යෙදුමෙන් කියවන්න

10. ඛදිරඞ‍්ගාරජාතකවණ‍්ණනා 40 අට‍්ඨකථා

10. ඛදිරඞ‍්ගාරජාතකවණ‍්ණනා (40)

10. ඛදිරඞ්ගාර ජාතකය (40)

කාමං පතාමි නිරයන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අනාථපිණ‍්ඩිකං ආරබ‍්භ කථෙසි. අනාථපිණ‍්ඩිකො හි විහාරමෙව ආරබ‍්භ චතුපඤ‍්ඤාසකොටිධනං බුද‍්ධසාසනෙ පරිච‍්චජිත්‍වා විකිරිත්‍වා ඨපෙත්‍වා තීණි රතනානි අඤ‍්ඤත්‍ථ රතනසඤ‍්ඤමෙව අනුප‍්පාදෙත්‍වා සත්‍ථරි ජෙතවනෙ විහරන‍්තෙ දෙවසිකං තීණි මහාඋපට‍්ඨානානි ගච‍්ඡති. පාතොව එකවාරං ගච‍්ඡති, කතපාතරාසො එකවාරං, සායන‍්හෙ එකවාරං. අඤ‍්ඤානිපි අන‍්තරන‍්තරුපට‍්ඨානානි හොන‍්තියෙව. ගච‍්ඡන‍්තො ච “කිං නු ඛො ආදාය ආගතොති සාමණෙරා වා දහරා වා හත්‍ථම‍්පි මෙ ඔලොකෙය්‍යු”න‍්ති තුච‍්ඡහත්‍ථො නාම න ගතපුබ‍්බො. පාතොව ගච‍්ඡන‍්තො යාගුං ගාහාපෙත්‍වා ගච‍්ඡති, කතපාතරාසො සප‍්පිනවනීතමධුඵාණිතාදීනිපි, සායන‍්හසමයෙ ගන්‍ධමාලාවත්‍ථාදිහත්‍ථොති. එවං දිවසෙ දිවසෙ පරිච‍්චජන‍්තස‍්ස පනස‍්ස පරිච‍්චාගෙ පමාණං නත්‍ථි.

“කාමං පතාමි නිරයං” යන මේ ජාතකය බුදු රජුන් දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, අනේපිඬු මහසිටාණන් අරබයා වදාළහ. ඔහු වනාහි දෙව්රම් වෙහෙර සඳහා ම සූපණස් කෙළක් ධනය බුදුසසුනට පරිත්‍යාගකොට විසුරුවා බුදුන්, දහම්, සඟුන් තුන්රුවන හැර වෙනත් රුවනක් පිළිබඳ හැඟීමක් නූපදවා බුදුරජුන් දෙව්රම් වෙහෙර වසන කල්හි දිනපතා මහඋවටැන් තුනකට යයි. උදෑසන ම එක් වරක් යයි. උදේ ආහාරය ගෙන එක් වරක් ද සවස් භාගයෙහි එක් වරක් ද යයි. මේ අතර උවටැන් ද ඇත්තේය. එ සේ යන්නේ ද ළදරු සාමණේර දරුවන් කුමක් ගෙනෙන ලද්දේදැ යි මගේ අත බලන්නාහු, හිස් අතින් නො යන විරූය. උදෑසන යන විට කැඳ ගෙන්වාගෙන යයි. උදේ ආහාරයෙන් පසු යන විට ගිතෙල්, වෙඬරු, මීපැණි ආදිය ද සවස් භාගයෙහි සුවඳ මල් වස්ත්‍රාදිය ගත් අත් ඇතිව යයි. මෙසේ සිටු පිරිනැමෙන ධනයෙහි ප්‍රමාණයක් ඇත.

බහූ වොහාරූපජීවිනොපිස‍්ස හත්‍ථතො පණ‍්ණෙ ආරොපෙත්‍වා අට‍්ඨාරසකොටිසඞ‍්ඛ්‍යං ධනං ඉණං ගණ‍්හිංසු, තෙ මහාසෙට‍්ඨි න ආහරාපෙති. අඤ‍්ඤා පනස‍්ස කුලසන‍්තකා අට‍්ඨාරස කොටියො නදීතීරෙ නිදහිත්‍වා ඨපිතා අචිරවතොදකෙන නදීකූලෙ භින‍්නෙ මහාසමුද‍්දං පවිට‍්ඨා, තා යථාපිහිතලඤ‍්ඡි තාව ලොහචාටියො අණ‍්ඩවකුච‍්ඡියං පවට‍්ටන‍්තා විචරන‍්ති. ගෙහෙ පනස‍්ස පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං නිච‍්චභත‍්තං නිබද‍්ධමෙව හොති. සෙට‍්ඨිනො හි ගෙහං භික‍්ඛුසඞ‍්ඝස‍්ස චතුමහාපථෙ ඛතපොක‍්ඛරණිසදිසං, සබ‍්බභික‍්ඛූනං මාතාපිතුට‍්ඨානෙ ඨිතං. තෙනස‍්ස ඝරං සම‍්මාසම‍්බුද‍්ධොපි ගච‍්ඡති, අසීතිමහාථෙරාපි ගච‍්ඡන‍්තියෙව. සෙසභික‍්ඛූනං පන ගච‍්ඡන‍්තානඤ‍්ච ආගච‍්ඡන‍්තානඤ‍්ච පමාණං නත්‍ථි. තං පන ඝරං සත‍්තභූමකං සත‍්තද‍්වාරකොට‍්ඨකපටිමණ‍්ඩිතං, තස‍්ස චතුත්‍ථෙ ද‍්වාරකොට‍්ඨකෙ එකා මිච‍්ඡාදිට‍්ඨිකා දෙවතා වසති, සා සම‍්මාසම‍්බුද‍්ධෙ ගෙහං පවිසන‍්තෙ අත‍්තනො විමානෙ ඨාතුං න සක‍්කොති, දාරකෙ ගහෙත්‍වා ඔතරිත්‍වා භූමියං තිට‍්ඨති. අසීතිමහාථෙරෙසුපි අවසෙසත්‍ථෙරෙසුපි පවිසන‍්තෙසු ච නික‍්ඛමන‍්තෙසු ච තථෙව කරොති. සා චින‍්තෙසි “සමණෙ ගොතමෙ ච සාවකෙසු චස‍්ස ඉමං ගෙහං පවිසන‍්තෙසු මය‍්හං සුඛං නාම නත්‍ථි, නිච‍්චකාලං ඔතරිත්‍වා ඔතරිත්‍වා භූමියං ඨාතුං න සක‍්ඛිස‍්සාමි. යථා ඉමෙ එතං ඝරං න පවිසන‍්ති, තථා මයා කාතුං වට‍්ටතී”ති. අථෙකදිවසං සයනූපගතස‍්සෙව මහාකම‍්මන‍්තිකස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා ඔභාසං ඵරිත්‍වා අට‍්ඨාසි. “කො එත්‍ථා”ති ච වුත‍්තෙ “අහං චතුත්‍ථද‍්වාරකොට‍්ඨකෙ නිබ‍්බත‍්තදෙවතා”ති ආහ. “කස‍්මා ආගතාසී”ති? “කිං තුම‍්හෙ සෙට‍්ඨිස‍්ස කිරියං න පස‍්සථ, අත‍්තනො පච‍්ඡිමකාලං අනොලොකෙත්‍වා ධනං නීහරිත්‍වා සමණං ගොතමංයෙව පූජෙති, නෙව වණිජ‍්ජං පයොජෙති, න කම‍්මන‍්තෙ පට‍්ඨපෙති, තුම‍්හෙ සෙට‍්ඨිං තථා ඔවදථ, යථා අත‍්තනො කම‍්මන‍්තං කරොති. යථා ච සමණො ගොතමො සසාවකො ඉමං ඝරං න පවිසති, තථා කරොථා”ති. අථ නං සො ආහ “බාලදෙවතෙ, සෙට‍්ඨි ධනං විස‍්සජ‍්ජෙන‍්තො නිය්‍යානිකෙ බුද‍්ධසාසනෙ විස‍්සජ‍්ජෙති, සො සචෙ මං චූළායං ගහෙත්‍වා වික‍්කිණිස‍්සති, නෙවාහං කිඤ‍්චි කථෙස‍්සාමි, ගච‍්ඡ ත්‍වං”න‍්ති. සා පුනෙකදිවසං සෙට‍්ඨිනො ජෙට‍්ඨපුත‍්තං උපසඞ‍්කමිත්‍වා තථෙව ඔවදි, සොපි තං පුරිමනයෙනෙව තජ‍්ජෙසි. සෙට‍්ඨිනා පන සද‍්ධිං කථෙතුංයෙව න සක‍්කොති.

