5. වට්ටකජාතකවණ්ණනා 35 අට්ඨකථා
5. වට්ටකජාතකවණ්ණනා (35)
5. වට්ටක ජාතකය (35)
සන්ති පක්ඛා අපතනාති ඉදං සත්ථා මගධෙසු චාරිකං චරමානො දාවග්ගිනිබ්බානං ආරබ්භ කථෙසි. එකස්මිඤ්හි සමයෙ සත්ථා මගධෙසු චාරිකං චරමානො අඤ්ඤතරස්මිං මගධගාමකෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො භික්ඛුගණපරිවුතො මග්ගං පටිපජ්ජි. තස්මිං සමයෙ මහාඩාහො උට්ඨහි, පුරතො ච පච්ඡතො ච බහූ භික්ඛූ දිස්සන්ති, සොපි ඛො අග්ගි එකධූමො එකජාලො හුත්වා අවත්ථරමානො ආගච්ඡතෙව. තත්ථෙකෙ පුථුජ්ජනභික්ඛූ මරණභයභීතා “පටග්ගිං දස්සාම, තෙන දඩ්ඪට්ඨානං ඉතරො අග්ගි න ඔත්ථරිස්සතී”ති අරණිසහිතං නීහරිත්වා අග්ගිං කරොන්ති. අපරෙ ආහංසු “ආවුසො, තුම්හෙ කිං නාම කරොථ, ගගනමජ්ඣෙ ඨිතං චන්දමණ්ඩලං, පාචීනලොකධාතුතො උග්ගච්ඡන්තං සහස්සරංසිපටිමණ්ඩිතං සූරියමණ්ඩලං, වෙලාය තීරෙ ඨිතා සමුද්දං, සිනෙරුං නිස්සාය ඨිතා සිනෙරුං අපස්සන්තා විය සදෙවකෙ ලොකෙ අග්ගපුග්ගලං අත්තනා සද්ධිං ගච්ඡන්තමෙව සම්මාසම්බුද්ධං අනොලොකෙත්වා ‘පටග්ගිං දෙමා’ති වදථ, බුද්ධබලං නාම න ජානාථ, එථ සත්ථු සන්තිකං ගමිස්සාමා”ති. තෙ පුරතො ච පච්ඡතො ච ගච්ඡන්තා සබ්බෙපි එකතො හුත්වා දසබලස්ස සන්තිකං අගමංසු. සත්ථා මහාභික්ඛුසඞ්ඝපරිවාරො අඤ්ඤතරස්මිං පදෙසෙ අට්ඨාසි. දාවග්ගි අභිභවන්තො විය විරවන්තො ආගච්ඡති. ආගන්ත්වා තථාගතස්ස ඨිතට්ඨානං පත්වා තස්ස පදෙසස්ස සමන්තා සොළසකරීසමත්තට්ඨානං පත්තො උදකෙ ඔපිලාපිතතිණුක්කා විය නිබ්බායි, විනිබ්බෙධතො ද්වත්තිංසකරීසමත්තට්ඨානං අවත්ථරිතුං නාසක්ඛි.
