7. අභිණ්හජාතකවණ්ණනා 27 අට්ඨකථා
7. අභිණ්හජාතකවණ්ණනා (27)
7. අභිණ්හ ජාතකය (27)
නාලං කබළං පදාතවෙති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං උපාසකඤ්ච මහල්ලකත්ථෙරඤ්ච ආරබ්භ කථෙසි . සාවත්ථියං කිර ද්වෙ සහායකා. තෙසු එකො පබ්බජිත්වා දෙවසිකං ඉතරස්ස ඝරං ගච්ඡති. සො තස්ස භික්ඛං දත්වා සයම්පි භුඤ්ජිත්වා තෙනෙව සද්ධිං විහාරං ගන්ත්වා යාව සූරියත්ථඞ්ගමනා ආලාපසල්ලාපෙන නිසීදිත්වා නගරං පවිසති, ඉතරොපි නං යාව නගරද්වාරා අනුගන්ත්වා නිවත්තති. සො තෙසං විස්සාසො භික්ඛූනං අන්තරෙ පාකටො ජාතො. අථෙකදිවසං භික්ඛූ තෙසං විස්සාසකථං කථෙන්තා ධම්මසභායං නිසීදිංසු. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡි, තෙ “ඉමාය නාම, භන්තෙ”ති කථයිංසු. සත්ථා “න, භික්ඛවෙ, ඉදානෙව ඉමෙ විස්සාසිකා, පුබ්බෙපි විස්සාසිකායෙව අහෙසු”න්ති වත්වා අතීතං ආහරි.
“නාලං කබලං පදාතවෙ” යන මේ ජාතක දේශනාව බුදු රජහු ජේතවනයෙහි වසන සේක්, එක් උපාසකයකු ද මහළු භික්ෂුවකු ද අරබයා වදාළහ. සැවැත් නුවර යහළුවෝ දෙදෙනෙක් වූහ. ඔවුනතුරින් එක යහළුවෙක් පැවිදි වී දවස් පතා අනික් යහළුවාගේ ගෙදර යයි. ඔහු භික්ෂුවට දන් දී තමා ද අනුභවකොට ඔහු සමග ම විහාරයට පැමිණ හිරු බැස යන තුරු අල්ලාප සල්ලාපයෙහි පෙළෙමින් හිඳ නුවරට යයි. අනිකා ද නගර දොරටුව දක්වා පසු ගමන්කොට නවතී. මේ දෙදෙනාගේ මිත්රකම භික්ෂූන් අතර ප්රකට විය. එක් දිනක් භික්ෂූහු දම් සභාවෙහි මේ දෙදෙනාගේ මිත්රබව පිළිබඳ කථා කරමින් හුන්හ. බුදුන් වහන්සේ දම් සභාවට වැඩ මහණෙනි, දැන් කිනම් කථාවකින් හුන්නහුදැ යි ඇසූහ. ස්වාමීනි, භික්ෂූහු මෙබඳු කථාවකිනැ යි කියහු. මහණෙනි, මොවුහු දැන් පමණක් යහළු වූවෝ නො වෙති. පෙර ද යහළුවෝ යි අතීත කථාව ගෙන හැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස අමච්චො අහොසි. තදා එකො කුක්කුරො මඞ්ගලහත්ථිසාලං ගන්ත්වා මඞ්ගලහත්ථිස්ස භුඤ්ජනට්ඨානෙ පතිතානි භත්තසිත්ථානි ඛාදති. සො තෙනෙව භොජනෙන සංවද්ධමානො මඞ්ගලහත්ථිස්ස විස්සාසිකො ජාතො හත්ථිස්සෙව සන්තිකෙ භුඤ්ජති, උභොපි විනා වත්තිතුං න සක්කොන්ති. සො හත්ථී නං සොණ්ඩාය ගහෙත්වා අපරාපරං කරොන්තො කීළති, උක්ඛිපිත්වා කුම්භෙ පතිට්ඨාපෙති. අථෙකදිවසං එකො ගාමිකමනුස්සො හත්ථිගොපකස්ස මූලං දත්වා තං කුක්කුරං ආදාය අත්තනො ගාමං අගමාසි. තතො පට්ඨාය සො හත්ථී කුක්කුරං අපස්සන්තො නෙව ඛාදති න පිවති න න්හායති. තමත්ථං රඤ්ඤො ආරොචෙසුං. රාජා බොධිසත්තං පහිණි “ගච්ඡ පණ්ඩිත, ජානාහි කිංකාරණා හත්ථී එවං කරොතී”ති.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරන කල්හි බෝසත්හු ඇමැති වූහ. එකල එක් සුනඛයකු මගුල් ඇත් හළට ගොස් මඟුලැති බොජුන් ගන්නා තැන වැටී තිබුණ බත් තළු කයි. සුනඛයා ඒ අහරින් ම යැපෙන්නේ, මඟලැතුගේ මිත්රයෙක් වූයේය. ඇතු සමග ම අහර ගනී. දෙදෙනා ම ඔවුනොවුන්ගෙන් වෙන්ව විසීමට නො හැක්කේය. ඇතා, සුනඛයා සොඬින් ගෙන ඔබිනොබ සොළවමින් සෙල්ලම් කරයි. දිනක් ගම් වැසි මිනිසෙක් ඇත් ගොව්වාට මිල දී සුනඛයා ගෙන තම ගමට ගියේය. එතැන් පටන් ඒ ඇතු සුනඛයා නො දැක නො කයි. නො බොයි. නො නායි. මෙකරුණ රජුට සැලකළහ. රජ බෝසතුන් යැවීය. පඬිතුමනි, යන්න. කවර කරුණක් නිසා ඇතු මෙසේ කරනුදැයි දැනගන්න.
