යෙදුමෙන් කියවන්න

8. නන්‍දිවිසාලජාතකවණ‍්ණනා 28 අට‍්ඨකථා

8. නන්‍දිවිසාලජාතකවණ‍්ණනා (28)

8. නන්දිවිසාල ජාතකය (28)

මනුඤ‍්ඤමෙව භාසෙය්‍යාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ඡබ‍්බග‍්ගියානං භික‍්ඛූනං ඔමසවාදං ආරබ‍්භ කථෙසි. තස‍්මිඤ‍්හි සමයෙ ඡබ‍්බග‍්ගියා කලහං කරොන‍්තා පෙසලෙ භික‍්ඛූ ඛුංසෙන‍්ති වම‍්භෙන‍්ති ඔවිජ‍්ඣන‍්ති, දසහි අක‍්කොසවත්‍ථූහි අක‍්කොසන‍්ති. භික‍්ඛූ භගවතො ආරොචෙසුං. භගවා ඡබ‍්බග‍්ගියෙ පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර භික‍්ඛවො”ති පුච‍්ඡිත්‍වා “සච‍්ච”න‍්ති වුත‍්තෙ විගරහිත්‍වා “භික‍්ඛවෙ, ඵරුසවාචා නාම තිරච‍්ඡානගතානම‍්පි අමනාපා, පුබ‍්බෙපි එකො තිරච‍්ඡානගතො අත‍්තානං ඵරුසෙන සමුදාචරන‍්තං සහස‍්සං පරාජෙසී”ති වත්‍වා අතීතං ආහරි.

“මනුඤ්ඤ මෙව භාසෙය්‍යා” යන මෙම ජාතකය බුදු රදහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, සවග මහණුන්ගේ පරුෂ තෙපුල් අරබයා දෙසූහ. එකල සවග මහණනු සිල්වත් මහණුන්ට ගරහත්. හෙළා දකිත්. වදන් ඊයෙන් විදිත්. දශවිධ වස්තුවෙන් පරිභව කරත්. භික්‍ෂූහු බුදු රදුන්ට සැලකළහ. බුදු රදහු සවග මහණුන් කැඳවා මහණෙනි, සත්‍යයදැ යි විමසා සත්‍යයැ යි කී කල්හි, දෝෂාරෝපණය කොට මහණෙනි, පරොස් බස වනාහි තිරිසන් සතුන්ට වුව ද රුචි නො වේ. පෙර එක් තිරිසන් සතකු තමාට පරොස් බසින් කථා කරන්නකු දහසකින් පැරදවීයැ යි අතීත කථාව ගෙනහැර දැක්වූහ.

