතං ආහරි.
යෙන මිත්තේන සංසග්ගා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි කෝකාලික තෙරුන් අරබයා වදාළ සේක. කෝකාලික කථාවත්ථුව දහතුන්වන නිපාතයෙහි තක්කාරිය ික කථාවත්ථුව දහතුන්වන නිපාතයෙවජාතකයෙහි මතු සදහන් වන්නේය. කෝකාලික තෙරුන් වහන්සේ වනාහි, සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලා දෙනම කැඳවාගෙන එන්නෙමියි කෝකාලික රටේ සිට ජේතවනාරාමයට වැඩමකර ශාස්තෲන් වහන්සේ වැඳ තෙරුන් වහන්සේලා දෙනම වෙත එළඔ ඇවැත්නි! කෝකාලික රටවැසි මිනිස්සු ඔබ වහන්සේලා දෙනම කැඳවන්නාහුය. වඩිනු මැනවි වඩිමුයි කීහ. ඇවැත්නි! ඔබ යන්න අපි නොඑන්නෙමුයි කීහ. තෙරුන් වහන්සේලා විසින් ප්‍රතික්ෂේප කළ කෝකාලික තමා ම ආපසු ගියේය. ඉක්බිති භික්ෂූන් වහන්සේලා දම්සභාවෙහිදී ඇවැත්නි! කෝකාලික භික්ෂුව සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ඇතිවත් නැතිවත් සිටින්නට නොහැකිය. එක්වීමක් නො ඉවසයි. වෙන්වීමක් නොඉවසයි යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි! දැන් පමණක් නොව පෙරත් කෝකාලික සැරියුත් මුගලන් දෙදෙනා ඇතුවත් නැතුවත් සිටින්නට නොහැකි වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො අඤ්ඤතරස්මිං අරඤ්ඤායතනෙ රුක්ඛදෙවතා හුත්වා නිබ්බත්ති. තස්ස විමානතො අවිදූරෙ අඤ්ඤතරස්මිං වනප්පතිජෙට්ඨකෙ අඤ්ඤා රුක්ඛදෙවතා වසති. තස්මිං වනසණ්ඩෙ සීහො ච බ්‍යග්ඝො ච වසන්ති. තෙසං භයෙන කොචි තත්ථ න ඛෙත්තං කරොති, න රුක්ඛං ඡින්දති, නිවත්තිත්වා ඔලොකෙතුං සමත්ථො නාම නත්ථි. තෙ පන සීහබ්යග්ඝා නානප්පකාරෙ මිගෙ වධිත්වා ඛාදන්ති, ඛාදිතාවසෙසං තත්ථෙව පහාය ගච්ඡන්ති. තෙන සො වනසණ්ඩො අසුචිකුණපගන්ධො හොති. අථ ඉතරා රුක්ඛදෙවතා අන්ධබාලා කාරණාකාරණං අජානමානා එකදිවසං බොධිසත්තං ආහ – “සම්ම, එතෙ නො සීහබ්යග්ඝෙ නිස්සාය වනසණ්ඩො අසුචිකුණපගන්ධො ජාතො, අහං එතෙ පලාපෙමී”ති. බොධිසත්තො “සම්ම, ඉමෙ ද්වෙ නිස්සාය අම්හාකං විමානානි රක්ඛියන්ති, එතෙසු පලායන්තෙසු විමානානි නො විනස්සිස්සන්ති, සීහබ්යග්ඝානං පදං අපස්සන්තා මනුස්සා සබ්බං වනං ඡින්දිත්වා එකඞ්ගණං කත්වා ඛෙත්තානි කරිස්සන්ති, මා තෙ එවං රුච්චී”ති වත්වා පුරිමා ද්වෙ ගාථා අවොච –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක්තරා කැළෑවක රුක් දෙවියෙකු වී උපන් සේක. ඔහුගේ විමානය අසල එක්තරා ලොකු වෘක්ෂයක වෙනත් රුක් දෙවියෙක් වාසය කරයි. ඒ වන රොදෙහි සිංහයෙක් ද ව්‍යාඝ්‍රයෙක්ද වාසය කරත්. උන් දෙදෙනාට බියෙන් කිසිවෙක් එහි කුඹුරක් නොකරයි. ගසක් නොකපයි. නැවතී බලන්නට සමතෙක්ද නැත. ඒ සිංහ ව්යාඝ්ර දෙදෙනා නොයෙක් ආකාර සිවුපාවුන් මරා කත්. කා ඉතිරි කොටස් එහිම දමා යත්. ඒ නිසා ඒ වනලැහැබ අසූචි කුණප ගඳ ඇත්තේ වෙයි. ඉක්බිති කළයුතු නොකළ යුතු දේ නොදන්නා අන්ධබාල වූ අනෙක් රුක් දෙවියා එක්දිනක් බෝසතාණන් වහන්සේට යහලුව! මේ සිංහ ව්‍යාඝ්‍රයන් නිසා වනරොද අසූචි කුණපගඳින් යුක්තයි. මම මුන් දෙදෙනා පලවා හරිමියි කීවේය. බෝසතාණන් වහන්සේ යහලුව! මේ දෙදෙනා නිසා අපගේ විමාන රැකේ මොවුන් පලා ගියවිට අපේ විමාන විනාශ වෙයි. සිංහ, ව්යාඝ්ර පා සලකුණ නොදකින මිනිස්සු සියලු වනය කපා එක මිදුලක් කොට කුඹුරු කරන්නාහ. ඒ ක්‍රියාවට කැමති නොවන්නැයි කියා
“යෙන මිත්තෙන සංසග්ගා, යොගක්ඛෙමො විහිය්යති; පුබ්බෙවජ්ඣාභවං තස්ස, රක්ඛෙ අක්ඛීව පණ්ඩිතො.
