යෙදුමෙන් කියවන්න

9. තිරීටවච‍්ඡජාතකවණ‍්ණනා 259 අට‍්ඨකථා

9. තිරීටවච‍්ඡජාතකවණ‍්ණනා (259)

9. තිරීටවච්ඡ ජාතකය (259)

නයිමස‍්ස විජ‍්ජාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ආයස‍්මතො ආනන්‍දස‍්ස කොසලරඤ‍්ඤො මාතුගාමානං හත්‍ථතො පඤ‍්චසතානි, රඤ‍්ඤො හත්‍ථතො පඤ‍්චසතානීති දුස‍්සසහස‍්සපටිලාභවත්‍ථුං ආරබ‍්භ කථෙසි. වත්‍ථු හෙට‍්ඨා දුකනිපාතෙ ගුණජාතකෙ (ජා· අට‍්ඨ· 2.2.ගුණජාතකවණ‍්ණනා) විත්‍ථාරිතමෙව.

නයිමස්ස යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් කොසොල් මහ රජුගේ බිසෝවරුන් අතින් පන්සියයක්ද, රජතුමා අතින් පන්සියයක්ද දැයි වස්ත්‍ර දහසක් ආනන්ද තෙරුන් වහන්සේට ලැබීමේ පුවත අරබයා දේශනා කල සේක. මේ කථා වස්තුව යට (මුලදී) දුක නිපාතයෙහි ගුණ ජාතකයෙහි විස්තර කරවූ පරිදිය.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාසිරට‍්ඨෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා නාමග‍්ගහණදිවසෙ තිරීටවච‍්ඡකුමාරොති කතනාමො අනුපුබ‍්බෙන වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා අගාරං අජ‍්ඣාවසන‍්තො මාතාපිතූනං කාලකිරියාය සංවිග‍්ගහදයො හුත්‍වා නික‍්ඛමිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අරඤ‍්ඤායතනෙ වනමූලඵලාහාරො හුත්‍වා වාසං කප‍්පෙසි. තස‍්මිං තත්‍ථ වසන‍්තෙ බාරාණසිරඤ‍්ඤො පච‍්චන‍්තො කුපි, සො තත්‍ථ ගන‍්ත්‍වා යුද‍්ධෙ පරාජිතො මරණභයභීතො හත්‍ථික‍්ඛන්‍ධගතො එකෙන පස‍්සෙන පලායිත්‍වා අරඤ‍්ඤෙ විචරන‍්තො පුබ‍්බණ‍්හසමයෙ තිරීටවච‍්ඡස‍්ස ඵලාඵලත්‍ථාය ගතකාලෙ තස‍්ස අස‍්සමපදං පාවිසි. සො “තාපසානං වසනට‍්ඨාන”න‍්ති හත්‍ථිතො ඔතරිත්‍වා වාතාතපෙන කිලන‍්තො පිපාසිතො පානීයඝටං ඔලොකෙන‍්තො කත්‍ථචි අදිස‍්වා චඞ‍්කමනකොටියං උදපානං අද‍්දස. උදකඋස‍්සිඤ‍්චනත්‍ථාය පන රජ‍්ජුඝටං අදිස‍්වා පිපාසං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තො හත්‍ථිස‍්ස කුච‍්ඡියං බද‍්ධයොත‍්තං ගහෙත්‍වා හත්‍ථිං උදපානතටෙ ඨපෙත්‍වා තස‍්ස පාදෙ යොත‍්තං බන්‍ධිත්‍වා යොත‍්තෙන උදපානං ඔතරිත්‍වා යොත‍්තෙ අපාපුණන‍්තෙ උත‍්තරිත්‍වා උත‍්තරසාටකං යොත‍්තකොටියා සඞ‍්ඝාටෙත්‍වා පුන ඔතරි, තථාපි නප‍්පහොසියෙව. සො අග‍්ගපාදෙහි උදකං ඵුසිත්‍වා අතිපිපාසිතො “පිපාසං විනොදෙත්‍වා මරණම‍්පි සුමරණ”න‍්ති චින‍්තෙත්‍වා උදපානෙ පතිත්‍වා යාවදත්‍ථං පිවිත්‍වා පච‍්චුත‍්තරිතුං අසක‍්කොන‍්තො තත්‍ථෙව අට‍්ඨාසි. හත්‍ථීපි සුසික‍්ඛිතත‍්තා අඤ‍්ඤත්‍ථ අගන‍්ත්‍වා රාජානං ඔලොකෙන‍්තො තත්‍ථෙව අට‍්ඨාසි.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහබෝසතාණන් වහන්සේ කසීරට බමුණු කුලයක ඉපදී නම් තබන දවසේ “තිරීට වච්ඡ” කුමාරයා යයි කරණ ලද නම් ඇත්තේ පිළිවෙලින් වැඩිවියට පත්ව තක්සලා නුවරට ගොස් ශිල්ප ඉගෙන ගෙන ගිහිගෙයි වසමින් මව්පියන්ගේ අභාවයෙන් සංවේගයට පත්ව ගෙදරින් නික්ම ගොස් තාපස පැවිද්දෙන් පැවිදිව වනයෙහි වන මුල් පලාඵලවලින් යැපෙමින් වාසය කළහ. එතුමා එහි වාසය කරද්දී බරණැස් රජුගේ පසල් දනව්වක කැළඹීමක් ඇතිවිය. රජතුමා එහි ගොස් යුද්ධයෙන් පැරදී මරබියෙන් බියපත් වූයේ ඇතු පිටින්ම එක් පසෙකින් පලාවිත්, කැලයෙහි හැසිරෙන්නේ, පෙරවරුවෙහි තිරීටවච්ඡ පලවැල සදහා ගියකල්හි ඒ තවුසාගේ අසපුවට පිවිසියේය. රජතුමා තවුසන් වසන තැනක්යයි සිතා ඇතුපිටින් බැස සුළඟින් හා අව්වෙන් ක්ලාන්ත වූයේ පිපාසයෙන් යුතුව පැන් කළය සොයමින් කිසිතැනක නොදැක සක්මන් කෙළවර ළිඳක් දුටුවේය. ජලය ඇදගැනීමට ලනුවක් හා කලයක් නොදැක පිපාසය ඉවසා ගැනීමට නොහැකිව ඇතාගේ බඩ බැඳි කඹය ගෙන ඇතා ළිං ඉවුරෙහි තබා උගේ පයෙහි කඹය බැඳ කඹයෙන් ළිඳට බැස කඹයෙන් ළංවිය නොහැකි වූ නිසා ගොඩවී උතුරුසළුව ලනු කෙළවර ගැටගසා නැවත බැස්සේය. එයද ප්‍රමාණවත් නොවීය. හෙතෙම පා අගින් ජලය ස්පර්ශකොට පිපාසය වැඩි නිසා පිපාසය නැතිකොට මරණය වුවද, යහපත් යයි ළිඳට පැන ඇති තරම් පැන් බී ගොඩ එන්නට නොහැකි වන්නේ එහිම සිටියේය. ඇතාද මනාව හික්මවා ඇති බැවින් බැහැර නොගොස් රජු දෙස බලමින් එහිම සිටියේය.