මේ හැර බොහෝ වෙළෙඳ ජනයා ද ලියකියවිලි ඇතිව අටලොස් කෝටියක පමණ ධනය ණයට ගත්හ. මහසිටු ඒවා ද ගෙන්වා නො ගනී. තවත් ඔහුගේ කුල සන්තක අටළොස් කෙළක් ධනය ගං ඉවුරෙහි නිදන්කොට තිබිය දී සුළඟින් හා ජලයෙන් ඉවුර බිඳී ගිය කල මහමුහුදට ගියේය. ඒවා ලෝහ සැලිවල බහා පියන් වසා තිබූ සෙයින් ම මුහුද පතුලෙහි පෙරළෙමින් තිබේ. භික්‍ෂූන් පන්සියයකට නිබඳ දන් පවතී. සිටු ගෙදර මහසඟනට සතර මංහන්දියක කළ පොකුණක් සමාන විය. සිටුතුමා මහසඟනට මව්පිය තනතුරෙහි සිටියේය. මේ නිසා ඔහුගේ ගෙදරට බුදුරජාණන් වහන්සේ ද වඩිති. අසූ මහා සව්වෝ ද වඩිති. වඩනා සෙසු භික්‍ෂූන්ගේ පමණ නැත. ඔහුගේ ගෘහය සත් මහල්ය. දොරටු සතකින් යුක්තය. එයින් සතර වැනි දොරටුවෙහි මිසදිටු දෙවියෙක් වසයි. බුදුරජුන් ගෙට පිවිසෙන විට තම විමනෙහි සිටීමට නො හැකිය. දරුවන් ගෙන බිමට බැස සිටී. අසූ මහා සව්වන් ඇතුළු සෙසු භික්‍ෂූන් පිවිසෙන විට ද නික්මෙන විට ද එ සේ ම කරයි. දෙවියා සිතීය. ශ්‍රමණ ගෞතමයන් හා සෙසු මහණුන් මෙම ගෙට පිවිසෙන විට මට සැපයක් නම් නැත. නිබඳ ව බිමට බැස සිටීමට ද නො හැකිය. එම නිසා මොවුන් මේ ගෙට නො පිවිසෙන ලෙස මාවිසින් කළයුතු වන්නේයැ යි දිනක් ඔහු අයකැමියා සයනගතව සිටිය දී ඔහු වෙතට ගොස් ආලෝක පතුරුවා සිටියේය. මෙහි කවුද? මම සිව් වැනි දොරටුවෙහි වෙසෙන දෙවියා වෙමි. මෙහි පැමිණියේ මක්නිසා ද? ඔබට සිටුගේ ක්‍රියා කලාපය නො පෙනෙන්නේ ද? තමාගේ සැප නොබලා ධනය ගෙනවුත් ශ්‍රමණ ගෞතමයන්ට ම පුදයි. වෙළඳාමට හෝ වෙනත් කර්මාන්තයකට ධනය නො යොදයි. ධනය තම කාර්යයන් සඳහා යොදන ලෙසත් අවවාද කරනු. යම් සේ ශ්‍රමණ ගෞතමයන් ඇතුළු සව්වන් මෙහි නො පිවිසෙද් ද එ සේ කරනු. ඔහු ඇයට මෙසේ කීය. මෝඩ දේවිය, සිටුතුමා ධනය වියදම් කරන්නේ නෛසර්ගික බුදු සසුනේය. ඉදින් ඔහු මගේ කෙස් වැටිය ගෙන විකුණුවත් මම කිසිවක් නො කියන්නෙමි. ඔබ වහා යනු. නැවත දිනක දෙවියා සිටුගේ දෙටු පුත් වෙත එළැඹ එ සේ ම අවවාද කළේය. ඔහු ද පෙර සේ ම දෙවියාට තර්ජනය කළේය. එහෙත් සිටු සමග කථා කිරීමට අසමත් වෙයි.

සෙට‍්ඨිනොපි නිරන‍්තරං දානං දෙන‍්තස‍්ස වොහාරෙ අකරොන‍්තස‍්ස ආයෙ මන්‍දීභූතෙ ධනං පරික‍්ඛයං අගමාසි. අථස‍්ස අනුක‍්කමෙන දාලිද‍්දියප‍්පත‍්තස‍්ස පරිභොගසාටකසයනභොජනානිපි පුරාණසදිසානි න භවිංසු. එවංභූතොපි භික‍්ඛුසඞ‍්ඝස‍්ස දානං දෙති, පණීතං පන කත්‍වා දාතුං න සක‍්කොති . අථ නං එකදිවසං වන්‍දිත්‍වා නිසින‍්නං සත්‍ථා “දීයති පන තෙ, ගහපති, කුලෙ දාන”න‍්ති පුච‍්ඡි. සො “දීයති, භන‍්තෙ, තඤ‍්ච ඛො කණාජකං බිලඞ‍්ගදුතිය”න‍්ති ආහ. අථ නං සත්‍ථා “ගහපති, ‘ලූඛං දානං දෙමී’ති මා චිත‍්තං සඞ‍්කොචයිත්‍ථ . චිත‍්තස‍්මිඤ‍්හි පණීතෙ බුද‍්ධපච‍්චෙකබුද‍්ධබුද‍්ධසාවකානං දින‍්නදානං ලූඛං නාම න හොති. කස‍්මා? විපාකමහන‍්තත‍්තා”ති ආහ. චිත‍්තඤ‍්හි පණීතං කාතුං සක‍්කොන‍්තස‍්ස දානං ලූඛං නාම නත්‍ථීති චෙතං එවං වෙදිතබ‍්බං –

මෙසේ නිබඳ ව දන් දීම නිසාත් ව්‍යාපාරාදිය නො කිරීම නිසාත් සිටුගේ ආදායම අඩුවද්දී ධනය පිරිහී ගියේය. මෙසේ ක්‍රමයෙන් දිළිඳු බවට පත්වෙත් ම සිටුහුගේ සළුපිළි, යහන්, බොජුන් ආදිය ද පෙර පරිදි නො වීය. මෙසේ වද්දීත් මහසඟනට දන් දෙයි. පෙර මෙන් ප්‍රණීතකොට දීමට නො හැකි විය. දිනක් බුදුරජුන් වැඳ හුන් මහසිටුහුට මහසිටු, ඔබ ගෙදර නිබඳ දානය දෙනු ලැබේ ද? ස්වාමීනි, දෙනු ලැබේ. එහෙත් එය ඇඹුල් කැඳ දෙවැනිකොට නිවුඩු බත් පමණයි. මහසිටු, රළු ආහාරයක් දෙමි යි සිතෙහි පසුබැසීමක් ඇති කැර නො ගන්න. පහන් සිතින් බුදු, පසේ බුදු, බුදු සව්වන්ට දෙනදානය රළු නම් නො වේ. මක් නිසා ද මහත් විපාක ගෙන දෙන බැවිනි යි සිත පහන් කැර ගත හැක්කකුට රළු දානයක් නම් නැත. ඒ මෙසේ ද දත යුතුයි.

“නත්‍ථි චිත‍්තෙ පසන‍්නම‍්හි, අප‍්පකා නාම දක‍්ඛිණා; තථාගතෙ වා සම‍්බුද‍්ධෙ, අථ වා තස‍්ස සාවකෙ. (වි· ව· 804);

“නත්‍ථි චිත්තෙ පසන්නම්හි අප්පිකා නාම දක්‍ඛිණා, තථාගතෙ වා සම්බුද්ධෙ අථ වා තස්ස සාවකෙ

“න කිරත්‍ථි අනොමදස‍්සිසු, පාරිචරියා බුද‍්ධෙසු අප‍්පකා; සුක‍්ඛාය අලොණිකාය ච, පස‍්ස ඵලං කුම‍්මාසපිණ‍්ඩියා”ති.

න කිරත්‍ථි අනොමදස්සිසු පාරිචරියා බුද්ධෙසු අප්පිකා, සුක්‍ඛාය ආලොණිකාය ච පස්ස ඵලං කුම්මාසපිණ්ඩියා”

“සිත පහන් කල්හි සම්බුදු තථාගතයන් වහන්සේට හෝ නැතිනම් උන්වහන්සේගේ සව්වන්ට හෝ පහන් සිතින් දෙනු ලබන දක්‍ෂිණාව (දානය) සුළු නො වේ.”

