1. කුලාවකජාතකවණ්ණනා 31 අට්ඨකථා
1. කුලාවකජාතකවණ්ණනා (31)
1. කුලාවක ජාතකය (31)
කුලාවකාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අපරිස්සාවෙත්වා පානීයං පීතං භික්ඛුං ආරබ්භ කථෙසි. සාවත්ථිතො කිර ද්වෙ සහායකා දහරභික්ඛූ ජනපදං ගන්ත්වා එකස්මිං ඵාසුකට්ඨානෙ යථාජ්ඣාසයං වසිත්වා “සම්මාසම්බුද්ධං පස්සිස්සාමා”ති පුන තතො නික්ඛමිත්වා ජෙතවනාභිමුඛා පායිංසු. එකස්ස හත්ථෙ පරිස්සාවනං අත්ථි, එකස්ස නත්ථි. ද්වෙපි එකතො පානීයං පරිස්සාවෙත්වා පිවන්ති. තෙ එකදිවසං විවාදං අකංසු. පරිස්සාවනසාමිකො ඉතරස්ස පරිස්සාවනං අදත්වා සයමෙව පානීයං පරිස්සාවෙත්වා පිවි, ඉතරො පන පරිස්සාවනං අලභිත්වා පිපාසං සන්ධාරෙතුං අසක්කොන්තො අපරිස්සාවෙත්වා පානීයං පිවි. තෙ උභොපි අනුපුබ්බෙන ජෙතවනං පත්වා සත්ථාරං වන්දිත්වා නිසීදිංසු. සත්ථා සම්මොදනීයං කථං කථෙත්වා “කුතො ආගතත්ථා”ති පුච්ඡි. “භන්තෙ, මයං කොසලජනපදෙ එකස්මිං ගාමකෙ වසිත්වා තතො නික්ඛමිත්වා තුම්හාකං දස්සනත්ථාය ආගතා”ති. “කච්චි පන වො සමග්ගා ආගතත්ථා”ති? අපරිස්සාවනකො ආහ “අයං, භන්තෙ, අන්තරාමග්ගෙ මයා සද්ධිං විවාදං කත්වා පරිස්සාවනං නාදාසී”ති. ඉතරොපි ආහ “අයං, භන්තෙ, අපරිස්සාවෙත්වාව ජානං සපාණකං උදකං පිවී”ති. “සච්චං කිර ත්වං භික්ඛු ජානං සපාණකං උදකං පිවී”ති? “ආම, භන්තෙ, අපරිස්සාවිතං උදකං පිවින්ති . සත්ථා “භික්ඛු පුබ්බෙ පණ්ඩිතා දෙවනගරෙ රජ්ජං කාරෙන්තා යුද්ධපරාජිතා සමුද්දපිට්ඨෙන පලායන්තා ‘ඉස්සරියං නිස්සාය පාණවධං න කරිස්සාමා’ති තාව මහන්තං යසං පරිච්චජිත්වා සුපණ්ණපොතකානං ජීවිතං දත්වා රථං නිවත්තයිංසූ”ති වත්වා අතීතං ආහරි.
“කුලාවකාති” යන මේ ජාතක කථාව බුදුරදුන් ජේතවනාරාමයෙහි වසන සේක්, නො පෙරන ලද ජලය පානය කළ භික්ෂුවක අරබයා දෙසූහ. යහළු භික්ෂු දෙනමක් සැවැත් නුවරින් ඈත දනව්වකට ගොස් බත් පහසු තැනක සිත් වූ පරිදි වැස බුදුරදුන් දකින්නෙමු යි, එයින් නික්ම දෙව්රම බලා ගියහ. එක භික්ෂුවක අත පැන් පෙරහනක් ඇත. අනික් භික්ෂුවට නැත. දෙදෙනා ම එකතුව පැන් පෙරා බොති. දිනක් ඔවුහු විවාහ කළහ. පෙරහන හිමි භික්ෂුව අනික් භික්ෂුවට පෙරහන නො දී තමා ම පැන් පෙරා පානය කළේය. අනික් භික්ෂුව පෙරහන නො ලැබ දරා සිටීමට නො හැකි ව නො පෙරා ම පැන් පානය කළේය. ඒ දෙදෙනා ම පිළිවෙළින් දෙව්රම් වෙහෙරට අවුත් බුදුරදුන් වෙත පැමිණ වැඳ හුන්හ. උන්වහන්සේ ඔවුන්ගෙන් සුවදුක් විචාරා කොහේ සිට පැමිණියහුදැ යි ඇසූහ. ස්වාමීනි, අපි කොසොල් රට එක් කුඩා ගමක වැස එයින් නික්ම ඔබවහන්සේ දකිනු පිණිස පැමිණියෝ වෙමු. ඔබ දෙදෙන සමගියෙන් ආවහු ද? පෙරහන නැති භික්ෂුව ස්වාමීනි, අතර මඟ දී මොහු මා සමග විවාදකොට මට පෙරහන්කඩය නො දුන්නේය. අනෙක් භික්ෂුව මෙසේ කීය. ස්වාමීනි, මේ භික්ෂුව නො පෙරා ම දැන දැන ප්‍රාණීන් සහිත පැන් පානය කළේය. මහණ සත්‍යය ද? නො පෙරා දැන දැන ප්‍රාණීන් සහිත පැන් පානය කළෙහි ද? ස්වාමීනි, එ සේය. මා විසින් නො පෙරා පැන් පානය කරන ලදි. මහණ, පෙර නුවණැත්තෝ දිව්‍යය නගරයක රාජ්‍යය කරවන්නාහු යුදයෙන් පැරදී මුහුද මතින් යන්නාහු, තම සම්පත් සඳහා ප්‍රාණ වධ නො කරෙන්නෙමු යි ඒ සා මහත් සම්පත් අතහැර ගුරුළු පැටවුන් වෙනුවෙන් තම ජීවිතය අතහැර රථය නැවැත්වූහ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ මගධරට්ඨෙ රාජගහෙ එකො මාගධරාජා රජ්ජං කාරෙසි. තදා බොධිසත්තො යථා එතරහි සක්කො පුරිමත්තභාවෙ මගධරට්ඨෙ මචලගාමකෙ නිබ්බත්ති, එවං තස්මිංයෙව මචලගාමකෙ මහාකුලස්ස පුත්තො හුත්වා නිබ්බත්ති. නාමග්ගහණදිවසෙ චස්ස “මඝකුමාරො”ත්වෙව නාමං අකංසු. සො වයප්පත්තො “මඝමාණවො”ති පඤ්ඤායිත්ථ. අථස්ස මාතාපිතරො සමානජාතිකකුලතො දාරිකං ආනයිංසු. සො පුත්තධීතාහි වඩ්ඪමානො දානපති අහොසි, පඤ්ච සීලානි රක්ඛති. තස්මිඤ්ච ගාමෙ තෙත්තිංසෙව කුලානි හොන්ති, තෙපි තෙත්තිංස කුලා මනුස්සා එකදිවසං ගාමමජ්ඣෙ ඨත්වා ගාමකම්මං කරොන්ති. බොධිසත්තො ඨිතට්ඨානෙ පාදෙහි පංසුං වියූහිත්වා තං පදෙසං රමණීයං කත්වා අට්ඨාසි, අථඤ්ඤො එකො ආගන්ත්වා තස්මිං ඨානෙ ඨිතො. බොධිසත්තො අපරං ඨානං රමණීයං කත්වා අට්ඨාසි, තත්රාපි අඤ්ඤො ඨිතො. බොධිසත්තො අපරම්පි අපරම්පීති සබ්බෙසම්පි ඨිතට්ඨානං රමණීයං කත්වා අපරෙන සමයෙන තස්මිං ඨානෙ මණ්ඩපං කාරෙසි, මණ්ඩපම්පි අපනෙත්වා සාලං කාරෙසි, තත්ථ ඵලකාසනානි සන්ථරිත්වා පානීයචාටිං ඨපෙසි.
