8. මන්ධාතුජාතකවණ්ණනා 258 අට්ඨකථා
8. මන්ධාතුජාතකවණ්ණනා (258)
8. මන්ධාතු ජාතකය (258)
යාවතා චන්දිමසූරියාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං උක්කණ්ඨිතභික්ඛුං ආරබ්භ කථෙසි. සො කිර සාවත්ථිං පිණ්ඩාය චරමානො එකං අලඞ්කතපටියත්තං ඉත්ථිං දිස්වා උක්කණ්ඨි. අථ නං භික්ඛූ ධම්මසභං ආනෙත්වා “අයං, භන්තෙ, භික්ඛු උක්කණ්ඨිතො”ති සත්ථු දස්සෙසුං. සත්ථා “සච්චං කිර ත්වං, භික්ඛු, උක්කණ්ඨිතො”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “කදා ත්වං , භික්ඛු, අගාරං අජ්ඣාවසමානො තණ්හං පූරෙතුං සක්ඛිස්සසි, කාමතණ්හා හි නාමෙසා සමුද්දො විය දුප්පූරා, පොරාණකරාජානො ද්විසහස්සපරිත්තදීපපරිවාරෙසු චතූසු මහාදීපෙසු චක්කවත්තිරජ්ජං කාරෙත්වා මනුස්සපරිහාරෙනෙව චාතුමහාරාජිකදෙවලොකෙ රජ්ජං කාරෙත්වා තාවතිංසදෙවලොකෙ ඡත්තිංසාය සක්කානඤ්ච වසනට්ඨානෙ දෙවරජ්ජං කාරෙත්වාපි අත්තනො කාමතණ්හං පූරෙතුං අසක්කොන්තාව කාලමකංසු, ත්වං පනෙතං තණ්හං කදා පූරෙතුං සක්ඛිස්සසී”ති වත්වා අතීතං ආහරි.
යාවතා චන්දිම සුරියා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් පැවිද්දට කලකිරුණු එක් භික්ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්ෂුව වනාහි සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නේ එක් අලංකාරයෙන් සැරසුණු ස්ත්‍රියක දැක කලකිරුණේය. ඉක්බිති ඒ භික්ෂුව දම් සභාවට කැඳවාගෙන වුත් ස්වාමීනි, මේ භික්ෂුව කළකිරුණේ යැයි බුදුරජාණන් වහන්සේට දැක්වූහ. බුදුරජාණන් වහන්සේද ඇත්තද මහණ ඔබ කලකිරුණේ දැයි විචාරා ඇත්තයි ස්වාමීනියි යි කී කල්හි, මහණ, නුඹ ගිහිගෙයි වාසය කරමින් කෙදිනක තෘෂ්ණාව පුරවන්නට හැකිවන්නෙහිද? කාම තණ්හාව නම් වූ මෙය මහ මුහුද මෙන් පිරවීම දුෂ්කරය. පැරැන්නෝ දෙදහසක් කුඩා දිවයින්වලින් පිරිවරන ලද සතරමහ දිවයින්වල සක්විති රජකම් කර මිනිස් පරිහරණයෙන්ම චාතුර්මහා රාජික දෙව්ලොව රජය කරවමින් තව්තිසා දෙව්ලොව ශක්‍රයින් තිස්හය දෙනෙකුගේ කාලසීමාවෙහි දිව්‍ය රාජ්‍යය කරවාද තමන්ගේ කාම තෘෂ්ණාව පුරවන්නට නොහැකි වූයේම කලුරිය කළාහුය. නුඹ වනාහි මේ තෘෂ්ණාව කවදා පුරවන්නට හැකිවන්නෙහිදැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ පඨමකප්පිකෙසු මහාසම්මතො නාම රාජා අහොසි. තස්ස පුත්තො රොජො නාම, තස්ස පුත්තො වරරොජො නාම, තස්ස පුත්තො කල්යාණො නාම, තස්ස පුත්තො වරකල්යාණො නාම, තස්ස පුත්තො උපොසථො නාම, තස්ස පුත්තො මන්ධාතු නාම අහොසි. සො සත්තහි රතනෙහි චතූහි ච ඉද්ධීහි සමන්නාගතො චක්කවත්තිරජ්ජං කාරෙසි. තස්ස වාමහත්ථං සමඤ්ජිත්වා දක්ඛිණහත්ථෙන අප්ඵොටිතකාලෙ ආකාසා දිබ්බමෙඝො විය ජාණුප්පමාණං සත්තරතනවස්සං වස්සති, එවරූපො අච්ඡරියමනුස්සො අහොසි. සො චතුරාසීති වස්සසහස්සානි කුමාරකීළං කීළි. චතුරාසීති වස්සසහස්සානි ඔපරජ්ජං කාරෙසි, චතුරාසීති වස්සසහස්සානි චක්කවත්තිරජ්ජං කාරෙසි, ආයුප්පමාණං අසඞ්ඛ්යෙය්යං අහොසි.
