4. මණිචොරජාතකවණ්ණනා 194 අට්ඨකථා
4. මණිචොරජාතකවණ්ණනා (194)
4. මණිචෝර ජාතකය (194)
න සන්ති දෙවා පවසන්ති නූනාති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො වධාය පරිසක්කන්තං දෙවදත්තං ආරබ්භ කථෙසි. තදා පන සත්ථා “දෙවදත්තො වධාය පරිසක්කතී”ති සුත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි දෙවදත්තො මය්හං වධාය පරිසක්කතියෙව, පරිසක්කන්තොපි පන මං වධිතුං නාසක්ඛී”ති වත්වා අතීතං ආහරි.
ස සන්ති දෙවා පවසන්තිනූනා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක් බුදුරජුන් මැරීමට උත්සාහ කළ දෙව්දත් තෙරුන් මුල් කරගෙන වදාළ සේක. එකල්හි වනාහි බුදුරජාණන් වහන්සේ දෙව්දත් තමන් වහන්සේ ඝාතනය කිරීමට උත්සාහ කරතියි අසා මහණෙනි! දැන් පමණක් නොව පෙරත් මොහු මට මරණය පමුණුවන්න උත්සාහ කෙළේය. එසේ උත්සාහ කළත් මාව මරන්නට නොහැකි වී යයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො බාරාණසිතො අවිදූරෙ ගාමකෙ ගහපතිකුලෙ නිබ්බත්ති. අථස්ස වයප්පත්තස්ස බාරාණසිතො කුලධීතරං ආනෙසුං, සා සුවණ්ණවණ්ණා අහොසි අභිරූපා දස්සනීයා දෙවච්ඡරා විය පුප්ඵලතා විය ලළමානා මත්තකින්නරී විය ච සුජාතාති නාමෙන පතිබ්බතා සීලාචාරසම්පන්නා වත්තසම්පන්නා. නිච්චකාලම්පිස්සා පතිවත්තං සස්සුවත්තං සසුරවත්තඤ්ච කතමෙව හොති, සා බොධිසත්තස්ස පියා අහොසි මනාපා. ඉති උභොපි තෙ සම්මොදමානා එකචිත්තා සමග්ගවාසං වසිංසු.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ බරණැසට නුදුරෙහි ගමක ගහපති කුලයෙහි උපන්හ. ඉක්බිති වැඩිවියට පත් ඔහුට බරණැසින් කුලදුවක ගෙනාහ. ඈ ප්‍රිය මනාපය. මනා රූ ඇත්තීය. දැකුම්කලුය. දිව්‍ය අප්සරාවක වැනිය. නැලවෙන මල්වැලක් වැනිය. මත් කිඳුරියක් වැනිය. නමින් සුජාතා නම් විය. පතිවත රකින්නීය. මනා පැවතුම් ඇත්තීය. වත් පිළිවෙත් රකින්නීය. හැමවිටම ස්වාමියාගේ වත්, නැන්දා මාමාගේ වත් නොපිරිහෙළා ඉටු කරන ලදි. ඈ බෝසතාණන් වහන්සේට ඉතා ප්‍රියමනාප වූවාය. මේ අන්දමින් දෙදෙනා සතුටු වෙමින් සමාන සිත ඇතිව සමගියෙන් වාසය කළාහුය.
අථෙකදිවසං සුජාතා “මාතාපිතරො දට්ඨුකාමාම්හී”ති බොධිසත්තස්ස ආරොචෙසි. “සාධු, භද්දෙ, මග්ගපාථෙය්යං පහොනකං පටියාදෙහී”ති ඛජ්ජවිකතිං පචාපෙත්වා ඛජ්ජකාදීනි යානකෙ ඨපෙත්වා යානකං පාජෙන්තො යානකස්ස පුරතො අහොසි, ඉතරා පච්ඡතො. තෙ නගරසමීපං ගන්ත්වා යානකං මොචෙත්වා න්හත්වා භුඤ්ජිංසු. පුන බොධිසත්තො යානකං යොජෙත්වා පුරතො නිසීදි, සුජාතා වත්ථානි පරිවත්තෙත්වා අලඞ්කරිත්වා පච්ඡතො නිසීදි. යානකස්ස අන්තොනගරං පවිට්ඨකාලෙ බාරාණසිරාජා හත්ථික්ඛන්ධවරගතො නගරං පදක්ඛිණං කරොන්තො තං පදෙසං අගමාසි. සුජාතා ඔතරිත්වා යානකස්ස පච්ඡතො පදසා පායාසි. රාජා තං දිස්වා තස්සා රූපසම්පත්තියා ආකඩ්ඪියමානලොචනො පටිබද්ධචිත්තො හුත්වා එකං අමච්චං ආණාපෙසි – “ගච්ඡ ත්වං එතිස්සා සස්සාමිකභාවං වා අස්සාමිකභාවං වා ජානාහී”ති. සො ගන්ත්වා තස්සා සස්සාමිකභාවං ඤත්වා “සස්සාමිකා කිර, දෙව, යානකෙ නිසින්නො පුරිසො එතිස්සා සාමිකො”ති ආහ.
