යෙදුමෙන් කියවන්න

5. කච‍්ඡපජාතකවණ‍්ණනා 215 අට‍්ඨකථා

5. කච‍්ඡපජාතකවණ‍්ණනා (215)

5. කච්ඡප ජාතකය (215)

අවධී වත අත‍්තානන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කොකාලිකං ආරබ‍්භ කථෙසි. වත්‍ථු මහාතක‍්කාරිජාතකෙ (ජා· 1.13.104 ආදයො) ආවි-භවිස‍්සති. තදා පන සත්‍ථා “න, භික‍්ඛවෙ, කොකාලිකො ඉදානෙව වාචාය හතො, පුබ‍්බෙපි වාචාය හතොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

අවධී වන අත්තානං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් කෝකාලික භික්‍ෂුව අරබයා වදාළ සේක. විස්තර කථාව මහා කක්කාරි මතු සඳහන් වන්නේය. එකල්හි දැන් පමණක් කට නිසා නැසුනේ නොවේ. පෙරත් කට නිසා නැසුනේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අමච‍්චකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තස‍්ස අත්‍ථධම‍්මානුසාසකො අහොසි. සො පන රාජා බහුභාණී අහොසි, තස‍්මිං කථෙන‍්තෙ අඤ‍්ඤෙසං වචනස‍්ස ඔකාසො නාම නත්‍ථි. බොධිසත‍්තො තස‍්ස තං බහුභාණිතං වාරෙතුකාමො එකං උපායං උපධාරෙන‍්තො විචරති. තස‍්මිඤ‍්ච කාලෙ හිමවන‍්තපදෙසෙ එකස‍්මිං සරෙ කච‍්ඡපො වසති, ද‍්වෙ හංසපොතකා ගොචරාය චරන‍්තා තෙන සද‍්ධිං විස‍්සාසං අකංසු. තෙ දළ‍්හවිස‍්සාසිකා හුත්‍වා එකදිවසං කච‍්ඡපං ආහංසු – “සම‍්ම කච‍්ඡප, අම‍්හාකං හිමවන‍්තෙ චිත‍්තකූටපබ‍්බතතලෙ කඤ‍්චනගුහායං වසනට‍්ඨානං රමණීයො පදෙසො, ගච‍්ඡසි අම‍්හාකං සද‍්ධි”න‍්ති. “අහං කින‍්ති කත්‍වා ගමිස‍්සාමී”ති? “මයං තං ගහෙත්‍වා ගමිස‍්සාම, සචෙ ත්‍වං මුඛං රක‍්ඛිතුං සක‍්ඛිස‍්සසි, කස‍්සචි කිඤ‍්චි න කථෙස‍්සසී”ති. “රක‍්ඛිස‍්සාමි, සාමි, ගහෙත්‍වා මං ගච‍්ඡථා”ති. තෙ “සාධූ”ති වත්‍වා එකං දණ‍්ඩකං කච‍්ඡපෙන ඩංසාපෙත්‍වා සයං තස‍්ස උභො කොටියො ඩංසිත්‍වා ආකාසං පක‍්ඛන්‍දිංසු.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජකරන සමයෙහි බෝසතාණන් වහන්සේ ඇමති කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව, රජුගේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ සේක. ඒ රජතුමා අධික කථා ඇත්තෙක් විය. ඔහු කථා කරන කල්හි අන් අයගේ වචනයට අවකාසයක් නම් නැත. බෝසතාණන් වහන්සේ රජතුමාගේ ඒ බහුභාණී බව (අධික කථාව) අත් හරවන්නට එක් උපායක් සොයමින් හැසිරෙති. ඒ කාලයෙහි හිමවත් පෙදෙසෙහි එක් විලක ඉබ්බෙක් වාසය කරයි. හංස පොව්වෝ දෙදෙනෙක් ගොදුරු සොයා හැසිරෙමින් ඌ සමග විශ්වාසයක් ඇතිකර ගත්හ. ඔවුහු දැඩි විශ්වාසවන්තයෝ බවට පත්වී එක් දිනක් ඉබ්බාට මෙසේ කීවාහුය. යහලු ඉබ්බාණෙනි! හිමාල වනයෙහි චිත්‍රකූට නම් ගල්තලාවෙහි රන් ගුහාවෙහි අප වාසය කරන තැන සිත්කලු පෙදෙසකි. අපිත් සමග එහි යන්නෙහිද? මම කුමක් කොට යන්නෙම්ද? ඉදින් නුඹ කට රැක ගන්නට හැකි වන්නෙහි නම් කිසිවෙකුට කිසිවක් නොකියන්නෙහි නම් අපි ඔබ රැගෙන යන්නෙමු. ස්වාමීනි, (මම කට) රැක ගන්නෙමි. මාව රැගෙන යවුයි කීවේය. ඔවුන් දෙදෙනා යහපතැයි කියා එක් ලී කැබැල්ලක් ඉබ්බා ලවා කටින් අල්ලවාගෙන තුමූ (හංසයෝ) ඒ කොටුවේ දෙකෙළවර ඩැහැගෙන අහසට ඉගිලුනාහ.

