යෙදුමෙන් කියවන්න

7. ගාමණිචන්‍දජාතකවණ‍්ණනා 257 අට‍්ඨකථා

7. ගාමණිචන්‍දජාතකවණ‍්ණනා (257)

7. ගාමණීචණ්ඩ ජාතකය (257)

නායං ඝරානං කුසලොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පඤ‍්ඤාපසංසනං ආරබ‍්භ කථෙසි. ධම‍්මසභායඤ‍්හි භික‍්ඛූ දසබලස‍්ස පඤ‍්ඤං පසංසන‍්තා නිසීදිංසු – “ආවුසො, තථාගතො මහාපඤ‍්ඤො පුථුපඤ‍්ඤො හාසපඤ‍්ඤො ජවනපඤ‍්ඤො තික‍්ඛපඤ‍්ඤො නිබ‍්බෙධිකපඤ‍්ඤො සදෙවකං ලොකං පඤ‍්ඤාය අතික‍්කමතී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි තථාගතො පඤ‍්ඤවායෙවා”ති වත්‍වා අතීතං ආහරි.

නායං ඝරානං කුසලො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් නුවණ පැසසීමක් අරබයා වදාළ සේක. දම්සභාවෙහි භික්‍ෂූහු දශබලධාරීන් වහන්සේගේ නුවණ පසසමින් වැඩසිටියාහුය. ඇවැත්නි! තථාගතයන් වහන්සේ මහා ප්‍රඥා ඇති සේක. පුථු පඤ්ඤා ඇති සේක. භාසු පඤ්ඤා ඇති සේක. ජවන පඤ්ඤා ඇති සේක. නික්ඛ පඤ්ඤා ඇති සේක. සිනාව ප්‍රීතිය බහුල වූ නිවන ඇතියහ. වේගයෙන් දුවන නිබ්බේධික පඤ්ඤා ඇති සේක. දෙවියන් සහිත ලෝකයාගේ ප්‍රඥාවෙන් ඉක්මවා සිටි සේක. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! මා එන්නට පෙර මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කතාවෙන් යැයි කී කල්හි මහණෙනි! දැන් පමණක් නොව පෙරත් තථාගතයන් වහන්සේ ප්‍රඥාවෙන් යුක්ත වූයේ යැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං ජනසන්‍ධො නාම රාජා රජ‍්ජං කාරෙසි. බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති. තස‍්ස මුඛං සුපරිමජ‍්ජිතකඤ‍්චනාදාසතලං විය පරිසුද‍්ධං අහොසි අතිසොභග‍්ගප‍්පත‍්තං, තෙනස‍්ස නාමග‍්ගහණදිවසෙ “ආදාසමුඛමාරො”ති නාමං අකංසු. තං සත‍්තවස‍්සබ‍්භන‍්තරෙයෙව පන පිතා තයො වෙදෙ ච සබ‍්බඤ‍්ච ලොකෙ කත‍්තබ‍්බාකත‍්තබ‍්බං සික‍්ඛාපෙත්‍වා තස‍්ස සත‍්තවස‍්සිකකාලෙ කාලමකාසි. අමච‍්චා මහන‍්තෙන සක‍්කාරෙන රඤ‍්ඤො සරීරකිච‍්චං කත්‍වා මතකදානං දත්‍වා සත‍්තමෙ දිවසෙ රාජඞ‍්ගණෙ සන‍්නිපතිත්‍වා “කුමාරො අතිදහරො, න සක‍්කා රජ‍්ජෙ අභිසිඤ‍්චිතුං, වීමංසිත්‍වා නං අභිසිඤ‍්චිස‍්සාමා”ති එකදිවසං නගරං අලඞ‍්කාරාපෙත්‍වා විනිච‍්ඡයට‍්ඨානං සජ‍්ජෙත්‍වා පල‍්ලඞ‍්කං පඤ‍්ඤපෙත්‍වා කුමාරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “විනිච‍්ඡයට‍්ඨානං, දෙව, ගන‍්තුං වට‍්ටතී”ති ආහංසු. කුමාරො “සාධූ”ති මහන‍්තෙන පරිවාරෙන ගන‍්ත්‍වා පල‍්ලඞ‍්කෙ නිසීදි.

යටගිය දවස බරණැස් නුවර ජනසන්‍ධ නම් රජෙක් රජ කරන කල්හි බෝසතාණන් වහන්සේ ඒ රජුගේ අගමෙහෙසියගේ කුසෙහි උපන්නේය. ඒ කුමරුගේ මුහුණ මනාව ඔපදමන ලද කැඩපතක් මෙන් ඉතා ප්‍රසන්න විය. ඉතා සෝභාවෙන් අගතැන්පත් විය. ඒ නිසා නම් තබන දිනයේ මොහුට ‘ආදාසමුඛ කුමාරයා’ යනුවෙන් නම් තැබූහ. ඒ කුමාරයාට සත්වසක් ඇතුළතදීම පියතුමා තුන් වේදයක් ලෝකයේ කළයුතු නොකළ යුතු දෑ සියල්ල උගන්වා සත්හැවිරිදි කාලයේ කළුරිය කළේය. ඇමතිවරු මහත් සත්කාරයෙන් රජතුමාගේ ආදාහන කෘත්‍යය කොට මතක දන් දී සත්වෙනි දින රජමිදුලෙහි රැස්වී කුමරා ඉතා ලාබාලය. රාජ්‍යයෙහි අභිෂේක කිරීමට නොහැකිය. විමසා බලා ඔහු අභිෂේක කරන්නෙමුයි එක්දිනක් නුවර සරසවා විනිශ්චය කරන තැන සකසා පර්යංක ආසනය පනවා කුමරා සමීපයට ගොස් දේවයන් වහන්ස! විනිශ්චය ස්ථානයට යෑම වටීයයි කීහ. කුමාරයා යහපතැයි කියා මහත් පිරිවරින් ගෝස පර්යංක ආසනයෙහි හුන්නේය.

තස‍්ස නිසින‍්නකාලෙ අමච‍්චා එකං ද‍්වීහි පාදෙහි විචරණමක‍්කටං වත්‍ථුවිජ‍්ජාචරියවෙසං ගාහාපෙත්‍වා විනිච‍්ඡයට‍්ඨානං නෙත්‍වා “දෙව, අයං පුරිසො පිතු මහාරාජස‍්ස කාලෙ වත්‍ථුවිජ‍්ජාචරියො පගුණවිජ‍්ජො අන‍්තොභූමියං සත‍්තරතනට‍්ඨානෙ ගුණදොසං පස‍්සති, එතෙනෙව ගහිතං රාජකුලානං ගෙහට‍්ඨානං හොති, ඉමං දෙවො සඞ‍්ගණ‍්හිත්‍වා ඨානන‍්තරෙ ඨපෙතූ”ති ආහංසු. කුමාරො තං හෙට‍්ඨා ච උපරිච ඔලොකෙත්‍වා “නායං මනුස‍්සො, මක‍්කටො එසො”ති ඤත්‍වා “මක‍්කටා නාම කතං කතං විද‍්ධංසෙතුං ජානන‍්ති, අකතං පන කාතුං වා විචාරෙතුං වා න ජානන‍්තී”ති චින‍්තෙත්‍වා අමච‍්චානං පඨමං ගාථමාහ –

ඔහු හිඳගත් කල්හි අමාත්‍යවරු, දෙපයින් ඇවිදින එක් වඳුරෙකු වාස්තු විද්‍යාව දන්නා කෙනෙකුගේ වෙස් ගන්වා විනිශ්චය ස්ථානයට පමුණුවා දේවයන් වහන්ස! මේ පුරුෂයා පියමහ රජතුමාගේ කාලයේ සිට වාස්තු විද්‍යා (භූමි ශාස්ත්‍රය දන්නා) ආචාර්යවරයාය. ඒ පිළිබඳ පළපුරුද්ද ඇත්තෙකි. පොළව ඇතුළෙහි රියන් හතක් පමණ නැත. දොස් දකියි. මොහු විසින් නියම කරගන්නා ලද ස්ථානයට රජ කුලයෙහි නිවාස සාදන තැන වෙයි. දේවයන් වහන්ස! මොහුට සංග්‍රහ කොට තනතුරෙහි තබවයි කීහ. කුමාරයා යටිනුත් උඩිනුත් ඌ දෙස බලා මොහු මිනිසෙක් නොවෙයි. මොහු වඳුරෙක් යයි දැන, වඳුරෝ නම් කළ කළ දේ විනාශ කිරීමට දනිත්. ඔවුන් නොකළ දෙයක් කරන්නට හෝ විමසන්නට හෝ නොදනිතියි සිතා ඇමතියන්ට

“නායං ඝරානං කුසලො, ලොලො අයං වලීමුඛො; කතං කතං ඛො දූසෙය්‍ය, එවං ධම‍්මමිදං කුල”න‍්ති.

නායං ඝරානං කුසලො - ලොලො අයං වලීමුඛො, කතං කතං ඛො දූසෙය්‍ය එවං ධම්මමිදං කුලං

යන පළමු ගාථාව කීවේය.

මේ වඳුරා නිවාස තනන්නට දක්ෂයෙක් නොවේ. මොහු කළ කළ දේවල් දූෂණය කිරීමේ ලෝලයෙකි. මේ වඳුරු කුලය නම් (කළ දෙය විනාශ කිරීමේ) මෙබඳු ස්වභාව ඇත්තේය.

තත්‍ථ නායං ඝරානං කුසලොති අයං සත‍්තො න ඝරානං කුසලො, ඝරානි විචාරෙතුං වා කාතුං වා ඡෙකො න හොති. ලොලොති ලොලජාතිකො. වලීමුඛොති වලියො මුඛෙ අස‍්සාති වලීමුඛො. එවං ධම‍්මමිදංකුලන‍්ති ඉදං මක‍්කටකුලං නාම කතං කතං දූසෙතබ‍්බං විනාසෙතබ‍්බන‍්ති එවං සභාවන‍්ති.

එහි, නායං ඝරානං කුසලො යනු මේ සත්ත්වයා ගෙවල් තනන්නට හෝ ගෙවල් විමසන්නට හෝ කරන්ට හෝ දක්‍ෂයෙක් නොවේ. ලොලො යනු කෑදර සතෙකි. වලීමුඛො යනු මුහුණෙහි රැළි ඇත්තේය යන අර්ථයෙන් වලීමුඛ වෙයි. එවං ධම්මමිදං කුලං යනු මේ වඳුරු කුලය නම් කළ දේ දූෂණය කරන, විනාශ කරන ස්වභාවයෙන් යුක්තය.

