යෙදුමෙන් කියවන්න

3. චූළපදුමජාතකවණ‍්ණනා 193 අට‍්ඨකථා

3. චූළපදුමජාතකවණ‍්ණනා (193)

3. චුල්ලපදුම ජාතකය (193)

අයමෙව සා අහමපි සො අනඤ‍්ඤොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උක‍්කණ‍්ඨිතභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. වත්‍ථු උම‍්මාදන‍්තීජාතකෙ (ජා· 2.20.57 ආදයො) ආවිභවිස‍්සති. සො පන භික‍්ඛු සත්‍ථාරා “සච‍්චං කිර ත්‍වං, භික‍්ඛු, උක‍්කණ‍්ඨිතො”ති වුත‍්තෙ “සච‍්චං, භගවා”ති වත්‍වා “කෙන පන ත්‍වං උක‍්කණ‍්ඨාපිතො”ති වුත‍්තෙ “අහං, භන‍්තෙ, එකං අලඞ‍්කතපටියත‍්තං මාතුගාමං දිස‍්වා කිලෙසානුවත‍්තකො හුත්‍වා උක‍්කණ‍්ඨිතොම‍්හී”ති ආහ. අථ නං සත්‍ථා “භික‍්ඛු, මාතුගාමො නාම අකතඤ‍්ඤූ මිත‍්තදුබ‍්භී බහුමායා, පොරාණකපණ‍්ඩිතාපි අත‍්තනො දක‍්ඛිණජාණුලොහිතං පායෙත්‍වා යාවජීවිතදානම‍්පි දත්‍වා මාතුගාමස‍්ස චිත‍්තං න ලභිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

අයමෙව සා අහම්පි අනඤ්ඤො යන මේ දේශනාව, බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් කලකිරුණු භික්‍ෂුවක මුල්කරගෙන වදාළ සේක. විස්තර කථාව උම්මදන්ත ජාතකයේ මතු ප්‍රකාශ වන්නේය. ඒ භික්‍ෂුව වනාහි බුදුරජාණන් වහන්සේ විසින් ඇත්තද මහණ? නුඹ කලකිරුණේදැයි විමසා වදාළ කල්හි, ඇත්තයි භාග්‍යවතුන් වහන්ස යයි කීවේය. කවරෙක් නුඹව කලකිරෙව්වේදැයි වදාළ කල්හි, ස්වාමීනි! මම අලංකාරකොට සරසන ලද එක් ස්ත්‍රියක දැක කෙලෙස් වසඟව ගොස් කලකිරුණෙමියි කීවේය. ඉක්බිති ඒ භික්‍ෂුවට බුදුරජාණන් වහන්සේ මහණ! ස්ත්‍රිය නම් කෙළෙහිගුණ නොදත්, මිත්‍රද්‍රෝහී දැඩි සිත් ඇත්තීය. පුරාණයේ නුවණ ඇති අය පවා තමන්ගේ දකුණු උරහිස පලා ලේ පොවා ජීවිත දානය දීමෙන් පවා ස්ත්‍රියගේ සිත නොලැබූහයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති, නාමග‍්ගහණදිවසෙ චස‍්ස “පදුමකුමාරො”ති නාමං අකංසු. තස‍්ස අපරෙන ඡ කනිට‍්ඨභාතිකා අහෙසුං. තෙ සත‍්තපි ජනා අනුපුබ‍්බෙන වුඩ‍්ඪිප‍්පත‍්තා ඝරාවාසං ගහෙත්‍වා රඤ‍්ඤො සහායා විය විචරන‍්ති. අථෙකදිවසං රාජා රාජඞ‍්ගණං ඔලොකෙන‍්තො ඨිතො තෙ මහාපරිවාරෙන රාජුපට‍්ඨානං ආගච‍්ඡන‍්තෙ දිස‍්වා “ඉමෙ මං වධිත්‍වා රජ‍්ජම‍්පි ගණ‍්හෙය්‍යු”න‍්ති ආසඞ‍්කං උප‍්පාදෙත්‍වා තෙ පක‍්කොසාපෙත්‍වා – “තාතා, තුම‍්හෙ ඉමස‍්මිං නගරෙ වසිතුං න ලභථ, අඤ‍්ඤත්‍ථ ගන‍්ත්‍වා මම අච‍්චයෙන ආගන‍්ත්‍වා කුලසන‍්තකං රජ‍්ජං ගණ‍්හථා”ති ආහ. තෙ පිතු වචනං සම‍්පටිච‍්ඡිත්‍වා රොදිත්‍වා කන්‍දිත්‍වා අත‍්තනො අත‍්තනො ඝරානි ගන‍්ත්‍වා පජාපතියො ආදාය “යත්‍ථ වා තත්‍ථ වා ගන‍්ත්‍වා ජීවිස‍්සාමා”ති නගරා නික‍්ඛමිත්‍වා මග‍්ගං ගච‍්ඡන‍්තා එකං කන‍්තාරං පත්‍වා අන‍්නපානං අලභමානා ඛුදං අධිවාසෙතුං අසක‍්කොන‍්තා “මයං ජීවමානා ඉත්‍ථියො ලභිස‍්සාමා”ති කනිට‍්ඨස‍්ස භරියං මාරෙත්‍වා තෙරස කොට‍්ඨාසෙ කත්‍වා මංසං ඛාදිංසු. බොධිසත‍්තො අත‍්තනො ච භරියාය ච ලද‍්ධකොට‍්ඨාසෙසු එකං ඨපෙත්‍වා එකං ද‍්වෙපි ඛාදිංසු. එවං ඡ දිවසෙ ඡ ඉත්‍ථියො මාරෙත්‍වා මංසං ඛාදිංසු.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ රජුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්සේක. නම් තබන දවසේ ඔහුට පදුම කුමාරයා යයි නම් කළහ. ඒ කුමාරයාට තවත් කණිටු සහෝදර කුමාරවරුන් හයදෙනෙක් සිටියහ. ඒ හත්දෙනාම පිළිවෙලින් වැඩිවියට පත්ව ගිහිගෙයට සම්බන්ධව (විවාහවී) රජතුමාගේ යහලුවන් මෙන් හැසිරෙත්. ඉක්බිති එක්දිනක් රජතුමා රජමිදුල බලමින් සිටියේ මහ පිරිවරින් රජුට උපස්ථාන කිරීමට එන්නා වූ ඒ කුමාරවරුන් දැක, මොවුහු මා මරා රාජ්‍යය ගන්නාහු යයි සැක උපදවා ඔවුන් කැදවා දරුවනි! තොපි මේ නගරයේ වාසය නොකරව්. අන් තැනකට ගොස් සිට මගේ ඇවෑමෙන් මෙහි අවුත් පරපුරට අයත් රාජ්‍යය ගනිව් යයි කීවේය. ඒ කුමාරවරු පියාගේ කීම පිළිගෙන හඬා වැළපී තම තමන්ගේ ගෙවලට ගොස් බිරින්දන් රැගෙන කොතැනකට හෝ ගොස් ජීවත් වන්නෙමුයි නුවරින් නික්මී මාර්ගයේ යන්නාහු එක් කාන්තාරයකට පැමිණියෝය. එහිදී ආහාරපාන නොලැබ සාගින්න ඉවසා සිටීමට නොහැකිව අපි ජීවත්ව සිටියොත් ස්ත්‍රීන් ලබන්නෙමුයි බාල සොයුරාගේ බිරිඳ මරා කොටස් දහතුනකට බෙදා මස් කෑවාහුය. බෝසතාණන් වහන්සේ තමන්ට හා බිරිඳට ලැබුණු කොටස්වලින් එක් කොටසක් තබා අනික බෙදාගෙන කෑවාහුය. මෙසේ දින හයක් බිරින්දන් හය දෙනෙකුම මරා මස් කෑවාහුය.

