යෙදුමෙන් කියවන්න

3. සම‍්මොදමානජාතකවණ‍්ණනා 33 අට‍්ඨකථා

3. සම‍්මොදමානජාතකවණ‍්ණනා (33)

3. සම්මෝදමාන ජාතකය (33)

සම‍්මොදමානාති ඉදං සත්‍ථා කපිලවත්‍ථුං උපනිස‍්සාය නිග්‍රොධාරාමෙ විහරන‍්තො චුම‍්බටකකලහං ආරබ‍්භ කථෙසි. සො කුණාලජාතකෙ (ජා· 2.21.කුණාලජාතක) ආවි භවිස‍්සති. තදා පන සත්‍ථා ඤාතකෙ ආමන‍්තෙත්‍වා “මහාරාජා ඤාතකානං අඤ‍්ඤමඤ‍්ඤං විග‍්ගහො නාම න යුත‍්තො, තිරච‍්ඡානගතාපි හි පුබ‍්බෙ සමග‍්ගකාලෙ පච‍්චාමිත‍්තෙ අභිභවිත්‍වා සොත්‍ථිං පත‍්තා යදා විවාදමාපන‍්නා, තදා මහාවිනාසං පත‍්තා”ති වත්‍වා ඤාතිරාජකුලෙහි ආයාචිතො අතීතං ආහරි.

“සම්මොදමානා” යන මේ දේශනාව බුදු රදහු කිඹුල්වත ඇසුරුකොට නිග්‍රෝධාරාමයෙහි වසන්නාහු, සුඹුළු කලහයක් අරබයා දෙසූහ. ඒ පුවත කුණාල ජාතකයෙහි එන්නේය. එදා බුදුරදහු නෑයන් අමතා මහරජවරුනි, නෑයන් ඔවුනොවුන් අතර කලහය සුදුසු නො වේ. පෙර තිරිසන්නු පවා සමගි ව සිටි කාලයෙහි පසමිතුරන් අභිබවා සිටියහ. ඔවුනොවුන් අසමගි වූ කල්හි මහත් විනාශයකට පත්වූහ යි වදාරා නෑ රජුන් විසින් අයදනා ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො වට‍්ටකයොනියං නිබ‍්බත‍්තිත්‍වා අනෙකවට‍්ටකසහස‍්සපරිවාරො අරඤ‍්ඤෙ පටිවසති. තදා එකො වට‍්ටකලුද‍්දකො තෙසං වසනට‍්ඨානං ගන‍්ත්‍වා වට‍්ටකවස‍්සිතං කත්‍වා තෙසං සන‍්නිපතිතභාවං ඤත්‍වා තෙසං උපරි ජාලං ඛිපිත්‍වා පරියන‍්තෙසු මද‍්දන‍්තො සබ‍්බෙ එකතො කත්‍වා පච‍්ඡිං පූරෙත්‍වා ඝරං ගන‍්ත්‍වා තෙ වික‍්කිණිත්‍වා තෙන මූලෙන ජීවිකං කප‍්පෙති. අථෙකදිවසං බොධිසත‍්තො තෙ වට‍්ටකෙ ආහ – “අයං සාකුණිකො අම‍්හාකං ඤාතකෙ විනාසං පාපෙති, අහං එකං උපායං ජානාමි, එනෙස අම‍්හෙ ගණ‍්හිතුං න සක‍්ඛිස‍්සති, ඉතො දානි පට‍්ඨාය එතෙන තුම‍්හාකං උපරි ජාලෙ ඛිත‍්තමත‍්තෙ එකෙකො එකෙකස‍්මිං ජාලක‍්ඛිකෙ සීසං ඨපෙත්‍වා ජාලං උක‍්ඛිපිත්‍වා ඉච‍්ඡිතට‍්ඨානං හරිත්‍වා එකස‍්මිං කණ‍්ටකගුම‍්බෙ පක‍්ඛිපථ, එවං සන‍්තෙ හෙට‍්ඨා තෙන තෙන ඨානෙන පලායිස‍්සාමා”ති. තෙ සබ‍්බෙ “සාධූ”ති පටිස‍්සුණිංසු. දුතියදිවසෙ උපරි ජාලෙ ඛිත‍්තෙ තෙ බොධිසත‍්තෙන වුත‍්තනයෙනෙව ජාලං උක‍්ඛිපිත්‍වා එකස‍්මිං කණ‍්ටකගුම‍්බෙ ඛිපිත්‍වා සයං හෙට‍්ඨාභාගෙන තතො තතො පලායිංසු. සාකුණිකස‍්ස ගුම‍්බතො ජාලං මොචෙන‍්තස‍්සෙව විකාලො ජාතො, සො තුච‍්ඡහත්‍ථොව අගමාසි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි බෝසත්හු වටු යෝනියෙහි ඉපිද නොයෙක් දහස් ගණන් වටුවන් පිරිවරා වනයෙහි වෙසෙහි. එකල වටු වැද්දෙක් වටුවන් වසන ස්ථානයන්ට ගොස් වටු හඬකොට ඔවුන් රැස්වූ බව දැන ඔවුන් මතුයෙහි දැල එළා දැලේ කෙළවර මඬිමින් සියල්ලන් එක්තැන්කොට පැස පුරවාගෙන ගෙට ගොස් වටුවන් විකුණා ලැබෙන මිලෙන් දිවි ගෙවයි. දිනක් බෝසත්හු ඒ වටුවන්ට කීහ. මේ වටු වැද්දා අපගේ නෑයන් විනාශ කරයි. වැද්දාට අප අල්ලා ගැනීමට නොහැකි වන එක් උපායක් මම දනිමි. මින්මතු වැද්දා තොප මතුපිට දැල දැමූ කල්හි එක එකා එක එක දැල් සිදුරෙහි හිස තබා දැල ඔසවා කැමැති තැනකට ගෙනගොස් කටු ලැහැබක දැල රඳවමු. මෙසේ ඇතිකල යටින් ඒ ඒ තැනින් පලා යන්නෙමු. වටු රැල ද මැනවැ යි පිළිගත්හ. දෙවැනි දවස්හි වැද්දා වටුවන් මතුපිට දැල එලූ කල බෝසතුන් කී පරිදි ම දැල ඔසවා එක් කටු ලැහැබක දමා දැල යටින් තැන් තැන්වලින් පලා ගියහ. කුරුළු වැද්දා කටු ලැහැඹින් දැල මුදා ගන්නා විට ම සවස් විය. ඔහු හිස් අතින් ම ගියේය.

