යෙදුමෙන් කියවන්න

6. සුවණ‍්ණහංසජාතකවණ‍්ණනා 136 අට‍්ඨකථා

6. සුවණ‍්ණහංසජාතකවණ‍්ණනා (136)

6. ස්වර්‍ණහංස ජාතකය (136)

යං ලද‍්ධං තෙන තුට‍්ඨබ‍්බන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියඤ‍්හි අඤ‍්ඤතරො උපාසකො භික‍්ඛුනිසඞ‍්ඝං ලසුණෙන පවාරෙත්‍වා ඛෙත‍්තපාලං ආණාපෙසි “සචෙ භික‍්ඛුනියො ආගච‍්ඡන‍්ති, එකෙකාය භික‍්ඛුනියා ද‍්වෙ තයො භණ‍්ඩිකෙ දෙහී”ති. තතො පට‍්ඨාය භික‍්ඛුනියො තස‍්ස ගෙහම‍්පි ඛෙත‍්තම‍්පි ලසුණත්‍ථාය ගච‍්ඡන‍්ති. අථෙකස‍්මිං උස‍්සවදිවසෙ තස‍්ස ගෙහෙ ලසුණං පරික‍්ඛයං අගමාසි. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී සපරිවාරා ගෙහං ගන‍්ත්‍වා “ලසුණෙනාවුසො අත්‍ථො”ති වත්‍වා “නත්‍ථය්‍යෙ, යථාභතං ලසුණං පරික‍්ඛීණං, ඛෙත‍්තං ගච‍්ඡථා”ති වුත‍්තා ඛෙත‍්තං ගන‍්ත්‍වා න මත‍්තං ජානිත්‍වා ලසුණං ආහරාපෙසි. ඛෙත‍්තපාලො උජ‍්ඣායි “කථඤ‍්හි නාම භික‍්ඛුනියො න මත‍්තං ජානිත්‍වා ලසුණං හරාපෙස‍්සන‍්තී”ති? තස‍්ස කථං සුත්‍වා යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා, තාපි, තාසං සුත්‍වා භික‍්ඛූපි, උජ‍්ඣායිංසු. උජ‍්ඣායිත්‍වා ච පන භගවතො එතමත්‍ථං ආරොචෙසුං. භගවා ථුල‍්ලනන්‍දං භික‍්ඛනිං ගරහිත්‍වා “භික‍්ඛවෙ, මහිච‍්ඡො පුග‍්ගලො නාම විජාතමාතුයාපි අප‍්පියො හොති අමනාපො, අප‍්පසන‍්නෙ පසාදෙතුං, පසන‍්නානං වා භිය්‍යොසොමත‍්තාය පසාදං ජනෙතුං, අනුප‍්පන‍්නං වා ලාභං උප‍්පාදෙතුං, උප‍්පන‍්නං වා පන ලාභං ථිරං කාතුං න සක‍්කොති. අප‍්පිච‍්ඡො පන පුග‍්ගලො අප‍්පසන‍්නෙ පසාදෙතුං, පසන‍්නානං වා භිය්‍යොසොමත‍්තාය පසාදං ජනෙතුං, අනුප‍්පන‍්නං වා ලාභං උප‍්පාදෙතුං, උප‍්පන‍්නං වා පන ලාභං ථිරං කාතුං සක‍්කොතී”තිආදිනා නයෙන භික‍්ඛූනං තදනුච‍්ඡවිකං ධම‍්මං කථෙත්‍වා “න, භික‍්ඛවෙ, ථුල‍්ලනන්‍දා ඉදානෙව මහිච‍්ඡා, පුබ‍්බෙපි මහිච‍්ඡායෙවා”ති වත්‍වා අතීතං ආහරි.