බොධිසත‍්තො පන දිවසෙ දිවසෙ එකෙකං ඨපෙත්‍වා ඡ කොට‍්ඨාසෙ ඨපෙසි. සත‍්තමෙ දිවසෙ “බොධිසත‍්තස‍්ස භරියං මාරෙස‍්සාමා”ති වුත‍්තෙ බොධිසත‍්තො තෙ ඡ කොට‍්ඨාසෙ තෙසං දත්‍වා “අජ‍්ජ තාව ඉමෙ ඡ කොට‍්ඨාසෙ ඛාදථ, ස‍්වෙ ජානිස‍්සාමා”ති වත්‍වා තෙසං මංසං ඛාදිත්‍වා නිද‍්දායනකාලෙ භරියං ගහෙත්‍වා පලායි. සා ථොකං ගන‍්ත්‍වා “ගන‍්තුං න සක‍්කොමි, සාමී”ති ආහ. අථ නං බොධිසත‍්තො ඛන්‍ධෙනාදාය අරුණුග‍්ගමනවෙලාය කන‍්තාරා නික‍්ඛමි. සා සූරියෙ උග‍්ගතෙ “පිපාසිතාම‍්හි, සාමී”ති ආහ. බොධිසත‍්තො “උදකං නත්‍ථි, භද‍්දෙ”ති වත්‍වා පුනප‍්පුනං කථිතෙ ඛග‍්ගෙන දක‍්ඛිණජාණුකං පහරිත්‍වා – “භද‍්දෙ, පානීයං නත්‍ථි, ඉදං පන මෙ දක‍්ඛිණජාණුලොහිතං පිවමානා නිසීදාහී”ති ආහ. සා තථා අකාසි. තෙ අනුපුබ‍්බෙන මහාගඞ‍්ගං පත්‍වා පිවිත්‍වා ච න‍්හත්‍වා ච ඵලාඵලං ඛාදිත්‍වා ඵාසුකට‍්ඨානෙ විස‍්සමිත්‍වා එකස‍්මිං ගඞ‍්ගානිවත‍්තනෙ අස‍්සමපදං මාපෙත්‍වා වාසං කප‍්පෙසුං.