තං තථා හංසෙහි නීයමානං ගාමදාරකා දිස‍්වා “ද‍්වෙ හංසා කච‍්ඡපං දණ‍්ඩකෙන හරන‍්තී”ති ආහංසු. කච‍්ඡපො “යදි මං සහායකා නෙන‍්ති, තුම‍්හාකං එත්‍ථ කිං දුට‍්ඨචෙටකා”ති වත‍්තුකාමො හංසානං සීඝවෙගතාය බාරාණසිනගරෙ රාජනිවෙසනස‍්ස උපරිභාගං සම‍්පත‍්තකාලෙ දට‍්ඨට‍්ඨානතො දණ‍්ඩකං විස‍්සජ‍්ජෙත්‍වා ආකාසඞ‍්ගණෙ පතිත්‍වා ද‍්වෙභාගො අහොසි, “කච‍්ඡපො ආකාසතො පතිත්‍වා ද‍්වෙධා භින‍්නො”ති එකකොලාහලං අහොසි. රාජා බොධිසත‍්තං ආදාය අමච‍්චගණපරිවුතො තං ඨානං ගන‍්ත්‍වා කච‍්ඡපං දිස‍්වා බොධිසත‍්තං පුච‍්ඡි – “පණ‍්ඩිත, කින‍්ති කත්‍වා එස පතිතො”ති? බොධිසත‍්තො “චිරපටිකඞ‍්ඛොහං රාජානං ඔවදිතුකාමො උපායං උපධාරෙන‍්තො චරාමි, ඉමිනා කච‍්ඡපෙන හංසෙහි සද‍්ධිං විස‍්සාසො කතො භවිස‍්සති, තෙහි ඉමං ‘හිමවන‍්තං නෙස‍්සාමා’ති දණ‍්ඩකං ඩංසාපෙත්‍වා ආකාසං පක‍්ඛන‍්තෙහි භවිතබ‍්බං, අථ ඉමිනා කස‍්සචි වචනං සුත්‍වා අරක‍්ඛිතමුඛතාය කිඤ‍්චි වත‍්තුකාමෙන දණ‍්ඩකා විස‍්සට‍්ඨො භවිස‍්සති, එවං ආකාසතො පතිත්‍වා ජීවිතක‍්ඛයං පත‍්තෙනෙව භවිතබ‍්බ”න‍්ති චින‍්තෙත්‍වා “ආම මහාරාජ, අතිමුඛරා නාම අපරියන‍්තවචනා එවරූපං දුක‍්ඛං පාපුණන‍්තියෙවා”ති වත්‍වා ඉමා ගාථා අවොච –