“යං ලද්ධං තෙන තුට්ඨබ්බන්ති” යන මේ ජාතකය බුදුහු දෙව්රම් වෙහෙර වසන සේක්, ථුල්ලානන්‍දා මෙහෙණ අරබයා දෙසූහ. සැවැත් නුවර එක්තරා උපාසකයෙක් ලුහුණු දෙමි යි පවසා මෙහෙණි සසුන පවරා, එක් මෙහෙණියක් පැමිණියහොත් මෙහෙණකට ලුහුණු බික් දෙක තුනක් දෙන ලෙස කෙත් පල්ලාට අණ කළේය. ඉන්පසු ඔහු මෙහෙණෝ ලුහුණු පිණිස කෙතට ද ගෘහයට ද යති. එක් උත්සව දිනයක ඔහුගේ ගෙදර ලුහුණු අවසන් විය. ථුල්ල නම් භික්‍ෂුණිය පිරිවර සමග ගෙදරට ගොස් පින්වත, ලුහුණු අවශ්‍යයැ යි කියා ආර්යාවන් ගෙනෙන ලද ලුහුණු අවසනය. කෙතට යන්නැ යි කිය. ඇය කෙතට ගොස් පමණ නො දැන ලුහුණු ගෙන්වා ගත්තාය. කෙත් පාලකයා දොස් කීය. මෙහෙණියෝ පමණ නො දැන ලුහුණු ගෙන්වා ගන්නාහුය. ඒ ඇසූ අල්පේච්ඡ භික්‍ෂූණීහු ද මෙපුවත දැනගත් භික්‍ෂූහු ද දොස් කීහ. බුදු රජුන්ට ද මෙකරුණ සැලකළහ. බුදු රජහු ථුල්ලනන්‍ද භික්‍ෂූණියට දොස් පවරා මහණෙනි, අධික ආශා ඇති පුද්ගලයා වැදූ මවට ද ප්‍රිය නො වේ. එසේ ම අප හුදුණවුන් පැහැදීමට හෝ පැහැදුණවුන් වඩවඩාත් පැහැදීමට හෝ නැති ලාභ ලැබීමට හෝ නො ලැබුණු ලාභ ලැබීමට හෝ උපන් ලාභ තහවුරු කිරීමට හෝ සමත් නොවී අල්පේච්ඡ පුද්ගලයා වනාහි නො පහන් අය පැහැදවීමටත් පහන් අය වඩාත් පහන් කිරීම සඳහාත් නො ලැබුණු ලාභ ලැබීමටත් ලැබුණු ලාභ වැඩිවීමටත් උපන් ලාභ තහවුරු වීමටත් සමත් වෙයි. මේ ආදී වශයෙන් භික්‍ෂූන්ට අවස්ථානෝචිත දැහැමි කථා කොට මහණෙනි, ථුල්ලනන්‍දා අතෘපති ආශා ඇත්තී, දැන් පමණක් නො වේ. පෙර ද එසේ වූවාය යි වදාරා ඉකුත් කතාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අඤ‍්ඤතරස‍්මිං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති. තස‍්ස වයප‍්පත‍්තස‍්ස සමානජාතිකා කුලා පජාපතිං ආහරිංසු. තස‍්සා නන්‍දා නන්‍දාවතී සුන්‍දරීනන්‍දාති තිස‍්සො ධීතරො අහෙසුං. තාසු පතිකුලං අගතාසුයෙව බොධිසත‍්තො කාලං කත්‍වා සුවණ‍්ණහංසයොනියං නිබ‍්බත‍්ති, ජාතිස‍්සරඤාණඤ‍්චස‍්ස උප‍්පජ‍්ජි. සො වයප‍්පත‍්තො සුවණ‍්ණසඤ‍්ඡන‍්නං සොභග‍්ගප‍්පත‍්තං මහන‍්තං අත‍්තභාවං දිස‍්වා “කුතො නු ඛො චවිත්‍වා අහං ඉධූපපන‍්නො”ති ආවජ‍්ජෙන‍්තො “මනුස‍්සලොකතො”ති ඤත්‍වා පුන “කථං නු ඛො මෙ බ්‍රාහ‍්මණී ච ධීතරො ච ජීවන‍්තී”ති උපධාරෙන‍්තො “පරෙසං භතිං කත්‍වා කිච‍්ඡෙන ජීවන‍්තී”ති ඤත්‍වා චින‍්තෙසි “මය‍්හං සරීරෙ සොවණ‍්ණමයානි පත‍්තානි කොට‍්ටනඝට‍්ටනඛමානි, ඉතො තාසං එකෙකං පත‍්තං දස‍්සාමි, තෙන මෙ පජාපති ච ධීතරො ච සුඛං ජීවිස‍්සන‍්තී”ති. සො තත්‍ථ ගන‍්ත්‍වා පිට‍්ඨිවංසකොටියං නිලීයි, බ්‍රාහ‍්මණී ච ධීතරො ච බොධිසත‍්තං දිස‍්වා “කුතො ආගතොසි, සාමී”ති පුච‍්ඡිංසු. “අහං තුම‍්හාකං පිතා කාලං කත්‍වා සුවණ‍්ණහංසයොනියං නිබ‍්බත‍්තො තුම‍්හෙ දට‍්ඨුං ආගතො. ඉතො පට‍්ඨාය තුම‍්හාකං පරෙසං භතිං කත්‍වා දුක‍්ඛජීවිකාය ජීවනකිච‍්චං නත්‍ථි, අහං වො එකෙකං පත‍්තං දස‍්සාමි, තං වික‍්කිණිත්‍වා සුඛෙන ජීවථා”ති එකං පත‍්තං දත්‍වා අගමාසි. සො එතෙනෙව නියාමෙන අන‍්තරන‍්තරා ආගන‍්ත්‍වා එකෙකං පත‍්තං දෙති, බ්‍රාහ‍්මණී ච ධීතරො ච අඩ‍්ඪා සුඛිතා අහෙසුං.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු එක්තරා බමුණු කුලයක උපන්හ. ඔහු වැඩිවියපත් වූ කල්හි සමජාතික කුලයකින් බිරියක පාවාගත්හ. ඇයට නන්දා, නන්දාවතී, සුන්දරනන්දා යි දියණියෝ තිදෙනෙක් වූහ. ඔවුන් පතිකුලයට යන්නට පෙර ම බෝසත්හු කළුරිය කොට රන් හස් යෝනියෙහි උපන්හ. ඔවුන්ට පෙර කඳපිළිවෙල දන්නා නුවණ ද උපන්නේය. ඔහු වැඩිවිය පත්වෙත් ම රන්වන් පියාපතින් ගැවසුණු ශෝභාමත් මහත් සිරුර දැක මම කොහි සිට මෙහි උපන්නෙමිදැ යි බලන්නහු, මනුෂ්‍ය ලෝකයෙහි සිට බව දැන නැවතත් බලන්නහු, බැමිණිය හා දියණියන් කෙසේ ජීවත් වන්නෝදැ යි විමසන කල්හි අනුන්ට බැලමෙහෙ කොට දුකින් ජීවත් වෙති යි දැන මෙසේ සිතීහ. මගේ සිරුරෙහි රන් පියාපත් කෙටීම් ගැටීම්වලට සුදුසුය. මම එක එක පියාපතක් දෙන්නෙම් නම් එයින් මගේ බිරිඳත් දියණියෝත් සැප සේ ජීවත් වන්නාහ. මෙසේ සිතූ බෝසත්හු ගෙදරට ගොස් ගෙයි පිටිපස කෙළවර සැඟවී සිටියහ. බැමිණිය හා දියණියෝ බෝසතුන් දැක හිමියනි, කොහි සිට ආවෙහිදැ යි විචාළහ. මම ඔබගේ පියා වෙමි. මරණින් පසු රණ හංසයෙක් වී උපන්නෙමි. ඔබ දැකීම සඳහා මෙහි පැමිණියෙමි. මෙතැන් පටන් අනුන්ට බැලමෙහෙ කොට දුක සේ ජීවත් වීම අවශ්‍ය නො වේ. මම ඔබට එක එක පියාපතක් දෙමි. එය විකුණා සුව සේ ජීවත් වනු යි කියා එක් පියාපතක් දී ගියේය. බෝසත්හු මේ ක්‍රමයෙන් අතරතුර අවුත් එක එක පියාපතක් දී යති. බැමිණිය හා දියණියෝ ධනයෙන් සම්පූර්ණ ව සැපවත් වූහ.