නිවන දන්නා වූ බුදු රජුන් විෂයයෙහි පිරිනැමෙන දානය ස්වල්ප නො වේ. වියලුණු ලුණු නැති පිට්ටු පිඬක් දුන් ඵලය බලව.

අපරම‍්පි නං ආහ “ගහපති, ත්‍වං තාව ලූඛං දානං දදමානො අට‍්ඨන‍්නං අරියපුග‍්ගලානං දෙසි, අහං වෙලාමකාලෙ සකලජම‍්බුදීපං උන‍්නඞ‍්ගලං කත්‍වා සත‍්ත රතනානි දදමානො පඤ‍්ච මහානදියො එකොඝපුණ‍්ණං කත්‍වා විය ච මහාදානං පවත‍්තයමානො තිසරණගතං වා පඤ‍්චසීලරක‍්ඛනකං වා කඤ‍්චි නාලත්‍ථං, දක‍්ඛිණෙය්‍යපුග‍්ගලා නාම එවං දුල‍්ලභා. තස‍්මා ‘ලූඛං මෙ දාන’න‍්ති මා චිත‍්තං සඞ‍්කොචයිත්‍ථා”ති එවඤ‍්ච පන වත්‍වා වෙලාමසුත‍්තං (අ· නි· 9.20) කථෙසි.

තවදුරටත් බුදුරජහු ඔහුට මෙසේ කීහ. ගැහැවිය, ඔබ රළු අහර දෙනු ලබන්නේ අට අරි පුඟුලන් හටය. මම ප්‍රමාණයෙන් මුළු දඹදිව නගුලින් කැණ සත්රුවන් දෙන්නේ, පස් මහා ගංගා එක ම දිය දහරින් පිරුණක් කොට තමන් මහා දන් පවත්වන්නේ, තෙරුවන් සරණ ගිය හෝ පන්සිල් රකිනා වූ හෝ කිසිවකු නො ලැබුවෙමි. දක්‍ෂිණාර්හයෝ සුලභ නො වෙති. එම නිසා මගේ දානය රළුයැ යි පසුබට කැර නො ගන්නයැ යි කියා වේලාම සූත්‍රය දෙසූහ.

අථ ඛො සා දෙවතා ඉස‍්සරකාලෙ සෙට‍්ඨිනා සද‍්ධිං කථෙතුම‍්පි අසක‍්කොන‍්තී “ඉදානායං දුග‍්ගතත‍්තා මම වචනං ගණ‍්හිස‍්සතී”ති මඤ‍්ඤමානා අඩ‍්ඪරත‍්තසමයෙ සිරිගබ‍්භං පවිසිත්‍වා ඔභාසං ඵරිත්‍වා ආකාසෙ අට‍්ඨාසි. සෙට‍්ඨි තං දිස‍්වා “කො එසො”ති ආහ. “අහං මහාසෙට‍්ඨි චතුත්‍ථද‍්වාරකොට‍්ඨකෙ අධිවත්‍ථා, දෙවතා”ති. “කිමත්‍ථමාගතාසී”ති? “තුය‍්හං ඔවාදං කථෙතුකාමා හුත්‍වා ආගච‍්ඡාමී”ති. “තෙන හි කථෙහී”ති. මහාසෙට‍්ඨි ත්‍වං පච‍්ඡිමකාලං න චින‍්තෙසි, පුත‍්තධීතරො න ඔලොකෙසි, සමණස‍්ස තෙ ගොතමස‍්ස සාසනෙ බහුං ධනං විප‍්පකිණ‍්ණං, සො ත්‍වං අතිවෙලං ධනවිස‍්සජ‍්ජනෙන වා වණිජ‍්ජාදිකම‍්මානං අකරණෙන වා සමණං ගොතමං නිස‍්සාය දුග‍්ගතො ජාතො, එවංභූතොපි සමණං ගොතමං න මුඤ‍්චසි, අජ‍්ජපි තෙ සමණා ඝරං පවිසන‍්තියෙව. යං තාව තෙහි නීතං, තං න සක‍්කා පච‍්චාහරාපෙතුං, ගහිතං ගහිතමෙව හොතු, ඉතො පට‍්ඨාය පන සයඤ‍්ච සමණස‍්ස ගොතමස‍්ස සන‍්තිකං මා ගමිත්‍ථ, සාවකානඤ‍්චස‍්ස ඉමං ඝරං පවිසිතුං මා අදාසි, සමණං ගොතමං නිවත‍්තිත්‍වාපි අනොලොකෙන‍්තො අත‍්තනො වොහාරෙ ච වණිජ‍්ජඤ‍්ච කත්‍වා කුටුම‍්බං සණ‍්ඨපෙහී”ති. අථ නං සො එවමාහ “අයං තයා මය‍්හං දාතබ‍්බඔවාදො”ති. “ආම, අය්‍යා”ති. තාදිසානං දෙවතානං සතෙනපි සහස‍්සෙනපි සතසහස‍්සෙනපි අකම‍්පනීයො අහං දසබලෙන කතො. මම හි සද‍්ධා සිනෙරු විය අචලා සුප‍්පතිට‍්ඨිතා, මයා නිය්‍යානිකෙ රතනසාසනෙ ධනං විස‍්සජ‍්ජිතං, අයුත‍්තං තෙ කථිතං, බුද‍්ධසාසනෙ පහාරො දින‍්නො, එවරූපාය අනාචාරාය දුස‍්සීලාය කාළකණ‍්ණියා සද‍්ධිං තයා මම එකගෙහෙ වසනකිච‍්චං නත්‍ථි, සීඝං මම ගෙහා නික‍්ඛමිත්‍වා අඤ‍්ඤත්‍ථ ගච‍්ඡාති.

ඉක්බිති, සිටුහු පොහොසත් කාලයෙහි කථා කිරීමට පවා අසමත්ව සිටි දෙවියා, දැන් දුගීබවට පත්ව ඇති හෙයින් දැන් මාගේ වචනය පිළිගනිතැ යි සිතා මැදියම් රැයෙහි සිරි යහන් ගැබට පිවිස ආලෝකය පතුරුවා අහසෙහි සිටියේය. සිටුහු ඒ දැක ඔබ කවරෙක්දැයි ඇසීය. මහා සිටුතුමනි, මම සිව් වැනි දොරටුවෙහි අරක්ගත් දෙවියා වෙමි. කුමකට ආවෙහි ද? ඔබට අවවාද දෙනු කැමැති ව ආමි. එ සේ නම් කියව. මහා සිටුතුමනි, ඔබ ජීවිතයේ පැසුලු කල ගැන නො සිතුවේහුමය. දූදරුවන් නො බැලුවෙහිය. බොහෝ ධනය ශ්‍රමණ ගෞතමයන්ගේ සසුනෙහි විසුරුවා ඇත. මෙසේ ඔබ පමණ ඉක්මවා ධනය වියදම් කිරීම නිසා ද නව කම් නො කිරීම නිසා ද ශ්‍රමණ ගෞතමයන් නිසා දුගියකු වූවෙහිය. එ සේ වීත් ඔබ ශ්‍රමණ ගෞතමයන් අත් නො හරින්නෙහිය. අදත් ඒ ශ්‍රමණයෝ ඔබ නිවසට පිවිසෙන්නාහුමය. යම් දෙයක් ඔවුන් විසින් ගෙන එනු ලබයි ද ආපසු ගෙන යාමට නො හැකිය. ගත් දෙය පමණක් වේ. මෙතැන් පටන් ශ්‍රමණ ගෞතමයන් වෙත ඔබ ද නො යනු මැනවි. ඔහුගේ සව්වන්ට ද ගෙට පිවිසීමට ඉඩ නො දෙනු මැනවි. ශ්‍රමණ ගෞතමයන් හමුවුව ද හැරී නො බලා තමාගේ වෙළඳාම ද කර්මාන්ත ද කොට පවුල් ජීවිතය සකස් කරනු මැනවි. මේ ඇසූ මහසිටු ඔබ මට දෙන අවවාදය මෙය ද? එසේය. මහ සිටුතුමා, දේවිය, තා වැනි දෙවියන් සියයකටවත් දහසකටවත් ලක්‍ෂයකටවත් බුදුරජුන් විසින් මා නො සැලෙන්නකු කරනු ලැබ ඇත. මගේ ශ්‍රද්ධාව මහමෙර මෙන් නො සෙල්විය හැකිය. මනාව පිහිටියේය. සත්‍යය මාර්ගය හෙළිකරන බුදුසසුනෙහි මා විසින් වියදම්කොට ඇත. ඔබ කියූ දේ නුසුදුසුය. බුදුසසුනට දුන් පහරකි. එවැනි ආචාර ධර්ම නො දත් දුසිල් කාලකන්නියකු සමග මාගේ එක ගෙහි වාසයක් නැත. මෙතැනින් නික්ම වෙනත් තැනකට යව.