පුනදිවසතො පට‍්ඨායපි වට‍්ටකා තථෙව කරොන‍්ති. සොපි යාව සූරියත්‍ථඞ‍්ගමනා ජාලමෙව මොචෙන‍්තො කිඤ‍්චි අලභිත්‍වා තුච‍්ඡහත්‍ථොව ගෙහං ගච‍්ඡති. අථස‍්ස භරියා කුජ‍්ඣිත්‍වා “ත්‍වං දිවසෙ දිවසෙ තුච‍්ඡහත්‍ථො ආගච‍්ඡසි, අඤ‍්ඤම‍්පි තෙ බහි පොසිතබ‍්බට‍්ඨානං අත්‍ථි මඤ‍්ඤෙ”ති ආහ. සාකුණිකො “භද‍්දෙ, මම අඤ‍්ඤං පොසිතබ‍්බට‍්ඨානං නත්‍ථි, අපිච ඛො පන තෙ වට‍්ටකා සමග‍්ගා හුත්‍වා චරන‍්ති, මයා ඛිත‍්තමත‍්තෙ ජාලං ආදාය කණ‍්ටකගුම‍්බෙ ඛිපිත්‍වා ගච‍්ඡන‍්ති, න ඛො පනෙතෙ සබ‍්බකාලමෙව සම‍්මොදමානා විහරිස‍්සන‍්ති, ත්‍වං මා චින‍්තයි, යදා තෙ විවාදමාපජ‍්ජිස‍්සන‍්ති, තදා තෙ සබ‍්බෙව ආදාය තව මුඛං හාසයමානො ආගච‍්ඡිස‍්සාමී”ති වත්‍වා භරියාය ඉමං ගාථමාහ –

