යෙදුමෙන් කියවන්න

5. පබ‍්බතූපත්‍ථරජාතකවණ‍්ණනා 195 අට‍්ඨකථා

5. පබ‍්බතූපත්‍ථරජාතකවණ‍්ණනා (195)

5. පබ්බතූපත්‍ථර ජාතකය (195)

පබ‍්බතූපත්‍ථරෙ රම‍්මෙති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කොසලරාජානං ආරබ‍්භ කථෙසි. කොසලරඤ‍්ඤො කිර එකො අමච‍්චො අන‍්තෙපුරෙ පදුස‍්සි. රාජාපි පරිවීමංසමානො තං තථතො ඤත්‍වා “සත්‍ථු ආරොචෙස‍්සාමී”ති ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා “භන‍්තෙ, අම‍්හාකං අන‍්තෙපුරෙ එකො අමච‍්චො පදුස‍්සි, තස‍්ස කිං කාතුං වට‍්ටතී”ති පුච‍්ඡි. අථ නං සත්‍ථා “උපකාරකො තෙ, මහාරාජ, සො ච අමච‍්චො සා ච ඉත්‍ථී පියා”ති පුච‍්ඡිත්‍වා “ආම, භන‍්තෙ, අතිවිය උපකාරකො සකලං රාජකුලං සන්‍ධාරෙති, සාපි මෙ ඉත්‍ථී පියා”ති වුත‍්තෙ “මහාරාජ, ‘අත‍්තනො උපකාරකෙසු සෙවකෙසු පියාසු ච ඉත්‍ථීසු දුබ‍්භිතුං න සක‍්කා’ති පුබ‍්බෙපි රාජානො පණ‍්ඩිතානං කථං සුත්‍වා මජ‍්ඣත‍්තාව අහෙසු”න‍්ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

පබ්බතූපත්‍ථරෙ රම්මෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් කොසොල් රජතුමා මුල් කරගෙන දේශනා කළ සේක. කොසොල් රජතුමාගේ එක් ඇමතියෙක් අන්තඃපුරයේ එක් ස්ත්‍රියක දූෂණය කළේය. ඔහුට කුමක් කරන්නට වටින්නේදැයි විචාළේය. ඉක්බිති ඔහුට බුදුරජාණන් වහන්සේ මහරජ! ඒ ඇමතියා ඔබට උපකාර කරන්නෙක්ද? ඒ ස්ත්‍රියද ප්‍රියදැයි විචාරා, එසේය ස්වාමීනි! අතිශයින් උපකාරකයෙකි. රජගෙදර සියලු කටයුතුවල වගකීම් දරයි. ඒ ස්ත්‍රියත් මට ප්‍රියයයි කී කල්හි, මහරජ! තමන්ට උදව් වන සේවකයන් කෙරෙහිද, ප්‍රියමනාප ස්ත්‍රීන් කෙරෙහිද ද්‍රෝහී වන්නට නොහැකිය. පෙරත් රජවරු නුවණ ඇත්තන්ගේ කථා අසා මධ්‍යස්ථ වූහයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත සිද්ධිය ගෙනහැර පෑ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අමච‍්චකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තස‍්ස අත්‍ථධම‍්මානුසාසකො අහොසි. අථස‍්ස රඤ‍්ඤො එකො අමච‍්චො අන‍්තෙපුරෙ පදුස‍්සි. රාජා නං තථතො ඤත්‍වා “අමච‍්චොපි මෙ බහූපකාරො, අයං ඉත්‍ථීපි මෙ පියා, ද‍්වෙපි ඉමෙ නාසෙතුං න සක‍්කා , පණ‍්ඩිතාමච‍්චං පඤ‍්හං පුච‍්ඡිත්‍වා සචෙ සහිතබ‍්බං භවිස‍්සති, සහිස‍්සාමි, නො චෙ, න සහිස‍්සාමී”ති බොධිසත‍්තං පක‍්කොසාපෙත්‍වා ආසනං දත්‍වා “පණ‍්ඩිත, පඤ‍්හං පුච‍්ඡිස‍්සාමී”ති වත්‍වා “පුච‍්ඡථ, මහාරාජ, විස‍්සජ‍්ජෙස‍්සාමී”ති වුත‍්තෙ පඤ‍්හං පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝධිසත්ත්වයන් වහන්සේ ඇමති කුලයක ඉපදී වැඩිවියට පත්වූවාහු ඒ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ සේක. ඉක්බිති ඒ රජුගේ එක් ඇමතියෙක් අන්තඃපුර ස්ත්‍රියක් දූෂණය කළේය. රජතුමා ඒ තත්වූ පරිදි දැනගෙන ඇමතියාද මට බොහෝ උපකාර කරයි. මේ ස්ත්‍රියද ප්‍රියමනාපයි. ඒ නිසා මොවුන් දෙදෙනාම මරන්නට නොහැකිය. පණ්ඩිත ඇමතියාගෙන් ප්‍රශ්නයක් විමසා ඉදින් ඉවසිය යුතුනම් ඉවසන්නෙමි. ඉදින් නොඉවසිය යුතුනම් නොඉවසන්නෙමියි බෝසතාණන් වහන්සේ කැඳවා අසුනක් දී, පඬිතුමනි! ප්‍රශ්නයක් විචාරන්නෙමියි කියා මහරජතුමනි! විචාරව. විසඳන්නෙමියි කී කල්හි ප්‍රශ්නය අසමින්,

“පබ‍්බතූපත්‍ථරෙ රම‍්මෙ, ජාතා පොක‍්ඛරණී සිවා; තං සිඞ‍්ගාලො අපාපායි, ජානං සීහෙන රක‍්ඛිත”න‍්ති.

