9. උභතොභට්ඨජාතකවණ්ණනා 139 අට්ඨකථා
9. උභතොභට්ඨජාතකවණ්ණනා (139)
9. උභතෝභට්ඨ ජාතකය (139)
අක්ඛී භින්නා පටො නට්ඨොති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො දෙවදත්තං ආරබ්භ කථෙසි. තදා කිර ධම්මසභායං භික්ඛූ කථං සමුට්ඨාපෙසුං “ආවුසො, සෙය්යථාපි නාම ඡවාලාතං උභතොපදිත්තං මජ්ඣෙ ගූථගතං නෙවාරඤ්ඤෙ කට්ඨත්ථං ඵරති, න ගාමෙ කට්ඨත්ථං ඵරති, එවමෙව දෙවදත්තො එවරූපෙ නිය්යානිකසාසනෙ පබ්බජිත්වා උභතො භට්ඨො උභතො පරිබාහිරො ජාතො, ගිහිපරිභොගා ච පරිහීනො, සාමඤ්ඤත්ථඤ්ච න පරිපූරෙතී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, දෙවදත්තො ඉදානෙව උභතො භට්ඨො හොති, අතීතෙපි උභතො භට්ඨො අහොසියෙවා”ති වත්වා අතීතං ආහරි.
“අක්ඛි භින්නා පටො නට්ඨොති” යන මේ ජාතක දේශනාව බුදු රජහු වේළුවනයෙහි වැඩ වසන සේක්, දෙව්දතුන් අරබයා දේශනා කළහ. එදින දම් සභාවෙහි භික්ෂූහු ඇවැත්නි, යම් සේ දෙපැත්තෙන් ගිනිගත් මැද අසූචි තැවරුණු ජවාලාභය (සොහොන් පෙනෙල්ලා) වනයෙහි දැව කාර්යය නො කෙරෙයි. ගමෙහි දර කාර්යය ද නො කෙරෙයි. දෙව්දත් මෙවැනි නිවනට පමුණුවන සසුනෙහි පැවිදි ව ගිහි සැපතින් ද ශ්‍රමණ ගුණයෙන් ද යන දෙපසින් ම ගිළිහුණේය. බැහැරවූවෙක් වූයේය. බුදු රජහු වැඩමවා මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නෙමු යි කී කල්හි, මහණෙනි, දෙව්දත් දෙපසින් ම පිරිහුණේ දැන් පමණක් නොවේ. පෙරත් එසේ ම පිරිහිණැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො රුක්ඛදෙවතා හුත්වා නිබ්බත්ති. තදා එකස්මිං ගාමකෙ බාළිසිකා වසන්ති. අථෙකො බාළිසිකො බළිසං ආදාය දහරෙන පුත්තෙන සද්ධිං යස්මිං සොබ්භෙ පකතියාපි බාළිසිකා මච්ඡෙ ගණ්හන්ති, තත්ථ ගන්ත්වා බළිසං ඛිපි. බළිසො උදකපටිච්ඡන්නෙ එකස්මිං ඛාණුකෙ ලග්ගි. බාළිසිකො තං ආකඩ්ඪිතුං අසක්කොන්තො චින්තෙසි “අයං බළිසො මහාමච්ඡෙ ලග්ගො භවිස්සති, පුත්තකං මාතු සන්තිකං පෙසෙත්වා පටිවිස්සකෙහි සද්ධිං කලහං කාරාපෙමි, එවං ඉතො න කොචි කොට්ඨාසං පච්චාසීසිස්සතී”ති. සො පුත්තං ආහ “ගච්ඡ, තාත, අම්හෙහි මහාමච්ඡස්ස ලද්ධභාවං මාතු ආචික්ඛාහි, ‘පටිවිස්සකෙහි කිර සද්ධිං කලහං කරොහී’ති වදෙහී”ති. සො පුත්තං පෙසෙත්වා බළිසං ආකඩ්ඪිතුං අසක්කොන්තො රජ්ජුච්ඡෙදනභයෙන උත්තරිසාටකං ථලෙ ඨපෙත්වා උදකං ඔතරිත්වා මච්ඡලොභෙන මච්ඡං උපධාරෙන්තො ඛාණුකෙහි පහරිත්වා ද්වෙපි අක්ඛීනි භින්දි. ථලෙ ඨපිතසාටකංපිස්ස චොරො හරි. සො වෙදනාප්පත්තො හුත්වා හත්ථෙන අක්ඛීනි උප්පීළයමානො ගහෙත්වා උදකා උත්තරිත්වා කම්පමානො සාටකං පරියෙසති.