10. මුනිකජාතකවණ්ණනා 30 අට්ඨකථා
10. මුනිකජාතකවණ්ණනා (30)
10. මුනික ජාතකය (30)
මා මුනිකස්ස පිහයීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ථුල්ලකුමාරිකාපලොභනං ආරබ්භ කථෙසි. තං තෙරසකනිපාතෙ චූළනාරදකස්සපජාතකෙ (ජා· 1.13.40 ආදයො) ආවි භවිස්සති. සත්ථා පන තං භික්ඛුං “සච්චං කිර ත්වං භික්ඛු උක්කණ්ඨිතොසී”ති පුච්ඡි. “ආම, භන්තෙ”ති. “කිං නිස්සායා”ති? “ථුල්ලකුමාරිකාපලොභනං භන්තෙ”ති. සත්ථා “භික්ඛු එසා තව අනත්ථකාරිකා, පුබ්බෙපි ත්වං ඉමිස්සා විවාහදිවසෙ ජීවිතක්ඛයං පත්වා මහාජනස්ස උත්තරිභඞ්ගභාවං පත්තො”ති වත්වා අතීතං ආහරි.
“මා මුනිකස්සාති” යන මේ ජාතකය බුදු රජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන්නාහු, මැදවියට පත් ගැහැනියකගේ පෙළඹවීමක් අරබයා දේශනා කළහ. මෙහි කථා පුවත තෙළෙස් වැනි නිපාතයෙහි චුල්ල නාරදකස්සප ජාතකයෙහි එන්නේය. බුදුරදහු ඒ භික්ෂුවගෙන් සැබෑද මහණ, ඔබ උකටලී වූයේ වෙහි ද? එ සේය ස්වාමීනි, මක් නිසා ද? ස්වාමීනි, ථුල්ල කුමාරිකාවක නිසාය. බුදුරදහු මහණ, ඒ ගැහැනිය ඔබට අනර්ථකාරීය. පෙර ද ඔබ ඇගේ විවාහ දිනයේ දී මියගොස් ජනයාට කටගැස්මක් බවට පත්වූවෙහි යි කියා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො එකස්මිං ගාමකෙ එකස්ස කුටුම්බිකස්ස ගෙහෙ ගොයොනියං නිබ්බත්ති “මහාලොහිතො”ති නාමෙන, කනිට්ඨභාතාපිස්ස චූළලොහිතො නාම අහොසි. තෙයෙව ද්වෙ භාතිකෙ නිස්සාය තස්මිං කුලෙ කම්මධුරං වත්තති. තස්මිං පන කුලෙ එකා කුමාරිකා අත්ථි, තං එකො නගරවාසී කුලපුත්තො අත්තනො පුත්තස්ස වාරෙසි. තස්සා මාතාපිතරො “කුමාරිකාය විවාහකාලෙ ආගතානං පාහුනකානං උත්තරිභඞ්ගො භවිස්සතී”ති යාගුභත්තං දත්වා මුනිකං නාම සූකරං පොසෙසුං. තං දිස්වා චූළලොහිතො භාතරං පුච්ඡි “ඉමස්මිං කුලෙ කම්මධුරං වත්තමානං අම්හෙ ද්වෙ භාතිකෙ නිස්සාය වත්තති, ඉමෙ පන අම්හාකං තිණපලාලාදීනෙව දෙන්ති, සූකරං යාගුභත්තෙන පොසෙන්ති, කෙන නු ඛො කාරණෙන එස එතං ලභතී”ති. අථස්ස භාතා “තාත චූළලොහිත, මා ත්වං එතස්ස භොජනං පිහයි, අයං සූකරො මරණභත්තං භුඤ්ජති. එතිස්සා හි කුමාරිකාය විවාහකාලෙ ආගතානං පාහුනකානං උත්තරිභඞ්ගො භවිස්සතීති ඉමෙ එතං සූකරං පොසෙන්ති, ඉතො කතිපාහච්චයෙන තෙ මනුස්සා ආගමිස්සන්ති, අථ නං සූකරං පාදෙසු ගහෙත්වා කඩ්ඪෙන්තා හෙට්ඨාමඤ්චතො නීහරිත්වා