“සන්ති පක්ඛා” යන මේ දේශනාව බුදු රදුන් මගධ ජනපදයෙහි සැරිසරන සේක්, ලැව් ගිනි නිවීමක් අරබයා දෙසූහ. එක් කලෙක බුදුරදහු මගධ ජනපදයෙහි සැරිසරමින් එක් කුඩා ගමක පිඬු පිණිස හැසිර බතින් පසු සඟ ගණ පිරිවරා මඟට පිළිපන්හ. එකල්හි මහත් ලැව් ගින්නක් හට ගැනිණි. ඉදිරියෙන් පසුපසින් බොහෝ භික්ෂූහු වූහ. ගින්න ද දුම් කඳකින් යුතුව එක ම ජාලාවක් වී පැතිරෙමින් එන්නේය. එහි සිටි සමහර පුහුදුන් භික්ෂූහු මරණ බියෙන් බියපත් ව ගින්න නැවැත්වීම සඳහා විරුද්ධ ගිනි දෙමු යි ඉන් දැවුනු තැන වෙනත් ගින්නක් ඇති නො වේයැ යි ගිනි ගල ගෙන ගිනි දල්වති. සමහර භික්ෂූහු මෙසේ ඇසූහ. ඇවැත්නි, ඔබලා කුමක් කරන්නහු ද? අහස මැද සිටි චන්ද්‍රයා ද උදාගිරෙන් නැඟ එන දහසක් රැස් මඬලින් යුත් හිරු ද මුහුදු වෙරළ අසබඩ සිටියාහු මහ මුහුද ද මහමෙර ළඟ සිටියාහු මහ මෙර පව්ව ද නො දක්නවුන් මෙන් දෙවියන් සහිත ලෝකයෙහි අග පුඟුල් වූ බුදුරදුන් තමා සමග යන්නා වූ සම්මා සම්බුදුන් තෙවලා විරුදු ගිනි දෙමැ යි කියාවු ද? බුදු බල නො දන්නහු ද? එන්න. බුදුරදුන් වෙත යමු. ඉදිරියෙන් යන්නාහු ද පසු පසින් යන්නාහු ද සියල්ලෝ එක්ව බුදුරදුන් වෙත ගියහ. බුදුරදහු මහ සඟන පිරිවරා එක් පෙදෙසක වැඩ සිටියහ. ලැව් ගින්න අභිබවන්නාක් මෙන් හඬ නංවමින් එයි. එසේ බුදු රජුන් වැඩ සිටි තැනට අවුත් දියෙහි පා කරන ලද තණ හුලක් මෙන් නිවී ගියේය. සොළොස් ගිනි නිවුණු තැන සිට දෙතිස් කිරියක් පමණ තැන ඇවිලීමට නො හැක්කේ දියෙහි වූ තණ හුලක් මෙන් නිවීයයි.
භික්ඛූ සත්ථු ගුණකථං ආරභිංසු – “අහො බුද්ධානං ගුණා නාම, අයඤ්හි නාම අචෙතනො අග්ගි බුද්ධානං ඨිතට්ඨානං අවත්ථරිතුං න සක්කොති, උදකෙ තිණුක්කා විය නිබ්බායති, අහො බුද්ධානං ආනුභාවො නාමා”ති. සත්ථා තෙසං කථං සුත්වා “න, භික්ඛවෙ, එතං එතරහි මය්හං බලං, යං ඉමං භූමිප්පදෙසං පත්වා එස අග්ගි නිබ්බායති. ඉදං පන මය්හං පොරාණකසච්චබලං. ඉමස්මිඤ්හි පදෙසෙ සකලම්පි ඉමං කප්පං අග්ගි න ජලිස්සති, කප්පට්ඨියපාටිහාරියං නාමෙත”න්ති ආහ. අථායස්මා ආනන්දො සත්ථු නිසීදනත්ථාය චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤපෙසි, නිසීදි සත්ථා පල්ලඞ්කං ආභුජිත්වා. භික්ඛුසඞ්ඝොපි තථාගතං වන්දිත්වා පරිවාරෙත්වා නිසීදි. අථ සත්ථා “ඉදං තාව, භන්තෙ, අම්හාකං පාකටං, අතීතං පටිච්ඡන්නං, තං නො පාකටං කරොථා”ති භික්ඛූහි ආයාචිතො අතීතං ආහරි.
භික්ෂූහු, අහෝ බුදු රජුන්ගේ ගුණ මහිමය. බුදු රජහු ඔවුන්ගේ කථාව අසා මහණෙනි, මේ මගේ අන් බලයක් නො වෙයි. මේ පෙදෙසට ම අවුත් ඒ ගින්න නිවෙයි. මේ මාගේ පැරණි සත්‍යය බලයකි. මෙම පෙදෙසෙහි මේ කප පවතින තුරු ගිනි නො ඇවිලෙන්නේය. මේ කපක් පවතින පෙළහරකි. ඉක්බිතිදු ආනන්ද තෙරණුවෝ බුදුරදුන්ට වැඩ සිටීම සඳහා දෙපර සිවුර සිව් ගුණකොට පැනවූහ. බුදුරදහු පළඟ බැඳ වැඩ සිටියහ. මහසඟන ද බුදුරජුන් වැඳ පිරිවරා වැඩ සිටියහ. ස්වාමීනි, දැන් මේ අපට ප්රකටය අතීතය වනාහි වැසී තිබේ. ඒ අපට ප්‍රකට කරනු මැනවැ යි භික්ෂූන් විසින් අයදන ලද බුදුරජහු අතීත පුවත ගෙන හැර දැක්වූහ.