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු රුක් දෙවියෙක් වී උපන්හ. එකල එක් ගමක බිලී වැද්දෝ වෙසෙති. එක් බිලී වැද්දෙක් බිලි රැහැන ගෙන තම කුඩා පුතු සමග කවදත් මිනිසුන් බිලී බානා දිය හෙබට ගොස් බිලී රැහැන දැමීය. එය දියෙන් වැසුණු කණුවක රැඳුණි. බිලී වැද්දා තැත් කළ නමුත් බිලී රැහැන ඇදීමට නො හැකිව මෙසේ සිතීය. මේ බිලී රැහැන කිසියම් මහා මත්ස්‍යයකු විසින් ගිල්වන ලද්දේ වන. පුතු යවා අසල් වැසියන් සමග කලහ කැරවමි. එවිට කොටස් බලාපොරොත්තු නො වෙති යි පුතුට, දරුව, අපට මහා මත්ස්‍යයකු ලද බවත් අසල් වැසියන් සමග කළහ කළ යුතු බවත් කියව යි පුතු මව් වෙත යවා බිලි රැහැන ඇදීමට නො හැකි බැවින් රැහැන සිඳේය යන බියෙන් හැඳිවත ගොඩ තබා දියට බැස මත්ස්‍ය ලෝභයෙන් ඒ මේ අත සොයන්නේ, කණුවෙහි වැදී දෙඇසම කණ විණි. ගොඩ තුබූ හැඳිවත ද සොරෙක් ගෙන ගියේය. හෙතෙම මහත් වේදනාවෙන් උමතුව අතින් ඇස් වසාගෙන දියෙන් ගොඩ අවුත් සැලෙමින් ඇඳිවත සොයන්ට විය.
සාපිස්ස භරියා “කලහං කත්වා කස්සචි අපච්චාසීසනභාවං කරිස්සාමී”ති එකස්මිංයෙව කණ්ණෙ තාලපණ්ණං පිළන්ධිත්වා එකං අක්ඛිං උක්ඛලිමසියා අඤ්ජෙත්වා කුක්කුරං අඞ්කෙනාදාය පටිවිස්සකඝරං අගමාසි. අථ නං එකා සහායිකා එවමාහ “එකස්මිංයෙව තෙ කණ්ණෙ තාලපණ්ණං පිළන්ධිතං, එකං අක්ඛි අඤ්ජිතං, පියපුත්තං විය කුක්කුරං අඞ්කෙනාදාය ඝරතො ඝරං ගච්ඡසි, කිං උම්මත්තිකාසි ජාතා”ති. “නාහං උම්මත්තිකා, ත්වං පන මං අකාරණෙන අක්කොසසි පරිභාසසි, ඉදානි තං ගාමභොජකස්ස සන්තිකං ගන්ත්වා අට්ඨ කහාපණෙ දණ්ඩාපෙස්සාමී”ති එවං කලහං කත්වා උභොපි ගාමභොජකස්ස සන්තිකං අගමංසු. කලහෙ විසොධියමානෙ තස්සායෙව මත්ථකෙ දණ්ඩො පති. අථ නං බන්ධිත්වා “දණ්ඩං දෙහී”ති පොථෙතුං ආරභිංසු.
ඔහුගේ බිරිය ද අසල් වැසියන් සමග කලහ කොට බලාපොරොත්තු නො වන්නෙම් නම් කැරෙන්නෙමි සිතා එක් කනක තල්පතක් පැළඳ එක් ඇසක් වළන් දැළියෙහි තබරා බලු පැටියකු අතෙහි තබාගෙන අසල් වැසි ගොයකට ගියාය. ඉක්බිති, එක් යෙහෙළියක් මෙසේ කීවාය. එක් කනෙක තල්පතක් පැළඳ ඇසේ දැළි තවරා පුතකු මෙන් බලු පැටවකු අතින් ගෙන ගෙන්ගෙට යන්නෙහිය. තී උමතු වූවෙහි ද? මම උමතු වූ තැනැත්තියක් නො වෙමි. මට නිකරුණේ පරිභව කරන්නෙහිය. මම දැන් ගම් දෙටුවාට කියා කහවණු අටක් දඩ ගෙවීමට සලස්වමි. මෙසේ දෙදෙනා ම ඔවුනොවුන් කළහ කොට ගම් දෙටු වෙත ගියහ. කලහය පිළිබඳ විනිශ්චය කරන කල්හි ඇය මත ම දඩ වැටිණි. අනතුරු ව ඇය බැඳ දඩ ගෙවන සේ බල කැරෙමින් තලන්ට පටන් ගත්හ.
