2. නච‍්චජාතකවණ‍්ණනා 32 අට‍්ඨකථා
2. නච‍්චජාතකවණ‍්ණනා (32)
2. නච්ච ජාතකය (32)
රුදං මනුඤ‍්ඤන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං බහුභණ‍්ඩිකං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. වත්‍ථු හෙට‍්ඨා දෙවධම‍්මජාතකෙ (ජා· 1.1.6) වුත‍්තසදිසමෙව. සත්‍ථා තං භික‍්ඛුං “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු බහුභණ‍්ඩො”ති පුච‍්ඡි. “ආම, භන‍්තෙ”ති. “කිංකාරණා ත්‍වං භික‍්ඛු බහුභණ‍්ඩො ජාතොසී”ති? සො එත‍්තකං සුත්‍වාව කුද‍්ධො නිවාසනපාරුපනං ඡඩ‍්ඩෙත්‍වා “ඉමිනා දානි නීහාරෙන විචරාමී”ති සත්‍ථු පුරතො නග‍්ගො අට‍්ඨාසි. මනුස‍්සා “ධී ධී”ති ආහංසු. සො තතො පලායිත්‍වා හීනායාවත‍්තො. භික‍්ඛූ ධම‍්මසභායං සන‍්නිසින‍්නා “සත්‍ථු නාම පුරතො එවරූපං කරිස‍්සතී”ති තස‍්ස අගුණකථං කථෙසුං. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති භික‍්ඛූ පුච‍්ඡි. භන‍්තෙ, “සො හි නාම භික‍්ඛු තුම‍්හාකං පුරතො චතුපරිසමජ‍්ඣෙ හිරොත‍්තප‍්පං පහාය ගාමදාරකො විය නග‍්ගො ඨත්‍වා මනුස‍්සෙහි ජිගුච‍්ඡියමානො හීනායාවත‍්තිත්‍වා සාසනා පරිහීනො”ති තස‍්ස අගුණකථාය නිසින‍්නාම‍්හාති. සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙව සො භික‍්ඛු හිරොත‍්තප‍්පාභාවෙන රතනසාසනා පරිහීනො, පුබ‍්බෙ ඉත්‍ථිරතනපටිලාභතොපි පරිහීනොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.
“රුදං මනුඤ්ඤන්ති” යන මේ දම් දෙසුම බුදු රදහු දෙව්රම් වෙහෙර වසන්නාහු, බොහෝ පිරිකර ඇති භික්‍ෂුවක් අරබයා දේශනා කළහ. කථා පුවත යට දේව ධර්ම ජාතකයෙහි කී අයුරුමැ යි. බුදුරදහු මහණ, ඔබ බොහෝ පිරිකර ඇත්තෙක් වූයේ සැබෑ ද? ස්වාමීනි, එසේය. මහණ, ඔබ කුමක් නිසා බහුභාණ්ඩික වූයෙහි ද? ඔහු මෙපමණක් අඳන සිවුර අතහැර නග්න ව බුදුරදුන් ඉදිරියේ සිටියේය. මිනිස්සු චී චී යි කීහ. ඔහු එතනින් පලාගොස් ගිහිබවට පත්විය. භික්‍ෂූහු දම් සභාවෙහි හුන්නාහු, බුදුරදුන් ඉදිරියේ මෙසේ කරන්නේදැ යි ඔහුගේ අගුණ කථාකළහ. බුදුරදහු වැඩ මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නාහුදැ යි භික්ෂූන්ගෙන් ඇසූහ. ඒ භික්‍ෂුව ඔබ වහන්සේ ඉදිරියේ, සිව්පිරිස් මැද හිරි ඔතප් අතහැර ගම් දරුවකු මෙන් නග්න ව සිටි මිනිසුන් විසින් පිළිකුල් කරනු ලබන්නේ, ගිහිබවට පෙරලී සසුනින් පිරිහුණේය. ඔහුගේ අගුණ කථා කරමින් හුන්නෙමු. මහණෙනි, ඒ භික්‍ෂුව විළිබිය නැති නිසා උසස් සසුනෙන් පිරිහුණේ දැන් පමණක් නො වේ. පෙර ද ස්ත්‍රී රත්නයක් නො ලැබීමෙන් පිරිහුණේයැ යි වදාරා ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