අථාමච‍්චා “එවං භවිස‍්සති, දෙවා”ති තං අපනෙත්‍වා එකාහද‍්වීහච‍්චයෙන පුන තමෙව අලඞ‍්කරිත්‍වා විනිච‍්ඡයට‍්ඨානං ආනෙත්‍වා “අයං, දෙව, පිතු මහාරාජස‍්ස කාලෙ විනිච‍්ඡයාමච‍්චො, විනිච‍්ඡයසුත‍්තමස‍්ස සුපවත‍්තිතං, ඉමං සඞ‍්ගණ‍්හිත්‍වා විනිච‍්ඡයකම‍්මං කාරෙතුං වට‍්ටතී”ති ආහංසු. කුමාරො තං ඔලොකෙත්‍වා “චිත‍්තවතො මනුස‍්සස‍්ස ලොමං නාම එවරූපං න හොති, අයං නිචිත‍්තකො වානරො විනිච‍්ඡයකම‍්මං කාතුං න සක‍්ඛිස‍්සතී”ති ඤත්‍වා දුතියං ගාථමාහ –

ඇමතිවරු සැබෑවයි දේවයන් වහන්ස! කියා ඌ ඉවත් කරවා එක් දවසක් දෙකක් ගිය තැන නැවත ඌ ම අලංකාර කරවා විනිශ්චය ස්ථානයට කැඳවා දේවයන් වහන්ස, මේ තෙමේ පියමහ රජතුමාගේ කාලයෙහිදී විනිශ්චය ඇමතියාය. මොහුට විනිශ්චය කටයුතු හොඳින් පිහිටියේය. සංග්‍රහකොට මොහු ලවා විනිශ්චය කටයුතු කරවන්නට වටීයයි කීවාහුය. කුමාරයා ඔහු දෙස බලා විසිතුරු සිතක් ඇති කෙනෙකුගේ ලෝම මෙසේ නොවේ. මොහු විසිතුරු සිතක් නැති වඳුරෙකි. විනිශ්චය කටයුතු කිරීමට නොහැකිවන්නේ යැයි දැන

“නයිදං චිත‍්තවතො ලොමං, නායං අස‍්සාසිකො මිගො; සිට‍්ඨං මෙ ජනසන්‍ධෙන, නායං කිඤ‍්චි විජානතී”ති.

නයිදං චිත්තවතො ලොමං නායං අස්සාසිකො මිගො, සත්‍ථං මෙ ජන සන්‍ධෙන නායං කිඤ්චි විජානති

යන දෙවන ගාථාව කීවේය.

විමසුම් නුවණින් යුතු අයෙකුට මෙබඳු රළු ලෝම නැත. මේ අනුන් සනසන්නා වූ මෘගයකු නොවේ. මොහු කිසිත් නොදනී යයි ජනසන්‍ධ රජතුමා විසින් මට අනුශාසනා කරන ලදි. හෙවත් කියන ලදි.

තත්‍ථ නයිදං චිත‍්තවතො ලොමන‍්ති යං ඉදං එතස‍්ස සරීරෙ ඵරුසලොමං, ඉදං විචාරණපඤ‍්ඤාය සම‍්පයුත‍්තචිත‍්තවතො න හොති. පාකතිකචිත‍්තෙන පන අචිත‍්තකො නාම තිරච‍්ඡානගතො නත්‍ථි. නායං අස‍්සාසිකොති අයං අවස‍්සයො වා හුත්‍වා අනුසාසනිං වා දත්‍වා අඤ‍්ඤං අස‍්සාසෙතුං අසමත්‍ථතාය න අස‍්සාසිකො. මිගොති මක‍්කටං ආහ. සිට‍්ඨං මෙ ජනසන්‍ධෙනාති මය‍්හං පිතරා ජනසන්‍ධෙන එතං සිට‍්ඨං කථිතං, “මක‍්කටො නාම කාරණාකාරණං න ජානාතී”ති එවං අනුසාසනී දින‍්නාති දීපෙති. නායං කිඤ‍්චි විජානතීති තස‍්මා අයං වානරො න කිඤ‍්චි ජානාතීති නිට‍්ඨමෙත්‍ථ ගන‍්තබ‍්බං. පාළියං පන “නායං කිඤ‍්චි න දූසයෙ”ති ලිඛිතං, තං අට‍්ඨකථායං නත්‍ථි.

එහි, න ඉදං චිත්තවතො ලොමං යනු මොහුගේ සිරුරෙහි යම් මේ රළු ලොම් ඇද්ද, විමසුන් නුවණින් යුත් සිත් ඇත්තෙකුට මේ ලොම් නැත. ප්‍රකෘති සිතින් විසිතුරු නොවූ (අචින්තක) තිරිසන් සත්ත්වයෙකු නැත. නායං අස්සාසිකො යනු මේ තෙමේ පිහිට ඇත්තෙක් වී හෝ අනුශාසනා කරන්නෙකු හෝ වී අන් අය සනසන්නට අසමත් බැවින් සනසන්නෙකු නොවේ. මිගො යනුවෙන් වඳුරා කියයි. සත්‍ථං වෙ ජනසන්‍ධෙන යන මගේ පියා ජනසන්ධ විසින් මේ ශාස්ත්‍රය කියන ලදි. වඳුරා නම් කාරණය අකාරණය (හොඳ නරක) නොදනිහියි මෙසේ අනුශාසනා දෙන ලදැයි දක්වයි. නායං කිඤ්චි විජානාති යනු ඒ නිසා මේ වඳුරා කිසිවක් නොදනිතියි යනුවෙන් මෙහි අවසන් අර්ථයට යායුතුය පාළියෙහි වනාහි. නායං කිඤ්චි න දුසයෙ යනුවෙන් ලියන ලදි. එය අටුවාවේ නැත.

අමච‍්චා ඉමම‍්පි ගාථං සුත්‍වා “එවං භවිස‍්සති, දෙවා”ති තං අපනෙත්‍වා පුනපි එකදිවසං තමෙව අලඞ‍්කරිත්‍වා විනිච‍්ඡයට‍්ඨානං ආනෙත්‍වා “අයං, දෙව, පුරිසො පිතු මහාරාජස‍්ස කාලෙ මාතාපිතුඋපට‍්ඨානකාරකො, කුලෙජෙට‍්ඨාපචායිකකම‍්මකාරකො, ඉමං සඞ‍්ගණ‍්හිතුං වට‍්ටතී”ති ආහංසු. කුමාරො තං ඔලොකෙත්‍වා “මක‍්කටා නාම චලචිත‍්තා, එවරූපං කම‍්මං කාතුං න සමත්‍ථා”ති චින‍්තෙත්‍වා තතියං ගාථමාහ –

ඇමතියෝ මේ ගාථාවද අසා දේවයන් වහන්ස! එසේ වන්නේ යයි ඌ ඉවත්කොට නැවතද එක්දිනක් ඒ වඳුරාම අලංකාරකොට විනිශ්චය ස්ථානයට ගෙනවුත් දේවයන් වහන්ස! මේ පුරුෂයා පියමහ රජතුමාගේ කාලයෙහි මව්පිය උපස්ථාන පිරූ කුල දෙටුවන් පිදීමේ කටයුතු කරන්නෙකි. මොහුට සංග්‍රහ කිරීම වටීයයි කීහ. නැවත කුමාරයා ඌ දෙස බලා වඳුරෝ නම් සෙලවෙන සිත් ඇත්තෝය. මෙබඳු ක්‍රියා කරන්නට අසමත් යයි සිතා

“න මාතරං පිතරං වා, භාතරං භගිනිං සකං; භරෙය්‍ය තාදිසො පොසො, සිට‍්ඨං දසරථෙන මෙ”ති.

න මාතරං වා පිතරං භාතරං භගිණිං සකං, භරෙය්‍ය තාදිසො පොසො සිට්ඨං දසරථෙන මෙ

යන තුන්වන ගාථාව කීවේය.

එබඳු වඳුරු ජාතික සත්ත්වයා මව, පියා, සහෝදරයා හෝ සහෝදරී පෝෂණය නොකරන්නේ යයි දසරථ රජු විසින් මට මේ ශාස්ත්‍රය කියන ලදි.

තත්‍ථ භාතරං භගිනිං සකන‍්ති අත‍්තනො භාතරං වා භගිනිං වා. පාළියං පන “සඛ”න‍්ති ලිඛිතං, තං පන අට‍්ඨකථායං “සකන‍්ති වුත‍්තෙ සකභාතිකභගිනියො ලබ‍්භන‍්ති, සඛන‍්ති වුත‍්තෙ සහායකො ලබ‍්භතී”ති විචාරිතමෙව. භරෙය්‍යාති පොසෙය්‍ය. තාදිසො පොසොති යාදිසො එස දිස‍්සති, තාදිසො මක‍්කටජාතිකො සත‍්තො න භරෙය්‍ය. සිට‍්ඨං දසරථෙන මෙති එවං මෙ පිතරා අනුසිට‍්ඨං. පිතා හිස‍්ස ජනං චතූහි සඞ‍්ගහවත්‍ථූහි සන්‍දහනතො “ජනසන්‍ධො”ති වුච‍්චති, දසහි රථෙහි කත‍්තබ‍්බාකත‍්තබ‍්බං අත‍්තනො එකෙනෙව රථෙන කරණතො “දසරථො”ති. තස‍්ස සන‍්තිකා එවරූපස‍්ස ඔවාදස‍්ස සුතත‍්තා එවමාහ.

එහි, භාතරං භගිණිං සකං යනු තමන්ගේ සහෝදරයා හෝ සහෝදරිය. පාළියෙහි වනාහි සකං යනුවෙන් කී කල්හි තමන්ගේ සහෝදර සහෝදරියෝ ලැබෙත්. සඛං යනුවෙන් කී කල්හි මිතුරා ලැබේය යි විමසීමට ලක් කරන ලද්දේමය. භරෙය්‍ය යනු පෝෂණය කරන්නේය. තාදිසො පොසො යනු මොහු යම් ආකාරයකින් පෙනේද ඒ ආකාරයෙන් යුත් වඳුරු ජාතික සත්ත්වයා (මව්පියන්) පෝෂණය නොකරන්නේය. සිට්ඨං දසරථෙන මෙ යනු මෙසේ පියා විසින් අනුශාසනා කරන ලදි. මොහුගේ පියා වනාහි සතර සංග්‍රහ වස්තුවෙන් කරන්නේ ජනතාව සමගි කිරීම් වශයෙන් ජනසන්ධො යනුවෙන් කියනු ලැබේ. රථ දහයකින් කළයුත්ත තමන්ගේ එකම රථයෙන් කිරීම් වශයෙන්. දසරථො දසරථ නම් වෙයි. ඔහුගේ සමීපයෙන් මෙබඳු අවවාදයක් ඇසූ බැවින් මෙසේ කීවේය.

අමච‍්චා “එවං භවිස‍්සති, දෙවා”ති මක‍්කටං අපනෙත්‍වා “පණ‍්ඩිතො කුමාරො, සක‍්ඛිස‍්සති රජ‍්ජං කාරෙතු”න‍්ති බොධිසත‍්තං රජ‍්ජෙ අභිසිඤ‍්චිත්‍වා “ආදාසමුඛරඤ‍්ඤො ආණා”ති නගරෙ භෙරිං චරාපෙසුං. තතො පට‍්ඨාය බොධිසත‍්තො ධම‍්මෙන රජ‍්ජං කාරෙසි, පණ‍්ඩිතභාවොපිස‍්ස සකලජම‍්බුදීපං පත්‍ථරිත්‍වා ගතො.

ඇමතිවරු මෙසේ වන්නේය. දේවයන් වහන්සැයි වඳුරා ඉවත්කොට කුමාරයා නුවණ ඇත්තෙකි. රජකම කරන්නට හැකිවන්නේ යැයි බෝසතාණන් රාජ්‍යයෙහි අභිෂේක කර ‘ආදාසමුඛ’ රජුගේ අණයැයි නගරයෙහි බෙර හැසිරවූහ. එතැන් පටන් බෝසතාණන් වහන්සේ දැහැමෙන් සාමයෙන් රාජ්‍යය කරවීය. මොහුගේ නැණවත් බව සියලු දඹදිව පැතිර ගියේය.

පණ‍්ඩිතභාවදීපනත්‍ථං පනස‍්ස ඉමානි චුද‍්දස වත්‍ථූනි ආභතානි –

මොහුගේ නැණවත් බව දැක්වීමට මේ කරුණු දාහතර ගෙනඑන ලදි.