ජීවිතක්ඛයං පාපෙත්වා පාහුනකානං සූපබ්යඤ්ජනං කරියමානං පස්සිස්සසී”ති වත්වා ඉමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසතාණෝ එක් කුඩා ගමක එක කෙළෙඹියකුගේ ගෙයි ගව යෝනියෙහි උපන්හ. නමින් මහා ලෝහිත විය. ඔහුට චුල්ල ලෝහිත නමින් සොහොයුරකු ද විය. ඒ ගෙහි සියලු කාර්යය භාරය දෙසොහොයුරන්ගෙන් සිදු වේ. ඒ ගෙයි එක් කුමරියක ද ඇත. ඇය එනුවර වැසි එක් මනුෂ්‍ය කුල පුත්‍රයකුට ආවාහ කැර දීමට තීරණය කළේය. ඇගේ මව්පියෝ ඇගේ විවාහ මඟුලේ දී පැමිණි අමුත්තන්ට කටගැස්මක් වන්නේයැ යි කැඳබත් දී එක් මුනික නම් ඌරකු ද ඇතිදැඩි කළහ. මේ දුටු චුල්ල ලෝහිත සොහොයුරුගෙන් විමසීය. අප සොහොයුරන් නිසා මෙගෙදර සියලු වැඩ කටයුතු ඉටුවේ. මේ මිනිස්සු තණ හා පිදුරුම දෙති. මේ ඌරා කැඳබත් ආදියෙන් පෝෂණය කරති. ඌරා කුමන කරුණකින් ඒවා ලබයි ද? සොහොයුරු චුල්ලලෝහිතය. ඔබ ඌරාගේ භෝජනයට ආශා නො කරනු. මේ ඌරා මළබත් අනුභව කරයි. මේ කුමරියගේ විවාමඟුලේ දී පැමිණි අමුත්තන්ට කටගැස්මක් වන්නේයැ යි මොවුහු ඌරා පෝෂණය කරති. තව දින කීපයකින් ඒ අමුත්තෝ පැමිණෙති. එවිට ඌරා පාවලින් අදිමින් ඇඳ යටින් ගෙන මරා අමුත්තන්ට සූප ව්‍යඤ්ජන වන අයුරු ඔබට දැක ගත හැකි යි මේ ගාථාව කීය.
“මා මුනිකස්ස පිහයි, ආතුරන්නානි භුඤ්ජති; අප්පොස්සුක්කො භුසං ඛාද, එතං දීඝායුලක්ඛණ”න්ති.
“මා මුනිකස්ස පිහයි ආතුරන්නාති භුඤ්ජති, අප්පොස්සුක්කො භූසං ඛාද එතං දීඝායු ලක්ඛණන්ති”
“මුනිකගේ අහරට ආසා නො කරන්නේය. ඔහු බුදින්නේ මළ මතය. නිරපේක්ෂව ලැබෙන පිදුරු කන්න. එය දීර්ඝායුෂ ලැබීමට කරුණුය.”
තත්ථ මා මුනිකස්ස පිහයීති මුනිකස්ස භොජනෙ පිහං මා උප්පාදයි, “එස මුනිකො සුභොජනං භුඤ්ජතී”ති මා මුනිකස්ස පිහයි, “කදා නු ඛො අහම්පි එවං සුඛිතො භවෙය්ය”න්ති මා මුනිකභාවං පත්ථයි. අයඤ්හි ආතුරන්නානි භුඤ්ජති. ආතුරන්නානීති මරණභොජනානි. අප්පොස්සුක්කො භුසං ඛාදාති තස්ස භොජනෙ නිරුස්සුක්කො හුත්වා අත්තනා ලද්ධං භුසං ඛාද. එතං දීඝායුලක්ඛණන්ති එතං දීඝායුභාවස්ස කාරණං. තතො න චිරස්සෙව තෙ මනුස්සා ආගමිංසු, මුනිකං ඝාතෙත්වා නානප්පකාරෙහි පචිංසු. බොධිසත්තො චූළලොහිතං ආහ “දිට්ඨො තෙ, තාත, මුනිකො”ති. දිට්ඨං මෙ, භාතික, මුනිකස්ස භොජනඵලං, එතස්ස භොජනතො සතගුණෙන සහස්සගුණෙන අම්හාකං තිණපලාලභුසමත්තමෙව උත්තමඤ්ච අනවජ්ජඤ්ච දීඝායුලක්ඛණඤ්චාති.
