9. කණ්හජාතකවණ්ණනා 29 අට්ඨකථා
9. කණ්හජාතකවණ්ණනා (29)
9. කණ්හ ජාතකය (29)
යතො යතො ගරු ධුරන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො යමකපාටිහාරියං ආරබ්භ කථෙසි. තං සද්ධිං දෙවොරොහණෙන තෙරසකනිපාතෙ සරභමිගජාතකෙ (ජා· 1.13.134 ආදයො) ආවි භවිස්සති. සම්මාසම්බුද්ධෙ පන යමකපාටිහාරියං කත්වා දෙවලොකෙ තෙමාසං වසිත්වා මහාපවාරණාය සඞ්කස්සනගරද්වාරෙ ඔරුය්හ මහන්තෙන පරිවාරෙන ජෙතවනං පවිට්ඨෙ භික්ඛූ ධම්මසභායං සන්නිපතිත්වා “ආවුසො, තථාගතො නාම අසමධුරො, තථාගතෙන වුළ්හධුරං අඤ්ඤො වහිතුං සමත්ථො නාම නත්ථි, ඡ සත්ථාරො ‘මයමෙව පාටිහාරියං කරිස්සාම, මයමෙව පාටිහාරියං කරිස්සාමා’ති වත්වා එකම්පි පාටිහාරියං න අකංසු, අහො සත්ථා අසමධුරො”ති සත්ථු ගුණකථං කථෙන්තා නිසීදිංසු. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡි. “මයං, භන්තෙ, න අඤ්ඤාය කථාය, එවරූපාය නාම තුම්හාකමෙව ගුණකථායා”ති. සත්ථා “භික්ඛවෙ, ඉදානි මයා වුළ්හධුරං කො වහිස්සති, පුබ්බෙ තිරච්ඡානයොනියං නිබ්බත්තොපි අහං අත්තනා සමධුරං කඤ්චි නාලත්ථ”න්ති වත්වා අතීතං ආහරි.
“යතො යතො ගරුධුරන්ති” යන මේ ජාතකය බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන සේක්, යමා මහපෙළහර අරබයා දේශනා කළහ. බුදුරදහු දෙව්ලොව වැඩීම පිළිබඳ කථාපුවත තෙළෙස් වැනි නිපාතයෙහි සරභමිග ජාතකයෙහි එන්නේය. බුදුරදුන් යමා මහපෙළහර කොට දෙව්ලොව වැස් වැස මහා පවාරණය සඳහා සංකස්ස නුවර දොර බැස මහත් පිරිවර සමග දෙව්රමට පිවිසි කල්හි, භික්ෂූහු දම් සභාවෙහි රැස්ව ඇවැත්නි, තථාගතයෝ වනාහි අන් අයට සම කළ නො හැකි භාර උසුලන්නාහ. උන්වහන්සේ ඉසුලූ භාරය උසුලන්න අන් සමතකු නැත. ෂට් ශාස්තෲවරු අවම පෙළහර පාන්නෝය. අපි ම පෙළහර පාන්නෙමු යි කියා එක ද පෙළහරක් නො පෑහ. ඒකාන්තයෙන් බුදුරජාණෝ අසමධුරයැ යි බුදුගුණ කියමින් සිටියහ. බුදුරදුන් දම් සභාවට වැඩ මහණෙනි, දැන් කවර කථාවකින් හුන්නාහුදැ යි විමසූහ. ස්වාමීනි, අනිකකින් නො වේ. ඔබවහන්සේගේ මෙබඳු වූ අසමධුර ගැන කථාවෙනි. මහණෙනි, මා දැන් උසුලන ධුරය කවරකු උසුලන්නෙහි ද? පෙර තිරිසන් යෝනියෙහි ඉපද මා හා සමාන ධුර ඇති කිසිවකු නො වූයේයැ යි අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො ගොයොනියං පටිසන්ධිං ගණ්හි. අථ නං සාමිකා තරුණවච්ඡකකාලෙයෙව එකිස්සා මහල්ලිකාය ඝරෙ වසිත්වා තස්සා නිවාසවෙතනතො පරිච්ඡින්දිත්වා අදංසු. සා තං යාගුභත්තාදීහි පටිජග්ගමානා පුත්තට්ඨානෙ ඨපෙත්වා වඩ්ඪෙසි. සො “අය්යිකාකාළකො” ත්වෙව නාමං පඤ්ඤායිත්ථ. වයප්පත්තො ච අඤ්ජනවණ්ණො හුත්වා ගාමගොණෙහි සද්ධිං චරති, සීලාචාරසම්පන්නො අහොසි. ගාමදාරකා සිඞ්ගෙසුපි කණ්ණෙසුපි ගලෙපි ගහෙත්වා ඔලම්බන්ති, නඞ්ගුට්ඨෙපි ගහෙත්වා කීළන්ති, පිට්ඨියම්පි නිසීදන්ති. සො එකදිවසං චින්තෙසි “මය්හං මාතා දුග්ගතා, මං පුත්තට්ඨානෙ ඨපෙත්වා දුක්ඛෙන පොසෙසි, යංනූනාහං භතිං කත්වා ඉමං දුග්ගතභාවතො මොචෙය්ය”න්ති. සො තතො පට්ඨාය භතිං උපධාරෙන්තො චරති.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු ගව යෝනියෙහි පිළිසිඳ ගත්හ. ඔහු තරුණ වසු කාලයෙහි ම ඔහුගේ හිමිකරුවෝ එක් මැහැලියකගේ ගෙහි වැස නිවාස වේතනය වශයෙන් සලකා ඇයට දුන්හ. මැහැලිය වසු, පුතකු වශයෙන් සලකා කැඳ බත් දීමෙන් පෝෂණය කළාය. මැහැලිය, ගොනා කාළක නමින් හැඳින්වීය. වියට පැමිණෙත් ම කාළක අඳුන්වන්ව ගමෙහි ගොනුන් සමග හැසිරෙයි. සීලාචාරයෙන් යුක්ත විය. ගම් දරුවෝ අංවල ද කන්වල ද ගෙලෙහි ද එල්ලෙත්. නගුට ගෙන සෙල්ලම් කරති. පිටෙහි හිඳිත්. කාළක දිනක් සිතන්නේ, මගේ මව දුප්පත්ය. මා පුත් තනතුරෙහි තබා පෝෂණය කළාය. මම කිසියම් කුලියක්කොට මැය දුගී බවින් මුදවන්නේ නම් මැනවි. එතැන් සිට කාළක කුලියක් සොයමින් හැසිරෙයි.
අථෙකදිවසං එකො සත්ථවාහපුත්තො පඤ්චහි සකටසතෙහි විසමතිත්ථං සම්පත්තො, තස්ස ගොණා සකටානි උත්තාරෙතුං න සක්කොන්ති, පඤ්චසු සකටසතෙසු ගොණා යුගපරම්පරාය යොජිතා එකම්පි සකටං උත්තාරෙතුං නාසක්ඛිංසු. බොධිසත්තොපි ගාමගොණෙහි සද්ධිං තත්ථ සමීපෙ චරති. සත්ථවාහපුත්තොපි ගොසුත්තවිත්තකො, සො “අත්ථි නු ඛො එතෙසං ගුන්නං අන්තරෙ ඉමානි සකටානි උත්තාරෙතුං සමත්ථො උසභාජානීයො”ති උපධාරයමානො බොධිසත්තං දිස්වා “අයං ආජානීයො සක්ඛිස්සති මය්හං සකටානි උත්තාරෙතුං, කො නු ඛො අස්ස සාමිකො”ති ගොපාලකෙ පුච්ඡි “කො නු ඛො භො ඉමස්ස සාමිකො, අහං ඉමං සකටෙ යොජෙත්වා සකටෙසු උත්තාරිතෙසු වෙතනං දස්සාමී”ති. තෙ ආහංසු “ගහෙත්වා නං යොජෙථ, නත්ථි ඉමස්ස ඉමස්මිං ඨානෙ සාමිකො”ති. සො නං නාසාය රජ්ජුකෙන බන්ධිත්වා ආකඩ්ඪෙන්තො චාලෙතුම්පි නාසක්ඛි. බොධිසත්තො කිර “භතියා කථිතාය ගමිස්සාමී”ති න අගමාසි. සත්ථවාහපුත්තො තස්සාධිප්පායං ඤත්වා “සාමි, තයා පඤ්චසු සකටසතෙසු උත්තාරිතෙසු එකෙකස්ස සකටස්ස ද්වෙ ද්වෙ කහාපණෙ භතිං කත්වා සහස්සං දස්සාමී”ති ආහ. තදා බොධිසත්තො සයමෙව අගමාසි. අථ නං පුරිසා පුරිමසකටෙසු යොජෙසුං. අථ නං එකවෙගෙනෙව උක්ඛිපිත්වා ථලෙ පතිට්ඨාපෙසි. එතෙනුපායෙන සබ්බසකටානි උත්තාරෙසි.