දෙවැනි දවස් සිට ම වටුවෝ එසේ කරත්. හිරු බැස යන තෙක් දැල පමණක් දෙන්නේ කිසිවක් නො ලැබ හිස් අතින් ම ගෙදර යයි. වටු වැද්දාගේ බිරිය කිපී හැම දින ම ඔබ එන්නේ හිස් අතිනි. පිටත, තවත් ඔබට පෝෂණය කළ යුතු තැනක් ඇතිබව හැඟෙයි, කීවාය. වටු වැද්දා සොඳුර, එවැනි තැනක් මට නැත. එසේ වුවත් වටුවෝ ද සමගිව හැසිරෙති. මා ැදැල දැමූ කෙනෙහි ම ඔවුහු දැල ඔසවා ගෙනගොස් කටු ලැහැබක දමා ඉගිලී යත්. එහෙත් මොවුහු හැමදාම සමගිව සතුටින් නො හැසිරෙන්නෝය. එම නිසා දුක් නො වනු. ඔවුන් දබර වූ දාට සියල්ල ම රැගෙන තිගේ මුහුණ සිනහගන්වමින් එන්නෙමි කියා බිරියට මේ ගාථාව කීය.

“සම‍්මොදමානා ගච‍්ඡන‍්ති, ජාලමාදාය පක‍්ඛිනො; යදා තෙ විවදිස‍්සන‍්ති, තදා එහින‍්ති මෙ වස”න‍්ති.

“සම්මොදමානා ගච්ඡන්ති ජාලමාදාය පක්‍ඛිනො, යදා තෙ විචදිස්සන්ති තදා එහින්ති මෙ වසන්ති”

“පක්‍ෂීහු දැල රැගෙන සතුටින් යත්. යම් දවසක ඔවුහු වාදවිවාද කරත් ද එදා මගේ ගොදුර බවට පත්වන්නාහ.”

තත්‍ථ යදා තෙ විවදිස‍්සන‍්තීති යස‍්මිං කාලෙ තෙ වට‍්ටකා නානාලද‍්ධිකා නානාගාහා හුත්‍වා විවදිස‍්සන‍්ති, කලහං කරිස‍්සන‍්තීති අත්‍ථො. තදා එහින‍්ති මෙ වසන‍්ති තස‍්මිං කාලෙ සබ‍්බෙපි තෙ මම වසං ආගච‍්ඡිස‍්සන‍්ති. අථාහං තෙ ගහෙත්‍වා තව මුඛං හාසෙන‍්තො ආගච‍්ඡිස‍්සාමීති භරියං සමස‍්සාසෙසි.

“යදා තෙ විචදිස්සන්ති” යම් කලෙක ඒ වටුවෝ විවිධ මති මතාන්තර ඇත්තෝව වාද විවාද කෙරෙත් ද කලහ කරත් ද යන අර්ථයයි. “තදා එහින්ති මෙ වසං ති” ඒ කාලයෙහි ඒ සියල්ලෝම මගේ ගොදුර බවට එන්නාහ. එවිට මම ඔවුන් ගෙන තිගේ මුහුණ සන්තෝෂ කරමින් එන්නෙමි යි සිය බිරිය අස්වැස්සේය.

