8. බකජාතකවණ‍්ණනා 38 අට‍්ඨකථා
8. බකජාතකවණ‍්ණනා (38)
8. බක ජාතකය (38)
නාච‍්චන‍්තං නිකතිප‍්පඤ‍්ඤොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො චීවරවඩ‍්ඪකං භික‍්ඛු ආරබ‍්භ කථෙසි. එකො කිර ජෙතවනවාසිකො භික‍්ඛු යංකිඤ‍්චි චීවරෙ කත‍්තබ‍්බං ඡෙදනඝට‍්ටනවිචාරණසිබ‍්බනාදිකං කම‍්මං, තත්‍ථ සුකුසලො. සො තාය කුසලතාය චීවරං වඩ‍්ඪෙති, තස‍්මා “චීවරවඩ‍්ඪකො” ත්‍වෙව පඤ‍්ඤායිත්‍ථ. කිං පනෙස කරොතීති? ජිණ‍්ණපිලොතිකාසු හත්‍ථකම‍්මං දස‍්සෙත්‍වා සුඵස‍්සිකං මනාපං චීවරං කත්‍වා රජනපරියොසානෙ පිට‍්ඨොදකෙන රජිත්‍වා සඞ‍්ඛෙන ඝංසිත්‍වා උජ‍්ජලං මනුඤ‍්ඤං කත්‍වා නික‍්ඛිපති. චීවරකම‍්මං කාතුං අජානන‍්තා භික‍්ඛූ අහතෙ සාටකෙ ගහෙත්‍වා තස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා “මයං චීවරං කාතුං න ජානාම, චීවරං නො කත්‍වා දෙථා”ති වදන‍්ති. සො “චීවරං ආවුසො කරියමානං චිරෙන නිට‍්ඨාති, මයා කතචීවරමෙව අත්‍ථි, ඉමෙ සාටකෙ ඨපෙත්‍වා තං ගණ‍්හිත්‍වා ගච‍්ඡථා”ති නීහරිත්‍වා දස‍්සෙති. තෙ තස‍්ස වණ‍්ණසම‍්පත‍්තිමෙව දිස‍්වා අන‍්තරං අජානන‍්තා “ථිර”න‍්ති සඤ‍්ඤාය අහතසාටකෙ චීවරවඩ‍්ඪකස‍්ස දත්‍වා තං ගණ‍්හිත්‍වා ගච‍්ඡන‍්ති. තං තෙහි ථොකං කිලිට‍්ඨකාලෙ උණ‍්හොදකෙන ධොවියමානං අත‍්තනො පකතිං දස‍්සෙති, තත්‍ථ තත්‍ථ ජිණ‍්ණට‍්ඨානං පඤ‍්ඤායති, තෙ විප‍්පටිසාරිනො හොන‍්ති. එවං ආගතාගතෙ පිලොතිකාහි වඤ‍්චෙන‍්තො සො භික‍්ඛු සබ‍්බත්‍ථ පාකටො ජාතො.
“නාච්චන්ත නිකතිප්පඤ්ඤොති” යන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, සිවුරු මසා පිළියෙල කරන භික්‍ෂුවකු අරබයා වදාළ සේක. එක්තරා දෙව්රම් වැසි භික්‍ෂුවකු සිවුරෙහි යම් කිසිවක් කළ යුතු ද? කැපීම, මැදීම, අනුපිළිවෙලට මැසීම ආදී කටයුතුවල දක්‍ෂයෙකි. හෙතෙම ඒ දක්‍ෂතාවෙන් සිවුරු පිළියෙල කරයි. ඒ නිසා සිවුරු මසා පිළියෙල කරන්නායැ යි ප්‍රසිද්ධ විය. ඔහු කරන්නේ කුමක් ද යත්, දිරාගිය රෙදිවල අත්තම් දක්වා මනා පහස ඇති, දැකුම්කළු, ප්‍රිය උපදවන සිවුරක් කොට පඬු පොවා අවසානයේ පිටි දියෙන් සායම් පොවා හක් ගෙඩියෙන් මැද බබළන මනෝඥ එකක්කොට බැහැර කරයි. සිවුරු සකස් කිරීම නො දන්නා භික්‍ෂූන් ලද අළුත් සළු ගෙන උන්වහන්සේ සමීපයට අවුත්, අපි සිවුරු සකසන්න නො දනිමු. අපට සිවුරක් කැර දෙනු මැනවි යි කියති. ඔහු ඇවැත්නි, සිවුරක් කිරීමට බොහෝ කල් ගතවෙයි. මා විසින් කලින් නිම කළ සිවුරු ඇත. මේ සළුව තබා ඒ සිවුරු ගෙන යනු මැනවැ යි ගෙනහැර දක්වත්. ඔහු ඒ සිවුරුවල පැහැය පමණක් දැක වෙනස නො දැක හොඳ සිවුරකැ යි යන හැඟීමෙන් නො කැපූ සළු සිවුරු සකසන්නාට දී ගෙන යත්. ඔවුහු මදක් කිලටි වූ කල ඒ සිවුර උණු දියෙන් සෝදන කල්හි සිවුරේ යථා තත්ත්වය පෙනේ. ඒ ඒ දිරුණු තැන් ද පෙනේ. එවිට ඔවුහු විපිළිසර වෙති. මෙසේ මේ භික්‍ෂුව පැමිණි පැමිණි භික්‍ෂූන් වස්ත්‍රවලින් වංචා කරන්නේ හැම තැන ම ප්‍රකට විය.