යටගිය දවස පළමු කල්පයෙහි මහා සම්මත නම් රජ කෙනෙක් විය. ඔහුගේ පුතා රෝජ නම් විය. ඔහුගේ පුතා වරරෝජ නම් විය. ඔහුගේ පුතා කල්‍යාණ නම් විය. ඔහුගේ පුතා වරකල්යාණි විය. ඔහුගේ පුතා උපෝසථ නම් විය. ඔහුගේ පුතා මන්ධාතු නම් විය. හෙතෙම සත්රුවන්වලින්ද, සතර සෘද්ධිපාද වලින්ද යුක්ත වූයේ සක්විති රජය කරවීය. ඔහු වම් අත අකුලාගෙන දකුණතින් අත්පොළසන් දුන් කල්හි අහසින් දිව්‍ය වර්ෂාවක් මෙන් දණක් පමණ සත්රුවන් වර්ෂාවක් වසී. මෙබඳු ආශ්චර්යය මිනිසෙක් විය. ඔහු අසූහාර දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා කළේය. අසූහාරදාහක් අවුරුදු යුවරජකම කරවීය. අසූහාරදහසක් අවුරුදු සක්විති රජකම කරවීය. ඔහුගේ අසංඛයක් අවුරුදු ආයුෂ විය.
සො එකදිවසං කාමතණ්හං පූරෙතුං අසක්කොන්තො උක්කණ්ඨිතාකාරං දස්සෙසි. අථාමච්චා “කිං නු ඛො, දෙව, උක්කණ්ඨිතොසී”ති පුච්ඡිංසු. “මය්හං පුඤ්ඤබලෙ ඔලොකියමානෙ ඉදං රජ්ජං කිං කරිස්සති, කතරං නු ඛො ඨානං රමණීය”න්ති? “දෙවලොකො, මහාරාජා”ති. සො චක්කරතනං අබ්භුක්කිරිත්වා සද්ධිං පරිසාය චාතුමහාරාජිකදෙවලොකං අගමාසි. අථස්ස චත්තාරො මහාරාජානො දිබ්බමාලාගන්ධහත්ථා දෙවගණපරිවුතා පච්චුග්ගමනං කත්වා තං ආදාය චාතුමහාරාජිකදෙවලොකං ගන්ත්වා දෙවරජ්ජං අදංසු. තස්ස සකපරිසාය පරිවාරිතස්සෙව තස්මිං රජ්ජං කාරෙන්තස්ස දීඝො අද්ධා වීතිවත්තො.
ඔහු එක් දවසක් කාම තෘෂ්ණාව පුරවන්නට නොහැකි වන්නේ කලකිරුණු ආකාරයක් දැක්වීය. දේවයන් වහන්ස, කුමක් නිසා කලකිරුණේදැයි ඇමතිවරු විචාළහ. මගේ පිං බලය දෙස බලන කල්හි මේ රාජ්‍යය කුමක් කරන්නේද, කිනම් තැනක සිත් අලවන්නේද? මහරජතුමනි! දෙව්ලොවයයි කීහ. රජතුමා චක්‍රරත්නයට පැන් ඉස පිරිවර සමග චාතුර්මහා රාජික දිව්‍යලෝකයට ගියේය. ඉක්බිති සතර වරම් දෙවි මහරජවරු දිව්‍ය මල්, සුවඳ ගත් අත් ඇති දේව සමූහයා සමග පිරිවරාගෙන ඔහුට පෙරගමන්කොට රජතුමා රැගෙන චාතුර්මහා රාජික දෙව්ලොවට ගොස් දිව්‍ය රාජ්‍යය දුන්හ. සිය පිරිස පිරිවරන ලදුව එහි රජකරන ඔහුට දිගුකලක් ගතවිය.
සො තත්ථාපි තණ්හං පූරෙතුං අසක්කොන්තො උක්කණ්ඨිතාකාරං දස්සෙසි, චත්තාරො මහාරාජානො “කිං නු ඛො, දෙව, උක්කණ්ඨිතොසී”ති පුච්ඡිංසු. “ඉමම්හා දෙවලොකා කතරං ඨානං රමණීය”න්ති. “මයං, දෙව, පරෙසං උපට්ඨාකපරිසා, තාවතිංසදෙවලොකො රමණීයො”ති. මන්ධාතා චක්කරතනං අබ්භුක්කිරිත්වා අත්තනො පරිසාය පරිවුතො තාවතිංසාභිමුඛො පායාසි. අථස්ස සක්කො දෙවරාජා දිබ්බමාලාගන්ධහත්ථො දෙවගණපරිවුතො පච්චුග්ගමනං කත්වා තං හත්ථෙ ගහෙත්වා “ඉතො එහි, මහාරාජා”ති ආහ. රඤ්ඤො දෙවගණපරිවුතස්ස ගමනකාලෙ පරිණායකරතනං චක්කරතනං ආදාය සද්ධිං පරිසාය මනුස්සපථං ඔතරිත්වා අත්තනො නගරමෙව පාවිසි. සක්කො මන්ධාතුං තාවතිංසභවනං නෙත්වා දෙවතා ද්වෙ කොට්ඨාසෙ කත්වා අත්තනො දෙවරජ්ජං මජ්ඣෙ භින්දිත්වා අදාසි. තතො පට්ඨාය ද්වෙ රාජානො රජ්ජං කාරෙසුං. එවං කාලෙ ගච්ඡන්තෙ සක්කො සට්ඨි ච වස්සසතසහස්සානි තිස්සො ච වස්සකොටියො ආයුං ඛෙපෙත්වා චවි, අඤ්ඤො සක්කො නිබ්බත්ති. සොපි දෙවරජ්ජං කාරෙත්වා ආයුක්ඛයෙන චවි. එතෙනූපායෙන ඡත්තිංස සක්කා චවිංසු, මන්ධාතා පන මනුස්සපරිහාරෙන දෙවරජ්ජං කාරෙසියෙව.
හෙතෙම එහිදීද තෘෂ්ණාව පුරවන්නට නොහැකි වන්නේ කලකිරුණු ස්වභාවයක් දැක්වීය. සතරවරම් දෙවි මහ රජවරු මහරජතුමනි, කුමක් නිසා කලකිරුණේදැයි විචාළහ. මේ දේව ලෝකයට වඩා කිනම් තැනක් සිත්කලුද? දේවයන් වහන්ස! අපි වනාහි අනුන්ට උපස්ථාන ලබන මිනිසුන් හා සමානය. තව්තිසා දෙව්ලොව සිත්කළු තැනකියි කීහ. මන්ධාතු රජතුමා චක්‍රරත්නයට පැන් ඉස තමන්ගේ පිරිස පිරිවරාගෙන තව්තිසාව බලා පිටත් විය. ඉක්බිති සක්දෙව් රජ දිවමල්, සුවද ගත් අත් ඇතිව දේව සමූහයා පිරිවරා ඔහුට පෙර ගමන්කොට රජතුමාගේ අතින් අල්ලාගෙන මහරජතුමනි, මෙහි එනු මැනවියි කීවේය. මන්ධාතු රජතුමා දේව සමූහයා පිරිවරාගෙන ගමන් කරන කල්හි පරිනායක රත්නය (රජුගේ වැඩිමහල් පුත්‍රයා) චක්‍රරත්නය ද රැගෙන පිරිස සමග මිනිස් ලොවට බැස තමන්ගේ නුවරටම පිවිසියේය. ශක්‍රයා මන්ධාතු රජ තව්තිසා භවනයට පමුණුවා දෙවියන් කොටස් දෙකකට බෙදා තමන්ගේ රාජ්‍යය මැදින් බිඳ අඩක් දුන්නේය. එතැන් පටන් රජවරු දෙදෙනා රාජ්‍යය කරවූහ. මෙසේ කල්යත්ම ශක්‍රයා තුන්කෝටි හැටලක්ෂයක් අවුරුදු ආයුෂ ගෙවා ඉන් චුත විය. වෙනත් ශක්‍රයෙක් උපන්නේය. ඔහුද දේව රාජ්‍යය කොට ආයුෂ ගෙවීමෙන් චුතවිය. මේ ක්‍රමයෙන් ශක්‍ර දෙවිවරු තිස්හය දෙනෙක් චුතවූහ. මන්ධාතු රජු වනාහි මිනිස් වෙසින්ම දෙව්ලොව රජය කරවයි.
