යෙදුමෙන් කියවන්න

1. ලොසකජාතකවණ‍්ණනා 41 අට‍්ඨකථා

1. ලොසකජාතකවණ‍්ණනා (41)

1. ලෝසක ජාතකය (41)

යො අත්‍ථකාමස‍්සාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ලොසකතිස‍්සත්‍ථෙරං නාම ආරබ‍්භ කථෙසි. කො පනෙස ලොසකතිස‍්සත්‍ථෙරො නාමාති? කොසලරට‍්ඨෙ එකො අත‍්තනො කුලනාසකො කෙවට‍්ටපුත‍්තකො අලාභී භික‍්ඛු. සො කිර නිබ‍්බත‍්තට‍්ඨානෙතා චවිත්‍වා කොසලරට‍්ඨෙ එකස‍්මිං කුලසහස‍්සවාසෙ කෙවට‍්ටගාමෙ එකිස‍්සා කෙවට‍්ටියා කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං ගණ‍්හි. තස‍්ස පටිසන්‍ධිග‍්ගහණදිවසෙ තං කුලසහස‍්සං ජාලහත්‍ථං නදියඤ‍්ච තළාකාදීසු ච මච‍්ඡෙ පරියෙසන‍්තං එකං ඛුද‍්දකමච‍්ඡම‍්පි නාලත්‍ථ. තතො පට‍්ඨාය ච තෙ කෙවට‍්ටා පරිහායන‍්තියෙව. තස‍්මිඤ‍්හි කුච‍්ඡිගතෙයෙව නෙසං ගාමො සත‍්ත වාරෙ අග‍්ගිනා දඩ‍්ඪො, සත‍්ත වාරෙ රඤ‍්ඤා දණ‍්ඩිතො. එවං අනුක‍්කමෙන දුග‍්ගතා ජාතා. තෙ චින‍්තයිංසු “පුබ‍්බෙ අම‍්හාකං එවරූපං නත්‍ථි, ඉදානි පන පරිහායාම, අම‍්හාකං අන‍්තරෙ එකාය කාළකණ‍්ණියා භවිතබ‍්බං, ද‍්වෙ භාගා හොමා”ති පඤ‍්ච පඤ‍්ච කුලසතානි එකතො අහෙසුං. තතො යත්‍ථ තස‍්ස මාතාපිතරො, සොව කොට‍්ඨාසො පරිහායති, ඉතරො වඩ‍්ඪති. තෙ තම‍්පි කොට‍්ඨාසං ද‍්විධා, තම‍්පි ද‍්විධාති එවං යාව තමෙව කුලං එකං අහොසි, තාව විභජිත්‍වා තෙසං කාළකණ‍්ණිභාවං ඤත්‍වා පොථෙත්‍වා නික‍්කඩ‍්ඪිංසු.

“යො අත්‍ථකාමස්සා” යන මේ ජාතක ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සේක්, ලෝසකතිස්ස තෙරුන් අරබයා වදාළ සේක. මේ ලෝසක තෙරුන් වහන්සේ කවරෙක් ද? කොසොල් රට එක් තමන්ගේ කුලය විනාශ කරන, ධීවර පුත්‍රයකු වූ, ලැබීමෙන් තොර භික්‍ෂුවකි. ඔහු වනාහි උපන් තැනින් චුත ව කොසොල් රට එක් ගෙවල් දහසක් ඇති ධීවර ගමක එක් ධීවරියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහු පිළිසිඳ ගන්නා දින ඒ කල දහස දැල් ගත් අත් ඇතිව ගංගාවෙහි ද විල්වල ද මසුන් සොයන්නාහු, එක් කුඩා මසකුවත් නො ලැබූහ. එතැන් පටන් ඒ ධීවරයෝ පිරිහෙත්මය. ඔහු කුසට පැමිණි දින සිට ඔවුන්ගේ ගම සත් වරක් ගින්නෙන් දැවී ගියේය. සත් වරක් රජු විසින් දඬුවම් දෙන ලදි. මෙසේ පිළිවෙලින් දුප්පත් වූ ඔවුහු සිතූහ. පෙර අපට මෙබඳු දෙයක් සිදුවී නැත. දැන් වනාහි පිරිහෙමු. අප අතර එක් කාලකණ්ණියකු විය යුතුය. කොටස් දෙකක් වෙමු. පන්සියයක් පන්සියයක් වශයෙන් කුල එක් වූහ. එයින් පසු යම් තැනක ඔහුගේ මව්පියවරු වෙත් ද ඒ කොටස පිරිහේ. අනිත් කොටස වැඩේ. ඔවුහු ඒ කොටසත් දෙකඩ විය. එය ද දෙකඩ විය. මෙසේ යම්තාක් එම ගෙදර එකක් වී ද ඒතාක් බෙදා ඔවුන්ගේ කාලකණ්ණිකම දැන තලා බැහැර කළහ.

අථස‍්ස මාතා කිච‍්ඡෙන ජීවමානා පරිපක‍්කෙ ගබ‍්භෙ එකස‍්මිං ඨානෙ විජායි. පච‍්ඡිමභවිකසත‍්තං න සක‍්කා නාසෙතුං, අන‍්තොඝටෙ පදීපො විය තස‍්ස හදයෙ අරහත‍්තස‍්ස උපනිස‍්සයො ජලති. සා තං දාරකං පටිජග‍්ගිත්‍වා ආධාවිත්‍වා පරිධාවිත්‍වා විචරණකාලෙ එකමස‍්ස කපාලකං හත්‍ථෙ දත්‍වා “පුත‍්ත, එතං ඝරං පවිසා”ති පෙසෙත්‍වා පලාතා. සො තතො පට‍්ඨාය එකකොව හුත්‍වා තත්‍ථ තත්‍ථ භික‍්ඛං පරියෙසිත්‍වා එකස‍්මිං ඨානෙ සයති, න න‍්හායති, න සරීරං පටිජග‍්ගති, පංසුපිසාචකො විය කිච‍්ඡෙන ජීවිකං කප‍්පෙති. සො අනුක‍්කමෙන සත‍්තවස‍්සිකො හුත්‍වා එකස‍්මිං ගෙහද‍්වාරෙ උක‍්ඛලිධොවනස‍්ස ඡඩ‍්ඩිතට‍්ඨානෙ කාකො විය එකෙකං භත‍්තසිත්‍ථං උච‍්චිනිත්‍වා ඛාදති.

ඉක්බිති, ඔහුගේ මව අමාරුවෙන් ජීවත් වන්නී, ගැබ මෝරා ගිය කල එක් තැනක වැදුවාය. අන්තිම ජීවිතයේ වසන සත්ත්වයා නසන්න නො හැකිය. කලය තුළ පහනක් මෙන් ඔහුගේ හෘදයෙහි රහත්බවට හේතු සම්පත් දිලිහේ. ඕ තුමූ මේ දරුවා පෝෂණය කොට දුව පැන හැසිරෙන කාලයෙහි ඔහුට එක් කබලක් අතට දී පුත්‍රය, එක් ගෙයකට පිවිසේව යි යවා පලා ගියාය. හෙතෙම එතැන් පටන් තනිව ම එහි හිඟමන් සොයා එක් තැනක නො නිදයි. ස්නානය නො කරයි. ශරීරය පිළිදැගුම් නො කරයි. පාංසු පිසාචයෙක් මෙන් අමාරුවෙන් ජීවිකාව කරයි. හෙතෙම පිළිවෙලින් සත් හැවිරිදි වී එක් ගෙදරක භාජන සේදූ වතුර දමන තැන කවුඩෙක් මෙන් එක එක බත් උල අහුලා කයි.

