6. ජරූදපානජාතකවණ්ණනා 256 අට්ඨකථා
6. ජරූදපානජාතකවණ්ණනා (256)
6. ජරූදපාන ජාතකය (256)
ජරූදපානං ඛණමානාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො සාවත්ථිවාසිනො වාණිජෙ ආරබ්භ කථෙසි. තෙ කිර සාවත්ථියං භණ්ඩං ගහෙත්වා සකටානි පූරෙත්වා වොහාරත්ථාය ගමනකාලෙ තථාගතං නිමන්තෙත්වා සරණානි ගහෙත්වා සීලෙසු පතිට්ඨාය සත්ථාරං වන්දිත්වා “මයං, භන්තෙ, වොහාරත්ථාය දීඝමග්ගං ගමිස්සාම, භණ්ඩං විස්සජ්ජෙත්වා සිද්ධිප්පත්තා සොත්ථිනා පච්චාගන්ත්වා පන තුම්හෙ වන්දිස්සාමා”ති වත්වා මග්ගං පටිපජ්ජිංසු. තෙ කන්තාරමග්ගෙ පුරාණඋදපානං දිස්වා “ඉමස්මිං උදපානෙ පානීයං නත්ථි, මයඤ්ච පිපාසිතා, ඛණිස්සාම න”න්ති ඛණන්තා පටිපාටියා බහුං අයං…පෙ… වෙළුරියං ලභිංසු. තෙ තෙනෙව සන්තුට්ඨා හුත්වා තෙසං රතනානං සකටානි පූරෙත්වා සොත්ථිනා සාවත්ථිං පච්චාගමිංසු. තෙ ආභතං ධනං පටිසාමෙත්වා මයං “සිද්ධිප්පත්තා භත්තං දස්සාමා”ති තථාගතං නිමන්තෙත්වා දානං දත්වා වන්දිත්වා එකමන්තං නිසින්නා අත්තනො ධනස්ස ලද්ධාකාරං සත්ථු ආරොචෙසුං. සත්ථා “තුම්හෙ ඛො උපාසකා තෙන ධනෙන සන්තුට්ඨා හුත්වා පමාණඤ්ඤුතාය ධනඤ්ච ජීවිතඤ්ච අලභිත්ථ, පොරාණකා පන අසන්තුට්ඨා අමත්තඤ්ඤුනො පණ්ඩිතානං වචනං අකත්වා ජීවික්ඛයං පත්තා”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
ජරූදපානං ඛණවානා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වාසය කරන සේක් සැවැත්නුවර වැසි වෙළෙන්දන් අරබයා වදාළ සේක. ඔවුන් වනාහි සැවැත් නුවරින් බඩුගෙන ගැල් පුරවා වෙළෙඳාම් පිණිස යන කල්හි බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට මහදන් දී තිසරණ ගෙන සිල්හි පිහිටා ශාස්තෲන් වහන්සේට වැඳ ස්වාමීනි! අපි වනාහි වෙළෙඳාම් පිණිස දුර පළාතකට යන්නෙමු. බඩු විකුණා සාර්ථක වූ ගමන් ඇතිව සැපසේ ආපසු අවුත් නැවත ඔබවහන්සේට වඳින්නෙමුයි කියා මගට පිළිපන්නාහුය. ඔවුහු කාන්තාර මාර්ගයෙහි පැරණි ළිඳක් දැක, මේ ළිඳෙහි ජලය නැත. අපිද පිපාසිතයෝ වෙමු. ළිඳ හාරමුයි කියා සාරමින් පිළිවෙලින් බොහෝ යකඩද -පෙ- වෛදූර්යය මැණික්ද ලැබූහ. ඔවුහු එයින්ම සතුටුව ඒ රුවන්වලින් ගැල් පුරවාගෙන සැපසේ සැවැත් නුවරට ආපසු ගියාහුය. ඔවුහු ගෙන ආ ධනය තැන්පත්කොට සාර්ථක වූ ගමන් ඇතිව දන් දෙමුයි කියා බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට දන් දී වැඳ එකත්පසෙක හුන්නාහු තමන්ට ධනය ලැබුණු ආකාරය බුදුරජාණන් වහන්සේට සැලකළාහුය. එවිට බුදුරජාණන් වහන්සේ උපාසකවරුනි! නුඹලා ඒ ධනයෙන් සතුටුව පමණ දන්නා බැවින් ධනයද, ජීවිතයද ලැබුවාහුය. පැරණි අය වනාහි ලද දෙයින් සතුටු නොවූවාහු, පමණ නොදන්නාහු නුවණ ඇති අයගේ කීම නොකොට මරණයට පත්වූහයි වදාරා ඔවුන් විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො බාරාණසියං වාණිජකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො සත්ථවාහජෙට්ඨකො අහොසි. සො බාරාණසියං භණ්ඩං ගහෙත්වා සකටානි පූරෙත්වා බහූ වාණිජෙ ආදාය තමෙව කන්තාරං පටිපන්නො තමෙව උදපානං අද්දස. තත්ථ තෙ වාණිජා “පානීයං පිවිස්සාමා”ති තං උදපානං ඛණන්තා පටිපාටියා බහූනි අයාදීනි ලභිංසු. තෙ බහුම්පි රතනං ලභිත්වා තෙන අසන්තුට්ඨා “අඤ්ඤම්පි එත්ථ ඉතො සුන්දරතරං භවිස්සතී”ති භිය්යොසොමත්තාය තං ඛණිංසුයෙව. අථ බොධිසත්තො තෙ ආහ – “භො වාණිජා, ලොභො නාමෙස විනාසමූලං, අම්හෙහි බහු ධනං ලද්ධං, එත්තකෙනෙව සන්තුට්ඨා හොථ, මා අතිඛණථා”ති. තෙ තෙන නිවාරියමානාපි ඛණිංසුයෙව. සො ච උදපානො නාගපරිග්ගහිතො, අථස්ස හෙට්ඨා වසනකනාගරාජා අත්තනො විමානෙ භිජ්ජන්තෙ ලෙඩ්ඩූසූ ච පංසූසු ච පතමානෙසු කුද්ධො ඨපෙත්වා බොධිසත්තං අවසෙසෙ සබ්බෙපි නාසිකවාතෙන පහරිත්වා ජීවිතක්ඛයං පාපෙත්වා නාගභවනා නික්ඛම්ම සකටානි යොජෙත්වා සබ්බරතනානං පූරෙත්වා බොධිසත්තං සුඛයානකෙ නිසීදාපෙත්වා නාගමාණවකෙහි සද්ධිං සකටානි යොජාපෙන්තො බොධිසත්තං බාරාණසිං නෙත්වා ඝරං පවෙසෙත්වා තං පටිසාමෙත්වා අත්තනො නාගභවනමෙව ගතො. බොධිසත්තො තං ධනං විස්සජ්ජෙත්වා සකලජම්බුදීපං උන්නඞ්ගලං කත්වා දානං දත්වා සීලං සමාදියිත්වා උපොසථකම්මං කත්වා ජීවිතපරියොසානෙ සග්ගපුරං පූරෙසි.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරන්නේ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර වෙළඳ කුලයෙහි ඉපදී වැඩිවියට පත්වූවාහු වෙළෙඳ කණ්ඩායමක නායකයා වූහ. හෙතෙම බරණැස් නුවරින් බඩුගෙන ගැල්පුරවා බොහෝ වෙළෙන්දන් රැගෙන ඒ කාන්තාරයටම පිළිපන්නාහු ඒ ළිඳම දුටහ. එහිදී ඒ වෙළෙන්දෝ පැන් බොන්නෙමුයි ඒ ළිඳ හාරමින් පිළිවෙලින් බොහෝ යකඩ ආදිය ලැබූහ. බොහෝ රුවන් ලැබ එයින් සතුටට පත් නොවී මෙහි මීටත් වඩා සුන්දර දේ වන්නේ යැයි ප්රමාණය ඉක්මවා ඒ ළිඳ හෑරූහ. ඉක්බිති ඔවුන්ට බෝසතාණන් වහන්සේ “පින්වත් වෙළෙන්දනි! මේ ලෝභය වනාහී විනාශයට මුලකි. අප විසින් බොහෝ ධනය ලබන ලදි. එපමණකින් සතුටු වෙව්. වැඩිපුර ළිඳ හාරන්න එපා යනුවෙන් කීහ. ඔහු විසින් ඔවුහු වළක්වනු ලබද්දීත් හෑරුවෝමය. ඒ ළිඳ වනාහි නාගයන් විසින් අරක් ගන්නා ලද්දක් විය. ඉක්බිති ඒ ළිඳ යට වසන නා රජ තමන්ගේ විමානය බිඳින කල්හි මැටිකැටද, පස් ද වැටෙන කල්හි කිපියේ බෝසතාණන් වහන්සේ හැර සියල්ලන්ම නාසා වාතයෙන් පහරදී මරණයට පත්කොට නාගභවනෙන් නික්ම ගැල් යොදා සත්රුවන් පුරවා බෝසතාණන් වහන්සේ සැපපහසු යානාවක හිඳුවා නාග මානවකයන් ලවා ගැල් පදවමින් බෝසතාණන් වහන්සේ බරණැස් නුවරට පමුණුවා ගෙදරට යවා ධනය තැන්පත් කොට තමන්ගේ නාග භවනටම ගියේය. බෝසතාණන් වහන්සේ ඒ ධනය වියදම්කොට සියලු දඹදිව නඟුල් උඩතබා දන්දී සිල් සමාදන් වී පෙහෙවස් රැක දිවි කෙළවර දෙව්ලොව ගියහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා අභිසම්බුද්ධො හුත්වා ඉමා ගාථා අවොච –
බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා අභිසම්බෝධියට පැමිණ -
“ජරූදපානං ඛණමානා, වාණිජා උදකත්ථිකා; අජ්ඣගමුං අයසං ලොහං, තිපුසීසඤ්ච වාණිජා; රජතං ජාතරූපඤ්ච, මුත්තා වෙළුරියා බහූ.
