යෙදුමෙන් කියවන්න

10. දූතජාතකවණ‍්ණනා 260 අට‍්ඨකථා

10. දූතජාතකවණ‍්ණනා (260)

10. දූත ජාතකය (260)

යස‍්සත්‍ථා දූරමායන‍්තීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං ලොලභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. වත්‍ථු නවකනිපාතෙ චක‍්කවාකජාතකෙ (ජා· 1.9.69 ආදයො) ආවිභවිස‍්සති. සත්‍ථා පන තං භික‍්ඛුං ආමන‍්තෙත්‍වා “න ඛො, භික‍්ඛු, ඉදානෙව, පුබ‍්බෙපි ත්‍වං ලොලො, ලොල්‍යකාරණෙනෙව පන අසිනා සීසච‍්ඡෙදනං ලභී”ති වත්‍වා අතීතං ආහරි.

යස්සත්‍ථා දූරමායන්ති යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරද්දී බලවත් ආශා ඇති එක් භික්‍ෂුවක අරබයා වදාළ සේක. කතා වස්තුව නවක නිපාතයේ කාක ජාතකයේ මතු සඳහන් වන්නේය. බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුව අමතා මහණ, දැන් පමණක් නොව පෙරත් ඔබ ලොල් වූයේ ලොල් කාරණයෙන්ම කඩුවෙන් හිස් සිඳුම් ලැබුවේයැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස පුත‍්තො හුත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා පිතු අච‍්චයෙන රජ‍්ජෙ පතිට‍්ඨාය භොජනසුද‍්ධිකො අහොසි, තෙනස‍්ස භොජනසුද‍්ධිකරාජාත්‍වෙව නාමං ජාතං. සො කිර තථාරූපෙන විධානෙන භත‍්තං භුඤ‍්ජති, යථාස‍්ස එකිස‍්සා භත‍්තපාතියා සතසහස‍්සං වයං ගච‍්ඡති. භුඤ‍්ජන‍්තො පන අන‍්තොගෙහෙ න භුඤ‍්ජති, අත‍්තනො භොජනවිධානං ඔලොකෙන‍්තං මහාජනං පුඤ‍්ඤං කාරෙතුකාමතාය රාජද‍්වාරෙ රතනමණ‍්ඩපං කාරෙත්‍වා භොජනවෙලාය තං අලඞ‍්කරාපෙත්‍වා කඤ‍්චනමයෙ සමුස‍්සිතසෙතච‍්ඡත‍්තෙ රාජපල‍්ලඞ‍්කෙ නිසීදිත්‍වා ඛත‍්තියකඤ‍්ඤාහි පරිවුතො සතසහස‍්සග‍්ඝනිකාය සුවණ‍්ණපාතියා සබ‍්බරසභොජනං භුඤ‍්ජති. අථෙකො ලොලපුරිසො තස‍්ස භොජනවිධානං ඔලොකෙත්‍වා තං භොජනං භුඤ‍්ජිතුකාමො හුත්‍වා පිපාසං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තො “අත්‍ථෙකො උපායො”ති ගාළ‍්හං නිවාසෙත්‍වා හත්‍ථෙ උක‍්ඛිපිත්‍වා “භො, අහං දූතො, දූතො”ති උච‍්චාසද‍්දං කරොන‍්තො රාජානං උපසඞ‍්කමි. තෙන ච සමයෙන තස‍්මිං ජනපදෙ “දූතොම‍්හී”ති වදන‍්තං න වාරෙන‍්ති, තස‍්මා මහාජනො ද‍්විධා භිජ‍්ජිත්‍වා ඔකාසං අදාසි. සො වෙගෙන ගන‍්ත්‍වා රඤ‍්ඤො පාතියා එකං භත‍්තපිණ‍්ඩං ගහෙත්‍වා මුඛෙ පක‍්ඛිපි, අථස‍්ස “සීසං ඡින්‍දිස‍්සාමී”ති අසිගාහො අසිං අබ‍්බාහෙසි, රාජා “මා පහරී”ති නිවාරෙසි, “මා භායි, භුඤ‍්ජස‍්සූ”ති හත්‍ථං ධොවිත්‍වා නිසීදි. භොජනපරියොසානෙ චස‍්ස අත‍්තනො පිවනපානීයඤ‍්චෙව තම‍්බූලඤ‍්ච දාපෙත්‍වා “භො පුරිස, ත්‍වං ‘දූතොම‍්හී’ති වදසි, කස‍්ස දූතොසී”ති පුච‍්ඡි. “මහාරාජ අහං තණ‍්හාදූතො, උදරදූතො, තණ‍්හා මං ආණාපෙත්‍වා ‘ත්‍වං ගච‍්ඡාහී’ති දූතං කත්‍වා පෙසෙසී”ති වත්‍වා පුරිමා ද‍්වෙ ගාථා අවොච –