බෝසතාණන් වහන්සේ පසුදින එක් එක් කොටස බැගින් කොටස් හයක් තැබූහ. සත්වෙනි දවසේ බෝසතාණන් වහන්සේගේ බිරිඳ මරන්නෙමුයි කී කල්හි බෝසතාණෝ ඒ කොටස් හය ඔවුන්ට දී අදට මේ කොටස් හය අනුභව කරව්. හෙටට වෙන විදියක් දනිමුයි කියා ඔවුන් මස් කා නිදන අවස්ථාවේ දී තම බිරිඳ රැගෙන පලා ගියහ. ඈ ටික දුරක් ගොස් යන්නට අපහසුයි ස්වාමීනියි කීවාය. ඉක්බිති බෝසතාණන් වහන්සේ ඇය කර තබාගෙන අරුණ නැගෙන වේලාවේදී කාන්තාරයෙන් නික්මුණු සේක. ඈ හිරු උදාවෙද්දී පිපාසයි ස්වාමීනියි කීවාය. බෝසතාණෝ සොඳුරිය, ජලය නැතැයි කියා, නැවත නැවතත් කියද්දී කඩුවෙන් දකුණු උරහිස පලා සොඳුරිය, ජලය නැත. මේ මාගේ දකුණු උරහිසේ ලේ බොමින් හිඳින්න යයි කීහ. ඈ එසේ කළාය. ඔවුන් දෙදෙනා අනුපිළිවෙලින් අවුත් ලොකු ගඟක් ළඟට පැමිණ පැන් බී නා ලොකු කුඩා පළතුරු කා පහසු තැනක විශ්‍රාම ගෙන ගංගාවක් නවතින එක්තරා තැනක ආශ්‍රමයක් තනාගෙන වාසය කළාහුය.

අථෙකදිවසං උපරිගඞ‍්ගාය රාජාපරාධිකං චොරං හත්‍ථපාදෙ ච කණ‍්ණනාසඤ‍්ච ඡින්‍දිත්‍වා එකස‍්මිං අම‍්බණකෙ නිපජ‍්ජාපෙත්‍වා මහාගඞ‍්ගාය පවාහෙසුං. සො මහන‍්තං අට‍්ටස‍්සරං කරොන‍්තො තං ඨානං පාපුණි. බොධිසත‍්තො තස‍්ස කරුණං පරිදෙවිතසද‍්දං සුත්‍වා “දුක‍්ඛප‍්පත‍්තො සත‍්තො මයි ඨිතෙ මා නස‍්සී”ති ගඞ‍්ගාතීරං ගන‍්ත්‍වා තං උත‍්තාරෙත්‍වා අස‍්සමපදං ආනෙත්‍වා කාසාවධොවනලෙපනාදීහි වණපටිකම‍්මං අකාසි. භරියා පනස‍්ස “එවරූපං නාම දුස‍්සීලං කුණ‍්ඨං ගඞ‍්ගාය ආවාහෙත්‍වා පටිජග‍්ගන‍්තො විචරතී”ති වත්‍වා තං කුණ‍්ඨං ජිගුච‍්ඡමානා නිට‍්ඨුභන‍්තී විචරති. බොධිසත‍්තො තස‍්ස වණෙසු සංවිරුළ‍්හෙසු භරියාය සද‍්ධිං තං අස‍්සමපදෙයෙව ඨපෙත්‍වා අටවිතො ඵලාඵලානි ආහරිත්‍වා තඤ‍්ච භරියඤ‍්ච පොසෙසි. තෙසු එවං වසන‍්තෙසු සා ඉත්‍ථී එතස‍්මිං කුණ‍්ඨෙ පටිබද‍්ධචිත‍්තා හුත්‍වා තෙන සද‍්ධිං අනාචාරං චරිත්‍වා එකෙනුපායෙන බොධිසත‍්තං මාරෙතුකාමා හුත්‍වා එවමාහ – “සාමි, අහං තුම‍්හාකං අංසෙ නිසීදිත්‍වා කන‍්තාරා නික‍්ඛමමානා එකං පබ‍්බතං ඔලොකෙත්‍වා අය්‍යෙ පබ‍්බතම‍්හි නිබ‍්බත‍්තදෙවතෙ ‘සචෙ අහං සාමිකෙන සද‍්ධිං අරොගා ජීවිතං ලභිස‍්සාමි, බලිකම‍්මං තෙ කරිස‍්සාමී’ති ආයාචිං, සා මං ඉදානි උත‍්තාසෙති, කරොමස‍්සා බලිකම‍්ම”න‍්ති. බොධිසත‍්තො තං මායං අජානන‍්තො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා බලිකම‍්මං සජ‍්ජෙත්‍වා තාය බලිභාජනං ගාහාපෙත්‍වා පබ‍්බතමත්‍ථකං අභිරුහි. අථ නං සා එවමාහ – “සාමි, දෙවතායපි ත්‍වඤ‍්ඤෙව උත‍්තමදෙවතා, පඨමං තාව තං වනපුප‍්ඵෙහි පූජෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා වන්‍දිත්‍වා පච‍්ඡා දෙවතාය බලිකම‍්මං කරිස‍්සාමී”ති. සා බොධිසත‍්තං පපාතාභිමුඛං ඨපෙත්‍වා වනපුප‍්ඵෙහි පූජෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා වන්‍දිතුකාමා විය හුත්‍වා පිට‍්ඨිපස‍්සෙ ඨත්‍වා පිට‍්ඨියං පහරිත්‍වා පපාතෙ පාතෙත්‍වා “දිට‍්ඨා මෙ පච‍්චාමිත‍්තස‍්ස පිට‍්ඨී”ති තුට‍්ඨමානසා පබ‍්බතා ඔරොහිත්‍වා කුණ‍්ඨස‍්ස සන‍්තිකං අගමාසි.

