යෙදුමෙන් කියවන්න

2. කපොතජාතකවණ‍්ණනා 42 අට‍්ඨකථා

2. කපොතජාතකවණ‍්ණනා (42)

2. කපෝත ජාතකය (42)

යො අත්‍ථකාමස‍්සාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං ලොලභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තස‍්ස ලොලභාවො නවකනිපාතෙ කාකජාතකෙ ආවි භවිස‍්සති. තදා පන තං භික‍්ඛූ “අයං, භන‍්තෙ, භික‍්ඛු ලොලො”ති සත්‍ථු ආරොචෙසුං. අථ නං සත්‍ථා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු ලොලොසී”ති පුච‍්ඡි. “ආම, භන‍්තෙ”ති. සත්‍ථා “පුබ‍්බෙපි ත්‍වං භික‍්ඛු ලොලො ලොලකාරණා ජීවිතක‍්ඛයං පත‍්තො, පණ‍්ඩිතාපි තං නිස‍්සාය අත‍්තනො වසනට‍්ඨානා පරිහීනා”ති වත්‍වා අතීතං ආහරි.

“යො අත්‍ථකාමස්සාති” යන‌ මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සේක්, එක්තරා කෑදර භික්‍ෂුවකු අරබයා වදාළ සේක. ඒ භික්‍ෂුවගේ කෑදරබව නව වැනි නිපාතයෙහි කාක ජාතකයෙහි මතු සඳහන් වන්නේය. එකල්හි වනාහි, භික්‍ෂූහු, ස්වාමීනි, මේ භික්‍ෂුව කෑදරයැ යි බුදුරජුන්ට සැලකළහ. ඉක්බිති, බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුවගෙන් මහණ, නුඹ ලොල්ය යනු ඇත්තදැ යි විචාළේය. ස්වාමීනි, එ සේය. බුදුරජාණන් වහන්සේ මහණ, නුඹ පෙරත් ලොල්ය. ලොල්කම නිසා ම මරණයට පත්විය. නුවණ ඇත්තේ ද ඔබ නිසා තමන්ගේ වසන තැනින් පිරිහුණේයැ යි වදාරා අතීතය ගෙනහැර පෑ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො පාරාවතයොනියං නිබ‍්බත‍්ති. තදා බාරාණසිවාසිනො පුඤ‍්ඤකාමතාය තස‍්මිං තස‍්මිං ඨානෙ සකුණානං සුඛවසනත්‍ථාය ථුසපච‍්ඡියො ඔලම‍්බෙන‍්ති. බාරාණසිසෙට‍්ඨිනොපි භත‍්තකාරකො අත‍්තනො මහානසෙ එකං ථුසපච‍්ඡිං ඔලම‍්බෙත්‍වා ඨපෙසි, බොධිසත‍්තො තත්‍ථ වාසං කප‍්පෙසි. සො පාතොව නික‍්ඛමිත්‍වා ගොචරෙ චරිත්‍වා සායං ආගන‍්ත්‍වා තත්‍ථ වසන‍්තො කාලං ඛෙපෙසි. අථෙකදිවසං එකො කාකො මහානසමත්‍ථකෙන ගච‍්ඡන‍්තො අම‍්බිලානම‍්බිලමච‍්ඡමංසානං ධූපනවාසං ඝායිත්‍වා ලොභං උප‍්පාදෙත්‍වා “කං නු ඛො නිස‍්සාය ඉමං මච‍්ඡමංසං ලභිස‍්සාමී”ති අවිදූරෙ නිසීදිත්‍වා පරිග‍්ගණ‍්හන‍්තො සායං බොධිසත‍්තං ආගන‍්ත්‍වා මහානසං පවිසන‍්තං දිස‍්වා “ඉමං පාරාවතං නිස‍්සාය මච‍්ඡමංසං ලභිස‍්සාමී”ති පුනදිවසෙ පාතොව ආගන‍්ත්‍වා බොධිසත‍්තස‍්ස නික‍්ඛමිත්‍වා ගොචරත්‍ථාය ගමනකාලෙ පිට‍්ඨිතො පිට‍්ඨිතො අගමාසි. අථ නං බොධිසත‍්තො “කස‍්මා ත්‍වං, සම‍්ම, අම‍්හෙහි සද‍්ධිං චරසී”ති ආහ. “සාමි, තුම‍්හාහං කිරියා මය‍්හං රුච‍්චති, ඉතො පට‍්ඨාය තුම‍්හෙ උපට‍්ඨහිස‍්සාමී”ති. “සම‍්ම, තුම‍්හෙ අඤ‍්ඤගොචරා, මයං අඤ‍්ඤගොචරා, තුම‍්හෙහි අම‍්හාකං උපට‍්ඨානං දුක‍්කර”න‍්ති. “සාමි, තුම‍්හාකං