4. පුණ්ණනදීජාතකවණ්ණනා 214 අට්ඨකථා
4. පුණ්ණනදීජාතකවණ්ණනා (214)
4. පුණ්ණනදී ජාතකය (214)
පුණ්ණං නදින්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො පඤ්ඤාපාරමිං ආරබ්භ කථෙසි. එකස්මිඤ්හි දිවසෙ ධම්මසභායං භික්ඛූ තථාගතස්ස පඤ්ඤං ආරබ්භ කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, සම්මාසම්බුද්ධො මහාපඤ්ඤො පුථුපඤ්ඤො හාසපඤ්ඤො ජවනපඤ්ඤො තික්ඛපඤ්ඤො ගම්භීරපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො උපායපඤ්ඤාය සමන්නාගතො”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි තථාගතො පඤ්ඤවා උපායකුසලොයෙවා”ති වත්වා අතීතං ආහරි.
පුණ්ණං නදිං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් ප්‍රඥා පාරමිතාව මුල් කරගෙන දේශනා කළ සේක. එක්දිනක් දම්සභාවට රැස්වූ භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව අරබයා මහා ප්‍රඥා ඇති පුථු ප්‍රඥා ඇති භාසු ප්‍රඥා ඇති, ජවන ප්‍රඥා ඇති තික්ඛ ප්‍රඥා ඇති නිබ්බෙධික ප්‍රඥා ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපාය ප්‍රඥාවෙන් යුක්ත වූ සේකැයි කථාවක් මතු කළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩම කර මහණෙනි! කවර කථාවකින් යුක්තව දැන් මෙහි සිටියාහුදැයි විමසා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! දැන් පමණක් නොව තථාගතයන් වහන්සේ පෙරත් ප්‍රඥාවෙන් හා උපාය කුසලතාවයෙන් යුතුව සිටියාහු යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො පුරොහිතකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො තක්කසිලායං සබ්බසිප්පානි උග්ගණ්හිත්වා පිතු අච්චයෙන පුරොහිතට්ඨානං ලභිත්වා බාරාණසිරඤ්ඤො අත්ථධම්මානුසාසකො අහොසි. අපරභාගෙ රාජා පරිභෙදකානං කථං ගහෙත්වා බොධිසත්තස්ස කුද්ධො “මා මම සන්තිකෙ වසී”ති බොධිසත්තං බාරාණසිතො පබ්බාජෙසි. බොධිසත්තො පුත්තදාරං ගහෙත්වා එකස්මිං කාසිකගාමකෙ වාසං කප්පෙසි. අපරභාගෙ රාජා තස්ස ගුණං සරිත්වා “මය්හං කඤ්චි පෙසෙත්වා ආචරියං පක්කොසිතුං න යුත්තං, එකං පන ගාථං බන්ධිත්වා පණ්ණං ලිඛිත්වා කාකමංසං පචාපෙත්වා පණ්ණඤ්ච මංසඤ්ච සෙතවත්ථෙන පලිවෙඨෙත්වා රාජමුද්දිකාය ලඤ්ඡෙත්වා පෙසෙස්සාමි. යදි පණ්ඩිතො භවිස්සති, පණ්ණං වාචෙත්වා කාකමංසභාවං ඤත්වා ආගමිස්සති, නො චෙ, නාගමිස්සතී”ති “පුණ්ණං නදි”න්ති ඉමං ගාථං පණ්ණෙ ලිඛි –
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ පෙරෙවි බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව තක්සලා නුවරින් සියලු ශිල්ප ඉගෙන ගෙන පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුර ලබා බරණැස් රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ සේක. පසුකලෙක රජතුමා බිඳුවන්නන්ගේ කථා පිළිගෙන කිපී මගේ සමීපයෙහි නොවසවයි බෝසතාණන් වහන්සේ බරණැසින් පිටමං කෙළේය. බෝසතාණන් වහන්සේ සිය අඹුදරුවන් රැගෙන කසීරට එක්තරා ගමෙක වාසය කළ සේක. පසුකලෙක රජතුමා ඔහුගේ ගුණ සිහිකර කුමක් හෝ යවා මගේ ඇදුරුතුමා කැඳවා ගැනීම යුතු නොවෙයි. ඒ නිසා එක් ගාථාවක් රචනාකොට ලිපියක් ලියා කපුටු මස් පිසවා ලියමන ද කපුටු මස් ද සුදු වස්ත්‍රයකින් ඔතා රාජ මුද්‍රාවෙන් සටහන් (සීල්) තබා යවන්නෙමි. ඉදින් නුවණ ඇත්තෙක් නම් ලිපිය කියවා කවුඩු මස් බව දැන එන්නේය. ඉදින් නොඑන්නේ නම් (යනුවෙන් සිතා) ඔහු,
“පුණ්ණං නදිං යෙන ච පෙය්යමාහු, ජාතං යවං යෙන ච ගුය්හමාහු; දූරං ගතං යෙන ච අව්හයන්ති, සො ත්යාගතො හන්ද ච භුඤ්ජ බ්රාහ්මණා”ති.
