8. ගොධාජාතකවණ්ණනා 138 අට්ඨකථා
8. ගොධාජාතකවණ්ණනා (138)
8. ගෝධ ජාතකය (138)
කිං තෙ ජටාහි දුම්මෙධාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං කුහකභික්ඛුං ආරබ්භ කථෙසි. පච්චුප්පන්නවත්ථු හෙට්ඨා කථිතසදිසමෙව.
“කි තෙ ජටාහි දුම්මෙධාති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, කුහක හෙවත් නැති ගුණ පෙන්වන භික්ෂුවක් අරබයා දෙසූහ. මෙහි වත්මන් කථාව යට කියන ලද කථා හා සමාන වේ.
අතීතෙ පන බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො ගොධායොනියං පටිසන්ධිං ගණ්හි. තදා එකො පඤ්චාභිඤ්ඤො උග්ගතපො තාපසො එකං පච්චන්තගාමං නිස්සාය අරඤ්ඤායතනෙ පණ්ණසාලායං වසති, ගාමවාසිනො තාපසං සක්කච්චං උපට්ඨහන්ති. බොධිසත්තො තස්ස චඞ්කමනකොටියං එකස්මිං වම්මිකෙ වසති, වසන්තො ච පන දිවසෙ දිවසෙ ද්වෙ තයො වාරෙ තාපසං උපසඞ්කමිත්වා ධම්මූපසංහිතං අත්ථූපසංහිතඤ්ච වචනං සුත්වා තාපසං වන්දිත්වා වසනට්ඨානමෙව ගච්ඡති. අපරභාගෙ තාපසො ගාමවාසිනො ආපුච්ඡිත්වා පක්කාමි. පක්කමන්තෙ ච පන තස්මිං සීලවතසම්පන්නෙ තාපසෙ අඤ්ඤො කූටතාපසො ආගන්ත්වා තස්මිං අස්සමපදෙ වාසං කප්පෙසි. බොධිසත්තො “අයම්පි සීලවා”ති සල්ලක්ඛෙත්වා පුරිමනයෙනෙව තස්ස සන්තිකං අගමාසි.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු තලගොයි යෝනියෙහි පිළිසිඳ ගත්හ. එකල්හි අභිඤ්ඤාණ පස උපදවා ගත් උසස් සිල් ගුණ ඇති තවුසෙක් පසල් ගමක් ඇසුරු කොට වන පෙදෙසක පන්සලක වෙසෙයි. ගම් වැසියෝ තවුසාට සැලකිළිමත් ව උවටැන් කරති. බෝසත්හු සක්මන් මඟ කෙළවර තුඹසක වෙසෙති. ඒ අතර දිනපතා ද දෙතුන්වරක් තවුසන් වෙත අවුත් අර්ථ ධර්ම යුත් කථා අසා වැඳ තුඹසට ම යයි. පසුකලෙක තවුසා ගම් වැසියන් විචාරා බැහැර ගියේය. ඒ සිල්වතින් පිරිපුන් තවුසා බැහැර වූ කල්හි වෙනත් දුසිල් තවුසෙක් එම අසපුවට අවුත් වාසය කළේය. බෝසත්හු මොහු ද සිල්වත් තවුසෙකැ යි සිතා පෙර මෙන් ම ඔහු වෙතට ද ගියහ.
අථෙකදිවසං නිදාඝසමයෙ අකාලමෙඝෙ වුට්ඨෙ වම්මිකෙහි මක්ඛිකා නික්ඛමිංසු, තාසං ඛාදනත්ථං ගොධා ආහිණ්ඩිංසු. ගාමවාසිනො නික්ඛමිත්වා මක්ඛිකාඛාදකා ගොධා ගහෙත්වා සිනිද්ධසම්භාරසංයුත්තං අම්බිලානම්බිලං ගොධාමංසං සම්පාදෙත්වා තාපසස්ස අදංසු. තාපසො ගොධාමංසං ඛාදිත්වා රසතණ්හාය බද්ධො “ඉදං මංසං අතිමධුරං, කිස්ස මංසං නාමෙත”න්ති පුච්ඡිත්වා “ගොධාමංස”න්ති සුත්වා “මම සන්තිකං මහාගොධා ආගච්ඡති, තං මාරෙත්වා මංසං ඛාදිස්සාමී”ති චින්තෙසි. චින්තෙත්වා ච පන භාජනඤ්ච සප්පිලොණාදීනි ච ආහරාපෙත්වා එකමන්තෙ ඨපෙත්වා මුග්ගරමාදාය කාසාවෙන පටිච්ඡාදෙත්වා පණ්ණසාලාද්වාරෙ බොධිසත්තස්ස ආගමනං ඔලොකයමානො උපසන්තූපසන්තො විය හුත්වා නිසීදි බොධිසත්තො සායන්හසමයෙ “තාපසස්ස සන්තිකං ගමිස්සාමී”ති නික්ඛමිත්වා උපසඞ්කමන්තොව තස්ස ඉන්ද්රියවිප්පකාරං දිස්වා චින්තෙසි “නායං තාපසො අඤ්ඤෙසු දිවසෙසු නිසීදනාකාරෙන නිසින්නො, අජ්ජෙස මං ඔලොකෙන්තොපි දුට්ඨින්ද්රියො හුත්වා ඔලොකෙති, පරිග්ගණ්හිස්සාමි න”න්ති. සො තාපසස්ස හෙට්ඨාවාතෙ ඨත්වා ගොධාමංසගන්ධං ඝායිත්වා “ඉමිනා කූටතාපසෙන අජ්ජ ගොධාමංසං ඛාදිතං භවිස්සති, තෙනෙස රසතණ්හාය බද්ධො අජ්ජ මං අත්තනො සන්තිකං උපසඞ්කමන්තං මුග්ගරෙන පහරිත්වා මංසං පචිත්වා ඛාදිතුකාමො භවිස්සතී”ති තස්ස සන්තිකං අනුපගන්ත්වාව පටික්කමිත්වා විචරති.