පෙර මගධ රට රජගහ නුවර එක් මගධ රජෙක් රාජ්‍යය කළේය. එකල බෝසත්හු දැන් සක්දෙවිඳු පෙර අත්බවෙහි මගධ රට මචල නම් කුඩා ගමක උපන්නේ ද, බෝසත්හු ද එම මචල ගමෙහි ම උසස් කුලයක පුතකු වී උපන්නේය. නම් තබන දවසෙහි ඔහුට මඝකුමාර යි නම තැබූහ. ඔහු තරුණ වියට පැමිණියේ මඝ මානවක නමින් හැඳින්විණි. ඉක්බිති ඔහුගේ මව්පියෝ සමාන ජාති ඇති කුලයකින් දැරියක ආවාහකොට දුන්හ. ඔහු දූපුතුන් සමග වැඩෙන්නේ දානපතියකු විය. පන්සිල් රකී. එම ගමෙහි කුල තිහක් වෙයි. ඒ තිස් කුලයක අයත් මිනිස්සු එක දවසක් ගම මැද එකතු ව ගමෙහි කටයුතු කරත්. බෝසත්හු තමා සිටි තැන පයින් පස් විසුරුවා ඒ පෙදෙස සිත් ගන්නක් කොට සිටියේය. ඉක්බිති වෙනත් අයෙක් අවුත් එතැන සිටියේය. බෝසත්හු වෙනත් තැනකට ගොස් එතැන ද සිත් ගන්නා තැනක් කොට සිටියේය. එතැන ද අනෙකෙක් සිටියේය. බෝසත්හු වෙනත් තැනක් රමණීය තැනක් කොට සිටියේය. එතැන ද අනෙකෙක් සිටියේය. මෙසේ සියල්ලන් සිටි තැන් ම රමණීයකොට පසු කලෙක එහි මණ්ඩපයක් කරවීය. මණ්ඩපය ඉවත්කොට ශාලාවක් කරවීය. එහි දැව අසුන් අතුරා පැන් සැළියක් තැබීය.
අපරෙන සමයෙන තෙපි තෙත්තිංසජනා බොධිසත්තෙන සමානච්ඡන්දා අහෙසුං. තෙ බොධිසත්තො පඤ්චසු සීලෙසු පතිට්ඨාපෙත්වා තතො පට්ඨාය තෙහි සද්ධිං පුඤ්ඤානි කරොන්තො විචරති. තෙපි තෙනෙව සද්ධිං පුඤ්ඤානි කරොන්තා කාලස්සෙව වුට්ඨාය වාසිඵරසුමුසලහත්ථා චතුමහාපථාදීසු මුසලෙන පාසාණෙ උබ්බත්තෙත්වා පවට්ටෙන්ති, යානානං අක්ඛපටිඝාතරුක්ඛෙ හරන්ති, විසමං සමං කරොන්ති, සෙතුං අත්ථරන්ති, පොක්ඛරණියො ඛණන්ති, සාලං කරොන්ති, දානානි දෙන්ති, සීලානි රක්ඛන්ති. එවං යෙභුය්යෙන සකලගාමවාසිනො බොධිසත්තස්ස ඔවාදෙ ඨත්වා සීලානි රක්ඛිංසු.
පසු කලෙක ඒ තිස් ජනයෝ බෝසතුන් හා සමාන අදහස ඇත්තෝ වූහ. බෝසත්හු ඔවුන් පන්සිල්හි පිහිටුවා එතැන් සිට ඔවුන් සමග පින්කම් කරමින් හැසිරෙති. ඔවුහු ද ඔහු සමග පින් කරමින් අළුයම් වේලෙහි නැඟිට වෑ පොරෝ මොහොල් ගත් අත් ඇති ව සිව්මං සැල් ආදියෙහි මොහොලෙන් ගල් උගුලා පෙරලත්. ගැල්හි අත්ල ගැටෙන ගස් බැහැර කරත්. විසම තැන් සම කරත්. හේදඬු අතුරත්. පොකුණු සාරති. ශාලා කරත්. දන් දෙත්. සිල් රකිත්. මෙසේ බෙහෙවින් ගම්වැසි සියලු දෙන බෝසතුන් අවවාදයෙහි පිහිටා සිල් රැක්කෝය.
අථ නෙසං ගාමභොජකො චින්තෙසි “අහං පුබ්බෙ එතෙසු සුරං පිවන්තෙසු පාණාතිපාතාදීනි කරොන්තෙසු චාටිකහාපණාදිවසෙන චෙව දණ්ඩබලිවසෙන ච ධනං ලභාමි, ඉදානි පන මඝො මාණවො සීලං රක්ඛාපෙති, තෙසං පාණාතිපාතාදීනි කාතුං න දෙති, ඉදානි පන තෙ පඤ්ච සීලානි න රක්ඛාපෙස්සාමී”ති කුද්ධො රාජානං උපසඞ්කමිත්වා “දෙව, බහූ චොරා ගාමඝාතාදීනි කරොන්තා විචරන්තී”ති ආහ. රාජා තස්ස වචනං සුත්වා “ගච්ඡ, තෙ ආනෙහී”ති ආහ. සො ගන්ත්වා සබ්බෙපි තෙ බන්ධිත්වා ආනෙත්වා “ආනීතා, දෙව, චොරා”ති රඤ්ඤො ආරොචෙසි. රාජා තෙසං කම්මං අසොධෙත්වාව “හත්ථිනා නෙ මද්දාපෙථා”ති ආහ. තතො සබ්බෙපි තෙ රාජඞ්ගණෙ නිපජ්ජාපෙත්වා හත්ථිං ආනයිංසු. බොධිසත්තො තෙසං ඔවාදං අදාසි “තුම්හෙ සීලානි ආවජ්ජෙථ, පෙසුඤ්ඤකාරකෙ ච රඤ්ඤෙ ච හත්ථිම්හි ච අත්තනො සරීරෙ ච එකසදිසමෙව මෙත්තං භාවෙථා”ති. තෙ තථා අකංසු. අථ නෙසං මද්දනත්ථාය හත්ථිං උපනෙසුං. සො උපනීයමානොපි න උපගච්ඡති, මහාවිරවං විරවිත්වා පලායති. අඤ්ඤං අඤ්ඤං හත්ථිං ආනයිංසු, තෙපි තථෙව පලායිංසු.