සා සොතාපන‍්නස‍්ස අරියසාවකස‍්ස වචනං සුත්‍වා ඨාතුං අසක‍්කොන‍්තී අත‍්තනො වසනට‍්ඨානං ගන‍්ත්‍වා දාරකෙ හත්‍ථෙන ගහෙත්‍වා නික‍්ඛමි. නික‍්ඛමිත්‍වා ච පන අඤ‍්ඤත්‍ථ වසනට‍්ඨානං අලභමානා “සෙට‍්ඨිං ඛමාපෙත්‍වා තත්‍ථෙව වසිස‍්සාමී”ති චින‍්තෙත්‍වා නගරපරිග‍්ගාහකදෙවපුත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තං වන්‍දිත්‍වා අට‍්ඨාසි. “කෙනට‍්ඨෙන ආගතාසී”ති ච වුත‍්තෙ “අහං සාමි, අත‍්තනො බාලතාය අනුපධාරෙත්‍වා අනාථපිණ‍්ඩිකෙන සෙට‍්ඨිනා සද‍්ධිං කථෙසිං, සො මං කුජ‍්ඣිත්‍වා වසනට‍්ඨානා නික‍්කඩ‍්ඪි, මං සෙට‍්ඨිස‍්ස සන‍්තිකං නෙත්‍වා ඛමාපෙත්‍වා වසනට‍්ඨානං මෙ දෙථා”ති. “කිං පන තයා සෙට‍්ඨි වුත‍්තො”ති “ඉතො පට‍්ඨාය බුද‍්ධුපට‍්ඨානං සඞ‍්ඝුපට‍්ඨානං මා කරි, සමණස‍්ස ගොතමස‍්ස ඝරප‍්පවෙසනං මා අදාසී”ති “එවං මෙ වුත‍්තො, සාමී”ති. අයුත‍්තං තයා වුත‍්තං, සාසනෙ පහාරො දින‍්නො, “අහං තං ආදාය සෙට‍්ඨිනො සන‍්තිකං ගන‍්තුං න උස‍්සහාමී”ති. සා තස‍්ස සන‍්තිකා සඞ‍්ගහං අලභිත්‍වා චතුන‍්නං මහාරාජානං සන‍්තිකං අගමාසි.

සෝවාන් මඟඵලහෙි පිහිටි ආර්යය සව්වකු වූ මහසිටුහුගේ වචන අසා එතැන සිටීමට නො හැකි වී තමා වසන ස්ථානයට ගොස් දරුවන් අතින් ගෙන නික්මී ගියේය. නික්ම ගිය ද වෙනත් ස්ථානයක් නො ලැබ සිටුතුමන් කමා කැරවා ගෙන එහි ම වසමි යි සිතා නගරාරක්‍ෂක දෙවිපුත් වෙත ගොස් වැඳ සිටියේය. කුමක් නිසා පැමිණියේදැ යි විචාරණ ලදුව, ස්වාමීනි, මම අනවධානයෙන් අනේපිඬු සිටු සමග කථා කළෙමි. ඔහු මා කෙරෙහි කිපී වසන තැනින් ඇද දැමීය. මා සිටුවරයා වෙත ගෙන ගොස් සමා කැරවා වසන තැනක් දෙනු මැනවි. තා විසින් සිටුවරයාට කියන ලද්දේ කුමක් ද? මෙතැන් පටන් බුදුරජුන්ට උවටැන් නො කරන්න. සඟුන්ට උවටැන් නො කරන්න. ශ්‍රමණ ගෞතමයන්ට ගෙට පිවිසීමට ඉඩ නොදෙන්න. මා විසින් කරන ලද්දේ එ සේය, ස්වාමීනි, තා විසින් කියන ලද්දේ නුසුදුසු වූවකි. සසුනට පහර දෙන ලද්දේය. මම තා රැගෙන සිටුවරයාගේ සමීපයට යාමට උත්සාහ නො කරමි. දෙවියා ඔහුගෙන් පිහිටක් නො ලැබ සිව්මහ රජුන් වෙත ගියේය.

තෙහිපි තථෙව පටික‍්ඛිත‍්තා සක‍්කං දෙවරාජං උපසඞ‍්කමිත්‍වා තං පවත‍්තිං ආචික‍්ඛිත්‍වා “අහං, දෙව, වසනට‍්ඨානං අලභමානා දාරකෙ හත්‍ථෙන ගහෙත්‍වා අනාථා විචරාමි, තුම‍්හාකං සිරියා මය‍්හං වසනට‍්ඨානං දාපෙථා”ති සුට‍්ඨුතරං යාචි. සොපි නං ආහ “තයා අයුත‍්තං කතං, ජිනසාසනෙ පහාරො දින‍්නො, අහම‍්පි තං නිස‍්සාය සෙට‍්ඨිනා සද‍්ධිං කථෙතුං න සක‍්කොමි, එකං පන තෙ සෙට‍්ඨිස‍්ස ඛමනූපායං කථෙස‍්සාමී”ති. “සාධු, දෙව, කථෙහී”ති. මහාසෙට‍්ඨිස‍්ස හත්‍ථතො මනුස‍්සෙහි පණ‍්ණෙ ආරොපෙත්‍වා අට‍්ඨාරසකොටිසඞ‍්ඛ්‍යං ධනං ගහිතං අත්‍ථි, ත්‍වං තස‍්ස ආයුත‍්තකවෙසං ගහෙත්‍වා කඤ‍්චි අජානාපෙත්‍වා තානි පණ‍්ණානි ආදාය කතිපයෙහි යක‍්ඛතරුණෙහි පරිවාරිතා එකෙන හත්‍ථෙන පණ‍්ණං, එකෙන ලෙඛනිං ගහෙත්‍වා තෙසං ගෙහං ගන‍්ත්‍වා ගෙහමජ‍්ඣෙ ඨිතා අත‍්තනො යක‍්ඛානුභාවෙන තෙ උත‍්තාසෙත්‍වා “ඉදං තුම‍්හාකං ඉණපණ‍්ණං, අම‍්හාකං සෙට‍්ඨි අත‍්තනො ඉස‍්සරකාලෙ තුම‍්හෙ න කිඤ‍්චි ආහ, ඉදානි දුග‍්ගතො ජාතො, තුම‍්හෙහි ගහිතකහාපණානි දෙථා”ති අත‍්තනො යක‍්ඛානුභාවං දස‍්සෙත්‍වා සබ‍්බාපි තා අට‍්ඨාරස හිරඤ‍්ඤකොටියො සාධෙත්‍වා සෙට‍්ඨිස‍්ස තුච‍්ඡකොට‍්ඨකෙ පූරෙත්‍වා අඤ‍්ඤං අචිරවතිනදීතීරෙ නිදහිතං ධනං නදීකූලෙ භින‍්නෙ සමුද‍්දං පවිට‍්ඨං අත්‍ථි, තම‍්පි අත‍්තනො ආනුභාවෙන ආහරිත්‍වා තුච‍්ඡකොට‍්ඨකෙ පූරෙත්‍වා, අඤ‍්ඤම‍්පි අසුකට‍්ඨානෙ නාම අස‍්සාමිකං අට‍්ඨාරසකොටිමත‍්තමෙව ධනං අත්‍ථි, තම‍්පි ආහරිත්‍වා තුච‍්ඡකොට‍්ඨකෙ පූරෙහි, ඉමාහි චතුපඤ‍්ඤාසකොටීහි ඉමං තුච‍්ඡකොට‍්ඨකපූරකං දණ‍්ඩකම‍්මං කත්‍වා මහාසෙට‍්ඨිං ඛමාපෙහීති.