අථ නං ධම‍්මසෙනාපති සාවත්‍ථියං පිණ‍්ඩාය චරමානො දිස‍්වා “අයං සත‍්තො අතිකාරුඤ‍්ඤප‍්පත‍්තො , කතරගාමවාසිකො නු ඛො”ති තස‍්මිං මෙත‍්තචිත‍්තං වඩ‍්ඪෙත්‍වා “එහි, රෙ”ති ආහ. සො ආගන‍්ත්‍වා ථෙරං වන්‍දිත්‍වා අට‍්ඨාසි. අථ නං ථෙරො “කතරගාමවාසිකොසි, කහං වා තෙ මාතාපිතරො”ති පුච‍්ඡි. “අහං, භන‍්තෙ, නිප‍්පච‍්චයො, මය‍්හං මාතාපිතරො මං නිස‍්සාය ‘කිලන‍්තම‍්හා’ති මං ඡඩ‍්ඩෙත්‍වා පලාතා”ති. “අපි පන පබ‍්බජිස‍්සසී”ති. “භන‍්තෙ, අහං තාව පබ‍්බජෙය්‍යං, මාදිසං පන කපණං කො පබ‍්බාජෙස‍්සසී”ති? “අහං පබ‍්බාජෙස‍්සාමී”ති. “සාධු, භන‍්තෙ, පබ‍්බාජෙථා”ති. ථෙරො තස‍්ස ඛාදනීයභොජනීයං දත්‍වා තං විහාරං නෙත්‍වා සහත්‍ථෙනෙව න‍්හාපෙත්‍වා පබ‍්බාජෙත්‍වා පරිපුණ‍්ණවස‍්සං උපසම‍්පාදෙසි. සො මහල‍්ලකකාලෙ “ලොසකතිස‍්සත්‍ථෙරො”ති පඤ‍්ඤායිත්‍ථ අප‍්පපුඤ‍්ඤො අප‍්පලාභො. තෙන කිර අසදිසදානෙපි කුච‍්ඡිපූරො න ලද‍්ධපුබ‍්බො, ජීවිතඝටනමත‍්තමෙව ලභති. තස‍්ස හි පත‍්තෙ එකස‍්මිංයෙව යාගුඋළුඞ‍්කෙ දින‍්නෙ පත‍්තො සමතිත‍්තිකො විය හුත්‍වා පඤ‍්ඤායති. අථ මනුස‍්සා “ඉමස‍්ස පත‍්තො පූරො”ති හෙට‍්ඨා යාගුං දෙන‍්ති. තස‍්ස පත‍්තෙ යාගුං දානකාලෙ මනුස‍්සානං භාජනෙ යාගු අන‍්තරධායතීතිපි වදන‍්ති. ඛජ‍්ජකාදීසුපි එසෙව නයො.

ඉක්බිති, සැරියුත් හිමි සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙද්දී දැක මේ සත්ත්වයා ඉතා දුක්ඛිත තත්ත්වයට පත්වූයේය. කවර ගමක වැසියකුදැ යි ඔහු කෙරෙහි මෙත් සිත් වඩා බොල, එව යි කී සේක. ඔහු ගොස් තෙරුන් වහන්සේට වැඳ සිටියේය. ඉක්බිති, ස්ථවිර තෙමේ ඔහුගෙන් කවර ගමක වැසියෙක් ද? මව්පිය කොහිදැ යි විචාළ සේක. ස්වාමීනි, මම පිහිටක් නොමැත්තෙකි. මගේ මව ද පියා ද මා නිසා වෙහෙසට පත් වූහ යි මා අත් හැර දමා පලා ගියාහුය. එ සේ නම් පැවිදි වන්නේ ද? ස්වාමීනි, මම පැවිදි වන්නම්, ඒත් මා වැනි දුගියකු කවරෙක් පැවිදි කරන්නෝ ද? මම පැවිදි කරන්නෙමි. මැනවි. පැවිදි කරන සේක්වා. තෙරුන් වහන්සේ ඔහුට කෑ යුතු බීව යුතු දෑ දී ඔහු විහාරයට ගෙන ගොස් සියතින් ම නාවා පැවිදිකොට වයස් පිරුණු ඔහු උපසපන් කැරවූ සේක. හෙතෙම මහලු කල ලෝසකතිස්ස තෙරුන්යැ යි ප්‍රකට විය. පින් නැත්තේ ස්වල්ප ලාභ ඇත්තේය. ඔහු අසදෘශ දානයෙහි ද කුස පුරා නො ලද විරූය. ජීවිතය ගැටගසා ගැනීමට පමණක් ම ලබයි. උන්වහන්සේගේ පාත්‍රයට එක් කැඳ හැන්දක් දුන් කල්හි පාත්‍රය පිරීගියාක් සේ පෙනිණි. ඉක්බිති, මිනිස්සු මොහුගේ පාත්‍රය පිරී ඇතැ යි ඊළඟට සිටි අයට කැඳ දෙති. උන්වහන්සේගේ පාත්‍රයෙහි කැඳ දෙන කල මිනිසුන්ගේ බඳුන්වල කැඳ අතුරුදහන් වෙති යි කියති. කැවිලි ආදියෙහි ද මෙම ක්‍රමයයි.

සො අපරෙන සමයෙන විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අග‍්ගඵලෙ අරහත‍්තෙ පතිට‍්ඨිතොපි අප‍්පලාභොව අහොසි. අථස‍්ස අනුපුබ‍්බෙන ආයුසඞ‍්ඛාරෙසු පරිහීනෙසු පරිනිබ‍්බානදිවසො සම‍්පාපුණි. ධම‍්මසෙනාපති ආවජ‍්ජෙන‍්තො තස‍්ස පරිනිබ‍්බානභාවං ඤත්‍වා “අයං ලොසකතිස‍්සත්‍ථෙරො අජ‍්ජ පරිනිබ‍්බායිස‍්සති, අජ‍්ජ මයා එතස‍්ස යාවදත්‍ථං ආහාරං දාතුං වට‍්ටතී”ති තං ආදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසි. ථෙරො තං නිස‍්සාය තාව බහුමනුස‍්සාය සාවත්‍ථියා හත්‍ථං පසාරෙත්‍වා වන්‍දනමත‍්තම‍්පි නාලත්‍ථ. අථ නං ථෙරො “ගච‍්ඡාවුසො, ආසනසාලාය නිසීදා”ති උය්‍යොජෙත්‍වා ගතො. තං ආගතමෙව මනුස‍්සා “අය්‍යො, ආගතො”ති ආසනෙ නිසීදාපෙත්‍වා භොජෙසි. ථෙරොපි “ඉමං ලොසකස‍්ස දෙථා”ති ලද‍්ධාහාරං පෙසෙසි. තං ගහෙත්‍වා ගතා ලොසකතිස‍්සත්‍ථෙරං අසරිත්‍වා සයමෙව භුඤ‍්ජිංසු. අථ ථෙරස‍්ස උට‍්ඨාය විහාරං ගමනකාලෙ ලොසකතිස‍්සත්‍ථෙරො ආගන‍්ත්‍වා ථෙරං වන්‍දි, ථෙරො නිවත‍්තිත්‍වා ඨිතකොව “ලද‍්ධං තෙ, ආවුසො, භත‍්ත”න‍්ති පුච‍්ඡි. ලභිස‍්සාම නො, භන‍්තෙති. ථෙරො සංවෙගපත‍්තො කාලං ඔලොකෙසි, කාලො අතික‍්කන‍්තො. ථෙරො “හොතාවුසො, ඉධෙව නිසීදා”ති ලොසකත්‍ථෙරං ආසනසාලායං නිසීදාපෙත්‍වා කොසලරඤ‍්ඤො නිවෙසනං අගමාසි. රාජා ථෙරස‍්ස පත‍්තං ගාහාපෙත්‍වා “භත‍්තස‍්ස අකාලො”ති පත‍්තපූරං චතුමධුරං දාපෙසි. ථෙරො තං ආදාය ගන‍්ත්‍වා “එහාවුසො, තිස‍්ස ඉමං චතුමධුරං භුඤ‍්ජා”ති වත්‍වා පත‍්තං ගහෙත්‍වා අට‍්ඨාසි. සො ථෙරෙ ගාරවෙන ලජ‍්ජන‍්තො න පරිභුඤ‍්ජති. අථ නං ථෙරො “එහාවුසො තිස‍්ස, අහං ඉමං පත‍්තං ගහෙත්‍වාව ඨස‍්සාමි, ත්‍වං නිසීදිත්‍වා පරිභුඤ‍්ජ. සචෙ අහං පත‍්තං හත්‍ථතො මුඤ‍්චෙය්‍යං, කිඤ‍්චි න භවෙය්‍යා”ති ආහ. අථායස‍්මා ලොසකතිස‍්සත්‍ථෙරො අග‍්ගසාවකෙ ධම‍්මසෙනාපතිම‍්හි පත‍්තං ගහෙත්‍වා ඨිතෙ චතුමධුරං පරිභුඤ‍්ජි. තං ථෙරස‍්ස අරියිද‍්ධිබලෙන පරික‍්ඛයං න අගමාසි. තදා ලොසකතිස‍්සත්‍ථෙරො යාවදත්‍ථං උදරපූරං කත්‍වා පරිභුඤ‍්ජි, තං දිවසංයෙව ච අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායි. සම‍්මාසම‍්බුද‍්ධො සන‍්තිකෙ ඨත්‍වා සරීරනික‍්ඛෙපං කාරෙසි, ධාතුයො ගහෙත්‍වා චෙතියං කරිංසු.