ඉක්බිති ගඟ මත්තෙහි රාජ අපරාධ කළ සොරෙකු අත් පාද කන් නාසාද කපා එක් ඔරුවක හිඳුවා මහ ගඟෙහි පා කර හැරියහ. ඒ කොටා මහා බැගෑපත් හඬක් පිට කරමින් ඒ ස්ථානයට පැමිණියේය. බෝසතාණන් වහන්සේ ඔහුගේ කරුණාබරිත හඬ අසා, දුකට පත් සත්ත්වයෙකු මා සිටිද්දී නොමැරේවායි ගංතෙරට ගොස් ඔහු ඔසවාගෙන අසපුවට ගෙනවුත් කසට වතුරෙන් තුවාල සෝදා බෙහෙත් ගල්වා තුවාලවලට ප්‍රතිකාර කළහ. බෝසත් බිරිඳ මෙබඳු කොටෙක් ගඟෙන් ගොඩට ගෙනවුත් ඇප උපස්ථාන කරන්නේ යයි කියා ඒ කොටා පිළිකුල් කරමින් කෙළ ගසමින් හැසිරෙයි. බෝසතාණන් වහන්සේ ඔහුගේ තුවාල සුව වූවාට පසු බිරිඳ සමග ඒ අසපුවෙහි රඳවා වනයෙන් ලොකු කුඩා ගෙඩි ගෙනවුත් කොටාද බිරිඳද පෝෂණය කරති. ඔවුන් මෙසේ වසන කල්හි ඒ ස්ත්‍රිය ඒ කොටා සමග පිළිබඳ සිත් ඇති වී ඔහු සමග අනාචාරයේ හැසිර, එක් උපායකින් බෝසතාණන් වහන්සේ මරනු කැමති වී මෙසේ කීවාය. ස්වාමීනි, මම නුඹ වහන්සේගේ උරෙහි හිඳගෙන කාන්තාරයෙන් නික්මෙද්දී එක්තරා පර්වතයක් දෙස බලා ආර්යයෙනි! පර්වතයට අරක්ගත් දේවතාවනි! ඉදින් මම සැමියා සමග සුවදායක ජීවිතයක් ලබන්නේ නම් ඔබවහන්සේට බලි පූජාවක් කරන්නෙමියි ආයාචනා කෙළෙමි. ඒ බාරය දැන් මා තැති ගන්වයි. බලි පූජාව කරමුයි කීවාය. බෝසතාණන් වහන්සේ ඒ ස්ත්‍රී මායම නොදන්නාහු යහපතැයි පිළිගෙන දේව පූජාව සූදානම් කර ඇය ලවා බලි පූජා භාජන ගෙන්වාගෙන පර්වතය මුදුනට නැංගාහ. ඉක්බිති ඔහුට ඈ මෙසේ කීවාය. ස්වාමීනි! දේවතාවන් අතරින් ඔබම උතුම් දේවතාවා වෙහි. එනිසා පළමුකොට ඔබට වනමලින් පුදා පැදකුණු කොට වැඳ පසුව දේවතාවාට දේව පූජාව කරන්නෙමියි කියා ඈ බෝසතාණන් වහන්සේ ප්‍රපාතයට අභිමුඛව තබා වනමලින් පුදා පැදකුණු කොට වඳින්න මෙන් සැරසී පිටිපස සිට පිටට ගසා ප්‍රපාතයට හෙළා මා විසින් සතුරා පිටුදකින ලදීයයි (සතුරාගෙන් නිදහස් වී යයි) සතුටු සිත් ඇතිව පර්වතයෙන් බැස කොටා සමීපයට ගියාය.

බොධිසත‍්තොපි පපාතානුසාරෙන පබ‍්බතා පතන‍්තො උදුම‍්බරරුක‍්ඛමත්‍ථකෙ එකස‍්මිං අකණ‍්ටකෙ පත‍්තසඤ‍්ඡන‍්නෙ ගුම‍්බෙ ලග‍්ගි, හෙට‍්ඨාපබ‍්බතං පන ඔරොහිතුං න සක‍්කා. සො උදුම‍්බරඵලානි ඛාදිත්‍වා සාඛන‍්තරෙ නිසීදි. අථෙකො මහාසරීරො ගොධරාජා හෙට‍්ඨාපබ‍්බතපාදතො අභිරුහිත්‍වා තස‍්මිං උදුම‍්බරඵලානි ඛාදති. සො තං දිවසං බොධිසත‍්තං දිස‍්වා පලායි, පුනදිවසෙ ආගන‍්ත්‍වා එකස‍්මිං පස‍්සෙ ඵලානි ඛාදිත්‍වා පක‍්කාමි. සො එවං පුනප‍්පුනං ආගච‍්ඡන‍්තො බොධිසත‍්තෙන සද‍්ධිං විස‍්සාසං ආපජ‍්ජිත්‍වා “ත්‍වං ඉමං ඨානං කෙන කාරණෙන ආගතොසී”ති පුච‍්ඡිත්‍වා “ඉමිනා නාම කාරණෙනා”ති වුත‍්තෙ “තෙන හි මා භායී”ති වත්‍වා බොධිසත‍්තං අත‍්තනො පිට‍්ඨියං නිපජ‍්ජාපෙත්‍වා ඔතාරෙත්‍වා අරඤ‍්ඤතො නික‍්ඛමිත්‍වා මහාමග‍්ගෙ ඨපෙත්‍වා “ත්‍වං ඉමිනා මග‍්ගෙන ගච‍්ඡාහී”ති උය්‍යොජෙත්‍වා අරඤ‍්ඤමෙව පාවිසි. බොධිසත‍්තො එකං ගාමකං ගන‍්ත්‍වා තත්‍ථෙව වසන‍්තො පිතු කාලකතභාවං සුත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා කුලසන‍්තකෙ රජ‍්ජෙ පතිට‍්ඨාය පදුමරාජා නාම හුත්‍වා දස රාජධම‍්මෙ අකොපෙත්‍වා ධම‍්මෙන රජ‍්ජං කාරෙන‍්තො චතූසු නගරද‍්වාරෙසු නගරමජ‍්ඣෙ නිවෙසනද‍්වාරෙති ඡ දානසාලායො කාරෙත්‍වා දෙවසිකං ඡ සතසහස‍්සානි විස‍්සජ‍්ජෙත්‍වා දානං අදාසි.