ඔවුන් විසින් ද එ සේ ම ප්‍රතික්‍ෂේප කරන ලදුව, සක්දෙවි රජුන් වෙත ගොස් ඒ සියලු පුවත් සැලකොට, දේවයනි, මම වාස ස්ථානයක් නො ලැබ දරුවන් අතින් ගෙන අසරණ ව සිටිමි. ඔබ වහන්සේගේ මහිමයෙන් මට වාස ස්ථානයක් ලබාදෙනු මැනවැ යි බැගෑපත් ව ඉල්ලා සිටියේය. සක් දෙවිඳු ද ඔහුට මෙසේ කීය. ඔබ කළේ නුසුදුසු දෙයකි. බුදුසසුනට පහරක් දෙන ලදි. එම නිසා මට ද මේ පිළිබඳ ව සිටු සමග කථා කිරීමට නො හැක්කෙමි. එහෙත් සිටු කමා කැරවා ගැනීමට එක් උපායක් කියමි. දේවයිනි, මැනවි. කියනු මැනවි. මහ සිටුගෙන් මිනිසුන් විසින් ලියවිලි සහිත ව ගන්නා ලද අටළොස් කෝටියක් පමණ ධනය ඇත. ඔබ සිටුහුගේ අයකැමි වේෂය ගෙන කිසිවකුටත් නො දන්වා ඒ ලියවිලි රැගෙන තරුණ යකුන් කීප දෙනෙකු පිරිවරා ගෙන එක අතකින් ලියවිලි ද අනිත් අතින් පන්හිඳ ද ගෙන ඔවුන්ගේ ගෙවලට ගොස් ගෙයි මැද සිට තම යක්ෂානුභාවයෙන් බිය ගන්වා ඒ සියලු අටළොස් කෙළක් කහවණු ලබාගෙන සිටුවරයාගේ හිස් කොටු පුරවා තවත් අචිරවතී ගංතෙර නිදන් කළ ධනය ගං ඉවුර බිඳී ගිය කල්හි මුහුදට ගොස් ඇත. එය ද තමාගේ ආනුභාවයෙන් ගෙනවුත් කොටුවෙහි පුරවා තව ද අසවල් තැන අයිතිකරුවකු නැති අටලොස් කෙළක් පමණ ධනය ඇත. එය ද ගෙනවුත් හිස් කොටු පුරව. මේ සිව් පණක් කෙළක් ධනයෙන් හිස් කොටු පිරවීමෙන් දඬුවම් විඳ මහසිටු සමා කැර ගන්න.

සා “සාධු, දෙවා”ති තස‍්ස වචනං සම‍්පටිච‍්ඡිත්‍වා වුත‍්තනයෙනෙව සබ‍්බං ධනං ආහරිත්‍වා කොට‍්ඨකෙ පූරෙත්‍වා අඩ‍්ඪරත‍්තසමයෙ සෙට‍්ඨිස‍්ස සිරිගබ‍්භං පවිසිත්‍වා ඔභාසං ඵරිත්‍වා ආකාසෙ අට‍්ඨාසි. “කො එසො”ති වුත‍්තෙ “අහං තෙ මහාසෙට‍්ඨි චතුත්‍ථද‍්වාරකොට‍්ඨකෙ අධිවත්‍ථා අන්‍ධබාලදෙවතා, මයා මහාමොහමූළ‍්හාය බුද‍්ධගුණෙ අජානිත්‍වා පුරිමෙසු දිවසෙසු තුම‍්හෙහි සද‍්ධිං කිඤ‍්චි කථිතං අත්‍ථි, තං මෙ දොසං ඛමථ. සක‍්කස‍්ස හි මෙ දෙවරාජස‍්ස වචනෙන තුම‍්හාකං ඉණං සොධෙත්‍වා අට‍්ඨාරස කොටියො, සමුද‍්දං ගතා අට‍්ඨාරස කොටියො, තස‍්මිං තස‍්මිං ඨානෙ අස‍්සාමිකධනස‍්ස අට‍්ඨාරස කොටියොති චතුපණ‍්ණාස කොටියො ආහරිත්‍වා තුච‍්ඡකොට‍්ඨකපූරණෙන දණ‍්ඩකම‍්මං කතං, ජෙතවනවිහාරං ආරබ‍්භ පරික‍්ඛයං ගතධනං සබ‍්බං සම‍්පිණ‍්ඩිතං, වසනට‍්ඨානං අලභමානා කිලමාමි, මයා අඤ‍්ඤාණතාය කථිතං මනසි අකත්‍වා ඛමථ මහාසෙට‍්ඨී”ති ආහ.

දෙවියා ද මැනව, දේවයිනි යි ඔහුගේ වචනය පිළිගෙන කී අයුරින් සියලු ධනය ගෙනවිත් මැදියම් රැය සිරි යහන් ගැබට පිවිස එළිය පතුරුවා අහසෙහි සිටියේය. මහ සිටුතුමනි, මම සතර වැනි දොරටුව අධිගෘහිත දෙවියා වෙමි. මා විසින් මහා මුලාවකින් බුදු ගුණ නො දැන පෙර දවසක ඔබතුමා සමග කිසියම් කථාවක් කරන ලදි. එම වරදට සමාවනු මැනවි. සක්දෙවිඳුන්ගේ උපදෙස් අනුව ඔබගේ ණය ගෙන අටළොස් කෙළක් මුහුදට ගියා වූ ද අටළොස් කෙළක් අස්වාමිකව තිබුණා වූ ද යනුවෙන් සූ පණස් කෙළක් ධනය ගෙනවුත් හිස් භාණ්ඩාගාරය පිරවීමෙන් දඬුවම විඳගන්නා ලදි. දෙව්රම් වෙහෙර අරබයා වැය කළ සියලු ධනය එක්තැන් කළෙමි. වාස තැනක් නො ලැබ වෙහෙසට පත්වෙමි. මහා සිටුතුමනි, මා නො දැන කළ වරද නො සලකා මට සමාවනු මැනවැ.

අනාථපිණ‍්ඩිකො තස‍්සා වචනං සුත්‍වා චින‍්තෙසි “අයං දෙවතා ‘දණ‍්ඩකම‍්මඤ‍්ච මෙ කත’න‍්ති වදති, අත‍්තනො ච දොසං පටිජානාති, සත්‍ථා ඉමං විනෙත්‍වා අත‍්තනො ගුණෙ ජානාපෙස‍්සති, සම‍්මාසම‍්බුද‍්ධස‍්ස නං දස‍්සෙස‍්සාමී”ති. අථ නං ආහ “අම‍්ම, දෙවතෙ, සචෙසි මං ඛමාපෙතුකාමා, සත්‍ථු සන‍්තිකෙ මං ඛමාපෙහී”ති. සාධු එවං කරිස‍්සාමි, “සත්‍ථු පන මං සන‍්තිකං ගහෙත්‍වා ගච‍්ඡාහී”ති. සො “සාධූ”ති වත්‍වා විභාතාය රත‍්තියා පාතොව තං ගහෙත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා තාය කතකම‍්මං සබ‍්බං තථාගතස‍්ස ආරොචෙසි. සත්‍ථා තස‍්ස වචනං සුත්‍වා “ඉධ, ගහපති, පාපපුග‍්ගලොපි යාව පාපං න පච‍්චති , තාව භද්‍රානි පස‍්සති. යදා පනස‍්ස පාපං පච‍්චති, තදා පාපමෙව පස‍්සති. භද්‍රපුග‍්ගලොපි යාව භද්‍රං න පච‍්චති, තාව පාපානි පස‍්සති. යදා පනස‍්ස භද්‍රං පච‍්චති, තදා භද්‍රමෙව පස‍්සතී”ති වත්‍වා ඉමා ධම‍්මපදෙ ද‍්වෙ ගාථා අභාසි –

අනේපිඬු මහ සිටුහු දෙවියාගේ කථාව අසා සිතූහ. මේ දෙවියා තමා දඬුවම් විඳිබව කියයි. තම වරද පිළිගනී. බුදුරජු මේ ගැන සිතා තමන්ගේ ගුණවත්බව දන්නා සේකැ යි උන්වහන්සේට මොහු පෙන්වමි. දෙවිය, ඔබ මා සමා කැරනු කැමැත්තේ නම් බුදුරජුන් ඉදිරියෙහි සමා කැරව. මැනවි, සිටුතුමනි, එ සේ කරමි. මා බුදුරජුන් වෙත රැගෙන යනු මැනවි. සිටු ඔහුගේ වචනය මැනවැ යි කියා රැය පහන් වූ කල්හි අළුයම ඔහු රැගෙන බුදු රජුන් වෙත පැමිණ ඔහු කළ සියලු දේ බුදුරජාණන් වහන්සේට සැල කළේය. බුදුරජහු ඔහුගේ වදන් අසා ගෘහපතිය, පාපී පුද්ගලයා ද යම් තාක් පාපය ඵල නො දෙයි ද එතෙක් යහපත් දේම දකී. යම් කලෙක ඔහුගේ පාපය ඵල දෙයි ද එකල පව් ම දකී යි කියා ධම්ම පදයෙහි ගාථා දෙක කීහ.

“පාපොපි පස‍්සතී භද්‍රං, යාව පාපං න පච‍්චති; යදා ච පච‍්චතී පාපං, අථ පාපො පාපානි පස‍්සති.