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඔහුගේ පුත්‍රයා වී වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙන ගෙන පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා පිරිසිදුව ප්‍රණීතව ගරුසරු ඇතිව ආහාර අනුභව කරන කෙනෙක් වූහ. ඒ නිසා මොහුට භෝජන සුද්ධික රජතුමා යයි නමක් ඇතිවිය. ඔහුගේ එක් එක් බඳුනකට ලක්‍ෂයක් වියදම් වන අයුරින් විධිවිධාන සලස්වා ඔහු ආහාර අනුභව කරයි. ඔහු ගෙය තුළ ආහාර අනුභව නොකරයි. තමන්ගේ ආහාර අනුභව කරන පිළිවෙළ බලා සිටින මහජනයා ලවා පින් කරවනු කැමැත්තෙන් රජගෙදර දොරටුවෙහි රුවන් මණ්ඩපයක් කරවා ආහාර ගන්නා වේලාවේ එය සරසවා ඔසවන ලද රනින් කළ සේසත ඇති රාජ ආසනයෙහි හිඳ ක්‍ෂත්‍රිය කන්‍යාවන් විසින් පිරිවරණ ලදුව ලක්‍ෂයක් වටිනා රන් බඳුනෙහි රසයෙන් පිරි බොජුන් අනුභව කරයි. ඉක්බිති එක් ලොල් මිනිසෙක් ඔහුගේ අනුභව කරන පිළිවෙළ බලා ඒ භෝජනය අනුභව කරනු කැමතිව පිපාසය දරාගත නොහැකිව මේ උපාය ඇතැයි සලකා දැඩි ලෙස ඇඳගෙන අත් ඔසවා පින්වත, මම දූතයෙක් දූතයෙක් යැයි මහත් ශබ්ද කරමින් රජු වෙත එළඹියේය. එසමයෙහි ඒ ජනපදයෙහි “මම දූතයෙක් වෙමි” යි කියන තැනැත්තා නොවළක්වති. ඒ නිසා මහජනයා දෙපසට වී අවකාශ දුන්හ. ඔහු වේගයෙන් අවුත් රජුගේ භාජනයෙන් එක් බත්පිඩක් ගෙන කටේ දමා ගත්තේය. ඉක්බිති ඔහුගේ හිස සිඳින්නෙමියි කඩු දරන්නා කඩුව එළියට ඇද ගත්තේය. රජතුමා පහර නොදෙවයි කියා වැළැක්වීය. (රජතුමා ඔහුට) බිය නොවන්න. අනුභව කරන්නැයි (කියා) අත සෝදා හුන්නේය. ආහාර ගෙන අවසානයේ ඔහුටද තවත් බොන පැන්ද බුලත්ද දෙවා එම්බල පුරුෂය, නුඹ දූතයෙක්මියි කියන්නෙහි කාගේ දූතයාදැයි විචාළේය. මහරජතුමනි, මම තෘෂ්ණාවෙහි දූතයා වෙමි. උදරයෙහි දූතයා වෙමි. තණ්හාව මට අණකොට නුඹ යවයි දූතයෙක් කොට එවීයයි

“යස‍්සත්‍ථා දූරමායන‍්ති, අමිත‍්තමපි යාචිතුං; තස‍්සූදරස‍්සහං දූතො, මා මෙ කුජ‍්ඣ රථෙසභ.