බොධිසත‍්තො සායන‍්හසමයෙ ඵලාඵලං ආහරිත්‍වා හත්‍ථිං දිස‍්වා “රාජා ආගතො භවිස‍්සති, වම‍්මිතහත්‍ථීයෙව පන පඤ‍්ඤායති, කිං නු ඛො කාරණ”න‍්ති සො හත්‍ථිසමීපං උපසඞ‍්කමි. හත්‍ථීපි තස‍්ස උපසඞ‍්කමනභාවං ඤත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. බොධිසත‍්තො උදපානතටං ගන‍්ත්‍වා රාජානං දිස‍්වා “මා භායි, මහාරාජා”ති සමස‍්සාසෙත්‍වා නිස‍්සෙණිං බන්‍ධිත්‍වා රාජානං උත‍්තාරෙත්‍වා කායමස‍්ස සම‍්බාහිත්‍වා තෙලෙන මක‍්ඛෙත්‍වා න‍්හාපෙත්‍වා ඵලාඵලානි ඛාදාපෙත්‍වා හත්‍ථිස‍්ස සන‍්නාහං මොචෙසි. රාජා ද‍්වීහතීහං විස‍්සමිත්‍වා බොධිසත‍්තස‍්ස අත‍්තනො සන‍්තිකං ආගමනත්‍ථාය පටිඤ‍්ඤං ගහෙත්‍වා පක‍්කාමි. රාජබලකායො නගරස‍්ස අවිදූරෙ ඛන්‍ධාවාරං බන්‍ධිත්‍වා ඨිතො. රාජානං ආගච‍්ඡන‍්තං දිස‍්වා පරිවාරෙසි, රාජා නගරං පාවිසි.