පබ්බතුපත්‍ථරෙ රම්මෙ ජාතා පොක්ඛරණී සිවා, තං සිගාලො අපාපාසි ජානං සීහෙන රක්ඛිතං.

යන පළමු ගාථාව කීවේය.

සිත්කලු වූ හිමාලය පර්වත සමීපයෙහි අගිල්දිය ඇති පොකුණක් විය. ඒ පොකුණ සිංහයෙකු විසින් රකින බව දන්නා හිවලෙක් දිය බී ගියේය.

තත්‍ථ පබ‍්බතූපත්‍ථරෙ රම‍්මෙති හිමවන‍්තපබ‍්බතපාදෙ පත්‍ථරිත්‍වා ඨිතෙ අඞ‍්ගණට‍්ඨානෙති අත්‍ථො. ජාතා පොක‍්ඛරණී සිවාති සිවා සීතලා මධුරොදකා පොක‍්ඛරණී නිබ‍්බත‍්තා, අපිච ඛො පොක‍්ඛරසඤ‍්ඡන‍්නා නදීපි පොක‍්ඛරණීයෙව. අපාපායීති අප-ඉති උපසග‍්ගො, අපායීති අත්‍ථො. ජානං සීහෙන රක‍්ඛිතන‍්ති සා පොක‍්ඛරණී සීහපරිභොගා සීහෙන රක‍්ඛිතා, සොපි නං සිඞ‍්ගාලො “සීහෙන රක‍්ඛිතා අය”න‍්ති ජානන‍්තොව අපායි. තං කිං මඤ‍්ඤති, බාලො සිඞ‍්ගාලො සීහස‍්ස අභායිත්‍වා පිවෙය්‍ය එවරූපං පොක‍්ඛරණින‍්ති අයමෙත්‍ථාධිප‍්පායො.

එහි, පබ්බතුපත්‍ථෙරෙ යනු හිමවත පර්වත පාමුල පැතිරී තිබුණු පිට්ටනියක යන අර්ථයි. ජාතා පොක්ඛරණී සිවා යනු සිසිල් මිහිරි ජලය ඇති පොකුණක් හට ගත්තේය. තවද පොකුණෙන් ගැවසී ගස් ගඟ ද පොකුණක් එය අපාපාසි යනු අප යනු උපසර්ගයකි. අපාසි බීවේය යන අර්ථයි. ජානං සීහෙන රක්ඛිතං යනු ඒ පොකුණ සිංහයන් ප්‍රයෝජනයට ගන්නා සිංහයකු විසින් රක්නා ලද්දේය. ඒ හිවලා ද සිංහයා විසින් මෙය රකින ලද්දේයයි දැනගෙනම පානය කෙළේය. නුඹ කුමක් සිතන්නෙහිද? හිවලා සිංහයාට බිය නොවී දිය බිව්වේය. මේ එවැනි පොකුණකියි යනු මෙහි අදහසයි.

බොධිසත‍්තො “අද‍්ධා එතස‍්ස අන‍්තෙපුරෙ එකො අමච‍්චො පදුට‍්ඨො භවිස‍්සතී”ති ඤත්‍වා දුතියං ගාථමාහ –

බෝසතාණන් වහන්සේ ඒකාන්තයෙන් එක් ඇමතියෙක් මොහුගේ අන්තඃපුරයෙහි දූෂණය කරන ලද්දේ වැන්නේයයි දැන

“පිවන‍්ති චෙ මහාරාජ, සාපදානි මහානදිං; න තෙන අනදී හොති, ඛමස‍්සු යදි තෙ පියා”ති.

පිපන්ති වෙ මහාරාජ! සාපදානි මහානදිං, න තෙන අනදී හොති ඛමස්සු යදිතෙ පියා.

යන දෙවන ගාථාව කී සේක.

මහරජ! ඉදින් සිවුපාවෝ මහ නදියෙහි දිය බොත්මය. එසේ බිව්වාට ගඟ ගඟක් නොවෙන්නේ නොවේ. ඉදින් ඔවුන් ඔබට ප්‍රිය වී නම් (දෙදෙනාටම) කමා කරව.