ගොචරග‍්ගහණකාලෙ අහම‍්පි ගොචරං ගහෙත්‍වා තුම‍්හෙහි සද‍්ධිංයෙව ගමිස‍්සාමී”ති. “සාධු, කෙවලං තෙ අප‍්පමත‍්තෙන භවිතබ‍්බ”න‍්ති එවං බොධිසත‍්තො කාකං ඔවදිත්‍වා ගොචරං චරන‍්තො තිණබීජාදීනි ඛාදති. බොධිසත‍්තස‍්ස පන ගොචරග‍්ගහණකාලෙ කාකො ගන‍්ත්‍වා ගොමයපිණ‍්ඩං අපනෙත්‍වා පාණකෙ ඛාදිත්‍වා උදරං පූරෙත්‍වා බොධිසත‍්තස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා “සාමි, තුම‍්හෙ අතිවෙලං චරථ, අතිබහුභක‍්ඛෙන නාම භවිතුං න වට‍්ටතී”ති වත්‍වා බොධිසත‍්තෙන ගොචරං ගහෙත්‍වා සායං ආගච‍්ඡන‍්තෙන සද‍්ධිංයෙව මහානසං පාවිසි. භත‍්තකාරකො “අම‍්හාකං කපොතො අඤ‍්ඤම‍්පි ගහෙත්‍වා ආගතො”ති කාකස‍්සපි පච‍්ඡිං ඨපෙසි. තතො පට‍්ඨාය ද‍්වෙ ජනා වසන‍්ති.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත් තෙමේ පරෙවි ජාතියෙහි උපන්නේය. එදා බරණැස් නුවර වැසියෝ පින් කැමැති නිසා ඒ ඒ ස්ථානයෙහි කුරුල්ලන්ට සැප සේ වාසය කිරීමට දහයියා පැස් එල්ලති. බරණැස් සිටුතුමාගේ අරක්කැමියා ද තමාගේ කුස්සියෙහි එක් දහයියා කූඩයක් එල්ලා තැබීය. බෝසත් තෙමේ එහි වාසය කළේය. හෙතෙම උදෑසන ම නික්මී ගොදුරු සඳහා හැසිර සවස අවුත් එහි වසන්නේ කාලය ගෙවයි. ඉක්බිති, එක් දිනක් එක් කපුටෙක් මුළුතැන්ගෙය උඩින් යන්නේ නො ඇඹුල් මත්ස්‍යය මාංශ සුවඳ ආඝ්‍රාණයකොට ලෝභය උපදවා කෙසේ නම් මාළු ලබන්නෙහිදැ යි, නුදුරෙහි හිඳ අල්ලා ගැනීමට පරීක්‍ෂා කරන්නේ සවස බෝසතුන් අවුත් මුළුතැන් ගෙයට පිවිසෙනු දැක මේ පරෙවියා නිසා මේ මස් හා මාළු ලබන්නෙමි යි දෙවැනි දින උදෑසන ම අවුත් බෝසතුන් නික්මී ගොදුරු සඳහා යන කල පිටුපසින් ගියේය. ඉක්බිති, ඔහුට බෝසත් තෙම මිත්‍රය, නුඹ කුමක් නිසා අප සමග හැසිරෙන්නෙහිදැ යි ඇසුවේය. ස්වාමීනි, නුඹ වහන්සේගේ ක්‍රියාව මට රුචි කෙරේ. මෙතැන් පටන් තොපට උපස්ථාන කරන්නෙමි. මිත්‍රය, තෙපි අන්‍යය වූ ගොදුරු ක්‍රම ඇත්තෝය. අපි අන්‍යය ගොදුරු ක්‍රම ඇත්තෝමු නුඹ විසින් අපට උපස්ථාන කිරීම දුෂ්කරය. ස්වාමීනි, නුඹ වහන්සේ ගොදුරු ගන්නා කල්හි මමත් ගොදුරු ගෙන නුඹ වහන්සේලා සමග ම යන්නෙමි. මැනවි. හුදෙක් අප්‍රමාද විය යුතුය. මෙසේ බෝසත් තෙමේ කපුටාට අවවාදකොට ගොදුරෙහි හැසිරෙන්නේ, තණ ඇට ආදිය කයි. බෝසතාණන් වහන්සේ ගොදුරු ගන්නා කල්හි කපුටා ගොස් ගොම පිඬු පෙරළා කුඩා පණුවන් කා බඩ පුරවා බෝසතුන්ගේ සමීපයට පැමිණ ස්වාමීනි, නුඹ වහන්සේ කල්යවා හැසිරෙව්. බොහෝ කෑම කන්නකු වන්න නො වටීයැ යි කියා බෝසතාණන් වහන්සේ විසින් ගොදුරු ගෙන සවස තමන් එන්නාහු සමග මුළුතැන්ගෙට පිවිසියේය. අරක්කැමියා අපේ පරෙවියා අනිකකු ගෙන ආයේය. කපුටාට ද පැසක් තැබීය. එතැන් පටන් දෙදෙනා ම වාසය කරත්.

