යෙදුමෙන් කියවන්න

9. නන්‍දජාතකවණ‍්ණනා 39 අට‍්ඨකථා

9. නන්‍දජාතකවණ‍්ණනා (39)

9. නන්ද ජාතකය (39)

මඤ‍්ඤෙ සොවණ‍්ණයො රාසීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස සද‍්ධිවිහාරිකං ආරබ‍්භ කථෙසි. සො කිර භික‍්ඛු සුබ‍්බචො අහොසි වචනක‍්ඛමො, ථෙරස‍්ස මහන‍්තෙනුස‍්සාහෙන උපකාරං කරොති. අථෙකං සමයං ථෙරො සත්‍ථාරං ආපුච‍්ඡිත්‍වා චාරිකං චරන‍්තො දක‍්ඛිණාගිරිජනපදං අගමාසි. සො භික‍්ඛු තත්‍ථ ගතකාලෙ මානත්‍ථද‍්ධො හුත්‍වා ථෙරස‍්ස වචනං න කරොති “ආවුසො, ඉදං නාම කරොහී”ති වුත‍්තෙ පන ථෙරස‍්ස පටිපක‍්ඛො හොති. ථෙරො තස‍්ස ආසයං න ජානාති. සො තත්‍ථ චාරිකං චරිත්‍වා පුන ජෙතවනං ආගතො. සො භික‍්ඛු ථෙරස‍්ස ජෙතවනවිහාරං ආගතකාලතො පට‍්ඨාය පුන තාදිසොව ජාතො. ථෙරො තථාගතස‍්ස ආරොචෙසි “භන‍්තෙ, මය‍්හං එකො සද‍්ධිවිහාරිකො එකස‍්මිං ඨානෙ සතෙන කීතදාසො විය හොති, එකස‍්මිං ඨානෙ මානත්‍ථද‍්ධො හුත්‍වා ‘ඉදං නාම කරොහී’ති වුත‍්තෙ පටිපක‍්ඛො හොතී”ති. සත්‍ථා “නායං, සාරිපුත‍්ත, භික‍්ඛු ඉදානෙව එවංසීලො, පුබ‍්බෙපෙස එකං ඨානං ගතො සතෙන කීතදාසො විය හොති. එකං ඨානං ගතො පටිපක‍්ඛො පටිසත‍්තු හොතී”ති වත්‍වා ථෙරෙන යාචිතො අතීතං ආහරි.

