යෙදුමෙන් කියවන්න

2. සිඞ‍්ගාලජාතකවණ‍්ණනා 152 අට‍්ඨකථා

2. සිඞ‍්ගාලජාතකවණ‍්ණනා (152)

2. සිඟාල ජාතකය (152)

අසමෙක‍්ඛිතකම‍්මන‍්තන‍්ති ඉදං සත්‍ථා කූටාගාරසාලායං විහරන‍්තො වෙසාලිවාසිකං එකං න‍්හාපිතපුත‍්තං ආරබ‍්භ කථෙසි. තස‍්ස කිර පිතා රාජූනං රාජොරොධානං රාජකුමාරානං රාජකුමාරිකානඤ‍්ච මස‍්සුකරණකෙසසණ‍්ඨපනඅට‍්ඨපදට‍්ඨපනාදීනි සබ‍්බකිච‍්චානි කරොති සද‍්ධො පසන‍්නො තිසරණගතො සමාදින‍්නපඤ‍්චසීලො, අන‍්තරන‍්තරෙ සත්‍ථු ධම‍්මං සුණන‍්තො කාලං වීතිනාමෙති. සො එකස‍්මිං දිවසෙ රාජනිවෙසනෙ කම‍්මං කාතුං ගච‍්ඡන‍්තො අත‍්තනො පුත‍්තං ගහෙත්‍වා ගතො. සො තත්‍ථ එකං දෙවච‍්ඡරාපටිභාගං අලඞ‍්කතපටියත‍්තං ලිච‍්ඡවිකුමාරිකං දිස‍්වා කිලෙසවසෙන පටිබද‍්ධචිත‍්තො හුත්‍වා පිතරා සද‍්ධිං රාජනිවෙසනා නික‍්ඛමිත්‍වා “එතං කුමාරිකං ලභමානො ජීවිස‍්සාමි, අලභමානස‍්ස මෙ එත්‍ථෙව මරණ”න‍්ති ආහාරුපච‍්ඡෙදං කත්‍වා මඤ‍්චකං පරිස‍්සජිත්‍වා නිපජ‍්ජි.

අසමෙක්ඛිතකම්මන්තං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩවාසය කරනසේක් විසල්නුවර වාසී එක්තරා කරණවෑමි පුත්‍රයෙකු අරබයා වදාළ සේක. ඔහුගේ පියා වනාහි රජතුමාගේ අන්තඃපුර බිසෝවරුන්ගේ, රජකුමරුවන්ගේ රාජ කුමාරිකාවන්ගේද රැවුල කැපීම, කෙස් සැකසීම, අන්දම් තැබීම ආදී සියලු කටයුතු කරයි. සැදැහැ ඇත්තේය. ප්‍රසන්නය. තෙරුවන් සරණ ගියේය. සමාදන් වූ පන්සිල් ඇත්තේය. අතරින් පතර බුදුරජාණන් වහන්සේගෙන් බණ අසමින් කාලය ගතකරයි. හෙතෙම එක්දිනක් රජමාලිගාවේ වැඩකිරීමට යන ගමන් තම පුත්‍රයාද රැගනෙ ගියේය. ඒ තරුණ පුත්‍රයා එහි දෙවඟනක් හා සමාන වූ අලංකාර කර සැරසුණු ලිච්ඡවී කුමාරිකාවක් දැක කෙලෙස් වසඟව පිළිබඳ සිත් ඇතිව පියා සමග රජ මාලිගාවෙන් නික්මී අවුත් අර රූපත් කුමාරිකාව ලැබෙන්නේ නම් ජීවත් වන්නෙමි. නොලැබෙන්නේ නම් මෙහිම මාගේ මරණය වන්නේ යයි ආහාර වර්ජනය කොට ඇඳ වැළඳගෙන හොත්තේය.