බෝසතාණන් වහන්සේ සවස් කාලයේ පළතුරු ගෙනවිත් ඇතා දැක, රජතුමා එන්නට ඇත. සන්නද්ධ වූ ඇතු පමණක් දක්නට ඇත. කාරණය කුමක්දැයි සිතා තාපසයා ඇතා ළගට එළඹියේය. ඇතා ඔහුගේ පැමිණීම දැන එකත් පැත්තකට වි සිටියේය. බෝසතාණන් වහන්සේ ළිං ඉවුරට ගොස් රජතුමා දැක මහරජතුමනි! බිය නොවන්නයි සනසා ඉණිමගක් බැඳ රජතුමා ගොඩ කරවා ඹහුගේ සිරුර පිරිමැද තෙල් තවරා නහවා පලාඵල ආදිය දී ඇතාගේ යුද ඇඳුම් මුදාහළේය. රජතුමා දෙතුන් දිනක් විවේක ගෙන බෝසතාණන් වහන්සේ තමන්ගේ සමීපයට එන ලෙස පොරොන්දු කරවාගෙන ගියේය. රජ බලඇණිය නුදුරෙහි කඳවුරු බැදගෙන සිටියේ රජු එනු දැක පිරිවරා ගති.

බොධිසත‍්තොපි අඩ‍්ඪමාසච‍්චයෙන බාරාණසිං පත්‍වා උය්‍යානෙ වසිත්‍වා පුනදිවසෙ භික‍්ඛං චරමානො රාජද‍්වාරං ගතො. රාජා මහාවාතපානං උග‍්ඝාටෙත්‍වා රාජඞ‍්ගණං ඔලොකයමානො බොධිසත‍්තං දිස‍්වා සඤ‍්ජානිත්‍වා පාසාදා ඔරුය‍්හ වන්‍දිත්‍වා මහාතලං ආරොපෙත්‍වා සමුස‍්සිතසෙතච‍්ඡත‍්තෙ රාජපල‍්ලඞ‍්කෙ නිසීදාපෙත්‍වා අත‍්තනො පටියාදිතං ආහාරං භොජෙත්‍වා සයම‍්පි භුඤ‍්ජිත්‍වා උය්‍යානං නෙත්‍වා තත්‍ථස‍්ස චඞ‍්කමනාදිපරිවාරං වසනට‍්ඨානං කාරෙත්‍වා සබ‍්බෙ පබ‍්බජිතපරික‍්ඛාරෙ දත්‍වා උය්‍යානපාලං පටිච‍්ඡාපෙත්‍වා වන්‍දිත්‍වා පක‍්කාමි. තතො පට‍්ඨාය බොධිසත‍්තො රාජනිවෙසනෙයෙව පරිභුඤ‍්ජි, මහාසක‍්කාරසම‍්මානො අහොසි.

බෝසතාණන් වහන්සේද මාස එකහමාරකින් පමණ බරණැසට පැමිණ උයනෙහි වාසය කොට දෙවන දවසේ පිඬු පිණිස හැසිරෙමින් රජ ගෙදර දොරටුව සමීපයට ගියහ. රජතුමා මහා වා කවුළුව ඇර රජමිදුල දෙස බලමින් බෝසතාණන් වහන්සේ දැක, හැඳිනගෙන ප්‍රාසාදයෙන් බැස වැඳ උඩුමහල් තලයට කැඳවා ඔසවන ලද සුදුකුඩය යට රජ අසුනෙහි හිදුවා තමන් වෙනුවෙන් පිළියෙල වූ ආහාර වළදවා තමනුත් අනුභව කොට උයනට වැඩමවාගෙන ගොස් එහි උන්වහන්සේට සක්මන්මලු ආදියෙන් යුක්ත වාසස්ථානයක් කරවා සියලු තවුස් පිරිකර දී උයන්පල්ලාට පවරා දී වැඳ ගියේය. එතැන් පටන් බෝසතාණන් වහන්සේ රජමැදුරේ අනුභව කළ සේක. මහත් සත්කාර පැසසුම් ඇතිවිය.