“මඤ්ඤෙ සොවණ්ණයො රාසීති” යන මෙය බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සේක්, සැරියුත් මහතෙරුන් වහන්සේගේ එකට හැසිරෙන භික්‍ෂුවක් අරබයා වදාළ සේක. ඒ භික්‍ෂුව වනාහි කීකරුය. කියන දේ ඉවසන්නේය. තෙරුන් වහන්සේට මහත් උත්සාහයෙන් උපකාර කරයි. ඉක්බිති එක් කලෙක තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා චාරිකාවෙහි හැසිරෙන්නේ දක්ෂිණාගිරි ජනපදයට වැඩම කළ සේක. ඒ අතවැසි භික්‍ෂුව එහි ගිය තැන් පටන් මානයෙන් උදම් වූයේ සැරියුත් තෙරණුන්ගේ වචනය නො තකයි. ඇවැත්නි, මෙය කරව යි කී කල්හි තෙරණුවන්ට විරුද්ධ ව සිටියි. තෙරහු ඔහුගේ අදහස් නො දනිති. උන්වහන්සේ එහි චාරිකාවෙහි හැසිර නැවත දෙව්රමට වැඩියහ. ඒ අතවැසි භික්‍ෂුව එතැන් සිට නැවත පෙර මෙන් කීකරු විය. තෙරහු බුදුරදුන්ට සැලකළහ. ස්වාමීනි, මගේ එක් අතවැසි භික්‍ෂුවක් එක තැනක දී සියයක් දී ගත් දාසයකු මෙන් විය. තවත් තැනක දී මානයෙන් උදම් ව මෙය කරව යි කී කල්හි විරුද්ධ වෙයි. සාරිපුත්‍රය, මේ භික්‍ෂුව මෙම ස්වභාවය ඇත්තකු වූයේ දැන් පමණක් නොව, පෙරදී ද මොහු එක් තැනකට ගියේ සියයට ගත් දාසයකු මෙන් වෙයි. තවත් තැනකට ගියේ විරුද්ධ සතුරකු මෙනැ යි වදාරා තෙරුන් විසින් අයදින ලද්දේ අතීතය ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො එකස‍්මිං කුටුම‍්බියකුලෙ පටිසන්‍ධිං ගණ‍්හි. තස‍්සෙකො සහායකො කුටුම‍්බිකො සයං මහල‍්ලකො, භරියා පනස‍්ස තරුණී. සා තං නිස‍්සාය පුත‍්තං පටිලභි. සො චින‍්තෙසි “අයං ඉත්‍ථී තරුණත‍්තා මමච‍්චයෙන කඤ‍්චිදෙව පුරිසං ගහෙත්‍වා ඉමං ධනං විනාසෙය්‍ය, පුත‍්තස‍්ස මෙ න දදෙය්‍ය, යංනූනාහං ඉමං ධනං පථවිගතං කරෙය්‍ය”න‍්ති ඝරෙ නන්‍දං නාම දාසං ගහෙත්‍වා අරඤ‍්ඤං ගන‍්ත්‍වා එකස‍්මිං ඨානෙ තං ධනං නිදහිත්‍වා තස‍්ස ආචික‍්ඛිත්‍වා “තාත, නන්‍ද, ඉමං ධනං මමච‍්චයෙන මය‍්හං පුත‍්තස‍්ස ආචික‍්ඛෙය්‍යාසි, මා ච නං පරිච‍්චජසී”ති ඔවදිත්‍වා කාලමකාසි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරන කල්හි බෝසත්හු එක්තරා කෙළෙඹි කුලයක පිළිසිඳ ගත්හ. ඒ බෝසතුන්ට යහළු කෙළෙඹියෙකු ද සිටියේය. ඔහු මහලුය. ඔහුගේ බිරිය තරුණය. ඈ ඔහු නිසා පුතකු ලැබුවාය. කෙළඹියා මෙසේ සිතීය. මේ තරුණ ස්ත්‍රිය තරුණකම නිසා මාගේ ඇවෑමෙන් යම්කිසි පුරුෂයකු ගෙන මේ ධනය විනාශ කරන්නීය. මගේ පුතාට නො දෙන්නීය. මම මේ ධනය නිදන්කොට තබන්නේ නම් මැනවැ යි එම නිවසෙහි සිටි නන්ද නම් දාසය රැගෙන වනයට ගොස් එක් තැනක ධනය නිදන්කොට දරුව නන්ද, මේ ධනය මගේ ඇවෑමෙන් මගේ පුතුට කියව. එ සේ ම මගේ පුතු අත් නො හරින්නැ යි අවවාද කොට කලුරිය කළේය.

පුත‍්තොපිස‍්ස අනුක‍්කමෙන වයප‍්පත‍්තො ජාතො. අථ නං මාතා ආහ – “තාත, තව පිතා නන්‍දං දාසං ගහෙත්‍වා ධනං නිධෙසි, තං ආහරාපෙත්‍වා කුටුම‍්බං සණ‍්ඨපෙහී”ති. සො එකදිවසං නන්‍දං ආහ – “මාතුල, අත්‍ථි කිඤ‍්චි මය‍්හං පිතරා ධනං නිදහිත”න‍්ති. “ආම, සාමී”ති. “කුහිං තං නිදහිත”න‍්ති. “අරඤ‍්ඤෙ, සාමී”ති. “තෙන හි ගච‍්ඡාමා”ති කුද‍්දාලපිටකං ආදාය නිධිට‍්ඨානං ගන‍්ත්‍වා “කහං මාතුල, ධන”න‍්ති ආහ. නන්‍දො ආරුය‍්හ ධනමත්‍ථකෙ ඨත්‍වා ධනං නිස‍්සාය මානං උප‍්පාදෙත්‍වා “අරෙ දාසිපුත‍්ත චෙටක, කුතො තෙ ඉමස‍්මිං ඨානෙ ධන”න‍්ති කුමාරං අක‍්කොසති. කුමාරො තස‍්ස ඵරුසවචනං සුත්‍වා අසුණන‍්තො විය “තෙන හි ගච‍්ඡාමා”ති තං ගහෙත්‍වා පටිනිවත‍්තිත්‍වා පුන ද‍්වෙ තයො දිවසෙ අතික‍්කමිත්‍වා අගමාසි, නන්‍දො තථෙව අක‍්කොසති. කුමාරො තෙන සද‍්ධිං ඵරුසවචනං අවත්‍වාව නිවත‍්තිත්‍වා “අයං දාසො ඉතො පට‍්ඨාය ‘ධනං ආචික‍්ඛිස‍්සාමී’ති ගච‍්ඡති, ගන‍්ත්‍වා පන මං අක‍්කොසති, තත්‍ථ කාරණං න ජානාමි, අත්‍ථි ඛො පන මෙ පිතු සහායො කුටුම‍්බිකො, තං පටිපුච‍්ඡිත්‍වා ජානිස‍්සාමී”ති බොධිසත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා සබ‍්බං තං පවත‍්තිං ආරොචෙත්‍වා “කිං නු ඛො, තාත, කාරණ”න‍්ති පුච‍්ඡි.