අථෙකදිවසං සෙට‍්ඨිස‍්ස බහුං මච‍්ඡමංසං ආහරිංසු. තං ආදාය භත‍්තකාරකො මහානසෙ තත්‍ථ තත්‍ථ ඔලම‍්බෙසි. කාකො තං දිස‍්වා ලොභං උප‍්පාදෙත්‍වා “ස‍්වෙ ගොචරභූමිං අගන‍්ත්‍වා මයා ඉදමෙව ඛාදිතබ‍්බ”න‍්ති රත‍්තිං නිත්‍ථුනන‍්තො නිපජ‍්ජි. පුනදිවසෙ බොධිසත‍්තො ගොචරාය ගච‍්ඡන‍්තො “එහි, සම‍්ම, කාකා”ති ආහ. “සාමි, තුම‍්හෙ ගච‍්ඡථ, මය‍්හං කුච‍්ඡිරොගො අත්‍ථී”ති. “සම‍්ම, කාකානං කුච‍්ඡිරොගො නාම න කදාචි භූතපුබ‍්බො, රත‍්තිං තීසු යාමෙසු එකෙකස‍්මිං යාමෙ මුච‍්ඡිතා හොන‍්ති, දීපවට‍්ටිං ගිලිතකාලෙ පන නෙසං මුහුත‍්තං තිත‍්ති හොති, ත්‍වං ඉමං මච‍්ඡමංසං ඛාදිතුකාමො භවිස‍්සසි, එහි මනුස‍්සපරිභොගො නාම තුම‍්හාකං දුප‍්පරිභුඤ‍්ජියො, මා එවරූපං අකාසි, මයා සද‍්ධිංයෙව ගොචරාය ගච‍්ඡාහී”ති. “න සක‍්කොමි, සාමී”ති. “තෙන හි පඤ‍්ඤායිස‍්සසි සකෙන කම‍්මෙන, ලොභවසං අගන‍්ත්‍වා අප‍්පමත‍්තො හොහී”ති තං ඔවදිත්‍වා බොධිසත‍්තො ගොචරාය ගතො.