අතීතෙ ගන්‍ධාරරට‍්ඨෙ තක‍්කසිලායං ගන්‍ධාරරාජා රජ‍්ජං කාරෙසි. තදා බොධිසත‍්තො ගොයොනියං නිබ‍්බත‍්ති. අථ නං තරුණවච‍්ඡකකාලෙයෙව එකො බ්‍රාහ‍්මණො ගොදක‍්ඛිණාදායකානං සන‍්තිකා ලභිත්‍වා “නන්‍දිවිසාලො”ති නාමං කත්‍වා පුත‍්තට‍්ඨානෙ ඨපෙත්‍වා සම‍්පියායමානො යාගුභත‍්තාදීනි දත්‍වා පොසෙසි. බොධිසත‍්තො වයප‍්පත‍්තො චින‍්තෙසි “අහං ඉමිනා බ්‍රාහ‍්මණෙන කිච‍්ඡෙන පටිජග‍්ගිතො, මයා ච සද‍්ධිං සකලජම‍්බුදීපෙ අඤ‍්ඤො සමධුරො ගොණො නාම නත්‍ථි, යංනූනාහං අත‍්තනො බලං දස‍්සෙත්‍වා බ්‍රාහ‍්මණස‍්ස පොසාවනියං දදෙය්‍ය”න‍්ති සො එකදිවසං බ්‍රාහ‍්මණං ආහ “ගච‍්ඡ, බ්‍රාහ‍්මණ, එකං ගොවිත‍්තකසෙට‍්ඨිං උපසඞ‍්කමිත්‍වා ‘මය‍්හං බලිබද‍්දො අතිබද‍්ධං සකටසතං පවට‍්ටෙතී’ති වත්‍වා සහස‍්සෙන අබ‍්භුතං කරොහී”ති. සො බ්‍රාහ‍්මණො සෙට‍්ඨිස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා කථං සමුට‍්ඨාපෙසි “ඉමස‍්මිං නගරෙ කස‍්ස ගොණො ථාමසම‍්පන‍්නො”ති. අථ නං සෙට‍්ඨි “අසුකස‍්ස ච අසුකස‍්ස චා”ති වත්‍වා “සකලනගරෙ පන අම‍්හාකං ගොණෙහි සදිසො නාම නත්‍ථී”ති ආහ. බ්‍රාහ‍්මණො “මය‍්හං එකො ගොණො අතිබද‍්ධං සකටසතං පවට‍්ටෙතුං සමත්‍ථො අත්‍ථී”ති ආහ. සෙට‍්ඨි ගහපති “කුතො එවරූපො ගොණො”ති ආහ. බ්‍රාහ‍්මණො “මය‍්හං ගෙහෙ අත්‍ථී”ති. “තෙන හි අබ‍්භුතං කරොහී”ති. “සාධු කරොමී”ති සහස‍්සෙන අබ‍්භුතං අකාසි.

පෙර ගන්ධාර රට තක්සලාවෙහි ගන්ධාර නම් රජෙක් රාජ්‍යය කළේය. එකල බෝසත්හු ගව යෝනියෙහි උපන්නේය. ඔහු තරුණ වසු කාලයෙහි ම එක බමුණෙක් ගෝ දානය දෙන මිනිසුන් වෙත ගොස් ගොනකු ලැබ නන්දි විසාල යැයි නම්කොට පුත් තනතුරෙහි තබා ඉතා ආදරයෙන් කැඳබත් ආදිය ද පෝෂණය කළේය. බෝසත්හු වියට පත්වෙත් ම සිතූහ. මා, මේ මහණ විසින් දුක සේ පෝෂණය කරන ලද්දේය. මේ සියලු දඹදිව මා හා සමග බර ඇදීමට සමත් වෙනත් කෙනකු නැත. මම තම බලය පෙන්වා මේ බමුණාට මා පෝෂණය කිරීමේ වේතනය ලබාදෙන්නේ නම් මැනවි. ඔහු දිනක් බමුණාගෙන් මෙසේ ඇසීය. බමුණ, ගව සම්පත් ඇති එක් සිටුවරයකු වෙත ගොස් මාගේ ගොනා එකට බඳනා ලද ගැල් සියයක් අදී යි කියා දහසක් පරදුවට තබන්න. ඒ බමුණා ද සිටු වෙත ගොස් කථාව ඇරඹීය. මෙනුවර කාගේ ගොන්නු ශක්තිමත් ද? ඉක්බිති සිටුවරයා අසවල් අසවල් අයගේයැ යි කියා මෙනුවර අප ගොනුන් සමාන ශක්තිමත් තවත් ගොනුන් නැතැ යි කීය. බමුණා, මගේ එක් ගොනකු එකට බැඳි ගැල් සියයක් එකවර ඇදීමට සමත්යැ යි කීය. සිටුවරයා ගැහැවියෙනි, එබඳු ගොනකු කොහි සිටීදැ යි ඇසීය. මාගේ ගෙහියැ යි බමුණා කීය. එසේ නම් පරදුවක් තබන්න. හොඳයි තබමි යි සිටු දහසකට පරදු තැබීය.