යථා චෙස ජෙතවනෙ, තථා අඤ‍්ඤතරස‍්මිං ගාමකෙපි එකො චීවරවඩ‍්ඪකො ලොකං වඤ‍්චෙති. තස‍්ස සම‍්භත‍්තා භික‍්ඛූ “භන‍්තෙ, ජෙතවනෙ කිර එකො චීවරවඩ‍්ඪකො එවං ලොකං වඤ‍්චෙතී”ති ආරොචෙසුං. අථස‍්ස එතදහොසි “හන්‍දාහං, තං නගරවාසිකං වඤ‍්චෙමී”ති පිලොතිකචීවරං අතිමනාපං කත්‍වා සුරත‍්තං රජිත්‍වා තං පාරුපිත්‍වා ජෙතවනං අගමාසි. ඉතරො තං දිස‍්වාව ලොභං උප‍්පාදෙත්‍වා “භන‍්තෙ, ඉමං චීවරං තුම‍්හෙහි කත”න‍්ති පුච‍්ඡි. “ආමාවුසො”ති. “භන‍්තෙ, ඉමං චීවරං මය‍්හං දෙථ, තුම‍්හෙ අඤ‍්ඤං ලභිස‍්සථා”ති? “ආවුසො, මයං ගාමවාසිකා දුල‍්ලභපච‍්චයා, ඉමාහං තුය‍්හං දත්‍වා අත‍්තනා කිං පාරුපිස‍්සාමී”ති? “භන‍්තෙ, මම සන‍්තිකෙ අහතසාටකා අත්‍ථි, තෙ ගහෙත්‍වා තුම‍්හාකං චීවරං කරොථා”ති. “ආවුසො, මයා එත්‍ථ හත්‍ථකම‍්මං දස‍්සිතං, තයි පන එවං වදන‍්තෙ කිං සක‍්කා කාතුං, ගණ‍්හාහි න”න‍්ති තස‍්ස පිලොතිකචීවරං දත්‍වා අහතසාටකෙ ආදාය තං වඤ‍්චෙත්‍වා පක‍්කාමි. ජෙතවනවාසිකොපි තං චීවරං පාරුපිත්‍වා කතිපාහච‍්චයෙන උණ‍්හොදකෙන ධොවන‍්තො ජිණ‍්ණපිලොතිකභාවං දිස‍්වා ලජ‍්ජිතො “ගාමවාසිචීවරවඩ‍්ඪකෙන කිර ජෙතවනවාසිකො වඤ‍්චිතො”ති තස‍්ස වඤ‍්චිතභාවො සඞ‍්ඝමජ‍්ඣෙ පාකටො ජාතො.