අථෙකදිවසං සා බ්‍රාහ‍්මණී ධීතරො ආමන‍්තෙසි “අම‍්මා, තිරච‍්ඡානානං නාම චිත‍්තං දුජ‍්ජානං. කදාචි වො පිතා ඉධ නාගච‍්ඡෙය්‍ය, ඉදානිස‍්ස ආගතකාලෙ සබ‍්බානි පත‍්තානිපි ලුඤ‍්චිත්‍වා ගණ‍්හාමා”ති. තා “එවං නො පිතා කිලමිස‍්සතී”ති න සම‍්පටිච‍්ඡිංසු. බ්‍රාහ‍්මණී පන මහිච‍්ඡතාය පුන එකදිවසං සුවණ‍්ණහංසරාජස‍්ස ආගතකාලෙ “එහි තාව, සාමී”ති වත්‍වා තං අත‍්තනො සන‍්තිකං උපගතං උභොහි හත්‍ථෙහි ගහෙත්‍වා සබ‍්බපත‍්තානි ලුඤ‍්චි. තානි පන බොධිසත‍්තස‍්ස රුචිං විනා බලක‍්කාරෙන ගහිතත‍්තා සබ‍්බානි බකපත‍්තසදිසානි අහෙසුං. බොධිසත‍්තො පක‍්ඛෙ පසාරෙත්‍වා ගන‍්තුං නාසක‍්ඛි. අථ නං සා මහාචාටියං පක‍්ඛිපිත්‍වා පොසෙසි. තස‍්ස පුන උට‍්ඨහන‍්තානි පත‍්තානි සෙතානි සම‍්පජ‍්ජිංසු. සො සඤ‍්ජාතපත‍්තො උප‍්පතිත්‍වා අත‍්තනො වසනට‍්ඨානමෙව ගන‍්ත්‍වා න පුන ආගමාසි.

