යෙදුමෙන් කියවන්න

4. වීරකජාතකවණ‍්ණනා 204 අට‍්ඨකථා

4. වීරකජාතකවණ‍්ණනා (204)

4. වීරක ජාතකය (204)

අපි වීරක පස‍්සෙසීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සුගතාලයං ආරබ‍්භ කථෙසි. දෙවදත‍්තස‍්ස පරිසං ගහෙත්‍වා ආගතෙසු හි ථෙරෙසු සත්‍ථා “සාරිපුත‍්ත, දෙවදත‍්තො තුම‍්හෙ දිස‍්වා කිං අකාසී”ති පුච‍්ඡිත්‍වා “සුගතාලයං, භන‍්තෙ, දස‍්සෙසී”ති වුත‍්තෙ “න ඛො, සාරිපුත‍්ත, ඉදානෙව දෙවදත‍්තො මම අනුකිරියං කරොන‍්තො විනාසං පත‍්තො, පුබ‍්බෙපි විනාසං පාපුණී”ති වත්‍වා ථෙරෙන යාචිතො අතීතං ආහරි.

අපි වීරක පස්සෙසී යන මේ දේශනාව ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරන සේක් බුද්ධ ලීලාව දැක්වීමක් අරබයා වදාළ සේක. සැරියුත් මුගලන් මහා ශ්‍රාවක තෙරුන් වහන්සේලා දෙව්දත් භික්‍ෂුවගේ පිරිස රැගෙන වැඩම කළ කල්හි බුදුරජාණන් වහන්සේ ශාරිපුත්‍රයෙනි! තෙපි දැක දෙව්දත් කුමක් කළෙහිදැයි විමසා, ස්වාමීනි! සුගත් ලීලාව දැක්වීයයි කී කල්හි ශාරිපුත්‍රයෙනි, දෙව්දත් මා අනුකරණය කරමින් විනාශයට පත්වූයේ දැන් පමණක් නොවේ. පෙරත් විනාශයට පැමිණියේ යයි වදාරා, තෙරුන් වහන්සේලා විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො හිමවන‍්තපදෙසෙ උදකකාකයොනියං නිබ‍්බත‍්තිත්‍වා එකං සරං උපනිස‍්සාය වසි, “වීරකො”තිස‍්ස නාමං අහොසි. තදා කාසිරට‍්ඨෙ දුබ‍්භික‍්ඛං අහොසි, මනුස‍්සා කාකභත‍්තං වා දාතුං යක‍්ඛනාගබලිකම‍්මං වා කාතුං නාසක‍්ඛිංසු. ඡාතකරට‍්ඨතො කාකා යෙභුය්‍යෙන අරඤ‍්ඤං පවිසිංසු. තත්‍ථෙකො බාරාණසිවාසී සවිට‍්ඨකො නාම කාකො කාකිං ආදාය වීරකස‍්ස වසනට‍්ඨානං ගන‍්ත්‍වා තං සරං නිස‍්සාය එකමන‍්තෙ වාසං කප‍්පෙසි. සො එකදිවසං තස‍්මිං සරෙ ගොචරං ගණ‍්හන‍්තො වීරකං සරං ඔතරිත්‍වා මච‍්ඡෙ ඛාදිත්‍වා පච‍්චුත‍්තරිත්‍වා සරීරං සුක‍්ඛාපෙන‍්තං දිස‍්වා “ඉමං උදකකාකං නිස‍්සාය සක‍්කා බහූ මච‍්ඡෙ ලද‍්ධුං, ඉමං උපට‍්ඨහිස‍්සාමී”ති තං උපසඞ‍්කමිත්‍වා “කිං, සම‍්මා”ති වුත‍්තෙ “ඉච‍්ඡාමි තං සාමි උපට‍්ඨහිතු”න‍්ති වත්‍වා “සාධූ”ති තෙන සම‍්පටිච‍්ඡිතො තතො පට‍්ඨාය උපට‍්ඨාසි. වීරකොපි තතො පට‍්ඨාය අත‍්තනො යාපනමත‍්තං ඛාදිත්‍වා මච‍්ඡෙ උද‍්ධරිත්‍වා සවිට‍්ඨකස‍්ස දෙති. සොපි අත‍්තනො යාපනමත‍්තං ඛාදිත්‍වා සෙසං කාකියා දෙති.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ හිමවත් පෙදෙසෙහි දියකාවන්ගේ යෝනියෙහි ඉපදී එක් විලක් ඇසුරුකොට විසූ සේක. ඔහුට වීරක යයි නම් විය. එකල්හි කසී රටේ දුර්භික්‍ෂයක් විය. මිනිස්සු කවුඩු බතක් දෙන්නට හෝ යකුන්, නාගයන් සඳහා බලිකර්ම කරන්නට හෝ නොහැකි වූහ. දුර්භික්‍ෂය ඇති රටෙන් කාක්කෝ බොහෝ සෙයින් වනයට පිවිසියහ. බරණැස වැසි සවිට්ඨක නම් එක් කපුටෙක් කැවිඩිය රැගෙන ‘වීරක’ නම් දියකාවා වසන තැනට ගොස් ඒ විල ඇසුරුකොට එකත්පසෙක වාසය කෙළේය. කවුඩා එක්දිනක් ඒ විලෙහි ගොදුරු ගනිමින් විලට බැස මසුන් කා ගොඩට පැමිණ සිරුර වේලන (අව්ව තපින) වීරකයා දැක, මේ දියකාවා නිසා බොහෝ මසුන් ලබන්නට හැකියයි සිතා මොහුට උපස්ථාන කරන්නෙමියි දියකාවා වෙත ගොස් යහලුව ඇයිදැයි විමසූ කල ස්වාමීනි, ඔබට උවටැන් කිරීමට කැමැත්තෙමියි කියා ඔහු විසින් යහපතැයි පිළිගත් කල්හි එතැන් පටන් උපස්ථාන කෙළේය. වීරකද එතැන් පටන් තමන්ට යැපෙන පමණට අනුභවකොට මාලුන් ගොඩදමා සවිට්ඨකට දෙයි. ඌද ඇති තරම් අනුභවකොට සෙස්ස කැවිඩියට දෙයි.