සො සකටසතං වාලුකාසක‍්ඛරපාසාණානංයෙව පූරෙත්‍වා පටිපාටියා ඨපෙත්‍වා සබ‍්බානි අක‍්ඛබන්‍ධනයොත‍්තෙන එකතො බන්‍ධිත්‍වා නන්‍දිවිසාලං න‍්හාපෙත්‍වා ගන්‍ධපඤ‍්චඞ‍්ගුලිකං කත්‍වා කණ‍්ඨෙ මාලං පිළන්‍ධිත්‍වා පුරිමසකටධුරෙ එකකමෙව යොජෙත්‍වා සයං ධුරෙ නිසීදිත්‍වා පතොදං උක‍්ඛිපිත්‍වා “ගච‍්ඡ කූට, වහස‍්සු කූටා”ති ආහ. බොධිසත‍්තො “අයං මං අකූටං කූටවාදෙන සමුදාචරතී”ති චත‍්තාරො පාදෙ ථම‍්භෙ විය නිච‍්චලෙ කත්‍වා අට‍්ඨාසි. සෙට‍්ඨි තඞ‍්ඛණඤ‍්ඤෙව බ්‍රාහ‍්මණං සහස‍්සං ආහරාපෙසි. බ්‍රාහ‍්මණො සහස‍්සපරාජිතො ගොණං මුඤ‍්චිත්‍වා ඝරං ගන‍්ත්‍වා සොකාභිභූතො නිපජ‍්ජි. නන්‍දිවිසාලො චරිත්‍වා ආගතො බ්‍රාහ‍්මණං සොකාභිභූතං දිස‍්වා උපසඞ‍්කමිත්‍වා “කිං, බ්‍රාහ‍්මණ, නිද‍්දායසී”ති ආහ. “කුතො මෙ, නිද‍්දා, සහස‍්සපරාජිතස‍්සාති, බ්‍රාහ‍්මණ, මයා එත‍්තකං කාලං තව ගෙහෙ වසන‍්තෙන අත්‍ථි කිඤ‍්චි භාජනං වා භින්‍දිතපුබ‍්බං, කොචි වා මද‍්දිතපුබ‍්බො, අට‍්ඨානෙ වා පන උච‍්චාරපස‍්සාවො කතපුබ‍්බො”ති? “නත්‍ථි තාතා”ති. අථ ත්‍වං මං කස‍්මා කූටවාදෙන සමුදාචරසි, තවෙවෙසො දොසො, මය‍්හං දොසො නත්‍ථි, ගච‍්ඡ, තෙන සද‍්ධිං ද‍්වීහි සහස‍්සෙහි අබ‍්භුතං කරොහි, කෙවලං මං අකූටං කූටවාදෙන මා සමුදාචරසීති.

සිටුවරයා ගැල් සියයට වැලි, බොරළු, ගල් ආදිය පුරවා පිළිවෙලින් තබා බන්ධන යොතින් එකට බැඳ නන්දිවිසාල නහවා සුවඳින් පසැඟිලි දී ගෙල මල් මාලා පළඳවා පෙරට තැබූ ගැලෙහි තනි ව යොදා තමා පෙර අසුනෙහි හිඳ කෙවිට ඔසවා කුළු ගොනා අඳුව, කුළු ගොනා ඔසව යි කීය. එවිට බෝසත් මේ බමුණා කුළු නොවූ මා කුළෙකු ලෙස කියයි. පාසතර ටැම් සතරක් ලෙස නිසලකොට සිටියේය. සිටුවරයා එකෙණෙහි ම දහසේ පරදුව ගෙන්වා ගත්තේය. බමුණා දහසකින් පැරදි ගොනා මුදා ගෙට ගොස් ශෝකානුකූලව හොත්තේය. නන්දිවිසාල අවුත් බමුණා ශෝකයෙන් මැඬී සිටිනු දැක කිම බමුණ, නිදන්නේ ද? දහසකින් පැරදි මම කවර නිදීමක් ද? බමුණ, මෙතෙක් කල් ඔබ ගෙදර වසන මා විසින් බිඳින ලද භාජනයක්වත් ඇත්තේ ද? කිසිවක් පාගන ලද්දේ ද? නුසුදුසු තැනක මළමුත්‍ර කළේ ද? නැත දරුව, එ සේ නම්, මට මක්නිසා කුළු වාදයෙන් කථා කළේ ද? වරද ඔබගේය. මගේ නො වේ. යව. සිටු සමග දෙදහසකින් ඔට්ටු තබව. එහෙත් කුළු නො වූ මට කුළු වාදයෙන් කථා නො කරනු.