පුණ්ණං නදිං යෙනච පෙය්යමාහු, ජාතං යවං යෙනච ගුය්හමාහු, දූරං ගතං යෙන ච අව්හයන්ති, සොත්යාගතො හන්දච භුඤ්ජ බ්‍රාහ්මණ
යන මේ ගාථාව ලීවේය.
“පිරුණා වූ නදිය යමෙකු විසින් පානය කළ යුතුයයි කියාද, වැඩුණා වූ යව (සස්‍යයන්) යමෙකු විසින් සැඟවීමට සුදුසුයයි කියාද, දුර ගිය ප්‍රියයකු පැමිණීම, යමෙකු කරණ කොටගෙන කියාද ඔහු තොපට ගෙනෙන ලදි. එබැවින් බ්‍රාහ්මණය, අනුභව කරව.”
පිරුණු ගඟෙහි දිය බොන තැනැත්තා, වැඩුණු ගොයම් ඇතුළට වී සැඟවෙන තැනැත්තා, දුරගිය හිතවතෙකු පැමිණෙන බව කියන තැනැත්තා, කවරෙක්ද ඔහු (හෙවත් කපුටා එනම් කපුටු මස්) ඔබට ගෙනෙන ලදි. බමුණ එහෙයින් අනුභව කරන්න.
තත්ථ පුණ්ණං නදිං යෙන ච පෙය්යමාහූති කාකපෙය්යා නදීහි වදන්තා යෙන පුණ්ණං නදිං කාකපෙය්යමාහු, න හි අපුණ්ණා නදී “කාකපෙය්යා”ති වුච්චති. යදාපි නදීතීරෙ ඨත්වා ගීවං පසාරෙත්වා කාකෙන පාතුං සක්කා හොති, තදා නං “කාකපෙය්යා”ති වදන්ති. ජාතං යවං යෙන ච ගුය්හමාහූති යවන්ති දෙසනාසීසමත්තං, ඉධ පන සබ්බම්පි ජාතං උග්ගතං සම්පන්නතරුණසස්සං අධිප්පෙතං. තඤ්හි යදා අන්තො පවිට්ඨකාකං පටිච්ඡාදෙතුං සක්කොති, තදා ගුය්හතීති ගුය්හං. කිං ගුය්හති? කාකං. ඉති කාකස්ස ගුය්හං කාකගුය්හන්ති තං වදමානා කාකෙන ගුය්හවචනස්ස කාරණභූතෙන “ගුය්හ”න්ති වදන්ති. තෙන වුත්තං “යෙන ච ගුය්හමාහූ”ති. දූරං ගතං යෙන ච අව්හයන්තීති දූරං ගතං විප්පවුත්ථං පියපුග්ගලං යං ආගන්ත්වා නිසින්නං දිස්වා සචෙ ඉත්ථන්නාමො ආගච්ඡති, වස්ස කාකාති වා වස්සන්තඤ්ඤෙව වා සුත්වා “යථා කාකො වස්සති, ඉත්ථන්නාමො ආගමිස්සතී”ති එවං වදන්තා යෙන ච අව්හයන්ති කථෙන්ති මන්තෙන්ති, උදාහරන්තීති අත්ථො. සො ත්යාගතොති සො තෙ ආනීතො. හන්ද ච භුඤ්ජ, බ්රාහ්මණාති ගණ්හ, බ්‍රාහ්මණ, භුඤ්ජස්සු නං, ඛාද ඉදං කාකමංසන්ති අත්ථො.