ඉක්බිති ඔවුන්ගේ ගම්පති තෙම සිතීය. පෙර මොවුන් සුරා බොන කල්හි ප්‍රාණ වධ ආදිය කරන කල්හි එක සුරා සැලියට කහවනුව ආදී වශයෙන් ද දඩ මුදල් වශයෙන් ද මම ධනය ලබමි. දැන් මඝ මානවක සිල් රක්වමි යි ඔවුන්ට ප්‍රාණ වධ ආදිය කරන්න ඉඩ නො දේයැ යි කිපී දැන් මම ඔවුන් ලවා පන්සිල් රක්කවමි යි රජු වෙත ගොස් දේවයිනි, බොහෝ සොරු ගමේ මිනී මැරුම් ආදිය කරමින් හැසිරෙති යි කීහ. රජු ඒ වචනය අසා යව. ගොස් ඔවුන් අල්ලාගෙන එව යි කීය. ගම් දෙටු ගොස් ඔවුන් සියල්ලන් ම බැඳගෙන අවුත් දේවයිනි, සොරුන් ගෙන එන ලද්දේයැ යි රජුට දැන්වීය. රජ ඔවුන් කළ දේ නො විමසා ම ඔවුන් ඇතු ලවා මඩව යි කීය. ඉක්බිති ඔවුන් සියල්ලන් ම රජ මිදුලෙහි හොවා ඇතා ගෙන ආවේය. බෝසත්හු ඒ සියලු දෙනාට ම අවවාද දුන්හ. තොපි සිල් සිහි කරවු. කේළාම් කී අය කෙරෙහි ද රජු කෙරෙහි ද ඇතු කෙරෙහි ද තමා හා සමානකොට මෙත් සිත් වඩවු. ඔවුහු ද එසේ කළහ. අනතුරුව ඔවුන් මැඩීම සඳහා ඇතු ළඟට ගෙනාවේය. ඔහු ඇදගෙන ආ නමුදු ළං නො වෙයි. මහත් සේ නාදකොට පලායති. එකිනෙකා ඇතකු බැගින් ගෙන ආවේය. ඔවුහු එ සේ ම පලාගියහ.
රාජා “එතෙසං හත්ථෙ කිඤ්චි ඔසධං භවිස්සතී”ති චින්තෙත්වා “විචිනථා”ති ආහ. විචිනන්තා අදිස්වා “නත්ථි, දෙවා”ති ආහංසු. තෙන හි කිඤ්චි මන්තං පරිවත්තෙස්සන්ති, පුච්ඡථ නෙ “අත්ථි වො පරිවත්තනමන්තො”ති? රාජපුරිසා පුච්ඡිංසු, බොධිසත්තො “අත්ථී”ති ආහ. රාජපුරිසා “අත්ථි කිර, දෙවා”ති ආරොචයිංසු, රාජා සබ්බෙපි තෙ පක්කොසාපෙත්වා “තුම්හාකං ජානනමන්තං කථෙථා”ති ආහ. බොධිසත්තො අවොච “දෙව, අඤ්ඤො අම්හාකං මන්තො නාම නත්ථි, අම්හෙ පන තෙත්තිංසමත්තා ජනා පාණං න හනාම, අදින්නං නාදියාම, මිච්ඡාචාරං න චරාම, මුසාවාදං න භණාම, මජ්ජං න පිවාම, මෙත්තං භාවෙම, දානං දෙම, මග්ගං සමං කරොම, පොක්ඛරණියො ඛණාම, සාලං කරොම, අයං අම්හාකං මන්තො ච පරිත්තඤ්ච වුඩ්ඪි චා”ති. රාජා තෙසං පසන්නො පෙසුඤ්ඤකාරකස්ස සබ්බං ගෙහවිභවං තඤ්ච තෙසංයෙව දාසං කත්වා අදාසි, තං හත්ථිඤ්ච ගාමඤ්ච තෙසංයෙව අදාසි.
රජ, මොවුන් අත යම් කිසි ඖෂධයක් විය යුතු යි සිතා පරීක්ෂා කරනු යි අණ කළේය. පරීක්ෂා කරන්නාහු එවැනි දෙයක් නැතැ යි කීහ. රාජ පුරුෂයෝ තොප ළඟ පිරිවහණ කිසි මන්ත්‍රයක් ඇත්දැ යි ඇසූහ. බෝසත්හු ඇතැ යි කීහ. රාජ පුරුෂයෝ එවැන්නක් ඇතැ යි සැලකළහ. රජ ඔවුන් සියල්ලන් ම ගෙන්වා තොප දන්නා මන්ත්‍රය කියවු යි කීය. බෝසත්හු මෙසේ කීහ. දේවයිනි, අපගේ අන් මන්ත්‍රයක් නැත. අපි තිස් දෙනා ප්‍රාණ වධ නො කරමු. නුදුන් දේ නො ගනිමු. කාමයෙහි වරදවා නො හැසිරෙමු. බොරු නො කියමු. මත්පැන් නො බොමු. මෙත් වඩමු. දන් දෙමු. මඟ සම කරමු. පොකුණු කණිමු. ශාලා හදමු. මේ අපේ මන්ත්‍රයෙන් ආරක්ෂාව ද දියුණුව ද වේ. රජ ඔවුන්ට පැහැදී කේලාම් කියූවහුගේ සියලු සම්පත් ද ඔවුන්ට ම දී ඔහු ද දාසකොට දිනි. ඒ ඇතු හා ගම ද ඔවුන්ට ම දුන්නේය.
තෙ තතො පට්ඨාය යථාරුචියා පුඤ්ඤානි කරොන්තා “චතුමහාපථෙ මහන්තං සාලං කාරෙස්සාමා”ති වඩ්ඪකිං පක්කොසාපෙත්වා සාලං පට්ඨපෙසුං. මාතුගාමෙසු පන විගතච්ඡන්දතාය තස්සා සාලාය මාතුගාමානං පත්තිං නාදංසු. තෙන ච සමයෙන බොධිසත්තස්ස ගෙහෙ සුධම්මා, චිත්තා, නන්දා, සුජාති චතස්සො ඉත්ථියො හොන්ති. තාසු සුධම්මා වඩ්ඪකිනා සද්ධිං එකතො හුත්වා “භාතික, ඉමිස්සා සාලාය මං ජෙට්ඨිකං කරොහී”ති වත්වා ලඤ්ජං අදාසි. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා පඨමමෙව කණ්ණිකාරුක්ඛං සුක්ඛාපෙත්වා තච්ඡෙත්වා විජ්ඣිත්වා කණ්ණිකං නිට්ඨාපෙත්වා වත්ථෙන පලිවෙඨෙත්වා ඨපෙසි. අථ සාලං නිට්ඨාපෙත්වා කණ්ණිකාරොපනකාලෙ “අහො, අය්යා, එකං න සරිම්හා”ති ආහ. “කිං නාම, භො”ති. “කණ්ණිකා ලද්ධුං වට්ටතී”ති. “හොතු ආහරිස්සාමා”ති? “ඉදානි ඡින්නරුක්ඛෙන කාතුං න සක්කා, පුබ්බෙයෙව ඡින්දිත්වා තච්ඡෙත්වා විජ්ඣිත්වා ඨපිතකණ්ණිකා ලද්ධුං වට්ටතී”ති. “ඉදානි කිං කාතබ්බ”න්ති? “සචෙ කස්සචි ගෙහෙ නිට්ඨාපෙත්වා ඨපිතා වික්කායිකකණ්ණිකා අත්ථි, සා පරියෙසිතබ්බා”ති. තෙ පරියෙසන්තා සුධම්මාය ගෙහෙ දිස්වා මූලෙන න ලභිංසු. “සචෙ මං සාලාය පත්තිකං කරොථ, දස්සාමී”ති වුත්තෙ “න මයං මාතුගාමානං පත්තිං දම්හා”ති ආහංසු.