බ්‍රාහ‍්මණො තස‍්ස වචනං සුත්‍වා ගන‍්ත්‍වා ද‍්වීහි සහස‍්සෙහි අබ‍්භුතං කත්‍වා පුරිමනයෙනෙව සකටසතං අතිබන්‍ධිත්‍වා නන්‍දිවිසාලං මණ‍්ඩෙත්‍වා පුරිමසකටධුරෙ යොජෙසි. කථං යොජෙසීති? යුගං ධුරෙ නිච‍්චලං බන්‍ධිත්‍වා එකාය කොටියා නන්‍දිවිසාලං යොජෙත්‍වා එකං කොටිං ධුරයොත‍්තෙන පලිවෙඨෙත්‍වා යුගකොටිඤ‍්ච අක‍්ඛපාදඤ‍්ච නිස‍්සාය මුණ‍්ඩරුක‍්ඛදණ‍්ඩකං දත්‍වා තෙන යොත‍්තෙන නිච‍්චලං බන්‍ධිත්‍වා ඨපෙසි. එවඤ‍්හි කතෙ යුගං එත‍්තො වා ඉතො වා න ගච‍්ඡති, සක‍්කා හොති එකෙනෙව ගොණෙන ආකඩ‍්ඪිතුං. අථස‍්ස බ්‍රාහ‍්මණො ධුරෙ නිසීදිත්‍වා නන්‍දිවිසාලස‍්ස පිට‍්ඨිං පරිමජ‍්ජිත්‍වා “ගච‍්ඡ භද්‍ර, වහස‍්සු, භන්‍ද්‍රා”ති ආහ. බොධිසත‍්තො අතිබද‍්ධං සකටසතං එකවෙගෙනෙව ආකඩ‍්ඪිත්‍වා පච‍්ඡා ඨිතං සකටං පුරතො ඨිතස‍්ස සකටස‍්ස ඨානෙ ඨපෙසි . ගොවිත‍්තකසෙට‍්ඨි පරාජිතො බ්‍රාහ‍්මණස‍්ස ද‍්වෙ සහස‍්සානි අදාසි. අඤ‍්ඤෙපි මනුස‍්සා බොධිසත‍්තස‍්ස බහුං ධනං අදංසු, සබ‍්බං බ්‍රාහ‍්මණස‍්සෙව අහොසි. එවං සො බොධිසත‍්තං නිස‍්සාය බහුං ධනං ලභි.

බමුණා ඔහුගේ වචනය අසා ගොස් දෙදහසකින් පරදු තබා පෙර පරිදි ම ගැල් සියය එකට බැඳ නන්දිවිසාල සනසා පළමු ගැලෙහි වියෙහි බැන්දේය. කෙසේ බැන්දේ ද යත් විය ගස කරෙහි නිසලකොට බැඳ එක් කෙළවරක නන්දිවිසාල බැඳ අනෙක් කෙළවර හීවැලෙන් වෙළා යුග ගස අක්‍ෂයෙහි බැඳ රුක් දඬුවක් දී යොතින් එය නිසලකොට බැඳ තැබීය. මෙසේ කළ කල්හි යුගය එහාමෙහා නො යයි. එවිට එක ගොනකුට ඇදීමට හැකි වෙයි. ඉක්බිති, බමුණා විය ගසෙි හිඳ නන්දිවිසාලගේ පිට පිරිමැද සොඳුරු පුත, අදින්න. පුත උසුලන්න යි කීය. බෝසත්හු එකට බැඳි ගැල් සියය එක් වේගයෙන් ම ඇද පසු පසු ම තිබුණු ගැල පළමු ගැල තිබුණු තැනට ම ඇද තැබීය. ගෝධන සිටු ද පැරදී බමුණාට දෙදහසක් දුන්නේය. අන් මිනිස්සු ද බෝසතුන්ට බොහෝ ධනය දුන්හ. සියල්ල බමුණාට ම අයත් විය. මෙසේ බෝසතුන් නිසා බොහෝ ධනය ලැබීය.