තස‍්ස අපරභාගෙ මානො උප‍්පජ‍්ජි – “අයම‍්පි උදකකාකො කාළකො, අහම‍්පි කාළකො, අක‍්ඛිතුණ‍්ඩපාදෙහිපි එතස‍්ස ච මය‍්හඤ‍්ච නානාකරණං නත්‍ථි, ඉතො පට‍්ඨාය ඉමිනා ගහිතමච‍්ඡෙහි මය‍්හං කම‍්මං නත්‍ථි, අහමෙව ගණ‍්හිස‍්සාමී”ති. සො වීරකං උපසඞ‍්කමිත්‍වා “සම‍්ම, ඉතො පට‍්ඨාය අහමෙව සරං ඔතරිත්‍වා මච‍්ඡෙ ගණ‍්හිස‍්සාමී”ති වත්‍වා “න ත්‍වං, සම‍්ම, උදකං ඔතරිත්‍වා මච‍්ඡෙ ගණ‍්හනකකුලෙ නිබ‍්බත‍්තො, මා නස‍්සී”ති තෙන වාරියමානොපි වචනං අනාදියිත්‍වා සරං ඔරුය‍්හ උදකං පවිසිත්‍වා උම‍්මුජ‍්ජමානො සෙවාලං ඡින්‍දිත්‍වා නික‍්ඛමිතුං නාසක‍්ඛි, සෙවාලන‍්තරෙ ලග‍්ගි, අග‍්ගතුණ‍්ඩමෙව පඤ‍්ඤායි. සො නිරස‍්සාසො අන‍්තොඋදකෙයෙව ජීවිතක‍්ඛයං පාපුණි. අථස‍්ස භරියා ආගමනං අපස‍්සමානා තං පවත‍්තිං ජානනත්‍ථං වීරකස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “සාමි, සවිට‍්ඨකො න පඤ‍්ඤායති, කහං නු ඛො සො”ති පුච‍්ඡමානා පඨමං ගාථමාහ –

පසුකලෙක කපුටාට මේ තෙමේ දියකාවෙකි. කළුවන්ය. මමද කලුවන්ය. ඇස් හොට පාවලින් මොහුගේත් මගේත් වෙනසක් නැත. මෙතැන් පටන් දියකාවා විසින් අල්ලාගන්නා ලද මසුන්ගෙන් මට වැඩක් නැත. මම ම අල්ලා ගන්නෙමියි මානය උපන්නේය. ඌ වීරක වෙත ගොස් යහලුව, මෙතැන් පටන් මම ම විලට බැස මාලුන් අල්ලා ගන්නෙමියි කියා එසේ කියා යහලුව! නුඹ ජලයට බැස මසුන් අල්ලන කුලයෙහි උපන්නෙක් නොවේ. නැසෙන්නට එපායයි වළක්වද්දීම ඒ වචන ගණන් නොගෙන විලට බැස දිය යටට පිවිස උඩට එමින් දියසෙවෙල් සිඳගෙන මතුවන්නට නොහැකි විය. දියසෙවෙල් අතරෙහි රැඳුනේය. හොටේ අග පමණක් පෙනෙන්නට විය. කපුටා හුස්ම ගැනීමට නොහැකිව ජලය තුළදීම මරණයට පත්විය. ඉක්බිති කවුඩාගේ බිරිඳ පැමිණ කපුටා කවුඩා නොදක්නේ වූ දේ දේ ගැන ගන්නට වීරකයාගේ සමීපයට ගොස් ස්වාමීනි! සවිට්ඨක නොපෙනෙයි. ඔහු කොහිදැයි විමසමින්

“අපි වීරක පස‍්සෙසි, සකුණං මඤ‍්ජුභාණකං; මයූරගීවසඞ‍්කාසං, පතිං මය‍්හං සවිට‍්ඨක”න‍්ති.

