6. වලාහකස්සජාතකවණ්ණනා 196 අට්ඨකථා
6. වලාහකස්සජාතකවණ්ණනා (196)
6. වලාහස්ස ජාතකය (196)
යෙ න කාහන්ති ඔවාදන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං උක්කණ්ඨිතභික්ඛුං ආරබ්භ කථෙසි. සො හි භික්ඛු සත්ථාරා “සච්චං කිර ත්වං, භික්ඛු, උක්කණ්ඨිතොසී”ති පුට්ඨො “සච්ච”න්ති වත්වා “කිං කාරණා”ති වුත්තෙ “එකං අලඞ්කතං මාතුගාමං දිස්වා කිලෙසවසෙනා”ති ආහ. අථ නං සත්ථා “ඉත්ථියො නාමෙතා භික්ඛු අත්තනො රූපසද්දගන්ධරසඵොට්ඨබ්බෙහි චෙව ඉත්ථිකුත්තවිලාසෙහි ච පුරිසෙ පලොභෙත්වා අත්තනො වසෙ කත්වා වසං උපගතභාවං ඤත්වා සීලවිනාසඤ්චෙව ධනවිනාසඤ්ච පාපනට්ඨෙන ‘යක්ඛිනියො’ති වුච්චන්ති. පුබ්බෙපි හි යක්ඛිනියො ඉත්ථිකුත්තෙන එකං පුරිසසත්ථං උපසඞ්කමිත්වා වාණිජෙ පලොභෙත්වා අත්තනො වසෙ කත්වා පුන අඤ්ඤෙ පුරිසෙ දිස්වා තෙ සබ්බෙපි ජීවිතක්ඛයං පාපෙත්වා උභොහි හනුකපස්සෙහි ලොහිතෙන පග්ඝරන්තෙන මුඛං පූරාපෙත්වා ඛාදිංසූ”ති වත්වා අතීතං ආහරි.
යෙ න කාහන්ති ඔවාදං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් එක් කලකිරුණු භික්ෂුවක අරබයා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ විසින් මහණ, ඔබ කලකිරුණේ සත්‍යයක්දැයි විමසන ලද ඒ භික්ෂුව සත්‍යයයි කී කල්හි කුමක් නිසාදැයි විමසූවිට අලංකාර වූ එක් කාන්තාවක් දැක කෙලෙස් වශයෙනැයි කීය. ඉක්බිති ඒ භික්ෂුව අමතා, බුදුරජාණන් වහන්සේ මහණ! ස්ත්‍රීහු නම් තමන්ගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කරුණුවලින්ද ස්ත්‍රී මායම් විලාසිතාවන්ගෙන්ද පුරුෂයන්ට චාටු බස් කියා නලවා වසඟයට එළඹි බව දැන සිල්වත්කමද, ධනවත්කමද විනාශ කරන අර්ථයෙන් යකින්නියෝ යයි කියනු ලැබෙත්. පෙරත් යකින්නියෝ ස්ත්‍රී මායමෙන් පුරුෂයන්ගෙන් යුතු ගැල් කණ්ඩායමක් වෙත එළඹ වෙළඳුන්ට චාටුබස් කියා තම වසඟයට ගෙන නැවත වෙනත් පුරුෂයන් දැක ඒ සියලු දෙනම මරණයට පත්කර හකු දෙකොණින් (කට දෙකොණින්) ලේ පෙරමින් මුරු මුරු යන හඬින් කෑවාහුයයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.