ඔවුහු එතැන් පටන් කැමැති පරිදි පින් කරන්නාහු. සිව් මංසලෙහි ශාලාවක් තනන්නෙමු යි වඩුවකු ගෙන්වා ශාලාව ස්ථාපනය කළහ. මාගමුන් කෙරෙහි කැමැත්තක් නැති හෙයින් ඔවුන්ට සහභාගිත්වයක් නුදුන්හ. එකල බෝසතුන්ගේ ගෙහි සුධම්මා, චින්තා, නන්දා, සුජා නමින් කාන්තාවෝ සිව් දෙනෙක් වෙති. ඔවුනතුරෙන් සුධම්මා තුමෝ වඩුවන් හා එකතුව, සොහොයුර, මා මේ ශාලාවේ දෙටු තැනැත්තිය කරව යි කීවාය. අල්ලස් දුන්නාය. ඔහු ද මැනවැ යි පිළිගෙන කැණිමඬලට සුදුසු ගසක් වියලා සැස විද කැණිමඬල නිමවා වස්ත්‍රයකින් ඔතා තැබීය. ශාලාව නිමවා කැණිමඬල තබන දිනයෙහි මහත්වරුනි, එක කාර්යයක් අමතක වීයැ යි කීය. ඒ කුමක් ද? කර්ණිකාවක් අවශ්‍ය වේ. හොඳයි. ගෙනෙන්නෙමු. දැන් කැපූ ගසකින් එය කළ නො හැකිය. කලින් කපා සැස, විද තබන ලද කර්ණිකාවක් ලැබිය යුතුය. දැන් කුමක් කළ යුතු ද? එ සේ සකස්කොට තුබූ මිලට ගතහැකි කර්ණිකාවක් ඇත්දැ යි සොයා බැලිය යුතුය. ඔවුන් එ සේ සොයායන්නාහු සුධම්මාගේ ගෙහි දැක මිලට නො ලැබූහ. මා එම ශාලාවේ කොටස්කාරියක කරන්නේ නම් දෙමි යි කී කල්හි අපි මාගමුන් ශාලාවේ කොටස්කාරියන් නො කරම්හ යි කීහ.
අථ නෙ වඩ්ඪකී ආහ “අය්යා, තුම්හෙ කිං කථෙථ, ඨපෙත්වා බ්රහ්මලොකං අඤ්ඤං මාතුගාමරහිතට්ඨානං නාම නත්ථි, ගණ්හථ කණ්ණිකං, එවං සන්තෙ අම්හාකං කම්මං නිට්ඨං ගමිස්සතී”ති. තෙ “සාධූ”ති කණ්ණිකං ගහෙත්වා සාලං නිට්ඨාපෙත්වා ආසනඵලකානි සන්ථරිත්වා පානීයචාටියො ඨපෙත්වා යාගුභත්තං නිබන්ධිංසු. සාලං පාකාරෙන පරික්ඛිපිත්වා ද්වාරං යොජෙත්වා අන්තොපාකාරෙ වාලුකං ආකිරිත්වා බහිපාකාරෙ තාලපන්තියො රොපෙසුං. චිත්තාපි තස්මිං ඨානෙ උය්යානං කාරෙසි, “පුප්ඵූපගඵලූපගරුක්ඛො අසුකො නාම තස්මිං නත්ථී”ති නාහොසි. නන්දාපි තස්මිංයෙව ඨානෙ පොක්ඛරණිං කාරෙසි පඤ්චවණ්ණෙහි පදුමෙහි සඤ්ඡන්නං රමණීයං. සුජා න කිඤ්චි අකාසි.
එවිට වඩුවා, මහත්වරුනි, කුමක් කියන්නාහු ද? බඹලොව හැර මාගමුන් නැති තැනක් නැත. කර්ණිකාව ගනු මැනවි. එවිට ශාලාවේ වැඩ නිමවන්නේය. ඔවුහු ද මැනවැ යි එය ගෙන ශාලාව නිමවා අසුන් පුවරු අතුරා පැන්සාලි තබා කැඳබත් නියම කළහ. ශාලාව පවුරකින් වටකොට දොරක් යොදා පවුර ඇතුළත වැලි විසුරුවා පවුරෙන් පිට තල් ගස් පෙළක් සිටවූහ. චින්තා ද එහි උයනක් කැරවූවාය. මල් ගෙඩි හටගන්නා අසවල් රුකක් එහි නැතැ යි කීමක් නැත. නන්දා ද එහි පස්වණක් පියුමින් ගැවසුණ පොකුණක් කරවූවාය. සුජාතා කිසිවක් නො කළාය.
බොධිසත්තො මාතු උපට්ඨානං පිතු උපට්ඨානං කුලෙ ජෙට්ඨාපචායිකකම්මං සච්චවාචං අඵරුසවාචං අපිසුණවාචං මච්ඡෙරවිනයන්ති ඉමානි සත්ත වතපදානි පූරෙත්වා –
බෝසත්හු මව්පිය උවැටන, කුලදෙටුවන් පිදීම, බොරු නො කීම, රළු වචන නො කීම, කේළාම් නො කීම, මසුරු මල දුරු කිරීම යන මේ සත් සිරිත් පුරා,
“මාතාපෙත්තිභරං ජන්තුං, කුලෙ ජෙට්ඨාපචායිනං; සණ්හං සඛිලසම්භාසං, පෙසුණෙය්යප්පහායිනං.
“මාතා පෙත්තිභරං ජන්තුං කුලෙ ජෙට්ඨාපචායිනං, සණ්හ සඛිලසම්හාසං පෙසුණෙය්යප්පහායිනං
“මච්ඡෙරවිනයෙ යුත්තං, සච්චං කොධාභිභුං නරං; තං වෙ දෙවා තාවතිංසා, ආහු සප්පුරිසො ඉතී”ති. (සං· නි· 1.257) –
මච්ඡෙරවිනයෙ යුත්තං සච්චං කොධාභිභුං නරං, තං වෙ දෙවා තාවතිංසා ආහු සප්පුරිසො ඉතී”
“මව්පියන් පෝෂණය කරන, කුලදෙටුවන් පුදන, සත්‍යය කථා කරන, රළුබස් නැති, පිසුණු වචන නො කියන, මසුරු මළ දුරු කිරීමෙහි යෙදුණු, ඉවසීමෙන් යුත් මිනිසා තව්තිසා වැසි දෙවියෝ, සත් පුරුෂයකුයැ යි කියති.”
එවං පසංසියභාවං ආපජ්ජිත්වා ජීවිතපරියොසානෙ තාවතිංසභවනෙ සක්කො දෙවරාජා හුත්වා නිබ්බත්ති, තෙපිස්ස සහායා තත්ථෙව නිබ්බත්තිංසු. තස්මිං කාලෙ තාවතිංසභවනෙ අසුරා පටිවසන්ති. සක්කො දෙවරාජා “කිං නො සාධාරණෙන රජ්ජෙනා”ති අසුරෙ දිබ්බපානං පායෙත්‍වා මත්තෙ සමානෙ පාදෙසු ගාහාපෙත්වා සිනෙරුපබ්බතපාදෙ ඛිපාපෙසි. තෙ අසුරභවනමෙව සම්පාපුණිංසු.
මෙසේ පැසසිය යුතු බවට පැමිණ දිවි කෙළවර තව්තිසා භවනෙහි සක් දෙවි රජව උපන්නේය. ඔහුගේ යහළුවෝ ද එහි ම උපන්හ. එකල තව්තිසාවෙහි අසුරයෝ වසති. සක් දෙව් රජ අසාධාරණ රාජ්‍යයෙන් අපට වැඩක් නැතැ යි අසුරයන්ට දිව්‍යය පාණ පොවා මත් වූ පසු පාවලින් ගෙන සිනේරු පර්වත පාදයට ඇද දැමුවේය. ඔවුහු අසුරු භවනයට ම ගියහ.
