යෙදුමෙන් කියවන්න

4. මච‍්ඡජාතකවණ‍්ණනා 34 අට‍්ඨකථා

4. මච‍්ඡජාතකවණ‍්ණනා (34)

4. මච්ඡ ජාතකය (34)

න මං සීතං න මං උණ‍්හන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පුරාණදුතියිකාපලොභනං ආරබ‍්භ කථෙසි. තදා හි සත්‍ථා තං භික‍්ඛුං “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු උක‍්කණ‍්ඨිතොසී”ති පුච‍්ඡි. “සච‍්චං, භගවා”ති. “කෙනාසි උක‍්කණ‍්ඨාපිතො”ති? “පුරාණදුතියිකා මෙ, භන‍්තෙ මධුරහත්‍ථරසා, තං ජහිතුං න සක‍්කොමී”ති. අථ නං සත්‍ථා “භික‍්ඛු එසා ඉත්‍ථී තව අනත්‍ථකාරිකා , පුබ‍්බෙපි ත්‍වං එතං නිස‍්සාය මරණං පාපුණන‍්තො මං ආගම‍්ම මරණා මුත‍්තො”ති වත්‍වා අතීතං ආහරි.

“න මං සීතං නමං උණ්හන්ති” යන මේ ජාතක දේශනාව බුදු රදුන් දෙව්රමෙහි වසන සේක්, පෙර කල බිරියගේ පෙළඹවීමක් අරබයා දෙසූහ. එකල බුදුරදහු ඒ භික්‍ෂුවගෙන් මහණ, ඔබ උකටළීවූවෙහි ඇත්ත ද? ස්වාමීනි, එ සේය. ඔබ උකටළී කරන ලද්දේ කවරකු විසින් ද? ස්වාමීනි, මා පෙර ගිහි කල බිරියයි. මිහිරි අත්පහස ඇති නිසා ඇය අත්හැරීමට නො හැක්කෙමි. ඉක්බිති, බුදුරදහු මහණ, මේ ස්ත්‍රිය අනර්ථකාරිය. පෙර ද ඔබ මේ ස්ත්‍රිය නිසා මරණයට කැපව සිටියදී මා වෙත පැමිණ මරණින් මිදුණේයැ යි අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස පුරොහිතො අහොසි. තදා කෙවට‍්ටා නදියං ජාලං ඛිපිංසු. අථෙකො මහාමච‍්ඡො රතිවසෙන අත‍්තනො මච‍්ඡියා සද‍්ධිං කීළමානො ආගච‍්ඡති. තස‍්ස සා මච‍්ඡී පුරතො ගච‍්ඡමානා ජාලගන්‍ධං ඝායිත්‍වා ජාලං පරිහරමානා ගතා. සො පන කාමගිද‍්ධො ලොලමච‍්ඡො ජාලකුච‍්ඡිමෙව පවිට‍්ඨො. කෙවට‍්ටා තස‍්ස ජාලං පවිට‍්ඨභාවං ඤත්‍වා ජාලං උක‍්ඛිපිත්‍වා මච‍්ඡං ගහෙත්‍වා අමාරෙත්‍වාව වාලිකාපිට‍්ඨෙ ඛිපිත්‍වා “ඉමං අඞ‍්ගාරෙසු පචිත්‍වා ඛාදිස‍්සාමා”ති අඞ‍්ගාරෙ කරොන‍්ති, සූලං තච‍්ඡෙන‍්ති. මච‍්ඡො “එතං අඞ‍්ගාරතාපනං වා සූලවිජ‍්ඣනං වා අඤ‍්ඤං වා පන දුක‍්ඛං න මං කිලමෙති, යං පනෙසා මච‍්ඡී ‘අඤ‍්ඤං සො නූන රතියා ගතො’ති මයි දොමනස‍්සං ආපජ‍්ජති, තමෙව මං බාධතී”ති පරිදෙවමානො ඉමං ගාථමාහ –