තස්ස එවං කාලෙ ගච්ඡන්තෙ භිය්යොසොමත්තාය කාමතණ්හා උප්පජ්ජි, සො “කිං මෙ උපඩ්ඪරජ්ජෙන, සක්කං මාරෙත්වා එකරජ්ජමෙව කරිස්සාමී”ති චින්තෙසි. සක්කං මාරෙතුං නාම න සක්කා, තණ්හා නාමෙසා විපත්තිමූලා, තෙනස්ස ආයුසඞ්ඛාරො පරිහායි, ජරා සරීරං පහරි. මනුස්සසරීරඤ්ච නාම දෙවලොකෙ න භිජ්ජති, අථ සො දෙවලොකා භස්සිත්වා උය්යානෙ ඔතරි. උය්යානපාලො තස්ස ආගතභාවං රාජකුලෙ නිවෙදෙසි. රාජකුලං ආගන්ත්වා උය්යානෙයෙව සයනං පඤ්ඤපෙසි. රාජා අනුට්ඨානසෙය්යාය නිපජ්ජි. අමච්චා “දෙව, තුම්හාකං පරතො කින්ති කථෙමා”ති පුච්ඡිංසු. “මම පරතො තුම්හෙ ඉමං සාසනං මහාජනස්ස කථෙය්යාථ – ‘මන්ධාතුමහාරාජා ද්විසහස්සපරිත්තදීපපරිවාරෙසු චතූසු මහාදීපෙසු චක්කවත්තිරජ්ජං කාරෙත්වා දීඝරත්තං චාතුමහාරාජිකෙසු රජ්ජං කාරෙත්වා ඡත්තිංසාය සක්කානං ආයුප්පමාණෙන දෙවලොකෙ රජ්ජං කාරෙත්වා තණ්හං අපූරෙත්වා කාලමකාසී’”ති. සො එවං වත්වා කාලං කත්වා යථාකම්මං ගතො.
මෙසේ කල් ගතවන විට ඔහුට වඩ වඩාත් කාම තණ්හාව උපන්නේය. මට මේ අර්ධ රාජ්‍යයෙන් ඇති වැඩ කුමක්ද? ශක්‍රයා මරා එකම රාජ්ය්යක් කරන්නේ යයි සිතුවේය. ශක්‍රයා මැරීමට නම් නොහැකිය. මේ තෘෂ්ණාව වනාහි විපතට මුලයි. ඒ නිසා මොහුගේ ආයුෂ පිරිහුනේය. මහලුකම ඇතිවිය. මනුෂ්‍ය සිරුරක් දෙව්ලොව නොමැරෙයි. ඉක්බිති ඔහු දෙව්ලොවින් බැස උයනට ගොඩ බැස්සේය. උයන්පල්ලෝ රජතුමා ආ බව රජගෙදරට දැන්වීය. රජගෙදරින් ඇවිත් උයනෙහිම ආසනයක් පැනෙව්වේය. රජතුමා නොනැගිටින සෙය්යාවෙන් හොත්තේය. = ඇමතිවරු, දේවයන් වහන්ස! ඔබවහන්සේගේ අභාවයෙන් පසු අන් අයට කියන්නට කිසිවක් ඇද්දැයි විචාළහ. තොපි මා මළ පසු “මන්ධාතු මහරජ දෙදහසක් කුඩා දිවයින්වලින් පිරිවැරූ සතර මහාද්වීපවල සක්විති රජකම කොට දිගුකලක් චාතුර්මහා රාජිකයේ රජකම් කරවා ශක්‍රයන් තිස්හයකගේ ආයු කාලයක් දෙව්ලොව රජකම් කරවා තෘෂ්ණාව පුරවා නොගෙනම මිය ගියේය” යන මේ පණිවිඩය මහජනයාට කියන්නැයි කීය. රජතුමා මෙසේ කියා කම් වූ පරිද්දෙන් මිය ගියේය.
