6. සකුණජාතකවණ්ණනා 36 අට්ඨකථා
6. සකුණජාතකවණ්ණනා (36)
6. සකුණ ජාතකය (36)
යං නිස්සිතාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො දඩ්ඪපණ්ණසාලං භික්ඛුං ආරබ්භ කථෙසි. එකො කිර භික්ඛු සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා ජෙතවනතො නික්ඛම්ම කොසලෙසු එකං පච්චන්තගාමං නිස්සාය එකස්මිං අරඤ්ඤසෙනාසනෙ වසති. අථස්ස පඨමමාසෙයෙව පණ්ණසාලා ඩය්හිත්ථ. සො “පණ්ණසාලා මෙ දඩ්ඪා, දුක්ඛං වසාමී”ති මනුස්සානං ආචික්ඛි. මනුස්සා “ඉදානි නො ඛෙත්තං පරිසුක්ඛං, කෙදාරෙ පායෙත්‍වා කරිස්සාම”, තස්මිං පායිතෙ “බීජං වපිත්වා”, බීජෙ වුත්තෙ “වතිං කත්වා”, වතියා කතාය “නිද්දායිත්වා, ලායිත්වා, මද්දිත්වා”ති එවං තං තං කම්මං අපදිසන්තායෙව තෙමාසං වීතිනාමෙසුං. සො භික්ඛු තෙමාසං අජ්ඣොකාසෙ දුක්ඛං වසන්තො කම්මට්ඨානං වඩ්ඪෙත්වා විසෙසං නිබ්බත්තෙතුං නාසක්ඛි. පවාරෙත්වා පන සත්ථු සන්තිකං ගන්ත්වා වන්දිත්වා එකමන්තං නිසීදි. සත්ථා තෙන සද්ධිං පටිසන්ථාරං කත්වා “කිං භික්ඛු සුඛෙන වස්සංවුත්ථොසි, කම්මට්ඨානං තෙ මත්ථකං පත්ත”න්ති පුච්ඡි. සො තං පවත්තිං ආචික්ඛිත්වා “සෙනාසනසප්පායස්ස මෙ අභාවෙන කම්මට්ඨානං මත්ථකං න පත්ත”න්ති ආහ. සත්ථා “පුබ්බෙ භික්ඛු තිරච්ඡානගතාපි අත්තනො සප්පායාසප්පායං ජානිංසු, ත්වං කස්මා න අඤ්ඤාසී”ති වත්වා අතීතං ආහරි.
“යං නිස්සිතා” යන මේ දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වසන්නාහු, දැවීගිය පන්සලක් ඇති භික්ෂුවක් අරබයා දෙසූහ. එක් භික්ෂුවක් බුදුරදුන් හමුවෙහි කමටහන් ලබාගෙන දෙව්රමින් නික්ම කොසොල් දනව්වෙහි පසල් ගමක් ඇසුරුකොට වන වෙසෙයි. ඔහු වස් විසූ පළමු මසයෙහි ම පන්සල දැවී ගියේය. ඔහු මාගේ පන්සල දැවී ගියේය. දැන් දුක සේ වේයැ යි මිනිසුන්ට කීය. මිනිස්සු, දැන් අපගේ කුඹුරු වියලී ඇත. කුඹුරුවලට වතුර බැඳ කරන්නෙමු යි කීහ. වතුර බැඳි කල්හි බීජ වී පැළ වූ කල්හි වැටක් බැඳ කරමු යි ද ඉන්පසු ධාන්‍යය වැට බැඳි කල්හි කපා පාගා කරමු යි මෙසේ එක එක කාර්යය පෙන්වමින් තුන් මස ම ගත කළහ. ඒ භික්ෂුව ද තුන් මස ම එළිමහනෙහි දුක සේ වෙසෙන්නේ, කමටහන වඩා ගුණ විශේෂයක් ඉපදවීමට නො හැකි විය. වස් පවාරණය කොට භික්ෂුව, බුදුරදුන් වෙත ගොස් වැඳ එකත් පසෙක හුන්නේය. බුදුරජහු ඔහු සමග පිළිසඳර කථාකොට මහණ, වස් කාලය සුව සේ විසුවෙහි ද? ඔබගේ කමටහන සඵල වූවෙහි දැ යි විමසූහ. මස්තකප්රාප්ත නො විණියැ යි කීය. මහණ, පෙර තිරිසන් සත්තු පවා සුදුසු නුසුදුසු කම් දැන සිටියහ යි සිතා කුමක් හෙයින් නො දත්තෙහි දැ යි කියා වදාරා ඉකුත් වත දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො සකුණයොනියං නිබ්බත්තිත්වා සකුණසඞ්ඝපරිවුතො අරඤ්ඤායතනෙ සාඛාවිටපසම්පන්නං මහාරුක්ඛං නිස්සාය වසති. අථෙකදිවසං තස්ස රුක්ඛස්ස සාඛාසු අඤ්ඤමඤ්ඤං ඝංසන්තීසු චුණ්ණං පතති, ධූමො උට්ඨාති. තං දිස්වා බොධිසත්තො චින්තෙසි “ඉමා ද්වෙ සාඛා එවං ඝංසමානා අග්ගිං විස්සජ්ජෙස්සන්ති, සො පතිත්වා පුරාණපණ්ණානි ගණ්හිස්සති, තතො පට්ඨාය ඉමම්පි රුක්ඛං ඣාපෙස්සති, න සක්කා ඉධ අම්හෙහි වසිතුං, ඉතො පලායිත්වා අඤ්ඤත්ථ ගන්තුං වට්ටතී”ති. සො සකුණසඞ්ඝස්ස ඉමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි බෝසත්හු කුරුළු යෝනියෙහි ඉපිද කුරුළු සමූහයා පිරිවරා මහා වනයෙහි අතුරිකිළි කොළ ගහණ මහා ගසක් ඇසුරුකොට වසති. ඉක්බිති එක් දවසක් ඒ රුකෙහි අතු දෙකක් එකිනෙක ගැටෙන කල්හි දුම් නගී. මේ දැක බෝසත්හු සිතූහ. මෙසේ මේ අතු දෙක ගැටෙත් ම ගිනි පිට වන්නේය. ඒ ගින්න වැටී වියලි කොළ ඇවිලී ගිනි ගනී. එතැන් පටන් ගස ම දැවෙන්නේය. අපට මෙහි විසිය නො හැකිය. මෙතැනින් අන් තැනකට පලා යා යුතු වන්නේය. ඉක්බිති, බෝසත්හු කුරුළු සමූහයා අමතා මේ ගාථාව කීහ.
“යං නිස්සිතා ජගතිරුහං විහඞ්ගමා, ස්වායං අග්ගිං පමුඤ්චති; දිසා භජථ වක්කඞ්ගා, ජාතං සරණතො භය”න්ති.
“යං තිස්සිතා ජගතිරුහං විහඞ්ගමා ස්වායං අග්ගිං පමුඤ්චති, දිසා භජථ වක්කඞ්ගා ජාතං සරණතො භයන්ති”
“කුරුල්ලන් යම් ගසක් ඇසුරුකොට විසුවාහු ද එය ම ගිනි විහිදුවයි. කුරුල්ලන් ඒ ඒ දිසාවට පලා යහු. අපට පිහිට වූ ස්ථානයෙන් ම බිය හටගැනිණි.”
තත්ථ ජගතිරුහන්ති ජගති වුච්චති පථවී, තත්ථ ජාතත්තා රුක්ඛො “ජගතිරුහො”ති වුච්චති. විහඞ්ගමාති විහං වුච්චති ආකාසං, තත්ථ ගමනතො පක්ඛී “විහඞ්ගමා”ති වුච්චන්ති. දිසා භජථාති ඉමං රුක්ඛං මුඤ්චිත්වා ඉතො පලායන්තා චතස්සො දිසා භජථ. වක්කඞ්ගාති සකුණෙ ආලපති. තෙ හි උත්තමඞ්ගං ගලං කදාචි කදාචි වඞ්කං කරොන්ති, තස්මා “වක්කඞ්ගා”ති වුච්චන්ති. වඞ්කා වා තෙසං උභොසු පස්සෙසු පක්ඛා ජාතාති වක්කඞ්ගා. ජාතං සරණතො භයන්ති අම්හාකං අවස්සයරුක්ඛතොයෙව භයං නිබ්බත්තං, එථ අඤ්ඤත්ථ ගච්ඡාමාති.