ජරූදපානං ඛණමානා වාණිජා උදකත්ථිකා, අජ්ඣගංසු අයොලොභං තිපුසිසඤ්ච වාණිජා, රජතං ජාත රූපඤ්ච මුත්තං වෙළුරියා බහු,
“තෙ ච තෙන අසන්තුට්ඨා, භිය්යො භිය්යො අඛාණිසුං; තෙ තත්ථාසීවිසො ඝොරො, තෙජස්සී තෙජසා හනි.
තෙච තෙන අසන්තුට්ඨා භීයො භියො අඛාණිසුං, තෙතත්ථාසීවිසො ඝොරො තෙජසී තෙජසා හනි,
“තස්මා ඛණෙ නාතිඛණෙ, අතිඛාතඤ්හි පාපකං; ඛාතෙන ච ධනං ලද්ධං, අතිඛාතෙන නාසිත”න්ති.
තස්මා ඛණෙ නාතිඛණෙ අතිඛාතං හි පාපකං, ඛාතෙනච ධනං ලද්ධං අතිඛාතෙන නාසිතං,
යන මේ ගාථා වදාළ සේක.
දියෙන් ප්රයෝජන ඇති වෙළෙන්දෝ පැරණි ළිඳක් සාරන්නාහු කළු යකඩ, තඹ, ඊයම්, රිදී, රන්, මුතු හා දියමන්ති ලදහ.
එයින් සතුටු වූ ඔවුහු වැඩිවැඩියෙන් සෑරූහ. එහි (ළිඳෙහි) උන් දරුණු තෙද ඇති නයා තෙදින් (විසෙන්) ඔවුන් නැසීය.
එහෙයින් සාරන්න. පමණට වඩා නොසාරන්න. පමණ ඉක්මවා හෑරීම ලාමකය. ඒ කියන්නේ මෝ සෑරීමෙන් ධනය ලදී. පමණට වඩා සෑරීමෙන් නසන ලදි.
තත්ථ අයසන්ති කාළලොහං. ලොහන්ති තම්බලොහං. මුත්තාති මුත්තායො. තෙ ච තෙන අසන්තුට්ඨාති තෙ ච වාණිජා තෙන ධනෙන අසන්තුට්ඨා. තෙ තත්ථාති තෙ වාණිජා තස්මිං උදපානෙ. තෙජස්සීති විසතෙජෙන සමන්නාගතො. තෙජසා හනීති විසතෙජෙන ඝාතෙසි. අතිඛාතෙන නාසිතන්ති අතිඛණෙන තඤ්ච ධනං ජීවිතඤ්ච නාසිතං.
එහි, අයං යනු කළු ලෝහ (යකඩ). ලොහං යනු තඹ ලෝහ. මුත්තා යනු මුතු. තෙ ච තෙන අසන්තුට්ඨා යනු ඒ වෙළෙන්දෝ ඒ ධනයෙන් සතුටු නොවූවාහු තෙ තත්ථ යනු ඒ වෙළෙන්දන් ඒ ළිඳෙහි. තෙජසී යනු විෂ තෙදින් යුක්ත වූයේ. තෙජසාහනි යනු විෂ තේජසින් ඝාතනය කළේය. අතිඛාතෙන නාසිතං යනු අධික ලෙස හෑරීම නිසා ඒ ධනයත් ජීවිතයත් විනාශ විය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා නාගරාජා සාරිපුත්තො අහොසි, සත්ථවාහජෙට්ඨකො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල නාරජ නම් සැරියුත්ය. වෙළඳ නායකයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
ජරූදපානජාතකවණ්ණනා ඡට්ඨා.