ජේතවනාරාමයේ දී මේ භික්‍ෂුව යම් සේ ප්‍රසිද්ධ වූයේ ද එ සේ ම එක් කුඩා ගමක සිවුරු සකසන භික්‍ෂුවක් ලෝකයා රවටයි. ඔහුගේ යහළු භික්‍ෂූහු ස්වාමීනි, ජේතවනාරාමයේ දී සිවුරු සකසන භික්‍ෂුව මෙසේ ලෝකයා රවටතැ යි සැලකළහ. ඉක්බිති මොහුට මෙබඳු අදහසක් ඇතිවිය. කෙසේ හෝ මම ඒ නගර වැසි භික්‍ෂුව රවටන්නෙමැ යි දිරා ගිය සිවුරක් ඉතා මනා සේ සකස් කොට මනාව පඬු පොවා එය පොරවා ගෙන දෙව්රමට ගියේය. අනෙක් භික්‍ෂුව එය දැක ලෝභ උපදවා ස්වාමීනි, මේ සිවුර නුඹ වහන්සේ විසින් කරන ලද්දක්දැ යි විචාළේය. ඇවැත්නි, එ සේය. ස්වාමීනි, මේ සිවුර මට දෙව. නුඹ වහන්සේට වෙන සිවුරක් ලැබෙන්නේය. ඇවැත්නි, අපි ගම් වැසියෝය, සිව්පසය ලැබීම දුර්වලයි. මෙය මම නුඹට දී මම කුමක් පොරවන්නෙම් ද? ස්වාමීනි, මා ළඟ නො කැපූ වස්ත්‍ර ඇත. ඒවා ගෙන ඔබ සිවුරක් කරවු. ඇවැත්නි, මා විසින් මෙහි අතෙහි දස්කම් දක්වන ලදි. නුඹ මෙසේ කියන කල්හි වෙන කුමක් කළ හැකි ද? එය ගන්නැ යි ඔහුට දිරාගිය කැබැලි සිවුර දී නො මැසූ රෙද්ද ගෙන ඔහු රවටා ගියේය. ජේතවනවාසී භික්‍ෂුව එය පොරවා කීප දිනකින් උණු දියෙන් සෝදන්නේ දිරාගිය කැබැලි සිවුරක් බව දැක ලජ්ජාවට පත්වූවේය. ගම් වැසි සිවුරු සකසන්නා විසින් දෙව්රම් වැසි භික්‍ෂුව රවටන ලදැ යි ඔහුගේ වංචනික භාවය සංඝයා මධ්‍යයෙහි ප්‍රකට විය.
අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං තං කථං කථෙන‍්තා නිසීදිංසු. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡි. තෙ තමත්‍ථං ආරොචෙසුං. සත්‍ථා “න, භික‍්ඛවෙ, ජෙතවනවාසී චීවරවඩ‍්ඪකො ඉදානෙව අඤ‍්ඤෙ වඤ‍්චෙති, පුබ‍්බෙපි වඤ‍්චෙසියෙව. න ගාමවාසිකෙනාපි ඉදානෙව එස ජෙතවනවාසී චීවරවඩ‍්ඪකො වඤ‍්චිතො, පුබ‍්බෙපි වඤ‍්චිතොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.
ඉක්බිති, එක් දිනක් භික්‍ෂූහු දම් සභාවෙහි ඒ කථාව කියමින් හුන්හ. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි, කවර කථාවකින් යුතුව මෙහි දුන්නාහුදැ යි විචාළ සේක. උන්වහන්සේලා ඒ කරුණ සැලකළාහුය. බුදුරජාණන් වහන්සේ මහණෙනි, දෙව්රම් වැසි සිවුරු සකසන්නා දැන් පමණක් අනුන් වංචා කළේ නො වේ. පෙරත් වංචා කළේමය. ගම් වැසි භික්‍ෂුව විසින් ද ජේතවනවාසී භික්‍ෂුව වංචා කරන ලද්දේ දැන් පමණක් නොව පෙරත් වංචා කරන ලද්දේයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ එකස‍්මිං අරඤ‍්ඤායතනෙ බොධිසත‍්තො අඤ‍්ඤතරං පදුමසරං නිස‍්සාය ඨිතෙ වරණරුක‍්ඛෙ රුක‍්ඛදෙවතා හුත්‍වා නිබ‍්බත‍්ති. තදා අඤ‍්ඤතරස‍්මිං නාතිමහන‍්තෙ සරෙ නිදාඝසමයෙ උදකං මන්‍දං අහොසි, බහූ චෙත්‍ථ මච‍්ඡා හොන‍්ති. අථෙකො බකො තෙ මච‍්ඡෙ දිස‍්වා “එකෙන උපායෙන ඉමෙ මච‍්ඡෙ වඤ‍්චෙත්‍වා ඛාදිස‍්සාමී”ති ගන‍්ත්‍වා උදකපරියන‍්තෙ චින‍්තෙන‍්තො නිසීදි. අථ නං මච‍්ඡා දිස‍්වා “කිං, අය්‍ය, චින‍්තෙන‍්තො නිසින‍්නොසී”ති පුච‍්ඡිංසු. “තුම‍්හාකං චින‍්තෙන‍්තො නිසින‍්නොම‍්හී”ති. “කිං අම‍්හාකං චින‍්තෙසි, අය්‍යා”ති? “‘ඉමස‍්මිං සරෙ උදකං පරිත‍්තං, ගොචරො මන්‍දො, නිදාඝො ච මහන‍්තො, ඉදානිමෙ මච‍්ඡා කිං නාම කරිස‍්සන‍්තී’ති තුම‍්හාකං චින‍්තෙන‍්තො නිසින‍්නොම‍්හී”ති. “අථ කිං කරොම, අය්‍යා”ති? “තුම‍්හෙ සචෙ මය‍්හං වචනං කරෙය්‍යාථ , අහං වො එකෙකං මුඛතුණ‍්ඩකෙන ගහෙත්‍වා එකං පඤ‍්චවණ‍්ණපදුමසඤ‍්ඡන‍්නං මහාසරං නෙත්‍වා විස‍්සජ‍්ජෙය්‍ය”න‍්ති. “අය්‍ය, පඨමකප‍්පිකතො පට‍්ඨාය මච‍්ඡානං චින‍්තනකබකො නාම නත්‍ථි, ත්‍වං අම‍්හෙසු එකෙකං ඛාදිතුකාමොසී”ති. “නාහං තුම‍්හෙ මය‍්හං සද‍්දහන‍්තෙ ඛාදිස‍්සාමි”. “සචෙ පන සරස‍්ස අත්‍ථිභාවං මය‍්හං න සද‍්දහථ, එකං මච‍්ඡං මයා සද‍්ධිං සරං පස‍්සිතුං පෙසෙථා”ති. මච‍්ඡා තස‍්ස සද‍්දහිත්‍වා “අයං ජලෙපි ථලෙපි සමත්‍ථො”ති එකං කාළමහාමච‍්ඡං අදංසු “ඉමං ගහෙත්‍වා ගච‍්ඡථා”ති. සො තං ගහෙත්‍වා නෙත්‍වා සරෙ විස‍්සජ‍්ජෙත්‍වා සබ‍්බං සරං දස‍්සෙත්‍වා පුන ආනෙත්‍වා තෙසං මච‍්ඡානං සන‍්තිකෙ විස‍්සජ‍්ජෙසි. සො තෙසං මච‍්ඡානං සරස‍්ස සම‍්පත‍්තිං වණ‍්ණෙසි. තෙ තස‍්ස කථං සුත්‍වා ගන‍්තුකාමා හුත්‍වා “සාධු, අය්‍ය, අම‍්හෙ ගණ‍්හිත්‍වා ගච‍්ඡාහී”ති ආහංසු.
යටගිය දවස එක් වනගත පෙදෙසක බෝසතාණන් වහන්සේ එක්තරා පියුම් විලක් ඇසුරුකොට පිහිටි ගසෙක රුක් දෙවියෙක් වී උපන්නේය. එහි එක්තරා ඉතා මහත් නො වූ විලක නියං කාලයේ ජලය මද විය. එහි බොහෝ මත්ස්‍යයෝ වෙති. ඉක්බිති, එක් කොකෙක් ඒ මසුන් දැක එක් උපායකින් මේ මසුන් වංචාකොට කන්නෙමි යි ගොස් ජලය කෙළවර සිතමින් හුන්නේය. ඉක්බිති මාලුවෝ ඌ දැක කුමක් සිතමින් සිටින්නේදැ යි විචාළහ. නුඹලා ගැන සිතමින් හුන්නෙමි. යාළුව, අපි ගැන කුමක් සිතන්නෙහි ද? මේ විලේ ජලය ටිකය. ආහාරත් අඩුය. පෑවිල්ලත් විශාලය. දැන් මේ මත්ස්‍යයන් කුමක් කරන්නේදැ යි නුඹලා ගැන සිතමින් හුන්නෙමි යි කීවේය. යාළුව, ඉතින් කුමක් කරමු ද? තොප ඉදින් මාගේ කීම කරන්නහු නම් මම තොප එකිනෙකා මුව තුඩින් ගෙන එක්තරා පස් පියුමෙන් ගැවසී ගත්තා වූ ලොකු විලකට ගෙන ගොස් මුදා හරින්නෙමි. යාළුව, කල්පාරම්භයේ පටන් මසුන් ගැන සිතන කොකෙක් නම් නැත. නුඹ අපේ එකිනෙකා කනු කැමැත්තේ වෙහි ද? නුඹලා මා කෙරෙහි විශ්වාස ඇති කල්හි නො කන්නෙමි. ඉදින් වනාහි විලක් ඇති බැව් මගේ කීම අදහන්නේ නැති නම් එක් මසකු මා සමග විල බලන්න එවනු. මාලුවෝ ඔහුගේ කීම අදහා මේ තෙමේ දිය ගොඩ දෙකෙහි ම සමර්ථයකු යි එක් කණ මසකු දුන්නාහුය. මොහු රැගෙන යව යි කීවාහුය. හෙතෙම ඒ කණ මත්ස්‍යයා රැගෙනවිත් විලට අතහැර සියලු විල පෙන්වා නැවත ගෙනවුත් ඒ මසුන් ඉදිරියේ අතහැරියේය. ඌ ඔවුන්ට විලෙහි සම්පත් වර්ණනා කළේය. ඔවුහු උගේ කථාව අසා යනු කැමැති වී හොඳයි යාළුව, අප ගෙන යව යි කීවාහුය.