තං අසහමානා අමච‍්චා “එවරූපං සක‍්කාරං එකොපි යොධො ලභමානො කිං නාම න කරෙය්‍යා”ති වත්‍වා උපරාජානං උපගන‍්ත්‍වා “දෙව, අම‍්හාකං රාජා එකං තාපසං අතිවිය මමායති, කිං නාම තෙන තස‍්මිං දිට‍්ඨං, තුම‍්හෙපි තාව රඤ‍්ඤා සද‍්ධිං මන‍්තෙථා”ති ආහංසු. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා අමච‍්චෙහි සද‍්ධිං රාජානං උපසඞ‍්කමිත්‍වා පඨමං ගාථමාහ –

ඒවා නොඉවසිය හැකි ඇමතිවරු මෙබඳු සත්කාර එක් යුද භටයකුට කරන්නේ නම්, කුමක්නම් නොකරන්නේදැයි කියා යුවරජු වෙත එළඹ, දේවයන් වහන්ස! අපගේ රජතුමා එක් තාපසයෙකුට අතිශයින් ඇලුම් කරයි. රජතුමා විසින් තවුසා කෙරෙහි කුමක්නම් දක්නා ලදද? තොපිද රජු සමග කථාකරනු මැනවියි කීහ. යුවරජතුමා යහපතැයි පිළිගෙන ඇමතියන් සමග රජු වෙත ගොස් වැඳ,

“නයිමස‍්ස විජ‍්ජාමයමත්‍ථි කිඤ‍්චි, න බන්‍ධවො නො පන තෙ සහායො; අථ කෙන වණ‍්ණෙන තිරීටවච‍්ඡො, තෙදණ‍්ඩිකො භුඤ‍්ජති අග‍්ගපිණ‍්ඩ”න‍්ති.

නයිමස්ස විජ්ජාමය මත්‍ථි කිඤ්චි, න බන්‍ධවො නො පන තෙ සහායො, අථ කෙන වණ්ණෙන තිරීටවච්ඡො, තෙ දණ්ඩිකො භුඤ්ජති අග්ගපිණ්ඩං

යන පළමු ගාථාව කීහ.

විද්‍යාවෙන් ඇති කරගත් කිසි කටයුත්තක් මොහුට නැත. (උගත් කිසිවක් නැත.) තොපගේ නෑයෙක් හෝ යහළුවෙක් හෝ නොවේ. ත්‍රිදණ්ඩක් ඇති ‘තිරීටවච්ඡ’ නම් වූ මේ තෙම කවර කරුණක් නිසා බොහෝ රස ඇති අග්‍ර භෝජනය (රස බොජුන්) අනුභව කරන්නේද

තත්‍ථ නයිමස‍්ස විජ‍්ජාමයමත්‍ථි කිඤ‍්චීති ඉමස‍්ස තාපසස‍්ස විජ‍්ජාමයං කිඤ‍්චි කම‍්මං නත්‍ථි. න බන්‍ධවො තිපුත‍්තබන්‍ධවසිප‍්පබන්‍ධවගොත‍්තබන්‍ධවඤාතිබන්‍ධවෙසු අඤ‍්ඤතරොපි න හොති . නො පන තෙ සහායොති සහපංසුකීළිකො සහායකොපි තෙ න හොති. කෙන වණ‍්ණෙනාති කෙන කාරණෙන. තිරීටවච‍්ඡොති තස‍්ස නාමං. තෙදණ‍්ඩිකොති කුණ‍්ඩිකඨපනත්‍ථාය තිදණ‍්ඩකං ගහෙත්‍වා චරන‍්තො. අග‍්ගපිණ‍්ඩන‍්ති රසසම‍්පන‍්නං රාජාරහං අග‍්ගභොජනං.