හංසයන් විසින් එසේ ගෙන යනු ලබන ඉබ්බා දුටු ගම්දරුවෝ හංසයෝ දෙදෙනෙක් ඉබ්බෙකු කෝටුවකින් ගෙන යන්නෝ යයි කීවාහුය. ඉබ්බා, “දුෂ්ට ගම්දරුවනි! යහලුවෝ මා රැගෙන යති. නුඹලාට මෙහි කුමක් කථාදැයි කියනු කැමැත්තේ හංසයන්ගේ වැඩි වේගය නිසා බරණැස් නුවර රජමාලිගාවේ ඉහළ පෙදෙසට පැමිණි කල්හි ඩැහැගෙන තිබුණු තැනින් දණ්ඩ අතහැරී මාළිගාවේ අහස් මිදුලට වැටී දෙකඩ විය. ඉබ්බෙක් අහසින් බිමට වැටී දෙකට බිඳුනේ යයි එකම කෝලාහලයක් විය. රජතුමා බෝසතාණන් වහන්සේ රැගෙන ඇමති පිරිස පිරිවරාගෙන ඒ ස්ථානයට ගොස් ඉබ්බා දැක බෝසතාණන්ගෙන් පඬිතුමනි! කුමක්කොට මේ ඉබ්බා වැටුනේ දැයි විමසීය. බෝසතාණන් වහන්සේ ඔබ බොහෝකලක සිට රජතුමාට අවවාදයක් දෙනු කැමතියි. උපායක් සොයමින් හැසිරෙමි. මේ ඉබ්බා විසින් හංසයන් සමග විශ්වාසයක් ඇති කරවන්නට ඔවුන් විසින් අපි ඔබ හිමාලයට ගෙන යන්නෙමුයි කෝටුවක් කටින් අල්ලවාගෙන අහසින් යන්නට ඇත. ඉක්බිති ඉබ්බා කිසිවෙකුගේ වචනයක් අසා කට රැක ගන්නට නොහැකිව කිසිවක් කියනු කැමතිව කෝටුව කටින් මුදන්නට ඇත. මෙසේ අහසින් වැටී මරණයට පත් වන්නට ඇතැයි සිතා එසේය මහරජ! දොඩමලු පුද්ගලයෝ කෙළවරක් නැතිව වචන කීමෙන් මෙවැනි දුකකට පැමිණෙත් යයි කියා,

“අවධී වත අත‍්තානං, කච‍්ඡපො බ්‍යාහරං ගිරං; සුග‍්ගහීතස‍්මිං කට‍්ඨස‍්මිං, වාචාය සකියාවධි.

අවධීවත අත්තානං කච්ඡපො ව්‍යාහරං ගිරං, සුග්ගහීතස්මිං කට්ඨස්මිං වාචාය සකියා වධි

“එතම‍්පි දිස‍්වා නරවීරියසෙට‍්ඨ, වාචං පමුඤ‍්චෙ කුසලං නාතිවෙලං; පස‍්සසි බහුභාණෙන, කච‍්ඡපං බ්‍යසනං ගත”න‍්ති.

එතම්පි දිස්වා නරවිරිය සෙට්ඨ, වාචා පමුඤ්චෙ කුසලං නාතිවෙලං, පස්සසි බහු භාණෙන කච්ඡපං ව්‍යසනං ගතං,

යන මේ ගාථා කීවේය.

ඉබ්බා කථා කරන්නට ගොස් ඒකාන්තයෙන් තමා නැසීය. මුවින් මනාකොට ඩැහැගත් දඬුකඩ ඇතිකල්හි තමාගේ තෙපුලෙන් තෙමේ ම තමා නැසීය.

මිනිසුන් කෙරෙහි වීර්යයෙන් ශ්‍රේෂ්ඨ වූ මහරජ, මේ කාරණාව දැක (නුවණ ඇත්තා) සත්‍ය වචනයෙන් යුත් හෙයින් කුශල වූ වචන කල් නොයවා කියන්නේය. බොහෝකොට කීමෙන් කට රැකගන්න බැරිව විනාශයට පත් ඉබ්බා දක්නෙහිය.

තත්‍ථ අවධී වතාති ඝාතෙසි වත. බ්‍යාහරන‍්ති බ්‍යාහරන‍්තො. සුග‍්ගහීතස‍්මිං කට‍්ඨස‍්මින‍්ති මුඛෙන සුට‍්ඨු ඩංසිත්‍වා ගහිතෙ දණ‍්ඩකෙ. වාචාය සකියාවධීති අතිමුඛරතාය අකාලෙ වාචං නිච‍්ඡාරෙන‍්තො දට‍්ඨට‍්ඨානං විස‍්සජ‍්ජෙත්‍වා තාය සකාය වාචාය අත‍්තානං අවධි ඝාතෙසි. එවමෙස ජීවිතක‍්ඛයං පත‍්තො, න අඤ‍්ඤථාති. එතම‍්පි දිස‍්වාති එතම‍්පි කාරණං දිස‍්වා. නරවීරියසෙට‍්ඨාති නරෙසු වීරියෙන සෙට‍්ඨ උත‍්තමවීරිය රාජවර. වාචං පමුඤ‍්චෙ කුසලං නාතිවෙලන‍්ති සච‍්චාදිපටිසංයුත‍්තං කුසලමෙව පණ‍්ඩිතො පුරිසො මුඤ‍්චෙය්‍ය නිච‍්ඡාරෙය්‍ය, තම‍්පි හිතං කාලයුත‍්තං, න අතිවෙලං, අතික‍්කන‍්තකාලං අපරියන‍්තවාචං න භාසෙය්‍ය. පස‍්සසීති නනු පච‍්චක‍්ඛතො පස‍්සසි. බහුභාණෙනාති බහුභණනෙන. කච‍්ඡපං බ්‍යසනං ගතන‍්ති එතං කච‍්ඡපං ජීවිතක‍්ඛයං පත‍්තන‍්ති.