“ගොණො පුත‍්තො හයො චෙව, නළකාරො ගාමභොජකො; ගණිකා තරුණී සප‍්පො, මිගො තිත‍්තිරදෙවතා; නාගො තපස‍්සිනො චෙව, අථො බ්‍රාහ‍්මණමාණවො”ති.

ගොණො - පුත්තො - භයො චෙව නළකාරො - ගාමභොජකො, ගණිකා - තරුණී - සප්පො - මිගො - තිත්තිර - දෙවතා, නාගො - තපස්සිනො චෙව අථො බ්‍රාහ්මණමාණවාති

ගොණා, පුත්‍රයා, අශ්වයා මෙන්ම කුලුපොත්තා, ගම්මුලාදෑණියා, ගණිකාව, තරුණිය, සර්පයා, මුවා, වටුවා, දෙවියා, නාගයා, තවුසා මෙන්ම තවද බමුණු මානවකයා යනුයි.

තත්‍රායං අනුපුබ‍්බීකථා – බොධිසත‍්තස‍්මිඤ‍්හි රජ‍්ජෙ අභිසිඤ‍්චිතෙ එකො ජනසන්‍ධරඤ‍්ඤො පාදමූලිකො නාමෙන ගාමණිචන්‍දො නාම එවං චින‍්තෙසි – “ඉදං රජ‍්ජං නාම සමානවයෙහි සද‍්ධිං සොභති, අහඤ‍්ච මහල‍්ලකො, දහරං කුමාරං උපට‍්ඨාතුං න සක‍්ඛිස‍්සාමි, ජනපදෙ කසිකම‍්මං කත්‍වා ජීවිස‍්සාමී”ති, සො නගරතො තියොජනමත‍්තං ගන‍්ත්‍වා එකස‍්මිං ගාමකෙ වාසං කප‍්පෙසි. කසිකම‍්මත්‍ථාය පනස‍්ස ගොණාපි නත්‍ථි, සො දෙවෙ වුට‍්ඨෙ එකං සහායකං ද‍්වෙ ගොණෙ යාචිත්‍වා සබ‍්බදිවසං කසිත්‍වා තිණං ඛාදාපෙත්‍වා ගොණෙ සාමිකස‍්ස නිය්‍යාදෙතුං ගෙහං අගමාසි. සො තස‍්මිං ඛණෙ භරියාය සද‍්ධිං ගෙහමජ‍්ඣෙ නිසීදිත්‍වා භත‍්තං භුඤ‍්ජති. ගොණාපි පරිචයෙන ගෙහං පවිසිංසු, තෙසු පවිසන‍්තෙසු සාමිකො ථාලකං උක‍්ඛිපි, භරියා ථාලකං අපනෙසි. ගාමණිචන්‍දො “භත‍්තෙන මං නිමන‍්තෙය්‍යු”න‍්ති ඔලොකෙන‍්තො ගොණෙ අනිය්‍යාදෙත්‍වාව ගතො. චොරා රත‍්තිං වජං භින්‍දිත්‍වා තෙයෙව ගොණෙ හරිංසු. ගොණසාමිකො පාතොව වජං පවිට‍්ඨො තෙ ගොණෙ අදිස‍්වා චොරෙහි හටභාවං ජානන‍්තොපි “ගාමණිචන්‍දස‍්ස ගීවං කරිස‍්සාමී”ති තං උපසඞ‍්කමිත්‍වා “භො ගොණෙ, මෙ දෙහී”ති ආහ. “නනු ගොණා ගෙහං පවිට‍්ඨා”ති. “කිං පන තෙ මය‍්හං නිය්‍යාදිතා”ති? “න නිය්‍යාදිතා”ති. “තෙන හි අයං තෙ රාජදූතො, එහී”ති ආහ. තෙසු හි ජනපදෙසු යංකිඤ‍්චි සක‍්ඛරං වා කපාලඛණ‍්ඩං වා උක‍්ඛිපිත්‍වා “අයං තෙ රාජදූතො, එහී”ති වුත‍්තෙ යො න ගච‍්ඡති, තස‍්ස රාජාණං කරොති, තස‍්මා සො “රාජදූතො”ති සුත්‍වාව නික‍්ඛමි.

මෙහි අනුපිළිවෙල කථාවයි. බෝසතාණන් වහන්සේ රාජ්‍යයෙහි අභිෂේක කළ කල්හි ජනසන්ධ රජුගේ ‘ගාමණීචණ්ඩ’ නම් වූ එක් සේවකයෙක් මේ රාජ්‍යය නම් සම වයස් ඇත්තවුන් සමග බබළයි. මම ද මහල්ලෙකි. ළදරු කුමාරයාට සේවය කරන්නට නොහැක්කෙමි. ජනපදයේ ගොවිතැන්කොට ජීවත් වන්නෙමියි. මෙසේ සිතුවේය. හෙතෙම නගරයෙන් යොදුන් දෙකක් පමණ ගොස් එක් ගමෙක වාසය කළෙය්. ගොවිතැන් කිරීමට ඔහුට ගවයෝද නැත. හෙතෙම වැසි වැටුණු කල්හි එක් යහළුවකුගෙන් ගොනුන් දෙදෙනෙකු ඉල්ලාගෙන දවස පුරාම සීසා තණ කවා ගොනුන් අයිතිකරුට බාරදීමට ගෙදර ගියේය. හෙතෙම ඒ අවස්ථාවේදී බිරිඳ සමග ගෙයි මැද වාඩිවී ආහාර අනුභව කරයි. ගොන්නුද පුරුද්දට අනුව ගෙට පිවිසියාහුය. ඔවුන් පිවිසෙන කල්හි ස්වාමියා බත් පිඟාන එසවීය. බිරිඳ බත් පිඟාන ඉවත් කළාය. ගාමණී චණ්ඩ මට කෑමට ඇරයුම් කරතියි සලකා ගොනුන් පවරා නොදීම ගියේය. සොරු රාත්‍රියෙහි ගාලකඩා ඒ ගොනුන්ම පැහැරගෙන ගියාහුය. ගොන්හිමියා උදෙන්ම ගාලට පිවිසියේ ඒ ගොනුන් නොදැක සොරුන් විසින් ගෙනගිය බව දැනගෙනත් ගාමිණීගෙන් අලාභය ඉල්ලා ගන්නෙමියි සිතා ඔහු වෙත ගොස් පින්වත, මගේ ගොනුන් දෙවයි කීවේය. ගොන්නු ගෙට පිවිසියාහු නේද? නුඹ විසින් මට ගොන්නු භාර දුන්නාහුද? බාරදුන්නේ නැත. (එවිට ගල්කැටයක් අතට ගෙන පෙන්නා) මම ඔබේ රාජදූතයාය. (රජු වෙත යෑමට) එන්නැයි කීය. ඒ ජනපදයෙහි (සිරිතක් වශයෙන්) යම්කිසි ගල්කැටයක් හෝ කබලක් හෝ ඔසවා මේ ඔබේ රාජදූතයා කියා පෙන්නා (රජු වෙත යාමට) එන්නැයි කී කල්හි නොයන තැනැත්තාට රජ අණ කරති. එහෙයින් ඔහු (ගාමණී චණ්ඩ) ‘දූතයා’ යන වචනය අසා ඒ නිසා ඔහු (රජු වෙත යාමට) නික්මුණි.

සො තෙන සද‍්ධිං රාජකුලං ගච‍්ඡන‍්තො එකං සහායකස‍්ස වසනගාමං පත්‍වා “භො, අතිඡාතොම‍්හි, යාව ගාමං පවිසිත්‍වා ආහාරකිච‍්චං කත්‍වා ආගච‍්ඡාමි, තාව ඉධෙව හොහී”ති වත්‍වා සහායගෙහං පාවිසි. සහායො පනස‍්ස ගෙහෙ නත්‍ථි, සහායිකා දිස‍්වා “සාමි, පක‍්කාහාරො නත්‍ථි, මුහුත‍්තං අධිවාසෙහි, ඉදානෙව පචිත්‍වා දස‍්සාමී”ති නිස‍්සෙණියා වෙගෙන තණ‍්ඩුලකොට‍්ඨකං අභිරුහන‍්තී භූමියං පති, තඞ‍්ඛණඤ‍්ඤෙව තස‍්සා සත‍්තමාසිකො ගබ‍්භො පතිතො. තස‍්මිං ඛණෙ තස‍්සා සාමිකො ආගන‍්ත්‍වා තං දිස‍්වා “ත්‍වං මෙ භරියං පහරිත්‍වා ගබ‍්භං පාතෙසි, අයං තෙ රාජදූතො, එහී”ති තං ගහෙත්‍වා නික‍්ඛමි. තතො පට‍්ඨාය ද‍්වෙ ජනා ගාමණිං මජ‍්ඣෙ කත්‍වා ගච‍්ඡන‍්ති.

ඔහු (ගවහිමියා) සමග රජගෙට යන්නා වූ ගාමණී මිතුරෙකු වසන එක් ගමකට පැමිණ පින්වත, ඉතා බඩගිනියි. මම ගමට ගොස් කෑම කා එනතුරු මෙහිම සිටුවයි කියා මිත්‍රයාගේ ගෙට පිවිසියේය. ඔහුගේ මිත්‍රයා ගෙදර නැත. සහායිකාව (බිරිඳ) දැක ස්වාමීනි! පිසූ ආහාර නැත. මොහොතක් ඉවසන්න. දැන්මම පිසදෙන්නෙමියි කියා ඉණිමග දිගේ ඉක්මණින් සහල් කොටුවට ගොඩවෙද්දී බිමට වැටුණාය. ඒ අවස්ථාවේදීම ඇගේ සත්මස් වයස ඇති දරුගැබ වැටුණාය. ඒ මොහොතේ ඇගේ සැමියා ඇවිත් එය දැක නුඹ මගේ බිරිඳට පහරදී ගැබ හෙළුවෙහි. මේ නුඹේ රාජදූතයායි (යමක් පෙන්නා) රජ දූතයන් (රජු වෙත යාමට) එන්නැයි කියා ඔහු රැගෙන නික්මුණේය. එතැන් සිට දෙදෙන ගාමණී චණ්ඩ මැදිකොට ගෙන යති.

අථෙකස‍්මිං ගාමද‍්වාරෙ එකො අස‍්සගොපකො අස‍්සං නිවත‍්තෙතුං න සක‍්කොති, අස‍්සොපි තෙසං සන‍්තිකෙන ගච‍්ඡති. අස‍්සගොපකො ගාමණිචන්‍දං දිස‍්වා “මාතුල ගාමණිචන්‍ද, එතං තාව අස‍්සං කෙනචිදෙව පහරිත්‍වා නිවත‍්තෙහී”ති ආහ. සො එකං පාසාණං ගහෙත්‍වා ඛිපි, පාසාණො අස‍්සස‍්ස පාදෙ පහරිත්‍වා එරණ‍්ඩදණ‍්ඩකං විය භින්‍දි. අථ නං අස‍්සගොපකො “තයා මෙ අස‍්සස‍්ස පාදො භින‍්නො, අයං තෙ රාජදූතො”ති වත්‍වා ගණ‍්හි.