සත්ථා ඉමං අතීතං ආහරිත්වා අභිසම්බුද්ධො හුත්වා ඉමා ගාථා අවොච –
බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා අභිසම්බුද්ධත්වයට පත්ව -
“යාවතා චන්දිමසූරියා, පරිහරන්ති දිසා භන්ති විරොචනා; සබ්බෙව දාසා මන්ධාතු, යෙ පාණා පථවිස්සිතා.
යාවතා චන්දිම සුරිය පරිහරන්ති දිසා භන්ති විරොචනා, සබ්බෙව දාසා මන්ධාතු යො පාණා පඨවි නිස්සිතා
“න කහාපණවස්සෙන, තිත්ති කාමෙසු විජ්ජති; අප්පස්සාදා දුඛා කාමා, ඉති විඤ්ඤාය පණ්ඩිතො.
නකහාපණ වස්සෙන තිත්ති කාමේසු විජ්ජති, අප්පස්සාදා දුඛා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතො
“අපි දිබ්බෙසු කාමෙසු, රතිං සො නාධිගච්ඡති; තණ්හක්ඛයරතො හොති, සම්මාසම්බුද්ධසාවකො”ති.
අපි දිබ්බේසු කාමේසු රතිං සො නාධිගච්ඡති, තණ්හක්ඛයරතො හොති සම්මා සම්බුද්ධ සාවකො
යන ගාථා වදාළහ.
සඳ හිරු දෙදෙනා යම් පමණ තැන් මහමෙර පැදකුණු කෙරෙත්ද,
යම් පමණ දිසා බබුළුවත්ද, යම් පමණ බබුළුවන ස්වභාවය ඇත්තාහුද ඒ තාක් තන්හි පොළොව ඇසුරුකොට වෙසෙන යම් පමණ මනුෂ්‍ය ප්‍රාණීහු වෙත්ද ඔහු හැමදෙනා මන්ධාතු රජුගේ දාසයෝය.
කහවණු වැස්සෙන් පවා කාමයෙහි තෘප්තියක් නොපෙනේ. කාමයෝ අල්ප ආශ්වාද ඇත්තාහයිද, දුකට හේතු වන්නාහයිද මෙසේ පණ්ඩිත තෙමේ දැන.
හෙතෙම (නුවණ ඇති අය) දිව්‍ය වූ කාම සම්පතෙහිද ඇල්මට නොපැමිණේ. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්රාවකයා නිවනෙහි ඇලුනේ වෙයි.
තත්ථ යාවතාති පරිච්ඡෙදවචනං. පරිහරන්තීති යත්තකෙන පරිච්ඡෙදෙන සිනෙරුං පරිහරන්ති. දිසා භන්තීති දසසු දිසාසු භාසන්ති පභාසන්ති. විරොචනාති ආලොකකරණතාය විරොචනසභාවා. සබ්බෙව දාසා මන්ධාතු, යෙ පාණා පථවිස්සිතාති එත්තකෙ පදෙසෙ යෙ පථවිනිස්සිතා පාණා ජනපදවාසිනො මනුස්සා, සබ්බෙව තෙ “දාසා මයං රඤ්ඤො මන්ධාතුස්ස, අය්යකො නො රාජා මන්ධාතා”ති එවං උපගතත්තා භුජිස්සාපි සමානා දාසායෙව.
එහි, යාවතා යනු වෙන් කිරීමේ වචනයකි. පරිහරන්ති යනු යම් පමණ සීමාවකින් මහමෙර පරිහරණය කරත්, දිසාභන්ති යනු දස දිසාවල බබළත්ද විරොචනා යනු ආලෝක කිරීම නිසා බබළන ස්වභාවය ඇත්තේද, සබ්බේව දාසා මන්ධාතු යෙ පාණා පඨවි නිස්සිතා යනු එපමණ ප්‍රදේශයක පොළොව ආශ්රිත යම් පමණ ප්‍රාණීහු වෙත්ද, ජනපදවාසී මිනිස්සු වෙත්ද ඒ අපි සියල්ලෝම මන්ධාතු රජුගේ දාසයෝ වෙමු. එතුමා මන්ධාතු රජතුමා අපගේ ස්වාමියයි මෙසේ එළඹුණු හෙයින් ණය නැති වුවද දාසයෝම වෙති.