ඉක්බිති එක්දිනක් සුජාතාව මව්පියන් දකිනු කැමැත්තෙමියි බෝසතාණන් වහන්සේට දැන්වූවාය. හෙතෙම යහපති සොඳුරිය! මාර්ගෝපකරණ අවශ්‍ය තරම් සූදානම් කරවයි කැවිලි විශේෂ සූදානම් කරවාගෙන කැවිලි ආදිය යානාවක තබාගෙන යානය පදවමින් යානය ඉදිරියේ සිටියේය. සුජාතාව පසුපස වූවාය. ඔවුන් නුවර සමීපයට ගොස් වාහනය මුදවා නා අනුභව කළාහුය. නැවතත් බෝසතාණන් වහන්සේ යානය සූදානම් කර ඉදිරියෙන් හිඳගත්හ. සුජාතාව වස්ත්‍ර මාරුකොට සැරසී පිටුපසින් හිඳගත්තාය. යානය ඇතුලු නුවරට පිවිසි කල්හි බරණැස් රජු ඇතෙකු පිට නැගී නගරය පැදකුණු කරන්නේ ඒ පෙදෙසට ගියේය. සුජාතාව යානයෙන් බැස පසුපස පයින් ගමන් කළාය. රජතුමා ඈ දැක ඇගේ රූසපුවෙන් ඇදගනු ලැබූ ඇස් ඇතිව පිළිබඳව සිත් ඇතිව එක් ඇමතියෙකු අමතා යව! ඇයට සැමියෙකු ඇති බව හෝ සැමියෙකු නැති බව හෝ දැනගනුවයි යැවීය. ඔහු ගොස් ඇයට සැමියෙකු ඇති බව දැන දේවයන් වහන්ස! සැමියෙකු සිටී. යානයේ සිටි පුරුෂයා ඇගේ සැමියා යයි කීවේය.
රාජා පටිබද්ධචිත්තං විනොදෙතුං අසක්කොන්තො කිලෙසාතුරො හුත්වා “එකෙන නං උපායෙන මාරාපෙත්වා ඉත්ථිං ගණ්හිස්සාමී”ති චින්තෙත්වා එකං පුරිසං ආමන්තෙත්වා “ගච්ඡ, භො, ඉමං චූළාමණිං වීථිං ගච්ඡන්තො විය හුත්වා එතස්ස පුරිසස්ස යානකෙ පක්ඛිපිත්වා එහී”ති චූළාමණිං දත්වා උය්යොජෙසි. සො “සාධූ”ති තං ගහෙත්වා ගන්ත්වා යානකෙ ඨපෙත්වා “ඨපිතො මෙ, දෙවා”ති ආගන්ත්වා ආරොචෙසි. රාජා “චූළාමණි මෙ නට්ඨො”ති ආහ, මනුස්සා එකකොලාහලං අකංසු. රාජා “සබ්බද්වාරානි පිදහිත්වා සඤ්චාරං ඡින්දිත්වා චොරං පරියෙසථා”ති ආහ, රාජපුරිසා තථා අකංසු, නගරං එකසඞ්ඛොභං අහොසි. ඉතරො පුරිසො මනුස්සෙ ගහෙත්වා බොධිසත්තස්ස සන්තිකං ගන්ත්වා “භො, යානකං ඨපෙහි, රඤ්ඤො චූළාමණි නට්ඨො, යානකං සොධෙස්සාමී”ති යානකං සොධෙන්තො අත්තනා ඨපිතමණිං ගහෙත්වා බොධිසත්තං ගහෙත්වා “මණිචොරො”ති හත්ථෙහි ච පාදෙහි ච පොථෙත්වා පච්ඡාබාහං බන්ධිත්වා නෙත්වා “අයං මණිචොරො”ති රඤ්ඤො දස්සෙසි. රාජාපි “සීසමස්ස ඡින්දථා”ති ආණාපෙසි.