එහි, නයිමස්ස විජ්ජාමයමත්‍ථි කිඤ්චි යනු මේ තවුසාට විද්‍යාමය කිසි කටයුත්තක් නැත. (උගත් කිසිත් නැත) න බන්‍ධවො යනු (ඇසීමෙන්, කතාබහ කිරීමෙන් ඇති කරගත් නෑයන් වන සුතබන්ධු (එකට ඉගෙනීම නිසා ඇති කරගත් නෑයන් වන) සිප්පබන්ධු (තම ගෝත්‍රයට අයත් හෙයින් ඇතිවන) ගොත්ත බන්ධු (නැන්දා මාමා ආදී වශයෙන් ඇතිවන) ඤාති බන්ධු යන මෙම බන්ධූන් අතරින් එක් අයෙක්වත් නොවේ. නො පන තෙ සහායො යනු වැළි සෙල්ලම් කරන කුඩා කාලයේ සිට ඔබේ යහළුවෙක්ද නොවේ. කෙන වණ්ණේන යනු කුමන කරුණකින්. තිරීට වච්ඡො යනු ඔහුගේ නම ය. තෙදණ්ඩිකො යනු පැන් කෙණ්ඩිය තැබීම සදහා දඬු තුනක් ගෙන හැසිරෙන. අග්ගපිණ්ඩං යනු රසයෙන් යුක්ත වූ රජතුමාට සුදුසු අග්‍රභෝජනය.

තං සුත්‍වා රාජා පුත‍්තං ආමන‍්තෙත්‍වා “තාත, මම පච‍්චන‍්තං ගන‍්ත්‍වා යුද‍්ධපරාජිතස‍්ස ද‍්වීහතීහං අනාගතභාවං සරසී”ති වත්‍වා “සරාමී”ති වුත‍්තෙ “තදා මයා ඉමං නිස‍්සාය ජීවිතං ලද‍්ධ”න‍්ති සබ‍්බං තං පවත‍්තිං ආචික‍්ඛිත්‍වා “තාත , මය‍්හං ජීවිතදායකෙ මම සන‍්තිකං ආගතෙ රජ‍්ජං දදන‍්තොපි අහං නෙව එතෙන කතගුණානුරූපං කාතුං සක‍්කොමී”ති වත්‍වා ඉතරා ද‍්වෙ ගාථා අවොච –

ඒ අසා රජතුමා පුතා අමතා දරුව! මම පසල් දනව්වට ගොස් යුද්ධය පැරදී දෙතුන්දිනක් නොආ බවවත් සිහි කළෙහිදැයි අසා සිහි කළෙමියි කී කල්හි මා මොහු නිසා දිවි ලබන ලදි යයි ඒ සියලු ප්‍රවෘත්තිය කියා, දරුව! මගේ ජීවිත දායකයා මා ළඟට ආ කල්හි වෙමියි කියා

“ආපාසු මෙ යුද‍්ධපරාජිතස‍්ස, එකස‍්ස කත්‍වා විවනස‍්මි ඝොරෙ; පසාරයී කිච‍්ඡගතස‍්ස පාණිං, තෙනූදතාරිං දුඛසම‍්පරෙතො.

ආපාසු මෙ යුද්ධ පරාජිතස්ස, එකස්ස කත්‍වා විවනස්මි ඝොරෙ, පසාරයී කිච්ඡගතස්ස පාණිං, තෙනූදතාරිං දුඛසම්පරෙතො

“එතස‍්ස කිච‍්චෙන ඉධානුපත‍්තො, වෙසායිනො විසයා ජීවලොකෙ; ලාභාරහො තාත තිරීටවච‍්ඡො, දෙථස‍්ස භොගං යජථඤ‍්ච යඤ‍්ඤ”න‍්ති.

එතස්ස කිච්චේන ඉධානුපත්තො, වෙසායිනො විසයා ජීවලොකෙ, ලාභාරහො තාත තිරීටවච්ඡො, දෙථස්ස භොගං යජතඤ්ච යඤ්ඤං

යන ඉතිරි ගාථා දෙක කීවේය.