රුක්ඛදෙවතා ගාමෙ තස්සා ඉමං පවත්තිං, අරඤ්ඤෙ චස්සා පතිනො තං බ්යසනං දිස්වා ඛන්ධන්තරෙ ඨිතා “භො පුරිස, තුය්හං උදකෙපි කම්මන්තො පදුට්ඨො ථලෙපි, උභතොභට්ඨො ජාතො”ති වත්වා ඉමං ගාථමාහ –
රුක් දෙවියා ගමෙහි ඇය පිළිබඳ පුවතත් වනයෙහි ඇගේ හිමියාගේ ව්‍යසනයන් දැක කඳතුර සිට එම්බා පුරුෂය, විලයෙහි තගේ ක්‍රියාත් නිශ්ඵල විය. ගොඩ ක්‍රියාත් එසේ මය. දෙපසින් ම පිරිහී ගියේ යි කියා මේ ගාථාව කීහ.
“අක්ඛී භින්නා පටො නට්ඨො, සඛිගෙහෙ ච භණ්ඩනං; උභතො පදුට්ඨා කම්මන්තා, උදකම්හි ථලම්හි චා”ති.
“අක්ඛි භින්නා පටෙ නට්ඨො සඛීගෙහෙ ච භණ්ඩනං, උභතො පදුට්ඨකම්මන්තො උදකම්හි ථලම්හි චාති”
“ඇස් නැසුණේය. ඇඳිවත නටුයේය. තාගේ බිරිය යෙහෙළිය හා ගෙහි කළහය. දිය ගොඩ දෙක්හි ම අධික ක්‍රියා විය.”
තත්ථ සඛිගෙහෙ ච භණ්ඩනන්ති සඛී නාම සහායිකා, තස්සා ච ගෙහෙ තව භරියාය භණ්ඩනං කතං, භණ්ඩනං කත්වා බන්ධිත්වා පොථෙත්වා දණ්ඩං දාපියති. උභතො පදුට්ඨා කම්මන්තාති එවං තව ද්වීසුපි ඨානෙසු කම්මන්තා පදුට්ඨායෙව භින්නායෙව. කතරෙසු ද්වීසු? උදකම්හි ථලම්හි චාති, අක්ඛිභෙදෙන පටනාසෙන ච උදකෙ කම්මන්තා පදුට්ඨා, සඛිගෙහෙ භණ්ඩනෙන ථලෙ කම්මන්තා පදුට්ඨාති.
එහි, “සඛීගෙහෙ ච භණ්ඩනං”, සඛී නම් යෙහෙළියයි. ඇගේ ගෙදර තාගේ බිරිය විසින් කළහ කරන ලද්දේය. දබර කිරීම නිසා ඇය බැඳ තලා දඩ ගෙවීමට සලස්වා ඇත. “උභතො පදුට්ඨකම්මන්තො”, මෙසේ දෙතන්හි ම ක්‍රියා දූෂණය විය. නැසුණේය. කවර නම් දෙතන්හි ද, “ථලම්හි”, ඇස් අඳ වීමනේ ද වස්ත්‍රය නැති වීමෙන් ද දියෙහි ක්‍රියා නටුවේය. යෙහෙළි ගෙහි කළහයෙන් ගොඩ ක්‍රියා ද නටුයේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි “තදා බාළිසිකො දෙවදත්තො අහොසි, රුක්ඛදෙවතා පන අහමෙව අහොසි”න්ති.
බුදුහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවූහ. එදා බිලි වැද්දා නම් දෙව්දත් විය. රුක් දෙවියා වනාහි මම ම වීමි.
උභතොභට්ඨජාතකවණ්ණනා නවමා.