අපි වීරක පස්සෙසි සකුණං මඤ්ජු භාණකං, මයුරගීව සංකාසං පතිං මය්හං සවිට්ඨකං.

යන පළමු ගාථාව කීවාය.

“වීරක! මියුරු ලෙස හඬන, මොණර බෙල්ලකට බඳු පැහැ ඇති මගේ සැමියා වන සවිට්ඨක නම් පක්‍ෂියා දක්නෙහිද?”

තත්‍ථ අපි, වීරක, පස‍්සෙසීති, සාමි වීරක, අපි පස‍්සසි. මඤ‍්ජුභාණකන‍්ති මඤ‍්ජුභාණිනං. සා හි රාගවසෙන “මධුරස‍්සරො මෙ පතී”ති මඤ‍්ඤති, තස‍්මා එවමාහ. මයූරගීවසඞ‍්කාසන‍්ති මොරගීවසමානවණ‍්ණං.

එහි අපි වීරක පස්සෙසි යනු ස්වාමීනි! වීරක දුටුවෙහිද? මඤ්ජුභාණකං යනු මිහිරි ලෙස හඬන කැවිඩිය රාග වශයෙන් (සැමියා කෙරෙහි ඇති රාගය නිසා) මගේ සැමියා මිහිරි හඬ ඇති කෙනෙකැයි සිතයි. එහෙයින් මෙසේ කීවාය. මයුරගීව සංකාසං යනු මොණරකුගේ බෙල්ලට සමාන වර්ණය ඇති.

තං සුත්‍වා වීරකො “ආම, ජානාමි තෙ සාමිකස‍්ස ගතට‍්ඨාන”න‍්ති වත්‍වා දුතියං ගාථමාහ –

ඒ අසා වීරක ඔව්. නුඹේ ස්වාමි පුරුෂයා ගිය තැන දනිමි යයි කියා

“උදකථලචරස‍්ස පක‍්ඛිනො, නිච‍්චං ආමකමච‍්ඡභොජිනො; තස‍්සානුකරං සවිට‍්ඨකො, සෙවාලෙ පලිගුණ‍්ඨිතො මතො”ති.

උදකථලචරස්ස පක්ඛිනො නිච්චං ආමක මච්ඡ භොජිනො, තස්සානුකරං සවිට්ඨකො සෙවාලෙ පළිගුණ්ඨිතො මතො.

යන දෙවන ගාථාව කීවේය.

“දියගොඩ දෙකේ හැසිරෙන නිතර අමු මසුන් ආහාරයට ගන්නා, දියකාවා අනුකරණයට ගිය සවිට්ඨක නම් කපුටා දිය සෙවෙල්වල පැටලී මළේය.”

තත්‍ථ උදකථලචරස‍්සාති උදකෙ ච ථලෙ ච චරිතුං සමත්‍ථස‍්ස. පක‍්ඛිනොති අත‍්තානං සන්‍ධාය වදති. තස‍්සානුකරන‍්ති තස‍්ස අනුකරොන‍්තො. සෙවාලෙ පලිගුණ‍්ඨිතො මතොති උදකං පවිසිත්‍වා සෙවාලං ඡින්‍දිත්‍වා නික‍්ඛමිතුං අසක‍්කොන‍්තො සෙවාලපරියොනද‍්ධො අන‍්තොඋදකෙයෙව මතො, පස‍්ස, එතස‍්ස තුණ‍්ඩං දිස‍්සතීති. තං සුත්‍වා කාකී පරිදෙවිත්‍වා බාරාණසිමෙව අගමාසි.

එහි, උදකථල චරස්ස යනු දියෙහිද ගොඩබිමෙහිද හැසිරීමට සමත් යනුවෙන් තමා අරමුණුකොට කියයි. තස්සානුකරං ඔහු අනුකරණය කරන්නේ පළිගුණ්ඨිතො මතො යනු ජලයෙහි පිවිස දියසෙවෙල් කඩාගෙන මතුවන්නට නොහැකි වන්නේ දියසෙවල්වලින් වෙළෙන ලද්දේ ජලය යටදීම මළේය. බලව. ඌගේ හොටය පෙනේ යනුයි. ඒ අසා කැවිඩිය වැළපී බරණැසටම ගියාය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සවිට‍්ඨකො දෙවදත‍්තො අහොසි, වීරකො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල සවිට්ඨක දෙව්දත් තෙරය. වීරක වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

වීරකජාතකවණ‍්ණනා චතුත්‍ථා.