යෙදුමෙන් කියවන්න

7. බබ‍්බුජාතකවණ‍්ණනා 137 අට‍්ඨකථා

7. බබ‍්බුජාතකවණ‍්ණනා (137)

7. බබ්බු ජාතකය (137)

යත්‍ථෙකො ලභතෙ බබ‍්බූති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කාණමාතුසික‍්ඛාපදං (පාචි· 230 ආදයො) ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියඤ‍්හි කාණමාතා නාම ධීතුවසෙන පාකටනාමා උපාසිකා අහොසි සොතාපන‍්නා අරියසාවිකා. සා ධීතරං කාණං අඤ‍්ඤතරස‍්මිං ගාමකෙ සමානජාතිකස‍්ස පුරිසස‍්ස අදාසි. කාණා කෙනචිදෙව කරණීයෙන මාතු ඝරං අගමාසි. අථස‍්සා සාමිකො කතිපාහච‍්චයෙන දූතං පාහෙසි “ආගච‍්ඡතු කාණා, ඉච‍්ඡාමි කාණාය ආගමන”න‍්ති. කාණා දූතස‍්ස වචනං සුත්‍වා “අම‍්ම, ගමිස‍්සාමී”ති මාතරං ආපුච‍්ඡි. කාණමාතා “එත‍්තකං කාලං වසිත්‍වා කථං තුච‍්ඡහත්‍ථාව ගමිස‍්සසී”ති පූවං පචි. තස‍්මිංයෙව ඛණෙ එකො පිණ‍්ඩචාරිකො භික‍්ඛු තස‍්සා නිවෙසනං අගමාසි, උපාසිකා තං නිසීදාපෙත්‍වා පත‍්තපූරං පූවං දාපෙසි. සො භික‍්ඛු නික‍්ඛමිත්‍වා අඤ‍්ඤස‍්ස ආචික‍්ඛි, තස‍්සපි තථෙව දාපෙසි. සොපි නික‍්ඛමිත්‍වා අඤ‍්ඤස‍්ස ආචික‍්ඛි, තස‍්සපි තථෙවාති එවං චතුන‍්නං ජනානං දාපෙසි . යථාපටියත‍්තං පූවං පරික‍්ඛයං අගමාසි, කාණාය ගමනං න සම‍්පජ‍්ජි. අථස‍්සා සාමිකො දුතියම‍්පි, තතියම‍්පි දූතං පාහෙසි. තතියං පාහෙන‍්තො ච “සචෙ කාණා නාගච‍්ඡිස‍්සති, අහං අඤ‍්ඤං පජාපතිං ආනෙස‍්සාමී”ති පාහෙසි. තයොපි වාරෙ තෙනෙව උපායෙන ගමනං න සම‍්පජ‍්ජි, කාණාය සාමිකො අඤ‍්ඤං පජාපතිං ආනෙසි. කාණා තං පවත‍්තිං සුත්‍වා රොදමානා අට‍්ඨාසි.

“යත්‍ථෙකො ලභතෙ බබ්බූති” යන මේ ජාතකය බුදු රජහු දෙව්රම් වෙහෙර වසන සේක්, කාණමාතු සිකපදය අරබයා දෙසූහ. සැවැත් නුවර කාණමාතාගේ දියණිය නමින් ප්‍රකට උවැසියක් වූවාය. සෝවාන් වූ ආර්යය ශ්‍රාවිකාවක් වූවාය. ඕ කාණා නම් දියණිය පසල් ගමක කුලගොත් සම පුරුෂයකුට පාවා දුන්නාය. කාණා දිනක් කිසියම් කාර්යයක් සඳහා මව් ගෙදරට පැමිණියාය. ඉක්බිති, ඇගේ හිමියා දින කීපයකට පසුව කාණාවගේ පැමිණීම රිසියෙමි යි දූතයකු යැවීය. කාණා ව දූත වචනය අසා තම හිමි වෙත යාම සඳහා මවගෙන් විචාළාය. දියණිය මෙතෙක් කල් මෙහි සිට හිස් අතින් යවනු නො කැමැති ව ගමන සඳහා කැවුම් පිසුවාය. එකෙණෙහි පිඬු සිඟා වඩිමින් සිටි භික්‍ෂුවක් නිවසට වැඩියේය. කාණ මාතාව භික්‍ෂුව වඩා හිඳුවා පාත්‍රය පුරා කැවුම් පිළිගැන්වූවාය. භික්‍ෂුව තවත් භික්‍ෂුවකට ද කීවේය. මාතාව ඔහුට පාත්‍රය පුරා කැවුම් පිළිගැන්වූවාය. මෙසේ සිව් නමකට පිළිගැන්වීමෙන් පසු පිළියෙල කළ සියලු කැවුම් අවසන් විය. මේ නිසා කාණාවගේ ගමන නැවතිනි. ඇගේ හිමියා දෙවැනි වරටත් තෙවැනි වරටත් දූතයන් යැවීය. තෙවැනි දූතයා යවන විට ඉදින්, කාණා නො එන්නී නම් වෙනත් බිරියක් ගෙන එන බව කියා යැවීය. එවර ද කාණාවගේ ගමන වැළකිනි. ඇගේ ස්වාමියා වෙනත් බිරියක ගෙන ආවේය. මේ පුවත ඇසූ කාණා හඬමින් සිටියාය.