අසුරභවනං නාම සිනෙරුස්ස හෙට්ඨිමතලෙ තාවතිංසදෙවලොකප්පමාණමෙව, තත්ථ දෙවානං පාරිච්ඡත්තකො විය චිත්තපාටලි නාම කප්පට්ඨියරුක්ඛො හොති. තෙ චිත්තපාටලියා පුප්ඵිතාය ජානන්ති “නායං අම්හාකං දෙවලොකො, දෙවලොකස්මිඤ්හි පාරිච්ඡත්තකො පුප්ඵතී”ති. අථ තෙ “ජරසක්කො අම්හෙ මත්තෙ කත්වා මහාසමුද්දපිට්ඨෙ ඛිපිත්වා අම්හාකං දෙවනගරං ගණ්හි, තෙ මයං තෙන සද්ධිං යුජ්ඣිත්‍වා අම්හාකං දෙවනගරමෙව ගණ්හිස්සාමා”ති කිපිල්ලිකා විය ථම්භං සිනෙරුං අනුසඤ්චරමානා උට්ඨහිංසු. සක්කො “අසුරා කිර උට්ඨිතා”ති සුත්වා සමුද්දපිට්ඨෙයෙව අබ්භුග්ගන්ත්වා යුජ්ඣමානො තෙහි පරාජිතො දියඩ්ඪයොජනසතිකෙන වෙජයන්තරථෙන දක්ඛිණසමුද්දස්ස මත්ථකෙන පලායිතුං ආරද්ධො. අථස්ස රථො සමුද්දපිට්ඨෙන වෙගෙන ගච්ඡන්තො සිම්බලිවනං පක්ඛන්තො, තස්ස ගමනමග්ගෙ සිම්බලිවනං නළවනං විය ඡිජ්ජිත්වා ඡිජ්ජිත්වා සමුද්දපිට්ඨෙ පතති. සුපණ්ණපොතකා සමුද්දපිට්ඨෙ පරිපතන්තා මහාවිරවං රවිංසු. සක්කො මාතලිං පුච්ඡි “සම්ම මාතලි, කිං සද්දො නාමෙස, අතිකාරුඤ්ඤරවො වත්තතී”ති? “දෙව, තුම්හාකං රථවෙගෙන විචුණ්ණිතෙ සිම්බලිවනෙ පතන්තෙ සුපණ්ණපොතකා මරණභයතජ්ජිතා එකවිරවං විරවන්තී”ති.
අසුර භවනය වනාහි සිනේරු පර්වතයෙහි යට ම තලයෙහි පිහිටියේය. එය ද තව්තිසා දෙව්ලොව පමණ ම විය. එහි දෙවියන්ට පරසතු රුක මෙන් අසුරයන්ට කපක් පවත්නා චිත්තපාටළී නම් ගසක් වෙයි. ඒ චිත්තපාටළියෙහි මල් පිපුණු කල්හි මේ අපගේ දෙව්ලොව නො වේ. එහි පිපෙන්නේ පරසතු මල්යැ යි දනිති. මහලු ශක්‍රයා අප මත්කොට මහමුහුදට ම ඇද දමා අපගේ දේව නගරය අල්ලාගත්තේය. අප දැන් ඔහු හා යුධකොට ආපසු දේව නගර අල්ලා ගනිමු. කුහුඹුවන් මෙන් සිනේරු ටැඹ මත ගමන් කරමින් උඩට නැංගාහුය. ශක්‍රයා අසුරයෝ නැඟිණැ යි අසා මුහුද මතුපිටට පැනනැඟී යුද කරමින් ඔවුන් විසින් පරදවනු ලැබුවේ යොදුන් දෙසිය පනසක් පමණ වූ වේජයන්ත නම් රථයෙන් දකුණු මුහුද මතුපිටින් පලායන්ට පටන් ගත්තේය. ඉක්බිති, ඔහුගේ රථය දිය මතුපිටින් වේගයෙන් යන්නේ ඉඹුල් වනයට පැමිණියේය. ඔහුගේ ගමන් මඟෙහි ඉඹුල් වනය තල්වනයක් මෙනි. කැඩි කැඩී මුහුද මත වැටෙයි. ගුරුළු පැටවු මුහුද මත පෙරළෙමින් මහ හඬින් හැඬූහ. ශක්‍රයා මාතලීගෙන් විමසීය. මහළු මාතලී, ඉතා බැගෑ හඬක් ඇසෙයි. ඒ කුමක් ද? දේවයිනි, ඔබගේ රථ වේගයෙන් ඉඹුල් වනය සුණු විසුණු ව වැටෙන කල්හි ගුරුළු පැටව් මරණ බියෙන් තැතිගෙන මහ හඬින් හඬන්නේය.
මහාසත්තො “සම්ම මාතලි, මා අම්හෙ නිස්සාය එතෙ කිලමන්තු, න මයං ඉස්සරියං නිස්සාය පාණවධකම්මං කරොම, එතෙසං පන අත්ථාය මයං ජීවිතං පරිච්චජිත්වා අසුරානං දස්සාම, නිවත්තයෙතං රථ”න්ති වත්වා ඉමං ගාථමාහ –
බෝසත්හු, යහළු මාතලී, අප නිසා මොව්හු නො මැරෙත්වා. සම්පත් නිසා අපි ප්‍රාණ වධ නො කරමු. මොවුන් සඳහා ජීවිත පරිත්‍යාගකොට අසුරයින්ට ජයදෙමු. රථය නවත්වනු යි කියා මේ ගාථාව කීහ.
“කුලාවකා මාතලි සිම්බලිස්මිං, ඊසාමුඛෙන පරිවජ්ජයස්සු; කාමං චජාම අසුරෙසු පාණං, මාමෙ දිජා විකුලාවා අහෙසු”න්ති.
“කුලාචකා මාතලි සිම්බලිස්මිං, ඊසාමුඛෙන පරිවජ්ජයස්සු, කාමං චජාම අසුරෙසු පාණං, මායිමෙ දිජා විකුලාවා අහෙසුන්ති”
“මාතලිය, ඉඹුල් වනයෙහි කැදලිවල වෙසෙන ගුරුළු පැටව් රථයේ හී කෙළවරින් මඟ හරවනු. ඒකාන්තයෙන් අසුරයින්ට ප්‍රාණ පරිත්‍යාග කරමු. මේ ගුරුළු පැටව් විනාශ වූ කැදැළි ඇත්තෝ නො වෙත්වා.”
තත්ථ කුලාවකාති සුපණ්ණපොතකා. මාතලීති සාරථිං ආමන්තෙසි. සිම්බලිස්මින්ති පස්ස එතෙ සිම්බලිරුක්ඛෙ ඔලම්බන්තා ඨිතාති දස්සෙති. ඊසාමුඛෙන පරිවජ්ජයස්සූති එතෙ එතස්ස රථස්ස ඊසාමුඛෙන යථා න හඤ්ඤන්ති, එවං තෙ පරිවජ්ජයස්සු. කාමං චජාම අසුරෙසු පාණන්ති යදි අම්හෙසු අසුරානං පාණං චජන්තෙසු එතෙසං සොත්ථි හොති, කාමං චජාම එකංසෙනෙව මයං අසුරෙසු අම්හාකං පාණං චජාම. මාමෙ දිජා විකුලාවා අහෙසුන්ති ඉමෙ පන දිජා ඉමෙ ගරුළපොතකා විද්ධස්තවිචුණ්ණිතකුලාවකතාය විකුලාවා මා අහෙසුං, මා අම්හාකං දුක්ඛං එතෙසං උපරි ඛිප, නිවත්තය නිවත්තය රථන්ති. මාතලිසඞ්ගාහකො තස්ස වචනං සුත්වා රථං නිවත්තෙත්වා අඤ්ඤෙන මග්ගෙන දෙවලොකාභිමුඛං අකාසි. අසුරා පන තං නිවත්තයමානමෙව දිස්වා “අද්ධා අඤ්ඤෙහිපි චක්කවාළෙහි සක්කා ආගච්ඡන්ති, බලං ලභිත්වා රථො නිවත්තො භවිස්සතී”ති මරණභයභීතා පලායිත්වා අසුරභවනමෙව පවිසිංසු.