බකො පඨමං තං කාළමහාමච‍්ඡමෙව ගහෙත්‍වා සරතීරං නෙත්‍වා සරං දස‍්සෙත්‍වා සරතීරෙ ජාතෙ වරණරුක‍්ඛෙ නිලීයිත්‍වා තං විටපන‍්තරෙ පක‍්ඛිපිත්‍වා තුණ‍්ඩෙන විජ‍්ඣන‍්තො ජීවිතක‍්ඛයං පාපෙත්‍වා මංසං ඛාදිත්‍වා කණ‍්ටකෙ රුක‍්ඛමූලෙ පාතෙත්‍වා පුන ගන‍්ත්‍වා “විස‍්සට‍්ඨො, මෙ සො මච‍්ඡො, අඤ‍්ඤො ආගච‍්ඡතූ”ති එතෙනුපායෙන එකෙකං ගහෙත්‍වා සබ‍්බෙ මච‍්ඡෙ ඛාදිත්‍වා පුන ආගතො එකං මච‍්ඡම‍්පි නාද‍්දස. එකො පනෙත්‍ථ කක‍්කටකො අවසිට‍්ඨො. බකො තම‍්පි ඛාදිතුකාමො හුත්‍වා “භො, කක‍්කටක, මයා සබ‍්බෙතෙ මච‍්ඡා නෙත්‍වා පදුමසඤ‍්ඡන‍්නෙ මහාසරෙ විස‍්සජ‍්ජිතා, එහි තම‍්පි නෙස‍්සාමී”ති. “මං ගහෙත්‍වා ගච‍්ඡන‍්තො කථං ගණ‍්හිස‍්සසී”ති? “ඩංසිත්‍වා ගණ‍්හිස‍්සාමී”ති. “ත්‍වං එවං ගහෙත්‍වා ගච‍්ඡන‍්තො මං පාතෙස‍්සසි, නාහං තයා සද‍්ධිං ගමිස‍්සාමී”ති. “මා භායි, අහං තං සුග‍්ගහිතං ගහෙත්‍වා ගමිස‍්සාමී”ති. කක‍්කටකො චින‍්තෙසි “ඉමස‍්ස මච‍්ඡෙ නෙත්‍වා සරෙ විස‍්සජ‍්ජනං නාම නත්‍ථි. සචෙ පන මං සරෙ විස‍්සජ‍්ජෙස‍්සති, ඉච‍්චෙතං කුසලං. නො චෙ විස‍්සජ‍්ජෙස‍්සති, ගීවමස‍්ස ඡින්‍දිත්‍වා ජීවිතං හරිස‍්සාමී”ති.