එහි, පුණ්ණං නදිං යෙන ච පෙය්යමාහු යනු “කාක්කෙකුට දිය බීමට සුදුසු නදිය ගැන කියමින් යමෙකු විසින් පිරුණු නදිය පානය කළ යුතුයයි කීය. නොපිරුණු ගඟ කාක්කෙකුට දියබීමට සුදුසු නදියයි නොකියනු ලැබේ. ගංඉවුරෙහි සිට බෙල්ල දිගුකොට කාක්කෙකුට දිය බීමට හැකිනම් එපමණට දිය පිරුණු නදියට ‘කාකපෙය්ය’ හෙවත් කපුටෙකුට දිය බීමට සුදුසු නදියයි කියති. ජාතං යවං යෙන ච ගුය්හමාහු යන මෙහි ‘යව’ යනු දේශනා ශීර්ෂයක් පමණි. මෙහි (‘යව’ නමැති ධාන්‍ය වර්ගය පමණක් නොව) පැලවී හොඳට වැඩුණු සියලුම ධාන්‍ය වර්ගවලට අයත් ගස්, පඳුරු අදහස් කරන ලදි. පඳුරු අතරට කාක්කෙකු ඇතුල් වූ විට ඌ නොපෙනෙන ලෙස වසා ගැනීමට හැකිවන තරමට පඳුරු වැඩී ඇත්නම් එවිට සඟවයි යන අර්ථයෙන් ‘ගුය්හ’ යයි කියනු ලැබේ. කුමක් සඟවයිද? කාක්කා සඟවයි. මෙසේ කාක්කාගේ සැඟවීම කාක් සැඟවීමයි. (කාකගුය්හං) මෙසේ කියමින් කාක්කා විසින් සඟවන වචනයට කරුණු වශයෙන් ‘ගුය්හ’ යයි කියති. එහෙයින් යෙන ච ගුය්හමාහු යයි කියන ලදි. දූරං ගතං යෙන ච අව්හයන්ති යනු දුර ගිය වෙන්ව වාසය කළ යම් ප්‍රිය පුද්ගලයකු පැමිණ සැඟවී සිටිනු දැක (දකින පුද්ගලයා) කපුටාට අමතා කපුට! අසවලා එන්නේ නම් හඬලන්නැයි කියා හඬලන ඒ කපුටු හඬ අසා හෝ අසවලා එන්නේ යයි කියා කාක්කා හඬලයිද මෙසේ කියමින් යමෙකු විසින් (පැමිණියේ හෝ පැමිණෙන අය හෝ) කැඳවත්ද කථා කරත්ද මන්ත්‍රණය කරත්ද යන අර්ථයයි. සො ත්යාගතො ඔහු (කපුටා) විසින් කැඳවන ලද ඔහු (ඒ පුද්ගලයා) හන්ද ච භුඤ්ජ බ්‍රාහ්මණ යනු බමුණ මෙය ගන්න. අනුභව කරන්න. මේ කපුටු මස් කන්න යන අර්ථයයි.
ඉති රාජා ඉමං ගාථං පණ්ණෙ ලිඛිත්වා බොධිසත්තස්ස පෙසෙසි. සො පණ්ණං වාචෙත්වා “රාජා මං දට්ඨුකාමො”ති ඤත්වා දුතියං ගාථමාහ –
මෙසේ රජතුමා මේ ගාථාව කොළයක ලියා බෝසතාණන් වහන්සේට යැව්වේය. හෙතෙම ලිපිය කියවා රජතුමා මා දකිනු කැමැත්තේ යයි කියා
“යතො මං සරතී රාජා, වායසම්පි පහෙතවෙ; හංසා කොඤ්චා මයූරා ච, අසතීයෙව පාපියා”ති.