එහි, අවධි වත යනු ඝාතනය කෙළේය. ඒකාන්තයෙන් ව්‍යාහරං යනු කථා කරන්නේ, සුග්ගහීතස්මිං කට්ඨස්මිං යනු කටින් මනාකොට ඩැහැගත් දඬුකඩ ඇති කල්හි වාචාය සකියා වධී යනු දොඩමලුකම නිසා නොකල්හි වචන පිට කරමින් ඩැහැගත් තැන අතහැර තමන්ගේ ඒ වචනය නිසා තමන් වධයට පත්විය. ඝාතනය විය. මෙසේ මොහු මරණයට පැමිණියේය. වෙනත් හේතුවක් නැත. එතම්පි දිස්වා යනු මේ කරුණද දැක. නරවිරිය සෙට්ඨා යනු මිනිසුන් කෙරෙහි වීර්යයෙන් ශ්‍රේෂ්ඨයාණෙනි! උතුම් වීර්යයෙන් යුතු උතුම් රජතුමනි! වාචං පමුඤ්චෙ නාතිවෙලං යනු සත්‍යය ආදී කරුණුවලින් යුක්ත වූ නිවැරදි දේම (කුශල වූ) පණ්ඩිත පුරුෂයා මුදාහරින්නේය, කියන්නේය. එයද ප්‍රයෝජනවත්ය. කාලයට සුදුසුය. බොහෝ කාලයක් කතා නොකරයි. කාලය ගෙවී ගියවිට සීමාවක් නැති වචන නොකියන්නේය. පස්සසී යනු ප්‍රත්‍යක්‍ෂ වශයෙන් (තම දෑසින්) ඒකාන්තයෙන් දකින්නෙහිය. බහුභාණෙන යනු බොහෝකොට කථා කිරීමෙන්. කච්ඡපං ව්‍යසනං ගතං යනු ජීවිතක්‍ෂයට (මරණයට) පත් මේ ඉබ්බා.

රාජා “මං සන්‍ධාය භාසතී”ති ඤත්‍වා “අම‍්හෙ සන්‍ධාය කථෙසි, පණ‍්ඩිතා”ති ආහ. බොධිසත‍්තො “මහාරාජ, ත්‍වං වා හොහි අඤ‍්ඤො වා, යො කොචි පමාණාතික‍්කන‍්තං භාසන‍්තො එවරූපං බ්‍යසනං පාපුණාතී”ති පාකටං කත්‍වා කථෙසි. රාජා තතො පට‍්ඨාය විරමිත්‍වා මන්‍දභාණී අහොසි.

රජතුමා, මා සඳහා කියන්නේ යයි දැන, පඬිතුමනි! අප සඳහා කියන්නෙහිදැයි කීවේය. බෝසතාණෝ මහරජතුමනි! නුඹ හෝ වේවා, වෙන අයෙකු හෝ වේවා, පමණ ඉක්මවා කථා කරන්නේ නම් මෙබඳු විපතකට පැමිණේ යයි ප්‍රකටකොට කීවේය. රජතුමා එතැන් පටන් බහුල කථාවෙන් වැළකී මඳක් කථා කරන්නෙක් (මන්‍දභාණී) විය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කච‍්ඡපො කොකාලිකො අහොසි, ද‍්වෙ හංසපොතකා ද‍්වෙ මහාථෙරා, රාජා ආනන්‍දො, අමච‍්චපණ‍්ඩිතො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල ඉබ්බා කෝකාලිකය. හංස පෝතකයෝ දෙදෙනා දෑගසව්වෝය. රජතුමා ආනන්දය. පණ්ඩිත ඇමතියා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

කච‍්ඡපජාතකවණ‍්ණනා පඤ‍්චමා.