සත්‍ථා තං කාරණං ඤත්‍වා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය කාණමාතාය නිවෙසනං ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදිත්‍වා කාණමාතරං පුච‍්ඡි “කිස‍්සායං කාණා රොදතී”ති? “ඉමිනා නාම කාරණෙනා”ති ච සුත්‍වා කාණමාතරං සමස‍්සාසෙත්‍වා ධම‍්මිං කථං කථෙත්‍වා උට‍්ඨායාසනා විහාරං අගමාසි. අථ තෙසං චතුන‍්නං භික‍්ඛූනං තයො වාරෙ යථාපටියත‍්තපූවං ගහෙත්‍වා කාණාය ගමනස‍්ස උපච‍්ඡින‍්නභාවො භික‍්ඛුසඞ‍්ඝෙ පාකටො ජාතො. අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, චතූහි නාම භික‍්ඛූහි තයො වාරෙ කාණමාතාය පක‍්කපූවං ඛාදිත්‍වා කාණාය ගමනන‍්තරායං කත්‍වා සාමිකෙන පරිච‍්චත‍්තං ධීතරං නිස‍්සාය මහාඋපාසිකාය දොමනස‍්සං උප‍්පාදිත”න‍්ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව තෙ චත‍්තාරො භික‍්ඛූ කාණමාතාය සන‍්තකං ඛාදිත්‍වා තස‍්සා දොමනස‍්සං උප‍්පාදෙසුං, පුබ‍්බෙපි උප‍්පාදෙසුංයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