ඔහුගේ පුතා ද පිළිවෙලින් වැඩිවියට පත්වූයේය. ඉක්බිති, ඔහුට මව කීවාය. දරුව, නුඹේ පියා නන්ද නම් දාසයා රැගෙන ගොස් ධනය නිදන් කළේය. ඒවා ගෙන්වාගෙන පවුල නඩත්තු කරව. හෙතෙම එක් දිනක් නන්දට කීවේය. මාමේ, මගේ පියා නිදන් කළ යම්කිසි ධනයක් තිබෙනවා ද? එසේය. ස්වාමීනි, එය නිදන් කරන ලද්දේ කොහි ද? වනයෙහිය, ස්වාමීනි. එ සේ නම් එහි යම් යි උදැල්ල හා කූඩය රැගෙන නිදානය ඇති තැනට ගොස් මාමේ ඒ ධනය කොහිදැ යි ඇසීය. නන්ද එහි ගොඩවී නිදානය මත සිට ධනය නිසා මානය උපදවා එම්බල දාසියගේ පුත්‍රය, වැඩකාරයා, මේ ස්ථානයේ නුඹේ ධනයක් කොයින්දැ යි කුමාරයාට බැණ වදියි. කුමාරයා ඔහුගේ රළු වචන අසා නෑසුනාක් මෙන් සිට එ සේ නම් යමු යි ඔහු රැගෙන ආපසු හැරී නැවත දෙතුන් දවසක් ඉක්මවා එතැනට ගියේය. නන්දයා එදින ද එ සේ බැණ වදියි. කුමාරයා ඔහු සමග නපුරු බස් නො කියාම ආපසු හැරී ආවේය. ඔහු මෙසේ සිතීය. මේ දාසයා මෙතැනට ධනය ඇති තැන කියමි යි යයි. ගිය පසු පරුෂ වචනයෙන් බැණ වදියි. මෙහි හේතුව නො දනිමි. මගේ පියාගේ යහලු කෙළඹියකු ඇත. ඔහුගෙන් අසා දැන ගනිමි යි. බෝසතුන් වෙත ගොස් ඒ සියලු පුවත් සැලකොට මෙහි හේතුව කුමක්දැ යි විචාළේය.

බොධිසත‍්තො “යස‍්මිං තෙ, තාත, ඨානෙ ඨිතො නන්‍දො අක‍්කොසති, තත්‍ථෙව තෙ පිතු සන‍්තකං ධනං, තස‍්මා යදා තෙ නන්‍දො අක‍්කොසති, තදා නං ‘එහි රෙ දාස, කිං අක‍්කොසසී’ති ආකඩ‍්ඪිත්‍වා තං ඨානං භින්‍දිත්‍වා කුලසන‍්තකං ධනං නීහරිත්‍වා දාසං උක‍්ඛිපාපෙත්‍වා ධනං ආහරා”ති වත්‍වා ඉමං ගාථමාහ –

බෝසත්හු දරුව නන්ද, යම්කිසි තැනක සිට ඔබට බැණ වදින්නේ ද ඔබ පියාගේ ධනය ඇත්තේ ද එතනමයි. එහෙයින් යම් දවසක නන්ද යම් තැනක සිට ඔබට බැණ වදී ද එකල්හි, එම්බල දාසය, තෝ කුමකට මට ආක්‍රෝෂ කරහිදැ යි ඔහු බැහැරට ඇද දමා උදැල්ල ගෙන ඒ ස්ථානය හාරා කුල සතු ධනය ගෙන දාසයා ලවා එය ඔසවා ගෙන එව යි කියා මේ ගාථාව කීහ.

“මඤ‍්ඤෙ සොවණ‍්ණයො රාසි, සොවණ‍්ණමාලා ච නන්‍දකො; යත්‍ථ දාසො ආමජාතො, ඨිතො ථුල‍්ලානි ගජ‍්ජතී”ති.

“මඤ්ඤෙ සොවණ්ණයො රාසි සොවණ්ණමාලා ච නන්‍දකො, යත්‍ථ දාසො ආමජාතො ඨිතො ථුල්ලානි ගජ්ජතීති”

“කුලජාත දාසියගේ පුත්‍ර වූ නන්‍දක දාස තෙමේ යම් තැනෙක්හි සිටියේ පරුෂ බැණ ගර්ජනා කැරේ ද ස්වර්ණ රාශිය ද ස්වර්ණ මාලා ද එතැන්හියැ යි හඟිමි.”