හෙතෙම මෑත කාලයෙහි විදසුන් වඩා උසස් ඵලය වූ රහත් ඵලයෙහි පිහිටියේ නමුදු ස්වල්ප ලාභ ඇත්තේ ම වූ සේක. ඉක්බිති, උන්වහන්සේට පිළිවෙලින් ආයුෂ පිරිහුණු කල්හි, පිරිනිවන් පාන දවස පැමිණියේය. දම් සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ කල්පනා කරන සේක්, උන්වහන්සේ පිරිනිවන් පානා බව දැන මේ ලෝසකතිස්ස ස්ථවිරයන් වහන්සේ අද පිරිනිවන් පාන්නේය. අද මා විසින් මොහුට ඇතිතාක් ආහාර දෙන්න වටීයැ යි ඔහුත් රැගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩි සේක. ස්ථවිරයන් වහන්සේ ඔහු නිසා බොහෝ මිනිසුන් ඇති සැවැත් නුවර තෙක් අත දිගුකොට වැඳුම් මාත්‍රයක්වත් නො ලැබූ සේක. ඉක්බිති, ඔහුට ස්ථවිරයන් වහන්සේ ඇවැත්නි, යව. ආසන ශාලාවෙහි හිඳුවයි පිටත්කොට යවා මෙය ලෝසක තෙරුන්ට දෙවුයැ යි ලැබූ ආහාර යැවූ සේක. එය රැගෙන ගියා තැනැත්තෝ ලෝසක තෙරුන් සිහි නො කොට තුමූ ම අනුභව කළහ. ඉක්බිති, තෙරුන් වහන්සේ නැගිට විහාරයට ගිය කල්හි ලෝසකතිස්ස ස්ථවිර තෙමේ ගොස් තෙරුන් වැන්දේය. තෙරුන් වහන්සේ නැවතී සිටියේ ම ඇවැත්නි, ඔබ වහන්සේට බත් ලැබුණේදැ යි විචාළ සේක. ස්වාමීනි, බත් නො ලබන්නා වූයැ යි කී සේක. තෙරුන් වහන්සේ සංවේගයට පත්ව කාලය බැලූ සේක. කල් ඉක්ම ගොස් තිබුණි. තෙරුන් වහන්සේ එ සේ වේවා. ඇවැත්නි, මෙහි ම හිඳුවයි ලෝසක තෙරුන් වහන්සේ ආසන ශාලාවෙහි හිඳුවා කොසොල් රජතුමාගේ මාලිගාවට වැඩම කළ සේක. රජතුමා තෙරුන් වහන්සේගේ පාත්‍රය ගෙන්වාගෙන බත් කාලය නො වේයැ යි පාත්‍රය පුරා චතුමධුර පිළිදෙවීය. තෙරුන් වහන්සේ එය ගෙන වැඩමවා ඇවැත්නි තිස්සයෙනි, එව, මේ චතුමධුර වළඳව යි වදාරා පාත්‍රය අතෙහි තබාගෙන ම සිටි සේක. හෙතෙම තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ලජ්ජාවෙමින් නො වළඳයි. ඉක්බිති, ඔහුට තෙරුන් වහන්සේ ඇවැත්නි තිස්සයෙනි, එව, මම මෙම පාත්‍රය රැගෙන ම සිටිමි. නුඹ වහන්සේ හිඳගෙන වළඳනු. ඉදින්, මේ පාත්‍රය අතින් ඉවත් කෙළේ නම් කිසිවක් නො තිබෙන්නේයැ යි වදාළ සේක. ඉක්බිති, ආයුෂ්මත් ලෝසකතිස්ස තෙරුන් වහන්සේ අග ඉසුරු දම් සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ පාත්‍රයගෙන සිටි චතුමධුර වැළඳූ සේක. එය තෙරුන් වහන්සේගේ ආර්‍ය්‍ය සෘද්ධි බලයෙන් නිමාවකට පත් නො වීය. එදා ලෝසකතිස්ස තෙරුන් වහන්සේ ප්‍රමාණවත් බඩපුරා වැළඳූ සේක. එදින ම අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක. සම්මා සම්බුදු රජාණන් වහන්සේ සමීපයෙහි සිට සිරුර බැහැර කිරීම කැරවූ සේක. ධාතුන් ගෙන චෛත්‍යයක් කළහුය.

තදා භික‍්ඛූ ධම‍්මසභායං සන‍්නිපතිත්‍වා “ආවුසො, අහො ලොසකතිස‍්සත්‍ථෙරො අප‍්පපුඤ‍්ඤො අප‍්පලාභී, එවරූපෙන නාම අප‍්පපුඤ‍්ඤෙන අප‍්පලාභිනා කථං අරියධම‍්මො ලද‍්ධො”ති කථෙන‍්තා නිසීදිංසු. සත්‍ථා ධම‍්මසභං ගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡි. තෙ “ඉමාය නාම, භන‍්තෙ”ති ආරොචයිංසු. සත්‍ථා “භික‍්ඛවෙ, එසො භික‍්ඛු අත‍්තනො අලාභිභාවඤ‍්ච අරියධම‍්මලාභිභාවඤ‍්ච අත‍්තනාව අකාසි. අයඤ‍්හි පුබ‍්බෙ පරෙසං ලාභන‍්තරායං කත්‍වා අප‍්පලාභී ජාතො, “අනිච‍්චං, දුක‍්ඛං, අනත‍්තා”ති විපස‍්සනාය යුත‍්තභාවස‍්ස බලෙන අරියධම‍්මලාභී ජාතො”ති වත්‍වා අතීතං ආහරි.

එකල්හි භික්‍ෂූහු දම් සභාවෙහි රැස්ව ඇවැත්නි, ලෝසක තෙරුන් වහන්සේ පින් නැත්තේ ස්වල්ප ලාභ ඇත්තේය. මෙබඳු වූ පින් රහිත වූ අල්ප ලාභ ඇතියකු විසින් ආර්‍ය්‍ය ධර්මය කෙසේ ලබන ලදදැ යි කියමින් හුන්නාහුය. බුදුරජාණන් වහන්සේ දම් සභාවට වැඩමවා මහණෙනි, මෙහි කවර කථාවකින් යුක්ත ව දැන් හුන්නාහුදැ යි විචාළ සේක. උන් වහන්සේලා මෙනම් කථාවකිනි ස්වාමීනි යි සැලකළාහුය. බුදුරජාණන් වහන්සේ මහණෙනි, මේ භික්‍ෂුව තමාගේ නො ලැබීම ද අරිය ධර්ම ලාභය ද තමා විසින් කරන ලදි. මොහු වනාහි පෙර අනුන්ට ලැබීම් අවහිරකොට ස්වල්ප ලාභී විය. අනිත්‍ය, දුක්ඛ, අනත්ත යන විදර්ශනාවෙන් යුක්ත බැවින් එහි ප්‍රතිඵලයෙන් ආර්‍ය්‍ය ධර්ම ලාභී වූයේයැ යි වදාරා අතීතය ගෙන හැර දැක්වූ සේක.