බුදු රජහු මෙකරුණ දැන පෙරවරු හැඳූ පොරවා පාසිවුරු ගෙන කාණ මාතාවගේ ගෘහයට වැඩමවා පැනවූ අසුනෙහි වැඩහිඳ කාණාව කුමක් නිසා හඬන්නීදැ යි විමසූහ. කාරණය දැනගත් බුදු රජහු දහම් දෙසා ඔවුන් සනසා හුනස්නෙන් නැඟිට විහාරයට වැඩියහ. භික්‍ෂූන් සිව් නමක් කාණාවගේ ගමන සඳහා පිළියෙල කළ කැවුම් තුන්වරක් ම පිළිගෙන ඇගේ ගමන වැළකුණු බව මහසඟන අතර ප්‍රකට විය. දිනක් භික්‍ෂූහු දම් සභාවෙහි මෙකරුණ මතු කළහ. ඇවැත්නි, භික්‍ෂූන් සතර නමක් තුන්වරක් කාණාවගේ ගමන සඳහා පිසූ කැවුම් අනුභව කොට ඇගේ ගමනට බාධා කිරීම නිසා ඇගේ සැමියා අත්හළ දියණිය නිසා කාණ මාතාවට මහත් දොම්නසක් ඉපදවීය. බුදුහු මේ සභාවට වැඩමවා මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින් හුන්නාහු යි කී කල්හි මහණෙනි, ඒ භික්‍ෂූන් සතර නම කාණ මාතාවට අයිති දේ අනුභව කොට ඇය දොම්නස් කළෝ දැන් පමණක් නො වෙයි. පෙර ද එසේ ම වූහැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො පාසාණකොට‍්ටකකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො පරියොදාතසිප‍්පො අහොසි. කාසිරට‍්ඨෙ එකස‍්මිං නිගමෙ එකො මහාවිභවො සෙට‍්ඨි අහොසි, තස‍්ස නිධානගතායෙව චත‍්තාලීස හිරඤ‍්ඤකොටියො අහෙසුං. අථස‍්ස භරියා කාලං කත්‍වා ධනසිනෙහෙන ගන‍්ත්‍වා ධනපිට‍්ඨියං මූසිකා හුත්‍වා නිබ‍්බත‍්ති. එවං අනුක‍්කමෙන සබ‍්බම‍්පි තං කුලං අබ‍්භත්‍ථං අගමාසි, වංසො උපච‍්ඡිජ‍්ජි. සො ගාමොපි ඡඩ‍්ඩිතො අපණ‍්ණත‍්තිකභාවං අගමාසි. තදා බොධිසත‍්තො තස‍්මිං පුරාණගාමට‍්ඨානෙ පාසාණෙ උප‍්පාටෙත්‍වා කොට‍්ටෙති. අථ සා මූසිකා ගොචරාය චරමානා බොධිසත‍්තං පුනප‍්පුනං පස‍්සන‍්තී උප‍්පන‍්නසිනෙහා හුත්‍වා චින‍්තෙසි “මය‍්හං ධනං බහු නික‍්කාරණෙන නස‍්සිස‍්සති, ඉමිනා සද‍්ධිං එකතො හුත්‍වා ඉදං ධනං දත්‍වා මංසං වික‍්කිණාපෙත්‍වා ඛාදිස‍්සාමී”ති. සා එකදිවසං එකං කහාපණං මුඛෙන ඩංසිත්‍වා බොධිසත‍්තස‍්ස සන‍්තිකං අගමාසි. සො තං දිස‍්වා පියවාචාය සමාලපන‍්තො “කිං නු ඛො, අම‍්ම, කහාපණං ගහෙත්‍වා ආගතාසී”ති ආහ. තාත, ඉමං ගහෙත්‍වා අත‍්තනාපි පරිභුඤ‍්ජ, මය‍්හම‍්පි මංසං ආහරාති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා කහාපණං ආදාය ඝරං ගන‍්ත්‍වා එකෙන මාසකෙන මංසං කිණිත්‍වා ආහරිත්‍වා තස‍්සා අදාසි. සා තං ගහෙත්‍වා අත‍්තනො නිවාසට‍්ඨානං ගන‍්ත්‍වා යථාරුචියා ඛාදි. තතො පට‍්ඨාය ඉමිනාව නියාමෙන දිවසෙ දිවසෙ බොධිසත‍්තස‍්ස කහාපණං දෙති, සොපිස‍්සා මංසං ආහරති.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු ගල් කඩන කුලයක ඉපිද වැඩිවිය පත්ව ශිල්පය ඉගෙන ගත්හ. එකල කාසී රට එක් නියම් ගමක මහත් සම්පත් ඇති සිටු කෙනෙක් වූහ. ඔහුට නිධානගත ධනය රන් සතලිස් කෙළක් විය. ඉක්බිති, ඔහුගේ බිරිය කළුරිය කොට ධනාශාව නිසා ධන නිධාන මතුපිට මී දෙනක් වී උපන්නාය. ක්‍රමයෙන් ඒ සිටු කුලය ද අභාවයට ගියේය. පෙළපත ද සිඳීගියේය. ගම ද අතහැර දමන ලදි. නම පවා මැකී ගියේය. එදවස බෝසත්හු පැරණි ගම පිහිටි තැන ගල මතුකොට කඩත් මීදෙන එතැනින් ගොදුරු පිණිස යන්නී, බෝසතුන් නැවත නැවත දැකීම නිසා හටගත් කුළුපග කම් ඇත්තී මෙසේ සිතුවාය. මගේ විශාල ධනය නිකරුණේ විනාශ වෙයි. මොහු සමග එකතුව මේ ධනය පරිභෝග කරමි. දිනක් එක් කහවණුවක් මුවින් ඩැහැගෙන බෝසතුන් වෙතට ගියේය. බෝසත්හු ඒ දැක මෑණියනි, කහවණුවක් රැගෙන ආවෙහිදැ යි විචාළහ. දරුව, මෙය ගෙන තමා ද පරිභෝග කොට මට මස් ගෙන එව යි කීවාය. බෝසත්හු ද මැනවැ යි පිළිගෙන කහවණුව ගෙන ගෙට ගොස් එක් මස්සකින් මස් මිල දී ගෙන අවුත් මී දෙනට දුන්හ. ඇය ද එය තමා වසන තැනට ගෙන ගොස් කැමැති පරිදි කෑවාය. එතැන් පටන් මේ අයුරින් දිනපතා කහවණුව බැගින් බෝසතුන්ට දෙන්නීය. බෝසත්හු ද ඇයට මස් ගෙන අවුත් දෙයි.