නියම් කලෙක එක් දවසක් නො කල් වරුෂාවක් වට කල්හි තුඹසෙන් වේයෝ නික්මුණහ. උන් කෑම සඳහා තලගොයි එහි ආහ. ගම් වැසියෝ අවුත් බොහෝ තලගොයින් මරා රසවත් ලෙස ලුණු ඇඹුල් යොදා තලගොයි මස් පිස තවුසාට දුන්හ. තවුසා තලගොයි මස් අනුභව කොට රසයෙන් බැඳී මේ මස් ඉතා රසයි. කවර සතකුගේ මස්දැ යි තවුසා ඇසීය. තලගොයි මස් යි අසා මා ළඟට ද මහත් තලගොයෙක් එයි. ඌ මරා මස් කමි යි සිතා පිසන බඳුනක් ද ගිතෙල් ලුණු ඇඹුල් ආදිය ද ගෙන්වාගෙන පසෙක තබා මුගුරක් කසාවතින් වසා ගෙන පන්සල දොරටුව බෝසතුන්ගේ පැමිණීම බලමින් වෙනදාටත් වඩා ශාන්තව හුන්නේය. බෝසත්හු සවස් කාලයෙහි තවුසා වෙත යමි යි නික්මී යන අතර ඔහුගේ ඉඳුරන්ගේ වෙනස් බවක් දැක මෙසේ සිතූහ. මේ තවුසා හිඳිනා ආකාරය වෙනදා මෙන් නො වේ. අද මා දෙස බලන්නේ ද පවිටු ඇසිනි. ඔහු පරීක්ෂා කරමි යි බෝසත්හු තවුසාට යට වාතයෙහි සිට තලගොයි මස් ගඳ ආඝ්‍රාණය කොට අද මොහු තලගොයි මස් කන ලද්දේ විය යුතුය. එම නිසා මොහු රස තෘෂ්ණාවෙන් බැඳී මුගුරෙන් ගසා මා මරා කනු කැමැත්තේ වන්නේය යි ඔහු ළඟට නො ගොස් ආපසු හැරී හැසුරුණහ.
තාපසො බොධිසත්තස්ස අනාගමනභාවං ඤත්වා “ඉමිනා ‘අයං මං පහරිතුකාමො’ති ඤාතං භවිස්සති, තෙන කාරණෙන නාගච්ඡති, අනාගච්ඡන්තස්සාපිස්ස කුතො මුත්තී”ති මුග්ගරං නීහරිත්වා ඛිපි. සො තස්ස අග්ගනඞ්ගුට්ඨමෙව ආසාදෙසි. බොධිසත්තො වෙගෙන වම්මිකං පවිසිත්වා අඤ්ඤෙන ඡිද්දෙන සීසං උක්ඛිපිත්වා “අම්භො කූටජටිල, අහං තව සන්තිකං උපසඞ්කමන්තො ‘සීලවා’ති සඤ්ඤාය උපසඞ්කමිං, ඉදානි පන තෙ මයා කූටභාවො ඤාතො, තාදිසස්ස මහාචොරස්ස කිං ඉමිනා පබ්බජ්ජාලිඞ්ගෙනා”ති වත්වා තං ගරහන්තො ඉමං ගාථමාහ –
තවුසා බෝසතුන්ගේ නො පැමිණීම දැන මොහු විසින් තමා මැරීමට සූදානම් බව දැන ගත්තා විය යුතුය. එම නිසා ළඟට නො එන්නේය. නො පැමිණිය ද අද මාගෙන් මිදීමක් කොයින්දැ යි මුගුර ගෙන ගැසීය. මුගුර තලගොයාගේ නගුට අග පමණක් රිදවීය. බෝසත්හු ඉතා වේගයෙන් තුඹස තුළට ගොස් වෙනත් සිදුරකින් හිස ඔසවා, එම්බල හොර තවුස, මා තා වෙත පැමිණියේ සිල්වත් තවුසෙකැ යි යන හැඟීමෙනි. දැන් මම තාගේ හොර තවුස් බව දනිමි. තා වැනි මහා හොරකු හට මේ පැවිදි ආකල්පයෙන් ඇති ප්‍රයෝජනය කිමැ යි කියා ඔහුට ගරහමින් මේ ගාථාව කීහ.