ඉන්පසු එක් ගම්දොරකදී එස් අස් ගොව්වෙකුට අශ්වයා නවතා ගැනීමට නොහැකි විය. අශ්වයාද ඔවුන් සමීපයෙන් යයි. අස්ගොව්වා ගාමණී දැක මාමේ, ගාමිණීචණ්ඩ මේ අශ්වයා කිසිවකින් පහරදී නතර කරවයි කීවේය. ඔහු එක් ගලක් ගෙන ගැසුවේය. ගල අශ්වයාගේ පයෙහි වැදී එරඬු දණ්ඩක් මෙන් බිඳී ගියේය. ඉක්බිති ඔහුට අස් ගොව්වා, නුඹ විසින් මගේ අශ්වයාගේ කකුල කඩන ලදි. මේ ඔබේ රාජදූතයායි කියා අල්ලා ගත්තේය.

සො තීහි ජනෙහි නීයමානො චින‍්තෙසි – “ඉමෙ මං රඤ‍්ඤො දස‍්සෙස‍්සන‍්ති, අහං ගොණමූලම‍්පි දාතුං න සක‍්කොමි, පගෙව ගබ‍්භපාතනදණ‍්ඩං, අස‍්සමූලං පන කුතො ලභිස‍්සාමි, මතං මෙ සෙය්‍යො”ති. සො ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ අටවියං මග‍්ගසමීපෙයෙව එකං එකතො පපාතං පබ‍්බතං අද‍්දස, තස‍්ස ඡායාය ද‍්වෙ පිතාපුත‍්තා නළකාරා එකතො කිලඤ‍්ජං චිනන‍්ති. ගාමණිචන්‍දො “භො, සරීරකිච‍්චං කාතුකාමොම‍්හි, ථොකං ඉධෙව හොථ, යාව ආගච‍්ඡාමී”ති වත්‍වා පබ‍්බතං අභිරුහිත්‍වා පපාතපස‍්සෙ පතමානො පිතුනළකාරස‍්ස පිට‍්ඨියං පති, නළකාරො එකප‍්පහාරෙනෙව ජීවිතක‍්ඛයං පාපුණි. ගාමණි උට‍්ඨාය අට‍්ඨාසි. නළකාරපුත‍්තො “ත්‍වං මෙ පිතුඝාතකචොරො, අයං තෙ රාජදූතො”ති වත්‍වා තං හත්‍ථෙ ගහෙත්‍වා ගුම‍්බතො නික‍්ඛමි , “කිං එත”න‍්ති ච වුත‍්තෙ “පිතුඝාතකචොරො මෙ”ති ආහ. තතො පට‍්ඨාය ගාමණිං මජ‍්ඣෙ කත්‍වා චත‍්තාරො ජනා පරිවාරෙත්‍වා නයිංසු.

හෙතෙම (ඒ) මිනිසුන් තිදෙනා විසින් ගෙනයනු ලබන්නේ මේ තිදෙනා මා රජතුමාට දක්වන්නෝය. මම ගවයින්ගේ අලාභය ගෙවන්නට ද නොහැක්කෙමි. ගැබ හෙලීමේ දඬුවම ගැන කවර කථාද? අශ්වයාගේ කකුලට ගෙවිය යුතු මුදල කොහෙන් ලබම්ද? මට මරණය මැනවැයි සිතීය. යන්නා වූ ඔහු අතරමග වනයෙහි මාර්ගය අසලම එක් පැත්තකින් ප්‍රපාතයක් (පල්ලමක්) ඇති පර්වතයක් දුටුවේය. ඒ පර්වතයෙහි සෙවනැල්ලෙහි නලකාර (උණ-බටලීවලින් වැඩකරන) පිය පුතු දෙදෙනෙක් බට පැළලි වියති. ගාමිණීචණ්ඩ, හිතවත ශරීර කෘත්‍යය කරුණු කැමැත්තෙමි. මා එනතුරු ටිකක් මෙහිම හිටිව්යි කියා පර්වතයට නැගී ප්‍රපාතය (පල්ලම) ඇති පැත්තෙන් වැටෙමින් නළකාර පියාගේ පිටට වැටුණේය. නළකාර පියා එයින්ම මරණයට පත්විය. ගාමිණී නැගිට සිටියේය. නළකාර පුතා නුඹ මගේ පියා ඝාතනය කළ වැරදිකරුවෙකි. මේ ඔබේ රාජදූතයා යයි (ගල්කැටයක් ගෙන්වා) කියා අතින් අල්ලාගෙන වැඩපලෙන් නික්මුණේය. මේ කවරෙක්දැයි ඇසූ කල්හි මගේ පියා මැරූ වැරදිකරුයයි කීවේය. එතැන් පටන් ගාමණී මිනිස්සු හතරදෙනා ගාමිණී වටකරගෙන ගියහ.

අථාපරස‍්මිං ගාමද‍්වාරෙ එකො ගාමභොජකො ගාමණිචන්‍දං දිස‍්වා “මාතුල ගාමණිචන්‍ද, කහං ගච‍්ඡසී”ති වත්‍වා “රාජානං පස‍්සිතු”න‍්ති වුත‍්තෙ “අද‍්ධා ත්‍වං රාජානං පස‍්සිස‍්සසි, අහං රඤ‍්ඤො සාසනං දාතුකාමො, හරිස‍්සසී”ති ආහ. “ආම, හරිස‍්සාමී”ති. “අහං පකතියා අභිරූපො ධනවා යසසම‍්පන‍්නො අරොගො, ඉදානි පනම‍්හි දුග‍්ගතො චෙව පණ‍්ඩුරොගී ච, තත්‍ථ කිං කාරණන‍්ති රාජානං පුච‍්ඡ, රාජා කිර පණ‍්ඩිතො, සො තෙ කථෙස‍්සති, තස‍්ස සාසනං පුන මය‍්හං කථෙය්‍යාසී”ති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡි.

ඉක්බිති තවත් ගම්දොරකදී එක් ගම්මුලාදෑණියෙක් ගාමණීචණ්ඩ දැක මාමේ චණ්ඩ! කොහි යන්නෙහිදැයි අසා රජතුමා බලන්නට යයි කී කල්හි ඒකාන්තයෙන් නුඹ රජතුමා හමුවන්නෙහිය. මම රජතුමාට හසුනක් දෙනු කැමැත්තෙමි. ගෙන යන්නෙහිදැයි ඇසීය. එසේය. ගෙන යන්නෙමියි කීය. “මම ස්වභාවයෙන්ම මනා රූ ඇත්තෙක්මි. ධනය ඇත්තෙක්මි. පිරිවර ඇත්තෙමි. නිරෝගී කෙනෙක්මි. දැන් වනාහි මම දුකට පත්වූවෙක්මි. පාණ්ඩු රෝගයෙන්ද පෙළෙමි. එයට හේතුව කුමක්දැයි රජතුමාගෙන් විමසන්න. රජතුමා නුවණ ඇත්තෙක්ලු. හෙතෙම ඔබට (පිළිතුර) කියන්නේය. නැවත ඔහුගේ පිළිතුර මට කියන්නේ නම් මැනවි”යි කීය. හෙතෙම යහපතැයි පිළිගත්තේය.

අථ නං පුරතො අඤ‍්ඤතරස‍්මිං ගාමද‍්වාරෙ එකා ගණිකා දිස‍්වා “මාතුල ගාමණිචන්‍ද, කහං ගච‍්ඡසී”ති වත්‍වා “රාජානං පස‍්සිතු”න‍්ති වුත‍්තෙ “රාජා කිර පණ‍්ඩිතො, මම සාසනං හරා”ති වත්‍වා එවමාහ – “පුබ‍්බෙ අහං බහුං භතිං ලභාමි, ඉදානි පන තම‍්බුලමත‍්තම‍්පි න ලභාමි, කොචි මෙ සන‍්තිකං ආගතො නාම නත්‍ථි, තත්‍ථ කිං කාරණන‍්ති රාජානං පුච‍්ඡිත්‍වා පච‍්චාගන‍්ත්‍වා මය‍්හං කථෙය්‍යාසී”ති.

ඉක්බිති ඉදිරියේ ඇති එක්තරා ගම්දොරකදී එක් ගණිකාවක් ඔහු දැක මාමේ කොහි යන්නෙහිදැයි අසා රජතුමා හමුවෙන්න යැයි කී කල්හි රජතුමා නුවණ ඇත්තෙක්ලු. මගේ පණිවිඩය ගන්නැයි කියා “මම පෙර බොහෝ ධනය ලැබුවෙමි. දැන් වනාහි සහල් ටිකක්වත් නොලබමි. මා සමීපයට එන කිසිවෙක් නම් නැත. එයට හේතුව කුමක්දැයි රජුගෙන් විමසා මට කියන්නේය”යි කීවේය.

අථ නං පුරතො අඤ‍්ඤතරස‍්මිං ගාමද‍්වාරෙ එකා තරුණිත්‍ථී දිස‍්වා තථෙව පුච‍්ඡිත්‍වා “අහං නෙව සාමිකස‍්ස ගෙහෙ වසිතුං සක‍්කොමි, න කුලගෙහෙ, තත්‍ථ කිං කාරණන‍්ති රාජානං පුච‍්ඡිත්‍වා පච‍්චාගන‍්ත්‍වා මය‍්හං කථෙය්‍යාසී”ති ආහ.

ඉක්බිති ඉදිරියෙන් ඇති එක්තරා ගම්දොරකදී තරුණ ස්ත්‍රියක් ඔහු දැක එසේම විමසා රජතුමා නුවණ ඇත්තෙක්ලු. මගේ පණිවිඩය ගෙන යවයි කියා “මම සැමියාගේ ගෙයි විසීමට නොහැක්කෙමි. කුලගෙයි (මව්පියන්ගේ නිවසෙහි මහගෙදර) සිටීමටද නොහැක්කෙමි. එයට හේතුව කුමක්දැයි රජුගෙන් විමසා මට කියන්නේ නම් මැනව”යි කීවාය.

අථ නං තතො පරභාගෙ මහාමග‍්ගසමීපෙ එකස‍්මිං වම‍්මිකෙ වසන‍්තො සප‍්පො දිස‍්වා “ගාමණිචන්‍ද, කහං යාසී”ති පුච‍්ඡිත්‍වා “රාජානං පස‍්සිතු”න‍්ති වුත‍්තෙ “රාජා කිර පණ‍්ඩිතො, සාසනං මෙ හරා”ති වත්‍වා “අහං ගොචරත්‍ථාය ගමනකාලෙ ඡාතජ‍්ඣත‍්තො මිලාතසරීරො වම‍්මිකතො නික‍්ඛමන‍්තො සරීරෙන බිලං පූරෙත්‍වා සරීරං කඩ‍්ඪෙන‍්තො කිච‍්ඡෙන නික‍්ඛමාමි, ගොචරං චරිත්‍වා ආගතො පන සුහිතො ථූලසරීරො හුත්‍වා පවිසන‍්තො බිලපස‍්සානි අඵුසන‍්තො සහසාව පවිසාමි, තත්‍ථ කිං කාරණන‍්ති රාජානං පුච‍්ඡිත්‍වා මය‍්හං කථෙය්‍යාසී”ති ආහ.

ඉක්බිති එයින් පසුව මහමඟ අසල එක් තුඹසක වසන්නා වූ සර්පයෙක් ඔහු දැක චණ්ඩ! කොහි යන්නෙහිදැයි විමසා රජතුමා දකින්න යැයි කී කල්හි රජතුමා නුවණ ඇත්තෙක්ලු. මගේ පණිවිඩය ගෙනයවයි කියා “කුසගිනි ඇති, මැලවුණු සිරුර ඇති මම ගොදුරු සොයා යන කල හුඹහෙන් නික්මෙන්නේ සිරුරෙන් බිල පුරවා සිරුර ඇදගෙන අපහසුවෙන් නික්මෙමි. ගොදුරුගෙන තෘප්තිමත්ව මහත් සිරුර ඇතිව අවුත් බිලට පිවිසෙන්නේ සිදුරු කටෙහි නොගෑවී ඉක්මණින්ම පිවිසෙමි. එයට හේතුව කුමක්දැයි රජුගෙන් විමසා මට කියන්නේ නම් මැනවැයි කීවේය.