අථෙකදිවසං තං මූසිකං බිළාරො අග‍්ගහෙසි. අථ නං සා එවමාහ “මා, සම‍්ම, මං මාරෙසී”ති. කිංකාරණා න මාරෙස‍්සාමි? අහඤ‍්හි ඡාතො මංසං ඛාදිතුකාමො, න සක‍්කා මයා න මාරෙතුන‍්ති. කිං පන එකදිවසමෙව මංසං ඛාදිතුකාමොසි, උදාහු නිච‍්චකාලන‍්ති? “ලභමානො නිච‍්චකාලම‍්පි ඛාදිතුකාමොම‍්හී”ති. “යදි එවං අහං තෙ නිච‍්චකාලං මංසං දස‍්සාමි, විස‍්සජ‍්ජෙහි ම”න‍්ති. අථ නං බිළාරො “තෙන හි අප‍්පමත‍්තා හොහී”ති විස‍්සජ‍්ජෙසි. තතො පට‍්ඨාය සා අත‍්තනො ආභතං මංසං ද‍්වෙ කොට‍්ඨාසෙ කත්‍වා එකං බිළාරස‍්ස දෙති, එකං සයං ඛාදති. අථ නං එකදිවසං අඤ‍්ඤොපි බිළාරො අග‍්ගහෙසි, තම‍්පි තථෙව සඤ‍්ඤාපෙත්‍වා අත‍්තානං විස‍්සජ‍්ජාපෙසි. තතො පට‍්ඨාය තයො කොට‍්ඨාසෙ කත්‍වා ඛාදන‍්ති. පුන අඤ‍්ඤො අග‍්ගහෙසි, තම‍්පි තථෙව සඤ‍්ඤාපෙත්‍වා අත‍්තානං මොචාපෙසි. තතො පට‍්ඨාය චත‍්තාරො කොට‍්ඨාසෙ කත්‍වා ඛාදන‍්ති. පුන අඤ‍්ඤො අග‍්ගහෙසි, තම‍්පි තථෙව සඤ‍්ඤාපෙත්‍වා අත‍්තානං මොචාපෙසි. තතො පට‍්ඨාය පඤ‍්ච කොට‍්ඨාසෙ කත්‍වා ඛාදන‍්ති. සා පඤ‍්චමං කොට‍්ඨාසං ඛාදමානා අප‍්පාහාරතාය කිලන‍්තා කිසා අහොසි අප‍්පමංසලොහිතා

දිනක් බළලෙක් මූෂික ධේනුව අල්ලා ගත්තේය. එවිට ඇය ස්වාමීනි, මා නො මරන්න. මක්නිසා ද? මා බඩගිනි වේදනාවෙන් සිටිමි. එම නිසා තී නො මරා සිටිය නො හැකියි. කිම? ඔබ එක දවසක් පමණක් මස් කනු කැමැත්තේ ද? නැති නම් හැමදා ම මස් කනු කැමැත්තේ ද? ලැබෙන්නේ නම් හැමදා ම කනු කැමැත්තෙමි. එසේ නම් මම ඔබට හැමදා මස් දෙමි. මා අතහරිනු මැනවි. ඉක්බිති, බළලා කලහකාරී වනු යි පවසා මූෂික ධේනුව අත හැරියේය. එතැන් පටන් මූෂික ධේනුව තමාට ගෙන ආ මස් කොටස දෙකොටසක් කොට එක් කොටසක් බළලාට දෙයි. අනෙක් කොටස තමා කයි. තවත් දිනක වෙනත් බළලෙක් මූෂික ධේනුව අල්ලා ගත්තේය. මීච්චිය ඒ බළලාත් සනසා අතහරවා ගත්තාය. තුන්වෙනුව ඇය තවත් බළලෙක් අල්ලා ගත්තේය. ඔහු ද සනසා අතහරවා ගත්තේය. එතැන් පටන් තමාට ලැබෙන මස් කොටස තුන් කොටසක් කොට තිදෙනා ම කති. අනතුරු ව තවත් බළලෙක් ඇය ඩැහැ ගනී. පෙර මෙන් ඔහු ද සනසා තමා මුදවා ගත්තීය. එතැන් පටන් සතර කොටසක් කොට කති. තවත් දවසක ඇය වෙනත් බළලෙකුට ගොදුරු වූවාය. පෙර මෙන් ම උගෙන් මිදී පස් කොටසක් කොට කති. පස් වැනි කොටසට පත් වූ කල්හි ඇය අහර අඩු බවක් නිසා කෘෂ වී දුර්වල වූවාය. මස් ලේ අඩු විය.