තත්‍ථ සාපදානීති න කෙවලං සිඞ‍්ගාලොව, අවසෙසානි සුනඛපසදබිළාරමිගාදීනි සබ‍්බසාපදානි තං පොක‍්ඛරසඤ‍්ඡන‍්නත‍්තා “පොක‍්ඛරණී”ති ලද‍්ධනාමං නදිං පිවන‍්ති චෙ. න තෙන අනදී හොතීති නදියඤ‍්හි ද‍්විපදචතුප‍්පදාපි අහිමච‍්ඡාපි සබ‍්බෙ පිපාසිතා පානීයං පිවන‍්ති, න සා තෙන කාරණෙන අනදී නාම හොති, නාපි උච‍්ඡිට‍්ඨනදී. කස‍්මා? සබ‍්බෙසං සාධාරණත‍්තා. යථා නදී යෙන කෙනචි පීතා න දුස‍්සති, එවං ඉත්‍ථීපි කිලෙසවසෙන සාමිකං අතික‍්කමිත්‍වා අඤ‍්ඤෙන සද‍්ධිං සංවාසං ගතා නෙව අනිත්‍ථී හොති. කස‍්මා? සබ‍්බෙසං සාධාරණභාවෙන. නාපි උච‍්ඡිට‍්ඨිත්‍ථී. කස‍්මා? ඔදකන‍්තිකතාය සුද‍්ධභාවෙන. ඛමස‍්සු යදි තෙ පියාති යදි පන තෙ සා ඉත්‍ථී පියා, සො ච අමච‍්චො බහූපකාරො, තෙසං උභින‍්නම‍්පි ඛමස‍්සු මජ‍්ඣත‍්තභාවෙන තිට‍්ඨාහීති.

එහි, සාපදානි යනු හුදෙක් හිවලා පමණක් නොව සෙසු දිවියන්, බල්ලන්, හාවන්, බළලුන් ආදී සියලු සත්තු එය පොකුණෙන් වැසී ගිය බැවින් පොකුණයයි ලබන ලද නම් ඇති ගඟෙන්ම බොන්නාහුය යනුයි. න තෙන අනදී හොතී යනු දෙපා සිව්පා සත්ත්වයෝද සර්පයෝද මත්ස්‍යයෝද සියලු පිපාසිත ප්‍රාණීහු ගඟෙහි පැන් බොත්. ගඟ ඒ කාරණයෙන් ගඟක් නොවන්නේ නොවේ. ඉඳුල් කළ ගඟක් නොවේ. කුමක් නිසාද? එය සියල්ලන්ටම සාධාරණ බැවිනි. යම්කිසිවෙකු විසින් ගඟෙහි පැන් බොන ලද පමණින් ගඟ දූෂ්‍ය නොවේ. මෙසේම ස්ත්‍රියද කෙලෙස් වශයෙන් සැමියා ඉක්මවා අනිකෙකු සමග සංවාසයේ යෙදුණු පමණින් ස්ත්‍රියක් නොවන්නේ නොවේ. කුමක් නිසාද? සියල්ලට සාධාරණ බැවිනි. ඉඳුල් කළ ස්ත්‍රියක් නොවේ. කුමක් නිසාද? එම සංවාසය අවසානයේදී පිරිසිදුවීම සඳහා ජලය ගනු ලබන හෙයිනි. ඛමස්සු යදි තෙ පියා යනු ඉදින් වනාහි ඔබට ඒ ස්ත්‍රිය ප්‍රියද? ඒ ඇමතියා බොහෝ උපකාර කරන්නෙක්ද ඒ දෙදෙනාටම ඉවසනු. මැදහත්කමින් සිටින්න යනුයි.

එවං මහාසත‍්තො රඤ‍්ඤො ඔවාදං අදාසි. රාජා තස‍්ස ඔවාදෙ ඨත්‍වා “පුන එවරූපං පාපකම‍්මං මා කරිත්‍ථා”ති වත්‍වා උභින‍්නම‍්පි ඛමි. තතො පට‍්ඨාය තෙ ඔරමිංසු. රාජාපි දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා ජීවිතපරියොසානෙ සග‍්ගපුරං පූරෙසි. කොසලරාජාපි ඉමං ධම‍්මදෙසනං සුත්‍වා තෙසං උභින‍්නම‍්පි ඛමිත්‍වා මජ‍්ඣත‍්තො අහොසි.

මෙසේ මහා සත්ත්වයන් වහන්සේ රජුට අවවාද දුන්නේය. රජතුමා ඔහුගේ අවවාදයේ සිට නැවත මෙබඳු පව්කම් නොකරවයි කියා දෙදෙනාටම සමාව දුන්නේය. එතැන් පටන් ඒ දෙදෙනා එක් නොවූහ. රජතුමාද දානාදී පිංකම් කොට දිවි කෙළවර දෙව්ලොව උපන්නේය. කොසොල් රජද මේ ධර්මදේශනාව අසා ඒ දෙදෙනාටම සමාව දී මධ්‍යස්ථ විය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්‍දො අහොසි, පණ‍්ඩිතාමච‍්චො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල රජ ආනන්දය. නුවණ ඇති ඇමතියා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

පබ‍්බතූපත්‍ථරජාතකවණ‍්ණනා පඤ‍්චමා.