අතීතෙ පඨමකප‍්පෙ චතුප‍්පදා සීහං රාජානං අකංසු, මච‍්ඡා ආනන්‍දමච‍්ඡං, සකුණා සුවණ‍්ණහංසං. තස‍්ස පන සුවණ‍්ණහංසරාජස‍්ස ධීතා හංසපොතිකා අභිරූපා අහොසි. සො තස‍්සා වරං අදාසි, සා අත‍්තනො චිත‍්තරුචිතං සාමිකං වාරෙසි. හංසරාජා තස‍්සා වරං දත්‍වා හිමවන‍්තෙ සබ‍්බෙ සකුණෙ සන‍්නිපාතාපෙසි, නානප‍්පකාරා හංසමොරාදයො සකුණගණා සමාගන‍්ත්‍වා එකස‍්මිං මහන‍්තෙ පාසාණතලෙ සන‍්නිපතිංසු. හංසරාජා “අත‍්තනො චිත‍්තරුචිතං සාමිකං ආගන‍්ත්‍වා ගණ‍්හාතූ”ති ධීතරං පක‍්කොසාපෙසි. සා සකුණසඞ‍්ඝං ඔලොකෙන‍්තී මණිවණ‍්ණගීවං චිත්‍රපෙඛුණං මොරං දිස‍්වා “අයං මෙ සාමිකො හොතූ”ති ආරොචෙසි. සකුණසඞ‍්ඝා මොරං උපසඞ‍්කමිත්‍වා ආහංසු “සම‍්ම මොර, අයං රාජධීතා එත‍්තකානං සකුණානං මජ‍්ඣෙ සාමිකං රොචෙන‍්තී තයි රුචිං උප‍්පාදෙසී”ති. මොරො “අජ‍්ජාපි තාව මෙ බලං න පස‍්සතී”ති අතිතුට‍්ඨියා හිරොත‍්තප‍්පං භින්‍දිත්‍වා තාව මහතො සකුණසඞ‍්ඝස‍්ස මජ‍්ඣෙ පක‍්ඛෙ පසාරෙත්‍වා නච‍්චිතුං ආරභි, නච‍්චන‍්තො අප‍්පටිච‍්ඡන‍්නො අහොසි.
පෙර පළමු වැනි කල්පයෙහි සිව්පාවෝ සිංහයා රජබවට පත් කළහ. මත්ස්‍යයෝ ආනන්ද මත්ස්‍යයා ද පක්‍ෂීහු සුවර්ණ හංසයා ද රජ කළහ. ඒ හංස රජුගේ දියණිය වූ හංස පෝතාකාව අභිරූපවත් වූවාය. හංස රාජයා ඇයට වරයක් දුන්නේය. ඇය තමාට කැමැති හිමියකු තෝරා ගැනීමට කැමැති වූවාය. හංස රාජයා ඇයට වරය දී හිමවතෙහි සියලු පක්‍ෂීන් රැස්කැරවීය. නානාප්‍රකාර හස්, මොණර ආදී පක්‍ෂීහු එක්ව මහත් ගල්තලාවක රැස්වූහ. හස් රජු තමාට අබිමත හිමියකු පැමිණ තෝරා ගන්නැ යි දියණිය කැඳවීය. ඕ පක්‍ෂී සමූහය බලන්නී, මිණිවන් ගෙල ඇති විසිතුරු පිල් ඇති මොණරකු දැක මොහු මගේ ස්වාමියා වේවා යි කැමැති වූවාය. පක්‍ෂි සමූහයා මොණරා වෙත පැමිණ මෙසේ කීහ. යහළු මොණර, රජ දුව මෙපමණක් පක්‍ෂීන් මැද සැමියකු රුචිවන්නී ඔබ දැක්වූවාය. මොණරා අදවත් මගේ තරම නො පෙනෙත්දැ යි ඉතා සතුටින් විලිබිය හැර ඒ මහා පක්‍ෂි සමාගමෙහි පිළිවිහිදා නටන්නේ නො වැසුණු තැන් ඇත්තකු විය.
සුවණ‍්ණහංසරාජා ලජ‍්ජිතො “ඉමස‍්ස නෙව අජ‍්ඣත‍්තසමුට‍්ඨානා හිරී අත්‍ථි, න බහිද‍්ධාසමුට‍්ඨානං ඔත‍්තප‍්පං, නාස‍්ස භින‍්නහිරොත‍්තප‍්පස‍්ස මම ධීතරං දස‍්සාමී”ති සකුණසඞ‍්ඝමජ‍්ඣෙ ඉමං ගාථමාහ –
හස් රජ ලජ්ජාවට පත්ව මොහුට සිතෙහි ඇතිවන ලජ්ජාව හෝ බාහිරින් හටගන්නා බිය හෝ නැත. විලිබිය සිඳ දැමූ මොහුට මගේ දියණිය නො දෙමි යි පක්‍ෂී සමූහයා මැද මේ ගාථාව කීවේය.