අථ නං පිතා උපසඞ‍්කමිත්‍වා “තාත, අවත්‍ථුම‍්හි ඡන්‍දරාගං මා කරි, හීනජච‍්චො ත්‍වං න‍්හාපිතපුත‍්තො, ලිච‍්ඡවිකුමාරිකා ඛත‍්තියධීතා ජාතිසම‍්පන‍්නා, න සා තුය‍්හං අනුච‍්ඡවිකා, අඤ‍්ඤං තෙ ජාතිගොත‍්තෙහි සදිසං කුමාරිකං ආනෙස‍්සාමී”ති ආහ. සො පිතු කථං න ගණ‍්හි. අථ නං මාතා භාතා භගිනී චූළපිතා චූළමාතාති සබ‍්බෙපි ඤාතකා චෙව මිත‍්තසුහජ‍්ජා ච සන‍්නිපතිත්‍වා සඤ‍්ඤාපෙන‍්තාපි සඤ‍්ඤාපෙතුං නාසක‍්ඛිංසු. සො තත්‍ථෙව සුස‍්සිත්‍වා පරිසුස‍්සිත්‍වා ජීවිතක‍්ඛයං පාපුණි. අථස‍්ස පිතා සරීරකිච‍්චපෙතකිච‍්චානි කත්‍වා තනුසොකො “සත්‍ථාරං වන්‍දිස‍්සාමී”ති බහුං ගන්‍ධමාලාවිලෙපනං ගහෙත්‍වා මහාවනං ගන‍්ත්‍වා සත්‍ථාරං පූජෙත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො “කිං නු ඛො, උපාසක, බහූනි දිවසානි න දිස‍්සසී”ති වුත‍්තෙ තමත්‍ථං ආරොචෙසි. සත්‍ථා “න ඛො, උපාසක, ඉදානෙව තව පුත‍්තො අවත්‍ථුස‍්මිං ඡන්‍දරාගං උප‍්පාදෙත්‍වා විනාසං පාපුණි, පුබ‍්බෙපි පත‍්තොයෙවා”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

