5. ඛන්තිවණ්ණජාතකවණ්ණනා 225 අට්ඨකථා
5. ඛන්තිවණ්ණජාතකවණ්ණනා (225)
5. ඛන්තිවණ්ණන ජාතකය (225)
අත්ථි මෙ පුරිසො, දෙවාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කොසලරාජානං ආරබ්භ කථෙසි. තස්ස කිරෙකො බහූපකාරො අමච්චො අන්තෙපුරෙ පදුස්සි. රාජා “උපකාරකො මෙ”ති ඤත්වාපි අධිවාසෙත්වා සත්ථු ආරොචෙසි. සත්ථා “පොරාණකරාජානොපි, මහාරාජ, එවං අධිවාසෙසුංයෙවා”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
අත්ථි මෙ පුරිසො දෙව යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් කොසොල් රජතුමා අරබයා වදාළ සේක. ඒ රජුට බොහෝ උපකාර කරන එක් ඇමතියෙක් අන්තඃපුරය දූෂණය කළේය. රජතුමා තමන්ට උපකාර කරන්නා බව දැනගෙනත්, ඉවසා බුදුරජාණන් වහන්සේට දන්වා සිටියේය. එවිට බුදුරජාණන් වහන්සේ මහරජතුමනි! පෙර රජවරු පවා මෙසේ ඉවසූහයි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ එකො අමච්චො තස්ස අන්තෙපුරෙ පදුස්සි, අමච්චස්සාපි සෙවකො තස්ස ගෙහෙ පදුස්සි. සො තස්ස අපරාධං අධිවාසෙතුං අසක්කොන්තො තං ආදාය රඤ්ඤො සන්තිකං ගන්ත්වා “දෙව, එකො මෙ උපට්ඨාකො සබ්බකිච්චකාරකො , සො මය්හං ගෙහෙ පදුස්සි, තස්ස කිං කාතුං වට්ටතී”ති පුච්ඡන්තො පඨමං ගාථමාහ –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී ඒ රජුගේ එක් ඇමතියෙක් අන්තඃපුරය දූෂණය කළේය. ඇමතියාගේ සේවකයෙක්ද ඇමති නිවස ද දූෂණය කළේය. හෙතෙම ඔහුගේ අපරාධ ඉවසිය නොහැකි වන්නේ රජු සමීපයට ගොස් දේවයන් වහන්ස! මගේ එක් උපස්ථායකයෙක් සියලු කටයුතු කරන්නේ වෙයි. ඔහු මගේ ගෙයි දූෂණය කළේය. ඔහුට කුමක් කරන්නට වටීදැයි විමසමින්
“අත්ථි මෙ පුරිසො දෙව, සබ්බකිච්චෙසු බ්යාවටො; තස්ස චෙකොපරාධත්ථි, තත්ථ ත්වං කින්ති මඤ්ඤසී”ති.
අත්ථි මෙ පුරිසො දෙව, සබ්බතිච්චෙසු ව්යාවටො, තස්ස චෙකො පරාධත්ථි තත්ථ ත්වං කින්ති මඤ්ඤ
යන පළමු ගාථාව කීවේය.
“දේවයනි! මාගේ හැම කටයුත්තකම යෙදුණු පුරුෂයෙක් ඇත. ඔහුගේද එක් අපරාධයක් ඇත. ඒ අපරාධයෙහිලා ඔබ කුමක් සිතන්නෙහිද? (කවර නම් දඬුවමක් අනුමත කරන්නෙහිද?)
තත්ථ තස්ස චෙකොපරාධත්ථීති තස්ස ච පුරිසස්ස එකො අපරාධො අත්ථි. තත්ථ ත්වං කින්ති මඤ්ඤසීති තත්ථ තස්ස පුරිසස්ස අපරාධෙ ත්වං “කිං කාතබ්බ”න්ති මඤ්ඤසි, යථා තෙ චිත්තං උප්පජ්ජති, තදනුරූපමස්ස දණ්ඩං පණෙහීති දීපෙති.
එහි, තස්ස චෙතො පරාධත්ථි යනු ඒ පුරුෂයාගේද එක් අපරාධයක් ඇත. තත්ථ ත්වං කින්ති මඤ්ඤසි යනු එහි ඒ පුරුෂයාගේ අපරාධයට නුඹ කුමක් කළ යුතුයයි ඔබවහන්සේ සිතන්නෙහිද? යම්සේ ඔබවහන්සේට සිතක් උපදීද එයට සුදුසු දඬුවමක් මොහුට පනවන්නැයි දක්වයි.