එහි, “කුලාවකා” ගුරුළු පැටව්, “මාතලී” රියදුරුට ඇමතීය. “සිම්බලිස්මිං” මේ ඉඹුල් ගස්වල එල්බෙන කැදලි ඇතැ යි පෙන්වයි. “ඊසා මුඛෙන පරිවජ්ජයස්සු” මේ ගුරුළු පැටව් රථයෙහි හී කෙළවරින් යම් සේ නො නැසේ ද, ඒ අයුරින් ඔවුන් වළක්වන්න. “කාමං චජාම අසුරෙසු පාණං” ඉදින් අප අසුරයින්ට ජීවිත අත්හරින කල්හි මොවුන්ට සෙතක් වේ නම් ඒකාන්තයෙන් අපි අසුරයින්ට ජීවිත දෙමු. “මායිමෙ දිජා විකුලාවා අහෙසුන්ත” මේ පක්ෂීහු, ගුරුළු පැටව් විසිවී ගිය, සුණු විසුණුවී ගිය කැදැළි ඇත්තෝ නො වෙත්වා. අපගේ දුක මොවුන් මත නො දමනු. රථය නවතනු. මාතලී රියදුරු ඔහුගේ වචනය අසා රථය නවත්වා වෙනත් මඟකින් දෙව්ලොව බලා ගියේය. අසුරයේ රථය නවත්වනු දැක, නිසැකව ම අනෙක් සක්වලවල ශක්‍රයෝ ද එන්නේය. ඔවුන්ගේ බලය ලැබ රථය නැවැත්වූවා විය යුතුයි. මරණ බයින් බියපත් ව අසුර භවනට ම පිවිසියහ.
සක්කොපි දෙවනගරං පවිසිත්වා ද්වීසු දෙවලොකෙසු දෙවගණෙන පරිවුතො නගරමජ්ඣෙ අට්ඨාසි. තස්මිං ඛණෙ පථවිං භින්දිත්වා යොජනසහස්සුබ්බෙධො වෙජයන්තපාසාදො උට්ඨහි. විජයන්තෙ උට්ඨිතත්තා “වෙජයන්තො” ත්වෙව නාමං අකංසු. අථ සක්කො පුන අසුරානං අනාගමනත්ථාය පඤ්චසු ඨානෙසු ආරක්ඛං ඨපෙසි. යං සන්ධාය වුත්තං –
ශක්‍රයා ද දෙව් ලොවට ම ගොස් දෙව්ලොව දෙවියන් පිරිවරා නුවර මැද සිටියේය. එකෙණෙහි පොළොව බිඳගෙන යොදුන් දහසක් උස වේජයන්ත නම් පහය පැන නැංගේය. ජයග්‍රහණය කෙළවර පැන නැඟුණු බැවින් වේජයන්ත යනුවෙන් ම නමක් තැබූහ. ශක්‍රයා නැවත අසුරයන්ගේ පැමිණීම වළක්වනු සඳහා ස්ථාන පසක ආරක්ෂා තැබූහ. ඒ සඳහා කියන ලදි.
“අන්තරා ද්වින්නං අයුජ්ඣපුරානං, පඤ්චවිධා ඨපිතා අභිරක්ඛා; උරගකරොටිපයස්ස ච හාරී, මදනයුතා චතුරො ච මහන්තා”ති. (සං· නි· අට්ඨ· 1.1.247);
“අන්තරා ද්වින්නං ආයුජ්ඣපුරානං, පංචවිධා ඨපිතා අභිරක්ඛා, උරග කරොටි පයස්ස ච හාරී, මදනයුතා චතුරො ච මහන්තා”
“යුදකොට ජය ගත නො හැකි, දේව අසුර දෙසුර අතර පඤ්චවිධ විශේෂ ආරක්ෂා තැබූහ. ඒවා නම්, උරග, කරෝටි, පයස්සහාරී, මදනයුත, සතරවරම් රජ යන පසයි.”
ද්වෙ නගරානිපි යුද්ධෙන ගහෙතුං අසක්කුණෙය්යතාය අයුජ්ඣපුරානි නාම ජාතානි දෙවනගරඤ්ච අසුරනගරඤ්ච. යදා හි අසුරා බලවන්තා හොන්ති, අථ දෙවෙහි පලායිත්වා දෙවනගරං පවිසිත්වා ද්වාරෙ පිහිතෙ අසුරානං සතසහස්සම්පි කිඤ්චි කාතුං න සක්කොති. යදා දෙවා බලවන්තා හොන්ති, අථ අසුරෙහි පලායිත්වා අසුරනගරං පවිසිත්වා ද්වාරෙ පිහිතෙ සක්කානං සතසහස්සම්පි කිඤ්චි කාතුං න සක්කොති. ඉති ඉමානි ද්වෙ නගරානි අයුජ්ඣපුරානි නාම. තෙසං අන්තරා එතෙසු උරගාදීසු පඤ්චසු ඨානෙසු සක්කෙන ආරක්ඛා ඨපිතා. තත්ථ උරග-සද්දෙන නාගා ගහිතා. තෙ උදකෙ බලවන්තා හොන්ති, තස්මා සිනෙරුස්ස පඨමාලින්දෙ තෙසං ආරක්ඛා. කරොටි-සද්දෙන සුපණ්ණා ගහිතා. තෙසං කිර කරොටි නාම පානභොජනං, තෙන තං නාමං ලභිංසු, දුතියාලින්දෙ තෙසං ආරක්ඛා. පයස්සහාරි-සද්දෙන කුම්භණ්ඩා ගහිතා. දානවරක්ඛසා කිරෙතෙ, තතියාලින්දෙ තෙසං ආරක්ඛා. මදනයුත-සද්දෙන යක්ඛා ගහිතා. විසමචාරිනො කිර තෙ යුද්ධසොණ්ඩා, චතුත්ථාලින්දෙ තෙසං ආරක්ඛා. චතුරො ච මහන්තාති චත්තාරො මහාරාජානො වුත්තා, පඤ්චමාලින්දෙ තෙසං ආරක්ඛා. තස්මා යදි අසුරා කුපිතා ආවිලචිත්තා දෙවපුරං උපයන්ති, පඤ්චවිධෙසු යං ගිරිනො පඨමං පරිභණ්ඩං, තං උරගා පරිබාහිය තිට්ඨන්ති. එවං සෙසෙසු සෙසා.