බොධිසත‍්තො තං දිස‍්වා “අම‍්ම, කස‍්මා මිලාතාසී”ති වත්‍වා “ඉමිනා නාම කාරණෙනා”ති වුත‍්තෙ “ත්‍වං එත‍්තකං කාලං කස‍්මා මය‍්හං නාචික‍්ඛි, අහමෙත්‍ථ කාතබ‍්බං ජානිස‍්සාමී”ති තං සමස‍්සාසෙත්‍වා සුද‍්ධඵලිකපාසාණෙන ගුහං කත්‍වා ආහරිත්‍වා “අම‍්ම, ත්‍වං ඉමං ගුහං පවිසිත්‍වා නිපජ‍්ජිත්‍වා ආගතාගතානං ඵරුසාහි වාචාහි සන‍්තජ‍්ජෙය්‍යාසී”ති ආහ. සා ගුහං පවිසිත්‍වා නිපජ‍්ජි. අථෙකො බිළාරො ආගන‍්ත්‍වා “දෙහි, අජ‍්ජ මෙ මංස”න‍්ති ආහ. අථ නං මූසිකා “අරෙ, දුට‍්ඨබිළාර, කිං තෙ අහං මංසහාරිකා, අත‍්තනො පුත‍්තානං මංසං ඛාදා”ති තජ‍්ජෙසි. බිළාරො ඵලිකගුහාය නිපන‍්නභාවං අජානන‍්තො කොධවසෙන මූසිකං ගණ‍්හිස‍්සාමී”ති සහසාව පක‍්ඛන්‍දිත්‍වා හදයෙන ඵලිකගුහායං පහරි. තාවදෙවස‍්ස හදයං භිජ‍්ජි, අක‍්ඛීනි නික‍්ඛමනාකාරප‍්පත‍්තානි ජාතානි. සො තත්‍ථෙව ජීවිතක‍්ඛයං පත්‍වා එකමන‍්තං පටිච‍්ඡන‍්නට‍්ඨානෙ පති. එතෙනූපායෙන අපරොපි අපරොපීති චත‍්තාරොපි ජනා ජීවිතක‍්ඛයං පාපුණිංසු. තතො පට‍්ඨාය මූසිකා නිබ‍්භයා හුත්‍වා බොධිසත‍්තස‍්ස දෙවසිකං ද‍්වෙ තයො කහාපණෙ දෙති. එවං අනුක‍්කමෙන සබ‍්බම‍්පි ධනං බොධිසත‍්තස‍්සෙව අදාසි. තෙ උභොපි යාවජීවං මෙත‍්තිං අභින්‍දිත්‍වා යථාකම‍්මං ගතා.

