යෙදුමෙන් කියවන්න

7. තිත‍්තිරජාතකවණ‍්ණනා 37 අට‍්ඨකථා

7. තිත‍්තිරජාතකවණ‍්ණනා (37)

7. තිත්තිර ජාතකය (37)

යෙ වුඩ‍්ඪමපචායන‍්තීති ඉදං සත්‍ථා සාවත්‍ථිං ගච‍්ඡන‍්තො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස සෙනාසනපටිබාහනං ආරබ‍්භ කථෙසි. අනාථපිණ‍්ඩිකෙන හි විහාරං කාරෙත්‍වා දූතෙ පෙසිතෙ සත්‍ථා රාජගහා නික‍්ඛම‍්ම වෙසාලිං පත්‍වා තත්‍ථ යථාභිරන‍්තං විහරිත්‍වා “සාවත්‍ථිං ගමිස‍්සාමී”ති මග‍්ගං පටිපජ‍්ජි. තෙන ච සමයෙන ඡබ‍්බග‍්ගියානං අන‍්තෙවාසිකා පුරතො පුරතො ගන‍්ත්‍වා ථෙරානං සෙනාසනෙසු අග‍්ගහිතෙස‍්වෙව “ඉදං සෙනාසනං අම‍්හාකං උපජ‍්ඣායස‍්ස, ඉදං ආචරියස‍්ස, ඉදං අම‍්හාකමෙව භවිස‍්සතී”ති සෙනාසනානි පලිබුන්‍ධෙන‍්ති. පච‍්ඡා ආගතා ථෙරා සෙනාසනානි න ලභන‍්ති. සාරිපුත‍්තත්‍ථෙරස‍්සාපි අන‍්තෙවාසිකා ථෙරස‍්ස සෙනාසනං පරියෙසන‍්තා න ලභිංසු. ථෙරො සෙනාසනං අලභන‍්තො සත්‍ථු සෙනාසනස‍්ස අවිදූරෙ එකස‍්මිං රුක‍්ඛමූලෙ නිසජ‍්ජාය ච චඞ‍්කමෙන ච රත‍්තිං වීතිනාමෙසි. සත්‍ථා පච‍්චූසසමයෙ නික‍්ඛමිත්‍වා උක‍්කාසි, ථෙරොපි උක‍්කාසි. “කො එසො”ති? “අහං, භන‍්තෙ, සාරිපුත‍්තො”ති. “සාරිපුත‍්ත, ඉමාය වෙලාය ඉධ කිං කරොසී”ති? “සො තං පවත‍්තිං ආරොචෙසි”. සත්‍ථා ථෙරස‍්ස වචනං සුත්‍වා “ඉදානි තාව මයි ජීවන‍්තෙයෙව භික‍්ඛූ අඤ‍්ඤමඤ‍්ඤං අගාරවා අපතිස‍්සා විහරන‍්ති, පරිනිබ‍්බුතෙ කිං නු ඛො කරිස‍්සන‍්තී”ති ආවජ‍්ජෙන‍්තස‍්ස ධම‍්මසංවෙගො උදපාදි.

“යෙ වද්ධමපචායන්තී” යන මේ ජාතකය බුදුරජුන් දෙව්රම් වෙහෙරට වඩින සේක්, සැරියුත් තෙරණුවන්ගේ සෙනසුන් වැළැකීම අරබයා දෙසූහ. අනේපිඬු මහසිටුහු විසින් විහාරය කැරවා දූතයන් යවන ලද කල්හි බුදුරජහු රජගහ නුවරින් නික්ම විශාලා නුවරට වැඩ එහි කැමැති කල් වැස සැවැත් නුවරට යන්නෙමි යි මහමඟට පිළිපන්හ. එකල්හි සවග මහණුන්ගේ අතවැසියෝ පෙරටුව ගොස් තෙරවරුන් සෙනසුන් නො ගත් කල්හි මේ සෙනසුන අපගේ උපාධ්‍යායන්ටයැ, මෙය ආචාර්යන්ටයැ, මෙය අපට ම වන්නේ යි සෙනසුන් වෙන්කොට ගනිත්. පසුව පැමිණි තෙරවරු සෙනසුන් නො ලබත්. සැරියුත් තෙරණුවන්ගේ අතවැසියෝ ද තෙරුන් සඳහා සෙනසුනක් සොයන්නාහු නො ලැබූහ. සැරියුත් තෙරණුවෝ සෙනසුනක් නො ලබන්නාහු, බුදුරදුන්ගේ සෙනසුන ළඟ ගසක් මුල සක්මනින් හා වාඩිවීමෙන් ගත කළහ. බුදුරජහු අළුයම් කල්හි නික්ම උගුර පෑදූහ. තෙරණුවෝ ද උගුර පෑදූහ. මේ කවරෙක් ද? ස්වාමීනි, මම සාරිපුත්ත වෙමි. සාරිපුත්ත, මේ වේලාවේ මෙහි කුමක් කරහි ද? තෙරණුවෝ සියලු පුවත් සැලකළහ. බුදුරජහු තෙරුන්ගේ කථාව අසා දැන් මා ජීවත් ව සිටියදී ම භික්‍ෂූහු ඔවුනොවුන් කෙරෙහි ගෞරවයක් සුවචබවක් නැතිව වෙසෙත්. මා පිරිනිවී කල්හි කුමක් කරන්නාහුදැ යි සිතත් ම ධර්ම සංවේගය පහළ විය.