එහි “ජගතිරුහං” ජගති නම් පොළොවයි. එහි හටගත් බැවින් ගස ද “ජගතිරුහං” යි කියනු ලැබේ. “විහඞ්ගමා” හි “විහ” යනු අහසයි. එහි ගමන් කරන කුරුල්ලා “විහඞ්ගමා” යි කියනු ලැබේ. “දිසා භජථ” මේ ගස හැර මෙයින් පලා යාම සඳහා සිව්දිසා ඇසුරු කරවු. “වක්කඞ්ගා” යි කුරුල්ලන් අමතයි. ඔවුහු හිස සහ ගෙල අවශ්‍ය විට ඒ මේ අතට ඇද කරති. එම නිසා “වක්කඞ්ගා” යි කියති. ඔවුන්ගේ දෙපසෙහි පියාපත් ඇති බැවින් ද මෙනම් වේ. “ජාතං සරණතො භයන්ති” අපට පිහිට වූ ගසෙන් ම බිය හට ගැනිණි. එවු. වෙන තැනකට යමු.
බොධිසත්තස්ස වචනකරා පණ්ඩිතසකුණා තෙන සද්ධිං එකප්පහාරෙනෙව උප්පතිත්වා අඤ්ඤත්ථ ගතා. යෙ පන අපණ්ඩිතා, තෙ “එවමෙව එස බින්දුමත්තෙ උදකෙ කුම්භීලෙ පස්සතී”ති තස්ස වචනං අග්ගහෙත්වා තත්ථෙව වසිංසු. තතො න චිරස්සෙව බොධිසත්තෙන චින්තිතාකාරෙනෙව අග්ගි නිබ්බත්තිත්වා තං රුක්ඛං අග්ගහෙසි. ධූමෙසු ච ජාලාසු ච උට්ඨිතාසු ධූමන්ධා සකුණා අඤ්ඤත්ථ ගන්තුං නාසක්ඛිංසු, අග්ගිම්හි පතිත්වා පතිත්වා විනාසං පාපුණිංසු.
බෝසතුන්ගේ කීකරු නුවණැති කුරුල්ලෝ ඔහු සමග ම එකවර ම ඉගිලී අන් තැනකට ගියහ. එහි සිටි අනුවණ කුරුල්ලෝ මොහු දිය බිඳෙහිත් කිඹුලන් දකිතැ යි බෝසත් වදනය නො පිළිගෙන එහි ම විසූහ. නොබෝ දිනකින් බෝසත් සිතූ අයුරින් ම ගිනි හටගෙන ඒ ගස දැවිණි. දුම් හා ගිනිදැල් නැඟි කල්හි දුමින් අන්ධ වූ කුරුල්ලෝ අන් තැනකට පලා යාමට අසමත් වූහ. ගින්නට වැටී විනාශ වූහ.
සත්ථා “එවං භික්ඛු පුබ්බෙ තිරච්ඡානගතාපි රුක්‍ඛග්ගෙ වසන්තා අත්තනො සප්පායාසප්පායං ජානන්ති, ත්වං කස්මා න අඤ්ඤාසී”ති ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙසි. සච්චපරියොසානෙ සො භික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨිතො. සත්ථාපි අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා බොධිසත්තස්ස වචනකරා සකුණා බුද්ධපරිසා අහෙසුං, පණ්ඩිතසකුණො පන අහමෙව අහොසි”න්ති.
මහණ, පෙර තිරිසන්නු පවා ගස් මුදුන්වල වසන්නාහු, තමාට සුදුසු නුසුදුසු තැන් දනිති. ඔබ කුමක් නිසා නො දත්තෙහි ද? බුදුරජහු මේ පුවත ගෙනහැර දක්වා සිව්සස් දෙසූහ. සිව්සස් කෙළවර ඒ භික්ෂුව සෝවාන් පෙලෙහි පිහිටියේය. බුදු රජහු පූර්වාපර සන්ධි ගළපා ජාතකය නිමා කළහ. කුරුල්ලෝ මේ බුදුපිරිස වූහ. නුවණැති කුරුල්ලා මම ම වීමි.
සකුණජාතකවණ්ණනා ඡට්ඨා.