ඉක්බිති පියතුමා ඔහු වෙත එළඹ දරුව! නොලැබිය යුතු දෙයට ආසා නොකරව. ඔබ පහත් ජම්මයක් ඇති කරණවෑමියෙකුගේ පුත්‍රයෙකි. ලිච්ඡවී කුමාරිකාව ක්‍ෂත්‍රිය දියණියකි. උසස් කුල ඇත්තීය. ඈ නුඹට නුසුදුසුය. නුඹේ ජාතියට ගෝත්‍රයට සමාන වෙනත් කුමාරිකාවක ගෙන එන්නෙමියි කීවේය. හෙතෙම පියාගේ කථාව පිළි නොගනියි. ඉක්බිති ඔහුට මව, සහෝදරයා, සහෝදරී, පුංචිඅම්මා, බාප්පා ආදී සියලුම නෑයෝද හිතමිත්‍රයෝද රැස්වීම කරුණු පැහැදිලි කළහ. ඒ ගැන අවබෝධ කරවීමට නොහැකි වූහ. ඔහු එහිම මලානික වී අතිශයින්ම මැලවී මරණයට පත්විය. ඉක්බිති ඔහුගේ පියා මළසිරුර පිළිබඳ කටයුතු ද මියගිය අය වෙනුවෙන් කරන කටයුතු ද නිමවා ශෝකය තුනීව ගියාට පසුව බුදුරජාණන් වහන්සේ වැඳපුදා ගන්නෙමියි බොහෝ සුවඳමල් විලවුන් ගෙන මහවනයට ගොස් උන්වහන්සේ වැඳපුදා එකත්පස්ව හුන්කල්හි උපාසකය! මෙතෙක් දවසක් නොදැක්කේ ඇයිදැයි වදාළ කල්හි පුතා පිළිබඳ සිද්ධිය දැනවීය. එවිට උන්වහන්සේ උපාසකය! නුඹේ පුතා නොලැබිය යුතු දෙය කෙරෙහි ආසාව උපදවා විනාශයට පත්වූයේ දැන් පමණක් නොවේ. පෙරත් විනාශයට පැමිණියේ යයි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො හිමවන‍්තපදෙසෙ සීහයොනියං නිබ‍්බත‍්ති. තස‍්ස ඡ කනිට‍්ඨභාතරො එකා ච භගිනී අහොසි, සබ‍්බෙපි කඤ‍්චනගුහායං වසන‍්ති. තස‍්සා පන ගුහාය අවිදූරෙ රජතපබ‍්බතෙ එකා ඵලිකගුහා අත්‍ථි, තත්‍ථෙකො සිඞ‍්ගාලො වසති. අපරභාගෙ සීහානං මාතාපිතරො කාලමකංසු. තෙ භගිනිං සීහපොතිකං කඤ‍්චනගුහායං ඨපෙත්‍වා ගොචරාය පක‍්කමිත්‍වා මංසං ආහරිත්‍වා තස‍්සා දෙන‍්ති. සො සිඞ‍්ගාලො තං සීහපොතිකං දිස‍්වා පටිබද‍්ධචිත‍්තො අහොසි. තස‍්සා පන මාතාපිතූනං ධරමානකාලෙ ඔකාසං නාලත්‍ථ, සො සත‍්තන‍්නම‍්පි තෙසං ගොචරාය පක‍්කන‍්තකාලෙ ඵලිකගුහාය ඔතරිත්‍වා කඤ‍්චනගුහාය ද‍්වාරං ගන‍්ත්‍වා සීහපොතිකාය පුරතො ලොකාමිසපටිසංයුත‍්තං එවරූපං රහස‍්සකථං කථෙසි – “සීහපොතිකෙ, අහම‍්පි චතුප‍්පදො, ත්‍වම‍්පි චතුප‍්පදා, ත්‍වං මෙ පජාපතී හොහි, අහං තෙ පති භවිස‍්සාමි, තෙ මයං සමග‍්ගා සම‍්මොදමානා වසිස‍්සාම, ත්‍වං ඉතො පට‍්ඨාය මං කිලෙසවසෙන සඞ‍්ගණ‍්හාහී”ති. සා තස‍්ස වචනං සුත්‍වා චින‍්තෙසි – “අයං සිඞ‍්ගාලො චතුප‍්පදානං අන‍්තරෙ හීනො පටිකුට‍්ඨො චණ‍්ඩාලසදිසො, මයං උත‍්තමරාජකුලසම‍්මතා, එස ඛො මයා සද‍්ධිං අසබ‍්භිං අනනුච‍්ඡවිකං කථං කථෙති, අහං එවරූපං කථං සුත්‍වා ජීවිතෙන කිං කරිස‍්සාමි, නාසාවාතං සන‍්නිරුජ‍්ඣිත්‍වා මරිස‍්සාමී”ති. අථස‍්සා එතදහොසි – “මය‍්හං එවමෙව මරණං අයුත‍්තං, භාතිකා තාව මෙ ආගච‍්ඡන‍්තු, තෙසං කථෙත්‍වා මරිස‍්සාමී”ති. සිඞ‍්ගාලොපි තස‍්සා සන‍්තිකා පටිවචනං අලභිත්‍වා “ඉදානි එසා මය‍්හං කුජ‍්ඣතී”ති දොමනස‍්සප‍්පත‍්තො ඵලිකගුහායං පවිසිත්‍වා නිපජ‍්ජි.