සො පභාතාය රත‍්තියා භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා භික‍්ඛූ පුච‍්ඡි “සච‍්චං කිර, භික‍්ඛවෙ, ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පුරතො පුරතො ගන‍්ත්‍වා ථෙරානං භික‍්ඛූනං සෙනාසනං පටිබාහන‍්තී”ති. “සච‍්චං, භගවා”ති? තතො ඡබ‍්බග‍්ගියෙ ගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි “කො නු ඛො, භික‍්ඛවෙ, අග‍්ගාසනං අග‍්ගොදකං අග‍්ගපිණ‍්ඩං අරහතී”ති? එකච‍්චෙ “ඛත‍්තියකුලා පබ‍්බජිතො”ති ආහංසු, එකච‍්චෙ “බ්‍රාහ‍්මණකුලා, ගහපතිකුලා පබ‍්බජිතො”ති, අපරෙ “විනයධරො, ධම‍්මකථිකො, පඨමස‍්ස ඣානස‍්ස ලාභී, දුතියස‍්ස, තතියස‍්ස, චතුත්‍ථස‍්ස ඣානස‍්ස ලාභී”ති. අපරෙ “සොතාපන‍්නො, සකදාගාමී, අනාගාමී, අරහා, තෙවිජ‍්ජො, ඡළභිඤ‍්ඤො”ති ආහංසු. එවං තෙහි භික‍්ඛූහි අත‍්තනො අත‍්තනො රුචිවසෙන අග‍්ගාසනාදිරහානං කථිතකාලෙ සත්‍ථා ආහ – “න, භික‍්ඛවෙ, මය‍්හං සාසනෙ අග‍්ගාසනාදීනි පත්‍වා ඛත‍්තියකුලා පබ‍්බජිතො පමාණං, න බ්‍රාහ‍්මණකුලා පබ‍්බජිතො, න ගහපතිකුලා පබ‍්බජිතො, න විනයධරො, න සුත‍්තන‍්තිකො, න ආභිධම‍්මිකො, න පඨමජ‍්ඣානාදිලාභිනො, න සොතාපන‍්නාදයො පමාණං, අථ ඛො, භික‍්ඛවෙ, ඉමස‍්මිං සාසනෙ යථාවුඩ‍්ඪං අභිවාදනං පච‍්චුට‍්ඨානං අඤ‍්ජලිකම‍්මං සාමීචිකම‍්මං කාතබ‍්බං, අග‍්ගාසනං අග‍්ගොදකං අග‍්ගපිණ‍්ඩො ලද‍්ධබ‍්බො. ඉදමෙත්‍ථ පමාණං. තස‍්මා වුඩ‍්ඪතරො භික‍්ඛු එතෙසං අනුච‍්ඡවිකො. ඉදානි ඛො පන, භික‍්ඛවෙ, සාරිපුත‍්තො මය‍්හං අග‍්ගසාවකො අනුධම‍්මචක‍්කප‍්පවත‍්තකො මමානන‍්තරං සෙනාසනං ලද‍්ධුං අරහති, සො ඉමං රත‍්තිං සෙනාසනං අලභන‍්තො රුක‍්ඛමූලෙ වීතිනාමෙසි, තුම‍්හෙ ඉදානෙව එවං අගාරවා අපතිස‍්සා, ගච‍්ඡන‍්තෙ ගච‍්ඡන‍්තෙ කාලෙ කින‍්ති කත්‍වා විහරිස‍්සථා”ති. අථ නෙසං ඔවාදදානත්‍ථාය “පුබ‍්බෙ, භික‍්ඛවෙ, තිරච‍්ඡානගතාපි ‘න ඛො පනෙතං අම‍්හාකං පතිරූපං, යං මයං අඤ‍්ඤමඤ‍්ඤං අගාරවා අපතිස‍්සා අසභාගවුත‍්තිනො විහරෙය්‍යාම, අම‍්හෙසු මහල‍්ලකතරං ජානිත්‍වා තස‍්ස අභිවාදනාදීනි කරිස‍්සාමා’ති සාධුකං වීමංසිත්‍වා ‘අයං නො මහල‍්ලකො’ති ඤත්‍වා තස‍්ස අභිවාදනාදීනි කත්‍වා දෙවපථං පූරයමානා ගතා”ති වත්‍වා අතීතං ආහරි.