පෙර දඹදිව බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි බෝසත්හු ඔහුගේ පුරෝහිත විය. එදවස ධීවරයෝ නදියෙහි දැල දැමූහ. එකල එක් මහා මත්ස්‍යයෙක් ඇල්ම නිසා තමාගේ මැසින්න සමග ක්‍රීඩා කරමින් යන්නේය. මැසින්න පෙරටුව යන්නී, දැලෙහි ගඳ දැනී එය මඟ හරිමින් ගියාය. රතියෙහි ඇළුණු ලොල් මසු දැල තුළට ම පිවිසියේය. ධීවරයෝ මාළුවා එහි පිවිසි බව දැන දැල ඔසවා මසු ගෙන නො මරාම වැලි මත දමා මූ කිහිරි අඟුරෙහි පිස කන්නෙමු යි අඟුරු බස්සවති. උල් තනති. මසු කිහිරි අඟුරෙහි තැබීම හෝ හුලින් ඇනීම හෝ වෙන යම් දුකක් හෝ මා නො පෙළයි. යම් කිසි විදියකින් ඒ මැසින්න මා වෙනත් මැසින්නක් කරා ගියේයැ යි සිතා මා කෙරෙහි දොම්නසට පත් වේ ද එය ම මා පෙළයි. හඬමින් මේ ගාථාව කීය.

“න මං සීතං න මං උණ‍්හං, න මං ජාලස‍්මි බාධනං; යඤ‍්ච මං මඤ‍්ඤතෙ මච‍්ඡී, අඤ‍්ඤං සො රතියා ගතො”ති.

“න මං සීතං න මං උණ්හං න මං ජාලස්මි බාධනං, යං ච මං මඤ්ඤතෙ මච්ඡි අඤ්ඤං සො රතියා ගතොති”

“සීතල මා නො පෙළයි. උෂ්ණය නො පෙළයි. දැලෙහි බැඳීම ද මා නො පෙළයි. යම් හෙයකින් මා නො දකින මැසින්න හේ වෙන මැසින්නක සඳහා කාම රතිය පිණිස ගියේයැ යි සිතයි ද එය ම මා පෙළයි.”

තත්‍ථ න මං සීතං න මං උණ‍්හන‍්ති මච‍්ඡානං උදකා නීහටකාලෙ සීතං හොති, තස‍්මිං විගතෙ උණ‍්හං හොති, තදුභයම‍්පි සන්‍ධාය “න මං සීතං න මං උණ‍්හං බාධතී”ති පරිදෙවති. යම‍්පි අඞ‍්ගාරෙසු පච‍්චනමූලකං දුක‍්ඛං භවිස‍්සති, තම‍්පි සන්‍ධාය “න මං උණ‍්හ”න‍්ති පරිදෙවතෙව. න මං ජාලස‍්මි බාධනන‍්ති යම‍්පි මෙ ජාලස‍්මිං බාධනං අහොසි, තම‍්පි මං න බාධෙතීති පරිදෙවති. “යඤ‍්ච ම”න‍්තිආදීසු අයං පිණ‍්ඩත්‍ථො – සා මච‍්ඡී මම ජාලෙ පතිතස‍්ස ඉමෙහි කෙවට‍්ටෙහි ගහිතභාවං අජානන‍්තී මං අපස‍්සමානා “සො මච‍්ඡො ඉදානි අඤ‍්ඤං මච‍්ඡිං කාමරතියා ගතො භවිස‍්සතී”ති චින‍්තෙති, තං තස‍්සා දොමනස‍්සප‍්පත‍්තාය චින‍්තනං මං බාධතීති වාලිකාපිට‍්ඨෙ නිපන‍්නො පරිදෙවති.

එහි “න මං සීතං න මං උණ්හං” මසුන් දියෙන් ගොඩගත් කල සීතල වේ. දියට ගිය කල්හි උණුසුම් වේ. මේ දෙක ම සඳහා මට සීත හෝ උණුසුම පීඩා නො කැරේ යි, වැලපෙයි. කිහිරතුරෙහි පැසීම මුල්කොට දුක් ඇතිවෙයි. ඒ සඳහා ද මට උණුසුම පීඩාවක් නො වේ යි, වැලපෙයි. “න මං ජාලස්මි බාධනං” මා දැලෙහි බැඳීමක් වී ද එය ද මා නො පෙළයි. නො වැලපෙයි. මෙහි ලුහුඬු අදහස නම්, ඒ මැසින්න දැලෙහි බැඳුණු මා කෙවුලන් විසින් අල්ලා ගන්නා ලද බව නො දන්නී, මා නො දකින විට දැන් ඔහු වෙනත් මැසින්නක සමග කම් සුව පතා ගියේයැ යි සිතන්නී ද නො සතුටට පත් ඇගේ ඒ සිතුවිල්ල මා පෙළයි. වැලිතලාවෙහි වැතිරී සපමින් වැලපෙයි.