පෙර බරණැස් නුවර බඹදත් රජ කරද්දී බෝසතාණන් වහන්සේ හිමවත් පෙදෙසෙහි සිංහ යෝනියෙහි උපන් සේක. ඔහුට බාල සහෝදරයෝ හය දෙනෙක්ද එක් සහෝදරියක්ද වූහ. සියලු දෙනාම රන් ගුහාවක වාසය කරති. ඒ ගුහාවට නුදුරෙහි රිදී පර්වතයක එක් පළිඟු ගුහාවක් ඇත. එහි එක් හිවලෙක් වාසය කරයි. පසුකලෙක සිංහයන්ගේ මව්පියෝ මියපරලොව ගියාහුය. ඒ සිංහයා නැගණිය වූ සිංහ පෝතිකාව රන් ගුහාවෙහි රඳවා ගොදුරු පිණිස නික්මී මස් ගෙනවුත් ඇයට දෙත්. ඒ හිවලාද සිංහ පෝතිකාව දැක පිළිබඳ සිත් ඇතිවිය. ඇගේ මව්පියන් ජීවත්ව සිටියදී ඊට ඉඩක් ලැබුණේ නැත. හිවලා ඒ සත්දෙනාම ගොදුරු පිණිස ගියකල්හි පළිඟු ගුහාවෙන් බැස රන්ගුහාවේ දොරටුව ළඟට ගොස් සිංහ පෝතිකාවගේ ඉදිරියේ පස්කම් ගුණයෙන් යුත් මෙබඳු රහස් කථාවක් කීවේය. සිංහ පෝතිකාවෙනි! මමද සිව්පාවෙක් වෙමි. නුඹද සිව්පා දෙනකි. නුඹ මගේ බිරිඳ වෙව. මම නුඹේ ස්වාමියා වන්නෙමි. ඒ අපි සමගියෙන් සතුටින් වසන්නෙමු. නුඹ මෙතැන් පටන් ආදරයෙන් මට සංග්‍රහ කරව යනුයි. ඈ හිවලාගේ වචන අසා මේ හිවලා සිවුපාවුන් අතුරෙන් පහත්, නින්දා ලැබිය යුතු සැඩොලෙකු හා සමානය. අපි උතුම් රජ කුලයට හා සමානයි. මොහු වනාහි මා සමග අසභ්‍ය නුසුදුසු දෙයක් කියයි. මම මෙබඳු කථාවක් අසා ජීවිතයෙන් කුමක් කරන්නෙම්ද? හුස්ම හිරකරගෙන මැරෙන්නෙමියි සිතුවාය. අනතුරුව ඇයට මෙබඳු අදහසක් ඇතිවිය. මට මෙබඳු මරණයක් යුතු නොවේ. මගේ සහෝදරවරු එනතෙක් සිට ඔවුන්ට කියා මැරෙන්නෙමියි. හිවලාද ඇගේ සමීපයෙන් ප්‍රතිවචනයක් (උත්තරයක්) නොලබා දැන් මෑ මා කෙරෙහි බැඳීමක් නැතැයි දොම්නසට පැමිණ රිදී ගුහාවට පැමිණ නිදා ගත්තේය.

අථෙකො සීහපොතකො මහිංසවාරණාදීසු අඤ‍්ඤතරං වධිත්‍වා මංසං ඛාදිත්‍වා භගිනියා භාගං ආහරිත්‍වා “අම‍්ම, මංසං ඛාදස‍්සූ”ති ආහ. “භාතික, නාහං මංසං ඛාදාමි, මරිස‍්සාමී”ති. “කිං කාරණා”ති? සා තං පවත‍්තිං ආචික‍්ඛි. “ඉදානි කහං සො සිඞ‍්ගාලො”ති ච වුත‍්තෙ ඵලිකගුහායං නිපන‍්නං සිඞ‍්ගාලං “ආකාසෙ නිපන‍්නො”ති මඤ‍්ඤමානා “භාතික, කිං න පස‍්සසි, එසො රජතපබ‍්බතෙ ආකාසෙ නිපන‍්නො”ති. සීහපොතකො තස‍්ස ඵලිකගුහායං නිපන‍්නභාවං අජානන‍්තො “ආකාසෙ නිපන‍්නො”ති සඤ‍්ඤී හුත්‍වා “මාරෙස‍්සාමි න”න‍්ති සීහවෙගෙන පක‍්ඛන්‍දිත්‍වා ඵලිකගුහං හදයෙනෙව පහරි. සො හදයෙන ඵලිතෙන තත්‍ථෙව ජීවිතක‍්ඛයං පත්‍වා පබ‍්බතපාදෙ පති. අථාපරො ආගච‍්ඡි, සා තස‍්සපි තථෙව කථෙසි. සොපි තථෙව කත්‍වා ජීවිතක‍්ඛයං පත්‍වා පබ‍්බතපාදෙ පති.