දිනක් ගැල් නායක පුතෙක් ගැල් පන්සියයක් ගෙන විසම (මට්ටම් නො වූ) තොටකට පැමිණියේය. ගොන්හු ගැල් එතර කිරීමට අසමත් වූහ. ගැල් පන්සියයේ ම ගොන්නු යුගල වශයෙන් යෙදුව ද එක් ගැලක් හෝ එතැර කිරීමට නො හැකි වූහ. බෝසත්හු ද ගම් ගොනුන් සමග තොට සමීපයෙහි හැසිරෙයි. ගැල් නායක පුත්‍රයා ද ගව ශාස්ත්‍රය දන්නෙකි. ඔහු ගොනුන් අතර මේ ගැල් එතර කිරීමට සමත් ආජානීය ගවයකු සිටීදැ යි විමසන්නේ බෝසතුන් දැක මේ ආජානීය ගොනෙකි. මගේ ගැල් එතැර කරන්න ඔහුට හැකි වන්නේයැ යි සිතා සගයෙනි, මොහුගේ අයිතිකරු කවුරුදැ යි විචාළේය. මම මොහු ගැල්වල යොදා එතර කළ කල්හි කුලිය දෙමි යි කීය. දැන් මෙහි ඔහුගේ හිමියා නැත. ඌ යොදා ගන්න. ගැල්කරු නාසු ලණුවෙන් බැඳ අදින්නේ නමුත් සෙලවීමට නො හැකි විය. බෝසත්හු කුලිය නියම කළ කල්හි යමි යි නො ගියහ. ගැල් නායක පුත්‍රයා බෝසත්හුගේ අදහස දැන යහළුව, ඔබ ගැල් පන්සියය එතර කළ කල්හි එක ගැලකට කහවණු දෙක බැගින් කුලිය කොට දහසක් දෙමි යි කීය. එවිට බෝසත්හු තෙමේ ම ගියහ. ඉක්බිති මිනිස්සු කාළක ගැල්හි යෙදූහ. ඔහු එක වේගයෙන් ම පැල ඔසවා ගොඩ තැබීය. මේ ක්‍රමයෙන් සියලු ම ගැල් තොටින් එතැර කළේය.
