1. බන්‍ධනාගාරජාතකං
253. න තං දළ‍්හං බන්‍ධනමාහු ධීරා යදායසං දාරුජං බබ‍්බජඤ‍්ච, සාරත‍්තරත‍්තා මණිකුණ‍්ඩලෙසු පුත‍්තෙසු දාරෙසු ච යා අපෙඛා.
253. අයෝමය බන්‍ධනය ද දාරුමය බන්‍ධනය ද වැහැරි ආදියෙන් කළ බන්‍ධනය ද දළ බැඳුම් යයි නුවණැත්තෝ නො කියත්. මණිකුණ්ඩලයන්හි දැඩි ඇල්මක් ඇද්ද අඹුදරුවන් කෙරෙහි යම් අපේක්‍ෂාවක් ඇද්ද-
254. එතං දළ‍්හං බන්‍ධනමාහු ධීරා ඔහාරිනං සිථිලං දුප‍්පමුඤ‍්චං, එතම‍්පි ඡෙත්‍වාන වජන‍්ති ධීරා අනපෙක‍්ඛිනො කාමසුඛං පහායාති.
254. (යට කී) මේ බන්‍ධනය දැඩි යයි නුවැණත්තෝ කියත්. ඔබිනොබ ඇදහෙළෙන්නා වූ සිථිල වූ මුදාලිය නො හැක්කා වූ යම් ක්ලේශ බන්‍ධනයෙක් ඇද්ද එය ද සිඳැ කාමයන්හි අපේක්‍ෂා නැති නුවණැත්තෝ කම්සුව හැරැපියා තපසට යෙති.
1. බන්‍ධනාගාරජාතකං.
1. බන්‍ධනාගාර ජාතක යි.
255. හංසා කොඤ‍්චා මයූරා ච හත්‍ථියො පසදා මිගා, සබ‍්බෙ සීහස‍්ස භායන‍්ති නත්‍ථි කායස‍්මිං තුල්‍යතා.
255. හංසයෝ ද කොස් ලිහිණියෝ ද මොණරු ද ඇත්හු ද එළුවෝ ද වෙනත් මෘගයෝ ද යන මේ සියල්ලෝ සිංහයාට බිය වෙත්. ශරීරයෙහි සමාන බවෙක් නැත. (ශරීරයෙහි උස් මිටි බව කරුණක් නො වේ යනු අදහස යි.)
256. එවමෙව මනුස‍්සෙසු දහරො චෙපි පඤ‍්ඤවා සො හි තත්‍ථ මහා භොති නෙව බාලො සරීරවා’ති.
256. එපරිද්දෙන් මැ මනුෂ්‍යයන් අතරැ ද ඉදින් වයසින් බාල නමු දු නුවණැත්තේ වී නම් හේ මැ එහි මහත් වන්නේ ය. මහත් ශරීර ඇත්තේ නමුදු අඥානයා මහත් නො වන්නේ යි.