ඉක්බිති එක් සිංහ පොව්වෙක් මීහරක් ඇතුන් ආදී සතුන් අතුරෙන් එක්තරා සතෙකු මරා මස් අනුභවකොට නැගණියගේ කොටස ගෙනවුත් නග! මස් අනුභව කරවයි කිවේය. සොයුර! මම මස් අනුභව නොකරමි. මැරෙන්නෙමියි කීවාය. කුමක් නිසාදැයි ඇසූවිට ඈ ඒ සිද්ධිය කීවාය. දැන් ඒ හිවලා කොහිදැයි විමසූවිට රිදී ගුහාවෙහි සිටින හිවලා අහසෙහි සිටින්නේ යයි සිතමින් සහෝදරය! කිම නොදක්නෙහිද? ඒ තෙමේ රිදී පර්වතයෙහි අහසෙහි හොත්තේය යි කීවාය. සිංහ පෝතකයා රිදී ගුහාවෙහි නිදන බව නොදන්නේ අහසෙහි නිදන්නේ යයි හැඟීමෙන් යුතුව හිවලා මරන්නෙමියි සිංහ වේගයෙන් පැන රිදී ගුහාවට පපුවෙන්ම පහර දුන්නේය. සිංහ පෝතකයා පැළුණු හදවතින් එහිම මරණයට පත්ව පර්වත පාමුල වැටුණේය.

එවං ඡසුපි භාතිකෙසු මතෙසු සබ‍්බපච‍්ඡා බොධිසත‍්තො ආගච‍්ඡි. සා තස‍්සපි තං කාරණං ආරොචෙත්‍වා “ඉදානි සො කුහි”න‍්ති වුත‍්තෙ “එසො රජතපබ‍්බතමත්‍ථකෙ ආකාසෙ නිපන‍්නො”ති ආහ. බොධිසත‍්තො චින‍්තෙසි – “සිඞ‍්ගාලානං ආකාසෙ පතිට‍්ඨා නාම නත්‍ථි, ඵලිකගුහායං නිපන‍්නකො භවිස‍්සතී”ති. සො පබ‍්බතපාදං ඔතරිත්‍වා ඡ භාතිකෙ මතෙ දිස‍්වා “ඉමෙ අත‍්තනො බාලතාය පරිග‍්ගණ‍්හනපඤ‍්ඤාය අභාවෙන ඵලිකගුහභාවං අජානිත්‍වා හදයෙන පහරිත්‍වා මතා භවිස‍්සන‍්ති, අසමෙක‍්ඛිත්‍වා අතිතුරිතං කරොන‍්තානං කම‍්මං නාම එවරූපං හොතී”ති වත්‍වා පඨමං ගාථමාහ –

ඉක්බිති අනෙක් සහෝදරයාද ආවේය. ඈ ඔහුට ද එසේ කීවාය. හෙතෙම එසේම කොට මරණයට පත්ව පර්වත පාමුල වැටුණේය. මෙසේ සහෝදරයන් හදදෙනෙකුම මළ කල්හි හැමටම පසු බෝසතාණන් වහන්සේ පැමිණි සේක. ඈ ඔහුටද ඒ කාරණය කියා දැන් ඒ හිවලා කොහිදැයි විමසූ කල්හි ඒ හිවලා රිදී පර්වත මතුවෙහි අහසෙහි නිදන්නේ යයි කීවාය. බෝසතාණන් වහන්සේ සිවලුන්ට අහසෙහි ආධාරයක් නම් නැත. රිදී ගුහාවෙහි නිදන්නෙකු වන්නේ යයි සිතූහ. හෙතෙම පර්වත පාමුලට බැස සහෝදරයන් හයදෙනා මරණයට පත්ව ඇති බව දැක මොවුහු තමන්ගේ මෝඩකම නිසා විමසීමේ නුවණ නොමැතිකමින් රිදී ගුහාව බව නොදන හදවතින් මැරුණාහු වන්නෝ යයි සිතා නොවිමසා ඉතා ඉක්මනින් ක්‍රියා කිරීමේ ප්‍රතිඵල මෙබඳු වේයයි කියා