ඉක්බිති, එක් දිනක සිටාණන්ට බොහෝ මස් හා මාළු ගෙනාවාහුය. අරක්කැමියා ඒවා ගෙන ඒ ඒ තැන එල්ලීය. කපුටා ඒ දැක ලෝභ උපදවා හෙට ගොදුරු බිමට නො ගොස් මා විසින් මෙය කෑ යුතුයැ යි රාත්‍රියෙහි තතනමින් වැද හොත්තේය. දෙවැනි දින බෝසත් තෙමේ ගොදුරු සඳහා යන්නේ, යහළු කපුට, එව යි කීවේය. ස්වාමීනි, තොපි යවු. මට බඩේ අමාරුවක් ඇත. යහළුව, කපුටන්ට බඩේ රුජා කිසි දිනක නො වූ විරූය. රාත්‍රියෙහි යාම තුන අතර එක එක යාමෙහි මුසපත්වන්නේ වෙයි. පහන් වැටියක් ගිල්ල කාලයෙහි වනාහි මොවුන්ට මොහොතක් තෘප්තිය වෙයි. තෝ මෙසේ මාළු කනු කැමැත්තේ වන්නෙහිය. එව, මිනිසුන් පරිභෝග කරන දේ තොපට භාවිතය අපහසුය. මෙබඳු දෙයක් නො කැරව. මා සමග ම ගොදුරු සඳහා යව. ස්වාමීනි, නො හැකි වෙමි. එ සේ නම් සිය ක්‍රියාවෙන් ප්‍රකට වන්නෙහිය. ලෝභ වසඟයට නො ගොස් අප්‍රමාදී වෙහි යි. ඔහුට අවවාදකොට බෝසත් තෙමේ ගොදුරු සඳහා ගියේය.

භත‍්තකාරකො නානප‍්පකාරං මච‍්ඡමංසවිකතිං සම‍්පාදෙත්‍වා උසුමනික‍්ඛමනත්‍ථං භාජනානි ථොකං විවරිත්‍වා රසපරිස‍්සාවනකරොටිං භාජනමත්‍ථකෙ ඨපෙත්‍වා බහි නික‍්ඛමිත්‍වා සෙදං පුඤ‍්ඡමානො අට‍්ඨාසි. තස‍්මිං ඛණෙ කාකො පච‍්ඡිතො සීසං උක‍්ඛිපිත්‍වා භත‍්තගෙහං ඔලොකෙන‍්තො තස‍්ස නික‍්ඛන‍්තභාවං ඤත්‍වා “අයංදානි මය‍්හං මනොරථං පූරෙත්‍වා මංසං ඛාදිතුං කාලො, කිං නු ඛො මහාමංසං ඛාදාමි, උදාහු චුණ‍්ණිකමංස”න‍්ති චින‍්තෙත්‍වා “චුණ‍්ණිකමංසෙන නාම ඛිප‍්පං කුච‍්ඡිං පූරෙතුං න සක‍්කා, මහන‍්තං මංසඛණ‍්ඩං ආහරිත්‍වා පච‍්ඡියං නික‍්ඛිපිත්‍වා ඛාදමානො නිපජ‍්ජිස‍්සාමී”ති පච‍්ඡිතො උප‍්පතිත්‍වා රසකරොටියං නිලීයි. සා “කිරී”ති සද‍්දමකාසි. භත‍්තකාරකො තං සද‍්දං සුත්‍වා “කිං නු ඛො එත”න‍්ති පවිට‍්ඨො කාකං දිස‍්වා “අයං දුට‍්ඨකාකො මහාසෙට‍්ඨිනො පක‍්කමංසං ඛාදිතුකාමො, අහං ඛො පන සෙට‍්ඨිං නිස‍්සාය ජීවාමි, න ඉමං බාලං, කිං මෙ ඉමිනා”ති ද‍්වාරං පිධාය කාකං ගහෙත්‍වා සකලසරීරෙ පත‍්තානි ලුඤ‍්චිත්‍වා අල‍්ලසිඞ‍්ගීවෙරලොණජීරකාදයො කොට‍්ටෙත්‍වා අම‍්බිලතක‍්කෙන ආලොළෙත්‍වා තෙනස‍්ස සකලසරීරං මක‍්ඛෙත්‍වා තං කාකං පච‍්ඡියං ඛිපි. සො අධිමත‍්තවෙදනාභිභූතො නිත්‍ථුනන‍්තො නිපජ‍්ජි.