එහි “මා මුනිකස්ස පිහයි” මුනික ඌරාගේ අහරට ආසා නවත්වා දමනු. ඔහු කන්නේ මිහිරි බොජුනකැ යි ඔහුගේ අහරට ආසා නො කරනු. කවදා නම් මම ද ඔහු මෙන් සැපවත් වෙම්දැ යි මුනිකගේ තත්ත්වය නො පතව. “ආතුරන්නාති භුඤ්ජති” මෙහි “ආතුරන්නාති” නම් මළ බතයි. “අප්පොස්සුක්කො භූපං ඛාදා” ඔහුගේ භෝජනය ලැබීමට උත්සාහ නො කැර තමාට ලැබෙන පිදුරු කනු. “එතං දීඝායු ලක්ඛණන්ති” ඒ ආයු කාලය වැඩීමට හේතු වේ. ඉක්බිති ටික දිනකින් ම අමුත්තෝ ආහ. එවිට මුනික මරා නන් අයුරින් මස් පිසූහ. බෝසත්හු චුල්ල ලෝහිතට මෙසේ කීය. සොයුර, ඔබ මුනික දුටුවෙහි ද? එ සේය සොහොයුරාණෙනි, මුනිකගේ භෝජන ඵලය දුටිමි. ඔහුගේ ඒ බතට වඩා අපගේ තණ හා පිදුරු ආහාරය සිය ගුණයෙන් උසස් වේ. නිවැරදි වේ. දීර්ඝායුෂ ලක්ෂණයක් ද වේ.
සත්ථා “එවං ඛො ත්වං භික්ඛු පුබ්බෙපි ඉමං කුමාරිකං නිස්සාය ජීවිතක්ඛයං පත්වා මහාජනස්ස උත්තරිභඞ්ගභාවං ගතො”ති ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතො භික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. සත්ථා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා මුනිකසූකරො උක්කණ්ඨිතභික්ඛු අහොසි, ථුල්ලකුමාරිකා එසා එව, චූළලොහිතො ආනන්දො, මහාලොහිතො පන අහමෙව අහොසි”න්ති.
බුදුන් වහන්සේ මහණ, ඔබ මෙසේ පෙර ද මේ කුමරිය නිසා ජීවිතක්ෂයට පත්ව මහජනයාගේ කටගැස්මක් බවට පැමිණියේ නවැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සිව්සස් දෙසූහ. සිව්සස් කෙළවර උකටලී භික්ෂුව සෝවාන් පෙළෙහි පිහිටියේය. බුදුරජාණන් වහන්සේ අනුසන්ධි ගළපා ජාතකය නිමවා වදාළ සේක. එකල්හි මුනික සූකරයා උකටලී භික්ෂුව විය. චුල්ල ලෝහිත ආනන්ද විය. මහා ලෝහිත මම ම වීමි.
මුනිකජාතකවණ්ණනා දසමා.
කුරුඞ්ගවග්ගො තතියො.
තෙවැනි කුරුඞ්ග වර්ගයයි.
තස්සුද්දානං –
කුරුඞ්ගං කුක්කුරඤ්චෙව, භොජාජානීයඤ්ච ආජඤ්ඤං; තිත්ථං මහිළාමුඛාභිණ්හං, නන්දිකණ්හඤ්ච මුනිකන්ති.