“අසමෙක‍්ඛිතකම‍්මන‍්තං, තුරිතාභිනිපාතිනං; සානි කම‍්මානි තප‍්පෙන‍්ති, උණ‍්හංවජ‍්ඣොහිතං මුඛෙ”ති.

අසමෙක්ඛිත කම්මන්තං තුරිතාභි නිපාතිනං, සානි කම්මානි තප්පෙන්ති උණ්හං වජ්ඣොහිතං මුඛෙ.

යන පළමු ගාථාව කීවේය.

මනාකොට නොවිමසා කරන ලද ක්‍රියා ඇති (නොවිචාරා) වහා කටයුතු පටන් ගත්තා වූ පුද්ගලයා උණු අහරක් මුඛයෙහි තැබීමෙන් මුඛය දැවෙන්නා සේ තමන්ගේ ක්‍රියාවෝ (ඔහු) තවත්,

තත්‍ථ අසමෙක‍්ඛිතකම‍්මන‍්තං, තුරිතාභිනිපාතිනන‍්ති යො පුග‍්ගලො යං කම‍්මං කත‍්තුකාමො හොති, තත්‍ථ දොසං අසමෙක‍්ඛිත්‍වා අනුපධාරෙත්‍වා තුරිතො හුත්‍වා වෙගෙනෙව තං කම‍්මං කාතුං අභිනිපතති පක‍්ඛන්‍දති පටිපජ‍්ජති, තං අසමෙක‍්ඛිතකම‍්මන‍්තං තුරිතාභිනිපාතිනං එවං සානි කම‍්මානි තප‍්පෙන‍්ති, සොචෙන‍්ති කිලමෙන‍්ති. යථා කිං? උණ‍්හංවජ‍්ඣොහිතං මුඛෙති, යථා භුඤ‍්ජන‍්තෙන “ඉදං සීතලං ඉදං උණ‍්හ”න‍්ති අනුපධාරෙත්‍වා උණ‍්හං අජ‍්ඣොහරණීයං මුඛෙ අජ‍්ඣොහරිතං ඨපිතං මුඛම‍්පි කණ‍්ඨම‍්පි කුච‍්ඡිම‍්පි දහති සොචෙති කිලමෙති, එවං තථාරූපං පුග‍්ගලං සානි කම‍්මානි තප‍්පෙන‍්ති.

එහි, අසමෙක්ඛිත කම්මන්තං තුරිතාභි නිපාතිනං යනු යම් පුද්ගලයෙක් යම්කිසි ක්‍රියාවක් කරනු කැමැති වෙයි නම් එහි දොස් නොවිමසා සොයා නොබලා ඉක්මන් වී වේගයෙන් වහාම ඒ ක්‍රියා කරන්නට ඉදිරිපත් වෙයි. පනියි. පිළිපදියි නම් ඒ නොවිමසා කරන ලද ක්‍රියා ඇති වහා කටයුතු පටන් ගන්නා වූ ඒ පුද්ගලයා මෙසේ කරන ලද ඒ ක්‍රියාවෝ සානි කම්මානි තප්පෙන්ති ශෝකයට පමුණුවත්, ක්ලාන්ත කරත්. හරියට උණ්හං වජ්ඣොහිතං මුඛෙ යම්සේ අනුභව කරන්නෙකු විසින් මෙය සිසිල්ය. මෙය උණුසුම් යයි සොයා නොබලා ගිලිය යුතු උණුසුම් දෙයක් මුඛයට ඇතුල් කරයිද තබයිද මුඛයත් උගුරත්, ආමාසයත් දවයි. ඔහුද ක්ලාන්ත වෙයි. මෙසේ ඒ ක්‍රියාවෝ එබඳු පුද්ගලයා තවත්.