සත්ථවාහපුත්තො එකෙකස්ස සකටස්ස එකෙකං කත්වා පඤ්චසතානි භණ්ඩිකං කත්වා තස්ස ගලෙ බන්ධි. සො “අයං මය්හං යථාපරිච්ඡින්නං භතිං න දෙති, න දානිස්ස ගන්තුං දස්සාමී”ති ගන්ත්වා සබ්බපුරිමසකටස්ස පුරතො මග්ගං නිවාරෙත්වා අට්ඨාසි. අපනෙතුං වායමන්තාපි නං අපනෙතුං නාසක්ඛිංසු. සත්ථවාහපුත්තො “ජානාති මඤ්ඤෙ එස අත්තනො භතියා ඌනභාව”න්ති එකෙකස්මිං සකටෙ ද්වෙ ද්වෙ කත්වා සහස්සභණ්ඩිකං බන්ධිත්වා “අයං තෙ සකටුත්තරණභතී”ති ගීවායං ලග්ගෙසි. සො සහස්සභණ්ඩිකං ආදාය මාතු සන්තිකං අගමාසි. ගාමදාරකා “කිං නාමෙතං අය්යිකාකාළකස්ස ගලෙ”ති බොධිසත්තස්ස සන්තිකං ආගච්ඡන්ති. සො තෙ අනුබන්‍ධිත්‍වා දූරතොව පලාපෙන්තො මාතු සන්තිකං ගතො. පඤ්චන්නං පන සකටසතානං උත්තාරිතත්තා රත්තෙහි අක්ඛීහි කිලන්තරූපො පඤ්ඤායිත්ථ. අය්යිකා තස්ස ගීවාය සහස්සත්ථවිකං දිස්වා “තාත, අයං තෙ කහං ලද්ධා”ති ගොපාලකදාරකෙ පුච්ඡිත්වා තමත්ථං සුත්වා “තාත, කිං අහං තයා ලද්ධභතියා ජීවිතුකාමා, කිංකාරණා එවරූපං දුක්ඛං අනුභොසී”ති වත්වා බොධිසත්තං උණ්හොදකෙන න්හාපෙත්වා සකලසරීරං තෙලෙන මක්ඛෙත්වා පානීයං පායෙත්‍වා සප්පායං භොජනං භොජෙත්වා ජීවිතපරියොසානෙ සද්ධිං බොධිසත්තෙන යථාකම්මං ගතා.
අනතුරුව ගැල් නායක පුත්‍රයා එක ගැලකට එක කහවණු වන සේ කුලියකොට කාළකගේ ගෙල බැන්දේය. එවිට කාළක, මොහු තීරණය කැරගත් වේතනය නො දෙයි. මොහුට යන්න නො දෙමි යි එක සේ සියල්ලට පෙරටුව තිබූ ගැල ඉදිරියේ මග අවුරා සිටියේය. ඔහු එලවීමට තැත් කළ ද නො හැකි විය. ගැල් නායක පුත්‍රයා මොහු තමාගේ කුලිය අඩුබව දැනගත්තේයැ යි සිතා රෙදි කඩක දහසක් බැඳ මේ ඔබගේ ගැල එතර කිරීමේ කුලියයැ යි කාළකගේ ගෙල එලවීය. ඔහු දහසින් බැඳි සියල්ල ගෙන මව් වෙත යන්නේ, ගම් දරුවෝ මැහැලියගේ කාළකගේ ගෙලෙහි කුමක්දැ යි බෝසතුන් ළඟට එති. කාළක ඔවුන් ලුහුබැඳ දුරදී ම පලවා හැර මව් ළඟට ම ගියේය. ගැල් පන්සියයක් එතැර කිරීම නිසා කාළකගේ ඇස් රතුවී විඩාවට පත් වූ සේ පෙනිණි. උපාසිකාව ඔහු ගෙල බැඳි දහසින් පිරි පොදිය දැක පුත, මේ ඔබ කොහින් ලැබුවේ ද? ගම් දරුවන්ගෙන් විමසූහ. එපුවත අසා පුත, මම ඔබ ලත් කුලියෙන් ජීවත්වනු කැමැත්තී ද? මෙතරම් දුක් වින්දේ කිමදැ යි කියා බෝසතුන් උණු දියෙන් නාවා මුළු ඇඟ තෙල් ගා පැන් පොවා පථ්යය අහර කවා දිවි කෙළවර බෝසතුන් සමග කම් වූ පරිදි මිය ගියාය.
සත්ථා “න, භික්ඛවෙ, තථාගතො ඉදානෙව අසමධුරො, පුබ්බෙපි අසමධුරොයෙවා”ති වත්වා ඉමං ධම්මදෙසනං ආහරිත්වා අනුසන්ධිං ඝටෙත්වා අභිසම්බුද්ධො හුත්වා ඉමං ගාථමාහ –
බුදුරදහු, මහණෙනි, තථාගත තෙමේ අසමධුර වූයේ දැන් පමණක් නො වේ. පෙර ද අසමධුර වූයෙමි යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා අනුසන්ධි ගැළපූහ. සම්මා සම්බුදු ව මේ ගාථාව වදාළහ.