අථ නං පුරතො එකො මිගො දිස‍්වා තථෙව පුච‍්ඡිත්‍වා “අහං අඤ‍්ඤත්‍ථ තිණං ඛාදිතුං න සක‍්කොමි, එකස‍්මිංයෙව රුක‍්ඛමූලෙ සක‍්කොමි, තත්‍ථ කිං කාරණන‍්ති රාජානං පුච‍්ඡෙය්‍යාසී”ති ආහ.

ඉක්බිති ඉන් ඔබ්බෙහි එක් මුවෙක් දැක එසේම විමසා රජතුමා නුවණ ඇත්තෙක්ලු. මගේ පණිවිඩය ගෙනයවයි කියා මම අන්තැනක තණකන්නට නොහැක්කෙමි. මේ ගස මුල තණම කෑමට හැක්කෙමි. එයට හේතුව කුමක්දැයි විමසා මට කියන්නේ නම් යෙහෙකැයි කීවේය.

අථ නං තතො පරභාගෙ එකො තිත‍්තිරො දිස‍්වා තථෙව පුච‍්ඡිත්‍වා “අහං එකස‍්මිංයෙව වම‍්මිකපාදෙ නිසීදිත්‍වා වස‍්සන‍්තො මනාපං කරිත්‍වා වස‍්සිතුං සක‍්කොමි, සෙසට‍්ඨානෙසු නිසින‍්නො න සක‍්කොමි, තත්‍ථ කිං කාරණන‍්ති රාජානං පුච‍්ඡෙය්‍යාසී”ති ආහ.

ඉන්පසුව එක් තිත් වටුවෙක් ඔහු දැක “එක් තුඹසක් පාමුල හිඳ හඬලන මම මිහිරිම නාද කළ හැකි වෙමි. සෙසු තැන්වලදී හිඳ නාද කිරීමට නොහැක්කෙමි. එයට හේතුව කුමක්දැයි රජතුමාගෙන් විමසන්නේ නම් යහපතැ”යි කීවේය.

අථ නං පුරතො එකා රුක‍්ඛදෙවතා දිස‍්වා “චන්‍ද, කහං යාසී”ති පුච‍්ඡිත්‍වා “රඤ‍්ඤො සන‍්තික”න‍්ති වුත‍්තෙ “රාජා කිර පණ‍්ඩිතො, අහං පුබ‍්බෙ සක‍්කාරප‍්පත‍්තො අහොසිං, ඉදානි පන පල‍්ලවමුට‍්ඨිමත‍්තම‍්පි න ලභාමි, තත්‍ථ කිං කාරණන‍්ති රාජානං පුච‍්ඡෙය්‍යාසී”ති ආහ.

ඉන්පසුව එක් රුක් දෙවියෙක් ඔහු දැක චණ්ඩය, කොහි යන්නෙහිදැයි විමසා රජු සමීපයට යයි කී කල්හි රජතුමා නුවණ ඇත්තෙක්ලු. මම පෙර සත්කාර සංග්‍රහවලට පත්වුණෙමි. දැන් නම් කොළ මිටක්වත් නො ලබමි. ඊට හේතුව කවරේදැයි රජතුමාගෙන් විමසන්නේ නම් යහපතැයි කීවේය.

තතො අපරභාගෙ එකො නාගරාජා තං දිස‍්වා තථෙව පුච‍්ඡිත්‍වා “රාජා කිර පණ‍්ඩිතො, පුබ‍්බෙ ඉමස‍්මිං සරෙ උදකං පසන‍්නං මණිවණ‍්ණං, ඉදානි ආවිලං පණ‍්ණකසෙවාලපරියොනද‍්ධං, තත්‍ථ කිං කාරණන‍්ති රාජානං පුච‍්ඡෙය්‍යාසී”ති ආහ.

තවත් ඉදිරියෙහිදී එක් නාග රාජයෙක් ඔහු දැක එසේම විමසා රජතුමා නුවණ ඇත්තෙක්ලු. පෙර මේ විලෙහි ජලය පැහැදිලිය. (නිල්) මැණික් පැහැයෙන් යුක්තය. දැන් එය මැඩියන්ගෙන් හා කොළරොඩුවලින් ගැවසී ඇත. එයට හේතුව කවරේදැයි රජතුමාගෙන් විමසන්නේ නම් මැනවැයි කීය.

අථ නං පුරතො නගරස‍්ස ආසන‍්නට‍්ඨානෙ එකස‍්මිං ආරාමෙ වසන‍්තා තාපසා දිස‍්වා තථෙව පුච‍්ඡිත්‍වා “රාජා කිර පණ‍්ඩිතො, පුබ‍්බෙ ඉමස‍්මිං ආරාමෙ ඵලාඵලානි මධුරානි අහෙසුං, ඉදානි නිරොජානි කසටානි ජාතානි, තත්‍ථ කිං කාරණන‍්ති රාජානං පුච‍්ඡෙය්‍යාසී”ති ආහංසු.

ඉක්බිති තවදුරටත් ඉදිරියේදී නගරයට ආසන්න තැනක එක් අසපුවක වසන තපසවරු ඔහු දැක එසේම විමසා රජතුමා නුවණ ඇත්තෙක්ලු. පෙර මේ ආරාමයෙහි පලාඵල මිහිරි විය. දැන් වනාහි ඔජස් නැත්තේය. කසට රසයෙන් යුක්තය. ඊට හේතුව කවරේදැයි රජතුමාගෙන් විමසන්නැයි කීවේය.

තතො නං පුරතො ගන‍්ත්‍වා නගරද‍්වාරසමීපෙ එකිස‍්සං සාලායං බ්‍රාහ‍්මණමාණවකා දිස‍්වා “කහං, භො චන්‍ද, ගච‍්ඡසී”ති වත්‍වා “රඤ‍්ඤො සන‍්තික”න‍්ති වුත‍්තෙ “තෙන හි නො සාසනං ගහෙත්‍වා ගච‍්ඡ, අම‍්හාකඤ‍්හි පුබ‍්බෙ ගහිතගහිතට‍්ඨානං පාකටං අහොසි, ඉදානි පන ඡිද‍්දඝටෙ උදකං විය න සණ‍්ඨාති න පඤ‍්ඤායති, අන්‍ධකාරො විය හොති, තත්‍ථ කිං කාරණන‍්ති රාජානං පුච‍්ඡෙය්‍යාසී”ති ආහංසු.

තවත් ඉදිරියට යද්දී නුවර දොරටුව සමීපයෙහි එක් සාලාවක බමුණු තරුණයෝ ඔහු දැක, පින්වත් චණ්ඩ! කොහි යන්නෙහිදැයි අසා, රජු සමීපයට යැයි කී කල්හි එසේ නම් අපගේ පණිවිඩයත් රැගෙන යව, අපි පෙර පාඩම් කරන දේ මතකයේ රැඳෙයි. දැන් වනාහි සිදුරු වූ කළයෙහි ජලය මෙන් මතකයේ නොරැඳෙයි. අපැහැදිලියි. අඳුරුයි. ඊට හේතුව කවරේදැයි රජතුමාගෙන් විමසන්නැයි කීවාහුය.

ගාමණිචන්‍දො ඉමානි දස සාසනානි ගහෙත්‍වා රඤ‍්ඤො සන‍්තිකං අගමාසි. රාජා විනිච‍්ඡයට‍්ඨානෙ නිසින‍්නො අහොසි. ගොණසාමිකො ගාමණිචන්‍දං ගහෙත්‍වා රාජානං උපසඞ‍්කමි. රාජා ගාමණිචන්‍දං දිස‍්වා සඤ‍්ජානිත්‍වා “අයං අම‍්හාකං පිතු උපට‍්ඨාකො, අම‍්හෙ උක‍්ඛිපිත්‍වා පරිහරි, කහං නු ඛො එත‍්තකං කාලං වසී”ති චින‍්තෙත්‍වා “අම‍්භො ගාමණිචන්‍ද, කහං එත‍්තකං කාලං වසසි, චිරකාලතො පට‍්ඨාය න පඤ‍්ඤායසි, කෙනත්‍ථෙන ආගතොසී”ති ආහ. “ආම, දෙව, අම‍්හාකං දෙවස‍්ස සග‍්ගගතකාලතො පට‍්ඨාය ජනපදං ගන‍්ත්‍වා කසිකම‍්මං කත්‍වා ජීවාමි, තතො මං අයං පුරිසො ගොණඅඩ‍්ඩකාරණා රාජදූතං දස‍්සෙත්‍වා තුම‍්හාකං සන‍්තිකං ආකඩ‍්ඪී”ති. “අනාකඩ‍්ඪියමානො නාගච‍්ඡෙය්‍යාසි”, “ආකඩ‍්ඪිතභාවොයෙව සොභනො, ඉදානි තං දට‍්ඨුං ලභාමි, කහං සො පුරිසො”ති? “අයං, දෙවා”ති. “සච‍්චං කිර, භො, අම‍්හාකං චන්‍දස‍්ස දූතං දස‍්සෙසී”ති? “සච‍්චං, දෙවා”ති. “කිං කාරණා”ති? “අයං මෙ දෙව ද‍්වෙ ගොණෙ න දෙතී”ති. “සච‍්චං කිර, චන්‍දා”ති. “තෙන හි, දෙව, මය‍්හම‍්පි වචනං සුණාථා”ති සබ‍්බං පවත‍්තිං කථෙසි. තං සුත්‍වා රාජා ගොණසාමිකං පුච‍්ඡි – “කිං, භො, තව ගෙහං පවිසන‍්තෙ ගොණෙ අද‍්දසා”ති. “නාද‍්දසං, දෙවා”ති. “කිං, භො, මං ‘ආදාසමුඛරාජා නාමා’ති කථෙන‍්තානං න සුතපුබ‍්බං තයා, විස‍්සත්‍ථො කථෙහී”ති? “අද‍්දසං, දෙවා”ති. “භො චන්‍ද, ගොණානං අනිය්‍යාදිතත‍්තා ගොණා තව ගීවා, අයං පන පුරිසො දිස‍්වාව ‘න පස‍්සාමී’ති සම‍්පජානමුසාවාදං භණි, තස‍්මා ත්‍වඤ‍්ඤෙව කම‍්මිකො හුත්‍වා ඉමස‍්ස ච පුරිසස‍්ස පජාපතියාය චස‍්ස අක‍්ඛීනි උප‍්පාටෙත්‍වා සයං ගොණමූලං චතුවීසති කහාපණෙ දෙහී”ති. එවං වුත‍්තෙ ගොණසාමිකං බහි කරිංසු. සො “අක‍්ඛීසු උප‍්පාටිතෙසු චතුවීසතිකහාපණෙහි කිං කරිස‍්සාමී”ති ගාමණිචන්‍දස‍්ස පාදෙසු පතිත්‍වා “සාමි චන්‍ද, ගොණමූලකහාපණා තුය‍්හෙව හොන‍්තු, ඉමෙ ච ගණ‍්හාහී”ති අඤ‍්ඤෙපි කහාපණෙ දත්‍වා පලායි.