යම්තාක් කල් පව් විපාක නො දේ නම් ඒ තාක් පවිටු මිනිසා යහපත දකී. පව යහපත් සේ දකී. යම් කලෙක පව විපාක දේ නම් එකල්හි පවිටු මිනිසා අයහපත දකී.

“භද්‍රොපි පස‍්සතී පාපං, යාව භද්‍රං න පච‍්චති; යදා ච පච‍්චතී භද්‍රං, අථ භද්‍රො භද්‍රානි පස‍්සතී”ති. (ධ· ප· 119-120);

කුසල් කරන මිනිසා ද කුසලය විපාක දෙන තුරු අයහපත දකී. (පෙර කළ පව් නිසා දුක් විඳී.) යම් කලෙක කුසල විපාක දේ නම් එකල්හි සත් පුරුෂයා යහපත දකී.

ඉමාසඤ‍්ච පන ගාථානං පරියොසානෙ සා දෙවතා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි. සා චක‍්කඞ‍්කිතෙසු සත්‍ථු පාදෙසු නිපතිත්‍වා “මයා, භන‍්තෙ, රාගරත‍්තාය දොසපදුට‍්ඨාය මොහමූළ‍්හාය අවිජ‍්ජන්‍ධාය තුම‍්හාකං ගුණෙ අජානන‍්තියා පාපකං වචනං වුත‍්තං, තං මෙ ඛමථා”ති සත්‍ථාරං ඛමාපෙත්‍වා මහාසෙට‍්ඨිම‍්පි ඛමාපෙසි.

මේ ගාථා කෙළවර දෙවියා සෝවාන් පෙලෙහි පිහිටියේය. ඉක්බිති දෙවියා බුදුරජුන්ගේ සක් ලකුණින් විසිතුරු පාමුල වැටී ස්වාමීනි, මම රාගයෙන් මත්ව, දෝෂයෙන් දූෂිතව, මෝහයෙන් මුළාව, අවිද්‍යාවෙන් අන්ධව, නොදැන පවිටු වචන කීමි. මට සමාවනු මැනවැ යි බුදුරජුන් සමාකොට අනතුරුව සිටුතුමන් ද සමා කැරවීය.

තස‍්මිං සමයෙ අනාථපිණ‍්ඩිකො සත්‍ථු පුරතො අත‍්තනො ගුණං කථෙසි “භන‍්තෙ, අයං දෙවතා ‘බුද‍්ධුපට‍්ඨානාදීනි මා කරොහී’ති වාරයමානාපි මං වාරෙතුං නාසක‍්ඛි, ‘දානං න දාතබ‍්බ’න‍්ති ඉමාය වාරියමානොපහං දානං අදාසිමෙව, නූන එස, භන‍්තෙ, මය‍්හං ගුණො”ති. සත්‍ථා “ත්‍වං ඛොසි ගහපති සොතාපන‍්නො අරියසාවකො අචලසද‍්ධො විසුද‍්ධදස‍්සනො, තුය‍්හං ඉමාය අප‍්පෙසක‍්ඛදෙවතාය වාරෙන‍්තියා අවාරිතභාවො න අච‍්ඡරියො . යං පන පුබ‍්බෙ පණ‍්ඩිතා අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ අපරිපක‍්කඤාණෙ ඨිතා කාමාවචරිස‍්සරෙන මාරෙන ආකාසෙ ඨත්‍වා ‘සචෙ දානං දස‍්සසි, ඉමස‍්මිං නිරයෙ පච‍්චිස‍්සසී’ති අසීතිහත්‍ථගම‍්භීරං අඞ‍්ගාරකාසුං දස‍්සෙත්‍වා ‘මා දානං අදාසී’ති වාරිතාපි පදුමකණ‍්ණිකාමජ‍්ඣෙ ඨත්‍වා දානං අදංසු, ඉදං අච‍්ඡරිය”න‍්ති වත්‍වා අනාථපිණ‍්ඩිකෙන යාචිතො අතීතං ආහරි.

එකල්හි මහසිටු බුදු රජුන් ඉදිරියෙහි තමන්ගේ ගුණ හෙළි කළේය. ස්වාමීනි, මේ දෙවියා බුද්ධ උපස්ථානාදිය නො කරන්නැ යි වළක්වා සිටියදීත් වැළැක්වීමට ඔහු අසමත් විය. දන් නො දිය යුතුයැ යි මොහු විසින් වළකනු ලබද්දීත් මම දන් දුනිමි. ස්වාමීනි, මේ මාගේ ගුණයක් නො වේ ද? ගැහැවිය, දැන් ඔබ සෝවාන් ව අරීසව්බවට පත්ව නො සැලෙන සැදැහැ ඇත්තකු ව පිරිසිදු දැහැමි ඇත්තකු ව සිටියදී මේ අල්පේශාඛ්‍ය දෙවියකු විසින් වළක්වන ලදුව නො වැළකුණු බව පුදුම නො වේ. පෙර පඬිවරු අබුද්ධෝත්පාද කාලයක මුහුකුරා නො ගිය නුවණින් යුතුව කාමාවචර ලෝකයට අධිපති මාරයා අහසෙහි සිට ඉදින්, දන් දුන්නේ නම් මේ ගිනි වලෙහි පැසෙන්නේයැ යි අසූ රියනක් ගැඹුරු ගිනි අඟුරු වලක් පෙන්වා දුන් නො දෙව යි වැළකුව ද නෙළුම් කෙමිය මත සිට දන් දුන්නාහ. එය පුදුමයකි. අනේපිඬු සිටුහු විසින් අයදනා ලද බුදු රජහු ඉකුත් කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බාරාණසිසෙට‍්ඨිස‍්ස කුලෙ නිබ‍්බත‍්තිත්‍වා නානප‍්පකාරෙහි සුඛූපකරණෙහි දෙවකුමාරො විය සංවඩ‍්ඪියමානො අනුක‍්කමෙන විඤ‍්ඤුතං පත්‍වා සොළසවස‍්සකාලෙයෙව සබ‍්බසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං පත‍්තො. සො පිතු අච‍්චයෙන සෙට‍්ඨිට‍්ඨානෙ ඨත්‍වා චතූසු නගරද‍්වාරෙසු චතස‍්සො දානසාලායො, මජ‍්ඣෙ නගරස‍්ස එකං, අත‍්තනො නිවෙසනද‍්වාරෙ එකන‍්ති ඡ දානසාලායො කාරෙත්‍වා මහාදානං දෙති, සීලං රක‍්ඛති, උපොසථකම‍්මං කරොති.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු බරණැස් සිටුගේ ගෙදර ඉපිද විවිධ සුඛෝපභෝගී උපකරණ ඇතිව දෙව් කුමරකු මෙන් වැඩෙන්නේ, ක්‍රමයෙන් නුවණැතිබවට පත්ව සොළොස් වියෙහි දී ම සියලු ශිල්පයන්හි පරතෙරට පැමිණියහ. හෙතෙම පියාගේ ඇවෑමෙන් සිටු තනතුරෙහි සිට නගරයේ සිව් දොරටුවෙහි දන් ශාලා සතරක් ද නගර මධ්‍යයේ එකක් ද තම නිවස ඉදිරියෙහි එකක් ද වශයෙන් දන් ශාලා සයක් කැරවා මහදන් දෙයි. සිල් රකියි. පොහෝ කම් කරයි.