බෝසත්හු ඒ දැක මෑණියනි, කුමක් නිසා මෙසේ වූවෙහිදැ යි අසා කාරණය කී කල්හි මට කාරණය නො කියන ලද්දේ මක් නිසා ද? මම මෙයට කළ යුතු දේ දුනිමි යි ඇය අස්වසා පිරිසිදු පළිඟු මෙන් ගුහාවක් කොට ගෙනවුත් මෑණියෙනි, ගුහාවට පිවිස වැතිරී පැමිණි පැමිණියන්ට නො සරුප් වචනයෙන් තර්ජනය කැරව යි කීහ. ඉක්බිති, එක බළලෙක් පැමිණ, මගේ මස් කොටස් දෙව යි කීය. එවිට මීච්චිය, එම්බල දුෂ්ට බළල, මම තොගේ මස් ගෙන යන්නියක් ද? තමාගේ ම පුතුන්ගේ මස් කව යි බිය ගැන්වූවාය. බළලා පළිඟු ගුහාවෙහි සිටින බව නො දැන නො ඉවසිල්ලෙන් මීච්චිය ඩැහැගනු සඳහා වහා පනිත් ම හදවත ගුහාවෙහි හැපී පැළිණි. ඇස් පිට පැන්නාක් මෙන් විය. එකෙණෙහිම බළලා මරණයට පත්ව එහි ම නො පෙනෙන තැනකට වැටිණි. මේ අයුරින්ම අනෙක් බළලුන් සිව් දෙනා ම මරණයට පැමිණියහ. එතැන් පටන් මී දෙන බිය නැතිව බෝසතුන්ට කහවණු දෙකක් තුනක් ගෙනවුත් දේනනීය. මේ අයුරින් ඒ සියලු ධනය බෝසතුන්ට දුන්නීය. ඒ දෙදෙනා දිවි ඇතිතෙක් ම මිතුරු බව නො බිඳී මරණින් මතු කම් වූ පරිදි ගියහ.

සත්‍ථා ඉමං අතීතං ආහරිත්‍වා අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමං ගාථමාහ –

බුදුහු කථා පුවත ගෙනහැර දක්වා මේ ගාථාව වදාළහ.

“යත්‍ථෙකො ලභතෙ බබ‍්බු, දුතියො තත්‍ථ ජායති; තතියො ච චතුත්‍ථො ච, ඉදං තෙ බබ‍්බුකා බිල”න‍්ති.

“යත්‍ථෙකො ලබතෙ බබ්බු දුතියො තත්‍ථ ජායති, තනියො ච චතත්‍ථො ච ඉදන්තෙ බබ්බුකා බිළන්ති”

“යම් තැනක බළලකු ගොදුරු ලබා ද එතැන දෙවැනි බළලකු ද උපදී. තෙවැන්නකු ද සිව්වැන්නකු ද උපදී. මේ තිගේ පළිඟු ගුහාවකි.”

තත්‍ථ යත්‍ථාති යස‍්මිං ඨානෙ. බබ‍්බූති බිළාරො. දුතියො තත්‍ථ ජායතීති යත්‍ථ එකො මූසිකං වා මංසං වා ලභති, දුතියොපි තත්‍ථ බිළාරො ජායති උප‍්පජ‍්ජති, තථා තතියො ච චතුත්‍ථො ච. එවං තෙ තදා චත‍්තාරො බිළාරා අහෙසුං. හුත්‍වා ච පන දිවසෙ දිවසෙ මංසං ඛාදන‍්තා තෙ බබ‍්බුකා ඉදං ඵලිකමයං බිලං උරෙන පහරිත්‍වා සබ‍්බෙපි ජීවිතක‍්ඛයං පත‍්තාති.

එහි, “යත්‍ථ”, යම් තැනක, “බබ්බු”, බළලාය. “දුතියො තත්‍ථ ජායති”, යම් තැනක මීයකු හෝ මාංශ ලබා ද එතැන දෙවැනි බළලකු ද ඇති වේ. එසේ ම “තතියො ච චතත්‍ථො ච”, එදා එහි බළලුන් පස් දෙනෙක් ඇති වූහ. උන් එසේ දිනපතා මස් කමින් “බබ්බුකා”, ඒ බළල්ලු පළිඟු ගුහාවට පයින් පහර දී මරණයට පත්වූහ.

එවං සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා චත‍්තාරො බිළාරා චත‍්තාරො භික‍්ඛූ අහෙසුං, මූසිකා කාණමාතා, පාසාණකොට‍්ටකමණිකාරො පන අහමෙව අහොසි”න‍්ති.

මෙසේ බුදුහු දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිම කළහ. එදින බළලුන් සතර දෙන ඒ භික්‍ෂූන් සතර දෙන වූහ. මී දෙන කාණ මාතාව වූවාය. ගල් වඩුවා වනාහි මම ම වීමි.

බබ‍්බුජාතකවණ‍්ණනා සත‍්තමා.