යෙන මිත්තෙන සංසග්ගා යොගක්ඛෙමො විහිංසති, පුබ්බෙවජක්ධා භවන්තස්ස රක්ඛෙ අක්ඛීව පණ්ඩිතො
“යෙන මිත්තෙන සංසග්ගා, යොගක්ඛෙමො පවඩ්ඪති; කරෙය්යත්තසමං වුත්තිං, සබ්බකිච්චෙසු පණ්ඩිතො”ති.
යෙන මිත්තේන සංසග්ගා යොගක්ඛෙමො පවඩ්ඪති, කරෙය්යත්තසමං වුත්තිං සබ්බකිච්චෙසු පණ්ඩිතො
යන පළමු ගාථා දෙක කීය.
යම් ආකාර පාපමිත්‍ර සේවනය හේතුකොට ගෙන සිතේ. කයේ සැනසීම පිරිහේද, නුවණ ඇති පුරුෂ තෙම ඒ පාපමිත්රයා විසින් අභිකාවනය කළයුතු දැය තමාගේ දෙඇස් මෙන් රැක ගත්තේමය.
යම් බඳු කල්‍යාණ මිත්‍රයකු සමග එක්වීම නිසා කාය චිත්ත සුවය වැඩේද ඒ කළණ මිතුරාගේ සියලු කටයුත්තෙහි පණ්ඩිත පුරුෂ තෙමේ පැවැත්ම තමා හා සම කරන්නේය.
තත්ථ යෙන මිත්තෙන සංසග්ගාති යෙන පාපමිත්තෙන සද්ධිං සංසග්ගහෙතු සංසග්ගකාරණා, යෙන සද්ධිං දස්සනසංසග්ගො සවනසංසග්ගො කායසංසග්ගො සමුල්ලපනසංසග්ගො පරිභොගසංසග්ගොති ඉමස්ස පඤ්චවිධස්ස සංසග්ගස්ස කතත්තාති අත්ථො. යොගක්ඛෙමොති කායචිත්තසුඛං. තඤ්හි දුක්ඛයොගතො ඛෙමත්තා ඉධ යොගක්ඛෙමොති අධිප්පෙතං. විහිය්යතීති පරිහායති. පුබ්බෙවජ්ඣාභවං තස්ස, රක්ඛෙ අක්ඛීව පණ්ඩිතොති තස්ස පාපමිත්තස්ස අජ්ඣාභවං තෙන අභිභවිතබ්බං අත්තනො ලාභයසජීවිතං, යථා නං සො න අජ්ඣාභවති, තථා පඨමතරමෙව අත්තනො අක්ඛී විය පණ්ඩිතො පුරිසො රක්ඛෙය්ය.