කොකා පළමු ව ඒ කණ මත්ස්‍යයාව ගෙන විල් තෙරට පමුණුවා විල පෙන්වා විල් තෙර හටගත් ලුනුවරණ ගසෙහි සැඟවී ඌ දෙබලක දමා තුඩින් විදිමින් මරණයට පමුණුවා මස් අනුභවකොට කටු ගස මුල හෙලා නැවත ගොස් මා විසින් මාලුවා මුදා හරින ලදි. කවරෙක් එන්නේදැ යි, මේ ක්‍රමයෙන් එක එකා ගෙන සියලු මසුන් අනුභවකොට නැවත ආවේ එක් මසකු ද ඉතිරි ව නැති බව දුටුවේය. එහි එක් කකුළුවකු පමණක් ඉතිරි විය. කොකා කකුළුවා ද කනු කැමැති ව, එම්බා කකුළුව, මා විසින් ඒ සියලු මාළුවෝ ගෙන ගොස් නෙළුම්වලින් ගැවසී ගත් මහ විලෙහි මුදා හරින ලදහ. එව. නුඹ ද පමුණුවන්නෙමි. මා ගෙන යන විට කෙසේ ගන්නෙහි ද? ඩැහැගෙන යන්නෙමි. නුඹ එසේ ගෙන යන විට මා බිම හෙළන්නෙහිය. නුඹ සමග නො යන්නෙමි. බිය නො වන්න. මම නුඹ ආරක්‍ෂා සහිත ව ගෙන යන්නෙමි. කකුළුවා සිතුවේය. මොහු මසුන් ගෙන ගොස් විලෙහි මුදා හැරීමක් නම් නැත. ඉදින්, මාව විලට මුදා හරින්නේ නම් එය යහපතකි. ඉදින්, එ සේ මුදා හරින්නේ නැති නම් මොහුගේ ගෙල සිඳ දිවි තොර කරන්නෙමි.
අථ නං එවමාහ “සම‍්ම බක, න ඛො ත්‍වං සුග‍්ගහිතං ගහෙතුං සක‍්ඛිස‍්සසි, අම‍්හාකං පන ගහණං සුග‍්ගහණං , සචාහං අළෙහි තව ගීවං ගහෙතුං ලභිස‍්සාමි, තව ගීවං සුග‍්ගහිතං කත්‍වා තයා සද‍්ධිං ගමිස‍්සාමී”ති. සො තං “වඤ‍්චෙතුකාමො එස ම”න‍්ති අජානන‍්තො “සාධූ”ති සම‍්පටිච‍්ඡි. කක‍්කටකො අත‍්තනො අළෙහි කම‍්මාරසණ‍්ඩාසෙන විය තස‍්ස ගීවං සුග‍්ගහිතං කත්‍වා “ඉදානි ගච‍්ඡා”ති ආහ. සො තං නෙත්‍වා සරං දස‍්සෙත්‍වා වරණරුක‍්ඛාභිමුඛො පායාසි. කක‍්කටකො ආහ “මාතුල, අයං සරො එත‍්තො, ත්‍වං පන ඉතො කිං නෙසී”ති? බකො “න තෙ මාතුලො අහං, න භගිනිපුත‍්තොසි වත මෙ ත්‍ව”න‍්ති වත්‍වා “ත්‍වං ‘එස මං උක‍්ඛිපිත්‍වා විචරන‍්තො මය‍්හං දාසො’ති සඤ‍්ඤං කරොසි මඤ‍්ඤෙ, පස‍්සෙතං වරණරුක‍්ඛස‍්ස මූලෙ කණ‍්ටකරාසිං, යථා මෙ තෙ සබ‍්බෙ මච‍්ඡා ඛාදිතා, තම‍්පි තථෙව ඛාදිස‍්සාමී”ති ආහ. කක‍්කටකො “එතෙ මච‍්ඡා අත‍්තනො බාලතාය තයා ඛාදිතා, අහං පන තෙ මං ඛාදිතුං න දස‍්සාමි, තඤ‍්ඤෙව පන විනාසං පාපෙස‍්සාමි. ත්‍වඤ‍්හි බාලතාය මයා වඤ‍්චිතභාවං න ජානාසි, මරන‍්තා උභොපි මරිස‍්සාම, අහං තෙ සීසං ඡින්‍දිත්‍වා භූමියං ඛිපිස‍්සාමී”ති වත්‍වා කම‍්මාරසණ‍්ඩාසෙන විය අළෙහි තස‍්ස ගීවං නිප‍්පීළෙසි. සො විවටෙන මුඛෙන අක‍්ඛීහි අස‍්සුනා පග‍්ඝරන‍්තෙන මරණභයතජ‍්ජිතො “සාමි, අහං තං න ඛාදිස‍්සාමි, ජීවිතං මෙ දෙහී”ති ආහ. “යදි එවං ඔතරිත්‍වා මං සරස‍්මිං විස‍්සජ‍්ජෙහී”ති. සො නිවත‍්තිත්‍වා සරමෙව ඔතරිත්‍වා කක‍්කටකං සරපරියන‍්තෙ පඞ‍්කපිට‍්ඨෙ ඨපෙසි, කක‍්කටකො කත‍්තරිකාය කුමුදනාළං කප‍්පෙන‍්තො විය තස‍්ස ගීවං කප‍්පෙත්‍වා උදකං පාවිසි.