අතීතෙ මගධරට්ඨෙ තස්මිංයෙව පදෙසෙ බොධිසත්තො වට්ටකයොනියං පටිසන්ධිං ගහෙත්වා මාතුකුච්ඡිතො ජාතො අණ්ඩකොසං පදාලෙත්වා නික්ඛන්තකාලෙ මහාගෙණ්ඩුකප්පමාණො වට්ටකපොතකො අහොසි. අථ නං මාතාපිතරො කුලාවකෙ නිපජ්ජාපෙත්වා මුඛතුණ්ඩකෙන ගොචරං ආහරිත්වා පොසෙන්ති. තස්ස පක්ඛෙ පසාරෙත්වා ආකාසෙ ගමනබලං වා පාදෙ උක්ඛිපිත්වා ථලෙ ගමනබලං වා නත්ථි. තඤ්ච පදෙසං සංවච්ඡරෙ සංවච්ඡරෙ දාවග්ගි ගණ්හාති, සො තස්මිම්පි සමයෙ මහාරවං රවන්තො තං පදෙසං ගණ්හි, සකුණසඞ්ඝා අත්තනො අත්තනො කුලාවකෙහි නික්ඛමිත්වා මරණභයභීතා විරවන්තා පලායන්ති, බොධිසත්තස්සපි මාතාපිතරො මරණභයභීතා බොධිසත්තං ඡඩ්ඩෙත්වා පලායිංසු. බොධිසත්තො කුලාවකෙ නිපන්නකොව ගීවං උක්ඛිපිත්වා අවත්ථරිත්වා ආගච්ඡන්තං අග්ගිං දිස්වා චින්තෙසි “සචෙ මය්හං පක්ඛෙ පසාරෙත්වා ආකාසෙන ගමනබලං භවෙය්ය, උප්පතිත්වා අඤ්ඤත්ථ ගච්ඡෙය්යං. සචෙ පාදෙ උක්ඛිපිත්වා ගමනබලං භවෙය්ය, පදවාරෙන අඤ්ඤත්ථ ගච්ඡෙය්යං. මාතාපිතරොපි ඛො මෙ මරණභයභීතා මං එකකං පහාය අත්තානං පරිත්තායන්තා පලාතා. ඉදානි මෙ අඤ්ඤං පටිසරණං නත්ථි, අතාණොම්හි අසරණො, කිං නු ඛො අජ්ජ මයා කාතුං වට්ටතී”ති.
පෙර මගධ රට එම ප්‍රදේශයෙහි ම මහබෝසත්හු වටු යෝනියෙහි පිළිසිඳගෙන බිජුවට පලා නික්මෙන්නාහු, මහ පන්දුවක් පමණ වටු පොව්වෙක් වූයේය. ඉක්බිති, මව්පියෝ ඔහු කැදැල්ලෙහි හොවා මුව තුඩින් ගොදුරු ගෙනවුත් දී පෝෂණය කරත්. ඔහුට පියා දිග හැර අහසින් ගමන හෝ පා ඔසවා ගොඩබිමින් ගමන් කිරීමේ ශක්තියක් හෝ නැත. එම පෙදෙසේ ද වසරක් වසරක් පාසා ලැව් ගිනි හට ගනී. මෙවර ද ලැව් ගින්න මහ හඬ නංවමින් එම පෙදෙසෙහි හට ගත්තේය. පක්ෂී සමූහයා තම තමන්ගේ කැදලිවලින් නික්ම මරණ බයින් බියපත් ව හඬමින් පලායත්. බෝසතුන්ගේ මව්පියෝ ද මරණයෙන් බියපත් වූයෝ බෝසතුන් දමා පලාගියහ. බෝසත්හු කැදැල්ලෙහි වැතිර සිටියෝ ම, ගෙල දිගුකොට බලන්නාහු, යටකැරගෙන එන ගින්න දැක සිතූහ. ඉදින්, මට පියා හඹා අහසින් වෙන තැනකට යාමේ බලය වේ නම්, උඩට පැන වෙන තැනකට යන්නෙමි. ඉදින්, පා ඔසවා පියවරෙන් යාමේ බලය ඇත්තේ නම් වෙනත් තැනකට යමි. මගේ මව්පියෝ ද මරණ බයින් බියපත් ව මා හුදකලාව අතහැර තමන්ගේ ආරක්ෂාව සඳහා පලාගියහ. දැන් මට වෙනත් පිළිසරණක් නැත. ආරක්ෂාව නැත්තෙක් වෙමි. අසරණ වෙමි. මා අද කුමක් කළ යුතු ද?
අථස්ස එතදහොසි “ඉමස්මිං ලොකෙ සීලගුණො නාම අත්ථි, සච්චගුණො නාම අත්ථි, අතීතෙ පාරමියො පූරෙත්වා බොධිමූලෙ නිසීදිත්වා අභිසම්බුද්ධා සීලසමාධිපඤ්ඤාවිමුත්තිවිමුත්තිඤාණදස්සනසම්පන්නා සච්චානුද්දයකාරුඤ්ඤඛන්තිසමන්නාගතා සබ්බසත්තෙසු සමප්පවත්තමෙත්තාභාවනා සබ්බඤ්ඤුබුද්ධා නාම අත්ථි, තෙහි ච පටිවිද්ධා ධම්මගුණා නාම අත්ථි, මයි චාපි එකං සච්චං අත්ථි, සංවිජ්ජමානො එකො සභාවධම්මො පඤ්ඤායති, තස්මා අතීතෙ බුද්ධෙ චෙව තෙහි පටිවිද්ධගුණෙ ච ආවජ්ජෙත්වා මයි විජ්ජමානං සච්චසභාවධම්මං ගහෙත්වා සච්චකිරියං කත්වා අග්ගිං පටික්කමාපෙත්වා අජ්ජ මයා අත්තනො චෙව සෙසසකුණානඤ්ච සොත්ථිභාවං කාතුං වට්ටතී”ති. තෙන වුත්තං –
ඉක්බිති, බෝසතුන්ට මෙසේ සිතිණි. මේ ලෝකයෙහි සීල ගුණය ඇත. සත්‍යය ගුණය ද ඇත. අතීතයෙහි පෙරුම් දම් පුරා බෝමැඩ වැඩහිඳ සම්බුදු වූ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දස්සන යනාදියෙන් හෙබි සත්‍යය, කරුණා, ක්ෂාන්ති ගුණයෙන් සපිරි සියලු සතුන් කෙරෙහි සමව පැවැති මෛත්‍රී භාවනා ඇති සියල්ල දත් බුදුවරුන් ද ලොව ඇත. ඔවුන් විසින් අවබෝධ කරන ලද දහම් ගුණ ද ඇත. ඒ කෙරෙහි ද එක ම සත්‍යය ගුණය ද ඇත. කැපී පෙනෙන එක් ස්වභාව ධර්මයක් පෙනේ. එම නිසා අතීත බුදුරදුන් ද උන්වහන්සේලා විසින් අවබෝධ කරන ලද ගුණ ද සිහිකොට මා කෙරෙහි විද්‍යාමාන වන සත්‍යය ස්වභාව ධර්මය ද ගෙන සත්‍යය ක්‍රියාකොට ලැව් ගින්න පසුබාවා අද මා තමාට සෙසු පක්ෂීන්ට ද සෙත සැලසීම කළ යුතුයි. එහෙයින් කියන ලදි.
“අත්ථි ලොකෙ සීලගුණො, සච්චං සොචෙය්යනුද්දයා; තෙන සච්චෙන කාහාමි, සච්චකිරියමනුත්තරං.
“අත්ථී ලොකෙ සීලගුණො සච්චං සොචෙය්යනුද්දයා, තෙන සච්චෙන කාහාමි සච්චකිරියමනුත්තමං
“ආවජ්ජෙත්වා ධම්මබලං, සරිත්වා පුබ්බකෙ ජිනෙ; සච්චබලමවස්සාය, සච්චකිරියමකාසහ”න්ති. (චරියා· 3.79-80);
ආවජ්ජිත්වා ධම්මබලං සරිත්වා පුබ්බකෙ ජිනෙ, සච්චබලමපස්සාය සච්චකිරියංඅකාසහන්ති”
“ලොව සීල ගුණය ඇත. සත්‍යය වචනය, චිත්ත පාරිශුද්ධිය, අනුකම්පාව යන ගුණධර්ම ද ඇත. මේ සත්‍යයෙන් උසස් සත්‍යය ක්‍රියාව කරමි.”