දේව නගරය හා අසුර නගරය යන නගර දෙක යුදකොට ගැනීමට නො හැකි බැවින් අයුජ්ඣපුර නම් විය. යම් කලෙක අසුරයෝ බලවත් වෙත් නම් දෙවියන් පලාගොස් දෙව් නුවරට ගොස් දොර වැසූ කල්හි ලක්ෂයක් අසුරයන් පැමිණිය ද කිසිවක් කළ නො හැකි වෙයි. යම් කලෙක දෙවියෝ බලවත් වෙත් ද, අසුරයන් පලාගොස් අසුර නගරයේ දොරටුව වැසූ කල්හි ශක්‍රයන් ලක්ෂයකට වුව ද කිසිවක් කිරීමට නො හැකි වෙයි. ඒ නිසා මේ නගර දෙක යුද්ධ කොට අල්ලාගත නො හැකි නගර විය. ඒ නගර දෙක අතර පස් උරග නිදි තැනක ශක්‍රයා විසින් ආරක්ෂා තබන ලදි. මෙහි උරග ශබ්දයෙන් නාගයෝ ගන්නා ලදහ. ඔවුහු ජලයේ බලවත් වෙති. එම නිසා සිනේරු පර්වතයෙහි පළමු වැනි වළල්ලෙහි ඔවුන්ගේ ආරක්ෂාව ලැබේ. කරෝටි ශබ්දයෙන් ගුරුළෝ ගැනෙති. කරොටි නම්, ඔවුන් ගන්නා ආහාරයකි. ඒ නිසා ඔවුන්ට ඒ නම ලැබිණ. දෙවැනි වළල්ලෙහි ඔවුන්ගේ ආරක්ෂාව තිබේ. පයස්සහාරි ශබ්දයෙන් කුම්භාණ්ඩයෝ ගන්නා ලදහ. මොවුහු දානව නම් රාක්ෂයයෝය. තෙවැනි වළල්ලෙහි ඔවුන්ගේ ආරක්ෂාව තිබේ. මදනයුත ශබ්දයෙන් යක්ෂයෝ ගැනෙත්. සදාචාරයෙන් තොර ඔවුහු යුධ කැමැත්තෝය. ඔවුහු සතර වැනි වළල්ලට ආරක්ෂාව දෙති. චතුරෝ මහන්තා නම් සතරවරම් රජවරුය. ඔවුහු පස් වැනි වළල්ලෙහි ආරක්ෂාවෙහි නියුක්තය. මේ අසුරයෝ ඉදින් කිපී කැළැඹුණු සිතින් දේව පුරයට යත් ද පර්වතයේ පළමු වැනි වළල්ලට පැමිණියාහු ද එහි දී නාගයෝ ඔවුන් වළකාලති.
ඉමෙසු පන පඤ්චසු ඨානෙසු ආරක්ඛං ඨපෙත්වා සක්කෙ දෙවානමින්දෙ දිබ්බසම්පත්තිං අනුභවමානෙ සුධම්මා චවිත්වා තස්සෙව පාදපරිචාරිකා හුත්වා නිබ්බත්ති, කණ්ණිකාය දින්නනිස්සන්දෙන චස්සා පඤ්චයොජනසතිකා සුධම්මා නාම දෙවසභා උදපාදි, යත්ථ දිබ්බසෙතච්ඡත්තස්ස හෙට්ඨා යොජනප්පමාණෙ කඤ්චනපල්ලඞ්කෙ නිසින්නො සක්කො දෙවානමින්දො දෙවමනුස්සානං කත්තබ්බකිච්චානි කරොති. චිත්තාපි චවිත්වා තස්සෙව පාදපරිචාරිකා හුත්වා නිබ්බත්ති, උය්යානස්ස කරණනිස්සන්දෙන චස්සා චිත්තලතාවනං නාම උය්යානං උදපාදි. නන්දාපි චවිත්වා තස්සෙව පාදපරිචාරිකා හුත්වා නිබ්බත්ති, පොක්ඛරණියා නිස්සන්දෙන චස්සා නන්දා නාම පොක්ඛරණී උදපාදි.
මෙසේ මේ පස්දෙනා රැකවරණයෙහි යොදා දෙවියන්ට ප්‍රධානියා වූ ශක්‍රයා දිව්‍යය සම්පත් විඳිද්දී සුධම්මා චුතව ඔහුගේ ම භාර්යාව වී උපන්නීය. කැණිමඬල දුන් පිනින් ඇයට සුධම්මා නමින් යොදුන් පන්සියක් පමණ වූ මැණික්මය දෙව් සබා ශාලාව පහළ විය. දිව්‍යමය සුදු සේසත්, යට යොදුනක් පමණ රුවන් පළඟෙහි හුන්නේ දෙවියන්ට ප්‍රධාන වූ ශක්‍රයා දෙවි මිනිසුන් වෙනුවෙන් කළයුතු කටයුතු කරයි. චිත්තා ද චුතව ඔහුගේ ම බිරිය වී උපන්නාය. උයන කැර වූ පිනෙහි විපාක වශයෙන් ඇයට චිත්තලතා වන නම් උයන පහළ විය. නන්දා ද මියගොස් ඔහුගේ ම භාර්යා වශයෙන් උපන්නාය. පොකුණ කැර වූ පුණ්‍ය විපාකයෙන් නන්දාපොකුණ පහළ විය.
සුජා පන කුසලකම්මස්ස අකතත්තා එකස්මිං අරඤ්ඤෙ කන්දරාය බකසකුණිකා හුත්වා නිබ්බත්තා. සක්කො “සුජා න පඤ්ඤායති, කත්ථ නු ඛො නිබ්බත්තා”ති ආවජ්ජෙන්තො තං දිස්වා තත්ථ ගන්ත්වා තං ආදාය දෙවලොකං ආගන්ත්වා තස්සා රමණීයං දෙවනගරං සුධම්මං දෙවසභං චිත්තලතාවනං නන්දාපොක්ඛරණිඤ්ච දස්සෙත්වා “එතා කුසලං කත්වා මය්හං පාදපරිචාරිකා හුත්වා නිබ්බත්තා, ත්වං පන කුසලං අකත්වා තිරච්ඡානයොනියං නිබ්බත්තා, ඉතො පට්ඨාය සීලං රක්ඛාහී”ති තං ඔවදිත්වා පඤ්චසු සීලෙසු පතිට්ඨාපෙත්වා තත්ථෙව නෙත්වා විස්සජ්ජෙසි. සාපි තතො පට්ඨාය සීලං රක්ඛති. සක්කො කතිපාහච්චයෙන “සක්කා නු ඛො සීලං රක්ඛිතු”න්ති ගන්ත්වා මච්ඡරූපෙන උත්තානො හුත්වා පුරතො නිපජ්ජි, සා “මතමච්ඡකො”ති සඤ්ඤාය සීසෙ අග්ගහෙසි, මච්ඡො නඞ්ගුට්ඨං චාලෙසි, අථ නං “ජීවති මඤ්ඤෙ”ති විස්සජ්ජෙසි. සක්කො “සාධු සාධු, සක්ඛිස්සසි සීලං රක්ඛිතු”න්ති අගමාසි. සා තතො චුතා බාරාණසියං කුම්භකාරගෙහෙ නිබ්බත්ති.
සුජාතා වනාහි පින්කම් නොකළ බැවින් එක කැළයක දිය කඳුරක කෙකණියක් ව උපන්නාය. ශක්‍රයා සුජාතාව නො දැක කොහි උපන්නීදැ යි බලන්නේ ඇය දැක එහි ගොස් ඇය රැගෙන දෙව්ලොව ගොස් ඇයට සිත්කළු දේව නගරය ද සුධම්මා දේව සභාව ද චිත්තලතා වනය ද නන්දා පොකුණ ද පෙන්වා මොවුහු පින්කොට මගේ ම භාර්යාවන් වශයෙන් උපන්නාහ. ඔබ කිසි කුසලයක් නො කොට තිරිසන් යෝනියෙහි උපන්නෙහිය. මෙතැන් පටන් සිල් රකිවු යි ඔවදන් දී පන්සිල්හි පිහිටුවා ඒ විලට ම ගෙන ගොස් දැමීය. ඇය ද එතැන් සිට සිල් රකියි. ශක්‍රයා දින කීපයකින් ඇයට සිල් රැකියා හැකිදැ යි විමසනු සඳහා එහි ගොස් මත්ස්‍යයකුගේ වේෂය ගෙන උඩුකුරු ව ඇය ඉදිරියේ හොත්තේය. ඇය මළ මසකයැ යි සිතා හියෙන් අල්ලාගත්තීය. එවිට මසු නගුට සෙලවීය. ඇය මසු ජීවත්ව සිටීයැ යි හැඟමි යි ඉවත දැමුවාය. ශක්‍රයා, සාධු, සාධු යි ඇයට සිල් රකින්න හැකි යි ගියේය. ඇය එයින් චුතව බරණැස් නුවර කුඹල් ගෙයක උපන්නාය.