අතීතෙ කිර කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ අඤ‍්ඤතරො භික‍්ඛු එකං කුටුම‍්බිකං නිස‍්සාය ගාමකාවාසෙ වසති පකතත‍්තො සීලවා විපස‍්සනාය යුත‍්තප‍්පයුත‍්තො. අථෙකො ඛීණාසවත්‍ථෙරො සමවත‍්තවාසං වසමානො අනුපුබ‍්බෙන තස‍්ස භික‍්ඛුනො උපට‍්ඨාකකුටුම‍්බිකස‍්ස වසනගාමං සම‍්පත‍්තො. කුටුම‍්බිකො ථෙරස‍්ස ඉරියාපථෙයෙව පසීදිත්‍වා පත‍්තං ආදාය ඝරං පවෙසෙත්‍වා සක‍්කච‍්චං භොජෙත්‍වා ථොකං ධම‍්මකථං සුත්‍වා ථෙරං වන්‍දිත්‍වා “භන‍්තෙ, අම‍්හාකං ධුරවිහාරමෙව ගච‍්ඡථ, මයං සායන‍්හසමයෙ ආගන‍්ත්‍වා පස‍්සිස‍්සාමා”ති ආහ. ථෙරො විහාරං ගන‍්ත්‍වා නෙවාසිකත්‍ථෙරං වන්‍දිත්‍වා ආපුච‍්ඡිත්‍වා එකමන‍්තං නිසීදි. සොපි තෙන සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා “ලද‍්ධො තෙ, ආවුසො, භික‍්ඛාහාරො”ති පුච‍්ඡි. “ආම, ලද‍්ධො”ති. “කහං ලද‍්ධො”ති? “තුම‍්හාකං ධුරගාමෙ කුටුම‍්බිකඝරෙ”ති. එවඤ‍්ච පන වත්‍වා අත‍්තනො සෙනාසනං පුච‍්ඡිත්‍වා පටිජග‍්ගිත්‍වා පත‍්තචීවරං පටිසාමෙත්‍වා ඣානසුඛෙන ඵලසුඛෙන ච වීතිනාමෙන‍්තො නිසීදි.

යටගිය දවස කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් එක් කෙළඹි පුත්‍රයකු නිසා ගමේ ආවාසයක වාසය කළ සේක. ප්‍රකෘති සිල් ඇත්තේ විදර්ශනාවෙහි යෙදී පැහැදී වසන සේක. ඉක්බිති, එක් රහත් තෙර කෙනෙක් වහන්සේ සම ව්‍රත වසන සේක්, අනුක්‍රමයෙන් ඒ භික්‍ෂූන් වහන්සේට උපස්ථාන කරන්නා වූ කෙළඹි පුත්‍රයා වසන ගමට වැඩම කළ සේක. කෙළඹි පුත්‍රයා තෙරුන් වහන්සේගේ ඉරියව් පැවැත්මෙහි පැහැදී පාත්‍රය ගෙන ගෙට වඩමවා සකසා වළඳවා කෙටි බණක් අසා තෙරුන් වැඳ ස්වාමීනි, අපගේ ආසන්න විහාරයට වඩිනු මැනවි. අපි සවස් කාලයේ අවුත් බලන්නෙමු යි කීවේය. ස්ථවිරයන් වහන්සේට වැඳ විචාරා එකත්පස ව වැඩහුන් සේක. උන් වහන්සේ ද ඔහු සමග පිළිසඳර කථාකොට ඇවැත්නි, දානය ලබන ලද්දේදැ යි විචාළ සේක. එ සේය. ලැබුණේය. කොහිදී ලබන ලද්දේ ද? නුඹ වහන්සේගේ ආසන්න ගමෙහි කෙළඹියාගේ ගෙදරිනි. මෙසේ ද කියා තමන්ගේ සෙනසුන විචාරා පිළිදැගුම්කොට පා සිවුරු සකස්කොට තබා ධ්‍යාන සුවයෙන් ද ඵල සුවයෙන් ද ගතකරමින් වැඩහුන් සේක.

සොපි කුටුම‍්බිකො සායන‍්හෙ ගන්‍ධමාලඤ‍්චෙව පදීපෙය්‍යඤ‍්ච ගාහාපෙත්‍වා විහාරං ගන‍්ත්‍වා නෙවාසිකත්‍ථෙරං වන්‍දිත්‍වා “භන‍්තෙ, එකො ආගන‍්තුකත්‍ථෙරො අත්‍ථි, ආගතො නු ඛො”ති පුච‍්ඡි. “ආම, ආගතො”ති. “ඉදානි කහ”න‍්ති. “අසුකසෙනාසනෙ නාමා”ති. සො තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො ධම‍්මකථං සුත්‍වා සීතලවෙලාය චෙතියඤ‍්ච බොධිඤ‍්ච පූජෙත්‍වා දීපෙ ජාලෙත්‍වා උභොපි ජනෙ නිමන‍්තෙත්‍වා ගතො. නෙවාසිකත්‍ථෙරොපි ඛො “අයං කුටුම‍්බිකො පරිභින‍්නො, සචායං භික‍්ඛු ඉමස‍්මිං විහාරෙ වසිස‍්සති, න මං එස කිස‍්මිඤ‍්චි ගණයිස‍්සතී”ති ථෙරෙ අනත‍්තමනතං ආපජ‍්ජිත්‍වා “ඉමස‍්මිං විහාරෙ එතස‍්ස අවසනාකාරො මයා කාතුං වට‍්ටතී”ති තෙන උපට‍්ඨානවෙලාය ආගතෙන සද‍්ධිං කිඤ‍්චි න කථෙසි. ඛීණාසවත්‍ථෙරො තස‍්ස අජ‍්ඣාසයං ජානිත්‍වා “අයං ථෙරො මම කුලෙ වා ගණෙ වා අපලිබුද‍්ධභාවං න ජානාතී”ති අත‍්තනො වසනට‍්ඨානං ගන‍්ත්‍වා ඣානසුඛෙන ඵලසුඛෙන වීතිනාමෙසි.

ඒ කෙළඹි පුත්‍රයා ද සවස් කාලයෙහි සුවඳ මල් ද පහන් හා තෙල් ද ගෙන්වා ගෙන විහාරයට ගොස් නේවාසික තෙරුන් වැඳ ස්වාමීනි, එක් ආගන්තුක ස්ථවිර නමක් ඇත්දැ යි විචාළේය. එ සේය, පැමිණියේය. දැන් කොහි ද? අසවල් සේනාසනයෙහිය. හෙතෙම උන් වහන්සේගේ සමීපයට ගොස් වැඳ එකත්පසෙක හුන්නේ ධර්ම කථාව අසා සිසිල් වේලාවෙහි චෛත්‍යය ද බෝධිය ද පුදා පහන් දල්වා දෙදෙනා වහන්සේට ම ආරාධනාකොට ගියේය. නේවාසික ස්ථවිරයන් වහන්සේ ද මේ කෙළඹි තෙමේ බිඳුණේමය. ඉදින්, මේ භික්‍ෂුව මේ විහාරයෙහි වාසය කරන්නේ නම්, හෙතෙම මා කිසිසේත් ගණන් නො ගන්නේය. තෙරුන් කෙරෙහි නො සතුටු සිත් ඇතිබවට පැමිණ මේ විහාරයෙහි වාසය නො කරන ලෙස මා විසින් කරන්න වටීයැ යි, ඔහු උපස්ථාන කරන වේලාවෙහි ආවාහු සමග කිසිවක් කථා නො කළේය. ක්ෂීණාශ්‍රවයන් වහන්සේ ඒ භික්‍ෂුවගේ අදහස් දැනගෙන මේ ස්ථවිර තෙම මගේ කුලයෙහි හෝ ගණයා කැරෙහි හෝ අවිරුද්ධබව නො දනී. තමන්ගේ වසන ස්ථානයට ගොස් ධ්‍යාන සැපයෙන් ද ඵල සැපයෙන් ද කල්ගත කළ සේක.