ධර්ම ශක්තිය සිහකොට පෙර බුදුවරුන්ගේ ගුණ සමරා ධර්ම බලයෙහි පිහිටා මම සත්‍යය ක්‍රියා කළෙමි.
අථ බොධිසත්තො අතීතෙ පරිනිබ්බුතානං බුද්ධානං ගුණෙ ආවජ්ජෙත්වා අත්තනි විජ්ජමානං සච්චසභාවං ආරබ්භ සච්චකිරියං කරොන්තො ඉමං ගාථමාහ –
ඉක්බිති, බෝසත්හු පෙර පිරිනිව් බුදුවරුන්ගේ ගුණ සිහිකොට තමා තුළ දක්නට ඇති සත්‍යය ස්වභාවය අරබයා සත්‍යය ක්‍රියා කරන සේක්, මේ ගාථාව කීහ.
“සන්ති පක්ඛා අපතනා, සන්ති පාදා අවඤ්චනා; මාතාපිතා ච නික්ඛන්තා, ජාතවෙද පටික්කමා”ති.
“සන්ති පක්ඛා අපතනා සන්ති පාදා අවඤ්චනා, මාතා පිතා ච නික්ඛන්තා ජාතවෙද පටික්කමති”
“නො සැලිය හැකි පියාපත් මට ඇත. අවසඟ පාදයෝ මට ඇත්තාහ. මව්පියෝ ද නික්ම ගියහ. එම්බා ගින්න, ආපසු හැරෙනු.”
තත්ථ සන්ති පක්ඛා අපතනාති මය්හං පක්ඛා නාම අත්ථි උපලබ්භන්ති, නො ච ඛො සක්කා එතෙහි උප්පතිතුං ආකාසෙන ගන්තුන්ති අපතනා. සන්ති පාදා අවඤ්චනාති පාදාපි මෙ අත්ථි, තෙහි පන වඤ්චිතුං පදවාරගමනෙන ගන්තුං න සක්කාති අවඤ්චනා. මාතාපිතා ච නික්ඛන්තාති යෙ ච මං අඤ්ඤත්ථ නෙය්යුං, තෙපි මරණභයෙන මාතාපිතරො නික්ඛන්තා. ජාතවෙදාති අග්ගිං ආලපති. සො හි ජාතොව වෙදයති පඤ්ඤායති, තස්මා “ජාතවෙදො”ති වුච්චති. පටික්කමාති පටිගච්ඡ නිවත්තාති ජාතවෙදං ආණාපෙති.
එහි “සන්ති පක්ඛා අපතනා” මට පියාපත් ඇත. එහෙත් එයින් ඉගිලී අහසින් යා නො හැකිය. එම නිසා “අපතනා” වේ. “සන්ති පාදා අවඤ්චනා” මට පා ඇත. එහෙත් එයින් පියවර තබා ගමන් කළ නොහැකිය. එම නිසා “අවඤ්චනා” නමි. “මාතා පිතා ච නික්ඛන්ති” මා අන් තැනකට ගෙන යා හැකි මවුපියෝ ද මරණ බයින් නික්ම ගියාහුය. “ජාතවේද” ගින්නට අමතයි. ගින්න වනාහි උපන් කල්හි පෙනෙන බැවින් “ජාතවේද” කියයි. “පටික්කම” නවතිනු. ආපසු හැරෙනු යි ගින්නට අණ කරයි.