අථෙකදිවසං පාතරාසවෙලාය බොධිසත‍්තස‍්ස නානග‍්ගරසෙ මනුඤ‍්ඤභොජනෙ උපනීයමානෙ එකො පච‍්චෙකබුද‍්ධො සත‍්තාහච‍්චයෙන නිරොධා වුට‍්ඨාය භික‍්ඛාචාරවෙලං සල‍්ලක‍්ඛෙත්‍වා “අජ‍්ජ මයා බාරාණසිසෙට‍්ඨිස‍්ස ගෙහද‍්වාරං ගන‍්තුං වට‍්ටතී”ති නාගලතාදන‍්තකට‍්ඨං ඛාදිත්‍වා අනොතත‍්තදහෙ මුඛධොවනං කත්‍වා මනොසිලාතලෙ ඨිතො නිවාසෙත්‍වා විජ‍්ජුලතාසදිසං කායබන්‍ධනං බන්‍ධිත්‍වා චීවරං පාරුපිත්‍වා ඉද‍්ධිමයමත‍්තිකාපත‍්තං ආදාය ආකාසෙනාගන‍්ත්‍වා බොධිසත‍්තස‍්ස භත‍්තෙ උපනීතමත‍්තෙ ගෙහද‍්වාරෙ අට‍්ඨාසි. බොධිසත‍්තො තං දිස‍්වාව ආසනා වුට‍්ඨාය නිපච‍්චකාරං දස‍්සෙත්‍වා පරිකම‍්මකාරකං ඔලොකෙසි. “කිං කරොමි, සාමී”ති ච වුත‍්තෙ “අය්‍යස‍්ස පත‍්තං ආහරථා”ති ආහ. තඞ‍්ඛණඤ‍්ඤෙව මාරො පාපිමා විකම‍්පමානො උට‍්ඨාය “අයං පච‍්චෙකබුද‍්ධො ඉතො සත‍්තමෙ දිවසෙ ආහාරං ලභි, අජ‍්ජ අලභමානො විනස‍්සිස‍්සති, ඉමඤ‍්ච විනාසෙස‍්සාමි, සෙට‍්ඨිනො ච දානන‍්තරායං කරිස‍්සාමී”ති තඞ‍්ඛණඤ‍්ඤෙව ආගන‍්ත්‍වා අන‍්තරවත්‍ථුම‍්හි අසීතිහත්‍ථමත‍්තං අඞ‍්ගාරකාසුං නිම‍්මිනි. සා ඛදිරඞ‍්ගාරපුණ‍්ණා සම‍්පජ‍්ජලිතා සජොතිභූතා අවීචිමහානිරයො විය ඛායිත්‍ථ. තං පන මාපෙත්‍වා සයං ආකාසෙ අට‍්ඨාසි. පත‍්තාහරණත්‍ථාය ගච‍්ඡමානො පුරිසො තං දිස‍්වා මහාභයප‍්පත‍්තො නිවත‍්ති. බොධිසත‍්තො “කිං, තාත, නිවත‍්තොසී”ති පුච‍්ඡි. අයං සාමි අන‍්තරවත්‍ථුම‍්හි මහතී අඞ‍්ගාරකාසු සම‍්පජ‍්ජලිතා සජොතිභූතාති . අථඤ‍්ඤො අථඤ‍්ඤොති එවං ආගතාගතා සබ‍්බෙපි භයප‍්පත‍්තා වෙගෙන පලායිංසු.

දිනක් උදය ආහාර වේලාවෙහි නොයෙක් රසයෙන් යුත් මිහිරි අහර ලබන කල්හි එක් පසේ බුදුන් වහන්සේ නමක් සත් දවසක් ඇවෑමෙන් නිරෝධ සමවතින් නැගිට පිණ්ඩපාත වේලාවයැ යි සලකා අද මා බරණැස් සිටුගේ ගෙට පිඬු පිණිස යාම සුදුසුයැ යි සිතා නාලිය දැහැටි වළඳා අනෝතත් විලෙන් මුව දොවා රන් ගල් තලාවෙහි සිට සිවුරු හඳනය හැඳ පටිය බැඳ සිවුරු පොරවා ඉදූහයෙන් ලැබුණු මැටි පාත්‍රය ගෙන අහසින් අවුත් බෝසතුන්ට බොජුන් එළවූ කල්හි ම ගෙදොර වැඩ සිටියහ. බෝසත්හු උන්වහන්සේ දැක අසුනෙන් නැඟට ගෞරව ආදර දක්වා සේවකයා දෙස බැලීය. ස්වාමීනි, කුමක් කරම්දැ යි කී කල පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ගෙනෙන ලෙස අණ කළේය. එකෙණෙහි ම පවිටු මාරයා කම්පිත වෙමින් නැඟිට මේ පසේ බුදුරජහු ආහාර වැළඳුවෝ මීට සත් දවසකට පෙරය. අද අහර නො ලබන්නේ නම් නැසෙන්නාහ. උන්වහන්සේ ද විනාශ කරන්නෙමි. සිටුහුගේ දාන අන්තරායන් කරන්නෙමි යි එකෙණෙහි ම අවුත් මැදුර මැද මිදුලෙහි අසූ රියනක් ගැඹුර ගිනි අඟුරු වළක් මැවීය. කිහිරි අඟුරෙන් පිරුණු එම වල ගිනි දැළින් යුතු විය. ආලෝකමත් විය. අවීචි මහා නිරය මෙන් විය. මෙසේ අඟුරු වල මවා තෙමේ අහසෙහි සිටියේය. පාත්‍රය ගැනීමට පැමිණි පුරුෂයා එය දැක මහත් බයට පැමිණ ආපසු ආවේය. බෝසත්හු කිම දරුව, නැවතුණේයැ යි ඇසීය. ස්වාමීනි, මැද මිදුලෙහි මහත් අඟරු වලක් ඇත. ගිනි දැල්වෙයි. ආලෝකය ඇත. එකකුට පසුව එකෙක් වශයෙන් මෙසේ පැමිණ සියල්ලෝ බියපත් ව වේගයෙන් පලා ගියහ.

බොධිසත‍්තො චින‍්තෙසි “අජ‍්ජ මය‍්හං දානන‍්තරායං කාතුකාමො වසවත‍්තී මාරො උය්‍යුත‍්තො භවිස‍්සති, න ඛො පන ජානාති මාරසතෙන මාරසහස‍්සෙනපි මය‍්හං අකම‍්පියභාවං, අජ‍්ජ දානි මය‍්හං වා මාරස‍්ස වා බලමහන‍්තතං, ආනුභාවමහන‍්තතං ජානිස‍්සාමී”ති තං යථාසජ‍්ජිතමෙව භත‍්තපාතිං සයං ආදාය ගෙහා නික‍්ඛම‍්ම අඞ‍්ගාරකාසුතටෙ ඨත්‍වා ආකාසං උල‍්ලොකෙත්‍වා මාරං දිස‍්වා “කොසි ත්‍ව”න‍්ති ආහ. “අහං, මාරො”ති. “අයං අඞ‍්ගාරකාසු තයා නිම‍්මිතා”ති? “ආම, මයා”ති . “කිමත්‍ථායා”ති. “තව දානස‍්ස අන‍්තරායකරණත්‍ථාය ච පච‍්චෙකබුද‍්ධස‍්ස ච ජීවිතනාසනත්‍ථායා”ති. බොධිසත‍්තො “නෙව තෙ අහං අත‍්තනො දානස‍්ස අන‍්තරායං, න පච‍්චෙකබුද‍්ධස‍්ස ජීවිතන‍්තරායං කාතුං දස‍්සාමි, අජ‍්ජ දානි මය‍්හං වා තුය‍්හං වා බලමහන‍්තතං, ආනුභාවමහන‍්තතං ජානිස‍්සාමී”ති අඞ‍්ගාරකාසුතටෙ ඨත්‍වා “භන‍්තෙ, පච‍්චෙකබුද‍්ධ අහං ඉමිස‍්සා අඞ‍්ගාරකාසුයා අධොසීසො පතමානොපි න නිවත‍්තිස‍්සාමි, කෙවලං තුම‍්හෙ මයා දින‍්නං භොජනං පටිග‍්ගණ‍්හථා”ති වත්‍වා ඉමං ගාථමාහ –

බෝසත්හු මෙසේ සිතූහ. අද මගේ දානය වළකනු පිණිස වසවත් කුමරු උත්සුක වන්නේය. ඔහු මෙන් සියයක් දහසක් පැමිණියත් මා නො සැලිය හැකි බව ඔහු නො දනී. මගේ හෝ මරුගේ හෝ බල මහත්වය හා අනුභාව මහත්වය අද පෙන්වමි යි බෝසත්හු සකසා තිබූ බත් පත තමා ම ගෙන ගෙන් නික්ම අඟුරු වල අද්දර සිට අහස දෙස බලන්නාහු මාරයා දැක ඔබ කවරෙක්දැ යි ඇසූහ. මම මාරයා වෙමි. මේ අඟුරු වල ඔබ විසින් මවන ලද්දේ ද? එ සේය. මවිසින් මවන ලදි. කුමක් සඳහා මැවී ද? ඔබගේ දානය වැළැක්වීමටත් පසේ බුදුරජුන්ගේ ජීවිතය නැසීම පිණිසත් මැවීමි. මගේ දානය වැළැකීමට හෝ පසේ බුදුරජුන්ගේ ජීවිත විනාශයට ඉඩ නො දෙමි. ඔබ බල මහත්වය හෝ මගේ බල මහත්වය අද දනිමි යි අඟරු වල අද්දර සිට පසේ බුදුහිමියනි, මම හිස පහළට සිටින්නට මේ අඟුරු වලට වැටෙන්නේ වුව ද නො නැවතින්නෙමි. හුදෙක් ඔබ වහන්සේ මා දුන් බොජුන් පිළිගනු මැනවි යි මේ ගාථාව කීහ.