නෙවාසිකොපි පුනදිවසෙ නඛපිට‍්ඨෙන ගණ‍්ඩිං පහරිත්‍වා නඛෙන ද‍්වාරං ආකොටෙත්‍වා කුටුම‍්බිකස‍්ස ගෙහං අගමාසි. සො තස‍්ස පත‍්තං ගහෙත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදාපෙත්‍වා “ආගන‍්තුකත්‍ථෙරො කහං, භන‍්තෙ”ති පුච‍්ඡි. “නාහං තව කුලූපකස‍්ස පවත‍්තිං ජානාමි, ගණ‍්ඩිං පහරන‍්තොපි ද‍්වාරං ආකොටෙන‍්තොපි පබොධෙතුං නාසක‍්ඛිං, හිය්‍යො තව ගෙහෙ පණීතභොජනං භුඤ‍්ජිත්‍වා ජීරාපෙතුං අසක‍්කොන‍්තො ඉදානි නිද‍්දං ඔක‍්කන‍්තොයෙව භවිස‍්සති, ත්‍වං පසීදමානො එවරූපෙසුයෙව ඨානෙසු පසීදසී”ති ආහ – “ඛීණාසවත්‍ථෙරොපි අත‍්තනො භික‍්ඛාචාරවෙලං සල‍්ලක‍්ඛෙත්‍වා සරීරං පටිජග‍්ගිත්‍වා පත‍්තචීවරමාදාය ආකාසෙ උප‍්පතිත්‍වා අඤ‍්ඤත්‍ථ අගමාසි. සො කුටුම‍්බිකො නෙවාසිකත්‍ථෙරං සප‍්පිමධුසක‍්ඛරාභිසඞ‍්ඛතං පායාසං පායෙත්‍වා පත‍්තං ගන්‍ධචුණ‍්ණෙහි උබ‍්බට‍්ටෙත්‍වා පුන පූරෙත්‍වා “භන‍්තෙ, සො ථෙරො මග‍්ගකිලන‍්තො භවිස‍්සති, ඉදමස‍්ස හරථා”ති අදාසි. ඉතරො අපටික‍්ඛිපිත්‍වාව ගහෙත්‍වා ගච‍්ඡන‍්තො “සචෙ සො භික‍්ඛු ඉමං පායාසං පිවිස‍්සති, ගීවායං ගහෙත්‍වා නික‍්කඩ‍්ඪියමානොපි න ගමිස‍්සති. සචෙ පනාහං ඉමං පායාසං මනුස‍්සානං දස‍්සාමි, පාකටං මෙ කම‍්මං භවිස‍්සති. සචෙ උදකෙ ඔපිලාපෙස‍්සාමි, උදකපිට‍්ඨෙ සප‍්පි පඤ‍්ඤායිස‍්සති . සචෙ භූමියං ඡඩ‍්ඩෙස‍්සාමි, කාකසන‍්නිපාතෙන පඤ‍්ඤායිස‍්සති. කත්‍ථ නු ඛො ඉමං ඡඩ‍්ඩෙය්‍ය”න‍්ති උපධාරෙන‍්තො එකං ඣාමක‍්ඛෙත‍්තං දිස‍්වා අඞ‍්ගාරෙ වියූහිත්‍වා තත්‍ථ පක‍්ඛිපිත්‍වා උපරි අඞ‍්ගාරෙහි පටිච‍්ඡාදෙත්‍වා විහාරං ගතො තං භික‍්ඛුං අදිස‍්වා චින‍්තෙසි “අද‍්ධා සො භික‍්ඛු ඛීණාසවො මම අජ‍්ඣාසයං විදිත්‍වා අඤ‍්ඤත්‍ථ ගතො භවිස‍්සති, අහො මයා උදරහෙතු අයුත‍්තං කත”න‍්ති තාවදෙවස‍්ස මහන‍්තං දොමනස‍්සං උදපාදි. තතො පට‍්ඨායෙව ච මනුස‍්සපෙතො හුත්‍වා න චිරස‍්සෙව කාලං කත්‍වා නිරයෙ නිබ‍්බත‍්ති.

නේවාසික ස්ථවිරයන් වහන්සේ දෙවැනි දින නිය පිටින් ගෙඩිය ගසා නියෙන් දොරට තට්ටුකොට කෙළඹියාගේ ගෙට වැඩි සේක. හෙතෙම උන් වහන්සේගේ පාත්‍රය ගෙන පනවන ලද ආසනයෙහි හිඳුවා ආගන්තුක ස්ථවිරයන් වහන්සේ කොහිදැ යි විචාළේය. මම ඔබගේ කුළුපගයාගේ පුවත් නො දනිමි. ගෙඩිය ගසන්නේ දොරට තට්ටු කරන්නේ නමුදු පුබුදුවන්නට නො හැකි වූයෙමි. ඊයේ ඔබගේ ගෙයි ප්‍රණීත භෝජන අනුභවකොට දිරවන්න නො හැකි වන්නේ දැන් නින්දට බැස්සේ විය යුතුය. පහදින ඔබ මෙබඳු තැන්වලට ම පැහැදෙන්නෙහිය. ක්ෂීණාශ්‍රවයන් වහන්සේ ද තමන්ගේ පිඬුසිඟා හැසිරෙන වේලාව සලකා සිරුර පිළිදැගුම්කොට පා සිවුරු රැගෙන අහසෙහි පැන නැඟී අන් තැනකට වැඩි සේක. ඒ කෙළඹි තෙම, නේවාසික ස්ථවිරයන්ට ගිතෙල්, මීපැණි, උක් සකුරුවලින් සකස් කළ කිරි බත් වළඳවා පාත්‍රය සුවඳ සුණෙන් උලා නැවත පුරවා ස්වාමීනි, ඒ ස්ථවිරයන් වහන්සේ මාර්‍ගයෙහි ක්ලාන්ත වූයේ වන්නේය. උන්වහන්සේට මේ කිරි බත ගෙනයනු මැනවැ යි දුන්නේය. අනිත් භික්‍ෂූන් වහන්සේ ප්‍රතික්ෂේප නො කොට ගෙන යන්නේ ඉදින්, ඒ භික්‍ෂු තෙම මේ කිරි බත බොන්නේ ද බෙල්ලෙන් අල්ලා බැහැර කරන්නේ නමුදු නො යන්නේය. ඉදින් වනාහි, මම මේ කිරි බත මිනිසකුට දෙන්නේ නම් මාගේ ඒ ක්‍රියාව ප්‍රකට වන්නේය. ඉදින්, ජලයෙහි පාකැර හරින්නෙම් නම් දිය පිට ගිතෙල් ප්‍රකට වන්නේය. ඉදින්, බිම අත් හරින්නේ නම් කවුඩන් එකතු වීමෙන් වැනෙන්නේය. මෙය කොහි හැර දමන්නෙම්දැ යි සලකන්නේ එක් දැවුණු කෙතක් දැක අඟරු පහකොට එහි බහා මත්තෙහි අඟුරුවලින් වසා විහාරයට ගියේ ඒ භික්‍ෂුව නො දැක මෙසේ සිතීය. ඒකාන්තයෙන් ඒ භික්‍ෂු තෙම රහත් කෙනෙකි. මගේ අදහස් දැන අන් තැනකට ගියා වන්නේය. අනේ, මාවිසින් බඩ නිසා අසාධාරණයක් කරන ලද්දේයැ යි එකෙණෙහිම ඔහුට මහත් වූ දොම්නසක් පහළ විය. එතැන් පටන් ම මිනිස් ප්‍රේතයෙක් ව නොබෝ කලකින් ම කළුරියකොට අපායෙහි උපන්නේය.