එම රැය ඉකුත් වූ කල්හි බුදුරජහු බික්සඟන රැස් කැරවා මෙසේ දෙසූහ. මහණෙනි, සවග මහණුන් පෙරටුව අවුත් මහතෙරවරුන්ට සෙනසුන් වළක්වන බව සැබෑ ද? ස්වාමීනි, සත්‍යයයි. ඉක්බිති, බුදුරජහු සවග මහණුන්ට දොස් පවරා දැහැමි කථා පවත්වා භික්‍ෂූන් ඇමතූහ. මහණෙනි, කවරෙක් ප්‍රථම ආසනයට, ජලයට, ආහාරයට සුදුසු ද? රජ කුලයෙන් පැවිදි වූ තැනැත්තෝයැ යි සමහරු කීහ. බමුණු කුලයෙන්, ගැහැවි කුලයෙන් පැවිදි වූ තැනැත්තේයැ යි සමහරු කීහ. සමහරු විනයධරයා, ධර්ම කථිකයා, පළමු, දෙවැනි, තෙවැනි, සතර වැනි ධ්‍යාන ලාභියා, ෂට් අභිඥාලාභී පුද්ගලයා සුදුසු බව කීහ. මෙසේ භික්‍ෂූහු තමතමන් සිතැඟි පරිදි අග්‍ර ආසනාදියට සුදුසු පුද්ගලයා ප්‍රකාශ කළ කල්හි මහණෙනි, මගේ සසුනෙහි අග්‍ර ආසන ආදියට පත්වීමට රජ, බමුණු, ගැහැවි කුලයෙන් පැවිදි වීම ප්‍රමාණවත් නො වේ. විනයධර, සුත්තන්තික, ආභිධම්මික ආදී තනතුරු දැරීම හෝ ප්‍රථම ධ්‍යාන ආදී විශේෂ ගුණලාභී වීම හෝ සෝවාන් ආදී මගඵල ලැබීම හෝ ප්‍රමාණ නො වේ. මහණෙනි, මේ සසුනෙහි වැඩිමහලු පිළිවෙලින් වැඳීම, අසුනෙන් නැඟී සිටීම, ඇඳළි බැඳීම, ගරු කිරීම කළ යුතුයි. අග්‍රාසන, අග්‍රෝදක, අග්‍රපිණ්ඩ ලැබිය යුතුය. සසුනෙහි සුදුසුබව එයයි. එම නිසා වැඩිමහලු තෙරණුවෝ මේ සියල්ලට සුදුස්සෝ වෙති. මහණෙනි, සාරිපුත්ත තෙරණුවෝ මගේ අග්‍රශ්‍රාවක වෙති. මා අනුව දම්සක් පවත්වති. එම නිසා මට අනතුරු සෙනසුන ලැබීමට සුදුස්සෝ වෙති. එහෙත් ඔහු මේ රැය සෙනසුනක් නො ලැබ රුක් මුලක් අබියෙස රාත්‍රිය ගත කළහ. මහණෙනි, තොපි දැන්ම ම මෙසේ ගරු නැතිව, කීකරු නැතිව වසන්නහු, කල්යත් ම කුමක් කොට වසන්නහු ද? මෙසේ බුදුරදහු ඔවුන්ට ඔවාදෙනු පිණිස මහණෙනි, පෙර තිරිසන් සත්තු පවා ඔවුනොවුන්ට ගරු නො කොට කීකරු නො වී අසමාන පැවතුම් ඇතිව නො වසන්නමු නම්, එය අපට සුදුසු නො වේ. වැඩිමහළු අය ඇත. ඔහුට වැඳීම් ආදිය අප අතර කරන්නෙමු යි මනාව විමසා මේ අපගේ වැඩිමහළු අය යි දැන ඔහුට වැඳුම් ආදිය කොට දෙව්මඟ පුරවමින් ගියහ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ හිමවන‍්තප‍්පදෙසෙ එකං මහානිග්‍රොධං උපනිස‍්සාය තයො සහායා විහරිංසු – තිත‍්තිරො, මක‍්කටො, හත්‍ථීති. තෙ අඤ‍්ඤමඤ‍්ඤං අගාරවා අපතිස‍්සා අසභාගවුත‍්තිනො අහෙසුං. අථ නෙසං එතදහොසි “න යුත‍්තං අම‍්හාකං එවං විහරිතුං, යංනූන මයං යො නො මහල‍්ලකතරො, තස‍්ස අභිවාදනාදීනි කරොන‍්තා විහරෙය්‍යාමා”ති. “කො පන නො මහල‍්ලකතරො”ති චින‍්තෙන‍්තා එකදිවසං “අත්‍ථෙසො උපායො”ති තයොපි ජනා නිග්‍රොධමූලෙ නිසීදිත්‍වා තිත‍්තිරො ච මක‍්කටො ච හත්‍ථිං පුච‍්ඡිංසු “සම‍්ම හත්‍ථි, ත්‍වං ඉමං නිග්‍රොධරුක‍්ඛං කීවප‍්පමාණකාලතො පට‍්ඨාය ජානාසී”ති? සො ආහ “සම‍්මා, අහං තරුණපොතකකාලෙ ඉමං නිග්‍රොධගච‍්ඡං අන‍්තරසත්‍ථීසු කත්‍වා ගච‍්ඡාමි, අවත්‍ථරිත්‍වා ඨිතකාලෙ ච පන මෙ එතස‍්ස අග‍්ගසාඛා නාභිං ඝට‍්ටෙති, එවාහං ඉමං ගච‍්ඡකාලතො පට‍්ඨාය ජානාමී”ති පුන උභොපි ජනා පුරිමනයෙනෙව මක‍්කටං පුච‍්ඡිංසු. සො ආහ “අහං සම‍්මා මක‍්කටච‍්ඡාපකො සමානො භූමියං නිසීදිත්‍වා ගීවං අනුක‍්ඛිපිත්‍වාව ඉමස‍්ස නිග්‍රොධපොතකස‍්ස අග‍්ගඞ‍්කුරෙ ඛාදාමි, එවාහං ඉමං ඛුද‍්දකකාලතො පට‍්ඨාය ජානාමී”ති. අථ ඉතරෙ උභොපි පුරිමනයෙනෙව තිත‍්තිරං පුච‍්ඡිංසු. සො ආහ “සම‍්මා, පුබ‍්බෙ අසුකස‍්මිං නාම ඨානෙ මහානිග්‍රොධරුක‍්ඛො අහොසි, අහං තස‍්ස ඵලානි ඛාදිත්‍වා ඉමස‍්මිං ඨානෙ වච‍්චං පාතෙසිං, තතො එස රුක‍්ඛො ජාතො, එවාහං ඉමං අජාතකාලතො පට‍්ඨාය ජානාමි, තස‍්මා අහං තුම‍්හෙහි ජාතියා මහල‍්ලකතරො”ති.