යතො මං සරතී රාජා වයසම්පි පහෙතවෙ, හංසා කොඤ්චා මයූරා ච අසතියෙව පාපියා.
යන දෙවන ගාථාව කීවේය.
“රජ තෙමෙ කවුඩු මසක්වත් එවනු පිණිස යම්කලෙක මා සිහි කරයිද, හංසයෝ, කොස්වාලිහිණියෝය, මොණරු යන මොවුන් ලද කල්හි කිම සිහි නොකෙරෙයිද, එසේ සිහි නොකිරීමම ලාමකය.
තත්ථ යතො මං සරතී රාජා, වායසම්පි පහෙතවෙති යදා රාජා වායසමංසං ලභිත්වා තම්පි පහෙතුං මං සරති. හංසා කොඤ්චා මයූරා චාති යදා පනස්ස එතෙ හංසාදයො උපනීතා භවිස්සන්ති, එකානි හංසමංසාදීනි ලච්ඡති, තදා මං කස්මා න සරිස්සතීති අත්ථො? අට්ඨකථායං පන “හංසකොඤ්චමයූරාන”න්ති පාඨො. සො සුන්දරතරා, ඉමෙසං හංසාදීනං මංසං ලභිත්වා කස්මා මං න සරිස්සති, සරිස්සතියෙවාති අත්ථො. අසතීයෙව පාපියාති යං වා තං වා ලභිත්වා සරණං නාම සුන්දරං, ලොකස්මිං පන අසතියෙව පාපියා, අසතිකරණංයෙව හීනං ලාමකං, තඤ්ච අම්හාකං රඤ්ඤො නත්ථි. සරති මං රාජා, ආගමනං මෙ පච්චාසීසති, තස්මා ගමිස්සාමීති යානං යොජාපෙත්වා ගන්ත්වා රාජානං පස්සි, රාජා තුස්සිත්වා පුරොහිතට්ඨානෙයෙව පතිට්ඨාපෙසි.
එහි, යතො මං සරති රාජ වායසම්පි සහෙතවෙ යනු යම්කලෙක කවුඩු මස් ලැබ ඒවා එවන්නට රජතුමා මා සිහිකරයි. හංසො කොඤ්චා මයූරාච යනු යම්කලෙක මොහුට හංස ආදීහු පිළිගන්වන්නේ නම් ඒ හංස මස් ආදිය ලබන්නේ නම් එකල්හි කුමක් නිසා මාව සිහි නොකරන්නේද? යන අර්ථයි. අටුවාවෙහි වනාහි, හංස කොඤ්ච මයුරානං යනු පාඨය ඇත. ඒ පාඨය වඩා සුදුසුය. මේ හංසාදීන්ගේ මස් ලැබ කුමක් නිසා මාව සිහි නොකරන්නෝද යනු මෙහි අර්ථයයි. අසතියෙව පාපියා යනු යම්කිසිවක් ලැබ සිහිපත් කිරීම නම් යහපත්ය. ලොවෙහි අමතක කිරීමම පවකි. අමතක කිරීමම හීන ලාමක දෙයකි. එයද අපගේ රජතුමාට නැත. රජතුමා මා සිහිකරයි. මගේ පැමිණීම බලාපොරොත්තු වෙයි. ඒ නිසා යන්නෙමි. යානයක් යොදවාගෙන ගොස් රජතුමා බැහැදුටුවේය. රජතුමා සතුටු වී පුරෝහිත තනතුරෙහිම පිහිටෙව්වේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්දො අහොසි, පුරොහිතො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල රජතුමා ආනන්දය. පුරෝහිත බමුණා මම ම වූවෙමි යි වදාළ සේක.
පුණ්ණනදීජාතකවණ්ණනා චතුත්ථා.