යෙදුමෙන් කියවන්න

7. මිත‍්තාමිත‍්තජාතකවණ‍්ණනා 197 අට‍්ඨකථා

7. මිත‍්තාමිත‍්තජාතකවණ‍්ණනා (197)

7. මිත්තාමිත්ත ජාතකය (197)

න නං උම‍්හයතෙ දිස‍්වාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. අඤ‍්ඤතරො භික‍්ඛු “මයා ගහිතෙ මය‍්හං උපජ‍්ඣායො න කුජ‍්ඣිස‍්සතී”ති උපජ‍්ඣායෙන ඨපිතං විස‍්සාසෙන එකං වත්‍ථඛණ‍්ඩං ගහෙත්‍වා උපාහනත්‍ථවිකං කත්‍වා පච‍්ඡා උපජ‍්ඣායං ආපුච‍්ඡි. අථ තං උපජ‍්ඣායො “කිංකාරණා ගණ‍්හී”ති වත්‍වා “මයා ගහිතෙ න කුජ‍්ඣිස‍්සතීති තුම‍්හාකං විස‍්සාසෙනා”ති වුත‍්තෙ “කො මයා සද‍්ධිං තුය‍්හං විස‍්සාසො නාමා”ති වත්‍වා කුද‍්ධො උට‍්ඨහිත්‍වා පහරි. තස‍්ස සා කිරියා භික‍්ඛූසු පාකටා ජාතා. අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, අසුකො කිර දහරො උපජ‍්ඣායස‍්ස විස‍්සාසෙන වත්‍ථඛණ‍්ඩං ගහෙත්‍වා උපාහනත්‍ථවිකං අකාසි. අථ නං උපජ‍්ඣායො ‘කො මයා සද‍්ධිං තුය‍්හං විස‍්සාසො නාමා’ති වත්‍වා කුද‍්ධො උට‍්ඨහිත්‍වා පහරී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙවෙස භික‍්ඛු අත‍්තනො සද‍්ධිවිහාරිකෙන සද‍්ධිං අවිස‍්සාසිකො, පුබ‍්බෙපි අවිස‍්සාසිකොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

න නං උම්හයතෙ දිස්වා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන සේක් එක්තරා භික්‍ෂුවක අරබයා වදාළ සේක. එක්තරා භික්‍ෂුවක් මා විසින් ගත්කල්හි මාගේ උපාධ්‍යායන් වහන්සේ විසින් නොකිපෙන්නාහුයයි සිතා උපාධ්‍යායන් වහන්සේ විසින් තබන ලද රෙදිකඩක් විශ්වාසයෙන් ගෙන පාවහන් දමන පසිම්බුවක් මසා පසුව උපාධ්‍යායන් වහන්සේගෙන් විචාළේය. ඉක්බිති උපාධ්‍යායන් වහන්සේ කුමක් නිසා මගේ රෙදිකඩ නුඹ ගත්තෙහිදැයි අසා, මා විසින් ගත්කල්හි නොකිපෙන්නාහු යයි සිතා නුඹ වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ගත්තෙමියි කී කල්හි මාත් සමග ඔබට කිනම් විශ්වාසයක් දැයි කියා කිපී නැගිට පහර දුන්හ. භික්‍ෂුවගේ ඒ ක්‍රියාව භික්‍ෂූන් අතරෙහි ප්‍රකට විය. ඉක්බිති එක්දිනක් භික්‍ෂූන් වහන්සේලා දම්සභාවේදී “ඇවැත්නි! අසවල් ලාබාල භික්‍ෂුව උපාධ්‍යායන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් රෙදිකඩක් ගෙන පාවහන් දමන පසිම්බුවක් මැසුවේය. ඉක්බිති උපාධ්‍යායන් වහන්සේ මා සමග ඔබට කිනම් විශ්වාසයක්දැයි කියා කිපී නැගිට පහර ගැසූහ” යනුවෙන් කථාවක් මතුකළාහුය.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාසිරට‍්ඨෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා ගණසත්‍ථා හුත්‍වා හිමවන‍්තපදෙසෙ වාසං කප‍්පෙසි. තස‍්මිං ඉසිගණෙ එකො තාපසො බොධිසත‍්තස‍්ස වචනං අකත්‍වා එකං මතමාතිකං හත්‍ථිපොතකං පටිජග‍්ගි. අථ නං සො වුද‍්ධිප‍්පත‍්තො මාරෙත්‍වා අරඤ‍්ඤං පාවිසි. තස‍්ස සරීරකිච‍්චං කත්‍වා ඉසිගණො බොධිසත‍්තං පරිවාරෙත්‍වා – “භන‍්තෙ, කෙන නු කො කාරණෙන මිත‍්තභාවො වා අමිත‍්තභාවො වා සක‍්කා ජානිතු”න‍්ති පුච‍්ඡි. බොධිසත‍්තො “ඉමිනා ච ඉමිනා ච කාරණෙනා”ති ආචික‍්ඛන‍්තො ඉමා ගාථා අවොච –

බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මෙහි මා එන්නට පෙර කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විමසා මෙනම් කථාවෙකින් යයි කී කල්හි, මහණෙනි! මොහු සද්ධිවිහාරික භික්‍ෂුව සමග අවිශ්වාස වූයේ දැන් පමණක් නොවේ. පෙරත් අවිශ්වාසව සිටියේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක. පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කසීරට බමුණු කුලයක ඉපද වැඩිවියට පැමිණ තාපස පැවිද්දෙන් පැවිදිව අභිඥා ද සමාපත්ති ද උපදවාගෙන පිරිසේ අනුශාසකයා වී හිමාල වනයෙහි වාසය කළහ. ඒ තාපස පිරිස අතරෙහි එක් තවුසෙක් බෝසත් තාපසයාගේ කීම පිළිගෙන, මව මළ එක් ඇත් පැටවෙකු ඇතිදැඩි කෙළේය. ඉක්බිති වැඩිවියට පත් ඇතා ඒ තවුසා මරා කැලයට ගියේය. තවුසාගේ ශරීරය පිළිබඳ අවසන් කටයුතු නිමකළ තාපස පිරිස බෝසතාණන් වහන්සේ පිරිවරාගෙන ස්වාමීනි! කිනම් කරුණකින් මිත්‍ර බව හෝ අමිත්‍ර බව හෝ දැනගත හැකිදැයි විචාළෝය. බෝසතාණන් වහන්සේ මේ කාරණයෙන් යයි කියමින්

“න නං උම‍්හයතෙ දිස‍්වා, න ච නං පටිනන්‍දති; චක‍්ඛූනි චස‍්ස න දදාති, පටිලොමඤ‍්ච වත‍්තති.

නනං උම්හයතෙ, දිස්වා න ච නං පටිනන්‍දති, චක්ඛුණි චස්ස නද්දාති පටිලොමඤ්ච වත්තති

“එතෙ භවන‍්ති ආකාරා, අමිත‍්තස‍්මිං පතිට‍්ඨිතා; යෙහි අමිත‍්තං ජානෙය්‍ය, දිස‍්වා සුත්‍වා ච පණ‍්ඩිතො”ති.

යෙ තෙ භවන්ති ආකාරා අමිතස්මිං පතිට්ඨිතා, යෙහි අමිත්තං ජානෙය්‍ය දිස්වා සුත්‍වා ච පණ්ඩිතො

යන ගාථා කී සේක.

ඔහු දැක සිනහ පහළ නො කෙරේ නම් වචනයට සතුටු නොවේ නම්, ඔහු දෙස සෘජුව නොබලා නම් ඔහුට විරුද්ධව පවතී.

පණ්ඩිතයා යම් ආකාරයකින් දැක ද, අසා ද අමිත්‍රයා (හතුරා) දැන ගනීද මේ කරුණු සතුරා කෙරෙහි පිහිටියේ වෙයි.