රජතුමා ඇය ගැන බැඳුණු සිත වෙනස් කරන්නට නොහැකිව කෙලෙස් වසඟව එක් උපායකින් ඔහු මරවා ඔහුගේ බිරිඳ ගන්නෙමියි සිතා එක් පුරුෂයෙකු අමතා යව එම්බල! මේ සිළුමිණ වීථියෙහි යන්නෙකු මෙන් වී ඒ පුරුෂයාගේ යානාවට දමා එවයි සිළුමිණ දී යැවීය. ඔහු යහපතැයි එය ගෙන ගොස් යානාවෙහි තබා දේවයන් වහන්ස! මා විසින් මැණික තබන ලදැයි දැන්වීය. රජතුමා මාගේ සිළුමිණ නැතිවී යයි කීවේය. මිනිස්සු මහත් කෝලහලයක් කළාහුය. රජතුමා සියලු දොරටු වසා සංචාරය (ගමන් බිමන්) නවත්වා සොරා සොයන්නයි කීවේය. රාජ පුරුෂයෝ එසේ කළාහුය. නගරය එකම කැළඹීමක් විය. අනිත් පුරුෂයා මිනිසුන් රැගෙන බෝසතුන් සමීපයට ගොස් එම්බල! යානය නවත්වව්. රජතුමාගේ සිළුමිණ නැතිවිය. යානය පරීක්ෂා කරන්නෙමුයි කීවේය. හෙතෙම යානය පරීක්ෂා කරමින් තමා විසින් තබන ලද මැණික ගෙන බෝසතුන් අල්ලාගෙන මැණික් හොරා යයි අත්වලට හා පාවලට තලා අත් පිටුපසට තබා බැඳ පමුණුවා මේ මැණික් හොරායයි රජුට දැක්වීය. රජතුමා මොහුගේ හිස සිඳින්නයි අණ කෙළේය.
අථ නං රාජපුරිසා චතුක්කෙ චතුක්කෙ කසාහි තාළෙන්තා දක්ඛිණද්වාරෙන නගරා නික්ඛමාපෙසුං. සුජාතාපි යානකං පහාය බාහා පග්ගය්හ පරිදෙවමානා “සාමි, මං නිස්සාය ඉමං දුක්ඛං පත්තොසී”ති පරිදෙවමානා පච්ඡතො පච්ඡතො අගමාසි. රාජපුරිසා “සීසමස්ස ඡින්දිස්සාමා”ති බොධිසත්තං උත්තානං නිපජ්ජාපෙසුං. තං දිස්වා සුජාතා අත්තනො සීලගුණං ආවජ්ජෙත්වා “නත්ථි වත මඤ්ඤෙ ඉමස්මිං ලොකෙ සීලවන්තානං විහෙඨකෙ පාපසාහසිකමනුස්සෙ නිසෙධෙතුං සමත්ථා දෙවතා නාමා”තිආදීනි වත්වා පඨමං ගාථමාහ –
ඉක්බිති රාජපුරුෂයෝ ඔහුට කසපහර හතර හතර බැගින් තලමින් දකුණු දොරටුවෙන් නගරයෙන් පිටමං කළාහුය. සුජාතාවද යානය හැර දෑස් ඔසවාගෙන හඬා වැළපෙමින් ස්වාමීනි! මා නිසා මේ දුකට පැමිණියේ යයි වැළපෙමින් පසුපස්සේ ගියාය. රාජපුරුෂයෝ මොහුගේ හිස සිඳෙන්නෙමුයි බෝසතාණන් වහන්සේ උඩුකුරුව හින්දවූහ. ඒ දැක සුජාතාව තමාගේ සීල ගුණය ආවර්ජනා කොට මේ ලෝකයේ සිල්වතුන් වෙහෙසන පව්කාර සැහැසි මිනිසුන් වලකා මැඩලිය හැකි දෙවි දේවතාවන් ඒකාන්තයෙන් නැතැයි සිතමි යනාදිය කියා වැළපෙමින්
“න සන්ති දෙවා පවසන්ති නූන, න හි නූන සන්ති ඉධ ලොකපාලා; සහසා කරොන්තානමසඤ්ඤතානං, න හි නූන සන්ති පටිසෙධිතාරො”ති.