අතීතෙ තම්බපණ්ණිදීපෙ සිරීසවත්ථු නාම යක්ඛනගරං අහොසි, තත්ථ යක්ඛිනියො වසිංසු. තා භින්නනාවානං වාණිජානං ආගතකාලෙ අලඞ්කතපටියත්තා ඛාදනීයභොජනීයං ගාහාපෙත්වා දාසිගණපරිවුතා දාරකෙ අඞ්කෙනාදාය වාණිජෙ උපසඞ්කමන්ති. තෙසං “මනුස්සාවාසං ආගතම්හා”ති සඤ්ජානනත්ථං තත්ථ තත්ථ කසිගොරක්ඛාදීනි කරොන්තෙ මනුස්සෙ ගොගණෙ සුනඛෙති එවමාදීනි දස්සෙන්ති, වාණිජානං සන්තිකං ගන්ත්වා “ඉමං යාගුං පිවථ, භත්තං භුඤ්ජථ, ඛාදනීයං ඛාදථා”ති වදන්ති. වාණිජා අජානන්තා තාහි දින්නං පරිභුඤ්ජන්ති. අථ තෙසං ඛාදිත්වා භුඤ්ජිත්වා පිවිත්වා විස්සමිතකාලෙ පටිසන්ථාරං කරොන්ති, “තුම්හෙ කත්ථ වාසිකා, කුතො ආගතා, කහං ගච්ඡිස්සථ, කෙන කම්මෙන ඉධාගතත්ථා”ති පුච්ඡන්ති. “භින්නනාවා හුත්වා ඉධාගතම්හා”ති වුත්තෙ “සාධු, අය්යා, අම්හාකම්පි සාමිකානං නාවං අභිරුහිත්වා ගතානං තීණි සංවච්ඡරානි අතික්කන්තානි, තෙ මතා භවිස්සන්ති; තුම්හෙපි වාණිජායෙව, මයං තුම්හාකං පාදපරිචාරිකා භවිස්සාමා”ති වත්වා තෙ වාණිජෙ ඉත්ථිකුත්තහාවභාවවිලාසෙහි පලොභෙත්වා යක්ඛනගරං නෙත්වා සචෙ පඨමගහිතා මනුස්සා අත්ථි, තෙ දෙවසඞ්ඛලිකාය බන්ධිත්වා කාරණඝරෙ පක්ඛිපන්ති, අත්තනො වසනට්ඨානෙ භින්නනාවෙ මනුස්සෙ අලභන්තියො පන පරතො කල්‍යාණිං ඔරතො නාගදීපන්ති එවං සමුද්දතීරං අනුසඤ්චරන්ති. අයං තාසං ධම්මතා.
යටගිය දවස තම්බපණ්ණි දීපයෙහි (ලක්දිව) සිරීස වස්තු නම් යකුන්ගේ නගරයක් විය. එහි යකිනියෝ වාසය කළාහුය. ඒ යකින්නියෝ කැඩුණු නැව්වලින් වෙළෙන්දන් ආ විට අලංකාර ලෙස පිළියෙල කරන ලද කෑ යුතු අනුභව කළ යුතු දෑ ගෙන්වාදෙන දාසි සමූහයා පිරිවරාගෙන දරුවන් වඩාගෙන එන වෙළඳුන් වෙත එළඹෙත්. ඔවුන්ට අපි මිනිස් වාසයකට ආවෙමුයි හැඟෙන පරිදි ඒ ඒ තැන ගොවිතැන්, ගව පාලනය ආදිය කරන්නා වූ මිනිසුන් ගව පට්ටි, බල්ලන් මේ ආදිය දක්වන්නෝය. වෙළෙන්දන් සමීපයට ගොස් මේ කැඳ බොව්. බත් අනුභව කරව්, කෑ යුතු ජාති කන්නයි කියති. කිසිවක් නොදන්නා වෙළෙන්දෝ ඔවුන් විසින් දෙන ලද දේවල් අනුභව කරත්. ඉක්බිති ඔවුන්ගේ කෑම් බීම් අවසන්ව විවේකව සිටිනවිට පිළිසඳර කථා කරති. තෙපි කොහි වසන්නෝද? කොහි සිට ආවාහුද? කොහි යන්නහුද? කුමන කටයුත්තක් සඳහා මෙහි ආවාහුදැයි ප්‍රශ්න කරති. නැව කැඩුණු නිසා ආ බව කී කල්හිද බොහොම හොඳයි ආර්යයෙනි! නැව් නැගී ගිය අපගේ ස්වාමි පුරුෂයන්ට වසර තුනක් ඉක්ම ඇත. ඔවුන් මැරෙන්නට ඇත. තොපිත් වෙළෙන්දෝය. අපි තොපගේ බිරින්ඳන් වන්නෙමුයි කියා ඒ වෙළෙන්දන් ස්ත්‍රී මායම් පෙන්වා පොළඹවාගෙන යක් පුරට ගෙන ගොස් ඉදින් පළමුව ගත් මිනිස්සු සිටිත් නම් ඔවුන් දේව හැකිල්ලෙන් (මාංචුවලින්) බැඳ ආරක්ෂක තැනක (සිරකුටියක) රඳවත්. තමන් වසන තැන බිඳුණු නැවක මිනිසුන් නොලබන අවස්ථාවක වනාහි එතෙරින් කැලණිය දක්වාද, මෙතෙරින් නාගදීපය දක්වාද මෙසේ මේ අතරේ මුහුදු තීරය දිගේ හැසිරෙත්. ඒ ඔවුන්ගේ ස්වභාවයයි.