“කිං තෙ ජටාහි දුම්මෙධ, කිං තෙ අජිනසාටියා; අබ්භන්තරං තෙ ගහනං, බාහිරං පරිමජ්ජසී”ති.
“කින්තෙ ජටාහි දුම්මෙධ, කින්තෙ අජිනසාටියා, අබ්භන්තරන්තෙ ගහණං බාහිරං පරිමජ්ජසීති”
“මෝඩය, තට තවුස් ජටාවෙන් කවර ඵලයක් ද? අඳුන් දිවි සමෙන් කවර වැඩක් ද? තාගේ සිත පවින් පිරී ඇත. බාහිර පෙනුම පමණක් තවුස් පිරිකරින් පිරිමැද තිබේ.”
තත්ථ කිං තෙ ජටාහි දුම්මෙධාති අම්භො දුම්මෙධ, නිප්පඤ්ඤ එතා පබ්බජිතෙන ධාරෙතබ්බා ජටා, පබ්බජ්ජාගුණරහිතස්ස කිං තෙ තාහි ජටාහීති අත්ථො. කිං තෙ අජිනසාටියාති අජිනසාටියා අනුච්ඡවිකස්ස සංවරස්ස අභාවකාලතො පට්ඨාය කිං තෙ අජිනසාටියා. අබ්භන්තරං තෙ ගහනන්ති තව අබ්භන්තරං හදයං රාගදොසමොහගහනෙන ගහනං පටිච්ඡන්නං. බාහිරං පරිමජ්ජසීති සො ත්වං අබ්භන්තරෙ ගහනෙ න්හානාදීහි චෙව ලිඞ්ගගහනෙන ච බාහිරං පරිමජ්ජසි, තං පරිමජ්ජන්තො කඤ්ජිකපූරිතලාබු විය විසපූරිතචාටි විය ආසීවිසපූරිතවම්මිකො විය ගූථපූරිතචිත්තඝටො විය ච බහිමට්ඨොව හොසි, කිං තයා චොරෙන ඉධ වසන්තෙන, සීඝං ඉතො පලායාහි, නො චෙ පලායසි, ගාමවාසීනං තෙ ආචික්ඛිත්වා නිග්ගහං කාරාපෙස්සාමීති.
එහි, “කින්තෙ ජටාහි දුම්මෙධ”, එම්බා මෝඩය, බාලය, මේ පැවිද්දකු විසින් දැරිය යුතු ජටාව තවුස් ගුණයක් නැති තට කවර ඵලයක් ද යන අර්ථයි. “කින්තෙ අජිනසාටියා”, අඳුන් දිවි සමට සුදුසු සංවරයක් නැති බැවින් ඉන් තට කවර වැඩක් ද? “අබ්භන්තරන්තෙ ගහණං”, තාගේ සිත රාග, දෝෂ, මෝහ අකුශලින් වැසී ඇත. “බාහිරං පරිමජ්ජසීති”, ඒ තා සිත අවුල් ව ඇති කල්හි, ස්ථානාදියෙන් ද ශ්රමණාකල්පය ගැනීමෙන් ද පිටත පිරිමදින්නෙහිය. පිරිසිදු කරන්නෙහිය. එසේ පිරිමැදීම කැඳ පිරවූ ලබු කබලක් මෙන් ද විෂ පිරවූ සැළියක් මෙන් ද සර්පයන් පිරුණු තුඹසක් මෙන් ද අසූචි පිරවූ විසිතුරු කළයක් මෙන් ද පිටත සිනිඳු ය. තා වැනි සොරකු මෙහි විසීමෙන් කවර වැඩක් ද? වහාම මෙතනින් පලා යව. පලා නො යන්නෙහි නම් තාගේ ස්වරූපය ගම් වැසියන්ට කියා ගර්හා කැරවන්නෙමි.
එවං බොධිසත්තො කූටතාපසං තජ්ජෙත්වා වම්මිකමෙව පාවිසි, කූටතාපසොපි තතො පක්කාමි.
මෙසේ බෝසත්හු පවිටු තවුසා බිය ගන්වා තුඹසට ම පිවිසියහ. තවුසා ද එතැනින් පලා ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා කූටතාපසො අයං කුහකො අහොසි, පුරිමො සීලවන්තතාපසො සාරිපුත්තො, ගොධාපණ්ඩිතො පන අහමෙව අහොසි”න්ති.
බුදුහු මේ කථාව ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදා පවිටු තවුසා කුහක භික්ෂුව විය. පළමු සිටි සිල්වත් තවුසා සැරියුත් තෙරණුවෝය. ගෝධ පණ්ඩිතයෝ මම ම වීමි.
ගොධාජාතකවණ්ණනා අට්ඨමා.