ගාමණීචණ්ඩ මේ පණිවිඩ දාහතර රැගෙන රජු සමීපයට ගියේය. (ඒ වනවිට) රජතුමා විනිශ්චය ස්ථානයේම පිහිටියේය. ගවහිමියා ගාමණී චණ්ඩ රැගෙන රජු වෙත එළඹියේය. රජතුමා ගාමණී චණ්ඩව දුටු ගමන්ම හඳුනාගෙන මොහු අපගේ පියාගේ උපස්ථායකයාය. අපව වඩාගෙන රැකබලා ගත්තේය. මෙතෙක් කල් කොහි වාසය කළේදැයි සිතා චණ්ඩය! මෙපමණ කලක් විසුවේ කොහිද? හුඟකලක සිට පෙනෙන්නට නොසිටියෙහිය. කුමක් සඳහා ආවෙහිදැයි ඇසීය. එසේය දේවයන් වහන්ස! අපගේ දේවයන් වහන්සේ ස්වර්ගස්ථ වූ කාලයේ සිට ජනපදයට ගොස් ගොවිතැන් කොට ජීවත් වුණෙමි. ඒ අතර මේ පුරුෂයා ගව නඩුවක් නිසා රාජ දූතයා දක්වා නුඹවහන්සේ සමීපයට ඇදගෙන ආවේයයි කීය. ඇදගෙන නොආවේ නම් නොඑන්නේය. (ඔහු) ඔබ ඇදගෙන පැමිණීමම මැනවි. දැන් නුඹව දකින්නට ලබමි. ඒ පුරුෂයා කොහිද? දේවයන් වහන්ස! මේ තෙමේයි කීය. එම්බා පුරුෂය! ඇත්තද ඔබ අපගේ චණ්ඩට දූතයෙකු පෙන්වූවෙහිද? එසේය දේවයන් වහන්ස! කුමක් නිසාද? ස්වාමීනි! මේ තෙමේ මගේ ගොනුන් දෙදෙනා නොදෙතියි කීය. ඇත්තද චණ්ඩ? එසේනම් දේවයන් වහන්ස! මගේ කථාවත් අසනු මැනවියි දන්වා මුළු පුවතම කීවේය. ඒ අසා රජතුමා ගව හිමියාගෙන් නුඹේ ගොනුන් ගෙට පිවිසෙනු දුටුවාදැයි ඇසීය. දේවයන් වහන්ස! නොදුටුවෙමි. එම්බා පුරුෂය, මාව ‘ආදාසමුඛ’ නම් රජු බව කියන නුඹ විසින් අසා නැද්ද? විශ්වාසය ඇතිව කියවයි කීය. දේවයන් වහන්ස! දුටුවෙමියි කීය. චණ්ඩය! ගොනුන් භාර නුදුන් බැවින් ගොනුන් සඳහා අලාභය ගෙවන්න. මේ පුරුෂයා වනාහි ගොනුන් දැකත් නුදුටුවෙමියි දැන දැන බොරුවක් කීවේය. ඒ නිසා නුඹම කම්කරුවා වී මේ පුරුෂයාගේත් ඔහුගේ බිරිඳගේත් ඇස් උපුටා දමා තමා ගොන් මිළ වෙනුවෙන් කහවනු විසිහතරක් දෙවයි කීය. මෙසේ කී කල්හි ගොන්හිමියා බැහැර කළහ. ගොන්හිමියා “ඇස් ඉගුළු කල්හි කහවනුවලින් මොනවා කරන්නදැ”යි සිතා ගාමණී චණ්ඩගේ පාමුල වැටී, ස්වාමීනි, චණ්ඩ! ගොනුන් නිසා ලැබෙන කහවණුද ඔබටම අයිති වේවා! මෙයත් ගන්නයැයි තවත් කහවණු දී පලා ගියේය.

තතො දුතියො ආහ – “අයං, දෙව, මම පජාපතිං පහරිත්‍වා ගබ‍්භං පාතෙසී”ති. “සච‍්චං චන්‍දා”ති? “සුණොහි මහාරාජා”ති චන්‍දො සබ‍්බං විත්‍ථාරෙත්‍වා කථෙසි. අථ නං රාජා “කිං පන ත්‍වං එතස‍්ස පජාපතිං පහරිත්‍වා ගබ‍්භං පාතෙසී”ති පුච‍්ඡි. “න පාතෙමි, දෙවා”ති . “අම‍්භො සක‍්ඛිස‍්සසි ත්‍වං ඉමිනා ගබ‍්භස‍්ස පාතිතභාවං සාධෙතු”න‍්ති? “න සක‍්කොමි, දෙවා”ති. “ඉදානි කිං කරොසී”ති? “දෙව, පුත‍්තං මෙ ලද‍්ධුං වට‍්ටතී”ති. “තෙන හි, අම‍්භො චන්‍ද, ත්‍වං එතස‍්ස පජාපතිං තව ගෙහෙ කරිත්‍වා යදා පුත‍්තවිජාතා හොති, තදා නං නෙත්‍වා එතස‍්සෙව දෙහී”ති. සොපි ගාමණිචන්‍දස‍්ස පාදෙසු පතිත්‍වා “මා මෙ, සාමි, ගෙහං, භින්‍දී”ති කහාපණෙ දත්‍වා පලායි.

අනතුරුව දෙවැන්න “දේවයන් වහන්ස, මොහු මගේ බිරිඳට පහර දී ගැබ හෙළීය”යි කීවේය. ඇත්තද චණ්ඩ? එසේනම් අසනු මැනවි මහරජතුමනියි චණ්ඩ සියල්ල විස්තර කොට කීවේය. ඉක්බිති රජතුමා නුඹ මොහුගේ බිරිඳට පහරදී දරුගැබ හෙළුවේදැයි ඔහුගෙන් විචාළේය. දේවයන් වහන්ස! දරුගැබ නොහෙලුවෙමියි කීය. පින්වත! මොහු විසින් දරුගැබ හෙළූ බව ඔබට ඔප්පුකළ හැකිද? නොහැක්කෙමි දේවයන් වහන්ස! දැන් ඔබ කුමක් කරන්නෙහිද? දේවයන් වහන්ස, මට පුතෙකු ලැබුණොත් මැනවියි කීය. එසේනම් චණ්ඩ, නුඹ මොහුගෙන් බිරිඳ නුඹේ ගෙදරට ගෙනවිත් ඇයට පුතෙකු උපන්විට දරුවා ගෙන ගොස් ඔහුට දෙවයි කීවේය. ඔහුද ගාමණීචණ්ඩගේ පාමුල වැටී ස්වාමීනි, මගේ ගේ බිඳීම (බිරිඳ වෙන්කිරීම) නොකරන්නැයි කියා කහවණු දී පලා ගියේය.

අථ තතියො ආගන‍්ත්‍වා “ඉමිනා මෙ, දෙව, පහරිත්‍වා අස‍්සස‍්ස පාදො භින‍්නො”ති ආහ. “සච‍්චං චන්‍දා”ති. “සුණොහි, මහාරාජා”ති චන්‍දො තං පවත‍්තිං විත්‍ථාරෙන කථෙසි. තං සුත්‍වා රාජා අස‍්සගොපකං ආහ – “සච‍්චං කිර ත්‍වං ‘අස‍්සං පහරිත්‍වා නිවත‍්තෙහී’ති කථෙසී”ති. “න කථෙමි, දෙවා”ති. සො පුනවාරෙ පුච‍්ඡිතො “ආම, කථෙමී”ති ආහ. රාජා චන්‍දං ආමන‍්තෙත්‍වා “අම‍්භො චන්‍ද, අයං කථෙත්‍වාව ‘න කථෙමී’ති මුසාවාදං වදති, ත්‍වං එතස‍්ස ජිව‍්හං ඡින්‍දිත්‍වා අස‍්සමූලං අම‍්හාකං සන‍්තිකා ගහෙත්‍වා සහස‍්සං දෙහී”ති ආහ. අස‍්සගොපකො අපරෙපි කහාපණෙ දත්‍වා පලායි.

ඉක්බිති තුන්වැන්නා පැමිණ දේවයන් වහන්ස! මොහු විසින් මගේ අශ්වයාගේ පාදය කැඩුවේ යයි කීවේය. එවිට ඇත්තද චණ්ඩයි රජ ඇසුවේය. එසේනම් අසනු මැනවියි මහරජතුමනියි කියා චණ්ඩ ඒ පුවත විස්තර කර කීවේය. ඒ අසා රජතුමා අස්ගොව්වාට කීවේය. ඇත්තද? නුඹ අශ්වයාට පහර දී නවත්වන්නයි කීවෙහිද? නොකීවෙමි. දේවයන් වහන්ස! ඔහු දෙවන වර විචාරද්දී එසේය කීවෙමියි කීවේය. රජතුමා චණ්ඩ අමතා එම්බා චණ්ඩය, මොහු (අශ්වයා නවතන්නැයි) කියා නොකීවේයැයි බොරුවක් කළේය. නුඹ මොහුගේ දිව කපා අශ්වයා වෙනුවෙන් ගෙවන මුදල අපගේ සමීපයෙන් ගෙන දහසක් දෙවයි කීවේය. අස් ගොව්වා තවත් කහවණු දී පලා ගියේය.

තතො නළකාරපුත‍්තො “අයං මෙ, දෙව, පිතුඝාතකචොරො”ති ආහ. “සච‍්චං කිර, චන්‍දා”ති. “සුණොහි, දෙවා”ති චන්‍දො තම‍්පි කාරණං විත්‍ථාරෙත්‍වා කථෙසි. අථ රාජා නළකාරං ආමන‍්තෙත්‍වා “ඉදානි කිං කරොසී”ති පුච‍්ඡි. “දෙව මෙ පිතරං ලද‍්ධුං වට‍්ටතී”ති. “අම‍්භො චන්‍ද, ඉමස‍්ස කිර පිතරං ලද‍්ධුං වට‍්ටති, මතකං පන න සක‍්කා පුන ආනෙතුං, ත්‍වං ඉමස‍්ස මාතරං ආනෙත්‍වා තව ගෙහෙ කත්‍වා එතස‍්ස පිතා හොහී”ති. නළකාරපුත‍්තො “මා මෙ, සාමි, මතස‍්ස පිතු ගෙහං භින්‍දී”ති ගාමණිචන්‍දස‍්ස කහාපණෙ දත්‍වා පලායි.

ඉක්බිති නළකාර පුත්‍රයා දේවයන් වහන්ස! මොහු මගේ පියා ඝාතනය කළ තැනැත්තා යයි කීවේය. ඇත්තද චණ්ඩ? දේවයන් වහන්ස! අසන්නැයි කීවේය. අසමි, කියවයි කීවේය. චණ්ඩ ඒ කාරණයද විස්තර කර කීවේය. රජතුමා නළකාර පුත්‍රයා අමතා දැන් කුමක් කරන්නෙහිදැයි විචාළේය. දේවයන් වහන්ස! මට පියෙකු ලැබීම සෑහේයයි කීවේය. එම්බා චණ්ඩය, මොහුට පියෙකු ලැබීම සෑහෙයි. මළ කෙනෙකු ගෙනෙන්නට නොහැකිය. නුඹ මොහුගේ මව ගෙනවුත් නුඹේ ගෙයි තබා මොහුට පියා වෙවයි කීවේය. නළකාර පුත්‍රයා ස්වාමීනි! මියගිය මගේ පියාගේ ගෙය නොබිඳින්නැයි (මෑණියන් වෙන් නොකරන්නැයි) කියා ගාමණීචණ්ඩට කහවණු දී පලා ගියේය.