තස‍්මිං සමයෙ පුරොහිතො දාසපරිවුතො න‍්හානත්‍ථාය නදීතීරං ආගතො. සො පන සබ‍්බරුතඤ‍්ඤූ හොති. තෙනස‍්ස මච‍්ඡපරිදෙවනං සුත්‍වා එතදහොසි “අයං මච‍්ඡො කිලෙසවසෙන පරිදෙවති, එවං ආතුරචිත‍්තො ඛො පනෙස මීයමානො නිරයෙයෙව නිබ‍්බත‍්තිස‍්සති, අහමස‍්ස අවස‍්සයො භවිස‍්සාමී”ති කෙවට‍්ටානං සන‍්තිකං ගන‍්ත්‍වා “අම‍්භො තුම‍්හෙ අම‍්හාකං එකදිවසම‍්පි බ්‍යඤ‍්ජනත්‍ථාය මච‍්ඡං න දෙථා”ති ආහ. කෙවට‍්ටා “කිං වදෙථ, සාමි, තුම‍්හාකං රුච‍්චනකමච‍්ඡං ගණ‍්හිත්‍වා ගච‍්ඡථා”ති ආහංසු. “අම‍්හාකං අඤ‍්ඤෙන කම‍්මං නත්‍ථි, ඉමඤ‍්ඤෙව දෙථා”ති. “ගණ‍්හථ සාමී”ති. බොධිසත‍්තො තං උභොහි හත්‍ථෙහි ගහෙත්‍වා නදීතීරෙ නිසීදිත්‍වා “අම‍්භො මච‍්ඡ, සචෙ තාහං අජ‍්ජ න පස‍්සෙය්‍යං, ජීවිතක‍්ඛයං පාපුණෙය්‍යාසි, ඉදානි ඉතො පට‍්ඨාය මා කිලෙසවසිකො අහොසී”ති ඔවදිත්‍වා උදකෙ විස‍්සජ‍්ජෙත්‍වා න‍්හත්‍වා නගරං පාවිසි.

ඒ වෙලාවෙහි පුරෝහිතයා දස් පිරිස පිරිවරා නහනු පිණිස ගංතෙරට පැමිණියේය. ඔහු වනාහි සියල්ලන්ගේ හඬ දන්නෙකි. එහෙයින් ඔහු මසුගේ වැලපීම අසා මෙසේ සිතී ය. මේ මසු කෙලෙස් වසඟ ව හඬයි මෙසේ කැළඹුණු සිතින් මිය යන්නේ ද නිරයෙහි ම උපදින්නේ ය. මා මොහුට පිහිට වන්නෙමි. කෙවුලන් වෙතගොස් එම්බල, අපට තොපි එක දවසක්වත් ව්‍යඤ්ජන සඳහා මසකු නො දේවියැ යි කීය. ස්වාමීනි, කුමක් කියන්නහු ද? ඔබට කැමැති මසකු ගෙන යනු මැනවැ යි කියූහ. අපට අන් මසකුගෙන් කම් නැත. මේ මසුම දෙනු. ස්වාමීනි, ගනු මැනව. බෝසත්හු මසු දෙඅතින් ගෙන ගංතෙර හිඳ එම්බල මත්ස්‍යය, අද මා තා නො දැක්කේ නම් මරණයට පත්වන්නේය. දැන් මෙතැන් පටන් කෙලෙස් වසඟ නො වෙනු යි අවවාදකොට ජලයට මුදාහැර නගරයට ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි. සත්‍ථාපි අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මච‍්ඡී පුරාණදුතියිකා අහොසි, මච‍්ඡො උක‍්කණ‍්ඨිතභික‍්ඛු පුරොහිතො පන අහමෙව අහොසි”න‍්ති.

බුදු රදහු මේ ජාතකය ගෙනහැර දක්වා සිව්සස් වදාළ සේක. දෙසුම කෙළවර උකටලී භික්‍ෂුව සෝවාන් පෙලෙහි පිහිටියේය. බුදුරදහු පූර්වාපර සන්‍ධි ගලපා ජාතකය නිමවූහ. එකල මැසින්න ගිහි කල බිරිය වූවාය. මසු උකටලී භික්‍ෂුව විය. පුරෝහිත මම ම වීමි.

මච‍්ඡජාතකවණ‍්ණනා චතුත්‍ථා.