“කාමං පතාමි නිරයං, උද‍්ධංපාදො අවංසිරො; නානරියං කරිස‍්සාමි, හන්‍ද පිණ‍්ඩං පටිග‍්ගහා”ති.

“කාමං පතාමි නිරයං උද්ධපාදො අවංසිරො, නානරියං කරිස්සාමි හන්‍ද පිණ්ඩං පටිග්ගහාති”

“පා උඩ දෙසට ද හිස යට දෙසට ද සිටින සේ ඒකාන්තයෙන් අඟුරු වලෙහි (නිරයෙහි) වැටෙන්නේ මුත් අනාර්ය ක්‍රියාවක් නො කරමි. ස්වාමීනි, පිණ්ඩපාතය පිළිගනු මැනවි.”

තත්‍ථායං පිණ‍්ඩත්‍ථො – භන‍්තෙ, පච‍්චෙකවරබුද‍්ධ සචෙපහං තුම‍්හාකං පිණ‍්ඩපාතං දෙන‍්තො එකංසෙනෙව ඉමං නිරයං උද‍්ධංපාදො අවංසිරො හුත්‍වා පතාමි, තථාපි යදිදං අදානඤ‍්ච අසීලඤ‍්ච අරියෙහි අකත‍්තබ‍්බත‍්තා අනරියෙහි ච කත‍්තබ‍්බත‍්තා “අනරිය”න‍්ති වුච‍්චති, “න තං අනරියං කරිස‍්සාමි , හන්‍ද ඉමං මයා දීයමානං පිණ‍්ඩං පටිග‍්ගහ පටිග‍්ගණ‍්හාහී”ති. එත්‍ථ ච හන්‍දාති වොස‍්සග‍්ගත්‍ථෙ නිපාතො.

මෙහි පිණ්ඩාර්ථය මෙසේයි. පසේ බුදුහිමියනි, ඉදින් මම ඔබ වහන්සේට පිණ්ඩපාතය පිරිනැමීම නිසා ඒකාන්තයෙන් මේ ගිනි අඟුරු වලට (නිරයට) පා උඩ දෙසට ද හිස පහතට ද සිටින සේ වැටෙමි. එ සේ වුවත් නො දීම, සිල් නො රැකීම වැනි ආර්යයන් විසින් නො කරනු ලබන අනාර්යයන් විසින් කරනු ලබන ක්‍රියා නො කරමි. ඒ නිසා ස්වාමීනි, මා පිරිනමනු ලබන පිණ්ඩය පිළිගනු මැනවි. මෙහි හෘදයානු නිශ්චයාර්ථයෙහි නිපාතයකි.

එවං වත්‍වා බොධිසත‍්තො දළ‍්හසමාදානෙන භත‍්තපාතිං ගහෙත්‍වා අඞ‍්ගාරකාසුමත්‍ථකෙන පක‍්ඛන‍්තො, තාවදෙව අසීතිහත්‍ථගම‍්භීරාය අඞ‍්ගාරකාසුයා තලතො උපරූපරිජාතං සතපත‍්තපුප‍්ඵිතං එකං මහාපදුමං උග‍්ගන‍්ත්‍වා බොධිසත‍්තස‍්ස පාදෙ සම‍්පටිච‍්ඡි. තතො මහාතුම‍්බමත‍්තා රෙණු උග‍්ගන‍්ත්‍වා මහාසත‍්තස‍්ස මුද‍්ධනි ඨත්‍වා සකලසරීරං සුවණ‍්ණචුණ‍්ණසමොකිණ‍්ණමිව අකාසි. සො පදුමකණ‍්ණිකාය ඨත්‍වා නානග‍්ගරසභොජනං පච‍්චෙකබුද‍්ධස‍්ස පත‍්තෙ පතිට‍්ඨාපෙසි. සො තං පටිග‍්ගහෙත්‍වා අනුමොදනං කත්‍වා පත‍්තං ආකාසෙ ඛිපිත්‍වා පස‍්සන‍්තස‍්සෙව මහාජනස‍්ස සයම‍්පි වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා නානප‍්පකාරං වලාහකපන‍්තිං මද‍්දමානො විය හිමවන‍්තමෙව ගතො. මාරොපි පරාජිතො දොමනස‍්සං පත්‍වා අත‍්තනො වසනට‍්ඨානමෙව ගතො. බොධිසත‍්තො පන පදුමකණ‍්ණිකාය ඨිතකොව මහාජනස‍්ස දානසීලසංවණ‍්ණනෙන ධම‍්මං දෙසෙත්‍වා මහාජනෙන පරිවුතො අත‍්තනො නිවෙසනමෙව පවිසිත්‍වා යාවජීවං දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා යථාකම‍්මං ගතො.

මෙසේ කියා බෝසත්හු දැඩි අධිෂ්ඨානයෙන් බත් ගෙන ගිනි අඟුරුවල මතින් පැන්නේය. එකෙණෙහි ම රියන් අසූවක් ගැඹුරු අඟුරු වල මතින් එකක් මත එකක් සේ තමා සත් වැනිකොට සිටින සේ සත් තලක් ඇති මහා පියුමක් පැන නැඟී බෝසතුන්ගේ පා පිළිගත්තේය. එයින් තුඹක් පමණ මල් රේණු උඩ නැගී බෝසතුන්ගේ හිස මුදුන සිට රන්වන් මල් රේණුයෙන් වැසී ගියාක් සේ විය. අනතුරුව එතුමෝ නෙළුම් මල් කෙමියෙහි සිට නානා රසයෙන් යුත් භෝජනය පසේ බුදුරජුන්ගේ පාත්‍රයෙහි තැබූහ. උන්වහන්සේ ඒ පිළිගෙන අනුමෙවිනි දම් දෙසා පාත්‍රය අහසට දමා මහජනයා බලා සිටිය දී ම තමන් වහන්සේ ද අහසට පැන නැඟී නානාප්‍රකාර වලාපෙළ මඩින්නාක් මෙන් හිමවතට ම වැඩියහ. මාරයා ද පැරදී දොම්නස් ව තමන් වසන තැනට ම ගියේය. බෝසත්හු පියුම් කෙමියෙහි සිට ම මහජනයාට දන් සිල් වැනුමෙන් යුත් දම් දෙසූහ. මහජනයා පිරිවරා තම නිවසට ගොස් දිවි හිමියෙන් දානාදී පින් දහම්කොට කම් වූ පරිදි මිය ගියහ.

සත්‍ථා “නයිදං, ගහපති, අච‍්ඡරියං, යං ත්‍වං එවං දස‍්සනසම‍්පන‍්නො එතරහි දෙවතාය න කම‍්පිතො, පුබ‍්බෙ පණ‍්ඩිතෙහි කතමෙව අච‍්ඡරිය”න‍්ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි “තදා පච‍්චෙකබුද‍්ධො තත්‍ථෙව පරිනිබ‍්බායි, මාරං පරාජෙත්‍වා පදුමකණ‍්ණිකාය ඨත්‍වා පච‍්චෙකබුද‍්ධස‍්ස පිණ‍්ඩපාතදායකො බාරාණසිසෙට‍්ඨි පන අහමෙව අහොසි”න‍්ති.

ඉක්බිති බුදු රජහු ගැහැවිය, ඔබ දැන් මෙසේ දර්ශන සම්පන්නව දෙවියකුගෙන් නො සැලීම පුදුමයක් නො වේ. පෙර පඬිවරුන් කළ දෙය ම ප්‍රශස්ත වෙමි යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්‍ධි ගළපා පසේ බුදු රජාණන් වහන්සේ එහි ම පිහිනිවියහ. මරු පරදා එදා පියුම් කෙමියෙහි සිට පසේ බුදු රජුන්ට පිඬු දුන් තැනැත්තා බරණැස සිටු වූ මම ම වීමි.

ඛදිරඞ‍්ගාරජාතකවණ‍්ණනා දසමා.

කුලාවකවග‍්ගො චතුත්‍ථො.

සතර වැනි කුලාවක වර්ගයයි.

තස‍්සුද‍්දානං –

කුලාවකඤ‍්ච නච‍්චඤ‍්ච, සම‍්මොදමච‍්ඡවට‍්ටකං; සකුණං තිත‍්තිරං බකං, නන්‍දඤ‍්ච ඛදිරඞ‍්ගාරන‍්ති.