“යතො යතො ගරු ධුරං, යතො ගම්භීරවත්තනී; තදාස්සු කණ්හං යුඤ්ජන්ති, ස්වාස්සු තං වහතෙ ධුර”න්ති.
“යතො යතො ගරුධුරං යතො ගම්භීරවත්තනී, තදස්සු තණ්හං යුඤ්ජන්ති ස්වාස්සු තං වහතෙ ධුරන්ති”
“යම් යම් තැනක මහත් බර ඉසිලීමක් වේ ද යම් තැනක විසම මඟක් වෙයි ද, එහි දී කණ්හ හෙවත් කාළක යොදයි. ඔහු ඒ බර උසුලයි.”
තත්ථ යතො යතො ගරු ධුරන්ති යස්මිං යස්මිං ඨානෙ ධුරං ගරු භාරියං හොති, අඤ්ඤෙ බලිබද්දා උක්ඛිපිතුං න සක්කොන්ති. යතො ගම්භීරවත්තනීති වත්තන්ති එත්ථාති වත්තනී, මග්ගස්සෙතං නාමං, යස්මිං ඨානෙ උදකචික්ඛල්ලමහන්තතාය වා විසමච්ඡින්නතටභාවෙන වා මග්ගො ගම්භීරො හොතීති අත්ථො. තදාස්සු කණ්හං යුඤ්ජන්තීති එත්ථ අස්සූති නිපාතමත්තං, තදා කණ්හං යුඤ්ජන්තීති අත්ථො. යදා ධුරඤ්ච ගරු හොති මග්ගො ච ගම්භීරො, තදා අඤ්ඤෙ බලිබද්දෙ අපනෙත්වා කණ්හමෙව යොජෙන්තීති වුත්තං හොති. ස්වාස්සු තං වහතෙ ධුරන්ති එත්ථාපි අස්සූති නිපාතමත්තමෙව, සො තං ධුරං වහතීති අත්ථො.
එහි “යතො යතො ගරුධුරං” යම් තැනක මහත් බරක් ඉසිලීමට තිබේ ද, අන් ගොන්නු එසවීමට නො හැකි වෙත් ද, “යතො ගම්භීර වත්තනී” හි “වත්තනී” යනු මාර්ගයට නමකි. යම් තැනක දිය හා මඩ වැඩි බව නිසා හෝ කැඩී බිඳී ගිය ඉවුරු ඇති බැවින් හෝ මඟ ගැඹුරු වේ, යන අර්ථයයි. “තදස්සු කණ්හං යුඤ්ජන්ති” මෙහි “අස්සු” යනු නිපාත පදයකි. එකල්හි කණ්හයා හෙවත් කාළක වසු යොදයි, යන අර්ථයයි. යම් තැනක ඉසිලිය යුතු බර මහත් වෙයි ද මඟ ද ගැඹුරු වේ ද, එකල්හි අන් ගොනුන් බැහැරකොට කණ්හයා ම යොදතැ යි කියන ලද්දේ වෙයි. “ස්වාස්සු තං වහතෙ ධුරන්ති” මෙහිද “අස්සු” යනු නිපාතයක් පමණි. ඔහු ඒ ධුරය උසුලයි යන අර්ථයයි.
එවං භගවා “තදා, භික්ඛවෙ, කණ්හොව තං ධුරං වහතී”ති දස්සෙත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි – “තදා මහල්ලිකා උප්පලවණ්ණා අහොසි, අය්යිකාකාළකො පන අහමෙව අහොසි”න්ති.
මෙසේ බුදුරදහු මහණෙනි, කණ්හයා ඒ බර උසුලයි, දක්වා අනුසන්ධි ගළපා ජාතකය නිමවූහ. එදා මැහැල්ල උප්පලවණ්ණා මෙහෙණිය වූවාය. මැහැල්ලගේ කාලක මම ම වීමි.
කණ්හජාතකවණ්ණනා නවමා.