න සන්ති දෙවා පවසන්ති නූන, සහනූන සන්ති ඉධ ලොකපාලා, සහසා කරොන්තානං අසඤ්ඤතානං, නහනූන සන්ති පටිසෙධිතාරො.
යන පළමු ගාථාව කීවාය.
“සිල්වතුන් රක්නා දෙවියෝ නැතැයි සිතමි. (එබඳු කටයුතුවලින්) බැහැර යෙතියි සිතමි. මෙලොව ලෝකපාලක දෙවියෝද නැතැයි සිතමි. අපරීක්ෂාකාරීවැ දරුණුකම් කරන්නා වූ දුශ්ශීලයන්ගේ දරුණු ක්‍රියා වළක්වන්නෝ ද නැතැයි සිතමි.”
තත්ථ න සන්ති, දෙවාති ඉමස්මිං ලොකෙ සීලවන්තානං ඔලොකනකා පාපානඤ්ච නිසෙධකා න සන්ති නූන දෙවා. පවසන්ති නූනාති එවරූපෙසු වා කිච්චෙසු උප්පන්නෙසු නූන පවසන්ති පවාසං ගච්ඡන්ති. ඉධ, ලොකපාලාති ඉමස්මිං ලොකෙ ලොකපාලසම්මතා සමණබ්රාහ්මණාපි සීලවන්තානං අනුග්ගාහකා න හි නූන සන්ති. සහසා කරොන්තානමසඤ්ඤතානන්ති සහසා අවීමංසිත්වා සාහසිකං දාරුණං කම්මං කරොන්තානං දුස්සීලානං. පටිසෙධිතාරොති එවරූපං කම්මං මා කරිත්ථ, න ලබ්භා එතං කාතුන්ති පටිසෙධෙන්තා නත්ථීති අත්ථො.
එහි, නසන්ති දෙවා යනු මේ ලෝකයේ සිල්වතුන් දෙස බලන්නා වූ පව් වලක්වන දෙවියෝ ඒකාන්තයෙන් නැත. පවසන්ති නූන යනු මෙබඳු ක්‍රියා ඇති වූ විට එ්කාන්තයෙන් බැහැර යති. ඉධලොකපාලා යනු මේ ලෝකයේ ලෝකපාලක සම්මත සිල්වතුන්ට අනුග්‍රහ කරන මහණ බමුණෝද, නහනූනසන්ති ඒකාන්තයෙන් නැත. සහසා කරොන්තානං අසඤ්ඤතානං යනු වහා, නොවිමසා සැහැසි දරුණු ක්‍රියා කරන්නා වූ දුසිලුන්ට, පටිසෙධිතාරො යනු මෙබඳු ක්‍රියා නො කරව්. මෙබඳු ක්‍රියා කරන්න නොලැබෙන්නේය යනුවෙන් වළක්වන්නෝ නැත.
එවං තාය සීලසම්පන්නාය පරිදෙවමානාය සක්කස්ස දෙවරඤ්ඤො නිසින්නාසනං උණ්හාකාරං දස්සෙසි, සක්කො “කො නු ඛො මං සක්කත්තතො චාවෙතුකාමො”ති ආවජ්ජෙන්තො ඉමං කාරණං ඤත්වා “බාරාණසිරාජා අතිඵරුසකම්මං කරොති, සීලසම්පන්නං සුජාතං කිලමෙති, ගන්තුං දානි මෙ වට්ටතී”ති දෙවලොකා ඔරුය්හ අත්තනො ආනුභාවෙන හත්ථිපිට්ඨෙ නිසින්නං තං පාපරාජානං හත්ථික්ඛන්ධතො ඔතාරෙත්වා ධම්මගණ්ඩිකාය උත්තානං නිපජ්ජාපෙත්වා බොධිසත්තං උක්ඛිපිත්වා සබ්බාලඞ්කාරෙහි අලඞ්කරිත්වා රාජවෙසං ගාහාපෙත්වා හත්ථික්ඛන්ධෙ නිසීදාපෙසි. රාජපුරිසා ඵරසුං උක්ඛිපිත්වා සීසං ඡින්දන්තා රඤ්ඤො සීසං ඡින්දිංසු, ඡින්නකාලෙයෙව චස්ස රඤ්ඤො සීසභාවං ජානිංසු. සක්කො දෙවරාජා දිස්සමානකසරීරෙනෙව බොධිසත්තස්ස සන්තිකං ගන්ත්වා බොධිසත්තස්ස රාජාභිසෙකං කත්වා සුජාතාය ච අග්ගමහෙසිට්ඨානං දාපෙසි. අමච්චා චෙව බ්රාහ්මණගහපතිකාදයො ච සක්කං දෙවරාජානං දිස්වා “අධම්මිකරාජා මාරිතො, ඉදානි අම්හෙහි සක්කදත්තිකො ධම්මිකරාජා ලද්ධො”ති සොමනස්සප්පත්තා අහෙසුං.