යස්සත්‍ථා දූරමායන්ති අමිත්තම්පි යාචිතුං, තස්සූදරරස්සහං දූතො මා මෙ කුජක්‍ධ රථෙසභ

“යස‍්ස දිවා ච රත‍්තො ච, වසමායන‍්ති මාණවා; තස‍්සූදරස‍්සහං දූතො, මා මෙ කුජ‍්ඣ රථෙසභා”ති.

යස්ස දිවා ච රත්තො ච වසමායන්ති මාණවා, තස්සූදරස්සහං දූතො මා මෙ කුජක්‍ධි රථෙසභා

යන පළමු ගාථා දෙක කීවේය.

යමක් සඳහා සතුරාගෙන් වුවද යමක් ඉල්ලා ගන්නට දුරස්ථානයකට යත්ද, මම ඒ උදරයේ දූතයෙක්මි. රජතුමනි! මට නොකිපුණ මැනවි.

සත්ත්වයෝ රෑ දවල්හි යම් උදරයක වසඟයට යත්ද, මම ඒ උදරයාගේ දූතයෙක්මි. රජතුමනි, මට නොකිපුණ මැනවි.

තත්‍ථ යස‍්සත්‍ථා දූරමායන‍්තීති යස‍්ස අත්‍ථාය ඉමෙ සත‍්තා තණ‍්හාවසිකා හුත්‍වා දූරම‍්පි ගච‍්ඡන‍්ති. රථෙසභාති රථයොධජෙට‍්ඨක.

එහි, යස්සත්‍ථා දූරමායන්ති යනු යමක් සදහා මේ සත්ත්වයෝ තෘෂ්ණා වසඟව දුරටද යත්. රථෙසභා යනු රථයෙහි සිට යුද්ධ කරන ප්‍රධාන යෝධයාණෙනි! (රජතුමනි!)

රාජා තස‍්ස වචනං සුත්‍වා “සච‍්චමෙතං, ඉමෙ සත‍්තා උදරදූතා තණ‍්හාවසෙන විචරන‍්ති, තණ‍්හාව ඉමෙ සත‍්තෙ විචාරෙති, යාව මනාපං වත ඉමිනා කථිත”න‍්ති තස‍්ස පුරිසස‍්ස තුස‍්සිත්‍වා තතියං ගාථමාහ –

රජතුමා ඔහුගේ වචනය අසා එය සත්‍යයකි. මේ සත්ත්වයෝ උදරයෙහි දූතයෝය. තෘෂ්ණා වශයෙන් හැසිරෙත්. තෘෂ්ණාවම මේ සත්ත්වයන් පාලනය කරයි. ඒකාන්තයෙන් මොහු විසින් මනාප වූවක්ම කියන ලදැයි ඒ පුරුෂයා කෙරෙහි සතුටුවී -

“දදාමි තෙ බ්‍රාහ‍්මණ රොහිණීනං, ගවං සහස‍්සං සහ පුඞ‍්ගවෙන; දූතො හි දූතස‍්ස කථං න දජ‍්ජං, මයම‍්පි තස‍්සෙව භවාම දූතා”ති.

දදාමි තෙ බ්‍රාහ්මණ රොහිණීනං, ගවං සහස්සං සහ පුංගවෙන, දූතොහි දූතස්ස කථං න දජ්ජං, මයම්පි තස්සෙව භවාම දූතා

යන තුන්වන ගාථාව කීවේය.