පෙර හිමවත පෙදෙස මහා නුග ගසක් ඇසුරුකොට වටුවෙක්, වඳුරෙක්, ඇතෙක්යැ යි යහළුවෝ තිදෙනෙක් විසූහ. ඔවුහු ඔවුනොවුන්ට ගරුසරු නැතිව, කීකරු නැතිව අසමාන ගති පැවතුම් ඇත්තෝ වූහ. ඉක්බිති ඔවුන්ට සිතිවිල්ලක් ඇතිවිය. අප මෙසේ විසීම සුදුසු නො වේ. අප අතුරින් වැඩිමහල්ලා යමකු ද ඔහුට වන්දනාමාන කැරෙමින් වෙසෙන්නෙමු යි. අපගේ වැඩිමහල්ලා කවරෙක්දැ යි සිතා දිනක් ඊට උපායක් ඇතැ යි තිදෙනා ම නුග ගස මුල හිඳ වටුවා ද වඳුරා ද ඇතාගෙන් විමසූහ. ඇත් යහළුව, ඔබ මේ නුග රුක කොපමණ කලක සිට දන්නේ ද? යහළුවෙනි, මා ඇත් පොව් කල මේ නුග පැළය කළවා අතර තබා යමි. මා මේ නුග පැළය යටකොට සිටි කල්හි මෙහි කෙළවර අත්ත නාභියෙහි ගැටෙයි. මෙසේ මම මේ නුග ගස කුඩා පැළය කල සිට දනිමි. නැවත අනෙක් දෙදෙනා වඳුරාගෙන් පෙර ගමන් ම විමසූහ. යහළුවනි, මම වඳුරු පැටියකුව සිටි කාලයෙහි බිම හිඳ ගෙළ දිගු නො කොට ම මේ නුග පැළයේ අග දළුව කමි. මේ අනුව මම මේ ගස පැළය කල සිට ම දනිමි යි කීය. අනතුරු ව ඉතිරි දෙදෙනා පෙර පරිදි ම වටුවාගෙන් ඇසූහ. යහළුවනි, පෙර අසවල් තැන මහත් නුග රුකක් විය. මම එම ගසෙහි ගෙඩි කා මෙතන වසුරු හෙළීමි. මේ නුග ගස එයින් හටගත්තේය. එම නිසා මම මේ ගස පැළවීමට පෙර සිට ම දනිමි. එම නිසා මම ඔබ දෙදෙනාට ම වඩා මහළු වෙමි.