බෝසතාණන් වහන්සේද පර්වත ප්‍රපාතයෙන් වැටෙන්නාහු දිඹුල් ගසක් මත කටු නොමැති කොළවලින් ගහණ එක් ලැහැබක රැඳුනේය. පර්වතය යටට බසින්නට නොහැකි වූවාහු උන්වහන්සේ දිඹුල් කා අතු අතර හුන්නාහ. ඉක්බිති ලොකු ශරීරයක් ඇති එක් තලගොයෙක් පර්වත පාමුල සිට ගසට නැග එහි දිවුල්ගෙඩි කයි. ගොයා එදවස බෝසතුන් දැක පලා ගියේය. දෙවන දවසේ අවුත් එක් පැත්තක ගෙඩි කා ගියේය. මෙසේ ගොයා නැවත නැවතත් එහි එන්නේ බෝසතාණන් වහන්සේ සමග විශ්වාසයක් ඇතිවී නුඹ මේ තැනට කෙසේ ආවෙහිදැයි විමසා මෙනම් කාරණයෙන් යයි කී කල්හි එසේනම් බිය නොවන්නයි කියා බෝසතාණන් වහන්සේ තමන්ගේ පිට මත හිඳුවාගෙන බස්වා කැලෙන් නික්මී මහ මග හිඳුවා මේ මගින් යවයි බෝසතාණන් වහන්සේ යොමු කරවා ගොයා කැලයටම පිවිසියේය. බෝසතාණන් වහන්සේ එක් ගමකට ගොස් එහි වසමින් පියා කලුරිය කළ බව අසා බරණැස් නුවරට ගොස් පිය පරපුරට අයත් රාජ්‍යයෙහි පිහිටා පදුම නම් රජවී දසරාජ ධර්මය කඩ නොකරමින් දැහැමින් රජ කරවමින් නගරයෙහි දොරටු සතරෙහි ද නගර මධ්‍යයෙහිද නිවාස දොරටුවෙහිද යන ස්ථාන හයෙහි දන්සල් කරවා දවස් පතා හය ලක්ෂයක් වියදම්කොට දන් දුන්හ.

සාපි ඛො ඉත්‍ථී තං කුණ‍්ඨං ඛන්‍ධෙ නිසීදාපෙත්‍වා අරඤ‍්ඤා නික‍්ඛමිත්‍වා මනුස‍්සපථෙ භික‍්ඛං චරමානා යාගුභත‍්තං සංහරිත්‍වා තං කුණ‍්ඨං පොසෙසි. මනුස‍්සා “අයං තෙ කිං හොතී”ති පුච‍්ඡියමානා “අහං එතස‍්ස මාතුලධීතා, පිතුච‍්ඡාපුත‍්තො මෙ එසො, එතස‍්සෙව මං අදංසු, සාහං වජ‍්ඣප‍්පත‍්තම‍්පි අත‍්තනො සාමිකං උක‍්ඛිපිත්‍වා පරිහරන‍්තී භික‍්ඛං චරිත්‍වා පොසෙමී”ති. මනුස‍්සා “අයං පතිබ‍්බතා”ති තතො පට‍්ඨාය බහුතරං යාගුභත‍්තං අදංසු. අපරෙ පන ජනා එවමාහංසු – “ත්‍වං මා එවං විචරි, පදුමරාජා බාරාණසියං රජ‍්ජං කාරෙති, සකලජම‍්බුදීපං සඞ‍්ඛොභෙත්‍වා දානං දෙති, සො තං දිස‍්වා තුස‍්සිස‍්සති, තුට‍්ඨො තෙ බහුං ධනං දස‍්සති, තව සාමිකං ඉධෙව නිසීදාපෙත්‍වා ගච‍්ඡා”ති ථිරං කත්‍වා වෙත‍්තපච‍්ඡිං අදංසු. සා අනාචාරා තං කුණ‍්ඨං වෙත‍්තපච‍්ඡියං නිසීදාපෙත්‍වා පච‍්ඡිං උක‍්ඛිපිත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා දානසාලාසු භුඤ‍්ජමානා විචරති. බොධිසත‍්තො අලඞ‍්කතහත්‍ථික‍්ඛන්‍ධවරගතො දානග‍්ගං ගන‍්ත්‍වා අට‍්ඨන‍්නං වා දසන‍්නං වා සහත්‍ථා දානං දත්‍වා පුන ගෙහං ගච‍්ඡති . සා අනාචාරා තං කුණ‍්ඨං පච‍්ඡියං නිසීදාපෙත්‍වා පච‍්ඡිං උක‍්ඛිපිත්‍වා තස‍්ස ගමනමග‍්ගෙ අට‍්ඨාසි.