අරක්කැමියා නන් වැදෑරුම් මස් මාංශ විකෘතීන් පිළියෙලකොට උණුසුම පහවීමට බඳුන් විවරකොට රස පෙරන බඳුන් මත තබා පිටට ගොස් දහඩිය පිසිමින් සිටියේය. එකෙණෙහි කපුටා පැසෙන් හිස ඔසවා බත් ගෙය බලන්නේ ඔහු නික්මුණු බව දැන දැන් මගේ මනදොළ පුරා මස් කන්න කාලයයි. කිමෙක් ද? මහමස් කම් ද නැතිනම් ඇඹරූ මස්දැ යි සිතා ඇඹරූ මස්වලින් නම් වහා ම කුස පුරවන්න නො හැකිය. මහමස් කෑල්ලක් ගෙන පැසෙහි තබාගෙන කමින් පැසින් පැන රස පෙරහණෙහි සැඟවිණි. ඒ පෙරහණ ‘කිරි’ යන ශබ්දයක් කළේය. අරක්කැමියා ඒ ශබ්දය අසා මේ ශබ්දය කුමක්දැ යි පිවිසියේ කපුටා දැක මේ දුෂ්ට කපුට මා විසින් සිටාණන්ට පිසූ මස් කනු කැමැත්තේය. මම වනාහි සිටුවරයා නිසා ජීවත් වෙමි. මේ බාලයා නිසා නො වේ. මුගෙන් මට කවර ප්‍රයෝජනයක්දැ යි දොර වසා කපුටා අල්ලා ගෙන මුළු සිරුරෙහි පියාපත් සලා අමු ඉඟුරු, ලුණු හා දුරු එක්කොට කොටා ඇඹුල් මෝරුවෙන් කලතා එයින් මොහුගේ මුළු සිරුර උලා ඒ කාක්කා පැසක දැම්මේය. ඒ කපුටා අධික වේදනාවෙන් වැඩුණේ තතනමින් වැදහොත්තේය.

බොධිසත‍්තො සායං ආගන‍්ත්‍වා තං බ්‍යසනප‍්පත‍්තං දිස‍්වා “ලොලකාක, මම වචනං අකත්‍වා තව ලොභං නිස‍්සාය මහාදුක‍්ඛං පත‍්තොසී”ති වත්‍වා ඉමං ගාථමාහ –

බෝසත් තෙම සවස පැමිණ ව්‍යසනයට පත් කපුටා දැක කෑදර කපුට, මගේ කීම නො අසා තගේ ආශාව නිසා මහා දුකකට පැමිණියේ වෙහියැ යි කියා මේ ගාථාව කීවේය.

“යො අත්‍ථකාමස‍්ස හිතානුකම‍්පිනො, ඔවජ‍්ජමානො න කරොති සාසනං; කපොතකස‍්ස වචනං අකත්‍වා, අමිත‍්තහත්‍ථත්‍ථගතොව සෙතී”ති.