ඉක්බිති, ඔහුට මෙසේ කීවේය. යහළුව, ආරක්‍ෂා ඇතිව නුඹ මා ගෙන යන්නට නො හැකි වන්නෙහි. අපට අල්ලා ගැනීමට ලැබෙන්නේ නම් නුඹේ ගෙල ආරක්‍ෂා සහිත ව අල්ලා ගෙන නුඹ සමග යන්නෙමි. හෙතෙම මා රවටනු කැමැත්තේයැ යි නො දැන යහපතැ යි පිළිගත්තේය. කකුළුවා තමාගේ අඩු දෙකින් කතුරු අඬුවකින් මෙන් ඔහුගේ බෙල්ල ආරක්‍ෂා සහිත ව අල්ලාගෙන දැන් යව යි කීවේය. හෙතෙම ඔහු ගෙන ගොස් විල පෙන්වා ලුනුවරණ ගස දෙසට පියාසර කළේය. කකුළුවා කීවේය. මාමේ, මේ විල මෙතනයි. නුඹ වනාහි වෙන තැනකට ගෙනියන්නෙහි ද? එවිට කොකා මට මාමේ කියන්නේ නුඹ මගේ නැගනියගේ පුතා ද? මා නුඹ ඔසවාගෙන හැසිරෙන්නේ මම නුඹේ දාසයකුයැ යන හැඟීමෙන් ද? මේ ලුනුවරණ ගස මුල කටු ගොඩ බලව. යම් සේ මා විසින් ඒ නියාලු මාළුවෝ කන ලද්දේ ද එසේ ම නුඹ ද කන්නෙමි යි කීවේය. කකුළුවා මේ මාළුවෝ තමන්ගේ මෝඩකම නිසා නුඹ විසින් කන ලද්දෝය. මම වනාහි නුඹට මා කන්නට නො දෙන්නෙමි. නුඹ ම විනාශයට පමුණු වන්නෙමි. නුඹ ද මෝඩකම නිසා මා විසින් වංචා කරන ලද බව නො දන්නෙහි ද? මැරෙනවා නම් අපි දෙන්නා ම මැරෙන්නෙමු. මා නුඹේ හිස සිඳ බිම දමන්නෙමි යි කියා අඬුවක අඬු මෙන් වූ අඬුවෙන් කොකාගේ ගෙල හිර කෙළේය. හෙතෙම අයාගත් මුවින් ඇස්වලින් කඳුළු පෙරා ගෙන මර බියෙන් තැතිගෙන ස්වාමීනි, මම නුඹ නො කන්නෙමි. මට ජීවිතය දෙනු මැනවැ යි කීවේය. ඉදින් මෙසේ මා බස්වා විලට මුදා හරවැ යි කීවේය. කොකා ආපසුවිත් විලට ම බැස කකුළුවා විල කෙළවර මඩ මතුයෙහි තැබුවේය. කකුළුවා කතුරෙන් කුමුදු නලයක් කපන්නාක් මෙන් උගේ ගෙල සිඳ දියට පිවිසියේය.
තං අච‍්ඡරියං දිස‍්වා වරණරුක‍්ඛෙ අධිවත්‍ථා දෙවතා සාධුකාරං දදමානා වනං උන‍්නාදයමානා මධුරස‍්සරෙන ඉමං ගාථමාහ –
ඒ අසිරිය දැක ලුනුවරණ ගසෙහි අධිගෘහිත දේවතාවා සාධුකාර දෙමින් වනය දෙවනත් කරමින් මිහිරි හඬින් මේ ගාථාව කීවේය.
“නාච‍්චන‍්තං නිකතිප‍්පඤ‍්ඤො, නිකත්‍යා සුඛමෙධති; ආරාධෙති නිකතිප්පඤ්ඤො, බකො කක‍්කටකාමිවා”ති.
“නාච්චන්තනිකතිප්පඤ්ඤො නිකත්‍යා සුඛමෙධති, ආරාධෙති නිකතිප්පඤ්ඤො බකො කක්කටකාමිවාති”
“කපටි බුද්ධිය ඇත්තේ තමාගේ ම වංචාව හේතුවෙන් නිත්‍යයෙන් සැපෙහි නො පිහිටයි. (තමන් කළ වැරදිවල) කටුක විපාක ලබයි. කකුළුවාගෙන් (ගෙල) සිඳගත් කොකා මෙනි.”