ඒ පවිටු ස්ත්‍රියද ඒ කොටා කරෙහි හිඳුවාගෙන කැලයෙන් නික්මී මිනිස් වාසයෙහි ආහාර සිඟමින් කැඳ බත් සකස් කර ඒ කොටා පෝෂණය කළාය. මොහු නුඹේ කවරෙක්දැයි විචාරණ අවස්ථාවේදී මම මොහුගේ මාමාගේ දුවයි. මොහු මගේ නැන්දාගේ පුතාය. (මව්පියෝ) මා ඔහුටම දුන්හ. ඒ මම දඬුවම් ලැබූ තම ස්වාමියා ඔසවාගෙන යමින් රැකබලා ගෙන හිඟා කා පෝෂණය කරමියි කීවාය. මිනිස්සු මේ තැනැත්තිය නියම පති භක්තිය ඇත්තියකැයි සිතා එතැන් පටන් වැඩිපුර කැඳ බත් දුන්නාහුය. වෙනත් අය ඇයට මෙසේ කීවාහුය. නුඹ මෙසේ නොහැසිරෙන්න. පදුම රජතුමා බරණැස රජ කරයි. සියලු දඹදිව කළඹා දන් දෙයි. එතුමා ඔබ දැක සතුටු වන්නේය. සතුටුව බොහෝ ධනය දෙයි. නුඹේ සැමියා මෙහි හිඳුවා ගෙන යවයි කියා වේවැල් කූඩයක් සකස්කොට දුන්නාහුය. ඒ වැරදි හැසිරීම් ඇති තැනැත්තිය ඒ කොටා වේවැල් කූඩයෙහි හිඳුවාගෙන පැස උස්සාගෙන බරණැස් නුවරට ගොස් දන්සැල්වල අනුභව කරමින් හැසිරෙන්නීය. බෝසතාණන් වහන්සේ සරසන ලද ඇතා පිට නැගි දන්සැල් වෙත ගොස් අට දෙනෙකුට හෝ දසදෙනෙකුට හෝ දන් දී නැවත මාළිගාවට යති. ඒ අනාචාර ස්ත්‍රිය ඒ කොට කූඩයෙහි හිඳුවාගෙන පැස ඔසවාගෙන ඒ රජුගේ ගමන්මග සිටියාය.

රාජා දිස‍්වා “කිං එත”න‍්ති පුච‍්ඡි. “එකා, දෙව, පතිබ‍්බතා”ති. අථ නං පක‍්කොසාපෙත්‍වා සඤ‍්ජානිත්‍වා කුණ‍්ඨං පච‍්ඡියා නීහරාපෙත්‍වා “අයං තෙ කිං හොතී”ති පුච‍්ඡි. සා “පිතුච‍්ඡාපුත‍්තො මෙ, දෙව, කුලදත‍්තිකො සාමිකො”ති ආහ. මනුස‍්සා තං අන‍්තරං අජානන‍්තා “අහො පතිබ‍්බතා”තිආදීනි වත්‍වා තං අනාචාරිත්‍ථිං වණ‍්ණයිංසු. පුන රාජා “අයං තෙ කුණ‍්ඨො කුලදත‍්තිකො සාමිකො”ති පුච‍්ඡි. සා රාජානං අසඤ‍්ජානන‍්තී “ආම, දෙවා”ති සූරා හුත්‍වා කථෙසි. අථ නං රාජා “කිං එස බාරාණසිරඤ‍්ඤො පුත‍්තො, නනු ත්‍වං පදුමකුමාරස‍්ස භරියා අසුකරඤ‍්ඤො ධීතා, අසුකා නාම මම ජාණුලොහිතං පිවිත්‍වා ඉමස‍්මිං කුණ‍්ඨෙ පටිබද‍්ධචිත‍්තා මං පපාතෙ පාතෙසි. සා ඉදානි ත්‍වං නලාටෙන මච‍්චුං ගහෙත්‍වා මං ‘මතො’ති මඤ‍්ඤමානා ඉමං ඨානං ආගතා, නනු අහං ජීවාමී”ති වත්‍වා අමච‍්චෙ ආමන‍්තෙත්‍වා “භො, අමච‍්චා නනු චාහං තුම‍්හෙහි පුට‍්ඨො එවං කථෙසිං ‘මම කනිට‍්ඨභාතිකා ඡ ඉත්‍ථියො මාරෙත්‍වා මංසං ඛාදිංසු, අහං පන මය‍්හං භරියං අරොගං කත්‍වා ගඞ‍්ගාතීරං නෙත්‍වා අස‍්සමපදෙ වසන‍්තො එකං වජ‍්ඣප‍්පත‍්තං කුණ‍්ඨං උත‍්තාරෙත්‍වා පටිජග‍්ගිං. සා ඉත්‍ථී එතස‍්මිං පටිබද‍්ධචිත‍්තා මං පබ‍්බතපාදෙ පාතෙසි. අහං අත‍්තනො මෙත‍්තචිත‍්තතාය ජීවිතං ලභි’න‍්ති. යාය අහං පබ‍්බතා පාතිතො, න සා අඤ‍්ඤා, එසා දුස‍්සීලා, සොපි වජ‍්ඣප‍්පත‍්තො කුණ‍්ඨො න අඤ‍්ඤො, අයමෙවා”ති වත්‍වා ඉමා ගාථා අවොච –