සටනින් පැරදුණු, ජලය නැති බියකරු වනයෙහි විපතට පත් හුදකලා වූ මට විපතේදී ළිඳෙන් ගොඩ එන්නට අත දිගු කළේය. ඒ උපකාරය නිසා දුකින් පෙළුණු මම ගොඩ ආවෙමි.

මේ තාපසයාගේ උපකාරයෙන් මෙහි පැමිණියෙමි. පරලොවින් මිදී මෙලොව වසමි. දරුව! තිරීටවච්ඡ තාපසයා සිව්පසය ලබන්නට සුදුස්සෙකි. පරිභෝග කළ යුතු දේද යාගයට ගන්නා යාග ද්‍රව්‍යද දෙව්.

තත්‍ථ ආපාසූති ආපදාසු. එකස‍්සාති අදුතියස‍්ස. කත්‍වාති අනුකම‍්පං කරිත්‍වා පෙමං උප‍්පාදෙත්‍වා. විවනස‍්මින‍්ති පානීයරහිතෙ අරඤ‍්ඤෙ. ඝොරෙති දාරුණෙ. පසාරයී කිච‍්ඡගතස‍්ස පාණින‍්ති නිස‍්සෙණිං බන්‍ධිත්‍වා කූපං ඔතාරෙත්‍වා දුක‍්ඛගතස‍්ස මය‍්හං උත‍්තාරණත්‍ථාය වීරියපටිසංයුත‍්තං හත්‍ථං පසාරෙසි. තෙනූදතාරිං දුඛසම‍්පරෙතොති තෙන කාරණෙනම‍්හි දුක‍්ඛපරිවාරිතොපි තම‍්හා කූපා උත‍්තිණ‍්ණො.

එහි, ආපාසු යනු ආපදාවලදී, එකස්ස යනු දෙවැන්නෙක් නැතිව, තනිවී, කත්‍වා යනු අනුකම්පා කොට, ප්‍රේමයද උපදවා, විචන ස්මිං යනු ජලය නැති කැලයෙහි, ඝොරෙ යනු දරුණු වූ, පසාරයී කිච්ඡගතස්ස පාණිං යනු ඉණිමගක් බැඳ ළිඳට බස්වා දුකට පත් වූ මට ගොඩඒම පිණිස වීර්යයෙන් යුක්ත අත දිගු කළේය. තෙනූදතාරිං දුඛසම්පරෙතො යනු ඒ කරුණෙන් දුක පිරිවරණ ලද්දේ ඒ ළිඳෙන් ගොඩට ආවෙමි.

එතස‍්ස කිච‍්චෙන ඉධානුපත‍්තොති අහං එතස‍්ස තාපසස‍්ස කිච‍්චෙන, එතෙන කතස‍්ස කිච‍්චස‍්සානුභාවෙන ඉධානුප‍්පත‍්තො . වෙසායිනො විසයාති වෙසායී වුච‍්චති යමො, තස‍්ස විසයා. ජීවලොකෙති මනුස‍්සලොකෙ. අහඤ‍්හි ඉමස‍්මිං ජීවලොකෙ ඨිතො යමවිසයං මච‍්චුවිසයං පරලොකං ගතො නාම අහොසිං, සොම‍්හි එතස‍්ස කාරණා තතො පුන ඉධාගතොති වුත‍්තං හොති. ලාභාරහොති ලාභං අරහො චතුපච‍්චයලාභස‍්ස අනුච‍්ඡවිකො. දෙථස‍්ස භොගන‍්ති එතෙන පරිභුඤ‍්ජිතබ‍්බං චතුපච‍්චයසමණපරික‍්ඛාරසඞ‍්ඛාතං භොගං එතස‍්ස දෙථ. යජථඤ‍්ච යඤ‍්ඤන‍්ති ත්‍වඤ‍්ච අමච‍්චා ච නාගරා චාති සබ‍්බෙපි තුම‍්හෙ එතස‍්ස භොගඤ‍්ච දෙථ, යඤ‍්ඤඤ‍්ච යජථ. තස‍්ස හි දීයමානො දෙය්‍යධම‍්මො තෙන භුඤ‍්ජිතබ‍්බත‍්තා භොගො හොති, ඉතරෙසං දානයඤ‍්ඤත‍්තා යඤ‍්ඤො. තෙනාහ “දෙථස‍්ස භොගං යජථඤ‍්ච යඤ‍්ඤ”න‍්ති.