මෙසේ සිල්වත් වූ ඇය වැළපෙමින් කියනවිට සක්දෙව් රජු හුන් ආසනය උණුසුම් ආකාරයක් දැක්වීය. එවිට ශක්‍රයා කවරෙක් මා සක්දෙව් පදවියෙන් පහකරනු කැමැත්තෝදැයි සිහිපත් කරන්නේ මේ කරුණ දැන බරණැස් රජු ඉතා දරුණු ක්‍රියාවක් කරයි. සිල්වත් සුජාතාව වෙහෙසයි. දැන් මම එහි යන්නට වටියි යයි දෙව්ලොවින් බැස තමන්ගේ ආනුභාවයෙන් ඇතුපිට හිඳ යන්නා වූ ඒ පවිටු රජ ඇතුපිටින් බස්සවා දම්ගෙඩියෙහි උඩුකුරුව හිඳුවා බෝසතාණන් වහන්සේ ඔසවා තබා සියලු ආභරණයෙන් සරසා රජ වෙස් ගන්වා ඇතුපිට ඉන්දවීය. පොරොව ඔසවාගෙන සිටි, හිස සිඳින්නෝ (වධකයා) රජුගේ හිස සින්දෝය. සිඳි අවස්ථාවේදී රජුගේ හිස බව දැනගත්හ. සක්දෙවිඳු පෙනෙන සිරුරෙන් යුතුව බෝසතුන් සමීපයට ගොස් බෝසතාණන් වහන්සේට රාජාභිෂේකයත් සුජාතාවට අගමෙහෙසි තනතුරත් දෙවීය. ඇමතිවරුද බමුණු ගෘහපති ආදීහුද සක්දෙව් රජ දැක අදැහැමි රජු මරන ලදි. දැන් අප විසින් ශක්‍රයා විසින් දෙන ලද දැහැමි රජෙක් ලබන ලදී යයි සොම්නසට පත්වූහ.
සක්කොපි ආකාසෙ ඨත්වා “අයං වො සක්කදත්තිකො රාජා, ඉතො පට්ඨාය ධම්මෙන රජ්ජං කාරෙස්සති. සචෙ හි රාජා අධම්මිකො හොති, දෙවො අකාලෙ වස්සති, කාලෙ න වස්සති, ඡාතභයං රොගභයං සත්ථභයන්ති ඉමානි තීණි භයානි උපගතානෙව හොන්තී”ති ඔවදන්තො දුතියං ගාථමාහ –
ශක්‍රයාද අහසේ සිට මේ තොපට ශක්‍රයා දුන් රජතුමාය. මෙතැන් පටන් දැහැමින් රාජ්‍යය කරවන්නේය. යම් විදියකින් රජ අදැහැමි වෙයිද? අකල්වැසි වසියි. සුදුසු කලට වැසි නොවසියි. සාගිනි බිය, රෝග බිය හා ආයුධ බිය ඇතිවෙයි. මේ භය තුන පහව නොයන්නේ යයි ඔවා දෙමින්
“අකාලෙ වස්සතී තස්ස, කාලෙ තස්ස න වස්සති; සග්ගා ච චවති ඨානා, නනු සො තාවතා හතො”ති.