තත්‍ථ නාච‍්චන‍්තං නිකතිප‍්පඤ‍්ඤො, නිකත්‍යා සුඛමෙධතීති නිකති වුච‍්චති වඤ‍්චනා, නිකතිප‍්පඤ‍්ඤො වඤ‍්චනපඤ‍්ඤො පුග‍්ගලො තාය නිකත්‍යා නිකතියා වඤ‍්චනාය න අච‍්චන‍්තං සුඛමෙධති, නිච‍්චකාලෙ සුඛස‍්මිංයෙව පතිට‍්ඨාතුං න සක‍්කොති, එකංසෙන පන විනාසං පාපුණාතියෙවාති අත්‍ථො. ආරාධෙතීති පටිලභති. නිකතිප‍්පඤ‍්ඤොති කෙරාටිකභාවං සික‍්ඛිතපඤ‍්ඤො පාපපුග‍්ගලො අත‍්තනා කතස‍්ස පාපස‍්ස ඵලං ආරාධෙති පටිලභති වින්‍දතීති අත්‍ථො. කථං? බකො කක‍්කටකාමිව, යථා බකො කක‍්කටකා ගීවච‍්ඡෙදං පාපුණාති, එවං පාපපුග‍්ගලො අත‍්තනා කතපාපතො දිට‍්ඨධම‍්මෙ වා සම‍්පරායෙ වා භයං ආරාධෙති පටිලභතීති ඉමමත්‍ථං පකාසෙන‍්තො මහාසත‍්තො වනං උන‍්නාදෙන‍්තො ධම‍්මං දෙසෙසි.
එහි “නාච්චන්තනිකතිප්පඤ්ඤො නිකත්‍යා සුඛමෙධති” හි “නිකති” නම් රැවටීමයි. “නිකතිප්පඤ්ඤො” යනු වංචා නුවණින් යුක්ත පුද්ගලයාය. එම වංචාවෙන් උසස් සැපයකට පත් නො වෙයි. නිතිපතා ඔහුට ඒ සැපයෙහි පිහිටීමට නො හැක්කේය. ඒකාන්තයෙන් විනාශයට පැමිණේ යන අර්ථයයි. “ආරාධෙති” ලබාගනී. “නිකතිප්පඤ්ඤොති” කපටි බැවින් පුහුණු කළ ප්‍රභව ඇති පවිටු පුද්ගලයාය. තමා විසින් කරන ලද පාපයට විපාක ලබයි. යන අර්ථයයි. කෙසේ ද යත්, “බකො කක්කටකාමිවාති” යම් සේ කොකෙක් කකුළුවාගෙන් ගෙන සිඳීමට පැමිණෙන්නේය. එමෙන්, මෙසේ පවිටු පුද්ගලයා තමා කළ පාප කර්මවලින් මෙලොව දී හෝ පරලොව දී දුකට පත්වෙයි. බෝසත්හු මේ අර්ථය ප්‍රකාශ කැරෙමින් වනරොද නින්නාද කරමින් දම් දෙසූහ.
සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙව ගාමවාසිචීවරවඩ‍්ඪකෙනෙස වඤ‍්චිතො, අතීතෙපි වඤ‍්චිතොයෙවා”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සො බකො ජෙතවනවාසී චීවරවඩ‍්ඪකො අහොසි, කක‍්කටකො ගාමවාසී චීවරවඩ‍්ඪකො, රුක‍්ඛදෙවතා පන අහමෙව අහොසි”න‍්ති.
මහණෙනි, ගම් වැසි සිවුරු සකසන්නා විසින් මේ නගර වැසි භික්‍ෂුව දැන් පමණක් රවටන ලද්දේ නො වේ. පෙරදීත් රවටන ලද්දේමැ යි. බුදුරජහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්ධි ගළපා ජාතකය නිමවා වදාළහ. එකල කොකා දෙව්රම් වැසි සිවුරු සකසන භික්‍ෂුව විය. කකුළුවා ගම් වැසි සිවුරු සකසන්නා විය. රුක් දෙවියා වනාහි මම ම වීමි.
බකජාතකවණ‍්ණනා අට‍්ඨමා.