එතස්ස කිච්චේන ඉධානුපත්තො යනු මම ඒ තාපසයාගේ ක්‍රියාවෙන්, මොහු විසින් කරන ලද ක්‍රියාවේ ආනුභාවයෙන් මෙහි පැමිණියෙමි. වෙසායිනො විසයා යනු වේසායී යනු යමයාට නමකි. ඔහුගේ තැන. ජීවලොකෙ යනු මිනිස් ලොවෙහි. මම මේ ජීව ලෝකයෙහි සිටියේ යමයාගේ තැන වූ මාරයාගේ තැන වූ පරලොව ගියේ වෙමි. ඒ මම මොහුගේ ක්‍රියාවෙන් කාරණයෙන් එයින් (ඒ පරලොවෙන්) නැවත මෙහි ආවෙමියි කියන ලද්දේ වෙයි. ලාභාරහො යනු ලාභ ලැබීමට සුදුසුයි. සිව්පසය ලැබීමට සුදුසුයි. දෙථස්ස භොගං යනු මොහු විසින් පරිභෝග කළයුතු සිව්පසය, සියලු ශ්‍රමණ පිරිකර නමැති සම්පත් මොහුට දෙව්. යජතඤ්ච යඤ්ඤං යනු නුඹද ඇමතියෝද, නුවරවැසියෝද යන තෙපි සියල්ලෝම මොහුට සම්පත් දෙව්. යාගයද යදිව්. උන්වහන්සේට දෙන්නා වූ දාන වස්තුව උන්වහන්සේ විසින් අනුභව කළයුතු බැවින් භෝග (ධනය) නම් වෙයි. අන් අයට යාග ද්‍රව්‍ය දීම් වශයෙන් යාගයයි. ඒ නිසා දෙවස්ස භොගං (ඔහුට භෝග දෙන්න) යජතඤ්ච යඤ්ඤං (යාග ද්‍රව්‍ය දෙන්න) යි කීය.

එවං රඤ‍්ඤා ගගනතලෙ පුණ‍්ණචන්‍දං උට‍්ඨාපෙන‍්තෙන විය බොධිසත‍්තස‍්ස ගුණෙ පකාසිතෙ තස‍්ස ගුණො සබ‍්බත්‍ථමෙව පාකටො ජාතො, අතිරෙකතරො තස‍්ස ලාභසක‍්කාරො උදපාදි. තතො පට‍්ඨාය උපරාජා වා අමච‍්චා වා අඤ‍්ඤො වා කොචි කිඤ‍්චි රාජානං වත‍්තුං න විසහි. රාජා බොධිසත‍්තස‍්ස ඔවාදෙ ඨත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා සග‍්ගපුරං පූරෙසි. බොධිසත‍්තොපි අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච උප‍්පාදෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

මෙසේ රජතුමා අහස් තලයේ චන්ද්‍රයා ඔසවා තබන්නකු මෙන් බෝසතාණන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කළ කල්හි ඔහුගේ ගුණ මහිමය හැමතැනම ප්‍රකට විය. අමතරවත් ඔහුට ලාභ සත්කාර උපන්නේය. එතැන් පටන් යුවරජ හෝ ඇමතිවරු හෝ අන් කිසිවෙක් හෝ රජුට කිසිවක් කියන්නට අසමත් විය. රජතුමා බෝසතාණන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා සිට දානාදි පිංකම්කොට දෙව්ලොව උපන්නේය. බෝසතාණන් වහන්සේද, අභිඥා, සමාපත්තිද උපදවාගෙන බඹලොව උපන්හ.

සත්‍ථා “පොරාණකපණ‍්ඩිතාපි උපකාරවසෙන කරිංසූ”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්‍දො අහොසි, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මෙසේ පැරණි පඬිවරුද උපකාර වශයෙන්ම (උපකාර) කළහයි වදාරා මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල රජ ආනන්දය. තාපසයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

තිරීටවච‍්ඡජාතකවණ‍්ණනා නවමා.