අකාලෙ වස්සති තස්ස කාලෙ තස්ස න වස්සති, සග්ගාච චවතිට්ඨානා නනුසො තාවතා හතො
යන දෙවන ගාථාව කීවේය.
(නොදැහැමි රජුගේ රාජ්‍යයෙහි) නොකල් වැසි වසී. ඒ රටෙහි කාලයෙහි නොවසී. ඒ නොදැහැමි රජ දෙව්ලොවින් මිදෙයි. (අපායෙහි උපදියි) ඒකාන්තයෙන් විනාශයට පත්විය.
තත්ථ අකාලෙති අධම්මිකරඤ්ඤො රජ්ජෙ අයුත්තකාලෙ සස්සානං පක්කකාලෙ වා ලායනමද්දනාදිකාලෙ වා දෙවො වස්සති. කාලෙති යුත්තපයුත්තකාලෙ වපනකාලෙ තරුණසස්සකාලෙ ගබ්භග්ගහණකාලෙ ච න වස්සති. සග්ගා ච චවති ඨානාති සග්ගසඞ්ඛාතා ඨානා දෙවලොකා චවතීති අත්ථො. අධම්මිකරාජා හි අප්පටිලාභවසෙන දෙවලොකා චවති නාම, සග්ගෙපි වා රජ්ජං කාරෙන්තො අධම්මිකරාජා තතො චවතීතිපි අත්ථො. නනු සො තාවතා හතොති නනු සො අධම්මිකො රාජා එත්තකෙන හතො හොති. අථ වා එකංසවාචී එත්ථ නු-කාරො, නෙසො එකංසෙන එත්තාවතා හතො, අට්ඨසු පන මහානිරයෙසු සොළසසු ච උස්සදනිරයෙසු දීඝරත්තං සො හඤ්ඤිස්සතීති අයමෙත්ථ අත්ථො.
එහි, අකාලෙ යනු අදැහැමි රජුන් රජකරන රාජ්‍යයෙහි නොකල්හි ගොයම් පැසෙන කාලයෙහි හෝ කපන පාගන කාලයෙහි හෝ වැස්ස වස්සති වසියි. කාලෙ යනු සුදුසුකල්හි වපුරණ කාලයේ පූදින්න ආසන්නයේ හෝ බණ්ඩි කාලයේ ද න වස්සති නොවසී. සග්ගා ච චවතිට්ඨානා යනු ස්වර්ග සංඛ්‍යාත තැනින් දෙව්ලොවින් යන අර්ථයි. අදැහැමි රජ දෙව්ලොව නො ඉපදීම දෙව්ලොවින් චුත වෙයි. සර්ගයෙහි හෝ රජකරන අදැහැමි රජ ඉන් චුත වෙයි යන අර්ථයි. නනු සො තාවතා හතො යු ඒකාන්තයෙන් ඒ අදැහැමි රජ එපමණින් මළේ වෙයි. නැතහොත් ඒකාන්ත බව කියන මෙහි ‘න’ කාරය ඔහු ඒකාන්තයෙන් මෙපමණකින් නැසුනේ නොවේ. අටමහා නිරයන්හිද සොළොස් ඔසුපත් නිරයන්හිද හෙතෙම නසනු ලබන්නේය යන මෙය මෙහි අර්ථයයි.
එවං සක්කො මහාජනස්ස ඔවාදං දත්වා අත්තනො දෙවට්ඨානමෙව අගමාසි. බොධිසත්තොපි ධම්මෙන රජ්ජං කාරෙත්වා සග්ගපුරං පූරෙසි.
ශක්‍රයා මෙසේ මහජනයාට අවවාද දී තමන්ගේ දෙව්ලොවටම ගියේය. බෝසතාණන් වහන්සේද දැහැමෙන් රාජ්‍යකොට සර්ගයට ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි – “තදා අධම්මිකරාජා දෙවදත්තො අහොසි, සක්කො අනුරුද්ධො, සුජාතා රාහුලමාතා, සක්කදත්තියරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව ගළපා වදාළ සේක. එකල අදැහැමි රජ දෙව්දත්ය. ශක්‍රයා අනුරුද්ධය. සුජාතාව රාහුල මාතාවයි. (යශෝධරාව) සක්කදත්තිය (ශක්‍රයා දුන්) රජ වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
මණිචොරජාතකවණ්ණනා චතුත්ථා.