ඉති මහාසත්තො “සචෙ මය්හං පක්ඛානං අත්ථිභාවො, තෙ ච පසාරෙත්වා ආකාසෙ අපතනභාවො, පාදානං අත්ථිභාවො, තෙ ච උක්ඛිපිත්වා අවඤ්චනභාවො, මාතාපිතූනං මං කුලාවකෙයෙව ඡඩ්ඩෙත්වා පලාතභාවො ච සච්චො සභාවභූතොයෙව, ජාතවෙද, එතෙන සච්චෙන ත්වං ඉතො පටික්කමා”ති කුලාවකෙ නිපන්නකොව සච්චකිරියං අකාසි. තස්ස සහ සච්චකිරියාය සොළසකරීසමත්තෙ ඨානෙ ජාතවෙදො පටික්කමි. පටික්කමන්තො ච න ඣායමානොව අඤ්ඤං ගතො, උදකෙ පන ඔපිලාපිතා උක්කා විය තත්ථෙව නිබ්බායි. තෙන වුත්තං –
මෙසේ බෝසත්හු ඉදින් මට පියාපත් ඇති බවද ඒවා විදහා අහසින් ගමන් කළ නො හැකි බව ද සත්‍යයකි. එ සේ ම පාද ඇති බව ද එහෙත් පිය ඔසවා යා නො හැකි බව ද මවුපියන් කැදැල්ලෙහි මා තනිකොට ගිය බව ද සත්‍යයකි. එම්බා ගින්න, මේ සත්‍යය බලයෙන් ඉවත්වන්නැ යි කැදැල්ලෙහි හොත්තේ ම සත්‍යය ක්‍රියා කළහ. බෝසතුන්ගේ සත්‍යය ක්‍රියාව සමග ම සොළොස් කිරියක් පමණ පෙදෙසෙහි ගින්න නිවිණි. ආපසු යන්නේ නො වරදවා ම වනයට ගිය ජලය පා කැර හරින ලද තණ සුලක් මෙන් එහි ම නිවිණ.
“සහ සච්චෙ කතෙ මය්හං, මහාපජ්ජලිතො සිඛී; වජ්ජෙසි සොළස කරීසානි, උදකං පත්වා යථා සිඛී”ති. (චරියා· 3.82);
“සහසච්චකතෙ මය්හං මහා පජ්ජලිතො සිඛී, වජ්ජෙසි සොළසකරීසානි උදකං පත්වා යථා සිඛී”
“මා සත්‍යය ක්‍රියා කළ කල්හි ජලයට පැමිණි ගිනි මෙන් සොළොස් කිරියක් පමණ තැන ගිනි නිවී ගියේය.”
තං පන ඨානං සකලෙපි ඉමස්මිං කප්පෙ අග්ගිනා අනභිභවනීයත්තා කප්පට්ඨියපාටිහාරියං නාම ජාතං. එවං බොධිසත්තො සච්චකිරියං කත්වා ජීවිතපරියොසානෙ යථාකම්මං ගතො.
මේ බිම් පෙදෙස මේ කල්පය මුළුල්ලෙහි ගින්නෙන් නො මැඬිය හැකි බැවින් කල්පයක් පවත්නා පෙළහර නම් විය. මෙසේ බෝසත්හු සත්‍යය ක්‍රියාකොට දිවි කෙළවර කම් වූ පරිදි මිය ගියේය.
සත්ථා “න, භික්ඛවෙ, ඉමස්ස වනස්ස අග්ගිනා අනජ්ඣොත්ථරණං එතරහි මය්හං බලං, පොරාණං පනෙතං වට්ටපොතකකාලෙ මය්හමෙව සච්චබල”න්ති ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙසි. සච්චපරියොසානෙ කෙචි සොතාපන්නා අහෙසුං, කෙචි සකදාගාමිනො, කෙචි අනාගාමිනො, කෙචි අරහත්තං පත්තාති. සත්ථාපි අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා මාතාපිතරො එතරහි මාතාපිතරොව අහෙසුං, වට්ටකරාජා පන අහමෙව අහොසි”න්ති.
මහණෙනි, මේ වන පෙදෙසෙ ගින්නෙන් නො දැවීමි. මගේ ඇති බලයක් නො වේ. පෙර වටු පැටවා කළ මාගේ ම සත්‍යය බලයයි. මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා සිව්සස් පැවසූහ. සිව්සස් කෙළවර කෙනෙක් සෝවාන් වූහ. ඇතැමෙක් සෙදගැමි වූහ. ඇතැමෙක් අනගැමි වූහ. තවත් කෙනෙක් රහත් වූහ. බුදුරදහු පූර්වාපර සන්ධි ගළපා ජාතකය නිමවූහ. එකල මවුපියෝ නම් මෙකල මවුපියෝ ම වූහ. වටු රජ වනාහි මම ම වීමි.
වට්ටකජාතකවණ්ණනා පඤ්චමා.