කතිපාහස‍්සෙව පන අච‍්චයෙන එකො වට‍්ටකො ගොචරභූමිං ඔතරන‍්තො අසල‍්ලක‍්ඛෙත්‍වා අඤ‍්ඤස‍්ස සීසං අක‍්කමි, ඉතරො “කො මං සීසෙ අක‍්කමී”ති කුජ‍්ඣිං. “අහං අසල‍්ලක‍්ඛෙත්‍වා අක‍්කමිං, මා කුජ‍්ඣී”ති වුත‍්තෙපි කුජ‍්ඣියෙව. තෙ පුනප‍්පුනං කථෙන‍්තා “ත්‍වමෙව මඤ‍්ඤෙ ජාලං උක‍්ඛිපසී”ති අඤ‍්ඤමඤ‍්ඤං විවාදං කරිංසු. තෙසු විවදන‍්තෙසු බොධිසත‍්තො චින‍්තෙසි “විවාදකෙ සොත්‍ථිභාවො නාම නත්‍ථි, ඉදානෙව තෙ ජාලං න උක‍්ඛිපිස‍්සන‍්ති, තතො මහන‍්තං විනාසං පාපුණිස‍්සන‍්ති, සාකුණිකො ඔකාසං ලභිස‍්සති, මයා ඉමස‍්මිං ඨානෙ න සක‍්කා වසිතු”න‍්ති. සො අත‍්තනො පරිසං ආදාය අඤ‍්ඤත්‍ථ ගතො. සාකුණිකොපි ඛො කතිපාහච‍්චයෙන ආගන‍්ත්‍වා වට‍්ටකවස‍්සිතං වස‍්සිත්‍වා තෙසං සන‍්නිපතිතානං උපරි ජාලං ඛිපි. අථෙකො වට‍්ටකො “තුය‍්හං කිර ජාලං උක‍්ඛිපන‍්තස‍්සෙව මත්‍ථකෙ ලොමානි පතිතානි, ඉදානි උක‍්ඛිපා”ති ආහ. අපරො “තුය‍්හං කිර ජාලං උක‍්ඛිපන‍්තස‍්සෙව ද‍්වීසු පක‍්ඛෙසු පත‍්තානි පතිතානි, ඉදානි උක‍්ඛිපා”ති ආහ. ඉති තෙසං “ත්‍වං උක‍්ඛිප, ත්‍වං උක‍්ඛිපා”ති වදන‍්තානඤ‍්ඤෙව සාකුණිකො ජාලං උක‍්ඛිපිත්‍වා සබ‍්බෙව තෙ එකතො කත්‍වා පච‍්ඡිං පූරෙත්‍වා භරියං හාසයමානො ගෙහං අගමාසි.

කීප දිනක් ඉක්ම යාමෙන් වටුවකු ගොදුරු බිමට බසින්නේ නො සැලකිලිමත්ව අනෙකුගේ හිස පෑගීය. එවිට අනිකා කවරෙක් මගේ හිස පෑගීදැ යි කිපියේමය. ඔහු පුන පුනා කියන්නාහු, ඔබ ම දැල ඔසවයි. ඔවුනොවුන් විවාද කළහ. මෙසේ මොවුන් දබර කරද්දී බෝසත්හු සිතූහ. දබර කිරීමෙහි යහපතක් නැත. දැන් ම ඔවුහු දැල නො උස්සන්නාහ. එයින් මහත් විනාශයකට පැමිණෙන්නාහුය. වටු වැද්දාට ඉඩක් ලැබෙන්නේය. අපි මෙහි විසීමට නො හැකි වන්නෙහි යි ඔහු තම පිරිස රැගෙන වෙන නා ගසකට ගියෙය්. වටු වැද්දා ද ටික දිනකට පසු අවුත් වඩු හඬින් හඬා ඔවුන් රැස් වූ කල්හි මතුපිට දැල එලීය. එවිට එක් වටුවෙක් තා දැල ඔසවන විට පියාපත් දෙකෙන් පිහාටු වැටිණි. දැන් ඔබ ම ඔසවනු යි කීය. මෙසේ ඔවුන් තෝ ඔසවනු, තෝ ඔසවනු යි කියමින් වාද කරද්දී ම වටු වැද්දා දැල ඔසවා ඒ සියල්ලන්ම එකතුකොට පැස පුරවාගෙන බිරිය සිනහ ගන්වමින් ගෙට ගියේය.

සත්‍ථා “එවං මහාරාජා ඤාතකානං කලහො නාම න යුත‍්තො, කලහො විනාසමූලමෙව හොතී”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා අපණ‍්ඩිතවට‍්ටකො දෙවදත‍්තො අහොසි, පණ‍්ඩිතවට‍්ටකො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරදහු මහරජවරුනි, ඥාතීන් අතර කලහය නම් සුදුසු නො වේ. කලහය විනාශයට මුලමයැ යි මේ ධර්ම දේශනාව වදාරා ජාතකය නිමවූහ. එදින මෝඩ වටුවා දෙව්දත් විය. නුවණැති වටුවා මම ම වීමි.

සම‍්මොදමානජාතකවණ‍්ණනා තතියා.