තං සුත්වා රාජා දුතියං ගාථමාහ –
ඒ අසා රජතුමා,
“අම්හාකම්පත්ථි පුරිසො, එදිසො ඉධ විජ්ජති; දුල්ලභො අඞ්ගසම්පන්නො, ඛන්තිරස්මාක රුච්චතී”ති.
අම්හාකඤ්චත්ථි පුරිසො එදිසො ඉධ විජ්ජති, දුල්ලභො අංග සම්පන්නො ඛන්තිරසමාක රුච්චති
යන දෙවන ගාථාව කීවේය.
අපගේද මෙබඳු පුරුෂයෙක් ඇත. (හේ) මෙතන්හි ඇත. සකල ගුණාංගයන්ගෙන් සැදුණු පුද්ගලයෝ දුර්ලභයහ. (එබැවින් මෙබඳු අවස්ථාවන්හිදී) අපට ඉවසීම අභිමතයි. (සුදුසුයි)
තස්සත්ථො – අම්හාකම්පි රාජූනං සතං එදිසො බහූපකාරො අගාරෙ දුස්සනකපුරිසො අත්ථි, සො ච ඛො ඉධ විජ්ජති, ඉදානිපි ඉධෙව සංවිජ්ජති, මයං රාජානොපි සමානා තස්ස බහූපකාරතං සන්ධාය අධිවාසෙම, තුය්හං පන අරඤ්ඤොපි සතො අධිවාසනභාරො ජාතො. අඞ්ගසම්පන්නො හි සබ්බෙහි ගුණකොට්ඨාසෙහි සමන්නාගතො පුරිසො නාම දුල්ලභො, තෙන කාරණෙන අස්මාකං එවරූපෙසු ඨානෙසු අධිවාසනඛන්තියෙව රුච්චතීති.
එහි, අම්හාකම්පි රජවරුන් ලෙස සිටියත් අපගේද (අපටත්). එදිසො මෙබඳු බොහෝ උපකාර ඇති, නිවස දූෂණය කරන පුරුෂයෙක් ඇත. ඔහුද ඉධ විජ්ජති දැනුත් මෙහිම සිටී. අපි රජවරුන් ලෙස සිටියත් බොහෝ උපකාර ඇති බව සලකා ඉවසමු. රජෙකු නොවීත් ඔබට ඉවසීම භාරය. අංග සම්පන්නො සියලු ගුණ කොටස්වලින් යුක්ත පුරුෂයෙක් නම්. දුල්ලභො දුර්ලභය. ඒ කාරණයෙන්. අස්මාකං අපට මෙබඳු තැන්වලදී ඉවසීම ම. රුච්චති ඉති රුචි වෙයි යනුයි.
අමච්චො අත්තානං සන්ධාය රඤ්ඤො වුත්තභාවං ඤත්වා තතො පට්ඨාය අන්තෙපුරෙ පදුස්සිතුං න විසහි, සොපිස්ස සෙවකො රඤ්ඤො ආරොචිතභාවං ඤත්වා තතො පට්ඨාය තං කම්මං කාතුං න විසහි.
ඇමතියා රජතුමා විසින් කියන ලද්දේ තමන් සඳහාම බව දැන එතැන් පටන් අන්තඃපුරය (අන්තඃපුරයේ ස්ත්රීන්) දූෂණය කරන්නට අසමත් විය. ඔහුගේ ඒ සේවකයාද රජතුමාට කී බැව් දැන එතැන් පටන් ඒ ක්රියාව (ඇමති බිරිඳ දූෂණය) කරන්නට අසමත් විය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා අහමෙව බාරාණසිරාජා අහොසි”න්ති. සොපි අමච්චො රඤ්ඤො සත්ථු කථිතභාවං ඤත්වා තතො පට්ඨාය තං කම්මං කාතුං නාසක්ඛීති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල මම ම බරණැස් රජ වූයෙමි. ඒ ඇමතියාද රජතුමා විසින් බුදුරජාණන් වහන්සේට කියන ලද බව දැන එතැන් පටන් ඒ ක්රියාව කරන්නට නොහැකි විය.
ඛන්තිවණ්ණජාතකවණ්ණනා පඤ්චමා.