සො බහූනි වස‍්සසතසහස‍්සානි නිරයෙ පච‍්චිත්‍වා පක‍්කාවසෙසෙන පටිපාටියා පඤ‍්චජාතිසතෙසු යක‍්ඛො හුත්‍වා එකදිවසම‍්පි උදරපූරං ආහාරං න ලභි. එකදිවසං පන ගබ‍්භමලං උදරපූරං ලභි. පුන පඤ‍්චජාතිසතෙසු සුනඛො අහොසි. තදාපි එකදිවසං භත‍්තවමනං උදරපූරං ලභි, සෙසකාලෙ පන තෙන උදරපූරො ආහාරො නාම න ලද‍්ධපුබ‍්බො. සුනඛයොනිතො පන චවිත්‍වා කාසිරට‍්ඨෙ එකස‍්මිං ගාමෙ දුග‍්ගතකුලෙ නිබ‍්බත‍්ති. තස‍්ස නිබ‍්බත‍්තිතො පට‍්ඨාය තං කුලං පරමදුග‍්ගතමෙව ජාතං, ජාතිතො උද‍්ධං උදකකඤ‍්ජිකාමත‍්තම‍්පි න ලභි. තස‍්ස පන “මිත‍්තවින්‍දකො”ති නාමං අහොසි. මාතාපිතරො ඡාතකදුක‍්ඛං අධිවාසෙතුං අසක‍්කොන‍්තා “ගච‍්ඡ කාළකණ‍්ණී”ති තං පොථෙත්‍වා නීහරිංසු. සො අපටිසරණො විචරන‍්තො බාරාණසිං අගමාසි. තදා බොධිසත‍්තො බාරාණසියං දිසාපාමොක‍්ඛො ආචරියො හුත්‍වා පඤ‍්ච මාණවකසතානි සිප‍්පං වාචෙති. තදා බාරාණසිවාසිනො දුග‍්ගතානං පරිබ‍්බයං දත්‍වා සිප‍්පං සික‍්ඛාපෙන‍්ති. අයම‍්පි මිත‍්තවින්‍දකො බොධිසත‍්තස‍්ස සන‍්තිකෙ සිප‍්පං සික‍්ඛති. සො ඵරුසො අනොවාදක‍්ඛමො තං තං පහරන‍්තො විචරති, බොධිසත‍්තෙන ඔවදියමානොපි ඔවාදං න ගණ‍්හාති. තං නිස‍්සාය ආයොපිස‍්ස මන්‍දො ජාතො.

හෙතෙම බොහෝ වර්ෂ ලක්‍ෂ ගණනක් නිරයෙහි පැසී ඉදිරි වූ පිළිවෙලින් පන්සියයක් ජාතිවල යකෙක් වී එක් දිනක්වත් බඩපුරා අහරක් නො ලැබුවේය. එක් දිනක් අසූචි බඩ පුරා ලැබුවේය. නැවත පන්සියයක් ජාතිවල බල්ලෙක් වූයේය. එකල ද එක් දිනක් බත් වමනයක් බඩ පුරා ලැබුවේය. ඉතිරි කාලයෙහි ඔහු විසින් බඩපුරා අහරක් නො ලදවිරූය. බලු යෝනියෙන් චුත වී කසීරට එක් ගමක දුප්පත් කුලයක උපන්නේය. ඔහු උපන් දින පටන් ඒ ගෙදර අතිශයින් ම දුප්පත් වූයේ ම නැබෙන් උඩට කැඳ වතුර ටිකක්වත් නො ලැබුවේය. ඔහුට මිත්තවින්දකයැ යි නමක් විය. මව්පිය බඩගිනි දුක ඉවසන්න නො හැක්කේ යව, කාලකණ්ණියායැ යි ඔහුට තලා බැහැර කළහ. හෙතෙම පිළිසරණක් නැත්තේ, හැසිරෙන්නේ බරණැසට ගියේය. එකල්හි බෝසත් තෙම බරණැස දිසාපාමොක් ඇදුරු වී පන්සියයක් තරුණයන්ට ශිල්පය හදාරවයි. එකල්හි බරණැස් නුවර වැසියෝ දුප්පතුන්ට වැටුප් දී ශිල්ප හික්මවත්. මේ මිත්තවින්දක තෙම බෝසතාණන්ගේ සමීපයෙහි පිනට ශිල්ප හදාරයි. හෙතෙම පරුෂය. අවවාදයට නො නැමේ. ඒ ඒ අයට පහර දෙමින් හැසිරේ. බෝසතාණන් විසින් අවවාද කැරනු ලබන්නේ නමුදු අවවාදය නො පිළිගනී. ඒ නිසා ඔහුට ලැබීම ද මද විය.

අථ සො මාණවකෙහි සද‍්ධිං භණ‍්ඩිත්‍වා ඔවාදං අග‍්ගණ‍්හන‍්තො තතො පලායිත්‍වා ආහිණ‍්ඩන‍්තො එකං පච‍්චන‍්තගාමං පත්‍වා භතිං කත්‍වා ජීවති. සො තත්‍ථ එකාය දුග‍්ගතිත්‍ථියා සද‍්ධිං සංවාසං කප‍්පෙසි. සා තං නිස‍්සාය ද‍්වෙ දාරකෙ විජායි. ගාමවාසිනො “අම‍්හාකං සුසාසනං දුස‍්සාසනං ආරොචෙය්‍යාසී”ති මිත‍්තවින්‍දකස‍්ස භතිං දත්‍වා තං ගාමද‍්වාරෙ කුටිකාය වසාපෙසුං. තං පන මිත‍්තවින්‍දකං නිස‍්සාය තෙ පච‍්චන‍්තගාමවාසිනො සත‍්තක‍්ඛත‍්තුං රාජදණ‍්ඩං අගමංසු, සත‍්තක‍්ඛත‍්තුං නෙසං ගෙහානි ඣායිංසු, සත‍්තක‍්ඛත‍්තුං තළාකං භිජ‍්ජි. තෙ චින‍්තයිංසු “අම‍්හාකං පුබ‍්බෙ ඉමස‍්ස මිත‍්තවින්‍දකස‍්ස අනාගමනකාලෙ එවරූපං නත්‍ථි, ඉදානි පනස‍්ස ආගතකාලතො පට‍්ඨාය පරිහායාමා”ති තං පොථෙත්‍වා නීහරිංසු.

ඉක්බිති, හෙතෙම මානවකයන් සමග කලහකොට අවවාද නො ගන්නේ එයින් පලාගොස් ඇවිදින්නේ, එක් පිටිසර ගමකට ගොස් කුලී වැඩකොට ජීවත් වේ. හෙතෙම එහි එක් දුප්පත් ස්ත්‍රියක සමග සංවාසය කළේය. ඕ තුමූ ඔහු නිසා දරුවන් දෙදෙනකු වැදුවාය. ගම් වැසියෝ අපට යහපත අයහපත සැලකරන්නැ යි මිත්තවින්දකට කුලිය දී ගම් දොර කුටියක ඔහු වැස්සූහ. ඒ මිත්තවින්දකයා නිසා පිටිසර ගම් වැසියෝ සත් වරක් රජ දඬුවම් වින්දෝය. සත් වරක් විල බිඳුණැ යි ඔවුහු සිතුවෝහුය. පෙර අපට මේ මිත්තවින්දකයා නො පැමිණි කල්හි මෙබඳු දෙයක් නැත. දැන් මොහු පැමිණි කාලයේ සිට පිරිහෙවු යි ඔහුට තලා බැහැර කළාහුය.

සො අත‍්තනො දාරකෙ ගහෙත්‍වා අඤ‍්ඤත්‍ථ ගච‍්ඡන‍්තො එකං අමනුස‍්සපරිග‍්ගහං අටවිං පාවිසි. තත්‍ථස‍්ස අමනුස‍්සා දාරකෙ ච භරියඤ‍්ච මාරෙත්‍වා මංසං ඛාදිංසු. සො තතො පලායිත්‍වා තතො තතො ආහිණ‍්ඩන‍්තො එකං ගම‍්භීරං නාම පට‍්ටනගාමං නාවාවිස‍්සජ‍්ජනදිවසෙයෙව පත්‍වා කම‍්මකාරකො හුත්‍වා නාවං අභිරුහි. නාවා සමුද‍්දපිට‍්ඨෙ සත‍්තාහං ගන‍්ත්‍වා සත‍්තමෙ දිවසෙ සමුද‍්දමජ‍්ඣෙ ආකොටෙත්‍වා ඨපිතා විය අට‍්ඨාසි. තෙ කාළකණ‍්ණිසලාකං චාරෙසුං, සත‍්තක‍්ඛත‍්තුං මිත‍්තවින්‍දකස‍්සෙව පාපුණි. මනුස‍්සා තස‍්සෙකං වෙළුකලාපං දත්‍වා හත්‍ථෙ ගහෙත්‍වා සමුද‍්දපිට‍්ඨෙ ඛිපිංසු, තස‍්මිං ඛිත‍්තමත‍්තෙ නාවා අගමාසි. මිත‍්තවින්‍දකො වෙළුකලාපෙ නිපජ‍්ජිත්‍වා සමුද‍්දපිට‍්ඨෙ ගච‍්ඡන‍්තො කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ රක‍්ඛිතසීලස‍්ස ඵලෙන සමුද‍්දපිට‍්ඨෙ එකස‍්මිං ඵලිකවිමානෙ චතස‍්සො දෙවධීතරො පටිලභිත්‍වා තාසං සන‍්තිකෙ සුඛං අනුභවමානො සත‍්තාහං වසි. තා පන විමානපෙතියො සත‍්තාහං සුඛං අනුභවන‍්ති, සත‍්තාහං දුක‍්ඛං. සත‍්තාහං දුක‍්ඛං අනුභවිතුං ගච‍්ඡමානා “යාව මයං ආගච‍්ඡාම, තාව ඉධෙව හොහී”ති වත්‍වා අගමංසු.