ඉක්බිති, එක් දවසක් බැමිණිය සිය දියණියන් අමතා දරුවනි, තිරිසනුන්ගේ හිත් දැනීම අමාරුය. සමහරවිට ඔහු නැවත මෙහි නො එන්ට හැකිය. දැන් ඔහු ආ කල සියලු පියාපත් සිඳ ලබාගනිමු. එවිට දියණියෝ අපගේ පියා පීඩාවට පත් වන්නේ යි නො පිළිගත්හ. බැමිණිය අධික ලෝභකම නිසා නැවත දිනක රන් හසු පැමිණි කල්හි, හිමියනි, මෙහි එන්නැ යි ආදරයෙන් කැඳවා ළඟට පැමිණි රන් හසු දෙඅතින් අල්ලා සියලු පියාපත් සිඳ ගත්තාය. එහෙත් බෝසතුන්ගේ කැමැත්තෙන් තොරව ගත් නිසා ඒ සියලු පියාපත් කොකුන්ගේ පියාපත් සමාන විය. බෝසත්හු පියා විහිදා යන්ට අසමත් වූහ. ඉක්බිති, ඕ රන් හසු මදු සැළියක බහා පෝෂණය කළාය. එහෙත් රන් හසුගේ නැවත වැඩුණු පියාපත් සුදුපාට විය. බෝසත්හු වැඩුණු පියාපත් ඇත්තේ, ඉගිලී තමා වසන ස්ථානයට ගියහ. නැවත එහි නො පැමිණියහ.