න කහාපණවස්සෙනාති තෙසං දාසභූතානං මනුස්සානං අනුග්ගහාය යං මන්ධාතා අප්ඵොටෙත්වා සත්තරතනවස්සං වස්සාපෙති, තං ඉධ “කහාපණවස්ස”න්ති වුත්තං. තිත්ති කාමෙසූති තෙනාපි කහාපණවස්සෙන වත්ථුකාමකිලෙසකාමෙසු තිත්ති නාම නත්ථි, එවං දුප්පූරා එසා තණ්හා. අප්පස්සාදා දුඛා කාමාති සුපිනකූපමත්තා කාමා නාම අප්පස්සාදා පරිත්තසුඛා, දුක්ඛමෙව පනෙත්ථ බහුතරං. තං දුක්ඛක්ඛන්ධසුත්තපරියායෙන දීපෙතබ්බං. ඉති විඤ්ඤායාති එවං ජානිත්වා.
නකහාපණ වස්සෙන යනු ඒ දාසයන් වූ මිනිසුන්ට අනුග්‍රහ පිණිස මන්ධාතු රජතුමා අත්පොළසන් ගසා යම් සත්රුවන් වැස්සක් වස්වයිද, එය මෙහි කහවණු වැසි යයි කියන ලදි. කිත්ති කාමේසු යනු ඒ කහවණු වැස්සෙන්ද, වස්තුකාම ක්ලේශ කාමයන්හි තෘප්තියක් නම් නැත. මෙසේ ඒ තෘෂ්ණාව පිරවීම අපහසුයි. අප්පස්සාදා දුඛා කාමා යනු සිහිනයක් හා සමාන බැවින් කාමය අල්ප ආශ්වාද ඇත්තේය. ස්වල්ප සැප ඇත්තේය. මෙහි වනාහි දුකම බහුලය. දුක්ඛක්ඛන්ධ සූත්‍ර ක්‍රමයෙන් පැහැදිලි කළ යුතුයි. ඉති විඤ්ඤායා යනු මෙසේ දැන,
දිබ්බෙසූති දෙවතානං පරිභොගෙසු රූපාදීසු. රතිං සොති සො විපස්සකො භික්ඛු දිබ්බෙහි කාමෙහි නිමන්තියමානොපි තෙසු රතිං නාධිගච්ඡති ආයස්මා සමිද්ධි විය. තණ්හක්ඛයරතොති නිබ්බානරතො. නිබ්බානඤ්හි ආගම්ම තණ්හා ඛීයති, තස්මා තං “තණ්හක්ඛයො”ති වුච්චති. තත්ථ රතො හොති අභිරතො. සම්මාසම්බුද්ධසාවකොති බුද්ධස්ස සවනන්තෙ ජාතො බහුස්සුතො යොගාවචරපුග්ගලො.
දිබ්බේසු යනු දෙවියන්ගේ පරිභෝග කරනු ලබන රූපාදියෙහි රතිං සො යනු විදර්ශනා වඩන ඒ භික්ෂුව දිව්‍ය කාමයන් භුක්ති විඳින්නැයි ආරාධනා ලැබුවත් සමිද්ධි තෙරුන් වහන්සේ මෙන් ඒ කාමයන්හි නොඇලෙයි. තණ්හක්ඛය රතො යනු නිවනෙහි ඇලුණේ, නිවණට පැමිණ තෘෂ්ණාව ක්ෂය වේ. ඒ නිසා එය (නිවන) කණ්හක්ඛය යයි කියනු ලැබේ. එහි ඇලුණේ, මනාකොට ඇලුනේ වෙයි. සම්මාසම්බුද්ධසාවකොති යනු බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් උපන්නේ බොහෝ ඇසු පිරූ තැන් ඇති යෝගාවචර පුද්ගලයාය.
එවං සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි, අඤ්ඤෙ පන බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසු. “තදා මන්ධාතුරාජා අහමෙව අහොසි”න්ති.
මෙසේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනාකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාව කෙළවර කළකිරුණු භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. අන්‍ය බොහෝ අයද සෝවාන් ඵල ආදියට පත්වූහ. එකල මන්ධාතු මහරජ මම ම වූයෙමි යි වදාළහ.
මන්ධාතුජාතකවණ්ණනා අට්ඨමා.