අථෙකදිවසං පඤ්චසතා භින්නනාවා වාණිජා තාසං නගරසමීපෙ උත්තරිංසු. තා තෙසං සන්තිකං ගන්ත්වා පලොභෙත්වා යක්ඛනගරං නෙත්වා පඨමං ගහිතෙ මනුස්සෙ දෙවසඞ්ඛලිකාය බන්ධිත්වා කාරණඝරෙ පක්ඛිපිත්වා ජෙට්ඨයක්ඛිනී ජෙට්ඨකවාණිජං, සෙසා සෙසෙති තා පඤ්චසතා යක්ඛිනියො තෙ පඤ්චසතෙ වාණිජෙ අත්තනො සාමිකෙ අකංසු. අථ සා ජෙට්ඨයක්ඛිනී රත්තිභාගෙ වාණිජෙ නිද්දං උපගතෙ උට්ඨාය ගන්ත්වා කාරණඝරෙ මනුස්සෙ මාරෙත්වා මංසං ඛාදිත්වා ආගච්ඡති, සෙසාපි තථෙව කරොන්ති. ජෙට්ඨයක්ඛිනියා මනුස්සමංසං ඛාදිත්වා ආගතකාලෙ සරීරං සීතලං හොති. ජෙට්ඨවාණිජො පරිග්ගණ්හන්තො තස්සා යක්ඛිනිභාවං ඤත්වා “ඉමා පඤ්චසතා යක්ඛිනියො භවිස්සන්ති, අම්හෙහි පලායිතුං වට්ටතී”ති පුනදිවසෙ පාතොව මුඛධොවනත්ථාය ගන්ත්වා සෙසවාණිජානං ආරොචෙසි – “ඉමා යක්ඛිනියො, න මනුස්සිත්ථියො, අඤ්ඤෙසං භින්නනාවානං ආගතකාලෙ තෙ සාමිකෙ කත්වා අම්හෙපි ඛාදිස්සන්ති, එථ ඉතො පලායිස්සාමා”ති තෙසු පඤ්චසතෙසු අඩ්ඪතෙය්යසතා “න මයං එතා විජහිතුං සක්ඛිස්සාම, තුම්හෙ ගච්ඡථ, මයං න පලායිස්සාමා”ති ආහංසු. ජෙට්ඨවාණිජො අත්තනො වචනකාරෙ අඩ්ඪතෙය්යසතෙ ගහෙත්වා තාසං භීතො පලායි.