එවං වුත‍්තෙ මක‍්කටො ච හත්‍ථී ච තිත‍්තිරපණ‍්ඩිතං ආහංසු “සම‍්ම, ත්‍වං අම‍්හෙහි මහල‍්ලකතරො, ඉතො පට‍්ඨාය මයං තව සක‍්කාරගරුකාරමානනවන්‍දනපූජනානි චෙව අභිවාදනපච‍්චුට‍්ඨානඅඤ‍්ජලිකම‍්මසාමීචිකම‍්මානි ච කරිස‍්සාම, ඔවාදෙ ච තෙ ඨස‍්සාම, ත්‍වං පන ඉතො පට‍්ඨාය අම‍්හාකං ඔවාදානුසාසනිං දදෙය්‍යාසී”ති. තතො පට‍්ඨාය තිත‍්තිරො තෙසං ඔවාදං අදාසි, සීලෙසු පතිට‍්ඨාපෙසි, සයම‍්පි සීලානි සමාදියි. තෙ තයොපි ජනා පඤ‍්චසු සීලෙසු පතිට‍්ඨාය අඤ‍්ඤමඤ‍්ඤං සගාරවා සප‍්පතිස‍්සා සභාගවුත‍්තිනො හුත්‍වා ජීවිතපරියොසානෙ දෙවලොකපරායණා අහෙසුං. තෙසං තිණ‍්ණං සමාදානං තිත‍්තිරියං බ්‍රහ‍්මචරියං නාම අහොසි.

මෙසේ කී කල්හි වඳුරා සහ ඇතා යහළුව, ඔබ අප දෙදෙනාට වඩා මහළු වෙහි. මෙතැන් පටන් අපි ඔබට ගරු සත්කාර, වන්දනාමාන, ඇඳිළි කම්, ළැදි කම්, උවටැන් කරමු. අපි ඔබගේ අවවාදයෙහි පිහිටමු. එතැන් පටන් වටුවා ඔවුන්ට අවවාද දුන්නේය. සීලයෙහි පිහිටුවීය. තෙමේ ද සීලයෙහි පිහිටියේය. මෙසේ ඒ තිදෙන පන්සිල්හි පිහිටා ඔවුනොවුන්ට ගරු සැලකිලි ඇතිව, සමාන පැවතුම් ඇතිව ආදර සහිත ව දිවි කෙළවර දෙව්ලොව ගියෝ වූහ. මේ තිදෙනාගේ සමගි වාසය “තිත්තිරිය බ්‍රහ්මචරියං” හෙවත් “වටුබඹසර” නම් වීය.