බොධිසත්තො හත්ථිසාලං ගන්ත්වා හත්ථිස්ස දුම්මනභාවං ඤත්වා “ඉමස්ස සරීරෙ රොගො න පඤ්ඤායති, කෙනචි පනස්ස සද්ධිං මිත්තසන්ථවෙන භවිතබ්බං, තං අපස්සන්තො එස මඤ්ඤෙ සොකාභිභූතො”ති හත්ථිගොපකෙ පුච්ඡි “අත්ථි නු ඛො ඉමස්ස කෙනචි සද්ධිං විස්සාසො”ති? “ආම, අත්ථි සාමි එකෙන සුනඛෙන සද්ධිං බලවා මෙත්තී”ති. “කහං සො එතරහී”ති? “එකෙන මනුස්සෙන නීතො”ති. “ජානාථ පනස්ස නිවාසනට්ඨාන”න්ති? “න ජානාම, සාමී”ති. බොධිසත්තො රඤ්ඤො සන්තිකං ගන්ත්වා “නත්ථි, දෙව, හත්ථිස්ස කොචි ආබාධො , එකෙන පනස්ස සුනඛෙන සද්ධිං බලවවිස්සාසො , තං අපස්සන්තො න භුඤ්ජති මඤ්ඤෙ”ති වත්වා ඉමං ගාථමාහ –
බෝසත්හු ඇත්හළට ගොස් ඇතුගේ දොම්නස් ස්වභාවය දැන මොහුගේ සිරුරේ කිසි රෝග ලක්ෂණයක් තිබෙන්නේ නැත. මොහු කිසිවකු සමග මිත්රත්වයෙන් වූයේ විය යුතුය. ඔහු නො දැකීමෙන් ඇති වූ ශෝකයෙන් මෙසේ වූවා විය යුතුයැ යි සිතා ඇත් ගොව්වන්ගෙන් විමසූහ. මොහුට කිසිවකු සමග විශ්වාසයක් ඇත් ද? එ සේය ස්වාමීනි, එක් සුනඛයකු සමග බලවත් මිත්රකමක් තිබිණැ යි කීහ. දැන් ඒ සුනඛයා කොහිද? එක් මිනිසකු විසින් ගෙනයන ලද්දේය. ඔහුගේ නිවස දන්නේ ද? නො දනිමි ස්වාමීනි, බෝසත්හු රජු සමීපයට ගොස් මහරජ, ඇතුට කිසි රෝගයක් නැත. එක් සුනඛයකු සමග සිල්වත් විශ්වාසයක් තිබිණි. ඌ නො දැකීම නිසා අහර නො බුදිතැ යි හඟිමි යි මේ ගාථාව කීහ.
“නාලං කබළං පදාතවෙ, න ච පිණ්ඩං න කුසෙ න ඝංසිතුං; මඤ්ඤාමි අභිණ්හදස්සනා, නාගො ස්නෙහමකාසි කුක්කුරෙ”ති.
“නාලං කබලං පදාතවෙ නච පිණ්ඩං න කුසේ න ඝංසිතුං, මඤ්ඤාමි අභිණ්හ දස්සනා නාගෙ සිනෙහමකාසි කුක්කුරෙති”
“මඟුලැතු අහර පිඬු ගැනීමට අසමත්ය. එ සේ ම බත් පිඬු හෝ දෙන ලද තණ හෝ ගැනීමට අසමත්ය. නහන විට සිරුර ඉලීම් ආදියට ද අසමත්ය. සුනඛයා නිතර දැකීමෙන් ඔහු කෙරෙහි ආදරය කළේයැ යි සිතමි.”
තත්ථ නාලන්ති න සමත්ථො. කබළන්ති භොජනකාලෙ පඨමමෙව දින්නං කටුකකබළං. පදාතවෙති පආදාතවෙ, සන්ධිවසෙන ආකාරලොපො වෙදිතබ්බො, ගහෙතුන්ති අත්ථො. න ච පිණ්ඩන්ති වඩ්ඪෙත්වා දීයමානං භත්තපිණ්ඩම්පි නාලං ගහෙතුං. න කුසෙති ඛාදනත්ථාය දින්නානි තිණානිපි නාලං ගහෙතුං. න ඝංසිතුන්ති න්හාපියමානො සරීරම්පි ඝංසිතුං නාලං. එවං යං යං සො හත්ථී කාතුං න සමත්ථො, තං තං සබ්බං රඤ්ඤො ආරොචෙත්වා තස්ස අසමත්ථභාවෙ අත්තනා සල්ලක්ඛිතකාරණං ආරොචෙන්තො “මඤ්ඤාමී”තිආදිමාහ.