සත්‍ථා ඉමං අතීතං ආහරිත්‍වා “න, භික‍්ඛවෙ, ථුල‍්ලනන්‍දා ඉදානෙව මහිච‍්ඡා, පුබ‍්බෙපි මහිච‍්ඡායෙව , මහිච‍්ඡතාය ච පන සුවණ‍්ණම‍්හා පරිහීනා. ඉදානි පන අත‍්තනො මහිච‍්ඡතාය එව ලසුණම‍්හාපි පරිහායිස‍්සති, තස‍්මා ඉතො පට‍්ඨාය ලසුණං ඛාදිතුං න ලභිස‍්සති. යථා ච ථුල‍්ලනන්‍දා, එවං තං නිස‍්සාය සෙසභික‍්ඛුනියොපි. තස‍්මා බහුං ලභිත්‍වාපි පමාණමෙව ජානිතබ‍්බං, අප‍්පං ලභිත්‍වා පන යථාලද‍්ධෙනෙව සන‍්තොසො කාතබ‍්බො, උත‍්තරි න පත්‍ථෙතබ‍්බ”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

බුදුහු මේ අතීත කථාව ගෙනහැර දක්වා, මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණිය අධික ලෝභී වූවා දැන් පමණක් නො වේ. පෙරත් අධික ලෝභී වූවාය. ඒ මහත් ආශාව නිසා ම රනින් පිරිහුණාය. දැන් ඒ ආශාව නිසා ම ලුහුණු ලාභයෙන් පිරිහෙන්නීය. මෙතැන් පටන් ලුහුණු අනුභවය නො ලබනවා පමණක් නොව අනිත් භික්‍ෂුණීහු ද ලුහුණු නො ලබන්නෝය. එම නිසා බොහෝ ලැබුණ ද පමණ දත යුතුය. ස්වල්පයක් ලැබුණ ද ලැබුණු පමණින් සතුටු විය යුතුය. වඩ වඩා නොපැතිය යුතුයැ යි වදාරා මේ ගාථාව වදාළහ.

“යං ලද‍්ධං තෙන තුට‍්ඨබ‍්බං, අතිලොභො හි පාපකො; හංසරාජං ගහෙත්‍වාන, සුවණ‍්ණා පරිහායථා”ති.

“යං ලද්ධං තෙන තුට්ඨබ්බං අතිලෝභො හි පාපකො, හංස රාජං ගහෙත්‍වාන සුවණ්ණා පරිහායථාති”

“යමක් ලැබුණ ද එයින් සතුටු විය යුතුය. අධික ලෝභය ලාමකය. රන් ලෝභයෙන් රාජ හංසයා අල්ලා ගෙන රනින් පිරිහුණාක් මෙනි.”

තත්‍ථ තුට‍්ඨබ‍්බන‍්ති තුස‍්සිතබ‍්බං.

එහි, “තුට්ඨබ්බං”, සතුටු විය යුතුය.

ඉදං පන වත්‍වා සත්‍ථා අනෙකපරියායෙන ගරහිත්‍වා “යා පන භික‍්ඛුනී ලසුණං ඛාදෙය්‍ය, පාචිත‍්තිය”න‍්ති (පාචි· 794) සික‍්ඛාපදං පඤ‍්ඤාපෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා බ්‍රාහ‍්මණී අයං ථුල‍්ලනන්‍දා අහොසි, තිස‍්සො ධීතරො ඉදානි තිස‍්සොයෙව භගිනියො, සුවණ‍්ණහංසරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුහු මෙසේ වදාරා නොයෙක් ආකාරයෙන් දොස් පවරා යම් භික්‍ෂුණියක් ලුණු අනුභව කරන්නී නම් පචිත් ඇවැතක් වේයැ යි සිකපදය පනවා ජාතකය නිම කළහ. එදා බැමිණිය ථුල්ලනන්‍ද භික්‍ෂුණිය වූවාය. දියණියන් තිදෙනා දැන් නැගෙණියන් තිදෙනාය. සුවණ්ණ රාජ හංසයා මම ම වීමි.

සුවණ‍්ණහංසජාතකවණ‍්ණනා ඡට‍්ඨා.