තෙ හි නාම, භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා අඤ‍්ඤමඤ‍්ඤං සගාරවා සප‍්පතිස‍්සා විහරිංසු, තුම‍්හෙ එවං ස‍්වාඛාතෙ ධම‍්මවිනයෙ පබ‍්බජිත්‍වා කස‍්මා අඤ‍්ඤමඤ‍්ඤං අගාරවා අපතිස‍්සා විහරථ. අනුජානාමි, භික‍්ඛවෙ, ඉතො පට‍්ඨාය තුම‍්හාකං යථාවුඩ‍්ඪං අභිවාදනං පච‍්චුට‍්ඨානං අඤ‍්ජලිකම‍්මං සාමීචිකම‍්මං, යථාවුඩ‍්ඪං අග‍්ගාසනං අග‍්ගොදකං අග‍්ගපිණ‍්ඩං, න ඉතො පට‍්ඨාය ච නවකතරෙන වුඩ‍්ඪතරො සෙනාසනෙන පටිබාහිතබ‍්බො, යො පටිබාහෙය්‍ය, ආපත‍්තිදුක‍්කටස‍්සාති එවං සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමං ගාථමාහ –

මහණෙනි, මෙසේ තිරිසන් සත්තු පවා ඔවුනොවුන් ආදර, ගරු සරු සහිත ව කීකරු ව විසූහ. තෙපි වනාහි මනාව දෙසූ සසුනෙහි පැවිදි ව ඔවුනොවුන්ට ගරු සරු නැති ව කීකරු නැති ව කුමක් නිසා වසන්නාහු ද? මහණෙනි, මෙතැන් පටන් මම තොපට වැඩිමහළු පිළිවෙල අනුව වැඳුම් පිදුම්, ඇඳිළි කම් කීම, නිවැරදි මඟ අනුදනිමි. මෙතැන් සිට මහළු පිළිවෙල අනුව මුලසුන, අග්‍රෝදක, අග්‍රපිණ්ඩ අනුගමනය කිරීම කළ යුතුය. නවක භික්‍ෂුව තෙරවරුන් ආසනයෙන් නො වැළැක්විය යුතුය. යම් භික්‍ෂුවක් එසේ වැළැක්වීම කළහොත් දුකුලා ඇවැතක් වේයැ යි, මෙසේ බුදුරදහු ධර්ම දේශනාව ගෙනහැර දක්වා මේ ගාථාව වදාළහ.

“යෙ වුඩ‍්ඪමපචායන‍්ති, නරා ධම‍්මස‍්ස කොවිදා; දිට‍්ඨෙව ධම‍්මෙ පාසංසා, සම‍්පරායෙ ච සුග‍්ගතී”ති.

“යෙ වද්ධමපචායන්ති නරා ධම්මස්ස කොවිදා, දිට්ඨෙව ධම්මෙ පාසංසා සම්පරායෙ ච සුග්ගතීති”

“වැඩිහිටියන් සැලකීම නම් වූ ගුණ ධර්මයෙහි නිපුන වූ යම් කෙනෙක් ගුණ නුවණින් වැඩිහිටියන් පුදහු ද ඔවුහු මෙලොව පැසසිය යුත්තෝ වෙති. පරලොව සුගතිය වෙත්.”