එහි “නාලං” නො සමතකු “කබලං” ආහාර වේලාවෙහි පළමුවෙන් දෙන කුළු ආහාර, “පදාතවෙ” යි මෙහි පාදාතවෙ, සිටිය යුතු තැනය අකාර ලෝපය දත යුතුය. ගැනීමට යන අර්ථයයි. “න ච පිණ්ඩං” කෑම සඳහා ගුලි කොට දෙනු ලබන බත් පිඬ ගැනීමට අසමත්ය. “න කුසෙ” දෙන ලද තණ ද ගැනීමට අසමත්ය. “න ඝංසිතුං” නාවන කල්හි සිරුර ඉලීමට ද අසමත්ය. මෙසේ යමක් කිරීමට අසමත් ද, ඒ සියල්ල රජුට සැලකොට ඒ අසමත් වීමට හේතු වශයෙන් තමා සලකන කරුණ සැලකරන්නේ, “මඤ්ඤාමි” ආදිය කීහ.
රාජා තස්ස වචනං සුත්වා “ඉදානි කිං කාතබ්බං පණ්ඩිතා”ති පුච්ඡි. “‘අම්හාකං කිර මඞ්ගලහත්ථිස්ස සහායං සුනඛං එකො මනුස්සො ගහෙත්වා ගතො, යස්ස ඝරෙ තං සුනඛං පස්සන්ති, තස්ස අයං නාම දණ්ඩො’ති භෙරිං චරාපෙථ දෙවා”ති. රාජා තථා කාරෙසි. තං පවත්තිං සුත්වා සො පුරිසො සුනඛං විස්සජ්ජෙසි, සුනඛො වෙගෙනාගන්ත්වා හත්ථිස්ස සන්තිකමෙව අගමාසි. හත්ථී තං සොණ්ඩාය ගහෙත්වා කුම්භෙ ඨපෙත්වා රොදිත්වා පරිදෙවිත්වා කුම්භා ඔතාරෙත්වා තෙන භුත්තෙ පච්ඡා අත්තනාපි භුඤ්ජි. “තිරච්ඡානගතස්ස ආසයං ජානාතී”ති රාජා බොධිසත්තස්ස මහන්තං යසං අදාසි.
රජු ඔහුගේ වදන් අසා පණ්ඩිතයිනි, දැන් කුමක් කළ යුතුදැ යි විචාළේය. අප මගුල් ඇතුගේ යහළු සුනඛයා එක් මිනිසෙක් ගෙන ගියේය යම් ගෙදරක සිටී නම් ඔහුට මෙපමණ දඩයැ යි බෙර හසුරුවන මැනවැ යි බෝසත්හු කීහ. රජ එ සේ කැරවීය. මේ පුවත අසා සුනඛයා ගෙනගිය මිනිසා ඌ අත්හළේය. සුනඛයා වේගයෙන් ගොස් ඇතු සමීපයට ම ගියේය. ඇතු ඌ සොඬින් ගෙන කුඹෙහි තබා හඬා වැළප කුඹින් බස්වා ඌ කෑ පසු තමා කෑවේය. තිරිසනාගේ සිතැඟි දනිතැ යි බෝසත්හු හට මහත් සම්පත් දුන්නේය.
සත්ථා “න, භික්ඛවෙ, ඉමෙ ඉදානෙව විස්සාසිකා, පුබ්බෙපි විස්සාසිකායෙවා”ති ඉමං ධම්මදෙසනං ආහරිත්වා චතුසච්චකථාය විනිවට්ටෙත්වා අනුසන්ධිං ඝටෙත්වා ජාතකං සමොධානෙසි. ඉදං චතුසච්චකථාය විනිවට්ටනං නාම සබ්බජාතකෙසුපි අත්ථියෙව. මයං පන යත්ථස්ස ආනිසංසො පඤ්ඤායති , තත්ථෙව දස්සයිස්සාම.
බුදුරදහු මහණෙනි, මොවුන් විශ්වාසවන්ත වූයේ දැන් පමණක් ම නො වේ. පෙර ද විශ්වාසිකයෝ වූහැ යි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සිව්සස් කථාවෙන් අවසන්කොට අනුසන්ධි ගළපා ජාතකය නිමවා වදාළ සේක. මේ සිව්සස් කථාවෙන් අවසන් කිරීම සියලු ජාතකයන්හි ඇත. අපි වනාහි යම් අරුතක ආනිශංසයක් පෙනේනම්, එහි දී ම දක්වන්නෙමු.
තදා සුනඛො උපාසකො අහොසි, හත්ථී මහල්ලකත්ථෙරො, රාජා ආනන්දො, අමච්චපණ්ඩිතො පන අහමෙව අහොසින්ති.
එකල්හි සුනඛයා උපාසකයා විය. ඇතා මහලු තෙරය. ඇමැති පඬිවරයා මම ම වීමි.
අභිණ්හජාතකවණ්ණනා සත්තමා.