ඉති සො සීහො ඉමං ගාථං වත්‍වා “මම භාතිකා අනුපායකුසලතාය ‘සිඞ‍්ගාලං මාරෙස‍්සාමා’ති අතිවෙගෙන පක‍්ඛන්‍දිත්‍වා සයං මතා, අහං පන එවරූපං අකත්‍වා සිඞ‍්ගාලස‍්ස ඵලිකගුහායං නිපන‍්නස‍්සෙව හදයං ඵාලෙස‍්සාමී”ති සිඞ‍්ගාලස‍්ස ආරොහනඔරොහනමග‍්ගං සල‍්ලක‍්ඛෙත්‍වා තදභිමුඛො හුත්‍වා තික‍්ඛත‍්තුං සීහනාදං නදි, පථවියා සද‍්ධිං ආකාසං එකනින‍්නාදං අහොසි. සිඞ‍්ගාලස‍්ස ඵලිකගුහායං නිපන‍්නස‍්සෙව සීතතසිතස‍්ස හදයං ඵලි, සො තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපුණි.

ඉක්බිති ඒ සිංහයා මේ කථාව කියා මගේ සහෝදරවරු උපායෙහි අදක්‍ෂ බැවින් හිවලා මරන්නෙමුයි ඉතා වේගයෙන් පැන තමන්ම මළාහුය. මේ වනාහි මෙසේ නොකොට පළිඟු ගුහාවෙහි නිදන්නා වූ ම සිවලාගේ හදවත පලන්නෙමි යි සිතා සිංහයා සිවලා නගින බහින මාර්ගය සලකා මාර්ගයට මුහුණලා සිට තෙවරක් සිංහනාද කළේය. පොළොව සමග අහස එකනින්නාද විය. පළිඟු ගුහාවෙහි නිදන්නා වූ බියෙන් තැතිගත් සිවලාගේ හදවත පැළුණි. ඒ හිවලා එහිම මරණයට පත්විය.

සත්‍ථා “එවං සො සිඞ‍්ගාලො සීහනාදං සුත්‍වා ජීවිතක‍්ඛයං පත‍්තො”ති වත්‍වා අභිසම‍්බුද‍්ධො හුත්‍වා දුතියං ගාථමාහ –

බුදුරජාණන් වහන්සේ මෙසේ ඒ හිවලා සිංහනාදය අසා මරණයට පත්වූයේ යයි වදාරා අභිසම්බෝධියට පත්ව

“සීහො ච සීහනාදෙන, දද‍්දරං අභිනාදයි; සුත්‍වා සීහස‍්ස නිග‍්ඝොසං, සිඞ‍්ගාලො දද‍්දරෙ වසං; භීතො සන‍්තාසමාපාදි, හදයඤ‍්චස‍්ස අප‍්ඵලී”ති.

සීහොව සීහනාදෙන දද්දරං අභිනාදයි, සුත්‍වා සීහස්ස නිග්ඝොසං සිගාලො දද්දරෙ වසං, භී තො සන්තාස මාපාදි හදයං චස්ස අප්ඵලි.

යන දෙවන ගාථාව වදාළ සේක.

සිංහ තෙමේද සිංහ නාදයෙන් පර්වතය ඒකනාද කළේය. පර්වතයෙහි වසන්නා වූ හිවලා සිංහයාගේ මහ හඬ අසා මරබියෙන් බියපත් වූයේ තැති ගැන්මට පැමිණියේය. ඔහුගේ හෘදයද පැළුණේයි.