සත්‍ථා “න, භික‍්ඛවෙ, ඵරුසවචනං නාම කස‍්සචි මනාප”න‍්ති ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ගරහිත්‍වා සික‍්ඛාපදං පඤ‍්ඤපෙත්‍වා අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමං ගාථමාහ –

මහණෙනි, පරොස් බස් කිසිවකුට රුචි නො වේ. ඒ සමග මහණුන්ට දොස් පවරා සික පදයක් ද පනවා සම්බුදු වූ සේක්, මේ ගාථාව වදාළහ.

“මනුඤ‍්ඤමෙව භාසෙය්‍ය, නාමනුඤ‍්ඤං කුදාචනං; මනුඤ‍්ඤං භාසමානස‍්ස, ගරුං භාරං උදද‍්ධරි; ධනඤ‍්ච නං අලාභෙසි, තෙන චත‍්තමනො අහූ”ති.

“මනුඤ්ඤමෙව භාසෙය්‍ය නාමනුඤ්ඤං කුදාචනං, මනුඤ්ඤං භාසමානස්ස ගරුම්භාරං උදද්ධරී, ධනඤ්ච නං අලබ්භෙසි තෙනචත්තමනො අහූති”

“මිහිරි වදන් ම තෙපලිය යුතුය. අමිහිරි තෙපුල කිසි දිනක නො කිය යුතුය. මිහිරි වදන් කී බමුණුගේ මහත් බර ඇද්දේය. ඔහුට ධනය ද ලබාදුන්නේය. එම නිසා ම ඔහු සතුටු සිත් ඇත්තකු විය.”

තත්‍ථ මනුඤ‍්ඤමෙව භාසෙය්‍යාති පරෙන සද‍්ධිං භාසමානො චතුදොසවිරහිතං මධුරං මනාපං සණ‍්හං මුදුකං පියවචනමෙව භාසෙය්‍ය. ගරුං භාරං උදද‍්ධරීති නන්‍දිවිසාලො බලිබද‍්දො අමනාපං භාසමානස‍්ස භාරං අනුද‍්ධරිත්‍වා පච‍්ඡා මනාපං පියවචනං භාසමානස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ගරුං භාරං උද‍්ධරි, උද‍්ධරිත්‍වා කඩ‍්ඪිත්‍වා පවට‍්ටෙසීති අත්‍ථො, ද-කාරො පනෙත්‍ථ බ්‍යඤ‍්ජනසන්‍ධිවසෙන පදසන්‍ධිකරො.

එහි “මනුඤ්ඤමෙව භාසෙය්‍ය” මෙරමා සවග තෙපලන කල්හි බොරු ආදී සිව් දෝෂයෙන් තොර වූ මිහිරි මන වඩන සිනිඳු ප්‍රිය වචන ම කතා කරන්නේය. “ගරුම්භාරං උදද්ධරී” නන්දිවිසාල ගොන් තෙම අමිහිරි වදන් කියන්නාහුගේ බර නො ඇදි. පසුව මිහිරි වදන් පැවසූ බමුණාගේ මහත් බර ඇද්දේය. “උද්ධරී” විය යුතු “උදද්ධරී” විය. ‘ද’ කාරය සන්ධි වශයෙන් පද සන්ධි වීමකි.

ඉති සත්‍ථා “මනුඤ‍්ඤමෙව භාසෙය්‍යා”ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා බ්‍රාහ‍්මණො ආනන්‍දො අහොසි, නන්‍දිවිසාලො පන අහමෙව අහොසි”න‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සිව්සස් කථාවෙන් අවසන් කොට අනුසන්ධි ගළපා ජාතය නිමවා වදාළ සේක. එකල්හි බ්‍රාහ්මණයා ආනන්ද තෙරණුවෝය. නන්දිවිසාල මම ම වීමි.

නන්‍දිවිසාලජාතකවණ‍්ණනා අට‍්ඨමා.