රජතුමා ඒ දැක මේ කිනම් තැනැත්තියක්දැයි (එහි සිටියවුන්ගෙන්) විචාළේය. ස්වාමීනි! එක් පතිවත රකින තැනැත්තියකියි කීහ. ඉක්බිති ඇය කැඳවා හැඳිනගෙන කොටා කූඩයෙන් ඉවත් කරවා මොහු තට කවරෙක් වන්නේදැයි විචාළේය. දේවයන් වහන්ස! මොහු මගේ නැන්දාගේ පුතාය. (මස්සිනා) කුලයෙන් දෙන ලද ස්වාමි පුරුෂයා යයි කීවා ය. ඒ අතර ඇති කථාව නොදන්නා වූ මිනිස්සු අනේ! පතිවත රකින දෙවඟනයි ආදිය කියා ඒ අනාචාරී ස්ත්‍රිය වර්ණනා කළහ. නැවත රජතුමා මේ කොටා කුලයෙන් සරණ පාවා දුන් සැමියාදැයි ඇගෙන් විචාළේය. ඈ රජතුමා නොහඳුනන්නී එසේය දේවයන් වහන්සයයි දැඩිව කීවාය. ඉක්බිති රජතුමා බරණැස් රජුගේ මේ පුතා කවරෙක්ද? ඔබ පදුම කුමාරයාගේ බිරිඳ නේද? අසවල් රජතුමාගේ දුව නේද? අසවල් නම් ඇත්තී නේද? යනුවෙන් ඇගෙන් විමසීය. මගේ උරහිස පලා ලේ බී මේ කොටා කෙරෙහි පිළිබඳ සිත් ඇතිව මා ප්‍රපාතයට හෙලුවෙහිය. දැන් ඒ නුඹ නළලෙහි මරණය රැගෙන මා මළේ යයි සිතාගෙන මෙතනට ආවෙහිද? මම තවම ජීවත් නොවෙම්දැයි කියා ඇමතියන් අමතා එම්බා ඇමතිවරුනි! නුඹලා විසින් විචාරණ ලද මම “මගේ බාල සහෝදරයෝ හය දෙනා භාර්යාවන් හය දෙනා මරා මස් කෑවාහුය. මම වනාහි මාගේ බිරිඳ නිරෝගි කොට ගංතෙරට ගෙන ගොස් අසපුවෙහි වසන්නේ වදයට පැමිණ වූ අත් පා නැති එක් කොටෙකු ඔසවා ගෙන අවුත් රැක්කෙමි. ඒ ස්ත්‍රිය කොටා ගැන පිළිබඳ සිත් ඇතිව මාව මරා දැමීමට පර්වතය පාමුලට හෙළුවාය. මම මගේ මෙත් සිත් බලයෙන් දිවි ලැබුවෙමියි මෙසේ නොකීවේමද? යම් තැනැත්තියක විසින් මම පර්වතයෙන් හෙළනු ලැබුවෙම්ද ඒ වෙනත් තැනැත්තියක් නොවේ. දුසිල් තැනැත්තියකි. මේ දුශ්ශීල තැනැත්තියමය. ඔහුට වධයට පත් කොටාමය. අනිකෙක් නොවේයයි කියා

“අයමෙව සා අහමපි සො අනඤ‍්ඤො, අයමෙව සො හත්‍ථච‍්ඡින‍්නො අනඤ‍්ඤො; යමාහ ‘කොමාරපතී මම’න‍්ති, වජ‍්ඣිත්‍ථියො නත්‍ථි ඉත්‍ථීසු සච‍්චං.

අයමෙව සා අහම්පි සො අනඤ්ඤො, අයමෙව සො හත්‍ථච්ඡින්නො අනඤ්ඤො, යමාහ කොමාර පතී මමන්ති, වජ්ඣිත්‍ථියො නත්‍ථි ඉත්‍ථීසු සච්චං.

“ඉමඤ‍්ච ජම‍්මං මුසලෙන හන‍්ත්‍වා, ලුද‍්දං ඡවං පරදාරූපසෙවිං; ඉමිස‍්සා ච නං පාපපතිබ‍්බතාය, ජීවන‍්තියා ඡින්‍දථ කණ‍්ණනාස”න‍්ති.

ඉමඤ්ච ජම්මං මුසලෙන හනත්‍වා, ලුද්දං ඡවං පරදාරූප සෙවිං, ඉමිස්සා ච නං පාප පතිබ්බතාය, ජීවන්තියා ඡින්‍දථ කණ්ණ නාසං.

යන මේ ගාථා කීවේය.

මෑ (මවිසින් පෝෂිත) ඒ තැනැත්තීමය. මමද (මැය පෝෂණය කළ තැනැත්තා මිස) අනිකෙක් නොවෙමි. අත් සිඳින ලද මේ කොටාද අනිකෙක් නොවේ. ම‌ගේ කුමාර කල හිමියායි. යමක් කීද ඕ තොමෝ මෑය. ස්ත්‍රීහු වධයට සුදුසුය. ස්ත්‍රීන් කෙරෙහි ඇත්තක් නැත.

රුදුරු වූ පහත් ගතිවලින් මළකඳක් බඳු වූ පර අඹුවන් සෙවුනා වූ ලාමක වූ මේ කොටා ද මෝල් ගසින් තලා දමවු. නින්දිත පතිවත ඇතිව ජීවත් වන්නා වූ මෑගේ කන් නාසා කපවු.