“රුදං මනුඤ්ඤං රුචිරා ච පිට‍්ඨි, වෙළුරියවණ‍්ණූපනිභා ච ගීවා; බ්‍යාමමත‍්තානි ච පෙඛුණානි, නච‍්චෙන තෙ ධීතරං නො දදාමී”ති.
“රුදං මනුඤ්ඤං රුචිරා ච පිට්ඨී, වෙළුරියවණ්ණූපනිභා ච ගීවා, ව්‍යාමමත්තානි ච පෙඛුණාති, නච්චෙන තෙ ධීතරං නො දදාමීති”
“හඬ මනෝඥය. පිට නානාවර්ණයෙන් හොබනේය. ගෙල පෙදෙස වෙරළුමිණි පැහැ ඇත්තේය. පිල් කළඹ බඹයක් පමණ දිගය. එහෙත් නැටීම නිසා මගේ දියණිය ඔබට නො දෙමි.”
තත්‍ථ රුදං මනුඤ‍්ඤන‍්ති ත-කාරස‍්ස ද-කාරො කතො, රුතං මනාපං, වස‍්සිතසද‍්දො මධුරොති අත්‍ථො. රුචිරා ච පිට‍්ඨීති පිට‍්ඨිපි තෙ චිත්‍රා චෙව සොභනා ච. වෙළුරියවණ‍්ණූපනිභාති වෙළුරියමණිවණ‍්ණසදිසා. බ්‍යාමමත‍්තානීති එකබ්‍යාමප‍්පමාණානි. පෙඛුණානීති පිඤ‍්ඡානි. නච‍්චෙන තෙ ධීතරං නො දදාමීති හිරොත‍්තප‍්පං භින්‍දිත්‍වා නච‍්චිතභාවෙනෙව තෙ එවරූපස‍්ස නිල‍්ලජ‍්ජස‍්ස ධීතරං නො දදාමීති වත්‍වා හංසරාජා තස‍්මිංයෙව පරිසමජ‍්ඣෙ අත‍්තනො භාගිනෙය්‍යස‍්ස හංසපොතකස‍්ස ධීතරං අදාසි. මොරො හංසපොතිකං අලභිත්‍වා ලජ‍්ජිත්‍වා තතොව උප‍්පතිත්‍වා පලායි. හංසරාජාපි අත‍්තනො වසනට‍්ඨානමෙව ගතො.
එහි “රුදං මනුඤ්ඤං” මෙහි ‘ත’ කාරයට ‘ද’ කාරය විය. රුතං විය යුතුයි. ස්වභාවයෙන් ලැබුණ නාදය මිහිරිය යන අර්ථයයි. “රුචිරා ච පිට්ඨි” ඔබගේ පිට පෙදෙස විසිතුරුය. පියකරුය. “වෙළුරියවණ්ණූපනිභා” ඔබගේ ගෙල බඳින ලද වෙළුරිය මිණිවන් වේ. “ව්‍යාමමත්තාන” බඹයක් පමණ වූ, “පෙඛුණාති” පිල්. “නච්චෙන තෙ ධීතරං නො දදාමීති” ලජ්ජා බය හැර නැටූ බැවින් ම මෙබඳු නිර්ලජ්ජිත වූ ඔබට දුව නො ලැබේ යි කියා ඒ පිරිස මැදට හොත් රජු තමාගේ ම බෑණා වන හස් පැටවකුට තම දියණිය පාවා දුන්නේය. මොණරා හස් දියණිය නො ලැබ ලජ්ජාවට පත්ව එතැනින් ඉගිලී පලා ගියේය. හස් රජු ද තම නිවහනට ම ගියේය.
සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙව එස හිරොත‍්තප‍්පං භින්‍දිත්‍වා රතනසාසනා පරිහීනො, පුබ‍්බෙපි ඉත්‍ථිරතනපටිලාභතො පරිහීනොයෙවා”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මොරො බහුභණ‍්ඩිකො අහොසි, හංසරාජා පන අහමෙව අහොසි”න‍්ති.
බුදුරදහු මහණෙනි, මොහු විලිබිය බිඳ ශාසනයෙහි පිරිහුනේ දැන් පමණක් නො වේ. පෙර ද ඒ නිසා ස්ත්‍රී රත්න ප්‍රතිලාභයෙන් පිරිහුණේය ම වීයැ යි වදාරා මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්ධි ගළපා නිමවූහ. එකල මොණරා බහුභාණ්ඩික භික්‍ෂුව විය. හංස රාජයා මම ම වීමි.
නච‍්චජාතකවණ‍්ණනා දුතියා.