සක්කො “කහං නු ඛො නිබ්බත්තා”ති තත්ථ නිබ්බත්තභාවං ඤත්වා සුවණ්ණඑළාලුකානං යානකං පූරෙත්වා මජ්ඣෙ ගාමස්ස මහල්ලකවෙසෙන නිසීදිත්වා “එළාලුකානි ගණ්හථ, එළාලුකානි ගණ්හථා”ති උග්ඝොසෙසි. මනුස්සා ආගන්ත්වා “දෙහි, තාතා”ති ආහංසු. “අහං සීලරක්ඛකානං දම්මි, තුම්හෙ සීලං රක්ඛථා”ති? “මයං සීලං නාම න ජානාම, මූලෙන දෙහී”ති. “න මය්හං මූලෙන අත්ථො, සීලරක්ඛකානඤ්ඤෙවාහං දම්මී”ති. මනුස්සා “කො චායං එළාලුකො”ති පක්කමිංසු. සුජා තං පවත්තිං සුත්වා “මය්හං ආනීතං භවිස්සතී”ති චින්තෙත්වා ගන්ත්වා තං “දෙහි, තාතා”ති ආහ. “සීලං රක්ඛසි, අම්මා”ති? “ආම, රක්ඛාමී”ති. “ඉදං මයා තුය්හමෙව අත්ථාය ආභත”න්ති සද්ධිං යානකෙන ගෙහද්වාරෙ ඨපෙත්වා පක්කාමි.
ශක්‍රයා ඇය කොහි උපන්නීදැ යි බලන්නේ එහි උපන්බව දැන රන්කැකිරි යානයක් පුරවා මහළු වේශයකින් ගම මැද හිඳ කැකිරි ගන්නහු ද? රන් කැකිරි ගන්නහු දැ යි ඝෝෂා කළේය. මිනිස්සු අවුත් පියාණෙනි, දෙනු මැනවැ යි ඉල්ලූහ. මම සිල් රකිනවුන්ට දෙමි. ඔබලා සිල් රක්නාහු ද? අපි සිල් නො දනිමු. මිලට දෙන්න. මට මුදලින් වැඩක් නැත. සිල් රකිනවුන්ට ම දෙමි. මිනිස්සු මේ මෝඩයා කවරෙක්දැ යි කියමින් ගියහ. සුජාතාව මේ පුවත අසා මා සඳහා ගෙනාවා විය යුතු යි සිතා ගොස් පියාණෙනි දෙන්නැ යි කීවාය. දියණිය සිල් රකින්නෙහිදැ යි ඇසීය. එ සේය. මම සිල් රකිමි. මවිසින් මේවා ඔබ සඳහා ම ගෙන එන ලදි. යානය සමග ම ගෙදර තබා ගියේය.
සාපි යාවජීවං සීලං රක්ඛිත්වා තතො චුතා වෙපචිත්තිස්ස අසුරින්දස්ස ධීතා හුත්වා නිබ්බත්ති, සීලානිසංසෙන අභිරූපා අහොසි. සො තස්සා වයප්පත්තකාලෙ “මය්හං ධීතා අත්තනො චිත්තරුචිතං සාමිකං ගණ්හතූ”ති අසුරෙ සන්නිපාතෙසි . සක්කො “කහං නු ඛො සා නිබ්බත්තා”ති ඔලොකෙන්තො තත්ථ නිබ්බත්තභාවං ඤත්වා “සුජා චිත්තරුචිතං සාමිකං ගණ්හන්තී මං ගණ්හිස්සතී”ති අසුරවණ්ණං මාපෙත්වා තත්ථ අගමාසි. සුජං අලඞ්කරිත්වා සන්නිපාතට්ඨානං ආනෙත්වා “චිත්තරුචිතං සාමිකං ගණ්හා”ති ආහංසු. සා ඔලොකෙන්තී සක්කං දිස්වා පුබ්බෙපි සිනෙහවසෙන උප්පන්නපෙමෙන මහොඝෙන විය අජ්ඣොත්ථටහදයා හුත්වා “අයං මෙ සාමිකො”ති වත්වා තස්ස උපරි පුප්ඵදාමං ඛිපිත්වා අග්ගහෙසි. අසුරා “අම්හාකං රාජා එත්තකං කාලං ධීතු අනුච්ඡවිකං අලභිත්වා ඉදානි ලභති , අයමෙවස්සා ධීතු පිතාමහතො මහල්ලකො අනුච්ඡවිකො”ති ලජ්ජමානා පක්කමිංසු. සො තං දෙවනගරං ආනෙත්වා අඩ්ඪතෙය්යානං නාටිකාකොටීනං ජෙට්ඨිකං කත්වා යාවතායුකං ඨත්වා යථාකම්මං ගතො.
ඇය දිවිහිමියෙන් සිල් රැක එයින් චුතව වේපචිත්ති නම් අසුරිඳුගේ දියණිය වී උපන්නාය. සිල් බලයෙන් රූමත් වූවාය. නිසි වයසට පැමිණි කල්හි, මාගේ දියණිය අබිමත හිමියකු තෝරා ගනීවා යි අසුරයන් රැස් කළේය. ශක්‍රයා ද කොහි උපන්නේදැ යි බලන්නේ එහි උපන්බව දැක ඇය අබිමත හිමියකු තෝරා ගන්නී, මා තෝරා ගනිතැ යි අසුර වේශක් මවාගෙන එහි ගියේය. අසුරිඳු දියණිය සරසා අසුරයන් රැස් වූ තැන ම ගෙනවුත් අබිමත් හිමියකු තෝරාගන්නැ යි කීහ. ඕ අසුර පිරිස බලන්නී, ශක්‍රයා දැක පෙර සෙනෙහස නිසා මේ මාගේ සැමියා යි අල්ලා ගත්තාය. ශක්‍රයා ඇය දේව නගරයට ගෙනවුත් අඩතුන් කෙළක් නිළියන්ට දෙටුකොට ආයු ඇතිතාක් සිට කම් වූ පරිදි මියපරලොව ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං භික්ඛු පුබ්බෙ පණ්ඩිතා දෙවනගරෙ රජ්ජං කාරයමානා අත්තනො ජීවිතං පරිච්චජන්තාපි පාණාතිපාතං න කරිංසු, ත්වං නාම එවරූපෙ නිය්යානිකෙ සාසනෙ පබ්බජිත්වා අපරිස්සාවිතං සපාණකං උදකං පිවිස්සසී”ති තං භික්ඛුං ගරහිත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා මාතලිසඞ්ගාහකො ආනන්දො අහොසි, සක්කො පන අහමෙව අහොසි”න්ති.
බුදුරදහු මේ දම් දෙසුම ගෙන හැර දක්වා මහණ, පෙර නුවණැත්තෝ දේව රාජ්‍යය කරන්නාහු, තමාගේ ජීවිතය අත් හරින්නාහු, ප්‍රාණ වධය නො කළහ. ඔබ මේ නෛසර්ගික බුදුසසුනේ පැවිදි ව නො පෙරා ප්‍රාණීන් සහිත පැන් බොන්නෙහි යි භික්ෂුවට ගරහා අනුසන්ධි ගළපා ජාතකය නිමවූහ. එදින මාතලී රියදුරු ආනන්ද තෙරණුවෝ වූහ. ශක්‍රයා මම ම වීමි.
කුලාවකජාතකවණ්ණනා පඨමා.