ගාමණිචන්‍දො අඩ‍්ඩෙ ජයං පත්‍වා තුට‍්ඨචිත‍්තො රාජානං ආහ – “අත්‍ථි, දෙව, තුම‍්හාකං කෙහිචි සාසනං පහිතං, තං වො කථෙමී”ති. “කථෙහි, චන්‍දා”ති. චන්‍දො බ්‍රාහ‍්මණමාණවකානං සාසනං ආදිං කත්‍වා පටිලොමක‍්කමෙන එකෙකං කථං කථෙසි. රාජා පටිපාටියා විස‍්සජ‍්ජෙසි.

ගාමණීචණ්ඩ නඩුවලින් ජය ලබා සතුටු සිත් ඇත්තේ රජතුමාට කීවේය. දේවයන් වහන්ස! නුඹවහන්සේට යම් යම් අය විසින් හසුන් (පණිවිඩ) එවා ඇත. ඒවා ඔබවහන්සේට කියමියි කීය. චණ්ඩයෙනි, කියවයි කීය. බමුණු තරුණයින්ගේ පණිවිඩය පළමු තැනට ගෙන අග සිට මුලට එක එක කීවේය. රජතුමා පිළිවෙලින් විසඳුවේය.

කථං? පඨමං තාව සාසනං සුත්‍වා “පුබ‍්බෙ තෙසං වසනට‍්ඨානෙ වෙලං ජානිත්‍වා වස‍්සනකුක‍්කුටො අහොසි, තෙසං තෙන සද‍්දෙන උට‍්ඨාය මන‍්තෙ ගහෙත්‍වා සජ‍්ඣායං කරොන‍්තානඤ‍්ඤෙව අරුණො උග‍්ගච‍්ඡති, තෙන තෙසං ගහිතගහිතං න නස‍්සති. ඉදානි පන නෙසං වසනට‍්ඨානෙ අවෙලාය වස‍්සනකකුක‍්කුටො අත්‍ථි, සො අතිරත‍්තිං වා වස‍්සති අතිපභාතෙ වා, අතිරත‍්තිං වස‍්සන‍්තස‍්ස තස‍්ස සද‍්දෙන උට‍්ඨාය මන‍්තෙ ගහෙත්‍වා නිද‍්දාභිභූතා සජ‍්ඣායං අකත්‍වාව පුන සයන‍්ති , අතිපභාතෙ වස‍්සන‍්තස‍්ස සද‍්දෙන උට‍්ඨාය සජ‍්ඣායිතුං න ලභන‍්ති, තෙන තෙසං ගහිතගහිතං න පඤ‍්ඤායතී”ති ආහ.

කෙසේද යත්, පළමු හසුන අසා පෙර ඔවුන් වාසය කරන තැන වේලාව තැන හඬලන කුකුළෙක් විය. ඔවුන් ඒ හඬින් නැගිට මන්ත්‍ර පාඩම් කරද්දීම අරුණ උදාවෙයි. ඒ නිසා ඔවුන් පාඩම් කරගත් කරගත් දේ නොනැසෙයි. දැන් වනාහි ඔවුන්ගේ වාසස්ථානයෙහි අවේලාවෙහි හඬලන කුකුළෙක් ඇත. ඒ කුකුළා මහ රෑ හෝ ඉතා අලුයම (ඉර උදාවට ළංව) හෝ හඬලයි. මහ රෑ හඬලන ශබ්දයෙන් නැගිට මන්ත්‍ර කියා නිදිබරව පාඩම් නොකරම නැවත නිදත්. ඉතා අලුයම හඬලන ශබ්දයෙන් නැගිට පාඩම් කරන්නට (කාලය) නොලබත්. ඒ නිසා ඔවුන් විසින් මතකයට ගත් ගත් දේ අමතක වේ යයි කීවේය.

දුතියං සුත්‍වා “තෙ පුබ‍්බෙ සමණධම‍්මං කරොන‍්තා කසිණපරිකම‍්මෙ යුත‍්තපයුත‍්තා අහෙසුං. ඉදානි පන සමණධම‍්මං විස‍්සජ‍්ජෙත්‍වා අකත‍්තබ‍්බෙසු යුත‍්තපයුත‍්තා ආරාමෙ උප‍්පන‍්නානි ඵලාඵලානි උපට‍්ඨාකානං දත්‍වා පිණ‍්ඩපටිපිණ‍්ඩකෙන මිච‍්ඡාජීවෙන ජීවිකං කප‍්පෙන‍්ති, තෙන නෙසං ඵලාඵලානි න මධුරානි ජාතානි. සචෙ පන තෙ පුබ‍්බෙ විය පුන සමණධම‍්මෙ යුත‍්තපයුත‍්තා භවිස‍්සන‍්ති, පුන තෙසං ඵලාඵලානි මධුරානි භවිස‍්සන‍්ති. තෙ තාපසා රාජකුලානං පණ‍්ඩිතභාවං න ජානන‍්ති, සමණධම‍්මං තෙසං කාතුං වදෙහී”ති ආහ.

දෙවැන්න අසා ඔවුන් පෙර මහණදම් පුරමින් කසිණ භාවනා කටයුතුවල යෙදුනාහුය. දැන් මහණදම් අත්හැර නොකටයුතු ක්‍රියාවන්හි යෙදී ආරාමයෙහි හටගන්නා පලාඵල උපස්ථායකයන්ට දී දන් දෙන අයට ආපසු දෙමින් වැරදි ක්‍රමයට දිවි ගෙවත්. ඒ නිසා ඔවුන්ගේ පළතුරු මිහිරි නොවීය. ඉදින් වනාහි ඔවුන් පෙර පරිද්දෙන් සමගිව නැවත තවුස්දම්හි නිරතවන්නාහු නම් නැවත ඔවුන්ගේ පලාඵල මිහිරි වන්නේය. ඒ තවුසෝ රජ (කුලය) තුමා නුවණ ඇති බව නොදනිත්. තවුස් දම් හොඳින් කරන්නට ඔවුන්ට කියවයි කීවේය.

තතියං සුත්‍වා “තෙ නාගරාජානො අඤ‍්ඤමඤ‍්ඤං කලහං කරොන‍්ති, තෙන තං උදකං ආවිලං ජාතං. සචෙ තෙ පුබ‍්බෙ විය සමග‍්ගා භවිස‍්සන‍්ති, පුන පසන‍්නං භවිස‍්සතී”ති ආහ.

තුන්වැන්න අසා ඒ නා රජවරු ඔවුනොවුන් කලහ කරත්. ඒ නිසා ඒ ජලය කැළඹුණේ විය. ඉදින් ඔවුන් පෙර පරිදි සමගි වන්නාහු නම් නැවත පැහැදිලි ජලය වන්නේ යැයි කීවේය.

චතුත්‍ථං සුත්‍වා “සා රුක‍්ඛදෙවතා පුබ‍්බෙ අටවියං පටිපන‍්නෙ මනුස‍්සෙ රක‍්ඛති, තස‍්මා නානප‍්පකාරං බලිකම‍්මං ලභති. ඉදානි පන ආරක‍්ඛං න කරොති, තස‍්මා බලිකම‍්මං න ලභති. සචෙ පුබ‍්බෙ විය ආරක‍්ඛං කරිස‍්සති, පුන ලාභග‍්ගප‍්පත‍්තා භවිස‍්සති. සා රාජූනං අත්‍ථිභාවං න ජානාති, තස‍්මා අටවිආරුළ‍්හමනුස‍්සානං ආරක‍්ඛං කාතුං වදෙහී”ති ආහ.

හතරවැන්න අසා ඒ රුක්දෙවියා මුලදී කැලයට පිවිසි මිනිසුන් රකියි. ඒ නිසා නොයෙක් ආකාර බලිපූජා ලබයි. ඉදින් පෙර පරිදි ආරක්ෂා කරන්නේ නම් නැවත ලාභයෙන් අග තැන්පත් වන්නේය. ඒ දෙවියා රජෙකු ඇති බව නොදනියි. ඒ නිසා කැලයට ඇතුළුවන මිනිසුන් ආරක්ෂාව කරන්නට කියවයි කීවේය.

පඤ‍්චමං සුත්‍වා “යස‍්මිං වම‍්මිකපාදෙ නිසීදිත්‍වා සො තිත‍්තිරො මනාපං වස‍්සති, තස‍්ස හෙට‍්ඨා මහන‍්තී නිධිකුම‍්භි අත්‍ථි, තං උද‍්ධරිත්‍වා ත්‍වං ගණ‍්හාහී”ති ආහ.

පස්වැන්න අසා යම් හුඹසක් පාමුල හිඳ ඒ තිත් වටුවා මිහිරි හඬක් නගයිද ඒ හුඹහ යට මහත් නිධානයක් ඇත. එය උදුරා ගන්නැයි කීවේය.

ඡට‍්ඨං සුත්‍වා “යස‍්ස රුක‍්ඛස‍්ස මූලෙ සො මිගො තිණානි ඛාදිතුං සක‍්කොති, තස‍්ස රුක‍්ඛස‍්ස උපරි මහන‍්තං භමරමධු අත්‍ථි, සො මධුමක‍්ඛිතෙසු තිණෙසු පලුද‍්ධො අඤ‍්ඤානි ඛාදිතුං න සක‍්කොති, ත්‍වං තං මධුපටලං හරිත්‍වා අග‍්ගමධුං අම‍්හාකං පහිණ, සෙසං අත‍්තනා පරිභුඤ‍්ජා”ති ආහ.

හයවන්න අසා යම් ගසක් මුල ඇති තණ කන්නට ඒ මුවා හැකි වෙයිද, ඒ ගස මතුවෙහි මහත් වූ මී වදයක් ඇත. ඒ මුවා මීපැණි වැටී ඇති තණකොළ කෑමට ලොල් වූයේ අනිකක් කන්නට නොහැකි වෙයි. නුඹ ඒ මීවදය ගෙන හොඳ මීවද අපට එවන්න. සෙස්ස තමා විසින් පරිභෝග කරන්නැයි කීවේය.

සත‍්තමං සුත්‍වා “යස‍්මිං වම‍්මිකෙ සො සප‍්පො වසති, තස‍්ස හෙට‍්ඨා මහන‍්තී නිධිකුම‍්භි අත්‍ථි, සො තං රක‍්ඛමානො වසන‍්තො නික‍්ඛමනකාලෙ ධනලොභෙන සරීරං සිථිලං කත්‍වා ලග‍්ගන‍්තො නික‍්ඛමති, ගොචරං ගහෙත්‍වා ධනසිනෙහෙන අලග‍්ගන‍්තො වෙගෙන සහසා පවිසති. තං නිධිකුම‍්භිං උද‍්ධරිත්‍වා ත්‍වං ගණ‍්හාහී”ති ආහ.

හත්වැන්න අසා යම් හුඹහක ඒ සර්පයා වාසය කරයිද එහි යට ලොකු නිධානයක් ඇත. නයා එය රකිමින් වසන්නේ නික්මෙන කාලයේදී ධනයට ඇති ආසාවෙන් සිරුර ලිහිල්කොට ලගිමින් නික්මෙයි. ගොදුරු ගෙන ධනයට ඇති ආදරයෙන් නොලගිමින් වේගයෙන් වහා පිවිසෙයි. ඒ නිධානය උදුරා නුඹ ගනුවයි කීවේය.