එහි, යෙන මිත්තේන සංසග්ගා යනු යම් පවිටු මිතුරකු සමග ආශ්‍රය කිරීම හේතුවෙන්, ආශ්‍රය කිරීම, නමැති කරුණෙන් යමකු සමග දැකීමෙන් ඇතිවන ඇසුර, ඇසීමෙන් ඇතිවන ඇසුර, කය ඇල්ලීමාදියෙන් ඇතිවන ඇසුර, කතාබහ කිරීමෙන් ඇතිවන ඇසුර පරිභෝග කිරීමෙන් ඇතිවන ඇසුර යන මේ පස් ආකාර ඇසුර කරන ලද බැවින් යන අර්ථයයි. යොගක්ඛෙමො යනු කයේ හා සිතේ සැපයයි. එය වනාහි දුක්ඛ යෝගයෙන් ආරක්ෂා වන බැවින් මෙහි යොගක්ඛෙම යයි අදහස් කරන ලදි. විහිංසති යනු පිරිහීමට පත් වේ. පුබ්බේවජක්ධා භවන්තස්ස රක්ඛෙ අක්ඛීව පණ්ඩිතො යනු ඒ පාපමිත්රයා විසින් කරන මැඩපැවැත්වීම තමා විසින් වැළැක්විය යුතුය. පාප මිතුරා තමාගේ ලාභ, කීර්ති, ජීවිත යන මේවා මැඩ පවත්වන්නට පෙර කල් ඇතිවම තමාගේ ඇස මෙන් පණ්ඩිත පුරුෂයා රකින්නේය.
දුතියගාථාය යෙනාති යෙන කල්යාණමිත්තෙන සහ සංසග්ගකාරණා. යොගක්ඛෙමො පවඩ්ඪතීති කායචිත්තසුඛං වඩ්ඪති. කරෙය්යත්තසමං වුත්තින්ති තස්ස කල්‍යාණමිත්තස්ස සබ්බකිච්චෙසු පණ්ඩිතො පුරිසො යථා අත්තනො ජීවිතවුත්තිඤ්ච උපභොගපරිභොගවුත්තිඤ්ච කරොති, එවමෙතං සබ්බං කරෙය්ය, අධිකම්පි කරෙය්ය, හීනං පන න කරෙය්යාති.
දෙවන ගාථාවෙහි යෙන යනු යම් කලණ මිතුරෙකු සමග එක්වීමේ කාරණයෙන්, යොගංක්ඛමො පවඩ්ඪති යනු කයේ සිතේ සැපය වැඩෙයි. කරෙය්යන්ත සමං වුත්තිං යනු ඒ කල්‍යාණ මිත්‍රයාගේ, සබ්බකිචේචසු පණ්ඩිතො යනු පුරුෂයා යම් සේ තමන්ගේ දිවි පැවැත්මද ගෙවල්, ඉඩම් ආදී උපභෝග පරිහරණයද ඇඳුම්, ආහාර ආදී පරිභෝග පරිහරණයද කරයි. මෙසේ මේ සියල්ල කරන්නේය. වැඩිපුරත් කරන්නේය. පහත් දෙයක් නම් නොකරන්නේය.
එවං බොධිසත්තෙන කාරණෙ කථිතෙපි සා බාලදෙවතා අනුපධාරෙත්වා එකදිවසං භෙරවරූපාරම්මණං දස්සෙත්වා තෙ සීහබ්යග්ඝෙ පලාපෙසි. මනුස්සා තෙසං පදවලඤ්ජං අදිස්වා “සීහබ්යග්ඝා අඤ්ඤං වනසණ්ඩං ගතා”ති ඤත්වා වනසණ්ඩස්ස එකපස්සං ඡින්දිංසු. දෙවතා බොධිසත්තං උපසඞ්කමිත්වා “අහං, සම්ම, තව වචනං අකත්වා තෙ පලාපෙසිං, ඉදානි තෙසං ගතභාවං ඤත්වා මනුස්සා වනසණ්ඩං ඡින්දන්ති, කිං නු ඛො කාතබ්බ”න්ති වත්වා “ඉදානි තෙ අසුකවනසණ්ඩෙ නාම වසන්ති, ගන්ත්වා තෙ ආනෙහී”ති වුත්තා තත්ථ ගන්ත්වා තෙසං පුරතො ඨත්වා අඤ්ජලිං පග්ගය්හ තතියං ගාථමාහ –
මෙසේ බෝසතාණන් වහන්සේ විසින් කාරණා කී කල්හි ද ඒ මෝඩ දෙවියා සොයා නොබලා එක් දිනක් බිය ගෙන දෙන රූප අරමුණක් දක්වා ඒ සිංහයා හා ව්‍යාඝ්‍රයා පලවා හැරියේය. මිනිස්සු ඔවුන්ගේ පාසටහන් නොදැක සිංහ ව්යාඝ්ර දෙදෙනා වෙනත් වන ලැහැබකට ගියේ යයි දැන වන ලැහැබෙයි එක් කොටසක් සිඳලුහ. දේවතාවා බෝසතාණන් වහන්සේ වෙත එළඹ, යහළුව මම ඔබේ කීම නොසලකා ඔවුන් පලවා හැරියෙමි. දැන් ඔවුන් ගිය බව දැන මිනිස්සු කැලේ කපති. කුමක් කළ යුතුදැයි කියා දැන් ඔවුන් දෙදෙනා අසවල් වන ලැහැබෙයි වසත්. ගොස් ඔවුන් කැඳවාගෙන එන්නැයි කියන ලදුව එහිම ගොස් සිංහ ව්යාඝ්ර දෙදෙනා ඉදිරියේ සිට ඇඳිලිබැඳ
“එථ බ්යග්ඝා නිවත්තව්හො, පච්චුපෙථ මහාවනං; මා වනං ඡින්දි නිබ්යග්ඝං, බ්යග්ඝා මාහෙසු නිබ්බනා”ති.