ඉක්බිති එක්දිනක් කැඩුණු නැව් ඇති පන්සියයක් වෙළෙන්දෝ ඒ යකින්නියන්ගේ නුවර සමීපයෙහි ගොඩබැස්සාහුය. ඒ යකින්නියෝ ඔවුන් සමීපයට ගොස් පොළඹවාගෙන බැඳ ආරක්ෂක කුටියක රඳවා ප්‍රධාන යකින්න ප්‍රධාන වෙළෙන්දාද සෙසු යකින්නන් සෙසු වෙළෙන්දන්ද වශයෙන් ඒ යකින්නියෝ පන්සියය, ඒ වෙළඳුන් පන්සියය තම තමන්ගේ සාමිවරු කළාහුය. ඉක්බිති ඒ ප්‍රධාන යකින්න රාත්‍රී කාලයේ වෙළෙන්දා නින්දට ගියවිට නැගිට ගොස් සිරකුටියේ රඳවා සිටි මිනිසුන් මරා මස් කා එන්නීය. සෙසු යකින්නියෝද එසේ කරත්. ප්‍රධාන වෙළෙන්දා යකින්න මිනී මස් කා පැමිණි අවස්ථාවේ සිරුර සිසිල් වෙයි. ප්‍රධාන වෙළෙන්දා පරීක්ෂා කරන්නේ ඇය යකින්නියක බව දැන මේ පන්සියයම යකින්නියෝ වන්හාහ. අප විසින් පලායන්නට වටීයයි සිතා දෙවන දවසේ මුහුණ සේදීමට ගොස් සෙසු වෙළෙන්දන්ටද දැන්වීය. මේ යකින්නියෝය. මනුෂ්‍ය ස්ත්‍රීහු නොවෙති. බිඳුනු වෙනත් නැව් ආ විට එහි සිටින අය සැමියන් බවට පත්කොට අපව කන්නාහුය. ඒ නිසා අප පලායමුයි කීවේය. ඔවුන්ගෙන් දෙසිය පනහක් පමණ අපට මොවුන් අත්හරින්නට නොහැකි වන්නෙමු. ඒ නිසා තොපි යව්. අපි නොයන්නෙමුයි කීවාහුය. ප්‍රධාන වෙළෙන්දා තම වචනයට අවනත වූ දෙසිය පනහක් වෙළෙන්දන් රැගෙන ඒ යකින්නියන්ට බිය වූයේ පලා ගියේය.
තස්මිං පන කාලෙ බොධිසත්තො වලාහකස්සයොනියං නිබ්බත්ති, සබ්බසෙතො කාළසීසො මුඤ්ජකෙසො ඉද්ධිමා වෙහාසඞ්ගමො අහොසි. සො හිමවන්තතො ආකාසෙ උප්පතිත්වා තම්බපණ්ණිදීපං ගන්ත්වා තත්ථ තම්බපණ්ණිසරෙ පල්ලලෙ සයංජාතසාලිං ඛාදිත්වා ගච්ඡති. එවං ගච්ඡන්තො ච “ජනපදං ගන්තුකාමා අත්ථී”ති තික්ඛත්තුං කරුණාපරිභාවිතං මානුසිං වාචං භාසති. තෙ බොධිසත්තස්ස වචනං සුත්වා උපසඞ්කමිත්වා අඤ්ජලිං පග්ගය්හ “සාමි, මයං ජනපදං ගමිස්සාමා”ති ආහංසු. තෙන හි මය්හං පිට්ඨිං අභිරුහථාති. අප්පෙකච්චෙ අභිරුහිංසු, තෙසු එකච්චෙ වාලධිං ගණ්හිංසු, එකච්චෙ අඤ්ජලිං පග්ගහෙත්වා අට්ඨංසුයෙව. බොධිසත්තො අන්තමසො අඤ්ජලිං පග්ගහෙත්වා ඨිතෙ සබ්බෙපි තෙ අඩ්ඪතෙය්යසතෙ වාණිජෙ අත්තනො ආනුභාවෙන ජනපදං නෙත්වා සකසකට්ඨානෙසු පතිට්ඨපෙත්වා අත්තනො වසනට්ඨානං ආගමාසි. තාපි ඛො යක්ඛිනියො අඤ්ඤෙසං ආගතකාලෙ තත්ථ ඔහීනකෙ අඩ්ඪතෙය්යසතෙ මනුස්සෙ වධිත්වා ඛාදිංසු.