අට‍්ඨමං සුත්‍වා “තස‍්සා තරුණිත්‍ථියා සාමිකස‍්ස ච මාතාපිතූනඤ‍්ච වසනගාමානං අන‍්තරෙ එකස‍්මිං ගාමකෙ ජාරො අත්‍ථි. සා තං සරිත්‍වා තස‍්මිං සිනෙහෙන සාමිකස‍්ස ගෙහෙ වසිතුං අසක‍්කොන‍්තී ‘මාතාපිතරො පස‍්සිස‍්සාමී’ති ජාරස‍්ස ගෙහෙ කතිපාහං වසිත්‍වා මාතාපිතූනං ගෙහං ගච‍්ඡති, තත්‍ථ කතිපාහං වසිත්‍වා පුන ජාරං සරිත්‍වා ‘සාමිකස‍්ස ගෙහං ගමිස‍්සාමී’ති පුන ජාරස‍්සෙව ගෙහං ගච‍්ඡති. තස‍්සා ඉත්‍ථියා රාජූනං අත්‍ථිභාවං ආචික‍්ඛිත්‍වා ‘සාමිකස‍්සෙව කිර ගෙහෙ වසතු. සචෙ තං රාජා ගණ‍්හාපෙති, ජීවිතං තෙ නත්‍ථි, අප‍්පමාදං කාතුං වට‍්ටතී’ති තස‍්සා කථෙහී”ති ආහ.

අටවැනි හසුන අසා ඒ තරුණ ස්ත්‍රියගෙ ස්වාමියාද මව්පියන්ද වසන ගම් දෙක අතරේ එක් ගමක සොර සැමියෙක් ඇත. ඈ ඔහුව සිහිකර සෙනෙහසින් යුතුව සැමියාගේ ගෙයි වාසය කිරීමට නොහැකි වන්නී, මව්පියන් බලන්නෙමියි (කියා ගොස්) හොර සැමියාගේ ගෙයි කීප දවසක් වාසයකොට මව්පියන්ගේ ගෙට යයි. එහි කීපදවසක් වාසයකොට නැවත හොර සැමියා සිහිකොට සැමියාගේ ගෙට යන්නෙමියි නැවතත් සොර සැමියාගේ ගෙටම යන්නීය. ඒ ස්ත්‍රියට රජෙකු සිටින බව කියා සැමියාගේ ගෙයිම වාසය කරන්න. ඉදින් නොවසන්නී නම් රජතුමා ඔබ අත්අඩංගුවට ගන්වයි, ඔබට ජීවිතය නැතිවෙයි, සිහියෙන් යුතුව කටයුතු කරන්නට වටීයයි ඇයට කියවයි කීවේය.

නවමං සුත්‍වා “සා ගණිකා පුබ‍්බෙ එකස‍්ස හත්‍ථතො භතිං ගහෙත්‍වා තං අජීරාපෙත්‍වා අඤ‍්ඤස‍්ස හත්‍ථතො න ගණ‍්හාති, තෙනස‍්සා පුබ‍්බෙ බහුං උප‍්පජ‍්ජි. ඉදානි පන අත‍්තනො ධම‍්මතං විස‍්සජ‍්ජෙත්‍වා එකස‍්ස හත්‍ථතො ගහිතං අජීරාපෙත්‍වාව අඤ‍්ඤස‍්ස හත්‍ථතො ගණ‍්හාති, පුරිමස‍්ස ඔකාසං අකත්‍වා පච‍්ඡිමස‍්ස කරොති, තෙනස‍්සා භති න උප‍්පජ‍්ජති, න කෙචි නං උපසඞ‍්කමන‍්ති. සචෙ අත‍්තනො ධම‍්මෙ ඨස‍්සති, පුබ‍්බසදිසාව භවිස‍්සති. අත‍්තනො ධම‍්මෙ ඨාතුමස‍්සා කථෙහී”ති ආහ.

නවවැන්න අසා ඒ ගණිකාව පෙර එකෙකුගේ අතින් කුලිය ගෙන ඔහු සමග සතුටු නොවී අනිකෙකුගේ අතින් මුදල් නොගනියි. ඒ නිසා ඇයට පෙර බොහෝ සම්පත් උපන්නේය. දැන් වනාහි තමන්ගේ ධර්මතාවය අතහැර එකෙකුගේ අතින් ගත් මුදලට ඔහු සමග සතුටු නොවී අනිකෙකුගේ අතින් තවත් කුලයක් ගනියි. කලින් මුදල් දුන් අයට අවස්ථාවක් නොදී පසුව මුදල් දුන් අය සමග වාසය කරයි. ඒ නිසා ඇයට කුලිය නොලැබෙයි. කිසිවෙක් ඇය වෙත නොඑළඹෙයි. ඉදින් තමන්ගේ නිසි පිළිවෙතෙහි සිටියිද පෙර පරිදිම ධනය ලැබෙන්නේය. තමන්ගේ ධර්මතාවයෙහි සිටීමට ඇයට කියවයි කීවේය.

දසමං සුත්‍වා “සො ගාමභොජකො පුබ‍්බෙ ධම‍්මෙන සමෙන අඩ‍්ඩං විනිච‍්ඡිනි, තෙන මනුස‍්සානං පියො අහොසි මනාපො, සම‍්පියායමානා චස‍්ස මනුස‍්සා බහුපණ‍්ණාකාරං ආහරිංසු, තෙන අභිරූපො ධනවා යසසම‍්පන‍්නො අහොසි. ඉදානි පන ලඤ‍්ජවිත‍්තකො හුත්‍වා අධම‍්මෙන අඩ‍්ඩං විනිච‍්ඡිනති, තෙන දුග‍්ගතො කපණො හුත්‍වා පණ‍්ඩුරොගෙන අභිභූතො. සචෙ පුබ‍්බෙ විය ධම‍්මෙන අඩ‍්ඩං විනිච‍්ඡිනිස‍්සති, පුන පුබ‍්බසදිසො භවිස‍්සති. සො රඤ‍්ඤො අත්‍ථිභාවං න ජානාති, ධම‍්මෙන අඩ‍්ඩං විනිච‍්ඡිනිතුමස‍්ස කථෙහී”ති ආහ.

දසවැන්න අසා ඒ ගම්මුලාදෑනියා පෙර දැහැමින්, සාමයෙන් නඩු විසඳයි. ඒ නිසා මිනිස්සුන්ට ප්‍රියමනාප විය. ප්‍රියමනාප වීම නිසා මිනිස්සු ඔහුට බොහෝ පඬුරු ගෙනාවාහුය. ඒ නිසා මනා රූ ඇත්තේ ධනය ඇත්තේ කීර්තියෙන් යුක්ත විය. දැන් වනාහි අල්ලසෙන් ගත් ධන ඇත්තෙක්ව අධර්මයෙන් නඩු විසඳයි. එහෙයින් දිළින්දෙක්ව පාණ්ඩු රෝගයෙන් පෙළෙන්නෙක් විය. ඉදින් පෙර පරිද්දෙන් මෙන් දැහැමින් නඩු විසඳන්නේ නම් නැවත පෙර පරිදිම වන්නේය. ඔහු රජෙකු සිටින බව නොදනියි. දැහැමෙන් නඩු විසඳන්නට ඔහුට කියවයි කීවේය.

ඉති සො ගාමණිචන්‍දො ඉමානි එත‍්තකානි සාසනානි රඤ‍්ඤො ආරොචෙසි, රාජා අත‍්තනො පඤ‍්ඤාය සබ‍්බානිපි තානි සබ‍්බඤ‍්ඤුබුද‍්ධො විය බ්‍යාකරිත්‍වා ගාමණිචන්‍දස‍්ස බහුං ධනං දත්‍වා තස‍්ස වසනගාමං බ්‍රහ‍්මදෙය්‍යං කත්‍වා තස‍්සෙව දත්‍වා උය්‍යොජෙසි. සො නගරා නික‍්ඛමිත්‍වා බොධිසත‍්තෙන දින‍්නසාසනං බ්‍රාහ‍්මණමාණවකානඤ‍්ච තාපසානඤ‍්ච නාගරාජස‍්ස ච රුක‍්ඛදෙවතාය ච ආරොචෙත්‍වා තිත‍්තිරස‍්ස වසනට‍්ඨානතො නිධිං ගහෙත්‍වා මිගස‍්ස තිණඛාදනට‍්ඨානෙ රුක‍්ඛතො භමරමධුං ගහෙත්‍වා රඤ‍්ඤො මධුං පෙසෙත්‍වා සප‍්පස‍්ස වසනට‍්ඨානෙ වම‍්මිකං ඛණිත්‍වා නිධිං ගහෙත්‍වා තරුණිත්‍ථියා ච ගණිකාය ච ගාමභොජකස‍්ස ච රඤ‍්ඤො කථිතනියාමෙනෙව සාසනං ආරොචෙත්‍වා මහන‍්තෙන යසෙන අත‍්තනො ගාමකං ගන‍්ත්‍වා යාවතායුකං ඨත්‍වා යථාකම‍්මං ගතො. ආදාසමුඛරාජාපි දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා ජීවිතපරියොසානෙ සග‍්ගපුරං පූරෙන‍්තො ගතො.

මෙසේ ඒ ගාමිණීචණ්ඩ මෙපමණ හසුන් රජුට සැල කළේය. රජතුමා නුවණින් ඒ සියල්ලම සර්වඥ බුදුවරයෙකු මෙන් විසඳා ගාමිණී චණ්ඩට බොහෝ ධනය දී ඔහු වසන ගම එහි ආදායම් භුක්තිවිඳිය හැකි අයුරින් පරිත්‍යාගකොට ඔහුටම දී පිටත්කර හැරියේය. ඔහු නගරයෙන් නික්මී බෝසතාණන් වහන්සේ විසින් දෙන ලද පණිවිඩ බමුණු තරුණයන්ටද, තවුසන්ටද, නා රජුටද, රුක් දෙවියාටද දන්වා තිත්තිර වටුවා හිඳිනා තැනින් නිධානය ගෙන මුවා තණ කන තැන ගසෙන් මීපැණි ගෙන රජුට මීපැණි යවා සර්පයා වසන තැනින් තුඹස බිඳවා නිධානය ගෙන තරුණ ස්ත්‍රියටද, ගණිකාවටද, ගම්මුලාදෑණියාටද රජතුමා විසින් කියන ලද ආකාරයට තොරතුරු කියා මහත් සම්පතින් තමන්ගේ ගමට ගොස් දිවි ඇතිතෙක් සිට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියේය. ආදාසමුඛ රජතුමාද දානාදී පිං කොට දිවි කෙළවර දෙව්ලොව ගියේය.

සත්‍ථා “න, භික‍්ඛවෙ, තථාගතො ඉදානෙව මහාපඤ‍්ඤො, පුබ‍්බෙපි මහාපඤ‍්ඤොයෙවා”ති වත්‍වා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ බහූ සොතාපන‍්නසකදාගාමිඅනාගාමිඅරහන‍්තො අහෙසුං. “තදා ගාමණිචන්‍දො ආනන්‍දො අහොසි, ආදාසමුඛරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මහණෙනි! තථාගතයන් වහන්සේ මහා ප්‍රඥා ඇත්තේ දැන් පමණක් නොව පෙරත් මහා ප්‍රඥාවන්තයෙක්ම යැයි වදාරා මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනා කොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාව කෙළවර බොහෝ අය සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ඵලවලට පත්වූහ. එකල ගාමිණීචණ්ඩ ආනන්දය. අදාසමුඛ රජු වනාහි මම්ම වූයෙමියි වදාළ සේක.

ගාමණිචන්‍දජාතකවණ‍්ණනා සත‍්තමා.