හෙතෙම තමාගේ දරුවන් ගෙන අන් තැනකට යන්නේ, අමනුෂ්‍යයන් විසින් අරක් ගත් කැලෑවකට පිවිසියේය. එහි අමනුෂ්‍යයෝ දරුවන් ද බිරිය ද මරා මස් කෑහ. හෙතෙම එයින් පලාගොස් ඒ ඒ තැන ඇවිදින්නේ, එක් ගම්භීර නම් පටුනු ගමට නැව දියත් කැරන දිනයෙහි ම පැමිණ කම්කරුවෙක් වී නැවට නැංගේය. නැව මුහුද මත සත් දවසක් ගොස් සත් වැනි දින මුහුද මැද තට්ටුකොට තැබුවා සේ සිටියේය. ඔවුහු කාලකණ්ණි තුණ්ඩුව හෙවත් අවාසනාවන්තයා සෙවීමේ කුසපත් තේරූහ. සත් වරක් ම මිත්තවින්දකට ම පැමිණියේය. මිනිස්සු ඔහුට උණ දඬු මිටියක් දී අතින් ගෙන මුහුදට විසි කළහ. ඔහු දැමූ විගස නැව ගියේය. මිත්තවින්දක තෙමේ උණ මිටියෙහි දිග ඇදී මහා මුහුදෙහි යන්නේ කාශ්‍යප සම්බුදුරජුන්ගේ කාලයෙහි රකින ලද ශීල බලයෙන් මුහුද පට එක් පළිඟු මැණික් විමානයක දෙව් දූවරු සතර දෙනෙක ලැබ ඔවුන්ගේ සමීපයෙහි සැප විඳින්නේ සතියක් වාසය කළේය. ඒ විමාන ප්‍රේතියෝ සත් දිනක් සැප අනුභව කරත්. සත් දිනක් දුක් අනුභව කරත්. දුක් අනුභව කරන්නට යන කල්හි අපි යම්තාක් එමු ද ඒතාක් මෙහි ම වසව යි කියා ගියාහුය.

මිත‍්තවින්‍දකො තාසං ගතකාලෙ වෙළුකලාපෙ නිපජ‍්ජිත්‍වා පුරතො ගච‍්ඡන‍්තො රජතවිමානෙ අට‍්ඨ දෙවධීතරො ලභි. තතොපි පරං ගච‍්ඡන‍්තො මණිවිමානෙ සොළස, කනකවිමානෙ ද‍්වත‍්තිංස දෙවධීතරො ලභි. තාසම‍්පි වචනං අකත්‍වා පරතො ගච‍්ඡන‍්තො අන‍්තරදීපකෙ එකං යක‍්ඛනගරං අද‍්දස. තත්‍ථෙකා යක‍්ඛිනී අජරූපෙන විචරති. මිත‍්තවින්‍දකො තස‍්සා යක‍්ඛිනිභාවං අජානන‍්තො “අජමංසං ඛාදිස‍්සාමී”ති තං පාදෙ අග‍්ගහෙසි, සා යක‍්ඛානුභාවෙන තං උක‍්ඛිපිත්‍වා ඛිපි. සො තාය ඛිත‍්තො සමුද‍්දමත්‍ථකෙන ගන‍්ත්‍වා බාරාණසියං පරිඛාපිට‍්ඨෙ එකස‍්මිං කණ‍්ටකගුම‍්බමත්‍ථකෙ පතිත්‍වා පවට‍්ටමානො භූමියං පතිට‍්ඨාසි. තස‍්මිඤ‍්ච සමයෙ තස‍්මිං පරිඛාපිට‍්ඨෙ රඤ‍්ඤො අජිකා චරමානා චොරා හරන‍්ති. අජිකගොපකා “චොරෙ ගණ‍්හිස‍්සාමා”ති එකමන‍්තං නිලීනා අට‍්ඨංසු. මිත‍්තවින්‍දකො පවට‍්ටිත්‍වා භූමියං ඨිතො තා අජිකා දිස‍්වා චින‍්තෙසි “අහං සමුද‍්දෙ එකස‍්මිං දීපකෙ අජිකං පාදෙ ගහෙත්‍වා තාය ඛිත‍්තො ඉධ පතිතො. සචෙ ඉදානි එකං අජිකං පාදෙ ගහෙස‍්සාමි, සා මං පරතො සමුද‍්දපිට‍්ඨෙ විමානදෙවතානං සන‍්තිකෙ ඛිපිස‍්සතී”ති. සො එවං අයොනිසො මනසිකරිත්‍වා අජිකං පාදෙ ගණ‍්හි, සා ගහිතමත‍්තා විරවි. අජිකගොපකා ඉතො චිතො ච ආගන‍්ත්‍වා තං ගහෙත්‍වා “එත‍්තකං කාලං රාජකුලෙ අජිකඛාදකො එස චොරො”ති තං කොට‍්ටෙත්‍වා බන්‍ධිත්‍වා රඤ‍්ඤො සන‍්තිකං නෙන‍්ති.

මිත්තවින්දක තෙම ඔවුන් ගිය කල උණ කලාපයෙහි වැදහොවා වෙනතක යන්නේ රිදී විමානයක දේව දූවරුන් අට දෙනෙකු ලැබුවේය. එයින් ද ඈත යන්නේ, මැණික් විමානයෙහි සොළොස් දෙනෙකු ද රන් විමානයක තිස් දෙදෙනෙකු ද ලැබුවේය. ඔවුන්ගේ වචනය නො කොට ඈත යන්නේ අතුර දිවයිනක එක් යක්‍ෂ නගරයක් දුටුවේය. එහි එක් යකින්නියක් එළු ස්වරූපයෙන් හැසිරෙයි. මිත්තවින්දක තෙමේ ඇගේ යක්‍ෂණීබව නො දන්නේ එළු මස් කන්නේ, ඇය පාවලින් අල්ලා ගත්තේය. ඕ තුමූ යක්‍ෂානුභාවය නිසා ඔහු ඔසවා විසි කළාය. හෙතෙම, ඇය විසින් විසි කැරන ලද්දේ මුහුද මතින් ගොස් බරණැස දිය අගල අසල එක් කටු ලැහැබක් මත වැටී පෙරැළී බිම පිහිටියේය. එසමයෙහි ඒ දිය අගල අසල රජුගේ එළු දෙන්නුන් හැසිරෙන්නේ, සොරු පැහැර ගනිති. එළු දෙනුන් බලන්නෝ සොරුන් අල්ලා ගනිමු යි එකත් පසෙක සැඟවී සිටියාහුය. මිත්තවින්දක තෙමේ පෙරළී බිම සිටියේ ඒ එළු දෙනුන් දැක සිතීය. මම මහ මුහුදෙහි එක් දිවයිනක එළු දෙනකගේ පා ගෙන ඈ විසින් විසිකරන ලද්දේ මෙහි වැටුණේය. ඉදින් වනාහි, දැන් එක් එළු දෙනකගේ පා ගන්නෙම් නම් ඕ තුමූ මා එහා මුහුදු පිට විමන් දෙවියන්ගේ සමීපයෙහි විසි කරන්නීය. හෙතෙම මෙසේ අනුවණින් මෙනෙහි කොට එළු දෙනකගේ පා ගත්තේය. ඕ තුමූ අල්ලාගත් විට ම කෑගැසුවාය. එළු දෙනුන් පාලකයෝ එහෙන් මෙහෙන් පැමිණ ඔහු අල්ලාගෙන මෙතෙක් කල් රජ ගෙදර එළු දෙනුන් කන්නා මේ සොරායැ යි ඔහුට කොටා බැඳ රජුගේ සමීපයට ගෙන ගියෝය.