තත්‍ථ යමාහ කොමාරපතී මමන‍්ති යං එසා “අයං මෙ, කොමාරපති, කුලදත‍්තිකො සාමිකො”ති ආහ, අයමෙව සො, න අඤ‍්ඤො. “යමාහු , කොමාරපතී”තිපි පාඨො. අයමෙව හි පොත්‍ථකෙසු ලිඛිතො, තස‍්සාපි අයමෙවත්‍ථො, වචනවිපල‍්ලාසො පනෙත්‍ථ වෙදිතබ‍්බො. යඤ‍්හි රඤ‍්ඤා වුත‍්තං, තදෙව ඉධ ආගතං. වජ‍්ඣිත්‍ථියොති ඉත්‍ථියො නාම වජ‍්ඣා වධිතබ‍්බා එව. නත්‍ථි ඉත්‍ථීසු සච‍්චන‍්ති එතාසු සභාවො නාමෙකො නත්‍ථි. “ඉමඤ‍්ච ජම‍්ම”න‍්තිආදි ද‍්වින‍්නම‍්පි තෙසං දණ‍්ඩාණාපනවසෙන වුත‍්තං. තත්‍ථ ජම‍්මන‍්ති ලාමකං. මුසලෙන හන‍්ත්‍වාති මුසලෙන හනිත්‍වා පොථෙත්‍වා අට‍්ඨීනි භඤ‍්ජිත්‍වා චුණ‍්ණවිචුණ‍්ණං කත්‍වා. ලුද‍්දන‍්ති දාරුණං. ඡවන‍්ති ගුණාභාවෙන නිජ‍්ජීවං මතසදිසං. ඉමිස‍්සා ච නන‍්ති එත්‍ථ නන‍්ති නිපාතමත‍්තං, ඉමිස‍්සා ච පාපපතිබ‍්බතාය අනාචාරාය දුස‍්සීලාය ජීවන‍්තියාව කණ‍්ණනාසං ඡින්‍දථාති අත්‍ථො.

එහි, යමාහ කොමාරපතී මමං යු මේ තැනැත්තිය යමෙකුට මේ තෙමේ මගේ කුමාර කල ස්වාමියාය. කුලවැස්සන් (දෙමාපියන්) දුන් සැමියා යයි කීවාද අයමෙව සො න මේ ඔහුමය. අනිකෙක් නොවේ. යමාහු කුමාර පතී යනුද පාඨයකි. මෙයත් පොත්වල ලියන ලද්දේ වෙයි. එහිද මේ අර්ථයමයි. මෙහි වචන පෙරළීමක් පමණක් බව දතයුතුයි. යමක් රජතුමා විසින් කියන ලදද එයම මෙහි එන ලදි. වජ්ඣිත්‍ථියො යනු ස්ත්‍රීහු නම් වධයට පැමිණවිය යුතුයි. නැසිය යුතුමයි. නත්‍ථි ඉත්‍ථීසු සච්චං යනු ස්ත්‍රීන් ළඟ එක ස්වභාවයක් නැත. ඉමඤ්ච ජම්මං යනාදිය ඒ දෙදෙනාටම දඬුවම් පැමිණවීම් වශයෙන් කියන ලදි. එහි, ජම්මං යනු පහත්, නීච මුසලෙන හන්ත්‍වා යනු මෝල්ගසින් ගසා, තලා ඇට පොඩිකර සුණුවිසුණු කොට ලුද්දං යනු දරුණු වූ, ඡවං යනු ගුණයක් නැති බැවින් ජීවයක් නැති මළමිනියක් වැනි වූ, ඉමිස්සා ච නං යනු මෙහි නං යනු නිපාත මාත්‍රයකි. මේ පාපපතිබ්බතා නින්දිත පතිවත ඇති අනාචාරී වූ දුසින් වූ ජීවන්තියාව කණ්ණනාසං ඡන්‍දථ පණ ඇති තැනැත්තියගේ කන් නාසා කපවු යන අර්ථයි.

බොධිසත‍්තො කොධං අධිවාසෙතුං අසක‍්කොන‍්තො එවං තෙසං දණ‍්ඩං ආණාපෙත්‍වාපි න තථා කාරෙසි . කොපං පන මන්‍දං කත්‍වා යථා සා පච‍්ඡිං සීසතො ඔරොපෙතුං න සක‍්කොති, එවං ගාළ‍්හතරං බන්‍ධාපෙත්‍වා කුණ‍්ඨං තත්‍ථ පක‍්ඛිපාපෙත්‍වා අත‍්තනො විජිතා නීහරාපෙසි.

බෝසතාණන් වහන්සේ ක්‍රෝධය ඉවසිය නොහැකිව මෙසේ ඔවුන්ට දඬුවම් අණකරවාද එසේ නොකරවූහ. කෝපය අඩුකොට ඈට පැස හිසෙන් බිම තබන්න නොහැකි වන පරිදි දැඩිකොට බඳවා කොටා එහි හිඳුවා තම රාජ්‍ය සීමාවෙන් නෙරපා යැවූහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි – සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. “තදා ඡ භාතරො අඤ‍්ඤතරා ථෙරා අහෙසුං, භරියා චිඤ‍්චමාණවිකා, කුණ‍්ඨො දෙවදත‍්තො, ගොධරාජා ආනන්‍දො, පදුමරාජා පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනාකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර කලකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල සහෝදරයෝ හයදෙනා එක්තරා තෙරුන් වහන්සේලා හය නමක් වූහ. බිරිඳ චිංචි මානවිකාවයි. කොටා දෙව්දත්ය. තලගොයි රජා ආනන්දය. පදුම රජතුමා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

චූළපදුමජාතකවණ‍්ණනා තතියා.