බමුණාණෙනි! වෘෂභ රාජයෙකු සහිතව රතුපැහැති ගවයන් දහසක් තොපට දෙමි. දූතයෙක් දූතයෙකුට කෙසේ නොදන්නේද? අපිදු ඔහුගේම (උදරයාගේ) දූතයෝ වෙමු.

තත්‍ථ බ්‍රාහ‍්මණාති ආලපනමත‍්තමෙතං. රොහිණීනන‍්ති රත‍්තවණ‍්ණානං. සහ පුඞ‍්ගවෙනාති යූථපරිණායකෙන උපද‍්දවරක‍්ඛකෙන උසභෙන සද‍්ධිං. මයම‍්පීති අහඤ‍්ච අවසෙසා ච සබ‍්බෙ සත‍්තා තස‍්සෙව උදරස‍්ස දූතා භවාම, තස‍්මා අහං උදරදූතො සමානො උදරදූතස‍්ස තුය‍්හං කස‍්මා න දජ‍්ජන‍්ති. එවඤ‍්ච පන වත්‍වා “ඉමිනා වත පුරිසෙන අස‍්සුතපුබ‍්බං කාරණං කථිත”න‍්ති තුට‍්ඨචිත‍්තො තස‍්ස මහන‍්තං යසං අදාසි.

එහි, බ්‍රාහ්මණ යනු ඇමතීම් මාත්‍රයකි. රෝහිණීනං යනු රතු පැහැයෙන් යුත් (ගවයන්) සහ පුංගවෙන යනු සමූහයකට නායක වූ උවදුරු රකින්නා වූ වෘෂභයෙකු සමග, මයම්පි යනු මමද සෙසු සියලු සත්ත්වයෝද ඒ උදරයාගේම දූතයෝ වෙමු. ඒ නිසා උදර දූතයෙකුට සමාන වු මම උදර දූතයෙකු වූ තොපට කුමක් නිසා නොදෙම්ද? මෙසේත් කියා ඒකාන්තයෙන්ම ඇසීම (ශ්‍රැතිය) ධනය කොට ඇති මේ පුරුෂයා විසින් පෙර නොඅසන ලද කරුණක් අස්වන ලද්දේ වෙමියි සතුටු සිත් ඇතිව ඔහුට මහත් සම්පත් ලබා දුන්නේය. (පෙර මා අසා නැති කරුණක් මේ උගත් පුද්ගලයා කීවේය. එය මම ඇසුවෙමි. එනිසා සතුටු සිත් ඇතිව ඔහුට මහත් සම්පත් ලබා දුන්නේය.)

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ සො ලොලභික‍්ඛු සකදාගාමිඵලෙ පතිට‍්ඨහි, අඤ‍්ඤෙපි බහූ සොතාපන‍්නාදයො අහෙසුං. “තදා ලොලපුරිසො එතරහි ලොලභික‍්ඛු අහොසි, භොජනසුද‍්ධිකරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනා ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශකොට ජාතක කථාව ගලපා වදාළ සේක. සත්‍ය දේශනාව කෙළවර ඒ ලොල් භික්‍ෂුව අනාගාමි ඵලයෙහි පිහිටියේය. බොහෝදෙනා සෝවාන් ආදී මාර්ග ඵලයට පත්වූහ. එකල ලොල් පුරුෂයා මෙකල ලොල භික්‍ෂුවයි. භෝජන සුද්ධික රජතුමා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

දූතජාතකවණ‍්ණනා දසමා.

සඞ‍්කප‍්පවග‍්ගො පඨමො.

පළමුවැනි සංකප්ප වර්ගය නිමියේය.

තස‍්සුද‍්දානං –

සඞ‍්කප‍්ප තිලමුට‍්ඨි ච, මණි ච සින්‍ධවාසුකං; ජරූදපානං ගාමණි, මන්‍ධාතා තිරීටදූතන‍්ති.