එත ව්යග්ඝා නිවත්තව්හො පච්චමෙෙථ මහාවනං, මා වනං ඡින්දි නිව්යග්ඝං ව්යග්ඝා මාහෙසු නිබ්බනා
යන තුන්වන ගාථාව කීවේය.
ව්යාඝ්රයෙනි, එව, ආපසු පෙරළා එව, මහ වනයට එළඹෙවු. ව්‍යාඝ්‍රයන් නැති වනය නොකපාවා. ව්‍යාඝ්‍රයෝ වන විරහිත වූවාහු නොවෙත්වා. ව්‍යාඝ්‍රයෝ කැලෑවක් නැති අය නොවෙත්වා.
තත්ථ බ්යග්ඝාති උභොපි තෙ බ්යග්ඝනාමෙනෙවාලපන්තී ආහ. නිවත්තව්හොති නිවත්තථ. පච්චුපෙථ මහාවනන්ති තං මහාවනං පච්චුපෙථ පුන උපගච්ඡථ, අයමෙව වා පාඨො. මා වනං ඡින්දි නිබ්යග්ඝන්ති අම්හාකං වසනකවනසණ්ඩං ඉදානි තුම්හාකං අභාවෙන නිබ්යග්ඝං මනුස්සා මා ඡින්දිංසු. බ්යග්ඝා මාහෙසු නිබ්බනාති තුම්හාදිසා ච බ්යග්ඝරාජානො අත්තනො වසනට්ඨානා පලායිතත්තා නිබ්බනා වසනට්ඨානභූතෙන වනෙන විරහිතා මා අහෙසුං. තෙ එවං තාය දෙවතාය යාචියමානාපි “ගච්ඡ ත්වං, න මයං ආගමිස්සාමා”ති පටික්ඛිපිංසුයෙව. දෙවතා එකිකාව වනසණ්ඩං පච්චාගඤ්ඡි. මනුස්සාපි කතිපාහෙනෙව සබ්බං වනං ඡින්දිත්වා ඛෙත්තානි කරිත්වා කසිකම්මං කරිංසු.
එහි, ව්යාග්ඝා යනු ඒ දෙදෙනාට ව්යාඝ්ර නාමයෙන් අමතයි යනුවෙන් කීවේය. නිවත්තව්හො ආපසු එව්, පච්චමෙත මහා වනං යනු ඒ මහා වනයට ආපසු එව්, නැවත එළඹෙව්. මෙය මෙයම පාඨයයි. මා වනං ඡින්දි නිව්යග්ඝං යනු අපගේ වනලැහැඹ දැන් තොප නොමැතිකමින් ව්‍යාඝ්‍රයන් නැති එකකි. මිනිසා මිනිස්සු ඒ වනය නොකපත්වා. ව්යග්ඝා මාහෙසු නිබ්බනා යනු තොප වැනි ව්යාඝ්ර රජවරු තම වාසස්ථානයෙන් පලාගිය බැවින් වනයක් නොවේ. වාසය කරන තැන වනයෙන් තොර නොවේවා. ඔවුහු දේවතාවා විසින් මෙසේ ඉල්ලනු ලබද්දී ද යව, අපි නොඑන්නෙමුයි ප්‍රතික්ෂේප කළාහුය. දේවතාවා තනියම ආපසු ගියේය. මිනිස්සුද කීප දිනකින් සියලු වනය කපා කුඹුරු කොටා ගොවිතැන් කළාහුය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි – “තදා අපණ්ඩිතා දෙවතා කොකාලිකො අහොසි, සීහො සාරිපුත්තො, බ්‍යග්ඝො මොග්ගල්ලානො, පණ්ඩිතදෙවතා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය ප්‍රකාශකොට නිමවා වදාළ සේක. එකල නුවණ නැති දෙවියා කෝකාලිකය. සිංහයා සැරියුත්ය. ව්‍යාඝ්‍රයා මුගලන්ය. නුවණ ඇති දෙවියා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
බ්යග්ඝජාතකවණ්ණනා දුතියා.