“යො අත්‍ථකාමස්ස හිතානුකම්පිනො, ඔවජ්ජමානො න කරොති සාසනං, කපොතකස්ස වචනං අකත්‍වා, අමිත්තහත්‍ථත්‍ථගතොව සෙතීති”

“වැඩ කැමති ව හිතවත් ව අනුකම්පා කරන්නහුගේ වචනය, අවවාද කරනු ලබන්නේ නමුදු යමෙක් නො කරයි ද පරෙවියාගේ වචනය නො කොට සතුරන් අතට පැමිණ ශෝක කරයි.”

තත්‍ථ කපොතකස‍්ස වචනං අකත්‍වාති පාරාවතස‍්ස හිතානුසාසනවචනං අකත්‍වා. අමිත‍්තහත්‍ථත්‍ථගතොව සෙතීති අමිත‍්තානං අනත්‍ථකාරකානං දුක‍්ඛුප‍්පාදකපුග‍්ගලානං හත්‍ථත්‍ථං හත්‍ථපථං ගතො අයං කාකො විය සො පුග‍්ගලො මහන‍්තං බ්‍යසනං පත්‍වා අනුසොචමානො සෙතීති.

එහි “කපොතකස්ස වචනං අකත්‍වාති” පරෙවියාගේ හිතවත් අවවාදය නො කොට, “අමිත්තහත්‍ථත්‍ථගතොව සෙතීති” අමිත්‍ර වූ අනර්ථයක් කරන්නා වූ දුක් උපදවන්නා වූ පුද්ගලයන් සතුරන් අතට පැමිණි මේ කපුටා මෙන් මහත් ව්‍යසනයට පැමිණ ශෝක කරමින් නිදයි.

බොධිසත‍්තො ඉමං ගාථං වත්‍වා “ඉදානි මයා ච ඉමස‍්මිං ඨානෙ න සක‍්කා වසිතු”න‍්ති අඤ‍්ඤත්‍ථ ගතො. කාකොපි තත්‍ථෙව ජීවිතක‍්ඛයං පත‍්තො. අථ නං භත‍්තකාරකො සද‍්ධිං පච‍්ඡියා ගහෙත්‍වා සඞ‍්කාරට‍්ඨානෙ ඡඩ‍්ඩෙසි.

බෝසත් තෙම මේ ගාථාව කියා දැන් මා මෙතැන වසන්න නො හැකියැ යි අන්තැනක ගියේය. කපුටා එහි ම මරණයට පත්විය. ඉක්බිති, අරක්කැමියා පැසත් සමග ගෙන කසල දමන ස්ථානයේ දැම්මේය.

සත්‍ථාපි “න ත්‍වං භික‍්ඛු ඉදානෙව ලොලො, පුබ‍්බෙපි ලොලොයෙව, තඤ‍්ච පන තෙ ලොල්‍යං නිස‍්සාය පණ‍්ඩිතාපි සකාවාසා පරිහීනා”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ සො භික‍්ඛු අනාගාමිඵලං පත‍්තො. සත්‍ථා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කාකො ලොලභික‍්ඛු අහොසි, පාරාවතො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ ද මහණ, නුඹ මෙකල පමණක් ලෝලයකු වූයේ නොව පෙරත් ලෝලවිය. නුඹේ ඒ ලොල්බව නිසා නුවණ ඇති අය ද සිය වාසස්ථානයෙන් පිරිහුණේයැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සිව්සස් ප්‍රකාශ කළ සේක. සිව්සස් දේශනාව කෙළවර ඒ භික්‍ෂු තෙම අනාගාමී ඵලයට පැමිණියේය. බුදුරජාණන් වහන්සේ අනුසන්ධි ගළපා ජාතකය නිමාකළ සේක. එකල්හි කපුටා ලොල් භික්‍ෂුව විය. පරෙවියා වනාහි මම ම වෙමි යි වදාළ සේක.

කපොතජාතකවණ‍්ණනා දුතියා.