තත්‍ථ යෙ වුඩ‍්ඪමපචායන‍්තීති ජාතිවුඩ‍්ඪො, වයොවුඩ‍්ඪො, ගුණවුඩ‍්ඪොති තයො වුඩ‍්ඪා. තෙසු ජාතිසම‍්පන‍්නො ජාතිවුඩ‍්ඪො නාම, වයෙ ඨිතො වයොවුඩ‍්ඪො නාම , ගුණසම‍්පන‍්නො ගුණවුඩ‍්ඪො නාම. තෙසු ගුණසම‍්පන‍්නො වයොවුඩ‍්ඪො ඉමස‍්මිං ඨානෙ “වුඩ‍්ඪො”ති අධිප‍්පෙතො. අපචායන‍්තීති ජෙට‍්ඨාපචායිකකම‍්මෙන පූජෙන‍්ති. ධම‍්මස‍්ස කොවිදාති ජෙට‍්ඨාපචායනධම‍්මස‍්ස කොවිදා කුසලා. දිට‍්ඨෙව ධම‍්මෙති ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ. පාසංසාති පසංසාරහා. සම‍්පරායෙ ච සුග‍්ගතීති සම‍්පරෙතබ‍්බෙ ඉමං ලොකං හිත්‍වා ගන‍්තබ‍්බෙ පරලොකෙපි තෙසං සුගතියෙව හොතීති. අයං පනෙත්‍ථ පිණ‍්ඩත්‍ථො – භික‍්ඛවෙ, ඛත‍්තියා වා හොන‍්තු බ්‍රාහ‍්මණා වා වෙස‍්සා වා සුද‍්දා වා ගහට‍්ඨා වා පබ‍්බජිතා වා තිරච‍්ඡානගතා වා, යෙ කෙචි සත‍්තා ජෙට‍්ඨාපචිතිකම‍්මෙ ඡෙකා කුසලා ගුණසම‍්පන‍්නානං වයොවුඩ‍්ඪානං අපචිතිං කරොන‍්ති, තෙ ඉමස‍්මිඤ‍්ච අත‍්තභාවෙ ජෙට‍්ඨාපචිතිකාරකාති පසංසං වණ‍්ණනං ථොමනං ලභන‍්ති, කායස‍්ස ච භෙදා සග‍්ගෙ නිබ‍්බත‍්තන‍්තීති.

එහි “යෙ වද්ධමපචායන්ති” උපතින් වැඩිහිටි, වයසින් වැඩිහිටි ගුණයෙන් වැඩිහිටි යි වැඩිහිටියෝ තිදෙනෙකි. එයින් උසස් කුලයෙන් යුක්ත වූයේ ‘ජාතිවෘද්ධ’ නමි. වයසින් වැඩි වූයේ ‘වයෝවෘද්ධ’ නමි. ගුණවත් වූයේ ‘ගුණවෘද්ධ’ නමි. මෙහි දී ගුණයෙන් හා වයසින් ඉදිරියෙන් සිටියාහු වැඩිහිටියෝ යි සලකනු ලැබේ. එහි “අපචායන්ති” කුලදෙටුවන් පිදීමේ කර්මයෙන් පුදත්. “ධම්මස්ස කොවිදා” වැඩිහිටියන්ට සැලකීම නම්වූ ධර්මයෙහි දක්‍ෂයෝ, “දිට්ඨෙව ධම්මෙ” මෙම අත්බවෙහි ම ප්‍රශංසා - පැසසීමට සුදුසු, “පාසංසා සම්පරායෙ ච සුග්ගතීති” මතු යා යුතු හෙවත් මෙලොව හැර යා යුතු පරලොව ඔවුන්ට සුගතිය ම වෙයි. මෙහි පිඬුකොට ගතයුතු අරුතයි. රජ, බඹහු, වෙළඳ, ගොවි හෝ ගිහි පැවිදි හෝ තිරිසන් හෝ යම් සත්ත්වයෝ කුලදෙටුවන් පිදීමෙහි දක්‍ෂ වූවෝ ද ගුණවතුන්ට හා වයසින් වැඩිහිටියන්ට බුහුමන් කරත් ද ඔවුහු මේ අත්බැව්හි ම වැඩිහිටියන් පුදන්නෙකැ යි වැඳුම් පැසසුම් ලබති. මරණින් පසු දෙව්ලොව උපදිත්.

එවං සත්‍ථා ජෙට‍්ඨාපචිතිකම‍්මස‍්ස ගුණං කථෙත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා හත්‍ථිනාගො මොග‍්ගල‍්ලානො අහොසි, මක‍්කටො සාරිපුත‍්තො, තිත‍්තිරපණ‍්ඩිතො පන අහමෙව අහොසි”න‍්ති.

මෙසේ බුදුරජහු දෙටුවන් පිදීමේ ගුණ වදාරා අනුසන්ධි ගළපා ජාතකය නිම වූ සේක. එදා ඇතා මුගලන් ය. වඳුරා සැරියුත් ය. වටු පඬුවෝ මම ම වීමි.

තිත‍්තිරජාතකවණ‍්ණනා සත‍්තමා.