තස‍්මිං ඛණෙ බොධිසත‍්තො පඤ‍්චසතමාණවකපරිවුතො නගරා නික‍්ඛම‍්ම න‍්හායිතුං ගච‍්ඡන‍්තො මිත‍්තවින්‍දකං දිස‍්වා සඤ‍්ජානිත්‍වා තෙ මනුස‍්සෙ ආහ – “තාතා, අයං අම‍්හාකං අන‍්තෙවාසිකො, කස‍්මා නං ගණ‍්හථා”ති? “අජිකචොරකො, අය්‍ය, එකං අජිකං පාදෙ ගණ‍්හි, තස‍්මා ගහිතො”ති. “තෙන හෙතං අම‍්හාකං දාසං කත්‍වා දෙථ, අම‍්හෙ නිස‍්සාය ජීවිස‍්සතී”ති. තෙ, “සාධු අය්‍යා”ති තං විස‍්සජ‍්ජෙත්‍වා අගමංසු. අථ නං බොධිසත‍්තො “මිත‍්තවින්‍දක, ත්‍වං එත‍්තකං කාලං කහං වසී”ති පුච‍්ඡි. සො සබ‍්බං අත‍්තනා කතකම‍්මං ආරොචෙසි. බොධිසත‍්තො “අත්‍ථකාමානං වචනං අකරොන‍්තො එවං දුක‍්ඛං පාපුණාතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

එකෙනෙහි බෝසත් තෙමේ පන්සියයක් තරුණයන් විසින් පිරිවරන ලද්දේ නුවරින් නික්ම නෑමට යන්නේ මිත්තවින්දක දැක හඳුනා ඒ මිනිසුන්ට කීවේය. දරුවනි, මේ තෙමේ අපගේ ශිෂ්‍යයෙකි. කුමක් නිසා ඔහු ගත්තාහු ද? ආර්යය, එළු දෙනුන් සොරකම් කරන්නෙකි. එක් එළු දෙනකුගේ පා අල්ලා ගත්තේය. එහෙයින් අල්ලා ගන්නා ලද්දේ වෙයි. එ සේ නම් මොහු අපට දාසයකු කොට දෙවු. අප නිසා ජීවත් වන්නේය. ආර්යය, යහපතැ යි ඔහු අත්හැර ගියාහුය. ඉක්බිති, බෝධිසත්ත්ව තෙම මිත්තවින්දකය, තෝ මෙතෙක් කල් කොහි විසුවේදැ යි විචාළේය. හෙතෙම තමා විසින් කරන ලද සියළු කර්‍ම සැලකළේය. බෝසත් තෙමේ වැඩ කැමැතිවුන්ගේ වචනය විශ්වාස නො කරන්නෝ මේ දුකට පැමිණෙතැ යි කියා මේ ගාථාව කීවේය.

“යො අත්‍ථකාමස‍්ස හිතානුකම‍්පිනො, ඔවජ‍්ජමානො න කරොති සාසනං; අජියා පාදමොලම‍්බ, මිත‍්තකො විය සොචතී”ති.

“යො අත්‍ථකාමස්ස හිතානුකම්පිනො, ඔවජ්ජමානො න කරොති සාසනං, අජියා පාදමොලුබ්හ, මිත්තකො විය සොචතීති”

“වැඩ කැමැති ව හිතවත් ව අනුකම්පා කරන්නහුගේ වචනය, අවවාද කරන්නේ නමුදු යමෙක් නො කරයි ද එළු දෙනගේ පාදයෙහි එල්බ ගත් මිත්තක මෙන් ශෝක කරයි.”

තත්‍ථ අත්‍ථකාමස‍්සාති වුඩ‍්ඪිං ඉච‍්ඡන‍්තස‍්ස. හිතානුකම‍්පිනොති හිතෙන අනුකම‍්පමානස‍්ස. ඔවජ‍්ජමානොති මුදුකෙන හිතචිත‍්තෙන ඔවදියමානො. න කරොති සාසනන‍්ති අනුසිට‍්ඨං න කරොති, දුබ‍්බචො අනොවාදකො හොති. මිත‍්තකො විය සොචතීති යථායං මිත‍්තවින්‍දකො අජිකාය පාදං ගහෙත්‍වා සොචති කිලමති, එවං නිච‍්චකාලං සොචතීති ඉමාය ගාථාය බොධිසත‍්තො ධම‍්මං දෙසෙසි.

එහි “අත්‍ථකාමස්සාති” අභිවෘද්ධිය කැමැතිවන්නාහුගේ, “හිතානුකම්පිනොති” හිතවත් ව අනුකම්පා කරන්නාගේ, “ඔවජ්ජමානොති” මොළොක් වූ හිතවත් සිතින් අවවාද දෙනු ලබන්නේ, “න කරොති සාසනං” උපදෙස් නො පිළිපදියි. නො කීකරු ව අවවාද නො රුස්සන්නකු වේ. “මිත්තකො විය සොචතීති” මේ මිත්තවින්දක තෙම එළු දෙනගේ පාදය ගෙන ශෝක කරන්නේ යම් සේ ද වෙහෙස වන්නේ යම් සේ ද, මෙසේ හැමදා ශෝක කරන්නේයැ යි, මේ ගාථාවෙන් බෝසතාණෝ දහම් දෙසූහ.

එවං තෙන ථෙරෙන එත‍්තකෙ අද‍්ධානෙ තීසුයෙව අත‍්තභාවෙසු කුච‍්ඡිපූරො ලද‍්ධපුබ‍්බො. යක‍්ඛෙන හුත්‍වා එකදිවසං ගබ‍්භමලං ලද‍්ධං, සුනඛෙන හුත්‍වා එකදිවසං භත‍්තවමනං, පරිනිබ‍්බානදිවසෙ ධම‍්මසෙනාපතිස‍්සානුභාවෙන චතුමධුරං ලද‍්ධං. එවං පරස‍්ස ලාභන‍්තරායකරණං නාම මහාදොසන‍්ති වෙදිතබ‍්බං. තස‍්මිං පන කාලෙ සොපි ආචරියො මිත‍්තවින්‍දකොපි යථාකම‍්මං ගතො.

මෙසේ ඒ තෙරුන් විසින් මෙතෙක් කාලයෙහි ආත්ම භාව තුනක ම කුස පිරීමක් නො ලදවිරූය. යක්ෂයකු වී එක් දිනක් ගබ්මල ලබන ලදි. සුනඛයකු වී එක් දිනක් බත් වමනය ද පිරිනිවන්පාන වෙසෙහි දම් සෙනෙවි සැරියුත් හිමියන්ගේ ආනුභාවයෙන් චතුමධුර ලබන ලදි. මෙසේ අනුන්ගේ ලාභ අනතුරු කිරීම මහා දෝෂයක්යැ යි දත යුතුයි. ඒ කාලයෙහි ඒ ආචාර්ය තෙමේ ද මිත්තවින්දකයා ද කම් වූ පරිදි මිය පරලොව ගියෝය.

සත්‍ථා “එවං, භික‍්ඛවෙ, අත‍්තනො අප‍්පලාභිභාවඤ‍්ච අරියධම‍්මලාභිභාවඤ‍්ච සයමෙව එස අකාසී”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මිත‍්තවින්‍දකො ලොසකතිස‍්සත්‍ථෙරො අහොසි, දිසාපාමොක‍්ඛාචරියො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ, මහණෙනි, මෙසේ තමා විසින් අල්ප ලාභී බවත් ආර්‍ය්‍ය ධර්‍මලාභී බවත් තෙමේ ම කළේයැ යි, මේ ධර්‍ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්ධි ගළපා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල්හි මිත්තවින්දක තෙම ලෝසකතිස්ස තෙරුන් විය. දිසාපාමොක් ඇදුරුතුමා මම ම වෙමි යි වදාළ සේක.

ලොසකජාතකවණ‍්ණනා පඨමා.