තත්‍ථ මඤ‍්ඤෙති එවං අහං ජානාමි. සොවණ‍්ණයොති සුන්‍දරො වණ‍්ණො එතෙසන‍්ති සොවණ‍්ණානි. කානි තානි? රජතමණිකඤ‍්චනපවාළාදීනි රතනානි. ඉමස‍්මිඤ‍්හි ඨානෙ සබ‍්බානෙතානි “සුවණ‍්ණානී”ති අධිප‍්පෙතානි, තෙසං රාසි සොවණ‍්ණයො රාසි. සොවණ‍්ණමාලා චාති තුය‍්හං පිතුසන‍්තකා සුවණ‍්ණමාලා ච එත්‍ථෙවාති මඤ‍්ඤාමි. නන්‍දකො යත්‍ථ දාසොති යස‍්මිං ඨානෙ ඨිතො නන්‍දකො දාසො. ආමජාතොති “ආම, අහං වො දාසී”ති එවං දාසබ්‍යං උපගතාය ආමදාසිසඞ‍්ඛාතාය දාසියා පුත‍්තො. ඨිතො ථුල‍්ලානි ගජ‍්ජතීති “සො යස‍්මිං ඨානෙ ඨිතො ථුල‍්ලානි ඵරුසවචනානි වදති, තත්‍ථෙව තෙ කුලසන‍්තකං ධනං, එවං අහං තං මඤ‍්ඤාමී”ති බොධිසත‍්තො කුමාරස‍්ස ධනග‍්ගහණූපායං ආචික‍්ඛි.

එහි “මඤ්ඤෙති” මෙසේ මම දනිමි. “සොවණ්ණයොති” යහපත් වූ වර්ණයය. ඒ මොනවාද? රිදී, මැණික්, රන්, පබළු ආදී රත්නයි. මේ ස්ථානයේ ඒ සියල්ල රන්යැ යි අදහස් කැරේ. ඒවායේ සමූහය ස්වර්ණා රාශියයි. “සොවණ්ණා මාලාචාති” නුඹේ පියා සන්තක රන් මාල ද එහි ඇතැ යි සිතමි. “නන්‍දකො යත්ත දාසොති” යම් තැනක නන්ද දාසයා සිටියේ ද? “ආමජාතොති” එ සේය. මම ඔබගේ දාසි බවට පැමිණියා වූ ආමදාසී නමින් හැඳින්වෙන දාසියගේ පුත්‍රයා “ඨිතො ථුල්ලානි ගජ්ජතීති” ඔහු යම් තැනක සිට මහත් වූ පරුෂ වචන කියයි ද ඔබගේ කුල ධනය එතැනමයැ යි මම සිතමි. බෝධිසත්ත්වයෝ මෙසේ කුමාරයාට ධනය ගැනීමේ උපාය ප්‍රකාශ කළහ.

කුමාරො බොධිසත‍්තං වන්‍දිත්‍වා ඝරං ගන‍්ත්‍වා නන්‍දං ආදාය නිධිට‍්ඨානං ගන‍්ත්‍වා යථානුසිට‍්ඨං පටිපජ‍්ජිත්‍වා තං ධනං ආහරිත්‍වා කුටුම‍්බං සණ‍්ඨපෙත්‍වා බොධිසත‍්තස‍්ස ඔවාදෙ ඨිතො දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා ජීවිතපරියොසානෙ යථාකම‍්මං ගතො.

කුමාරයා ද බෝසතුන් වැඳ ගෘහයට ගොස් නන්‍දයා ද රැගෙන නිදානය තිබූ තැනට ගොස් ඔහුට උපදෙස් දුන් පරිදි පිළිපැද ඒ ධනය ගෙනවුත් ගෘහ ජීවිතය සකස්කොට ගෙන බෝසතුන්ගේ අවවාදයෙහි පිහිටා දානාදී පිංකොට දිවි කෙළවර කම් වූ පරිදි මිය ගියේය.

සත්‍ථා “පුබ‍්බෙපෙස එවංසීලොයෙවා”ති වත්‍වා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා නන්‍දො සාරිපුත‍්තස‍්ස සද‍්ධිවිහාරිකො අහොසි, පණ‍්ඩිතකුටුම‍්බිකො පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රජහු මේ දම් දෙසුම ගෙන හැර දක්වා අනුසන්‍ධි ගළපා මොහු පෙර ද මේ ස්වභාවයෙන් ම යුක්ත වූයේයැ යි වදාරා ජාතක කථාව නිම කළහ. එදා නන්ද, සැරියුත් තෙරුන්ගේ අතවැසියා විය. නුවණ ඇති කෙළැඹියා නම් මම වීමි.

නන්‍දජාතකවණ‍්ණනා නවමා.