ඒ කාලයේ බෝසතාණන් වහන්සේ වාලාහස්ස යෝනියේ උපන්හ. සම්පූර්ණයෙන් සුදුපැහැති කවුඩුවන්ගේ පැහැ සමාන වූ මුහුණක් ඇති ඉතා නිල් කෙස් වැටියක් ඇති සෘද්ධියෙන් අහසින් ගමන් කිරීම් ඇති අශ්වයෙක් වූහ. ඒ අශ්වයා හිමවතින් අහසට පැන නැගී තාමුපණ්ණි දීපයට ගොස් එහි තාමුර්ණි විලේ මඩෙහි ඉබේ හටගත් ඇල් වී කා යයි. මෙසේ යන්නේ ජනපදයට යනු කැමති අය ඇත්ද ජනපදයට යනු කැමති අය ඇත්ද යනුවෙන් තුන්වරක් කරුණාන්විත මිනිස් වචනයෙන් කියයි. ඒ වෙළෙන්දෝ අශ්වයාගේ වචනය අසා ළඟට අවුත් ඇඳිලි බැඳ ස්වාමීනි! අපි ජනපදයට යනු කැමැත්තෙමුයි කීවාහුය. එසේනම් මගේ පිට උඩට නගිව්යයි කීහ. ඉක්බිති ඇතැමේක පිටට නැංගාහුය. ඇතැමෙක් වලිගයෙන් අල්ලා ගත්හ. ඇතැමෙක් ඇඟිලි බැඳගෙන සිටියහ. බෝසතාණෝ යටත් පිරිසෙයින් ඇඟිලි බැඳගෙන සිටි සියලු දෙනාද සමග දෙසිය පනහක් පමණ වෙළෙන්දන් තමන්ගේ ආනුභාවයෙන් ජනපදයට (දඹදිවට) පමුණුවා ඒ ඒ අයගේ ගෙවලට යවා තමන්ගේ වාසස්ථානයට ගියේය. ඒ යකින්නියෝද වෙනත් පිරිසක් ආ කල්හි වෙළෙඳුන් සමග නොගොස් එහි නැවතී සිටි දෙසිය පනහක් මිනිසුන් මරා කෑවාහුය.
සත්ථා භික්ඛූ ආමන්තෙත්වා “භික්ඛවෙ, යථා තෙ යක්ඛිනීනං වසං ගතා වාණිජා ජීවිතක්ඛයං පත්තා, වලාහකස්සරාජස්ස වචනකරා වාණිජා සකසකට්ඨානෙසු පතිට්ඨිතා, එවමෙව බුද්ධානං ඔවාදං අකරොන්තා භික්ඛූපි භික්ඛුනියොපි උපාසකාපි උපාසිකායොපි චතූසු අපායෙසු පඤ්චවිධබන්ධනකම්මකරණට්ඨානාදීසු මහාදුක්ඛං පාපුණන්ති. ඔවාදකරා පන තිස්සො කුලසම්පත්තියො ච ඡ කාමසග්ගෙ වීසති බ්රහ්මලොකෙති ඉමානි ච ඨානානි පත්වා අමතමහානිබ්බානං සච්ඡිකත්වා මහන්තං සුඛං අනුභවන්තී”ති වත්වා අභිසම්බුද්ධො හුත්වා ඉමා ගාථා අවොච –
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා මහණෙනි! යම්සේ යකින්නියන්ගේ වසඟයට ගියා වූ ඒ වෙළෙන්දෝ මරණයට පත්වූවාහුද වාලාහස්ස අශ්ව රජුගේ කීම අසා ක්‍රියා කළ අය තම තමන්ගේ තැන්වල පිහිටියාහුද එසේම බුදුවරුන්ගේ අවවාද නොපිළිපදින භික්ෂු භික්ෂුණීහුද, උපාසක උපාසිකාවෝද සතර අපායවල පස් ආකාර වධ බන්ධනවලට ලක්ව මහා දුකකට පැමිණෙත්. අවවාද පිළිපදින අය (ක්ෂත්රිය, බ්‍රාහ්මණ, ගෘහපති යන) ත්රිවර්ග කුල සම්පත්තියද සදිව්‍ය ලෝකද විසිවැදෑරුම් බ්‍රහ්ම ලෝකද යන මේ තැන්වලට පැමිණ අමාමහ නිවනද අවබෝධ කරගෙන බොහෝ සැප අනුභව කරන්නාහුයයි වදාරා අභිසම්බෝධියට පත්ව
“යෙ න කාහන්ති ඔවාදං, නරා බුද්ධෙන දෙසිතං; බ්යසනං තෙ ගමිස්සන්ති, රක්ඛසීහිව වාණිජා.
යෙන කාහන්ති ඔවාදං නරා බුද්ධෙන දෙසිතං, ව්යසනං තෙ ගමිස්සන්ති රක්ඛසීහීව වාණිජා.