තත්‍ථ න නං උම‍්හයතෙ දිස‍්වාති යො හි යස‍්ස අමිත‍්තො හොති, සො තං පුග‍්ගලං දිස‍්වා න උම‍්හයතෙ, හසිතං න කරොති, පහට‍්ඨාකාරං න දස‍්සෙති. න ච නං පටිනන්‍දතීති තස‍්ස වචනං සුත්‍වාපි තං පුග‍්ගලං න පටිනන්‍දති, සාධු සුභාසිතන‍්ති න චානුමොදති. චක‍්ඛූනි චස‍්ස න දදාතීති චක‍්ඛුනා චක‍්ඛුං ආහච‍්ච පටිමුඛො හුත්‍වා න ඔලොකෙති, අඤ‍්ඤතො චක‍්ඛූනි හරති. පටිලොමඤ‍්ච වත‍්තතීති තස‍්ස කායකම‍්මම‍්පි වචීකම‍්මම‍්පි න රොචෙති, පටිලොමගාහං ගණ‍්හාති පච‍්චනීකගාහං. ආකාරාති කාරණානි. යෙහි අමිත‍්තන‍්ති යෙහි කාරණෙහි තානි කාරණානි දිස‍්වා සුත්‍වා ච පණ‍්ඩිතො පුග‍්ගලො “අයං මෙ අමිත‍්තො”ති ජානෙය්‍ය, තතො විපරීතෙහි පන මිත‍්තභාවො ජානිතබ‍්බොති.

එහි, නනං උම්හයතෙ දිස්වා යනු යමෙක් යමෙකුගේ අමිත්‍රයෙක් වේද ඔහු ඒ පුද්ගලයා දැක සිනහ නොවේ. සතුටු බවක් නොදක්වයි. න ච නං පටිනන්‍දති යනු ඔහුගේ වචන ඇසුවද ඔහු ඒ පුද්ගලයාට සතුටු නොවෙයි. හොඳයි ප්‍රයෝජනවත් දෙයක් (සුභාෂිතයක්) කියන ලදැයි සතුටු නොවේ. චක්ඛූනි චස්ස නද්දාති යනු ඇසින් ඇස ගැටී ඉදිරියෙහි සිට නොබලයි. ඇස් වෙන අතකට හරවයි. පටිලොමඤ්ච වත්තති යනු ඔහුගේ කාය කර්ම, වාග් කර්ම කැමති නොවෙයි. විරුද්ධ පිළිවෙලට ගනී. විරුද්ධ ගැනීමයයි. ආකාරා යනු කරුණුය. යෙහු අමිත්තං යනු යම් කරුණුවලින් ඒ කරුණුවලින් අමිත්‍රයා දිස්වා ච සුත්‍වා ච පණ්ඩිතො දැක හෝ අසන හෝ පණ්ඩිතයා මේ පුද්ගලයා මගේ අමිත්‍රයෙකියි ජානෙය්‍ය දැනගන්නේය. මෙයට විරුද්ධ ආකාරයෙන් මිතුරු බව දතයුතුයි.

එවං බොධිසත‍්තො මිත‍්තාමිත‍්තභාවකාරණානි ආචික‍්ඛිත්‍වා බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා බ්‍රහ‍්මලොකූපගො අහොසි.

මෙසේ බෝසතාණන් වහන්සේ මිත්‍ර අමිත්‍ර බවට කරුණු කියා සතර බඹ විහරණ වඩා බඹලොව උපන්නෝය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා හත්‍ථිපොසකතාපසො සද‍්ධිවිහාරිකො අහොසි, හත්‍ථී උපජ‍්ඣායො, ඉසිගණො බුද‍්ධපරිසා, ගණසත්‍ථා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල ඇත්පැටවා පෝෂණය කළ තවුසා සද්ධිවිහාරික භික්‍ෂුවයි. ඇතා උපාධ්‍යායන් වහන්සේය. තාපස සමූහයා බුදුපිරිසයි. තවුස් නායකයා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

මිත‍්තාමිත‍්තජාතකවණ‍්ණනා සත‍්තමා.