තත්‍ථ සීහොති චත‍්තාරො සීහා – තිණසීහො, පණ‍්ඩුසීහො, කාළසීහො, සුරත‍්තහත්‍ථපාදො කෙසරසීහොති. තෙසු කෙසරසීහො ඉධ අධිප‍්පෙතො. දද‍්දරං අභිනාදයීති තෙන අසනිපාතසද‍්දසදිසෙන භෙරවතරෙන සීහනාදෙන තං රජතපබ‍්බතං අභිනාදයි එකනින‍්නාදං අකාසි. දද‍්දරෙ වසන‍්ති ඵලිකමිස‍්සකෙ රජතපබ‍්බතෙ වසන‍්තො. භීතො සන‍්තාසමාපාදීති මරණභයෙන භීතො චිත‍්තුත්‍රාසං ආපාදි. හදයඤ‍්චස‍්ස අප‍්ඵලීති තෙන චස‍්ස භයෙන හදයං ඵලීති.

එහි සීහො යනු තණ කන සිංහයා, පඬුවන් පැහැ ඇති සිංහයා කලු සිංහයා, ඉතා රතු අත්පා ඇති කේසර සිංහයා යනුවෙන් සිංහයෝ සිව්දෙනෙකි. ඔවුන් අතුරෙන් කේසර සිංහයා මෙහි අදහස් කෙරේ. දද්දරං අභිනාදයි යනු සිංහයා විසින් හෙණ සියයක ශබ්දය තරම් භයානක සිංහ නාදයෙන් ඒ රිදී පර්වතය එකනින්නාද කෙළේය. දද්දරෙ වසං යනු පළිඟු මිශ්‍ර රිදී පර්වතයෙහි වසන්නාවූ, භීතො සන්තාස මාපාදි යනු මර බියෙන් බියපත් වූයේ සිතේ තැති ගැන්මට පැමිණියේය. හදයං චස්ස අප්ඵලී යනු ඒ හඬට බියෙන් මොහුගේ හදවත පැළුණේය.

එවං සීහො සිඞ‍්ගාලං ජීවිතක‍්ඛයං පාපෙත්‍වා භාතරො එකස‍්මිං ඨානෙ පටිච‍්ඡාදෙත්‍වා තෙසං මතභාවං භගිනියා ආචික‍්ඛිත්‍වා තං සමස‍්සාසෙත්‍වා යාවජීවං කඤ‍්චනගුහායං වසිත්‍වා යථාකම‍්මං ගතො.

මෙසේ සිංහයා, හිවලා මරණයට පමුණුවා සහෝදරවරුන් එක් ස්ථානයක සඟවා ඔවුන් මළබව නැගණියට කියා ඇය අස්වසා දිවි ඇති තෙක් රන් ගුහාවෙහි වාසයකොට කම් වූ පරිද්දෙන් පරළොව ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උපාසකො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. “තදා සිඞ‍්ගාලො න‍්හාපිතපුත‍්තො අහොසි, සීහපොතිකා ලිච‍්ඡවිකුමාරිකා, ඡ කනිට‍්ඨභාතරො අඤ‍්ඤතරථෙරා අහෙසුං, ජෙට‍්ඨභාතිකසීහො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය වදාරා ජාතක කථාව නිමවා වදාළ සේක. චතුරාර්ය සත්‍ය දේශනාව කෙළවර උපාසකයා සෝවාන් ඵලෙහි පිහිටියේය. එකල්හි හිවලා කරණවෑමි පුත්‍රයා විය. සිංහ පෝතිකාව ලිච්ඡවී කුමාරිකාවයි. සහෝදරවරු හයදෙනා එක්තරා තෙරවරුන් හයදෙනෙක් වූහ. දෙටු සහෝදර සිංහයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

සිඞ‍්ගාලජාතකවණ‍්ණනා දුතියා.