“යෙ ච කාහන්ති ඔවාදං, නරා බුද්ධෙන දෙසිතං; සොත්ථිං පාරං ගමිස්සන්ති, වලාහෙනෙව වාණිජා”ති.
යෙච කාහන්ති ඔවදං නරා බුද්ධෙන දෙසිතං, සොත්ථිං පාරංගමිස්සන්ති වාලාහෙනෙව වාණිජා.
යන මේ ගාථා දේශනා කළ සේක.
යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අවවාද අනුව ක්‍රියා නොකරත්ද ඒ මිනිස්සු යකින්නියන්ට ගොදුරු වූ වෙළෙන්දන් මෙන් විපතට පත් වන්නාහ.
යම් කෙනෙක් බුදුජාණන් වහන්සේ විසින් දේශිත අවවාද අනුව ක්‍රියා කරත්ද ඒ මිනිස්සු වලාහක අසු මගින් බේරී ගිය වෙළෙන්දන් මෙන් අනතුරක් නැතිව පරතෙරට (නිවනට) පැමිණෙන්නාහුය.
තත්ථ යෙ න කාහන්තීති යෙ න කරිස්සන්ති. බ්යසනං තෙ ගමිස්සන්තීති තෙ මහාවිනාසං පාපුණිස්සන්ති. රක්ඛසීහිව වාණිජාති රක්ඛසීහි පලොභිතවාණිජා විය. සොත්ථිං පාරං ගමිස්සන්තීති අනන්තරායෙන නිබ්බානං පාපුණිස්සන්ති. වලාහෙනෙව වාණිජාති වලාහෙනෙව “ආගච්ඡථා”ති වුත්තා තස්ස වචනකරා වාණිජා විය. යථා හි තෙ සමුද්දපාරං ගන්ත්වා සකසකට්ඨානං අගමංසු, එවං බුද්ධානං ඔවාදකරා සංසාරපාරං නිබ්බානං ගච්ඡන්තීති අමතමහානිබ්බානෙන ධම්මදෙසනාය කූටං ගණ්හි.
එහි, යෙ න කාහන්ති යනු යමෙක් නොකරන්නාහු නම් ව්යසනං තෙ ගමිස්සන්ති යනු ඔවුහු මහත් විපතකට පැමිණෙන්නාහුය. රක්ඛසීහීව වාණිජා යනු යකින්නන් විසින් පොළඹවන ලද වෙළෙන්දන් මෙන්, සොත්ථිං පාරංගමිස්සන්ති යනු අනතුරකින් තොරව නිවනට පැමිණෙන්නාහුය. වාලාහෙනෙව වාණිජා යනු වාලාහ අශ්වයා විසින් එන්නැයි කී කල ඔහුගේ වචනය අනුව ක්‍රියා කළ වෙළෙන්දන් මෙන් යම්සේ ඔවුහු මුහුදෙන් එතෙර ගොස් සිය ගෙවල් වෙත ගියාහුද එසේම බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව ක්‍රියා කරන්නෝ සසරින් එතරව නිවන අවබෝධ කරගනිත් යයි අමාමහ නිවනින් ධර්ම දේශනාව මුසුන්පත් විය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි – සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි, අඤ්ඤෙපි බහූ සොතාපත්තිඵලසකදාගාමිඵලඅනාගාමිඵලඅරහත්තඵලානි පාපුණිංසු. “තදා වලාහකස්සරාජස්ස වචනකරා අඩ්ඪතෙය්යසතා වාණිජා බුද්ධපරිසා අහෙසුං, වලාහකස්සරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර කලකිරුණු භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. සෙසු බොහෝ දෙනාද සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ඵලවලට පැමිණියාහුය. එකල වාලාහ අස්රජුගේ කීම ඇසූ දෙසිය පනහක් වූ වෙෙළන්දෝ බුදු පිරිස වූහ. වාලාහ අස් රජු වනාහි ලොව්තුරා බුදු වූ මම ම වූවෙමි යි වදාළ සේක.
වලාහකස්සජාතකවණ්ණනා ඡට්ඨා.